ඔක්තෝබර් විප්ලවය තුල ලෙනින්, ට්‍රොට්ස්කි හා මාක්ස්වාදයේ කාර්යභාරය
Lenin, Trotsky and the Marxism of the October Revolution
ඩේවිඩ් නෝර්ත් විසිනි , 2018 මාර්තු 19
ලිප්සිග් පොත් ප්‍රදර්ශනයට සහභාගී වීමට ද ලිප්සිග් විශ්වවිද්‍යාලයේදී කථා කිරීමට ද මට ලැබුනු අවස්ථාව ගැන සතුටු වන්නෙමි. පොත් ප්‍රදර්ශනයේදී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශකයින් වන මේරිංග් ප්‍රකාශකයින්, රුසියානු විප්ලවයේ ශත සංවත්සරය නිමිත්තෙන් පල කරන ලද, වෙලුම් දෙකකින් යුත් දේශන හා ලේඛන ඉදිරිපත් කරන ලදී. ඒවායේ මාතෘකාව වූයේ, “රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද” යන්නයි. එකී වෙලුම්වල අඩංගු තොරතුරු වලින් එම ප්‍රශ්නයට පිලිතුරු සැපයෙනු ඇති බව මගේ විශ්වාසයයි.
කෙටියෙන් කිවහොත් ගෙනහැර දක්වන ලද මූලික ප්‍රවාද වන්නේ පලමුවෙන්, රුසියානු විප්ලවය 20 වන සියවසේ වඩාත්ම තීරනාත්මක සිද්ධිය වන බවයි; දෙවැනුව, 21වන සියවසේ මානව වර්ගයා දැන් මුහුනදෙන ගෝලීය පරිමානයේ අර්බුදය ප්රගතිශීලී ආකාරයකට විසඳිය යුතු නම්; එනම්, ධනපති ක්‍රමය අවසන් කර කම්කරු බලය පිහිටුවා, ලෝක ආර්ථිකය ප්රජාතන්ත්රවාදී, සමානාත්මතාවාදී හා විද්‍යාත්මක ලෙස සමාජවාදී පදනමක ප්‍රතිසංවිධානය කල යුතු නම්, මේ විප්ලවයේ පාඩම් අධ්‍යයනය කල යුතු බවයි.
ඔක්තෝබර් විප්ලවය, 1917දී රුසියානු කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ දැවැන්ත සමාජ නැගිටීමක කුලුගැන්වීම විය. එය එක් අති මූලික අර්ථයකින් අද්විතීය වූ ද, අදට ද අද්විතීය වන්නා වූ ද එකකි: ඒ කවරේද යතහොත්; එය, කම්කරු පන්තිය විසින් දැනුවත්ව, ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලක් සහ ඉදිරිදර්ශනයක් මත පදනම් වූ මාක්ස්වාදී පක්ෂයක නායකත්වය යටතේ, සිදුකරන ලද පලමු විප්ලවය ද, අද දින දක්වාම ඇති වූ එම වර්ගයේ එකම විප්ලවය ද වෙයි.
රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද යන පලමු වෙලුම තුල පල කල, පසුගිය මාර්තුවේදී රුසියානු විප්ලවය පිලිබඳව පවත්වන ලද, මගේ පලමු දේශනයෙන් උපුටා දැක්වීමට මට අවසර ද?
රුසියානු විප්ලවය, විද්‍යාත්මක සමාජ චින්තනයේ වර්ධනය තුල එක් තීරනාත්මක සංසිද්ධියක් ලෙස බැරෑරුම් අධ්‍යයනයක් ඉල්ලා සිටියි. බොල්ශෙවිකයන් විසින් 1917දී අත්කරගත් ඓතිහාසික ජයග්‍රහනය, විප්ලවවාදී භාවිතය හා විද්‍යාත්මක භෞතිකවාදී දර්ශනවාදය අතර අත්‍යවශ්‍ය සම්බන්ධය පෙන්නුම් කර දෙමින් එය සාක්ෂාත් කලේය.
බොල්ශෙවික් පක්ෂයේ පරිනාමය විසින්, කල යුත්තේ කුමක් ද කෘතිය තුල එන, “විප්ලවවාදී න්‍යායකින් තොරව විප්ලවවාදී ව්‍යාපාරයක් පැවතිය නොහැකිය” යන ලෙනින්ගේ ප්‍රකාශය සනාථ කෙරෙයි. ලෙනින් නිරන්තරයෙන් අවධාරනය කල පරිදි මාක්ස්වාදය, දර්ශනවාදී භෞතිකවාදයේ අතිශයින්ම සංවර්ධිත රූපාකාරයයි, එය, ප්රධානකොටම හේගල්ගේ සම්භාව්‍ය ජර්මානු විඥානවාදයේ අව්‍යාජ ජයග්රහනයන් විවේචනාත්මකව යලි අගැයීමක් හා උකහා ගැනීමකි. (එනම් වෛෂයික යථාර්තය පිලිබඳ ඥානය තුල ඓතිහාසිකව පරිනාමය වන සමාජ භාවිතයේ සජීවී ක්‍රියාකලාපය හඳුනාගැනීම හා අපෝහක තර්කනයයි.)
අන් කිසිදු විප්ලවයක, මාක්ස්වාදී න්‍යාය හා කම්කරු පන්තියේ විප්ලවවාදී භාවිතාව අතර එවන් දැනුවත් හා නිශ්චිත සම්බන්ධතාවක් නොතිබුනි. මෙම සම්බන්ධතාවය වඩාත් නිශ්චිත ලෙස පැහැදිලි කිරීම පිනිස, 2018 වසරේදී අප අනුස්මරනය කරන වැදගත් ඓතිහාසික සංවත්සරයන් ගැන සලකා බැලීම අත්‍යවශ්‍යය.
කාල් මාක්ස්ගේ උපතෙන් 200 වන සංවත්සරය මේ වසරට යෙදී ඇත. එසේම මෙය, කොමියුනිස්ට් ප්රකාශනය පල කිරීමේ 170 වන සංවත්සර වර්ෂයයි. සියලූ ශ්‍රේෂ්ඨ දර්ශනවාදීන් අතුරෙන් කිසිවෙකුත් කාල් මාක්ස් තරම් බලගතු හා සෘජු ලෙස අපේ යුගයට කථාකරන්නේ නැත. ඔහුගේ කෘතීන් වටහාගත හැකි නවීන භාෂාවකට “යලි පරිවර්තනය” කිරීමේ අවශ්‍යතාවක් නැත. ලසාල් වෙත 1858දී යවන ලද ලිපියක් තුල මාක්ස් මෙසේ සටහන් කලේය, “තමන්ගේ වැඩකටයුතු ක්රමානුකූල ක්‍රමයකට සිදුකරන දර්ශනවාදීන් සම්බන්ධයෙන් ගත් කල පවා, නිදසුනක් ලෙස ස්පිනෝසා ගනිමු, තෙමේ විසින් දැනුවත්ව ඉදිරිපත් කරනු ලබන රූපාකාරය, ක්රමයේ සැබෑ අභ්‍යන්තර ව්‍යුහයට ගැලපෙන්නේ නැත.”
