ඩිමොක‍්‍රටික් පක්ෂයෙහි රුසියානු -විරෝධී උමතුවේ දේශපාලන සහ සමාජ මූලයෝ

The political and social roots of the Democratic Party’s anti-Russia hysteria

2017 මැයි 13

ඇමරිකානු අභ්‍යන්තර ඔත්තු සේවයේ (එෆ්.බී.අයි.) අධ්‍යක්ෂක ජේම්ස් කොමී පහකිරීම පිලිබඳ අර්බුදය ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් ද මාධ්‍යයන් බොහොමයක් විසින්ද යොදා ගෙන ඇත්තේ ඔවුන්ගේ රුසියානු විරෝධී ව්‍යයාමය උග‍්‍ර කිරිමට ය.

ක්‍රෙම්ලිනය සමග ට‍්‍රම්ප් පවත්වා ගෙන ගියේ යයි කියන සම්බන්ධතා ගැන ට‍්‍රම්ප්ව හෙලාදකින ගමන්, මොවුන් විසින් ට‍්‍රම්ප් පාලනාධිකාරය පිලිබඳව නොතකා හරින කාරනය නම්, ආගාමිකයන් ට එරෙහිව උග‍්‍ර කරනු ලබන ප‍්‍රහාරය ද, මිලියන ගනන් කම්කරුවන්ගේ මෙඩිකේඩ් සෞඛ්‍ය ආධාර ක‍්‍රමය ඇතුලු සමස්ත පොදු සෞඛ්‍ය සහනාධාර හමාර කර දමා, සංගත මත කෙරෙන සකල පරිපාලනයම ඇන හිටුවා, මහා ජාවාරම් කරුවන්ට සහ පොහොසතුන ට යෝධ බදු වාසි දෙමින් ට‍්‍රම්ප් ගෙන යන ප‍්‍රහාරය යි.

ඩිමොක‍්‍රටිකයන් සිය විරෝධය යොමු කිරීමට තෝරා ගෙන ඇත්තේ ඉහතකී ප‍්‍රහාරයන් නොව, රුසියාවට විරුද්ධ ප‍්‍රති-කොමියුනිස්ට්වාදී ඇඟවීම් සහිත මැකාර්තිවාදී යක්-දඩයමකි. මෙසේ කිරීමේ දී ඩිමොක‍්‍රටිකයන් යොදාගෙන ඇත්තේ අන්ත දක්ශිනාංශයේ සුපුරුදු භාෂාවයි.

නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ, “ට‍්‍රම්ප්-රුසියා සම්බන්ධය” නම් සිකුරාදා ප‍්‍රධාන කතුවැකිය තම ‘නඩුව’ මෙසේ ඉදිරි පත් කර සිටී: ට‍්‍රම්ප් “ප‍්‍රමුඛ විදේශ බලවතෙකු සමග අසාමාන්‍ය ලෙස පෘථුල සම්බන්ධතා ජාලයක්” පවත්වයි. එම පුවත්පත “රුසියාව ජනපතිවරනය ට අත දැමුවා ද, එසේනම් එය එසේ කලේ කවුරුන් මගින් ද යන්න පිලිබඳව දැඩි පරීක්ෂනයක්” ඉල්ලා සිටි.

ඔය කියන “සම්බන්ධතා ජාලය” වනාහි ට‍්‍රම්ප් පවුලේ අය ද සගයින් ද රුසියානු ආසක්තයන් ද අතර ව්‍යාපාරික සම්බන්ධතා සහ දැනහැඳුනුම් කම් මාලාවකට වැඩි යමක් නොවන බව එලිිදරව් වී ඇති බව දැන් පැහැදිලිව ඇත. මෙවැනි සබඳතා ඇමරිකානු මහා සංගත මුල්‍ය ප‍්‍රභූව ට නම් අමුතු දේ නොවන අතර එවන් සබඳතා ආවේනිකවම නපුරු යයි සැලකිය යුත්තේ සෑම සියලු රුසියානු දේ ම නපුරු යයි උපකල්පනය කර ගැනීම තුලින් ම පමනි.

