ලංවිම අරගලයෙන් උගතයුතු පාඩම්
ආන්ඩුව සමග ඇතිකර ගත් සම්මුතියකින් ලංකා විදුලිබල මංඩලයේ (ලංවිම) වෘත්තීය සමිති දින අටක් පැවති වැඩ වර්ජනය අවසන් කර කම්කරුවන් බ්‍රහස්පතින්දා (21)උදේ ආපසු වැඩට යැව්වේය. වෘත්තීය සමිති සම්මුතිය ගසා ගත්තේ, විරෝධතාවට සහභාගිවූ 22,000 ආසන්න කම්කරුවන්ගෙන් මොනම අදහස් විමසීමක් වත් නොකරමිනි.
වර්ජනය අවසන් කලේ ඉල්ලීම් දිනාගෙන නොව ඊට පෙර ආන්ඩුව යෝජනා කල පඩි වැඩිවීම් පිලිගෙන යයි බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී. එම්. එස්. බටගොඩ පවසා ඇත. මේ තතු තුල, “වෘත්තිය සමිති ආන්ඩුව යෝජනාකල දේට පිටින් මොනම දෙයක් වත් ලබා ගෙන නැතැයි” ඔහු කයිවාරු ගැසුවේය.
ඒවෘසස ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන ලංකා විදුලි සේවක සංගමයේ (ලංවිසේස) මූලිකත්වය සහිත ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය (ඒවෘසස) යි. පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා එක්සත් ජාතික පක්ෂය (එජාපය) විසින් මෙහෙයවන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්රිලනිසේස) හා ජාතික සේවක සංගමය (ජාසේස) ඇතුලු තවත් සමිති දුසිම් ගනනක් ඊට සම්බන්ධව සිටිති.
වැටුප් විෂමතාවය ඉවත් කිරීම, වෘත්තීය සමිති මර්දනය හා පලිගැනීම නතර කිරීම, ලංවිම සේවක අර්ථසාධක අරමුදලේ මූල්‍ය වංචා විසඳීම, තාක්ෂනික සේවකයන්ට අවදානම් දීමනාවක් ගෙවීම සහ ජාතික වෘත්තීය පුහුනු ආයතනයේ පුහුනු වන්නන් යොදාගෙන කෙරෙන වහල් ශ්‍රම සූරාකෑම අහෝසි කිරීම වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර තිබු ඉල්ලීම් වලට ඇතුලත් විය. තමන් දූෂන විරෝධීන් ලෙස මවා පෑම සඳහා “මහජන මුදල් කොල්ලකන දූෂිතයන් ට දඬුවම් දීම” යන පුච්චානමක් ඉල්ලීම් ලැයිස්තුවට ගැට ගසා තිබුනි. පුහුනු වන්නන්ගේ “ශ්‍රම සූරාකෑම අහෝසි කිරීම” පිලිබඳ ඉල්ලීම තරුන කම්කරුවන්ගේ මොනම අයිතියක් වත් ලබාදීමට ඉදිරිපත් කෙරුනු එකක් නොව ඔවුන් විරෝධතාවට තල්ලු කර ගැනීමට ඉදිරිපත් කල එකකි.
ලංවිම අරගලය නිසා ජීවන හා සමාජ අයිතීන්ට එල්ලවන ප්‍රහාර නිසා කෝපයෙන් සිටින කම්කරු පන්තියේ සෙසු කොටස් හා පීඩිතයන් අරගලවලට දිරිගැන්වෙනු ඇතැයි බිය වූ ආන්ඩුව ඊට එරෙහිව රාජ්‍ය මර්දනය මුදා හැරීමේ මුගුර අතට ගෙන වෘත්තීය සමිති දන ගස්වා ගැනීමට ක්‍රියා කලේය.
සේවකයන්ගේ නිවාඩු අවලංගු කල ආන්ඩුව අනියම්, ආදේශක, පරිවාස, පුහුනු වන හා අභ්‍යාසලාබී සේවකයන් සේවයෙන් නෙරපීමේ ලියුම් නිකුත් කල අතර සේවා ස්ථානවලට පොලීසිය යොදවා අවශ්‍ය මොහොතක වර්ජකයන් ට විරුද්ධව මෙහය වීමට හමුදාව සීරුවෙන් තැබුවේ ය. තෙල් සේවකයන්ගේ වර්ජනය තලා දැමීමට ආන්ඩුව රුදුරු හමුදා මෙහෙයුමක් දියත් කලේ ජූලි මාසයේ ය.
