සාලව අවි ගබඩාව පිපිරීමෙන් වසරකට පසු
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 23
අවිස්සාවේල්ල කොස්ගම හමුදා කඳවුර පසුගිය වසරේ ජුනි මස 05 දා පුපුරා යෑමෙන් වසරක් ගත වී තිබිය දී පවා නිසි වන්දි හා අනෙකුත් පහසුකම් සලසාදීම මග හැර ඇති වත්මන් සිරිසේන-වික‍්‍රසිංහ ආන්ඩුව පිපිරීමෙන් විපතට පත් වූ ප‍්‍රදේශවාසීන් සිය ගනනකගේ ජීවිත අගාදයට ඇද දමා තිබේ.
පිපිරීමෙන් අවි ගබඩාව වටා පිහිටි අකරවිට, පහල කොස්ගම, සුදුවැල්ල, නෙලූවත්තුඩුව යන ගම්මානවල පවුල් 7763 ක් පමන ආපදාවට ලක් විය. මුලූමනින්ම විනාශ වූ නිවාස 100 ක් පමන වේ. ප‍්‍රදේශයේ රජයේ රෝහලට සැලකිය යුතු හානියක් සිදු විය. පිපිරීමෙන් එක් හමුදා නිලධාරියෙක් එතැනදීම මිය ගියේ ය. විෂ දුම ආඝ‍්‍රානය වීමෙන් 50 ක් පමන පිරිසක් රෝහල් ගත කෙරුනි. සුන්බුන් ඉවත් කිරීමට යෑමේ දී තවත් නිවැසියෙකු පසුව මරනයට පත් විය.
පිපිරීමෙන් මුලූමනින්ම විනාශයට පත් නිවාස, කඩසාප්පු හා සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ආන්ඩුවෙන් ලැබී ඇති වන්දි කිසිසේත් ප‍්‍රමානවත් නොවේ.
නිසි වන්දි නොගෙවීම පමනක් නොව, මහජනයාගෙන් එල්ල වූ බලගතු විරෝධය නොතකාම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරනතුංගගේ පාලන කාලයේ සිටම අතිශය ජනාකීර්න ප‍්‍රදේශයක මෙම අන්තරායකාරී අවිගබඩාව අනාරක්ෂිතව පවත්වා ගෙන ඒම සාමාන්‍ය ජනයා සම්බන්ධයෙන් ලංකාවේ ධනේශ්වර පාලක පන්තියේ නොතැකීමේ පරිමාව පෙන්නුම් කරයි.
අවිගබඩාවක් ලෙස භාවිතා කිරීමට පෙර මෙම භූමිය සහ ගොඩනැගිලි තූනි ලෑලි සංස්ථාවට අයත් වූ අතර එම ගොඩනැගිලි වසර 50 කට පමන පෙර ඉදිකරන ලද ඒවා වන අතර එම ගොඩනැගිලිවල අබලන් තත්වය හා විදුලි රැහැන් ඇද තිබූ ආකාරය ගිනි ගැනීමට හේතු වූ බවට පිපිරීමෙන් පසු මාධ්‍ය අවධානය යොමුව තිබුනි.
තමන් ඇසින් දුටු සිද්ධීන් ලෝක සමාජවාදී වෙබ් අඩිවිය (ලෝසවෙඅ) සමග ප‍්‍රකාශ කල ජල සම්පාදන මන්ඩලයේ රියදුරෙකු වන බුද්ධිකගේ පැහැදිලි කිරීම මෙම සියලූ කාරනා සනාථ කරයි : “පිපිරීම වූ දවසේ හමුදාව කුනුගොඩකට ගිනි තිබ්බා. ඊට පස්සේ ඒක ගබඩාව ඇතුලට පැතිරුනා. මුලින්ම පොඩිපොඩි පිපිරීම් ඇහෙන කොට හමුදාව දාල දිවුවා. අපිත් පස්සෙන් දිවුවා. කිසිම අනතුරු ඇඟවීමක් කලේ නෑ. මට අංශ භාගේ හැදිච්ච අම්මා උස්සගෙන දුවන්න සිද්ධ වුනා. මේවගේ අනතුරුදායක අවි පාර අද්දර ජනාකීර්න ප‍්‍රදේශයක ගබඩා කරයි කියල කවුද හිතන්නේ ඒක ගැන කිසිම ගානක් ආන්ඩුවේ කිසිම බලධාරියෙකුට නැහැ.”