මෙම ලැයිස්තුවට රුසියානුවන් සමග ට‍්‍රම්ප්ගේ වෙලඳ සම්බන්ධතා ද, හිටපු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් මොස්කව් නගරයේ දී කල කතාවක් ද , ඇටෝනි ජෙනරාල් ජෙෆ් සේසන්ස් ද රුසියානු ධනකුව්රයෙකු සහ එක්සත් ජනපදයේ රුසියානු තානාපති වරයාද අතර පැවැත්වූ හමුවක් ද, ට‍්‍රම්ප් ගේ චන්ද ව්‍යාපාරයේ සභාපති පොල් මොන්ට්ෆෝර්ට් රුසියානු ධන කුවේරයෙකු සමග පැවැත්වී යයි කියන සාකච්චාව ද ඇතුලත් වේ.

බුෂ් පවුල පිටරට සමග පැවැත්වූ සබඳතා සමග සමාන උදාහරන ලෙස ක්ලින්ටන් පදනම ම පවත්වා ගෙනගිය පුලුල් කූට සම්බන්ධතාද ඇතුලු ක්ලින්ටන් පවුලද දැක්විය හැකි වේ.

ටයිම්ස් පුවත්පතේ එම මුද්‍රනයේ ම පලවූ තීරු ලිපියකින් තවත් දුරයන පෝල් ක්ලූග්මන්, “එක්සත් ජනපද ආන්ඩුව විදේශික කඩාකප්පල් කිරීමකට ලක් කිරීමේ ඉඩකඩ ආවරනය කිරීම සඳහා ජනාධිපති ට‍්‍රම්ප් සිය නිලබලය පාවිච්චි කිරීම” පිලිබඳ චෝදනාවක් ද ට‍්‍රම්ප්ට එල්ල කර සිටි. ඔහු කියා සිටින්නේ ට‍්‍රම්ප් පමනක් නොව සමස්ත රිපබ්ලිකානු පක්ෂයම පොහොසතුන්ට බදු කපා දැමීම සඳහා සතුරා සමග වැඩ කිරීමට දක්වන කැමැත්ත නිසා ද්‍රෝහීන්ටත් වඩා අන්ත බවයි.

“අද දින රිපබ්ලිකානුවෝ ඩිමොක‍්‍රටිකයන් සමග සහයෝගිව කටයුතු නොකරති,” ඔහු එසේ ලියයි, “ඒ වෙනුවට ඔවුන් සූදානම් ව්ලදිමීර් පුටින් සමග වැඩ කිරිමටයි.” “සමස්ත පක්ෂයම ඒ් අයුරින් ඇමරිකානු නොවන එකක් වූයේ කෙසේද?”යි ඔහු ප‍්‍රශ්න කරයි.

රුසියාව ඇමරිකානු ඉලෙක්ට්‍රොනික තොරතුරු ජලය බිඳගෙන ඇතුලු වීයයි ද ට‍්‍රම්ප්ගේ චන්ද ව්‍යාපාරයට රුසියානු සහාය ලැබෙන්නට ඇතැයි ද යන්න පිලිබඳ කොන්ග‍්‍රස් මන්ඩල පරීක්ෂනය, රුසියාව ‘සතුරු ආන්ඩුවක්’ සහ ‘සතුරු බලයක්’ ය යන හෙලාදැකීම් වලින් ගහන ය. එවා මුලුමනින්ම නූනත් වැඩි වශයෙන් ගිලිහී ඇත්තේ ඩිමොක‍්‍රටිකයන්ගේ මුඛ වලිනි.