ඊට සපුරා වෙනස් ලෙස මාක්ස්(ගේ කෘතීන්) තුල, එය ප්රකාශනය වන දර්ශනවාදියාගේ ක්රමයේ “සැබෑ අභ්‍යන්තර ව්‍යුහය” ද, එම ප්රකාශනය අත්පත් කොට ගෙන ඇති ආකෘතිය ද අතර කැපී පෙනෙන අනුරූපතාවයක් පවතියි. හේගල්ගේ ‘නීතිය පිලිබඳ දර්ශනවාදය’ ගැන ඔහුගේ විවේචනයෙන් පටන්ගෙන මාක්ස්, න්‍යායික චින්තනය දර්ශනවාදී විඥානවාදයේ ගූඪ අන්ධකාරයෙන් විමුක්ත කර ගැනීමෙහි යෙදී සිටියේය. රාඋල් පෙක්ගේ තරුන මාක්ස් කෘතියේ අපූරු අවස්ථාවක් හමුවේ. ඒ එංගල්ස්, මුලුමනින්ම තමා හා නොඑකඟ වන විප්ලවවාදී මාධ්‍යවේදියා සමග, “ඔබ අපගේ යුගයේ ශ්‍රේෂ්ඨතම භෞතිකවාදී දාර්ශනිකයාය. මගේ දයාබර මිනිසානෙනි, ඔබ සුධීමතෙකි” යනුවෙන් (මාක්ස් ගැන) පවසන කලය.
එංගල්ස් විශේෂයෙන් සඳහන් කරන්නේ හේගල්ගේ ‘නීතියේ දර්ශනවාදය’ පිලිබඳ මාක්ස්ගේ විවේචන සම්බන්ධයෙනි. 1843දී කරන ලද මෙම විවේචන වලදී මාක්ස්, හේගල්ගේ දාර්ශනික විඥානවාදයේ මූලික ගැටලු කෙරේ අවධානය යොමු කරයි:
දර්ශනවාදී මූලාංගය වන්නේ, කාරනය පිලිබඳ තර්කය නොව තර්කය පිලිබඳ කාරනයයි. තර්කය රාජ්‍යය තතු සනාථ කිරීම වෙනුවෙන් සේවය නොකරන අතර රාජ්‍යය තතු තර්කය සනාථ කිරීමට යෙදේ.
එනම්, හේගල් තතු හා එහි නියාමයන් ව්‍යුත්පන්න කොට ගන්නේ ශුද්ධ චින්තනයේ චලනයෙනි, තර්කනයේ වියුක්ත ප්‍රවර්ගයන්හි ස්වයං චලනයෙනි. මෙය, ද්‍රව්‍යය හා විඥානය අතර සැබෑ සම්බන්ධතාවය විඥානවාදී දර්ශනවාදී ක්ෂේත්රය තුල ප්රතිලෝමකරනයට භාජනය කිරීමක් විය. හෙගලියානු පද්ධතිය පිලිබඳ විචාරය, විඥානයට ඉහලින් ද්‍රව්‍යයේ ප්රාථමිකත්වය තහවුරු කරන්නා වූ; එනම්, විඥානය ද්‍රව්‍යමය විශ්වයේ චලනයන් පිලිබිඹු කරන බව හා එයින් ව්‍යුත්පන්න කෙරෙන බව තහවුරු කරන්නා වූ; දාර්ශනික භෞතිකවාදය කරා පෙරලා පැමිනීමක් ඉල්ලා සිටියේය. හේගල්ගේ විඥානවාදය පිලිබඳ මාක්ස්ගේ විචාරය - අප විසින් මෙහොතකට පෙර සඳහන් කරන ලද සිද්ධියේදී එංගල්ස් එය වර්නනා කරන්නේ, ප්‍රකට කියමනක් වන “හේගල් දෙපයින් සිටවීම” ලෙසය- 1844-1847 අතර කාලයේ මාක්ස් හා එංගල්ස් දෙදෙනා එකතුව සාක්ෂාත් කල සමාජ ඓතිහාසික හා දේශපාලන චින්තනයේ විප්ලවය සඳහා න්‍යායික පදනම දැමීය.
(වසර 80ක් යන තෙක්ම ප්‍රකාශයට පත් නොකරන ලද නමුදු,) 1845දී රචනා කරනු ලැබූ ජර්මානු දෘෂ්ටිවාදය කෘතිය තුල මාක්ස් හා එංගල්ස්, තම ආචාර්යවරයාගේ අඩිපාරේම ගමන්ගත් තරුන හෙගලියානුවන්ගේ විඥානවාදයට ප්රතිවිරෝධීව සිය දාර්ශනික භෞතිකවාදය පිහිටවූහ:
ස්වර්ගයේ සිට මිහි මතට බට ජර්මානු දර්ශනවාදයට සපුරා පටහැනිව මෙහිදී එය, මිහි මතින් ස්වර්ගයට නැගී යන්නාවූ කාරනයක් විය. එනම් ලෙයින් මසින් සැදුනු මිනිසුන් කරා එලැඹීමේ දී, මිනිසුන් කියන, සංකල්පනය කරන, වටහා ගන්න දෙයින් හෝ, නැතහොත් ඔවුන් පිලිබඳව විස්තර කෙරෙන, සිතන ලද, සංකල්පිත, වටහා ගැනුනු දෙයින් හෝ නොව, සැබෑ ක්‍රියාකාරි මිනිසුන්ගෙන් සහ ඔවුන්ගේ සැබෑ ජීවිතයේ පදනමින් පටන් ගැනීමයි.
මෙම කර්තව්‍යයේ ප්‍රතිඵලය වූයේ, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය විස්තාරනය කිරීම, නූතන ධනේශ්වර ක්රමයේ චලනය පිලිබඳ නියාමයන් සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනය සඳහා එය යොදාගැනීම, එම න්‍යායික පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තිය දැනුවත් ලෙස දේශපාලනිකව සංවිධානය කිරීම හා, ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය හා උපායන් වර්ධනය කිරීමයි. මාක්ස් 1859දී ලියන ලද Preface to a Critique of Political Economy (දේශපාලන ආර්ථිකය පිලිබඳ විචාරයේ පෙරවදන )තුල, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය ඔහු සැකෙවින් සාරාංශගත කලේය:
සිය සමාජ නිෂ්පාදනය තුලදී මනුෂ්‍යයෝ, නොවැලැක්වියහැකි වූ ද සිය කැමැත්තෙන් ස්වාධීනවූ ද නිශ්චිත සම්බන්ධතාවන්ට; එනම්, ඔවුන්ගේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයේ යම් නිශ්චිත අදියරකට අනුරූප වන නිෂ්පාදන සබඳතාවලට; එලඹෙති. මෙම නිෂ්පාදන සම්බන්ධතාවන්ගේ සමස්ත ඓක්‍යයෙන් සමාජයේ ආර්ථික ව්‍යුහය සමන්විත වන්නේය, මෙම සැබෑ පදනම මතය, සමාජ විඥානයේ නිශ්චිත රූපාකාරයන්ට අනුරූප වන නීතිමය හා දේශපාලන උපරි ව්‍යුහය නැගී එන්නේ. පොදුවේ ගත් කල සමාජ, දේශපාලන හා බුද්ධිමය ජීවිතය සකසන්නේ ද්‍රව්‍යමය ජීවිතයේ නිෂ්පාදන මාධ්‍යයන්ය. මිනිසාගේ පැවැත්ම ඔහුගේ විඥානය විසින් තීරනය කෙරෙනු නොව, ඊට සපුරා පටහැනි අයුරින් ඔවුන්ගේ සමාජ පැවැත්ම මගින් ඔවුන්ගේ විඥානය තීරනය කරයි.
