වික්‍රමබාහු කරුනාරත්න ගෝලීය ධනවාදයේ වන්දිභට්ටයෙක්
නවීන් දේවගේ විසිනි, 2018 අප්‍රේල් 26
ඉරිදා ලක්බිම පුවත්පතේ තම නිනව්ව තීරු ලිපියට මාර්තු 4 දා ව්‍යාජ වාම නව සම සමාජ (නසසප) නායක වික්‍රමබාහු කරුනාරත්න “ධනවාදය හා ජාතිවාදය” යන මාතෘකාව යටතේ රචනාවක් සපයමින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා කරන අරගලයට පහර ගසන අතරම අධිරාජ්‍යවාදය වෙත සිය ගැතිකම් ප්‍රදර්ශනය කර ඇත.
අර්බුදයක ගිලෙන කොලඹ ධනපති පන්ති පාලනයට පෙරලිකාරී වන කම්කරු පන්තියෙන් එල්ල වන තර්ජනය නිසාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) පලාත් පාලන මැතිවරනයේ දී වැඩි චන්ද ප්‍රමානයක් හා වැඩි ආයතන ගනනක් දිනා ගැනීම නිිසාත් තම දේශපාලන හා ද්‍රව්‍යමය පැවැත්ම සඳහා කූඩැල්ලකු මෙන් එල්ලීගෙන ඉන්නා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බිඳවැටීමේ අන්තරාය මතු වී තිබීම ඔහුගේ දැඩි උත්සුකයට හේතු වී තිබේ.
කරුනාරත්න සේම, යහපාලන යන නම පටබැඳගත් වත්මන් පාලනය ගෙන ඒමට කැප වූ ව්‍යාජ වාම එක්සත් සමාජවාදී පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ‘පුරවැසි’ සංවිධාන “රාජපක්ෂගේ නැගීම” ගැන කනස්සල්ල පල කර ඇත.
පලාත්පාලන මැතිවරනයේ දී ශ්‍රීලංපොපෙ අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව වැඩි චන්ද ලබා ගැනීම “සිංහල සමාජය තුල මහින්ද [රාජපක්ෂ] දෙස උමතුවෙන් බලාසිටින පිරිසක් තවමත් සිටීමේ” හා “ෆැසිස්ට්වාදී ග්රහනය” ඔවුන් මත පැවතීමේ ප්‍රතිඵලයක් යයි කරුනාරත්න ඔහුගේ ලිපියේ සඳහන් කර ඇත.
රාජපක්ෂට චන්දය දුන්නේ ඔහු කෙරෙහි ඇති “උමතුවක්” නිසා යයි කරුනාරත්න මහජනයා හෙලා දකින්නේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට පන්දම් ඇල්ලීමේ ඔහුගේ ක්‍රියා කලාපය යුක්තිසහගත කිරීම සඳහාය.
මේ මහජනතාවන්ගෙන් විශාල කන්ඩායමක් යන්තම් අවුරුදු තුනකට පෙර ජනාධිපති සිරිසේන බලයට ගෙන ඒමට ඡන්දය දුන්හ. එසේ වූයේ වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) පමනක් නොව ඔහු වටා එකපොදියට රොක්වූ කරුනාරත්න ඇතුලු ව්‍යාජ වම්මුන් හා පුරවැසි බලය ඇතුලු සංවිධාන රාජපක්ෂගේ ප්රජාතන්ත්ර විරෝධී පාලනයට එරෙහි විකල්පය ලෙස සිරිසේන හුවා දක්වමින් මහජන විරෝධය අවමංගත කල තතු තුලය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ජීවන හා සමාජ කොන්දේසිවලට එල්ල කරන ප්රහාරයන්ට විරෝධය දක්වමින් බොහෝ දෙනා මෙවර ශ්රීලංපොපෙට ඡන්දය දී ඇත.
ආන්ඩුව ද ඉන්පිටත සිටින දක්ෂිනාංශික බලවේග ද ශක්තිමත් කරන්නේ ව්‍යාජ වම ඇතුලු මධ්‍යම පන්තික කල්ලි විසිනි. ඔවුහු, කම්කරු පන්තිය ධනේශ්වරයේ සෑම කොටසකින්ම දේශපාලනිකව ස්වාධීන කර දුගී ජනයා හා තරුනයන් තමන් වටා රැලි කරගනිමින් සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් කිරීම සඳහා බලමුලු ගැන්වීමට විරුද්ධව සිටිති.