රුසියාව වනාහි ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රය ට තර්ජනය කරමින් ද, මුලු ලෝකයම අල්ලාගැනීමට කුමන්ත‍්‍රනය කරමින්ද ඉන්නා කිසියම් වර්ගයක මහබල මෘගයෙකුයයි කරනු ලබන පින්තාරුවම ම අභූතයකි. පුටින් ආන්ඩුව විසින් නියෝජනය කෙරෙන්නේ රුසියානු කතිපයාධිකාරයයි. අන් හැම ධනේශ්වර පාලනයක් සේ ම, එය ද කැස කවන්නේ ලෝක සිද්ධීන්ට බලපෑම් කර, තමන්ට ගැලපෙන ආකාරයට සකසා ගැනීමටය. එනමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග සැසැඳූ කල එහි මෙහයුම් අල්පතරය.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග රුසියාව නැගෙනහිර යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ විශාල භූමි ප‍්‍රදේශ හා අනුහස් වැයික්කි අතහැර දැමූ බව ඉතිහාසයේ සත්‍ය කරුනකි. ඉක්බිති දශක ගනනාව තුල නැටෝව සිය සීමාවන් නැගෙනහිරට සැතපුම් ගනන් පුලුල් කරගනිමින් රුසියාවේ දොරකඩටම පලල් වී ගති. එක්සත් ජනපදය යුගොස්ලවියාව කැබලිකොට යුක්‍රේනයේ රුසියානු විරෝධි ෆැසිස්ට් නායකත්වෙයන් යුත් කැරැල්ල දියත් කිරීමට උදව් කලේ ය.

ආන්ඩුවලට යටින් වලකපා පෙරලාදැමීම ද, මැතිවරනවලට ඇඟිලි ගැසීම ද සම්බ්න්ධයෙන් ගතහොත්, සීඅයිඒ සංවිධානය හා පෙන්ටගනය විසින් ‘ප‍්‍රජාතන්ත‍්‍ර- කාමී’ යයි පෙනීසිටින එන්ජී ඕ සංවිධානවලට මුදල් පොම්ප කරමින්, තන්ත‍්‍ර-මාරු මෙහෙයුම සහ ලේ වැකි යුද්ධවලට ඇද දැමීමට මෙහෙයුම් සංවිධානය කරන කුමන්ත‍්‍රන වලට භාජනය නොවන, වොෂින්ටනය සමග සම්බන්ධ යුරෝපිය, උතුරු ඇමරිකානු සහ ආසියානු මිත‍්‍ර රටවල් ද ඇතුලුව කුමන රටක් හෝ ලෝකයේ ඇත්තේ නැත.

2016 ජනපති වරනයේ දී ක්ලින්ටන් ලද පරාජයට රුසියානු ප‍්‍රචාර වගකිව යුතුය යන කතාවද ඊට නොඅඩුව අභූත ය. ක්ලින්ටන් තරඟවැදුනේ කම්කරු පන්තිය නොතකා වෝල් විදියේ ද මිලිටරියේ බුද්ධි අංශවල ද ප‍්‍රියතම අපේක්ෂිකාව ලෙස ය. ඩිමොක‍්‍රටික් අපේක්ෂිකාවගේ චන්ද දැඩිලෙස පහත වැටීමට මග පාදමින් පවත්නා තත්වයේ විරුද්ධවාදියා ලෙස ඉදිරිපත් ව තරඟ කොට ජයග‍්‍රහනය කිරීමට, ට‍්‍රම්පට ඉඩ ලැබුනේ එහෙයිනි.

ඇමෙරිකානු පාලක ප‍්‍රභූව අරක්ගෙනතිබෙන රුසියා-විරෝධී උමතුවේ සැබෑ උල්පත කුමක් ද ?