සිය ජීවිත කාලය පුරාම මාක්ස්, තම න්‍යායික වැඩකටයුතු වල ද්‍රව්‍යමය පදනම් මත අවධාරනය යෙදීය. 1867දී පල කල ද Das Kapitalදාස් කැපිටාල් (ප්රාග්ධනය) පලමු වෙලුමේ සිය හැඳින්වීමේදී මාක්ස් මෙසේ පැහැදිලි කලේය:
මගේ අපෝහක විධික්රමය හෙගලියානු ක්‍රමයෙන් වෙනස් වනවා පමනක් නොව, එය එහි පූර්න ප්රතිවිරුද්ධය ද වේ. හේගල්ට අනුව මිනිස් මොලයේ ජීවන ක්‍රියාවලිය; එනම්, ස්වාධීන විෂයක් බවට පවා ඔහු පරිවර්තනය කරන්නා වූ, “අදහස” යන නමින් පවතින චින්තන ක්‍රියාවලිය; සැබෑ ලෝකය පිලිබඳ විශ්වනිර්මාපකයෙක් වන අතර, සැබෑ ලෝකය යනු හුදු “අදහසේ ම” පරිබාහිර අසිරිමත් ආකාරය පමනි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස මගේ විධික්රමය තුල, කල්පිතය යනු මිනිස් මනස මගිින් පිලිබිඹු කරනු ලැබ චින්තනයේ ආකෘතින්ට පරිවර්තනය කෙරුනු ද්‍රව්‍යමය ලෝකයම විනා අනෙකක් නොවේ.
තම ද්‍රව්‍යවාදී දර්ශනවාදය හෙගලියානු හෝ දර්ශනවාදී විඥානවාදයේ වෙනත් කුමන හෝ වේවා ප්‍රභේදනයක් සමග සම්මුති ගැස්වීමේ සියලු ව්‍යායාමයන්ට මාක්ස් විරුද්ධ විය. 1868 දී තම සමීප මිතුරෙකුවූ ලුඩ්විග් කුගෙල්මාන්ට යැවූ ලිපියක මාක්ස්, Das Kapital දාස් කැපිටාල් කෘතිය හෙගලියානු රටාවක් මත පාදක වී යැයි ඉයුජින් ඩූරිං නම් තරුන මහාචාර්යවරයා කල ප්‍රකාශය සපුරාම ප්‍රතික්ෂේප කලේය:
මාගේ විවරන විධික්රමය හෙගලියානු නොවන බව ඔහු (ඩූරිං) හොඳින්ම දන්නා දෙයකි. මක්නිසා ද යත් මා භෞතිකවාදියෙකු වීමත් හේගල් විඥානවාදියෙකු වීමත් නිසාය. හේගල්ගේ අපෝහකය සියලූ අපෝහකයන්ගේ මූලික ආකෘතියයි. එහෙත් එය එසේ වන්නේ, එහි ගූඪ රූපාකාරයෙන් එය ගලවා ගැනීමෙන් පසුව පමනෙකි. හරියටම කිවහොත් මගේ විධික්රමය විශේෂිත වන්නේ මෙයිනි.
ධනේශ්වර ක්රමයේ ආර්ථික හා සමාජ ප්රතිඝතිතා පිලිබඳ සිය විශ්ලේෂනයේදී මාක්ස් හා එංගල්ස් විසින් භෞතිකවාදී සංකල්පය යොදාගැනීම, අන් කවර කලෙකටත් වඩා වත්මන් ලෝකය තුල සනාථ කෙරී ඇත. විශේෂයෙන්ම පසුගිය සියවස් කාල තුල ධනවාදයේ ගෝලීය ප්රසාරනය, නිත්‍ය හා අඛන්ඩව උත්සන්න වන අර්බුදයක තත්වය නිර්මානය කර තිබේ. සෝවියට් සංගමය හා යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්රයන් බිඳ වැටීමෙන් ඉක්බිත්තේ, “ඉතිහාසයේ අවසානය” නිවේදනය කල ෆුකුයාමාගේ නිබන්ධය, සිද්ධීන් විසින් ප්‍රතික්ෂේප වී ඇති බැව් ප්‍රකාශ කිරීමමත් යල් පිනූ දෙයක් බවට පත්ව තිබේ. මාක්ස් විසින් හෙලිදරව් කරන ලද සියලූ ප්රතිවිරෝධතා දැන් පෙර නොවූ විරූ තියුනු භාවයකින් යුතුව ප්‍රකට කෙරෙමින් පවතී. ධන සමුච්ඡුකරනය සමග අත්වැල් බැඳගෙන අසාමාන්‍ය පරිමානයක සමාජ අසමානතාවක් නිර්මානය කෙරී ඇත. ලෝකයේ දුසිම් කීපයක පුද්ගලයෝ සමස්ත ලෝක ජනගහනයෙන් හතරෙන් තුනක් සතු පංගුවටත් වැඩි ධනයක් අත්පත් කරගෙන පාලනය කරති. ධනපති සමාජයේ සැබෑ ස්වභාවය එහි අසාධාරනයන්, එයවිසින් උමතු ආකාරයෙන් පෞද්ගලික ධන සම්පත් රැස්කර ගැනීම මගින් අශෝභනම ජනතාවාදී විකට රූපයන් පවා ඉක්මවා ගොස් ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස හා විශ්‍රාම දිවිය වැනි සෑම තීරනාත්මක සමාජමය නිම්වලල්ලක් තුලම ධනපති සමාජය, පසුගිය සියවසේ සීමිත ප්රතිසංස්කරන පවා අතුගා දමමින් පසුපසට ගමන් කරයි.
වත්මන් තත්වය ගැන පාලක ප්‍රභූ තන්ත්රයන් විසින් කරන විස්තරයම ප්‍රමානවත් පැහැදිලි කිරීමකි. න්‍යෂ්ටික බලවතුන් අතර විනාශකාරී යුද්ධයක් ඇතිවීමේ ඉඩකඩ පුලුල් වශයෙන් පිලිගන්නා දෙයක්ව පවතී.