අවි ගබඩාවේ පුපුරාගිය අවි තොගය පමනක් වුව පෙන්නුම් කරන්නේ ලංකාවේ තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයේ රුදුරු ස්වභාවයයි. ක‍්‍රමයෙන් ඇවිලී ගිය ගින්න කුඩා පතුරම්වල සිට විශාල කාලතුවක්කු, මිලි මිටර් 60 මෝටාර්, මල්ටි බැරල් රොකට් හා රොකට් මගින් විදින බෝම්බ වශයෙන් ටොන් 800 ත් 1000 ත් අතර ප‍්‍රමානයක් විනාශ කෙරුනි. අවසන් වෙඩි උන්ඩය තෙක් අවිගබඩාව පුපුරා යන තුරු පිපිරීම පාලනය කිරීමට අදාල අංශවලට නො හැකි වූ අතර පසුදින ප‍්‍රදේශය යුද පිටියක් බවට පත්ව තිබුනි.
හමුදා ප‍්‍රධානීන් කිහිප දෙනෙකුට වරද පටවා ඇති වත්මන් ආන්ඩුව මෙන්ම සමස්ත දේශපාලන සංස්ථාපිතයම පිපිරීම සම්බන්ධ සිය වගකීමෙන් කිසිදු හිරිකිතයකින් තොරවම අත්සොදා ගෙන තිබේ.
සාලාව අවට සහ මුලූ රටේම මහ ජනතාවගේ උතුරා ගිය කෝපය මධ්‍යයේ ආන්ඩුව හමුදාව ලවා කැඩුන නිවාස යලි සකස්කර දෙන බවට පොරොන්දුවිය. සිද්ධියට හේතු සොයා ආරක්ෂක අමාත්‍යංශය, අපරාධ විමර්ශන අංශය හා රජයේ රසපරීක්ෂක යටතේ පරීක්ෂන පවත්වන බව නිවේදනය කලේය.
වසරකට පසු තමන් මුහුන දුන් අත්දැකීම හා දැන් මුහුන දෙන දුෂ්කර තත්වය ප‍්‍රදේශවාසීන් ලෝසවෙඅවාර්තාකරුවන් සමග විස්තර කිරීමට ඉදිරිපත් වූ අතර වන්දි ලබා දීමේ සිට අදාල අනෙකුත් සේවා සැපයීම දක්වා ආන්ඩුවට හා සමස්ත දේශපාලන සංස්ථාපිතය සම්බන්ධයෙන් මහජනයාට ඇත්තේ දැඩි අප‍්‍රසාදයකි.
පිපිරීමෙන් සිදු වූ හානිය බුද්ධික මෙසේ විස්තර කලේය: “මගේ ඉඩමේ ගෙවල් දෙකක් තිබුන. ලැබුනු මුදලින් ගෙවල් දෙකක් හදාගන්න අමාරුයි. ඒ නිසා එකගෙයක් හැදුවා. මගේ තී‍්‍ර වීල් එකේ පොත පිච්චුනා තවම උත්තරයක් ගන්න බැරිඋනා. ආන්ඩුව අපට කිව්වේ රුපියල් 50,000 ක් ගානේ මාස 6 ක් ගෙවනවා කියලා. ඒත් කිසිම කෙනෙකුට මස 05 කට වැඩිය ගෙවල නැහැ. කඩ කාමර අහිමිවුන අයට තාවකාලික කඩ 35 ක් හදල දෙනවා කිවුවා නමුත් තවම නැහැ. හැබැයි ඔවුන්ටත් වියදම් වෙනවා කෑමට බීමට ලමුන්ගේ පාසල් වැඩට.
“මීතොටමුල්ලේ අයටත් මේ දේම තමයි වෙන්නේ. මේ ආන්ඩුවලින් කිසියම් දෙයක් වේවි කියල දැන් බලාපොරොත්තු තියාගන්න බැහැ. අනික් එක මේ හානිය වන්දි දීල ඉවර කරන්න බැහැ. වෙන එකක් තබා හරියට පරීක්ෂනයක් වත් කෙරුවේ නැහැ. මම කලින් ගෙය හදන්න ගත්ත නය අවුරදු 07 ක් ගෙවනවා. තවත් නයට අරගෙන තමා දැන් ඉතිරි වැඩ කරන්නේ.”