විදේශිය ප‍්‍රතිපත්තිය පිලිබඳ මුඛ්‍ය ප‍්‍රශ්න ගනනාවක් පවතී. සීතල යුද්ධ සමයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අසීමිත ලෝක ආධිපත්‍යයට බාධාකාරීව සිටි සෝවියට් සංගමය විසුරුවා හරින ලද නමුත්, රුසියාව වොෂින්ටනයේ ලෝක ආධිපත්‍ය කරා ගමනට බාධාවක් ලෙස ඉස්මතුවී ඇත. ජනාධිපති බෂාර් අල් අසාද් ඉවත් කර දැමීමට එක්සත් ජනපදය විසින් දැරෙන ප‍්‍රයත්නය බිඳහෙලීමට රුසියාව විසින් කරන ලද මිලිටරි මැදිහත් වීම සමත්ව තිබෙන සිරියාවෙන් මෙය වඩාත් තියුනුව පෙන්නුම් කෙරේ.

රටතුල කාරනා මිට නොඅඩු ලෙස වැදගත් වන්නේ ය. තමන් මුදුනට නැගගෙන ඉන්නාවූ සමාජය තුල ඇති ඉමහත් පන්ති ආතතීන් පිලිබඳව පාලක පන්තිය තියුනු ලෙස දැනුවත් වේ. දශක ගනනාවක් කෘත‍්‍රිම ලෙස යටකොට තිබුනු එම ආතතීන් දැන් ඉස්මත්තට එමින් පවතී.

බිලියනපතියන් 20 දෙනෙකු අත පවත්නා ධනසම්භාරය විසින්, ජනගහනයෙන් හරි අඩක් අත ඇති සමස්ත ධනය ඉක්මවනු ලබන ඇමරිකා එක්සත් ජනපදය වනාහි ලෝකයෙන් ඝෝරම අසමානත්වය අත්විඳින රටයි.

2016 ජනපතිවරනයේදී ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රාථමික වටයේ හිලරි ක්ලින්ටන්ට විරුද්ධව ඊනියා ස්වාධීන හා සමාජවාදී යයි මවා පෙන්වූ අපේක්ෂක බර්නි සැන්ඩර්ස් ලද මිලියන සංඛ්‍යාත ඡන්ද සංඛ්‍යාවෙන් පෙන්නුම් කලේ ධනේශ්වර විරෝධී හැඟීම් ද, ප‍්‍රධන දෙපක්ෂයට ම විරෝධයද වේ.

රට තුල නැග එන සමාජ විරෝධය ට මුහුන දී ගෙන ඉන්නා එක්සත් ජනපදයේ පාලක පන්තිය උත්සාහ කරන්නේ පිටරට යුද්ධය ද, සියරට තුල මර්දනය ද එකවිට ක‍්‍රියාත්මක කිරීම සඳහා අලුත් රාමුවක් ලබාගැනීමට වේ. වසර 15ක් තිස්සේ මේ සඳහා යොදා ගත් “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දැන් අපකීර්තියට ලක්ව ඇත. සිරියාවේත් අන් තැන්වලදීත් ඒක්සත් ජනපදය අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය හමුදා සමග පවත්වන සම්බන්ධය මෙම අපකීර්තියට හේතු වී ඇත්තේ සුලු වශයෙන් නොවේ.

සමජ ආතතින් හරවා යැවීමට ද ජාතිය එක්සත් කොට කම්කරු පන්තිය යටපත් කොට අවශ්‍ය අවස්ථාවේදී මර්දනය කිරීම උදෙසා ද නව කතිකාවක් දැන් උවමනා කර තිබේ.

ඊනියා ‘වම’ වඩාත් සෘජුව බලමලුගැන්වී තිබෙන්නේ රුසියාවට එරෙහි මැකාර්තිවාදී මෙහෙයුම තුල වේ. කලින් ට‍්‍රම්ප් ‘සයිබීරියානු අපේක්ෂකයා යයි’ නම් කල කෘග්මන් ද ඉරාකයේ යුද්ධය ට කලින් විරුද්ධව සිට ට‍්‍රම්ප් ‘රුසියානු ද්‍රෝහියෙකි’ යි හෙලාදකිමින් මිලිටරිය වැඩට බැසගත යුතු යයි කියන තැනට බැසගෙන සිටින මයිකල් මුඅර් ද මෙහි මුල් තැන ගෙන සිටිති. ඩිමොක‍්‍රටික් පක්ෂයේ සිටින ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඔර්ගනයිසේෂන්, සෝෂලිස්ට් ඕල්ට’නේටිව් වැනි සංවිධාන ද ජකොබින් හා තවත් එවැනි ප‍්‍රකාශනද: එක්කෝ කොමී පැන්නීමේ දී සිදුවූ ලෙස පාලක පන්තියතුල ගැටුම් ගැන නිහඬව සිටිති; නැතහොත් රුසියාවට එරෙහි මෙහෙයුම ට එලිපිට සහය දෙති.