එසේ වුව ද ශාස්ත්රාලික ලෝකයේ ඉහල තැන්වල වැජඹෙන බුද්ධිමය නියෝජිතයින්ගේ සුලු ධනපති ව්‍යාජ වාම දේශපාලනය, ගෝලීය අර්බුදය මධ්‍යයේ මාක්ස්වාදයේ මලගම නිවේදනය කරයි. වාර්ගික, ස්ත්‍රීපුරුෂ භාවය සම්බන්ධ, ජාතික, මනෝවිද්‍යාත්මක, පාරිසරික විද්‍යාත්මක හා සත්තකින්ම ලිංගික ප්‍රශ්න වැලඳගෙන සිටින නිමක් නැති මහාචාර්යවරු, වර්තමානයේ පැනනැගී ඇති ගැටලු විසඳාගැනීමට මගක් මාක්ස්වාදයට සැපයිය නොහැකි බව අවධාරනය කරති. මාක්ස්වාදයේ න්‍යායික රාමුවෙන් පිටත පිලිතුරු සොයාගත යුතුය. සමකාලීන මාක්ස්වාදයට විවේචනාත්මක සහකරුවෙක් යන මාතෘකාවෙන් යුත් වෙලුමක් මෙසේ පවසයි:
අප තවදුරටත් පොර බදමින් සිටින්නේ, නෙරපා හැරීම් හා බේදභින්නවීම්වලට තුඩු දෙන පරිදි, මාක්ස්වාදය ඇතුලත විවිධ අර්ථදැක්වීම් අතර පවතින අර්බුදයක් සමග නොවේ ... අප මුහුනපා සිටින්නේ, පක්ෂ ලෙස හෝ අන් ආකාරයකින් හෝ නිල වශයෙන් හඳුන්වනු ලබන ආයතන අතුරුදහන් වීම මගින් ද, සංස්කෘතික නිම්වලලු තුලින් සාමූහික මතකයෙන් හා පුද්ගල පරිකල්පනයෙන් මැකී යාම මගින් ද කුලු ගන්වනු ලැබ ඇති මාක්ස්වාදයේ පැවැත්මම පිලිබඳ අර්බුදයකටය...
බෝර්ඩියුගේ පටන් හබර්මාස් හා ෆුකූ හරහා ඩෙරීඩා දක්වා අප ඉදිරිපත් කරන වඩාත්ම වැදගත් කතුවරුන්, කුමන ආකාරයකින්වත් මාක්ස්වාදීන් ලෙස හඳුනාගත නොහේ. අනෙක් අය ද සමග එවන් පුද්ගලයින් සරලවම ඕනෑම ප්රතිනිර්මානයක් සඳහා අත්‍යවශ්‍යක අය වෙති. ඔවුන් නියෝජනය කරන්නේ අපගේ සංස්කෘතිය තුල වෙනත් අංගයන්ය, ඒවා මාක්ස්වාදය ට උකහාගත නොහැකිය. එසේ වුවත් ඒවා අපට අගනා දේය.
මෙම වෙලුම සඳහා යෝග්‍යතම මාතෘකාව වන්නේ “සමකාලීන මාක්ස්-විරෝධීන්ට සහකරුවෙක්” යන්නයි. ප්‍රකාශකයින්, කතුවරුන් හා දායකයින් ‘මාක්ස්වාදයේ අර්බුදය’ විසඳීමට උත්සාහ කරන්නේ, එය, විඥානවාදී, අතාර්කිකවාදී හා විශේෂිතවම මාක්ස් විරෝධී චින්තනයේ විවිධ මාදිලීන් තුලට දියකර හැරීමේ පදනම මතය. මෙම ව්‍යාපෘතියට ඇතුලත් වන්නේ, සාවද්‍ය න්‍යායික සංකල්ප පමනක් නොවේ. ඊට යටින් දිවයන මාක්ස් විරෝධී න්‍යායික සංකල්ප, ප්රතිගාමී දේශපාලන ආස්ථානයෝ වෙති. ඒවා මුල්බැස ඇත්තේ, සුලු ධනේශ්වර කොටස් අතරිනුත් වඩාත්ම වරප්රසාදිත කොටස්වල අවශ්‍යතා තුලය. ඔවුන් ඔක්තෝබර් විප්ලවයේ සමස්ත න්‍යායික හා දේශපාලන උරුමයටම සතුරුය.
නිදසුනක් ලෙස, සමකාලීන ව්‍යාජ වමේ ප්රමුඛ ශාස්ත්රාලික නියෝජිතයෙක් වන ඇලේන් බාඩියු 2011දී මෙසේ ලිවීය:
මාක්ස්වාදය, කම්කරු ව්‍යාපාරය, මහජන ප්රජාතන්ත්රවාදය, ලෙනින්වාදය, කම්කරු පන්තියේ පක්ෂය, සමාජවාදී රාජ්‍යය යන 20 වන සියවසේ සියලු සොයාගැනීම් අපට තවදුරටත් සැබෑවටම ප්‍රයෝජනවත් වන්නේ නැත.
සුප්‍රසිද්ධ ව්‍යාජ වාම කීර්තිමතෙකු හා බුද්ධිමය ප්‍රතිරූපකයෙකු වන ස්ලාවෝ ජිජැක්, සිය අලුත්ම කෘතිය වන “ලෙනින් 2017: සිහිපත්කිරීම, පුනර්කරනය හා සොයා යාම” තුල මෙසේ පවසයි:
අපි එයට මුහුන දෙමු: අද ලෙනින් හා ඔහුගේ උරුමය පවතින්නේ වැදගැම්මකට නැති තරම් යල් පැන ගිය තැනකය. එය ඈවරවූ “සුසමාදර්ශයක” තැනට වැටී ඇත. ලෙනින්, පාරිසරික විද්‍යාව, ලිංගිකත්වයේ විමුක්තිය සඳහා අරගල වැනි වත්මන් ජීවිතයේ කේන්ද්‍රගත ගැටලු බොහොමයක් පිලිබඳව වටහා ගත හැකි පරිදි අන්ධවූවා පමනක් නොවේ. ඔහුගේ සාහසික දේශපාලන භාවිතය වත්මන් ප්රජාතන්ත්රවාදී සංවේදීතාවයන්ට අනුව මුලුමනින්ම යල්පැන ඇත, නව සමාජය රජය විසින් පවත්වා ගෙන යනු ලබන මධ්‍යගත කාර්මික පද්ධතියක් ලෙස සලකන ඔහුගේ දැක්ම සරලවම අනදාලය, යනාදි වශයෙනි?
මාක්ස්වාදය පිලිබඳ මේ විවේචකයෝ කිසිවෙකුත් විශ්වාසනීය කිසිදු න්‍යායික හා දේශපාලන විකල්පයක් ඉදිරිපත් නොකරති. මාක්ස්වාදය හා 20 වන සියවසේ අනෙකුත් “සොයාගැනීම් සැබවින්ම අපට තවදුරටත් කිසිලෙසකිනුත් ප්‍රයෝජනවත් නැතැයි” කියාපෑ එම බාඩියු මහතාම දෙවසරකට පසුව මෙසේ ලියයි: “අපගේ වත්මන් තත්වය පිලිබඳ සිතා බැලීමට හා එය පරිවර්තනය කිරීමට උත්සාහ කරන දේශපාලන ප්‍රවර්ග ව්‍යාපාරයන්ගේ බහුතරයක ක්‍රියාකාරීන් දැන් සිටින තත්වය මුලුමනින්ම පාහේ අක්‍රීයයි.” සුදුසු පරිදි මෙම රචනාවේ මාතෘකාව වී ඇත්තේ, “අපගේ වත්මන් බෙලහීනත්වය” යන්නයි.
වත්මන් ව්‍යාජ වමේ බුද්ධිමය බංකොලොත්කම ගැන සාකච්ඡුා කරන විට, තවත් සංවත්සරයක් ගැන මට අවධානය යොමු නොකරම බැරිය. මෙම වසර, 1968 වසරේ සිදුවීම්වල පනස්වන සංවත්සරය සනිටුහන් කරයි. 1968 යනු වියට්නාමයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව දියත් වූ අරගලය හා එම නව යටත්විජිත යුද්ධයට එරෙහිව ලෝකය පුරා ඇවිල ගිය ශිෂ්‍ය විරෝධතාවන්ගේ පටන්, ප්රන්සය තුල ධනවාදයේ පැවැත්මට තර්ජනයක් වූ 1968 මැයි-ජූනි සිද්ධීන් හා චෙකොස්ලොවේකියාව තුල ස්ටැලින්වාදයට එරෙහි ප්රාග් වසන්තය තෙක්, ලෝක පරිමානව හටගත් දැවැන්ත සමාජ නැගිටීම්වලට සාක්ෂ්‍ය දැරූ වසරක් විය.
එම තීරනාත්මක වසරේදී දේශපාලනිකව රැුඩිකලීකරනය වූ තරුනයින්ට, සිසුන්ට හා වාම බුද්ධිමතුන්ගේ පුලූල් කොටසකට බලපෑ න්‍යායික කටයුතු මොනවාද? සැබවින්ම මාක්ස්වාදය බොහෝකොටම ”සුලඟට මුසුව තිබුනි.” එහෙත් ඒ වනාහි, බොල්ශෙවික් පක්ෂයේ භාවිතයට පදනම සම්පාදනය කල මාක්ස්වාදයෙන් ප්රගාඪ ලෙස වෙනස්වූ න්‍යායික පදනම් හා දේශපාලන දිශානතියකින් යුත් ”මාක්ස්වාදයකි.” 1968 පරම්පරාවට බලපෑවේ, මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කිගේ ගුරුකුලය නොව, මැක්ස් හෝකයිමර්, තියඩොර් ඇඩෝනෝ, වෝල්ටර් බෙන්ජමින්, විල්හෙල්ම් රීක් හා ඒ සියල්ලන් අතුරින් වඩාත්ම කැපී පෙනුනු හර්බට් මාකියුස්ගේ, ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයයි.
ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයේ අංග ලක්ෂන දෙකක් අවධාරනය කිරීම අවශ්‍යය: පලමුවැන්න, කම්කරු පන්තිය කෙරෙහි හා ධනපති ක්‍රමයට එරෙහි එහි අරගලයේ වර්ධනය කෙරෙහි එහි නොතැකීම හා කැපී පෙනුනු සතුරුකමයි. ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයේ ඓතිහාසික අශුභවාදයේ හා සංශයවාදයේ අත්‍යවශ්‍ය අංගය වූයේ, ධනවාදයට එරෙහි අරගලයේදී කම්කරු පන්තියේ තීරනාත්මක විප්ලවවාදී භූමිකාව පිලිබඳ සම්භාව්‍ය මාක්ස්වාදී සංකල්පය ප්‍රතික්ෂේප කිරීමයි. මෙම අශුභවාදය, 1918-1933 අතර කාලයේ ජර්මානු කම්කරු පන්තිය ලත් පරාජයන් කෙරේ පලවූ විශ්වාසය භංග වීමේ ප්‍රතික්‍රියාව වී යයි දේශපාලනිකව පැහැදිලි කල හැකිය. හෝකයිමර් හා මාකියුස් වැනි බුද්ධිමතුන් සම්බන්ධයෙන් ගත් කල මේ පරාජයන්, සමාජ ප්රජාතන්ත්රවාදී හා කොමියුනිස්ට් පක්ෂ වැනි කම්කරු පන්තියේ දේශපාලන පක්ෂවල වැරදි හා පාවාදීම් වල ප්‍රතිපලය ලෙස පැහැදිලි කල නොහැකි අතර එය පැහැදිලි කල හැක්කේ කම්කරු පන්තියේ විප්ලවවාදී නොවන ස්වභාවයේ ප්රකාශනයක් ලෙසය.
1927 තරම් ඈතදී “ජර්මානු කම්කරු පන්තියේ බෙලහීනත්වය” යන හිසින් යුත් ලිපියක් තුල මැක්ස් හෝකයිමර් මෙසේ ලිවීය: “ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලිය ... සමාජවාදය පිලිබඳ උනන්දුව හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව ගුනාංග අතර පැල්මක් ඇති කර තිබේ.”
ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයේ දේශපාලන අශුභවාදය, 1933 ව්‍යසනයන් ද නාසිවාදයේ ප්රචන්ඩත්වය හා දෙවන ලෝක යුද්ධය ද විසින් උත්සන්න කරනු ලැබින. ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයේ ශාස්ත්රාලිකයන් තුල මාක්ස්වාදය කෙරෙහි පැවතියාවූ අල්ප ලැදියාව, පශ්චාත් දෙවන ලෝක යුද්ධ අධිරාජ්‍යවාදී පර්යායට ඔවුන්ගේ අනුගතවීම සඳහා සැරසිලිවලට වඩා වැඩි යමක් නොවීය, විශේෂයෙන්ම කොන්රාඩ් ඇඩිනෝර් ( “Der Alte”), ලුඩ්විග් ඒහාර්ඩ් (“Der Dicke”), හා ජෝර්ජ් කූර්ට් කීසින්ජර් (“Der Nazi”) ගේ පවා අනුග්‍රහය යටතේ ධනේශ්වර ප්රජාතන්ත්රවාදී රාජ්‍යය ප්රතිනිර්මානයේ දී හෝකයිමර් හා ඇඩෝනෝ සම්බන්ධ තතු එපරිදි විය.
හර්බට් මාකියුස් ධනේශ්වර සමාජය කෙරේ වඩා විවේචනශීලී හා රැඩිකල් ආකල්පයක් පවත්වාගෙන යාමට උත්සාහ කලේය. එහෙත් කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් ලෙස ප්‍රතික්ෂේප කිරීමෙහි දී ඔහුගේ ආකල්පවල සුවිනිශ්චිතබව කිසිසේත් ඔවුන්ට වඩා අඩුවූයේ නැත:
දැන් කම්කරු පන්තිය පිලිබඳ ප්රශ්නය. ඇමරිකානු කම්කරු පන්තිය විප්ලවවාදී පන්තියක් නොවන බව මම පැවසුවෙමි, අද දින පවා එසේ පවසමි...ඇමරිකානු කම්කරු පන්තිය විප්ලවවාදී පන්තියක් නොවීමේ කාරනය පිලිබඳ දැක්ම සහිතව, වත්මන් තත්වය තුල, දේශපාලන විඥානය, රැඩිකල් දේශපාලන විඥානය, සිසුන්, කලු හා දුඹුරු වැනි සුලුතර කොටස්, කාන්තාවන් වැනි හා එවැනි ඒකාග්රිත නොවුන සුලුතර කන්ඩායම් අතර සංකේන්ද්‍රනය වීම සිදුව තිබෙන බව මම පැවසුවෙමි.
මා දැනටමත් පවසා ඇති පරිදි, මාක්ස්වාදයට එදිරිව ගොඩනගා ඇති න්‍යායික සංකල්ප අවසාන විග්රහයේදී මුල්බැස ඇත්තේ, නිශ්චිත සමාජ හා දේශපාලන අවශ්‍යතා තුලය. ෆ්රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ න්යායාචාර්යවරු ජර්මානු සුලු ධනේශ්වරයේ කොටස්වල දෘෂ්ඨිය ප්‍රකාශයට පත් කලහ. තව ද ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයේ ප්රමුඛ නියෝජිතයෝ, සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී තන්ත්රයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලයට ක්‍රියාශීලී සහාය දීමක් කෙසේ වෙතත්, ඒ පිලිබඳව උනන්දුවක් පවා නොදැක්වූහ. ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයේ පරිනාමය වටහා ගැනීමෙහිලා මෙය අතිශය වැදගත් දේශපාලන කාරනයක්ය යන්න නිසැකය. කෙසේ වෙතත් එහි න්‍යායික-දාර්ශනික මූලයන් ගැන සැලකිල්ලට ගැනීම නොසලකා හැරීම වරදක් වනු ඇත. ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලය තුල ප්රකාශිතවූ න්‍යායික බලපෑම පිලිබඳව විභාග කිරීම අවශ්‍ය කෙරෙන්නේ, මෙම බුද්ධිමය ප්රවනතාවය හා එහි බොහෝ අංකුර පිලිබඳව වටහා ගැනීමට පමනක් නොව, බොල්ශෙවික්වාදී මාක්ස්වාදය හා ඔක්තෝබර් විප්ලවය සමග ඊට පවතින අත්‍යවශ්‍ය වෙනස හඳුනාගැනීම ද සඳහාය.
ජර්මානු කම්කරු ව්‍යාපාරය වර්ධනයෙහිලා මාක්ස්වාදය දැවැන්ත ක්රියාකලාපයක් ඉටුකලේය. ජර්මානු කම්කරු පන්තියේ මහජන පක්ෂය ලෙස එස්පීඩීය (සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය) වැඩී යාම සඳහා එය න්‍යායික පදනම සම්පාදනය කලේය. කම්කරු පන්තියේ වැඩි දියුනු කොටස් මාක්ස්වාදයේ පදනම මත අධ්‍යාපනය ලැබුවේය යන්න අවිවාදිත වන අතරම මාක්ස්වාදය සුලු ධනපති බුද්ධිමතුන්ගේ පුලුල් කොටස් කෙරෙහි ද ආනුභාවය පැතිරවීය. එහෙත් සුලු ධනපති බුද්ධිමතුන්ට මාක්ස්වාදය සමග පැවති සම්බන්ධය නිරන්තරයෙන්ම දෙගිඩියා සහගත හා සතුරු එකක් පවා වූ බව මෙහිදී අවධාරනයෙන් කියා සිටිය යුතුය. මෙය සංකීර්න මාතෘකාවකි. එය විස්තීර්න ඓතිහාසික අධ්‍යයනයක මාතෘකාව වී ඇත. මේ දේශනයේ සැකිල්ල තුල ඊට යන්තම් එබී බැලීමක් පමනය කල හැකි වන්නේ.
සුලු ධනපති බුද්ධිමතුන්ගේ කොටස් ව්‍යාපාරයේ මාක්ස්වාදී පදනම් ගැන වඩ වඩාත් නොසතුට පල කිරීම සිදුවුනේ, කම්කරු පන්තිය තුල මුලුමනින්ම පාහේ අනභියෝගී අධිකාරි බලයකින් යුතුව සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය, 1890දී නීති විරෝධී තත්වයෙන් නැගී ආ කල වීම, හරියටම කැපී පෙනෙන ඓතිහාසික අහම්බයක් විය. සුවිශේෂී ලෙස, මාක්ස්වාදයේ දාර්ශනික භෞතිකවාදය ද, එය විඥානය මත ද්‍රව්‍යයේ ප්රාථමිකත්වය, සමාජ වර්ධනයේ නියාම පාලිත ස්වභාවය හා ආර්ථික බලවේගයන්ගේ අධිකාරවත් බලපෑම ගැන එය කල අවධාරනය ද, එස්පීඩීයේ වාටියෙහි රැඳී සිටි සුලු ධනපති කොටස් තුල වඩවඩාත් ඉහල යන විරුද්ධත්වයක් අවදි කලේය. මාක්ස්වාදය, සමාජ ක්‍රියාවලීන්හි නියාම පාලිත ස්වභාවය ගැන, ආත්මීය මූලිකත්වයන්ට වඩා වෛෂයික අවශ්‍යතාව ගැන, නොදැනුවත් හා අතාර්කික පවා වන හැඟීම් මත දැනුවත් අභිප්‍රේරනය ගැන, ඕනෑවට වැඩි අවධාරනයක් යොදා ඇතැයි ඔවුහු තර්ක කලහ. දාර්ශනික භෞතිකවාදය තුල මුල්බැස තිබෙන මාක්ස්වාදී නියතිවාදය, නිදහස් කැමැත්ත හා පෞද්ගලික මූලිකත්වය පිලිබඳ පුද්ගල ප්රකාශනය අධෛර්යමත් කරයි.
සමාජ-ආර්ථික බලවේග හා ක්‍රියාවලීන්හි ප්‍රමුඛතාව ගැන සහ, එය ප්‍රතිභාව හා ආත්මීය චේතනාවට ඉහලින් විද්‍යාත්මක ඥානය හා වෛෂයික සත්‍යය ඔසවා තැබීම ගැන මාක්ස්වාදී භෞතිකවාදයට විරුද්ධවූ දේශපාලන හා බුද්ධිමය ප්රවනතා ආවේෂය ලැබුවේ, මාක්ස්ගෙන් නොව, ෂෝපන්හුවර් හා නිට්ෂේගෙනි. එවන් එක් ප්රවනතාවක් නියෝජනය කලේ, ප්‍රකට අරාජිකවාදියෙක් වූ ගුස්ටාව් ලැන්ඩියුර්ය. ඔහු තමා මාක්ස්වාදී භෞතිකවාදයේ කර්කශ සතුරෙකු යයි තමාම ප්‍රකාශ කලේය:
දේවල්වල එලඹෙන තත්වය ශක්‍ය පමනක් නොව අවශ්‍ය ද වන බව අප වටහා ගන්නේ, අප එයට ආදරය හා ලැදි වන බැවිනි. මිනිසා සියලූ දේහි මිම්ම වන අතර, සංකල්ප වනාහි සංවේදිත අරමුනුවල කැඩපතක් යයි පවසන වෛෂයික දැනුමක් ඇත්තේ නැත... සමාජවාදීන් පලමුව සිය කැමැත්තට නිර්බාධක ප්රකාශනයක් දීම හා ඉන් පසුව එකී දේ යථාර්තවත් වීමට හැකි යයි තමන් විශ්වාස කරන්නේ මන්දැයි පැහැදිලි කරන්නේ නම්, වඩාත් වටින්නේය. එහෙත් නිශ්චිත මාවතකදී..ස්වභාවධර්මයෙන් උපුටාගත් පරිදි කොන්දේසි විරහිත අවශ්‍යතාව ගැන නිවේදනය කිරීම, සෑම දෙයක්ම එයින්ම වර්ධනය වන්නේය යන අගතිය තුලින් ව්‍යාපාරයේ ගාමක බලය පක්ෂඝාත කරයි....