දැනට පවතින තත්වය පිලිබඳව කතාකල සාලාවේ වැසියෙකුවන අබේසිරිවර්දන: “අපි දැනුවත් කරලා තිබුනේ යුද්දේ කාලෙදි මොනවහරි ශබ්දයක් ඇහුනොත් අවිස්සාවේල්ලෙනුත් එහාට දුවන්න කියල. ඒ අනුව අපි ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්ම දුවල පන බේර ගත්තා. මට ඉතිරි වුනේ ඇඳගෙන හිටපු සරමයි කමිසයයි විතරයි. ආන්ඩුව ගෙවල් තක්සේරු කලේ වර්ග අඩියක් රුපියල් 3500-3000 ත් අතර මිලකට. ගෙයට තක්සේරුව ලැබුන නමුත් භාන්ඩ තක්සේරුව ලැබුනේ නැහැ. මගේ වාහනේ පොත පිච්චිලා වාහනයේ පොත තවම ලැබුනේ නැහැ. ඒවගේම මේවා ලබාදීමට ප‍්‍රමුඛ තාවයක් ලැබුනේ නැහැ.”
විනාශවූ තම ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කරද්දී කොටසක් කඩාවැටීමෙන් ජිවිතක්ෂයට පත්වූ තම සැමියාගේ වියෝවෙන් දුක් වන පද්ම දයා මහත්මිය මෙසේ පැවසුවාය: “ගෙයට වන්දි ලැබුනා එහෙත් කඩ කාමර තුනට වන්දි ලැබුනේ නැහැ. මම ජීවත් වුනේ කඩ කාමර කුලියට දීමෙන් හා හමුදා කෑම්ප් එකට කෑම දීමෙන් භාන්ඩ තක්සේරුව මට ලැබුනේ ඉතාම අඩුවෙන්.”
විදේශයේ රැකියාවක යෙදී සිටි ඇගේ පුතනුවන් නැවත ශී‍්‍ර ලංකාවට පැමිනි පසු තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහසින් ඒ සඳහා අවශ්‍ය භාන්ඩ ගෙනැවිත් නිවසේ ගබඩාකර තිබී ඇත. ඒ බඩු ඉතා අඩුවෙන් තක්සේරු කලේ. ඉන්පසුව දිසාපති කාර්යාලයට අභියාචනා භාරදුන්නා. එහාට මෙහාට යවන එක තමයි සිද්ධ වුනේ. එකවරකට ග‍්‍රාම සේවක මහත්තයාගෙන් ලියුම් ගේන්න කියනවා. එයා ඇවිල්ල ෆොටෝ ගහගෙනත් ගියා. සමහර දිනවලට ගියහම සල්ලි දාල කියල බොරු කියනවා. අන්තිමට ඒ මුදල ලැබුනෙ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ. මගේ මහත්තය නැතිවුනේ මෙම විනාශයෙන් මාස කිහිපයකට පස්සේ සුන්බුන් ඉවත් කරන්න ගිහින් කැඩිල ඉතිරිවෙච්ච බිත්තියක් ඇඟට කඩා වැටිලා. මට මගේ සැමියා නැතිවීම දේපල නැතිවීමට වඩා ලොකු පාඩුවක්. යලි ජීවිතය ගොඩගන්නේ කොහොමද කියල මට හිතාගන්නවත් බැහැ”
කඩයක් කරමින් ජීවත්වූ තුනී ලෑලි සංස්ථාවේ විශ‍්‍රාමික රියැදුරෙකු: “මම සාලාවේ ජීවත් වන්නේ 1963 ඉඳල. තුනී ලෑලි සංස්ථාව අරම්භ කලේ 1965 දී මම එතැන් සිට එහි රියදුරෙකු ලෙස අවුරුදු 23 ක් සේවය කලා. පසුව මේ ස්ථානයේ බයිසිකල් වින්කලයක් පවත්වාගෙන ගියා. ඉන්පසුව ටිකෙන් ටික තී‍්‍ර වීල්, බයිසිකල් බඩු කඩයක් හැටියට වැඩිදියුනු කලා. මාත් මගේ බිරිඳත් ජීවත්වුනේ මෙම ස්ථානයේමයි. මට පුත්තු තුන් දෙනක් සහ දුවක් සිටිනවා. කඩය විනාශවී ඇති නිසා දැන් දරුවන්ගේ ගෙවල්වල ජීවත්වෙන්නෙ.”