ඔහු සිය ලිපියේ මෙසේ කියයි: “ප්රජාතන්ත්රවාදයේ මූලික ප්රශ්නය අධිරාජ්‍ය විරෝධය නොව ජාතික සමගිය, පොදු ජාතිකත්වයක් ගොඩනැගීම[ය] යන කාරනාව තේරුම් නොගෙන එය අවුල් කර ගැනීමයි. සියවසකට පෙර සටන්පාඨ දැන් දැමීමෙන් වැඩක් නෑ. ගෝලීය ධනවාදය ගලාගියේ පන්ති සහයෝගයක් උඩ තැචර්ලා රේගන්ලා කල දේට වඩා මානව හිමිකම් තලයේ ගොඩනැගුනු සංහිඳියාව ගෝලීය ධනවාදය තහවුරු වීමට හේතු වුනා... මිනිස් ශ්‍රමය වඩා විටිනා කමකට යන යුගයක් උදාවුනා. හැමදේම සුලභ කලා. හොඳම එක නොවුනත් ඒකෙම දුප්පත් නිමැයීම අපට ලබා දුන්නා. ඒ අනුව හැමදේම හැමදෙනාටම දෙන යුගයක් උදාවුනා.”
ගෝලීය ධනවාදය හා එහි රුදුරු ගහල පාලකයන් ගැන මේ තරම් ස්තෝත්රයක් ලිවීමට ධනපති පාලකයෙක් වුව පැකිලෙනු ඇත. අධිරාජ්‍යවාදයට විරුද්ධ සටනක් දැන් නැති බව ප්‍රකාශ කරමින් කරුනාරත්න එය දීන ලෙස ආරක්ෂා කරන්නේ අධිරාජ්‍යවාදී බලයන් තම රටවල ද ජාත්‍යන්තරව ද සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් මැඩීමට නිර්දය ලෙස හැරී සිටින තත්ත්වයක ය. ගත වූ අවුරුදු 27 තුල එනම්, 1991 සිට එක්සත් ජනපදය අවශේෂ ප්‍රධාන බලයන්ගේ ද සහයෝගය ඇතිව එක් යුද්ධයකට පසු තව එකක් ගෙනයමින් සිදු කල යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය ආවරනය කෙරුනේ ත්රස්තවාදට එරෙහි යුද්ධය හා මානව හිමිකම් රැකීමේ මෙහෙයුම්වල නාමයෙනි.
එමෙන්ම ඔහු “හොඳ ම දේ නොවුනත් හැමදේම දෙන යුගයක්” හා “ශ්‍රමය වඩා වටිනාකමකට යන යුගයක්” ගැන කතා කරන්නේ, ගෝලීය ධනවාදය සමාජ අසමානතාව පෙර නොවූවිරූ ලෙස ගැඹුරු කරමින් පවතින තත්ත්වයක ය. ලෝකයේ පොහොසත්ම සියයට 1, ගෝලීය වත්කම්වලින් හරිඅඩක් මඩිගසා ගෙන සිටින්නේ අතිමහත් බහුතර ජනතාව දරිද්‍රතාවයේ ගිල්වමිනි.
ලෙනින්ට එරෙහිව කාල් කෞට්ස්කිගේ වැරහැලි න්‍යායන්
මෙම දේශපාලන තක්කඩියා “සිය වසකට පෙර සටන් පාඨ” ලෙස නම් කරන්නේ ලෙනින් අධිරාජ්‍යවාදයේ ප්රතිගාමී ප්රහාරයන්ට එරෙහිව සටන් කිරීමට ඉදිරිපත් කල ක්‍රියා මාර්ගික මග පෙන්වීමයි. කරුනාරත්න මේ සඳහා වැලඳගෙන ගෙන සිටින්නේ අධිරාජ්‍යවාදය “ධනවාදයේ අවධියක්ය” යන්න ප්‍රතික්ෂේප කොට එය මුල්‍ය ප්රාග්ධනයේ “අභිරුචි” පිලිවෙතක් ආදී වසයෙන් හඳුන්වමින් සිය වසකට පෙර ඊට ක්ෂමලාප ලියු කාල් කෞට්ස්කිගේ වැරහැලි න්‍යායන්ය.