ආන්ඩුවේ තර්ජනයන්ට පසුබිම් වී ඇත්තේ ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය තුල ලංකාවේ ධනපති පාලකයන් මුහුන දෙන බරපතල ආර්ථික දේශපාලන ප්‍රශ්නයි. මේ අර්බුදය තුල සමාජ ප්රතිවිප්ලවයකට, එනම් පසුගිය සියවසේ දිනාගත් ස්ථිර රැකියා, විශ්‍රාම වැටුප්, සමාජ සහනාධාර හා ප්රජාතන්ත්රවාදී අයිතීන් උදුරා ගැනීමේ ප්‍රහාරයකට හැම රටකම කම්කරු පන්තීහු මුහුන දී සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු නියමයන් ක්‍රියාවට දමන ලෙස ජනාධිපති සිරිසේනගේ හා අගමැති වික්‍රමසිංහගේ ආන්ඩුවට අනවා ඇත. ඒවා අතරට ලංවිම, තෙල්, වරාය ඇතුලු ප්‍රධාන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ද වෙයි. කම්කරුවන්ගේ ඕනෑම අරගලයක් මෙම ප්‍රතිපත්තිවලට එරෙහි එකක් ලෙස මෙන්ම සෙසු කම්කරුවන් ද අරගලයට කැඳවන්නක් ලෙස සලකා ඒවා තලා දැමීමට ආන්ඩුව අවි අමෝරා ගෙන සිටී.
එනයින්, ලංවිම කම්කරුවන්ගේ වර්ජනයේදී පැහැදිලිවම මතුවී තිබුනේ ආන්ඩුවේ තර්ජනය පරාජය කිරීමේ දේශපාලන අරගලයක් සූදානම් කිරීමේ උවමනාවයි. එනම්, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීම සඳහා කම්කරු පන්තිය කැඳවීමේ දැවෙන අවශ්‍යතාවයි.
අවශේෂ සමිති මෙන්ම ලංවිම සමිති මෙවන් සූදානමක් කම්කරු පන්තිය තුල ඇති කිරීමට මුලූමනින්ම සතුරුය. මර්දන පියවරයන්ට එරෙහිව ලංවිම කම්කරුවන් අරගලය ආරක්ෂා කිරීම සඳහා අවසේස කම්කරු පන්තියේ සහාය කැඳවීක් පවා නොකල ඒවෘසස නායකයන් කලේ සටන හුදකලා කර දමා ආන්ඩුවේ ”විසඳුම” පැටවීමයි.
ආන්ඩුව සමග පැවති අවසන් සාකච්ඡුාවෙන් පසුව, ඒවෘසස වෙනුවෙන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කල එහි කැඳවුම්කරු සහ ලංවිසේස ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ”දෙපැත්තටම (ආන්ඩුවට සහ සමිතිවලට* අවාසිදායක නොවන” සම්මුතියකට එලැඹීමට හැකි වූ නිසා වර්ජනය අවසන් කරන බව නිවේදනය කලේ ය.
ගිවිසුමට අනුව සිදුවී ඇත්තේ වැටුපට එල්ලා තිබු සියයට 6 දීමනාව සියයට 10 දක්වා වැඩි කිරීම පමනි. වැඩි වන දීමනාව මෙම වසරේ ජනවාරියේ සිට කොටස් දෙකකින් ගෙවන නමුත් වර්ජනය කල දින ගනන නිවාඩුවලින් කැපෙයි. අන්සියල්ලටමත් වඩා, ”මෙම ඉල්ලීම් පදනම් කරගෙන නැවත වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගවලට නොපෙලඹීම” ට ද ගිවිසුම ”පූර්න සහ අවසන් සමථයක් ලෙස” පිලිගැනීම ද මගින් කම්කරුවන්ගේ අතපය නෛතිකව බැඳ දැමීමට ද වෘත්තීය සමිති ආන්ඩුව සමග එකඟ වී ඇත. ඒවෘසස වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ලංවිසේස, ශ්‍රීලංනිසේස සහ ජාසේස විසිනි.
ඒවෘසස ට වර්ජනයක් කැඳවුම් කලේ සිය රැුකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට ධනපති පාලක පන්තිය විසින් එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව ලංවිම කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය නිසාය. ”අවසානය වනතුරු සටන ගෙනයන බවට” හා ”අමාත්‍යාංශය වටලන බවට” පූච්චානම් දොඩවමින් ජවිපෙ සමිති නායකයා අනෙකුත් සමිතිවලට ද කවරය සැපයුවේය. කම්කරුවන් නුදුරේම මුහුන දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන පුද්ගලීකරනය හෝ ”වානිජකරනය” මෙම සමිති මුලූමනින්ම ආවරනය කරගෙන සිටී. දැනටමත්, ලංවිම අංශ ගනනාවක් පුද්ගලීකරනය කර ඇත්තේ මේ සමිතිවල උදව් ඇතිවය.
ලංවිම සමිතිවල ක්‍රියාකලාපයෙන් තහවුරු වන්නේ වෘත්තීය සමිති කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය නොකරන, ධනපති පන්තියේ හා රාජ්‍යයේ උවමනාවන්ට බැඳුනු උපකරන බවට පරිවර්තනය වී ඇති සැටියි. මෙය ජාත්‍යන්තරව සෑම රටකම දකින්නට ලැබෙන ප්රපංචයකි. නිෂ්පාදනයේ ගෝලීයකරයත් සමග ගුනාත්මකව මෙම පරිහානි ගත වෙනස සිදුවී තිබේ. ජාතික රාජ්‍යයන් තුල ප්රතිසංස්කරන සඳහා කේවල් කිරීමට කැපවී සිටි වෘත්තිය සමිති දැන් මුහුන දෙන්නේ ජාත්‍යන්තරව සැරිසරන මූල්‍ය ප්රාග්ධනයේ ප්රහාරයකටයි. 2008 බැංකු බිඳ වැටීමෙන් සලකුනුවී ඔද්දල්වී ඇති අර්බුදය තුල ප්‍රග්ධනයේ රුදුරු ඉල්ලීම් ජාමුඅ කප්පාදු කොන්දේසිවලින් පෙන්නුම් කෙරෙයි.
කම්කරුවන්ගේ අයිතීන්, ඉල්ලීම්, මුහුන දෙන ප්‍රශ්න ආදිය ගැන මොනම ප්රජාතන්ත්රවාදී සාකච්චාවකට වත් ඉඩ නොතබන මට්ටමට සමිති පිරිහෙලා ඇත. ඒවා කම්කරුවන් මත පැටවුනු යකඩ සැට්ටයන් ය.
කම්කරුවන්ට නව සංවිධාන ක්‍රමයක් අවශ්‍යය. වෘත්තීය සමිතිවලින් බිඳී, කම්කරුවන් තමන්ගේ ප්රජාතන්ත්රවාදී චන්දයෙන් පත් කරගන්නා ක්‍රියාකාරී කමිටු වැඩපොලවල, වතුවල හා කම්කරු නිවහන් පෙදෙස් තුල ගොඩ නගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ මේ නිසාය. ඒවා මූලික ක්‍රියාකාරීන් තෝරාගැනීම හා තීන්දු ගැනීම ප්රජාතන්ත්රවාදී චන්දයෙන් සිදුකල යුතුය. ධනපති පක්ෂවලින් හා කන්ඩායම්වලින් ස්වාධීනව එලෙස සංවිධානය වීම කම්කරු පන්තියේ දේශපාලන සටන සඳහා සුදානම් කිරීමේ මාවතයි.
ලංවිම වර්ජනය, කම්කරු පන්තිය දුර්මුඛ කිරීමට හා පාලක පන්තිය ශක්තිමත් කිරීමට ජවිපෙ ඉටුකරන ධනපති-ගැති ක්‍රියා කලාපය පෙන්නුම් කෙරුනු තවත් අවස්ථාවකි. ප්‍රධාන ධනපති පක්ෂ දෙක පිරිහී ඇති තතු තුල තමන් විකල්පය ලෙස පිලිගන්නා ලෙස ජවිපෙ අයාචනා කරයි. එහි වෘත්තීය සමිති යොදවා ඇත්තේ කම්කරු පන්තිය තුල වැඩෙන පෙරලිකාරිත්වය වාෂ්පකර දමා තමන්ගේ සේවයේ වැදගත්කම පාලක පන්තියට තහවුරු කිරීමටයි.
ලංවිම කම්කරුවන් පාවා දී ඇති නමුත් එම කම්කරු අරගලයෙන් පෙන්නුම් කෙරෙන්නේ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ රැඩිකලීකරනයට සමගාමීව ලංකාව තුල පන්ති අරගලය තියුනුවීමේ අලූත් අවධියක අප ඉන්නා බවයි. එනිසාම සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්වූ ඉහත කී ඉදිරි දර්ශනයට සටන් කිරීම තීරනාත්මකය. කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම සටන සඳහා සසපට බැඳී එය කම්කරු පන්තියේ නව විප්ලවාදී නායකත්වය ලෙස ගොඩ නගන ලෙසයි.
ඩබ්ලිව්.ඒ. සුනිල්
Follow us on