අවි ගබඩාව සාලාව ට ගෙනැවිත් වසර පහලොවකට වැඩි බවත් මෙහි අවදානම ගැන දැනගත් පසු විරුධත්වය පලකර විවිධ ආයතනයන්ට ලිපි ඉදිරිපත් කල නමුදු ඉන් ඵලයක් නොවූ බවත් ඔහු පැවසීය. “විනාශ වෙච්ච ඔප්පු හදන්න වුනේ පෞද්ගලික මිනුම්දෝරුවෙකුගේ මාර්ගයෙන්. භාන්ඩ වලට තක්සේරුවක් ලැබුනේම නැහැ. ඒගැන අහන්න කොලඹ මහ දිසාපති හම්බවෙන්නම ගියහම ඒ පැත්ත පලාතේ එන්න එපා මෙහෙ උප දිසාපති කාර්යාලයෙන් බලාගන්න කියල කිවුවා. ගෙවපු ගෙවීම් සාධාරන නැහැ. ඒ අය අනුමතකරපු ගාන අපට බලෙන්ම පැටෙව්වා. මට ලැබිච්ච මුදල දැන් ඉවරයි. නිවසෙ ඉතිරි කොටස කොහොම හදාගන්නද කියල හිතා ගන්නවත් බැහැ. මේවට ගම්මු පාර වහල උද්ඝෝෂන කලා අපිත් ඒවාට සම්බන්ධ වුන. දැන් ඒ අයත් නිස්සද්දයි. විපතට පත් මිනිස්සු අරක්ෂා කරන්න කෙනක් නැහැ.”
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස සේවයකරන ලක්ෂ්මන් ඔහුගේ අත්දැකීම් විස්තර කලේ මෙසේය: “අපට ගොඩක් ප‍්‍රශ්න ආවා දැනට අපි ජීවත්වෙලා ඉන්නේ රුපියල් 30,000 ක මාසික කුලියකට. ගෙය හදාගන්න තවත් කල් යාවි. අපේ භාන්ඩ පරන වටිනාකමටයි තක්සේරු කලේ. තක්සේරුව මට ලැබුන එහෙත් වැඩ නිමකරගන්න හැටි මට හිතාගන්නවත් බැහැ. ලමයින්ගේ පොත්පත් සියල්ලම විනාශ වුනා මගේ පුතා දෙවැනිවර විභාගය කිරීම අතහැර දැම්මා. අපි ලමයි අරගෙන දිව්වේ කිසිම දෙයක් ගන්නේ නැතිව. දවස් තුනකට පස්සේ ආපසු ඇවිත් බලනකොට වහල සම්පුර්නයෙන්ම කඩාවැටිලා ඇඳුම් පැලඳුම්, වාහනය විනාශවෙලා. දහවල් කාලේ වෙච්ච නිසා ජීවිත හානිය අඩුවුනා.”
තිස් වසරක වර්ගවාදී යුද්ධයෙන් අවතැන්වූ දසදහස් ගනන් වූ උතුරු-නැගෙනහිර ජනයා, 2004 දී සුනාමි ඛේදවාචකයෙන් අවතැන් වූ දහස් ගනනක ජනයා, මීරියබැද්ද නායයෑමෙන් හා මෑතකදී මීතොටමුල්ල කුනු කන්ද නායයෑමෙන් අවතැන් වූ ජනයා මෙන්ම සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විනාශ මුඛයට ඇද දැමුනු ජනයා මුහුන දී ඇති තත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ විපතටපත් ජීවිත නගා සිටුවීම සම්බන්ධයෙන් ලංකාවේ ධනපති පාලක පන්තියට පවත්නා පරිපූර්න නොතැකීම හා නොහැකියාවයි.
Follow us on