එම න්‍යායන් ඉදිරිපත් කරමින් කෞට්ස්කි කල පාවාදීම් ගැන ලෙනින් මෙසේ සඳහන් කලේය:
කෞට්ස්කිගේ නිර්වචනය න්‍යායික වසයෙන් ගත් කල තරයේම ව්‍යාජ එකකි. අධිරාජ්‍යවාදයේ ලක්ෂනය වන්නේ කාර්මික ප්රාග්ධනයේ පාලනය නොව මූල්‍ය ප්රාග්ධනයේ පාලනයයි, කෘෂිකාර්මික රටවල් ඈඳා ගැනීම නොව, විශේෂයෙන්ම, සෑම ආකාරයකම රටවල් ඇඳා ගැනීමෙනි. කෞට්ස්කි අධිරාජ්‍යවාදී දේශපාලනය අධිරාජ්‍යවාදී ආර්ථිකයෙන් වියෝ කරයි, ඔහු දේශපාලනයේ ඒකාධිකාරය ආර්ථිකයේ ඒකාධිකාරයෙන් වෙන් කරයි. ඔහු එසේ කරන්නේ, “අවිහරනය”, “අති-අධිරාජ්‍යවාදය” වැනි ග්‍රාම්‍ය ධනේශ්වර ප්රතිසංස්කරනවාදයට ඉඩ සැලසීමටයි. මෙම න්‍යායික ව්‍යාජයේ සමස්ත පරමාර්ථය සහ අර්ථභාරය නම් අතිශය ප්රගාඪ වූ අධිරාජ්‍යවාදයේ පරස්පරවිරෝධයන් වහංගු කිරීම හා එනයින්, අධිරාජ්‍යවාදයේ ක්ෂමාලාපකයන්, රිජු සමාජ-ජාත්‍යෝන්මාදවාදීන් සහ අවස්ථාවාදීන් සමග “එකමුතුවීමේ” න්‍යාය යුක්තිසහගත කිරීමයි. (Lenin Collected Works ලෙනින් එකකුකල කෘති, වෙලූම 23, Imperialism and the Split in Socialism, 107 පිටුව, 1916 ඔක්තෝබරයේ ලියන ලද්දකි).
“‘මුල්‍ය ප්රාග්ධනය ප්රයත්න දරන්නේ නිදහස සඳහා නොව අධිපත්‍යය සඳහා ය.’ අධිරාජ්‍යවාදයේ ගතිලක්ෂනය නම් ඉහවහා ගිය ප්රතිගාමිත්වයයි” (එම., පි. 106) යනුවෙන් එම ලියවිල්ලේ ම ලෙනින් සඳහන් කලේය.
ලෙනින්ගේ විශ්ලේශනයට හසු කෙරුනු අධිරාජ්‍යවාදය සිය වසක් ගෙවෙන තැන, මුල්‍ය ප්රාග්ධනයේ අධිකාරය ලොව පුරා දැවැන්තව පතුරුවා ගෙන ඇත, විශේෂයෙන්ම, 2008 මුල්‍ය අර්බුදයෙන් පසු පරපුටු මුල්‍ය ප්රාග්ධනය සැබෑ නිෂ්පාදනයෙන් තවතවත් ඈත්වී සමපේක්ෂනයෙන් ලාභ ගසාකන කතිපයාධිකරයන් ලෙස අධිරාජ්‍යවාදී රටවල සිට ක්‍රියාත්මක වේ.
තම ලෝක තත්වය පිරිහී ගිය තතු යටතේ ඇමරිකානු පාලක පන්තිය ලෝක ආධිපත්‍ය සඳහා යුදවාදී ධාවනයක් අරඹා රුසියාව හා චීනය ඉලක්ක කරගෙන මිලිටරි සැලසුම් ගෙන යන අතර අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් තමන්ගේ පංගුව සඳහා තරඟයට පිවිසීම අරඹා ඇත. මින් මතුවී ඇත්තේ න්‍යෂ්ටික අවිවලින් මානව වර්ගයා වෙත විනාශය ගෙන එන තුන්වන ලෝක යුද්ධයක තර්ජනයයි.
ගෝලීය ධනවාදය, කරුනාරත්න පින්තාරු කරන්නාක් මෙන්, අධිරාජ්‍යවාදයට එහා ගිය ආර්ථික හා දේශපාලන ප්රජාතන්ත්රවාදයේ අවධියක් නොවේ. 1968-1975 දක්වා පැනනැගුනු මහා විප්ලවවාදී අරගල ස්ටැලින්වාදයේ, සමාජ ප්රජාතන්ත්රවාදයේ හා වෘත්තීය සමිතිවල පාවාදීමෙන් කම්කරු පන්තිය පරාජයන්ට ලක් කර ගැනීමෙන් පසු ලාභ රේට්ටුව ඉහල දමා ගැනීම සඳහා අතිරික්ත වටිනාකම් සූරාකෑමේ නව විධීන් අත්කර ගැනීමට දියත් කෙරුනු ධාවනයේ දී නිෂ්පාදන තාක්ෂනයේ නව වෙනස්කම් වලට මුලපිරුනි.
රීගන් හා තැචර් ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කම්කරු පන්තියේ තීරනාත්මක කොටස් පරාජයට පත් කරමින් ඇරඹූයේ ලාභ සූරාකෑමේ මෙම ප්‍රහාරය සඳහා කොන්දේසි සකස් කිරීමයි. එය, අනෙක් අතට, කම්කරු පන්තිය අතීතයේ දිනාගත් සමාජ අයිතීන් ධනපති පන්තිය වෙත ආපසු ඇදගැනීමේ රුදුරු පියවර සමග සම්බන්ධ විය.
“ගෝලීය ධනවාදය ගලා ගියේ පන්ති සහයෝගතාවක් උඩ” යයි කරුනාරත්න උද්දාමයෙන් පවසයි. එය නම් සත්‍යයකි. එනම් ගෝලීය ධනවාදය ලාභ සඳහා රුදුරු ප්‍රහාරය දියත් කලේ කම්කරු අරගල යටපත් කිරීමට ක්‍රියා කල වෘත්තීය සමිති හා නසසප බඳු අවස්ථාවාදීන්ගේ පන්ති සහයෝගිතාව මත ය.
නිෂ්පාදනයේ ගෝලීයකරනය තුල ජාතිකවාදී පිලිවෙත් වැලඳගත්තා වූ වෘත්තීය සමිති හා අවස්ථාවාදීන්ගේ සංවිධාන ලෝකය පුරා සැරිසරන මූල්‍ය ප්රාග්ධනයේ ආවතේව කාරයන් බවට පරිවර්තනය වී ඇත. සෝවියට් සංගමය ඇතුලු රටවල ජාතිකවාදී ආර්ථිකයන් බිඳවැටුුනු තතු යටතේ බලයේ සිටි ස්ටැලින්වාදී නිලධාරි තන්ත්රයන් ඒවා විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීමට පැන ගත්තේය.
ධනපති බුද්ධිමතුන් ස්ටැලින්වාදී නිලධාරී පාලනයන් බිඳවැටීම සමාජවාදයේ බිඳවැටීමක් ලෙස අර්ථ දක්වමින් අධිරාජ්‍යවාදය වැලඳ ගත්හ. ලංකාව තුල එලෙස ගෝලීය ධනවාදය විවෘතව බදාගත් අවස්ථාවාදී සංවිධාන හා පුද්ගලයන් අතර නසසප හා කරුනාරත්න ද සිටී.
ගෝලීය ධනවාදය, මානව හිමිකම් රකින යුගයක් ලෙස නසසප නායකයා කරන අවධාරනය ව්‍යාජ වම අධිරාජ්‍යවාදයට සුදුහුනු ගාමින් ඉටුකරන ක්‍රියාකලාපයේ තවත් පැත්තක් පෙන්නුම් කරයි. ඔහු හුවා දක්වන එජා මානව හිමිකම් කොමිසම අධිරාජ්‍යවාදී බලයන්ගේ හොර කුස්සියකි. තම රටවල් ගැනකල සීමිත විවේචන කෙලපිඩක් ලෙස ඉවත දැමූ ඇමරිකාව ප්රමුඛ බලයන් මානව හිමිකම් කවුන්සිලය යොදා ගත්තේ තමන්ට අවනත නොවන පාලන තන්ත්ර පෙරලා දැමීමට හා තලා දැමීමට යෝජනා ඉදිරිපත් කරමින් ක්‍රියා කල ආයතනයක් ලෙසයි. ඇමරිකාව හා අනෙකුත් බලයන් බෝල්කන්හි, ලිබියාවේ හා සිරියාවේ හා තවත් තැන්වල කල ම්ලේච්ච මිලිටරි මැදිහත්වීම් වලට නසසප හා එහි ජාත්‍යන්තර පැබ්ලෝවාදී සගයන් සහයෝගය දුන්නේ ඒවා මානුෂික අයිතීන් රැකීමේ මෙහෙයුම් ලෙස පින්තාරු කරමිනි.
2015 ජනවාරි 8 දා රාජපක්ෂ ආන්ඩුව තන්ත්ර මාරුවකින් වෙනස් කිරීමට වොෂින්ටනය ප්රමුඛ වී මානව හිමිකම් කවුන්සිලය හරහා මැදිහත් වූයේ ද මානව හිමිකම් උල්ලංඝනය පෙරට දමාගෙන ය. රාජපක්ෂගේ ප්රජාතන්ත්ර විරෝධී පාලනයට ද වර්ගවාදී යුද්ධයට ද සහයෝගය දුන් මෙම බලවතුන් පසුව ඔහුට සතුරු වූයේ බේජිනය සමග ඔහුගේ සමීප සබඳතාවලින් ලංකාව ඉවත්කර තමන්ට පක්ෂ ආන්ඩුවක් ලෙස සිරිසේන බලයට ගෙනවුත් චීනයට එරෙහි යුද සූදානමට දිවයින ගැටගසා ගැනීමට ය. කරුනාරත්න පෙලගැසී සිටින්නේ මෙම සැලසුම් ගෙනයන අධිරාජ්‍යවාදී කඳවුර සමගය.
“නොනවතින විප්ලව න්‍යාය”ට එරෙහිව
ට්‍රොට්ස්කි ඉදිරිපත් කල නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගයට සටන් කිරීමට එරෙහිව මෙම පැබ්ලෝවාදියා හඬ තලන්නේ එය “ගතානුගතික පින්තූරයක් කරේ දමාගෙන නාඩගම් නැටීමක්” ලෙසය. ඔහුගේ මෙම දුෂ්ට ප්‍රහාරයට හොඳ හේතුවක් තිබේ. එය නම්, පසුගාමී රටක වුව, දියුනු රටක වුව ධනපති පන්තිය සමග මොනම සම්මුතියකට හෝ ට්‍රොට්ස්කි විරුද්ධවීම සහ සමාජවාදය සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් කිරීම අවධාරනය කල නිසාය.
ට්‍රොට්ස්කි නොනවතින විප්ලවය මෙසේ පෙන්වා දුන්නේය:
“2. පමාවී සිදුවන ධනේශ්වර වර්ධනයන්ගෙන් යුතු රටවල් සම්බන්ධයෙන් නොනවතින විප්ලවය ඉස්මතු කරන කරුන වන්නේ, එම රටවල ප්රජාතන්ත්රවාදය හා ජාතික විමුක්තිය දිනා ගැනීමේ කර්තව්‍යයන්ට පරිපූර්නවුත් අව්යාජවුත් විසඳුමක් ඇතිවිය හැක්කේ යටත්වූ ජාතියේ නායකයා වසයෙන්--අන් සියලටමත් වැඩියෙන් ගොවි ජනයාගේ නායකයා වසයෙන්-- නිර්ධන පන්තිය පිහිටුවන ඒකාධිපතිත්වය තුලින්ම පමනකි යන්නයි.
“8. ප්රජාතන්ත්රවාදී විප්ලවයේ නායකයා හැටියට බලයට පත්වන කම්කරු පන්ති ඒකාධිපතිත්වය නොවැලැක්විය හැකි ලෙසත් ඉතා ඉක්මනිනුත් ධනේශ්වර දේපොල අයිතීන් තුලට ගැඹුරු ලෙස කපාගෙන යාම හා සම්බන්ධිතව සපුරාලිය යුතු කර්තව්‍යයන්ට මුහුන දෙයි. ප්රජාතන්ත්රීය විප්ලවය කෙලින් ම සමාජවාදී විප්ලවය කරා වැඩෙයි. ඒ අනුව එය නොනවතින විප්ලවයක් වෙයි.” [ලියොන් ට්‍රොට්ස්කි, නොනවතින විප්ලව න්‍යායට හැඳින්වීමක් (කම්කරු මාවත ප්රකාශනයකි)]
ට්‍රොට්ස්කි ඉන් අනතුරුව එය ජාත්‍යන්තර විප්ලවයක් කරා වර්ධනය වීමේ සුවිශේෂ ක්‍රියාවලිය ගැන සඳහන් කරයි. මාක්ස් විසින් 1848 තරම් ඇත දී සඳහන් කලාවූ ද, 1905 ට්‍රොට්ස්කි විසින් න්‍යායක් ලෙස වර්ධනය කලා වුද 1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවයෙන් සනාථ කෙරුනා වුද නොනවතින විප්ලවයේ ක්‍රියා මාර්ගය එයයි. සමාජවාදී විප්ලවය සඳහා මග පෙන්වීමේ මෙම ක්‍රියා මාර්ගයට පරිපූර්න සතුරු ලෙස නසසප නායකයා ධනපති පන්තියේ ඒ හෝ මේ කල්ලියට මුක්කු ගැසීමේ සූත්‍රයක් ජප කරයි. නොනවතින විප්ලවය යනුවෙන් ඔහු සඳහන් කරන්නේ ධනවාදය නොනැවත අඛන්ඩව පවත්වා ගෙන යාමයි.
ධනපති පක්ෂවල, විශේෂයෙන්ම පසුගිය දශක එක හමාර තුල වික්‍රමසිංහ ගේ එජාපයේ ගැත්තෙකු වූ කරුනාරත්න ධනේශ්වරයෙන් බිඳීමට, කම්කරු පන්තිය බලය ගැනීමට හා සමාජවාදය සඳහා සටනට මුලුමනින්ම සතුරුය. ඔහු ඒ නිසා මහජනයා “ජාතික සමගිය” හා “ජාතිකත්වය” ගොඩනැගීමේ නමින් ඒ ඒ රටේ අධිරාජ්‍ය ගැති ධනපති පන්තීන්, ලංකාවේ නම් වත්මන් ආන්ඩුව, පිටුපස ගාල්වීම අවධාරනය කරයි. ඔහු වැලඳ ගෙන සිටින පසුගාමී රටවල පාලක පන්ති ජාතික හා ආගමික රේඛා ඔස්සේ කම්කරුවන් හා දුගීන් භේද කර මඩිමින් ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයට හොඳම කොන්දේසි හදමින් සිටියි. අතීතය පසෙකින් තැබුවත් ලංකාවේ සිරිසේන-වික්‍රමසිංහ කල්ලියත් රාජපක්ෂ කල්ලියත් ඊට හොඳම උදාහරනයන් ය.
ඔහු බර්නි සෑන්ඩර් හා ජෙරමි කෝබින් හඳුන් වන්නේ නිර්ධන පන්ති බලයේ ප්රකාශනයක් ලෙසය. සෑන්ඩර්ස් අධිරාජ්‍යවාදී ඩිමොක්රැටික් පක්ෂයේ නායකයෙකි. කෝබින් අධිරාජ්‍යවාදී ලේබර් පක්ෂයේ නායකයා ය. දෙදෙනාම දෙරටේ අධිරාජ්‍යවාදය රැකීමට කැප වූ පක්ෂවලට කම්කරුවන් ගැටගැසීම සඳහා පෙරට දැමූ පුද්ගලයෝ වෙති. ඔහුගේ මෑතම සොයා ගැනීමට අනුව ධන කුවේර අන්ත දක්ෂිනාන්ශිකයෙක් ලෙස ඇමරිකාවේ කම්කරු පන්තියට, සංක්රමනිකයන්ට හා තරුනයන්ට එරෙහි ප්‍රහාර උසිගන්වන ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිර්ධන පන්තියේ බලයට අවනතව පියවර ගන්නෙක් බවට පත්ව ඇත (ලක්බිම, නිනව්ව, අප්‍රේල් 22)
කරුනාරත්න හා නසසප, නිර්ධන පන්ති විප්ලවයට සතුරුව ජාත්‍යන්තරවම පැනනැගී ඇති ව්‍යාජවාම ඉහල මධ්‍යම පන්තියේ කල්ලි කන්ඩායම්වල ලාංකික නියෝජනයයි. ධනපති පන්තිය වෙනුවෙන් සූත්‍ර ගොතන මෙවන් කඳ පනුවන්ට එරෙහිව කම්කරුවන්, තරුනයන් හා ප්රගතිශීලී බුද්ධිමතුන් හැරිය යුත්තේ රුසියානු සමාජවාදී විප්ලවයේ නායකයන් වූ ව්ලැඩිමීර් ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කි ලෝක සමාජවාදී විප්ලවය සඳහා ගෙන ගිය අරගලයට ය.
Follow us on