ඩිමොක‍්‍රටික් පක්ෂය රුසියා විරෝධී උන්මාදය අනන්‍යතා දේශපාලනය සමග ඒකාග‍්‍ර කිරීමට ඉතා දැනුවත්ව කටයුතු කොට තිබේ. ඒ සඳහා පුටින් පාලනයේ විවිධ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත් යොදාගෙන ද ඇත. එහි ඉලක්කයවන්නේ අධිරාජ්‍ය යුද්ධයේ සමස්ත ප‍්‍රතිපත්තිය වටා ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත කොටස් බලමුලු ගන්වා ගැනීමය.

මෙම ව්‍යායාමය මුල් ඇද ගන්නේ සරු පසක් තුල ය. ආදායම් උපයන්නන් ගෙන් ඉහල සියයට 10 නියෝජනය කරන සමාජ ස්ථරය කොටස් වෙලඳපොල පිම්බීම නිසා සැලකියයුතු ලෙස පොහොසත් වීගෙන සිටිනා අතර, ඔවුන්ට කම්කරු පන්තියේ අවශ්‍යතාවලින් මුලුමනින් ම වෙනස් වූ ආසක්තතා පවතී. සමාජයේ ඉහල තට්ටු අතර වඩාත් සමාන ලෙස ධනය බෙදා හැරීමකට ඔවුන් කැමති වන අතරම, ඔවුන්ගේ මුඛ්‍ය උත්සුකය වන්නේ කම්කරු පන්තිය තුල සමාජමය විරෝධයේ වැඩී ඒම යි.

මේ අනුව ගත් කල්හි රුසියාවට එරෙහි මෙහෙයුම ප‍්‍රකාශනය කරන්නේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අතිශය තීරනාත්මක ලක්ෂනයන් ය. එනම්: අනන්‍යතා දේශපාලනය වටා රොක්වීගත් වෝල්වීදිය, මිලිටරි චර බුද්ධි-තන්ත‍්‍රය සහ ඉහල-මධ්‍යම පන්තිය අතර සන්ධානයයි.

ට‍්‍රම්ප්ට එරෙහි අරගලය මොනයම්ම හෝ ප‍්‍රගතිශීලි පදනමක කරගෙන යන්නට ඩිමොක‍්‍රටික් පක්ෂයට පුලුවන් කමක් ඇත්තේ නැත. එය කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයකට අතිශයින්ම බියවී සිටී. එක්කෝ ට‍්‍රම්ප් ඉල්ලා අස් වුවහොත් නැතහොත් දක්ෂිනාංශික මෙහෙයුමේ විපාකයක් ලෙස විකල්ප යුදකාමී පාලනයක් විසින් විස්තාපනය කරනු ලැබුවොත් ඉන් පසුවද පැලපදියම් වනු ඇත්තේ යුද්ධයේ, දරිද්‍රයේ සහ ප‍්‍රතිගාමිත්වයේ තවත් පාලනයකි. මෙය වඩාත් පැහැදිලිව ඉස්මත්තට ගෙන එන්නේ කම්කරු පන්තිය තමන්ගේ ම සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගය උඩ ඉදිරිපත් වී මේ අවශ්‍යතාවයයි.

ආන්ද්‍රෙඩේමන්

Share this article: