ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුම ගැන
On the Centenary of the October Revolution
අදින් වර්ෂ සියයකට ඉහත දී, 1917 නොවැම්බර් 7 වන දින උදෑසන, ලියොන් ට්‍රොට්ස්කි විසින් මුලසුන දරන ලද පෙට්රොග්රෑඩ් සෝවියට් සභාවේ විප්ලවකාරී යුද කමිටුව, රුසියාවේ පුරවැසියන් වෙත නිවේදනයක් නිකුත් කලේය. එහි මෙසේ සඳහන් විය:
තාවකාලික ආන්ඩුව බලයෙන් පහ කොට ඇත. රාජ්‍ය බලය, පෙට්රොග්රෑඩ් නිර්ධන පන්තියෙහි හා හමුදාව තුල නායකත්වයේ සිටින කම්කරු සෙබල නියෝජිතයන්ගේ පෙට්රොග්රෑඩ් සෝවියට් සභාවේ විප්ලවකාරී යුද කමිටුව අතට පත් වී ඇත.
මහජන අරගලවල අභිලාෂයන් - එනම්, ප්රජාතන්ත්රවාදී සාමයක් වහා පිරිනැමීම, ඉඩම් හිමියන්ගේ ඉඩම් හිමිකම් අහෝසි කිරීම, කර්මාන්ත මත කම්කරු පාලනය පිහිටුවීම, සෝවියට් සභාවල ආන්ඩුවක් නිර්මානය කිරීම - සහතික කරනු ලැබ ඇත!
කම්කරුවන්ගේ, සෙබලුන්ගේ හා ගොවියන්ගේ විප්ලවය දිගුකල් දිනේවා!
එදින සවස්භාගයේ, යන්තම් තෙමසකට ඉහතදී ධනපති තාවකාලික ආන්ඩුව විසින් රාජ්‍ය අපරාධකරුවෙකු ලෙස හෙලා දකිනු ලැබ සැඟව සිටි ලෙනින්, එලිමහනේ පෙනී සිටිමින් සෝවියට් නියෝජිතයන් රැස්ව සිටි ශාලාවට ඇතුලුවන විට කන්බිහිරිකරවන ප්‍රීති ඝෝෂාවකින් ඔහු පිලිගනු ලැබින. එම දිනයේ අපූර්ව සිදුවීම් දැක බලා ගනිමින් එහි සිටි ඇමරිකානු සමාජවාදී ප්රවෘත්ති ලේඛක ජෝන් රීඩ්, බොල්ශෙවික් නායකයා ගැන අමතක නොවනසුලු විස්තරයක් ශේෂ කොට තබා ඇත. බොල්ශෙවික් නායකයා, “ඇතැම්විට ඉතිහාසයේ සුලු නායකයන් පිරිසක් පමනක් පාත්‍ර වන්නට ඇතැයි සිතිය හැකි ආදරයකට හා ගෞරවයකට පාත්‍ර වීයැ”යි ඔහු ලියයි. ලෙනින්, “ප්රගාඪ අදහස් සරල භාෂාවෙන් පැහැදිලි කර දීමේ හා සංයුක්ත අවස්ථාවක් විශ්ලේෂනය කිරීමේ බලයකින්” සහ, “ඒ හා බැඳුනු සූක්ෂ්ම බුද්ධියෙන්, විශිෂ්ඨතම බුද්ධිමය සාහසිකත්වයෙන්” යුතු “අපූර්ව ජනප්‍රය නායකයෙක් -හුදු බුද්ධි මහිමය නිසාම නායකයකු වූවෙක්- විය.”
කථිකාසනය වෙත ගමන් කිරීමෙන් පසු ලෙනින් පහත දැක්වෙන වචනවලින් නියෝජිතයන් ඇමතීම ආරම්භ කලේය: “සහෝදරවරුනි, අත්‍යවශ්‍යයැයි බොල්ශෙවිකයන් සෑමවිටම කියා සිටි කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ විප්ලවය සිදු කොට ඇත.”
ඒ වනවිට ද රුසියාව පැරනි ජුලියන් දින දර්ශනය භාවිතා කරමින් සිටි හෙයින්, තාවකාලික ආන්ඩුව පෙරලා දැමීම ඔක්තෝබර් විප්ලවය ලෙස ඉතිහාසයට එක් විය. එනමුදු, රුසියානු දින දර්ශනය බටහිර යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ භාවිතා කල දින දර්ශනයට දින 13 කින් පසුපසින් සිටිය ද, බොල්ශෙවිකයන් බලය අල්ලා ගැනීම විසින් රුසියාව දේශපාලන අනුදේශවලින් ලෝක ඉතිහාසයේ ඉදිරිතම ස්ථානයට ඔසවා තබන ලදී. බොල්ශෙවිකයන් විසින් නායකත්වය දෙන ලද කැරැල්ල, ඊට අට මසකට ඉහත 1917 පෙබරවාරියේ, වසර 300 කට වඩා කාලයක් රුසියාව පාලනය කල සාර්වාදී ඒකාධිපතිත්වය පෙරලා දැමීමත් සමග ආරම්භ වී තුබූ දේශපාලන අරගලයේ කුලුගැන්වීම විය.
1917 පෙබරවාරි-මාර්තු නැගිටීම විසින් රුසියාවේ විදාරනය වී තිබූ විප්ලවයේ දේශපාලන ඉදිරිදර්ශනය හා එහි ඓතිහාසික අර්ථභාරය පිලිබඳව දිගදුර ඇදුනු අරගලයක් මුදා හරින ලදී. ධනපති කැඩෙට් පක්ෂය, සංශෝධනවාදී මෙන්ෂේවිකයන්, සහ ගොවීන් මත පදනම්ව සිටි සමාජ විප්ලවකාරීන් විප්ලවය දුටුවේ ප්‍රාථමික ජාතික කොන්දේසි තුලය. සාර්වාදී තන්ත්රය පෙරලා දැමීම ජාතික-ධනේශ්වර විප්ලවයකට වැඩි යමක් නොවේයැයි ඔවුහු තරයේ කියා සිටියෝය. ඔවුන්ට අනුව, විප්ලවයේ කර්තව්‍යයන් සීමා වූයේ, රුසියානු ආර්ථික වර්ධනය ධනේශ්වර පදනමක් මත නඟාසිටුවීම සඳහා කැපවුනු ප්රන්සය හෝ බ්‍රිතාන්‍යය ආකාරයේ ආකෘතියක් ගත් පාර්ලිමේන්තුවාදී සමූහාන්ඩුවකින් සාර්වාදී තන්ත්රය විස්ථාපනය කිරීමටය.
සැබෑ භාවිතයේදී මහජනයාගේ විප්ලවවාදී කැලඹීම පිලිබඳ බියපත්ව සිටි හා මහජනයා තුච්ඡ කොට සැලකූ ධනපති කැඩෙට් පක්ෂය, තම යසඉසුරු වලට තර්ජනයක් වන පරිදි පැවැති සමාජ ආකෘතියේ කවර හෝ වෙනසක් සිදු කිරීමට එරෙහි වූහ. මෙන්ෂෙවිකයන් හා සමාජ විප්ලවකාරීන් සම්බන්ධයෙන් ගත් කල, ධනපති දේපල මත කවර හෝ සැලකියයුතු ආකාරයක බලහත්කාර ප්‍රවේශයක් ඔවුන්ගේ සංශෝධනවාදී වැඩ පිලිවෙල තුලට වැද්ද නොගන්නා ලදී. රුසියාව සමාජවාදී විප්ලවයකට තරම් මෝරා නැතැයි ඔවුහු තරයේ කියා සිටියෝය. සමාජවාදය තාත්වික ශක්‍යතාවයක් ලෙස සැලකීමට පෙර දශක කිහිපයක ධනේශ්වර වර්ධනයක් ඇති විය යුතුය.
මෙම ඉදිරිදර්ශනයේ රාමුව තුල, ධනපති පන්තිය දේශපාලනිකව පෙරලා දමා කම්කරු පන්තිය අතට බලය ගැනීම මලුමනින් ම ප්‍රතික්ෂේප කරන ලදී. කම්කරු පන්තිය ධනේශ්වරයට දේශපාලනිකව යටත්වීම යනු 1914 දී ඇරැඹී තුබූ අධිරාජ්‍යවාදී යුද්ධයේ රුධිරස්නානය තුල රුසියාවේ සහභාගීත්වයට දිගටම සහාය දීමයි.
පිටුවාහලේ සිටි ලෙනින් 1917 අප්‍රේල් මස ආපසු පැමිනීමට පෙරාතුව, පෙට්රොග්ඩ්හි සිටි ප්‍රධාන බොල්ශෙවික් නායකයන් වූ ලෙව් කමනෙව් හා ජෝසෆ් ස්ටැලින්, මෙන්ෂේවිකයන් විසින් කම්කරු පන්තියේ සෝවියට් (සභා) තාවකාලික ආන්ඩුවට යටත් කරනු ලැබීම පිලිගෙන තිබිනි. ඉන් ගලා ආ තාර්කික නිගමනයට අනුව, සාර් තන්ත්රය පෙරලා දැමීමත් සමග අධිරාජ්‍යවාදී යුද්ධයේ රුසියානු සහභාගිත්වය, කම්කරු පන්තිය විසින් සහාය දෙනු ලැබිය යුතු, ඒකාධිපති ජර්මනියට එරෙහි ප්රජාතන්ත්රවාදී අරගලයක් බවට පරිවර්තනය වෙතැයි යන මෙන්ෂෙවික් තර්කය කමනෙව් හා ස්ටැලින් විසින් පිලිගැනින. “ප්රජාතන්ත්රවාදී සාමයක්” පිලිබඳ කුහක වාක්යාංශයන්හි පැනිරස දවටනයෙන් ඔතා තිබුනේ රුසියානු ධනේශ්වරයේ නොසැඟවුනු අධිරාජ්‍යවාදී උත්සුකයන්ය.
අප්‍රේල් 16 දින ලෙනින්ගේ ආපසු පැමිනීම, බොල්ශෙවික් පක්ෂයේ දිශානතියෙහි නාට්‍යාකාර වෙනසකට මග හෙලි කලේය. පෙට්රොග්රෑඩ් සෝවියටය තුල පමනක් නොව බොල්ශෙවික් නායකත්වයේම සැලකිය යුතු කන්ඩායමක් ලෙස ද සිටි තාවකාලික ආන්ඩුවේ සහායකයන්ට එරෙහිව ලෙනින් බලය සෝවියට් සභා අතට පැවරීම සඳහා කැඳවුම් කලේය. මෙන්ෂෙවිකයන් පමනක් නොව බොල්ශෙවික් නායකත්වය තුල සිටි ලෙනින්ගේ සහෝදරවරුන් වැඩි දෙනෙකු ද විස්මයෙන් තෝන්තු කල මෙම විප්ලවවාදී ඉල්ලීමේ පදනමෙහි පැවතියේ, රුසියානු විප්ලවයේ ඓතිහාසික සුවිශේෂිතාව පිලිබඳ ප්රගාඪ ලෙස වෙනස් වූ සංකල්පනයකි.
1914 අගෝස්තුවේ අධිරාජ්‍යවාදී යුද්ධයේ ආරම්භයේ දීම ලෙනින්, එය ලෝක ඉතිහාසයේ නව අදියරක් සනිටුහන් කරන බැව් අවධාරනය කලේය. යුද්ධය විසින් මුදා හරින ලද ලේ වැකි සංහාරය පැන නැගුනේ ධනේශ්වර අධිරාජ්‍යවාදයේ ලෝක පරිමාන ප්රතිවිරෝධයන් තුලිනි. ධනේශ්වර තන්ත්රයන් විසින් යුද්ධය හරහා විසඳා ගැනීමට තැත් කරන ලද අධිරාජ්‍යවාදී පර්යායේ ප්රතිවිරෝධතාවලට විප්ලවකාරී ප්‍රතිචාරයක් අත්‍යවශ්‍යයෙන්ම ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් විදාරනය කරනු ලැබිය යුතුව තිබින.
ලෙනින්ගේ පෙරලා පැමිනීමෙන් පසු බොල්ශෙවික් පක්ෂයට මග පෙන්වූ පිලිවෙත්වල පදනම දැමුනේ, රුසියානු විප්ලවයේ ලෝක ඓතිහාසික සන්දර්භය පිලිබඳ මෙම වැටහීම විසිනි. රුසියානු විප්ලවය, ලෝක සමාජවාදී විප්ලවයේ ආරම්භය ලෙස වටහා ගත යුතුව ඇතැයි ලෙනින් අවධාරනය කලේය. 1917 අප්‍රේල් මාසයේ බොල්ශෙවික් පක්ෂයේ හත්වැනි සම්මේලනය විවෘත කරන අවස්ථාවේ ඔහු මෙසේ පැවසීය:
විප්ලවය ආරම්භ කිරීමේ මහා-ගෞරවය රුසියානු නිර්ධන පන්තිය වෙත පැවරී ඇත. එහෙත් තම ව්‍යාපාරය සහ විප්ලවය ලෝක විප්ලවවාදී නිර්ධන පන්ති ව්‍යාපාරයේ හුදු කොටසක් -උදාහරනයක් ලෙස ගෙවී යන සෑම දිනයක් පාසාම ජව බලයෙන් වැඩෙන ජර්මනියේ ව්‍යාපාරය පෙන්වා දිය හැකිය- පමනක් බව රුසියානු නිර්ධන පන්තිය අමතක නොකල යුතුය. අපට අපේ කර්තව්‍යයන් අර්ථකථනය කල හැක්කේ මෙම දෘෂ්ටි කෝනයෙන් පමනෙකි.
අප්‍රේල් සහ ඔක්තෝබර් අතරතුර මාස තුල ලෙනින් බොහෝ ලිපි සම්පාදනය කලේ, පක්ෂ සාමාජිකයන්ගේත් බොල්ශෙවික් පොත් පිංචවල්, පුවත්පත් හා පත්‍රිකා කියවූ දසදහස් ගනන් කම්කරුවන්ගේත් විඥානය තුලට විප්ලවයේ ජාත්‍යන්තර ස්වභාවය පිලිබඳ අවබෝධය කාවද්දමින් හා එය ප්‍රවර්ධනය කරමිනි. බොල්ශෙවික් විප්ලවය රහසේ සැලසුම් කල “බලග්රහනයක්” නැතහොත් කුමන්ත්රනයක් ලෙස හඳුන්වන්නෝ, සමාජවාදී විප්ලවයක් සඳහා ලෙනින්ගේ ආයාචනා රුසියාවේ සියලු ප්‍රධාන නගරවල කම්හල් තුල, සෙබලුන්ගේ බැරැක්ක තුල සහ මහමාවත්වල කියවන ලද බවත්, අධ්‍යයනය කෙරුනු බවත්, විවාදයන්ට පාත්‍ර කෙරුනු බවත් හුදෙක්ම නොතකා හරිති.
බලය අල්ලා ගැනීමට යන්තම් මාසයකට පෙර සැප්තැම්බර් මාසයේදී බොල්ශෙවික් පක්ෂය, The Tasks of the Proletariat in Our Revolution(අපේ විප්ලවය තුල නිර්ධන පන්තියේ කර්තව්‍යයෝ) නම් ලෙනින්ගේ පොත් පිංච ප්‍රකාශයට පත් කලේය. බොල්ශෙවික් පක්ෂයේ වැඩපිලිවෙල හා අභිප්රායයන් පිලිබඳ ලෙනින්ගේ විස්තර කථන තුල කිසිවක් සඟවා නොතිබුනා පමනක් නොවේ; එහි නොපැහැදිලි හෝ බහුරුත් දෙන හෝ කිසිවක් නොවීය. විස්මය දනවන සුලු මට්ටමක ඓතිහාසික සවිඥානකත්වයකින් යුතුව, බොල්ශෙවික් පිලිවෙත් විසින් ප්‍රකාශයට පත් වූ වෛෂයික අවශ්‍යතාවය පිලිබඳව ලෙනින් පැහැදිලි කලේය:
යුද්ධය යනු හුදෙක් ධනපති පන්තියේ උත්සුකයන් මත පමනක් සිදුකෙරෙන්නක් හා ඔවුන් පමනක්ම ඉන් ධන සම්පත් ලබන බව සැබෑ නමුදු, එය අතිලෝභී ධනේශ්වරයේ දුෂ්ඨ අභිමතයේ නිෂ්පාදිතයක් නොවේ. යුද්ධය ලෝක ධනේශ්වර ක්රමයේ අඩ සියවසක වර්ධනයේ සහ එහි කෝටි සංඛ්‍යාත හුයපටවල ද සබඳතාවල ද නිෂ්පාදිතයකි. ප්රාග්ධනයේ බලය පෙරලා දැමීමෙන් හා රාජ්‍ය බලය වෙනත් පන්තියක -නිර්ධන පන්තියේ- අතට මාරු කිරීමෙන් තොරව, අධිරාජ්‍යවාදී යුද්ධයෙන් පිටතට ලුහුටා ගොස් ප්රජාතන්ත්රවාදී, බලහත්කාරයෙන් තොර, සාමයක් දිනා ගැනීම නොකලහැක්කකි.
1917 පෙබරවාරි-මාර්තු රුසියානු විප්ලවය යනු අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය වීමේ ආරම්භය විය. මෙම විප්ලවය යුද්ධය අවසාන කිරීමේ දිශාවට පලමු පියවර තැබීය; එහෙත් යුද්ධය අවසන්වීම නිසැක කරනු වස් දෙවන පියවරක් ද -හරිහැටියෙන් කියතොත්, රාජ්‍ය බලය නිර්ධන පන්තිය අතට මාරුවීම ද- අවශ්‍ය ය. මෙය ලෝක පරිමානයෙන් සිදු කෙරෙනු ඇති “බිඳගෙන යාමක”, එනම්, ධනේශ්වර උත්සුකයන්ගේ පෙරමුනෙහි බිඳගෙන යාමක, ආරම්භය වනු ඇත; තව ද, මෙම පෙරමුන බිඳගෙන යාමෙන් පමනක්ම නිර්ධන පන්තියට මනුෂ්‍ය වර්ගයා යුද්ධයේ භයංකාරත්වයෙන් මුදා ගෙන ඊට සාමයේ ආශීර්වාදය උරුමකර දීමට හැකිවනු ඇත.
“ජූලි දින”වල ප්‍රතිවිපාක අත්විඳි -එනම්, තාවකාලික ආන්ඩුව කම්කරු පන්තිය කුරිරු මර්දනයකට පාත්‍ර කල- දිනවලදී ලෙනින්ට සැඟවී කටයුතු කිරීමට සිදුවිය. මැයි මාසයේ රුසියාව කරා පෙරලා පැමින ඉතා ඉක්මනින් ම බොල්ශෙවික් පක්ෂයේ නායකත්වයට එක් වූ ලියොන් ට්‍රොට්ස්කි සිර ගත කොට තිබින. එහෙත් සැප්තැම්බරයේ, ජනරාල් කොර්නිලොව්ගේ අසාර්ථක වූ ප්රතිවිප්ලවවාදී කුමන්ත්රනයෙන් ඉක්බිතිව උදාවූ තතු තුල ඔහු නිදහස් කරනු ලදුව, පෙට්රොග්රෑඩ් සෝවියටයේ සභාපති ලෙස තෝරා පත් කර ගන්නා ලදී. ඉනික්බිතිව ගත වූ සති තුල ට්‍රොට්ස්කි විශිෂ්ඨතම මහජන නායකයා ලෙස ද විප්ලවයේ කථිකයා ලෙස ද ඉස්මතුවිය. බොල්ශෙවික් කැරැල්ලේ මූලෝපායාත්මක සැලසුම් සකස්කිරීමෙහි හා එය සංවිධානය කිරීමෙහි ලා ඔහු තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය.
බොල්ශෙවික් කැරැල්ලට ට්‍රොට්ස්කි දුන් නායකත්වය තුල බුද්ධිප්රභාවයේ සංරචකයක් ගැබ්ව තුබූ බැව් නිසැකය. එහෙත් ඔක්තෝබර් විප්ලවය තුල ට්‍රොට්ස්කි ඉටු කල කාර්යභාරය, ලෙනින්ගේ කාර්යභාරයට නොඅඩු ලෙස, ලෝක ඉතිහාසය තුල රුසියානු විප්ලවයට හිමි ස්ථානය පිලිබඳ විශ්ලේෂනයක පදනම මත සූදානම් කරන ලද්දක් විය. ඇත්තෙන්ම රුසියාවේ සාර්වාදී ඒකාධිපතිත්වයට එරෙහි ප්රජාතන්ත්රවාදී විප්ලවය කම්කරු පන්තිය අතට බලය මාරු කරන සමාජවාදී විප්ලවයක් බවට අත්‍යවශ්‍යයෙන්ම වර්ධනය වනු ඇතැයි, 1905 තරම් ඈත කාලයක දී, නොනවතින විප්ලවයේ න්‍යාය පිලිබඳ සිය විස්තාරනය තුල පෙර දුටු ප්‍රථමයා වූයේ ට්‍රොට්ස්කිය.
ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය, කම්කරු පන්තියේ දේශපාලන කර්තව්‍යයන් නිර්නය වන්නේ, තවමත් සමාජවාදී විප්ලවයට “සූදානම් නැතැයි” සිතන ලද රුසියාවේ ආර්ථික පසුගාමිත්වයෙන්යැයි කියා සිටියවුන්ගේ ප්රකාශයන්ට අභියෝග කලේය. ඔහු 1905 දී ලියුවේ, “ආර්ථික වශයෙන් පසුගාමී රටක, වඩාත්ම ඉහල තලයේ ධනේශ්වර ක්‍රමයක් පවතින රටකට වඩා ඉක්මනින්, නිර්ධන පන්තියට බලයට පත්විය හැකිය” යනුවෙනි.
එහෙත් කම්කරු පන්තියට තම විප්ලවය පවත්වා ගෙන යා හැක්කේ කෙසේද? සිය දේශපාලන බලයේ ඉරනම, සහ එනයින් සමස්ත රුසියානු විප්ලවයේ ඉරනම, යුරෝපය තුල සමාජවාදී විප්ලවයේ ඉරනමට බද්ධ කරනු විනා කම්කරු පන්තියට අන් විකල්පයක් නැතැයි 1917 සිදුවීම්වලට බොහෝ කල්තබා ට්‍රොට්ස්කි ලිවීය.
රුසියානු ධනේශ්වර විප්ලවය තුල තතු විසින් මතු කෙරුනු තාවකාලික ප්රස්තාවයන් විසින් එහි උර මත තැබෙන මේ අතිමහත් රාජ්‍ය-දේශපාලන බලය සමස්ත ධනේශ්වර ලෝකයේ පන්ති අරගලයේ තුලාව මත තැබීමට එය කටයුතු කරනු ඇත. රාජ්‍යබලය තම හස්තයෙහි ද, ප්රතිවිප්ලවය තමා පසුපසින් ද, යුරෝපාකරයේ ප්‍රතික්‍රියාව තමා ඉදිරියේ ද ඇතිව එය ලෝක ගෝලය පුරා සිය සහෝදරවරුන් වෙත පැරනි ඒකරාශී කිරීමේ ඝෝෂාව පතුරුවනු ඇත. මෙවර එය අවසාන ප්‍රහාරය සඳහා කැඳවීම වනු ඇත: සකල දේශවාසී කම්කරුවනි, එක්වව්!
ෆ ෆ ෆ ෆ ෆ
1917 ඔක්තෝබර් වන විට ද සෙබලුන් දශ ලක්ෂ ගනනකගේ ජීවිත වැය කොට තුබූ ලෝක යුද්ධයේ බියකරු ස්වප්නයක් බඳු යථාර්ථය මධ්‍යයේ, බොල්ශෙවික් කැරැල්ල පිලිබඳ ප්‍රවෘත්තිය, විදුලි සැරයක් පරිද්දෙන් ජන විඥානය හරහා පැතිර ගියේය. පෙබරවාරි විප්ලවය වූ කලී රුසියානු සිදුවීමකි. එහෙත් ඔක්තෝබර් විප්ලවය ලෝකය වෙනස්කිරීමේ සිදුවීමකි. 1847 දී හුදෙක් “අවතාරයක්” පමනක් වූ දෙය දැන්, කම්කරු පන්ති නැගිටීමකින් බලයට පැමිනි විප්ලවවාදී ආන්ඩුවක් ලෙස පවතී.
තවමත් සිරගතව සිටිමින් විප්ලවය ගැන දැනගත් රෝසා ලක්සම්බර්ග්, රුසියාවේ වර්ධනයන් පිලිබඳ සොයාබැලීම සඳහා උදෑසන පුවත්පත් පැමිනෙන තුරු තමන් කෙතෙක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටින්නීදැයි මිතුරෙකුට ලියා යවා ඇත. ලෝක අධිරාජ්‍යවාදයේ සන්නද්ධ විරුද්ධත්වය ඉදිරියේ විප්ලවයට නොනැසී පැවතීමට හැකිවේද යන්න පිලිබඳව ඇය සැක පහල කර ඇත. එහෙත් විප්ලවවාදී සිදුවීමේ ශ්‍රේෂ්ඨත්වය පිලිබඳ ඇයට සැකයක් නොවීය. වර්ෂ ගනනාවක් පුරා දැන හැඳින සිටි සහෝදරවරුන් වූ ලෙනින් හා ට්‍රොට්ස්කි දිනා ගත් දෑ උතුම් කොට සැලකූ ඇය, බොල්ශෙවික් නායකත්වයෙන් යුත් කැරැල්ල, “ලෝක - ඓතිහාසික ක්‍රියාවක් බවත්, එහි ආදර්ශය කල්පකාලාන්තරයක් පවතිනු ඇති බවත්” ලියුවාය.
ඉන් වසර ගනනාවකට පසු, ඔක්තෝබර් විප්ලවයේ 25 වන සංවත්සරය සමරමින් ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී නායක ජේම්ස් පී. කැනන්, ලොව පුරා සමාජවාදීන් කෙරේ 1917 සිදුවීම් බල පෑ අයුරු මෙසේ සිහිපත් කලේය:
ප්‍රථම වරට අපි, මාක්ස්වාදයේ සැබෑ අර්ථය පිලිබඳව විප්ලවවාදී ක්‍රියාමාර්ගයෙන් ඒකාග්ර වූ නිරූපනයක් ලැබීමු. ප්‍රථම වරට විප්ලවවාදී පක්ෂයක් යන්නෙහි සැබෑ අර්ථය කුමක්දැයි අපි ලෙනින්ගේ, ට්‍රොට්ස්කිගේ සහ රුසියානු විප්ලවයේ නායකයන්ගේ ආදර්ශයෙන් හා උගැන්වීම්වලින් ඉගෙන ගතිමු. ඒ කාල පරිච්ඡේදය මතක ඇති අය, රුසියානු විප්ලවයට තම ජීවිත පාස්සනු ලැබ සිටි අය, එය ලෝකයේ පීඩිත පන්තියක් කවදා හෝ දැන සිටි විශිෂ්ඨතම ආවේශකය හා අධ්‍යාපනික බලවේගය ලෙස අද දින සිතිය යුත්තාහ.
ඔක්තෝබර් විප්ලවය ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම හා වඩාත්ම ප්රගතිශීලි සිදුවීම් අතරෙහි ලා ගැනේ. එය ප්රතිසංස්කරන ව්‍යාපාරය, ඇමරිකානු විප්ලවය සහ ප්රන්ස විප්ලවය වැනි මානව ශිෂ්ඨාචාරයේ වර්ධනයෙහි ශ්‍රේෂ්ඨ මංසලකුනු අතරෙහි ලා සැලකෙන එකී ලෝක ඓතිහාසික සිද්ධී දාමයේ කොටසක් වෙයි.
ඔක්තෝබර් විප්ලවයේ ලෝක ගෝලීය බලපෑම ගිනිය නොහැකි තරම් විශාලය. ඒ වූ කලී, ධනේශ්වර සූරාකෑමට හා අධිරාජ්‍යවාදී පීඩනයට එරෙහිව ලෝ පුරා කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ ව්‍යාපාරයක් අවුලුවා ලූ සිද්ධියකි. විසිවන සියවසේ කම්කරු පන්තිය ලද කවර හෝ සැලකියයුතු දේශපාලනමය හෝ සමාජමය ජයග්රහනයක් වේවා සාක්ෂාත් කර ගැනීමේ කිසියම් වැදගත් කොටසක් සම්බන්ධයෙන් ඔක්තෝබර් විප්ලවයට නයගැති වේ. එසේ නයගැති නොවන සැලකියයුතු ජයග්රහනයක් ගැන සිතිය නොහැකි තරම්ය. සෝවියට් රාජ්‍යය පිහිටුවීම ඔක්තෝබර් විප්ලවයේ ප්‍රථම ශ්‍රේෂ්ඨ ජයග්‍රහනය විය. කම්කරු පන්තිය රාජ්‍ය බලය ගැනීම, ධනපති පන්ති පාලනය අවසන් කිරීම හා සමාජය ධනේශ්වර-නොවන සහ සමාජවාදී පදනමක සංවිධානය කිරීම සඳහා ඇති ශක්‍යතාවය බොල්ශෙවික් විප්ලවය ලද ජයග්‍රහනය විසින් භාවිතයේදී පෙන්වා දෙනු ලැබ ඇත.
කෙසේවෙතත්, සෝවියට් සංගමය ස්ථාපනය කිරීම යනු බොල්ශෙවිකයන් නායකත්වය දුන් නැගිටීමේ සාන්දෘෂ්ටික ප්‍රතිඵලය වූ අතර, ඔක්තෝබර් විප්ලවයේ සම්පූර්න ඓතිහාසික වැදගත්කම මෙම රාජ්‍යයේ නිර්මානයට සීමා නොවේ. 1917 ඔක්තෝබරයේ සෝවියට් රාජ්‍යය ගොඩනැගීම ලෝක සමාජවාදී විප්ලවයේ නව අවධියක ප්‍රථම පරිච්ඡේදය පමනක් විය.
පරිච්ඡේදය සහ අවධිය අතර පවත්නා මෙම විලක්ෂනය, සෝවියට් සංගමයේ හා අද්‍යතන ලෝකයේ ඉරනම පිලිබඳ අවබෝධ කර ගැනීමෙහි ලා තීරනාත්මක වෙයි. 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම, 1917 දී ස්ථාපිත රාජ්‍යයේ අවසානය සනිටුහන් කලේය. එහෙත් එය ලෝක සමාජවාදී විප්ලවයේ එකී අවධියෙහි අවසානය සනිටුහන් නොකලේය. සෝවියට් සංගමය විසුරුවා හැරීම, ඔක්තෝබර් විප්ලවය පදනම්ව පැවැති ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය අතහැර දැමීමේ ප්‍රතිඵලය විය. එය ආරම්භ වුනේ, 1920 ගනන්වල මුල් භාගයේය. 1924 දී ස්ටැලින් හා බුඛාරින් විසින් ප්‍රකාශයට පත් කෙරුනු ස්ටැලින්වාදී තනි රටේ සමාජවාදය වැඩ පිලිවෙල සෝවියට් සංගමයේ ජාතිකවාදී පරිහානියේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. ට්‍රොට්ස්කි අනතුරු ඇඟවූ පරිදි, ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් සිටි නිලධර ප්රභූවක දේශපාලන සහයෝගය ලද ස්ටැලින්වාදී ජාතිකවාදය, සෝවියට් සංගමයේ ඉරනම ලෝක සමාජවාදය සඳහා වන සටනින් කපා වෙන් කලේය. 1919 දී ලෝක සමාජවාදී විප්ලවයේ උපකරනයක් ලෙස පිහිටුවනු ලැබූ කොමියුනිස්ට් ජාත්‍යන්තරය සෝවියට් සංගමයේ ප්රතිවිප්ලවවාදී විදේශ ප්‍රතිපත්තියේ උපාංගයක් බවට පිරිහෙලනු ලැබීය. ස්ටැලින්ගේ ද්‍රෝහී හා මංමුලාකාරී පිලිවෙත් ජර්මනියේ, ප්රන්සයේ, ස්පාඤ්ඤයේ සහ තවත් රටවල් ගනනාවක කම්කරු පන්තිය අත්දුටු ව්‍යසනකාරී පරාජයන්ට පාර කැපීය.
1936 දී ස්ටැලින් මහා භීෂනය දියත් කලේය. ඊලඟට එලැඹි සිව් වසර තුල එමගින් කම්කරු පන්තිය හා සමාජවාදී බුද්ධිජීවී ගනය තුල සිටි විප්ලවවාදී ජාත්‍යන්තරයේ සෑම ප්රමුඛ නියෝජිතයෙකුම පාහේ කායිකව වනසා දැමින. ට්‍රොට්ස්කි 1940 දී මෙක්සිකෝවේ දී ඝාතනය කරන ලදී.
ෆ ෆ ෆ ෆ ෆ
1991 දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය විසුරුවා හැරීම ලෝක ධනවාදයේ දැවැන්ත ජයග්රහනයකැයි අභිනන්දනය කෙරින. දිගු කාලයකින් පසු අන්තිමේ දී කොමියුනිස්ට්වාදයේ හා සමාජවාදයේ අවතාරය මුලිනුපුටා දමා තිබින. ඉතිහාසය අවසානයක් කරා පැමින ඇත! ඔක්තෝබර් විප්ලවය නටබුන් අතර කෙලවර වී ඇත! සත්තකින්ම ඊට ඉහත වසර 74 තුල සිදු වූ දෑ පිලිබඳ සැලකිලිමත් පරීක්ෂාවක් මගින් එවැනි ප්රකාශයන්ට කිසිදු ආධාරයක් නොලැබේ. දෙවැනි ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පරාජය කිරීමෙහි ලා එය ඉටු කල කේන්ද්‍රීය කාර්යභාරය පමනක් නොව සෝවියට් ජනයාගේ සාමාජීය හා සංස්කෘතික කොන්දේසිවල අප්‍රමාන ප්රගමනය ද ඇතුලු සෝවියට් සංගමයේ අතිමහත් ජයග්රහන පිලිබඳ කිසිදු අගය කිරීමක් නැත. එහෙත් සෝවියට් ජයග්රහනයන් පිලිබඳ සියලු ස්මරනයන් සාමූහික මතකයෙන් මකා ලීමට දැරෙන ප්රයත්නයන් පසෙකින් තැබූ කල, විසිවන සියවසේ ඉතිහාසයෙහි වැදගත්ම මුසාකරනය බවට පත්ව ඇත්තේ සමාජවාදයේ ඉරනම ඔක්තෝබර් විප්ලවයේ ජාතිකවාදී ආඛ්‍යානයේ පදනම මත අර්ථකථනය කිරීමට දැරෙන ප්රයත්නයයි. එහිදී බොල්ශෙවිකයන් බලය ගැනීම ඉදිරිපත් කෙරෙන්නේ රුසියානු ඉතිහාසයේ මග වැරදී ගිය, නීතිවිරෝධී හා අපරාධකාරී පවා සිදුවීමක් ලෙසටය. ඔක්තෝබරය පිලිබඳ බොල්ශෙවිකයන්ගේ මුල් සංකල්පය පිලිවෙලින් එක්කෝ අවමානයට පාත්‍ර කල යුතුය, නැතහොත් නොතකා හැරිය යුතුය. ඔක්තෝබර් විප්ලවයට කිසිදු කල්පවත්නා ඓතිහාසික හා දේශපාලන අදාලත්වයක් ආරෝපනය නොකල යුතුය.
කෙසේවෙතත්, ඔක්තෝබර් විප්ලවයට එහි සියලු යුක්තියුක්තභාවය, අදාලත්වය හා ගෞරවය අහිමි කිරීම එල්ල කර ගත් මෙම ප්රතිගාමී ආඛ්‍යානය රඳා පවතින්නේ එක් කුඩා දෙයක් මත ය: එනම්, ලෝක ධනේශ්වර පර්යාය විසිවන සියවසේ යුද්ධ හා විප්ලව නැගී ඒමට තුඩු දුන් පරස්පර විරෝධයන් හා අර්බුද විසඳා ගෙන, ඒවා ඉක්මවා ගොස් ඇත යන්නයි.
ඔක්තෝබර් විප්ලවය හා සමාජවාදය සාක්ෂාත් කිරීමට දැරෙන සියලු අනාගත ප්රයත්නයන් අපකීර්තියට පත් කිරීමට ගන්නා ආයාසයන් බිඳී යන්නේ හරියටම මෙතැනදී ය. සෝවියට් සමූහාන්ඩුව විසුරුවා හැරුනු තැන් පටන් ගෙවී ගිය ශත වර්ෂ කාල සටහන් වී ඇත්තේ නිර්දය වූත් වඩවඩාත් තීව්රවන්නා වූත් සමාජ දේශපාලන හා ආර්ථික අර්බුදයන්ගෙනි. අප දැන් ජීවත්වන්නේ නිත්යම යුද්ධයේ යුගයකය. 1991 දී ඉරාකයේ ප්රාරම්භක එක්සත් ජනපද ආක්රමනයේ පටන් ඇමරිකානු බෝම්බ හා මිසයිල විසින් වනසා දැමුනු ජීවිත සංඛ්‍යාව පහසුවෙන්ම දශ ලක්ෂය ඉක්මවා යයි. භූ දේශපාලනික ගැටුම් තීව්ර වෙමින් පවත්නා තතු යටතේ, තුන්වැනි ලෝක යුද්ධයක් ඇවිල යාම වඩවඩාත් නොවැලැක්විය හැකි සේ පෙනී යයි.
2008 ආර්ථික අර්බුදය ලෝක ධනේශ්වර පර්යායේ බිඳෙනසුලුබව හෙලිදරව් කලේය. අසමානතාවය ශතවර්ෂයක් තුල පැවැති ඉහලම මට්ටම් කරා සේන්දුවීමට එරෙහිව තිරයට පසුපසින් සමාජ ආතතීන් ඉහල නැගෙමින් පවතී. ධනේශ්වර ප්රජාතන්ත්රවාදයේ සාම්ප්‍රදායික ආයතනවලට උත්සන්න වන සමාජ ගැටුමේ පීඩනය දරා සිටීමට නොහැකි වන තතු යටතේ පාලක ප්රභූව කිසිදා නොවූ තරම් එලිපිටම පාලනයේ ඒකාධිපති ස්වරූපයන් කරා හැරෙමින් සිටිති. ට්‍රම්ප් පාලනය යනු හුදෙක් ධනේශ්වර ප්රජාතන්ත්රවාදයේ ලෝක පරිමාන බිඳවැටීමේ එක් පිලිකුල් සහගත විද්යමානවීමක් පමනෙකි. ධනේශ්වර රාජ්‍යය පවත්වා ගෙන යාමෙහි ලා හමුදා, පොලීසි හා රහස් ඔත්තු සේවා ඉටු කරන කාර්යභාරය කිසිදා නොවූ විරූ තරම් එලිමහනට පැමිනෙමින් තිබේ.
මෙම ශත සංවත්සර වසර පුරාම ඔක්තෝබර් විප්ලවය අපකීර්තියට පත් කිරීමේ අරමුනින් ලියැවුනු නොගිනිය හැකි තරම් ලිපි හා පොත්පත් පල වී ඇත. එහෙත් ඔක්තෝබරයේ “අනදාලත්වය” පිලිබඳ එවැනි නිවේදනවල මුසාව, එවැනි හෙලාදකීම් බොහොමයක ව්‍යාප්තව පවතින භාවෝන්මාදී තානය විසින් හෙලි කෙරේ. ඔක්තෝබර් විප්ලවය සලකනු ලබන්නේ ඓතිහාසික සිද්ධියක් ලෙස නොව චිරකාලීන සහ අන්තරායකාරී අද්‍යතන තර්ජනයක් ලෙසය.
ඔක්තෝබර් විප්ලවය හෙලාදැකීම් යටින් පවත්නා භීතිය, ඓතිහාසික මුසාකරනය පිලිබඳ ප්රමුඛ ශාස්ත්රාලීය විශේෂඥයෙකු වන මහාචාර්ය ෂෝන් මැක්මීකින් විසින් මෑතකදී පලකෙරුනු කෘතියක් තුල ප්‍රකාශයට පත් වී ඇත. ඔහු මෙසේ ලියයි:
1917 දී සමාරම්භ කෙරුනු මතවාදී යුගයෙන් නිපන් න්‍යෂ්ටික අවි පරිද්දෙන්, ලෙනින්වාදයේ ඛේදජනක සිද්ධාන්තය වන්නේ, වරක් නිමැවූ කල්හි එය ආපසු හැරවිය නොහැකි වීමයි. සමාජ අසමානතාවය ද එහි පසෙකින් වන එම අසමානතාවය අතු ගා දැමීම සඳහා වූ සමාජවාදීන්ගේ යහපත් චේතනාන්විත ආවේශය ද සෑම කල්හිම අප සමග පවතිනු ඇත.... පසුගිය සිය වස අපට යමක් උගන්වා ඇත්නම් ඒ, සමාජ පරිපූර්නත්වය පිලිබඳ ප්‍රතිඥා දෙන සන්නද්ධ ශාස්තෘවරුන්ට එරෙහිව අපේ ආරක්ෂාව තර කොට ප්‍රතිරෝධය දැක්විය යුතු බවයි.
ඔක්තෝබරයේ නිව්යෝර්ක් ටයිම්ස්හි පල වූ රචනයක, තීරු ලිපි රචක බ්‍රෙට් ස්ටීවන්ස් මෙසේ අනතුරු හඟවයි:
ධනේශ්වර ක්‍රමය හා මූල්‍යම සේවා සාපරාධී ලෙස දැක්වීමේ ප්රයත්න වලට ද පෙරදැකිය හැකි ප්‍රතිඵල පවතී..... ශත වර්ෂයක් තුල [සමාජවාදයේ] බැසිලසය (එම නමින් යුත් බැක්ටීරියාව) වඳ වී ගොස් නැත. එමෙන්ම ඊට අපේ ඇති ප්‍රතිශක්තිය ද තවමත් සැක සහිතය.
මෙම ප්‍රකාශනයන්හි පල කෙරෙන සැක සාංකා පදනම් විරහිත නොවේ. අලුතින් ප්‍රකාශයට පත් වී ඇති ජනමත විමසුමකින් පෙන්නුම් කෙරෙන පරිදි, ඇමරිකානු “සහශ්‍ර වාර්ෂිකයන්ගෙන්” (වයස අවුරුදු 28 ට අඩු ජනයාගෙන්) වැඩි ප්‍රතිශතයක් ධනේශ්වර සමාජයකට වඩා සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී සමාජයක ජීවත්වීමට කැමැත්තෙන් සිටිති.
ෆ ෆ ෆ ෆ ෆ
මෙම ශත සංවත්සර වර්ෂය පුරාම හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඔක්තෝබර් විප්ලවයේ ප්‍රභවයන් හා අර්ථභාරය අධ්‍යයනය කරමින් ද විවරනය කරමින් ද එම සංවත්සරය සැමරීය. එය මෙම භාරදූර ඓතිහාසික කර්තව්‍යයෙහි නිමග්න වූයේ, ඔක්තෝබර් විප්ලවය පදනම් කෙරුනු ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙල නියෝජනය කරන ලෝකයේ එකම දේශපාලන ප්රවනතාවය ලෙසය. මෙම වැඩ පිලිවෙල ආරක්ෂා කිරීමේ ඓතිහාසික මුල් පවතින්නේ, ස්ටැලින්වාදී නිලධරය ඔක්තෝබර් විප්ලවයේ වැඩ පිලිවෙල හා මූලධර්ම ජාතිකවාදීව පාවාදීමට හා කෙලෙසීමට එරෙහිව, පලමුව වාම විපක්ෂයේ නායකයා ලෙස ද පසුව හතරවැනි ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලෙස ද ට්‍රොට්ස්කි විසින් දියත් කෙරුනු අරගලය තුලය. එහිදී, ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල ලෙස සෝවියට් සංගමය තුල අත්පත් කරගන්නා ලද සියලු ජයග්රහන ආරක්ෂා කල අතරම, එකී ආරක්ෂාව කිසි දිනෙක නිලධාරිවාදී තන්ත්රයේ ප්රතිගාමී ප්‍රතිපත්තිවලට යටත් වනු තබා ඊට අනුගත වීමේ රූපාකාරය හෝ අත්පත් කර නොගත්තේය.
එනයින්, ලෝක සමාජවාදී විප්ලවයේ වැඩ පිලිවෙලෙහි අද්‍යතන ප්රකාශනය වන්නේ හතරවැනි ජාත්‍යන්තරයයි. ධනේශ්වරයේ නොවිසඳිය හැකි අර්බුදයේ වත්මන් කාල පරිච්ඡේදය තුල, මෙම වැඩ පිලිවෙල යලිත් වරක් අතිමහත් අදාලත්වයක් අත්පත් කර ගනිමින් ඇත. ඔක්තෝබර් විප්ලවය හුදෙක් ඉතිහාසය තුල පමනක් නොව, වත්මනෙහි ද ජීවත් වෙයි.
ලෝක සමාජවාදය සඳහා සටන් කිරීමට අපි සමස්ත ලෝකය පුරා ජීවත්වන කම්කරුවන් හා තරුනයන් කැඳවා සිටිමු.
ඔක්තෝබර් විප්ලවයේ ආදර්ශය දිගු කල් දිනේවා!
හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගනු!
ලෝක සමාජවාදී විප්ලවය කරා පෙරට!
ඩේවිඩ් නෝර්ත්
Follow us on