එය අපගේ අවධියෙහි වසංගතය හා සමාජවාදී ව්‍යාපාරයේ ශාපය බව .... මාක්ස්වාදයේ මූනටම කිව යුතුය. ලැන්ඩියර් විසින් ප්‍රකාශ කරනු ලබන අදහස් මතුව ආවේ, අවිඥානය පිලිබඳ ගවේෂනය කරා, විශේෂයෙන්ම කලාකරුවන් ඇතුලු සුලු ධනපති බුද්ධිමතුන්ගේ සැලකිය යුතු කොටස් වඩ වඩාත් ආකර්ශනය කරගත් බුද්ධිමය වාතාවරනයේ සන්දර්භය තුලින්ය. විද්‍යාව පවා අත්‍යසාමාන්‍ය ප්රගමනයන් අත්කරගන්නා තතු තුල පවා මෙම ස්ථරයන් ග්රහනය කරගනු ලැබ තිබුනේ, යථාර්තය හා පරම සත්‍යය වටහාගැනීමේ යතුර ඇත්තේ ආත්මීය අත්දැකීම් ගවේෂනය තුලය යන ඒත්තු ගැනීම මගිනි.
මෙය කිසිසේත් ජර්මනිය හා ඔස්ට්‍රියාව තුල පමනක් ප්රකාශනය අත්කරගත් ප්රවනතාවක් නොවීය. ඒ වූ කලී රුසියාව ද ඇතුලූ සමස්ත යුරෝපය තුලින්ම ප්‍රතිචාරය දිනාගත් පුලුල් පදනමකින් යුත් බුද්ධිමය සංසිද්ධියකි. දාර්ශනික භෞතිකවාදයට එල්ලවූ මෙම ප්‍රහාරයේ ඇඟවීම් දුරදිග විහිද ගියේය. එය පහත සඳහන් ප්‍රශ්න මතු කලේය: සමාජවාදී පක්ෂවල ක්‍රියාමාර්ගය, මූලෝපාය හා උපායන් මෙන්ම කම්කරු පන්තියේ භාවිතාව, විඥානයෙන් ස්වාධීනව පවත්නා වෛෂයික යථාර්තය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක් මත පදනම් විය යුතු ද නැතිනම් ප්‍රතිභාව හා ආත්මීය කැමැත්ත මත පදනම් විය යුතු ද? කම්කරු පන්තියේ අරමුනු හා කටයුතු සමාජ වර්ධනයේ වෛෂයික නියාමයන් පිලිබඳ වැටහීම මත පදනම් විය යුතු ද නැත්නම්, ජෝර්ජ් සොරෙල් හා අනෙකුත් අය කියා සිටි පරිදි, මනෝවිද්‍යාත්මකව අවුලුවන ලද මිත්‍යාවන් මත පාදක විය යුතු ද?
රුසියානු සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ බෝල්ශෙවික් කන්ඩායමේ ප්රමුඛ පුද්ගලයින් දෙදෙනෙක් වූ ඇලෙක්සැන්ඩර් බොග්ඩනොව් හා ඇනටොල් ලූනචාර්ස්කි, නිට්ෂේගේ නොතකා හැරිය නොහැකි තරම් පරිමානයක ආනුභාවය යටතේ සැලකිය යුතු තරම් දුරකට නොවූව ද තර්ක කලේ, සමාජවාදය සඳහා සටනට වඩා විශාල ආවේගී සන්දර්භයක් ඇතුලු කල හැකි ආකාරයකට මාක්ස්වාදය සංශෝධනය කල යුතුය කියාය. විප්ලවවාදී ව්‍යාපාරයට විශ්වාසය හා උද්යෝගය දිගටම පවත්වා ගෙන යා හැකි ලෙස නව සමාජවාදී ආගමක් වර්ධනය කිරීමට පවා ලූනචාර්ස්කි යෝජනා කලේය. එමගින් 1905 විප්ලවයේ පරාජයෙන් පසුව පැතිර ගිය අශුභවාදය හා අපේක්ෂා භංගය ජයගත හැකිවනු ඇතැයි ඔහු පැවසීය. ලූනචාර්ස්කි මෙසේ හඬ නැගීය: “අපි මනුෂ්‍ය සංහතියේ විභවයට, අපගේ විභවයට, නමස්කාර කරමු, එසේ කරමින්, මීට වඩා ශක්තිමත් ලෙස ඊට ආදරය කරනු වස්, එය ශ්‍රී විභූතියේ රශ්මි මාලාවක් තුල නියෝජනය කරමු.” රුසියානු සමාජවාදීන් කෙරෙහි නිට්ෂේගේ ආනුභාවය පිලිබඳ අධ්‍යයනයක දී එක් ඉතිහාසඥයෙක් සටහන් කල පරිදි, ලූනචාර්ස්කිගේ “දේශනාවල, ජනප්‍රිය නොවූ එහෙත් අවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් සහාය ගොනු කිරීමේදී බාලදක්ෂ නායකයින් තුල දැකිය හැකි ආකාරයේ කෘත්‍රිමව නිපදවූ උද්යෝගයක් හා සාවද්‍ය ප්‍රීතිමත් භාවයක් පැවතුනි: වත්මන් සමාජ අර්බුදය හමුවේ, සමාජවාදයේ ජයග්‍රහනය සඳහා අවශ්‍ය ශක්තිය හා අභිප්‍රේරනය ඔහුගේ ආගමෙන් සම්පාදනය කරනු ලබන උද්යෝගය තුලින් පමනක් ඇතිවේය යන ස්ථිර විශ්වාසය ලූනචාර්ස්කි නිරතුරුව ප්‍රකාශයට පත්කරයි.” (1)
ලූනචාර්ස්කිගේ ආගමික ප්‍රමෝදයෙන් සිත කලබලවූ ලෙනින්, ඔහුට ”ආශිර්වාද ලත් ඇනටෝලි” (සූර්ය උදාව යන ග්‍රීක අර්ථයෙන්* ලෙසින් හැඳින්වීමට පටන් ගත්තේය. එහෙත් ලෙනින් ඔහුගේ ඉබාගාතේ යන සහෝදරයාට විහිලූ සහගත නමක් පටබැඳීමට පමනක් සීමා නොවීය. සමාජවාදී ව්‍යාපාරය තුල ආත්මීයවාදී හා අතාර්කික ප්රවනතා වැඞී යාමේ අන්තරාදායක දේශපාලන ඇඟවුම් හඳුනා ගනිමින් ලෙනින්, භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය යන ඔහුගේ විශිෂ්ඨ න්‍යායික නිබන්ධය ලිවීය. අශමනීය ලෙස දාර්ශනික භෞතිකවාදය ආරක්ෂා කල එම කෘතිය තරම්, අවමානයට පාත්‍ර කෙරුනු ලෙනින්ගේ අනෙකුත් කෘතියක් නැත. “කල යුත්තේ කුමක් ද” කෘතියවත් ඒ සා කටුක ලෙස හෙලාදැකීමට ලක් නොවීය. “භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය”; විඥානය හුදෙක් ද්‍රව්‍යමය ලෝකයේ පිලිබිඹුවක් පමනකැයි ද, මානව චින්තනය හා භාවිතාව ද්‍රව්‍යමය උත්තේජකයකට දැක්වෙන සැලසුම්ගත ප්‍රතිචාරයකට නොවැඩි දෙයක් යයි ද යන “ගොරහැඩි” සංකල්පය වගා කරමින් පදාර්ථය හා විඥානය අතර සම්බන්ධතාව අවසර නොදිය හැකි තරම් සරල කරන්නා වූ “ග්‍රාම්‍ය භෞතිකවාදී” කෘතියක් යයි කියන ලදී. භෞතිකවාදය හා අනුභූතිවාද විචාරය ලියන කාලයේ ලෙනින් හේගල්වත් අධ්‍යයනය කර නොතිබූ බවත් අපෝහකවාදය සමග හුරු පුරුදු කමක් නොතිබූ බවත් පවා ප්‍රකාශ කරන ලදී.
භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය පිලිබඳ එවන් විස්තර කිරීම්, ප්‍රතිපත්ති විරහිත ලෙස ලෙනින්ගේ කෘතිය විකෘති කිරීමක් විය. ඔහුගේ බුද්ධිමය චරිතාපදානයට සිදු කෙරුනු විකෘතිකරනය ගැන කියනුම කවරේ ද? භෞතිකවාදය හා අපෝහක තර්කනය අතර සම්බන්ධය විශිෂ්ඨ ලෙස ආලෝකමත් කරන ලෙනින් ලිවූ විවිධ ෙඡ්ද භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය තුල සොයාගත හැකිය. එහෙත් ඔහු විඥානය මත පදාර්ථයේ ප්රාථමිකත්වයත්, චින්තනයෙන් ස්වාධීනව ද්‍රව්‍යමය ලෝකයේ වෛෂයික පැවැත්මත් නිශ්චිතවම අවධාරනය කලේය. හේගල්ගේ තර්කය කෙරෙහිවූ ලෙනින්ගේ ප්රගාඪ ගරුත්වය හැම විටම පන්නර ගැන්වුනේ, එහි විඥානවාදී පදනම් පිලිබඳ ඔහුගේ විවේචන මගින්ය. ඔහුගේ ජීවිතයේ අවසන් මොහොත දක්වාම ලෙනින්, කාල් මාක්ස් හා ෆ්‍රෙඩි‍්‍රක් එංගල්ස්ගේ න්‍යායික විධික්රමය ආරක්ෂා කිරීමට දැඩිලෙස කැපවී සිටියේය. විඥානයෙන් ස්වාධීනව පවත්නා වෛෂයික ලෝකය හඳුනාගැනීම, භෞතිකවාදී ඥාන විභාගයක අත්‍යවශ්‍ය පදනම සකස් කරයි. තවද, මෙම භෞතිකවාදී ඥාන විභාගය අනෙක් අතට, කම්කරු පන්ති භාවිතය පදනම් කල යුතු වූ විද්‍යාත්මකව පාදක ක්‍රියාමාර්ගයක හා ඉදිරිදර්ශනයක න්‍යායික පදනම වේ. භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරයේ තීරනාත්මක ඡේදයක ලෙනින් මෙසේ ලිවීය:
මනුෂ්‍ය වර්ගයාගේ ඉහලම කර්තව්‍යය වනුයේ, ආර්ථික පරිනාමයේ (සමාජ ජීවිතයේ පරිනාමයේ) මෙම වෛෂයික තර්කනය එහි පොදු හා මූලික අංගයන් තුල, යමෙකුගේ සමාජ විඥානය හා සියලු ධනපති රටවල වැඩි දියුනු පන්තීන්ගේ විඥානය ඊට අනුහුරු කර ගැනීමට හැකි වනු ඇති පරිද්දෙන් හැකිතාක් පැහැදිලි හා තීරනාත්මක ආකාරයකින් ග්රහනය කර ගැනීමය.
මෙහි අර්ථය වන්නේ, කම්කරු පන්තිය ඓතිහාසික හා සමාජ වර්ධනයේ නියාමයන් වටහාගත යුතු බවත්, ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලයක් සිදු කිරීම හා ලෝකය වෙනස් කිරීම පිනිස වෛෂයික වර්ධනයන් නිවැරදිව විශ්ලේෂනය කිරීමට හැකියාව ලබාගත යුතු බවත්ය. ශ්‍රෙෂ්ඨ රුසියානු මාක්ස්වාදීන්, සියල්ලන්ටමත් වඩා ලෙනින් හා ට්‍රොට්ස්කි, 1917 ඔක්තෝබරයේදී කම්කරු පන්තිය බලය සඳහා සූදානම් කලේත්, ඒ කරා මෙහෙයවූයේත් මේ පදනම මතය.
භෞතිකවාදයට ලෙනින්ගේ කැපවීම, හුදෙක් වියුක්ත හා බුද්ධිමය ස්වභාවයක පැවතියේ නැත. භෞතිකවාදය ආරක්ෂා කිරීම නොවෙන්කල හැකි සේ බැඳී තිබුනේ, දේශපාලන වර්ධනයන් පිලිබඳ නිවැරදි අගැයිමක් වර්ධනය කිරීම, කම්කරු පන්තියේ කර්තව්‍යයන් නිරවද්‍ය ලෙස නිර්වචනය කිරීම හා නිවැරදි දේශපාලන හා ප්‍රායෝගික දිශාවනතියක් සම්පාදනය කිරීම සඳහා සටන්වැදීම සමගය. දාර්ශනික භෞතිකවාදය හා කම්කරු පන්තියේ දේශපාලන දිශාවනතිය අතර වූ ආවශ්‍යක බැඳීම ලෙනින් විසින් යලියලිත් අවධාරනය කෙරින. “මාක්ස්වාදයේ ප්‍රභවයන් තුන හා එහි සංඝටක තුන” නම් ඔහුගේ 1913 නිබන්ධය තුල ලෙනින් මෙසේ ලිවීය:
මාක්ස්වාදයේ දර්ශනවාදය භෞතිකවාදයයි. යුරෝපයේ නූතන ඉතිහාසය පුරාම, සහ විශේෂයෙන් 18වන සියවස අවසානයේ සෑම වර්ගයකම මධ්‍යකාලීන කුනුකන්දල් වලට ද අදහස්වල හා ආයතනවල ප්රවේනිදාස ඇබ්බැහිකම් වලට ද එරෙහිව තිරසර අරගලයක් ගෙන ගිය ප්රන්සය තුල, ස්වාභාවික විද්‍යාවේ සියලූ ඉගැන්වීම් වලට අනුකූල හා මිත්‍යා විශ්වාස, වැදි බන ආදී අගතීන්ට විරුද්ධ එකම තිරසර දර්ශනවාදය භෞතිකවාදය බව සනාථ විය. එබැවින් ප්රජාතන්ත්රවාදයේ සතුරන් සැමවිටම, භෞතිකවාදය “ප්‍රතික්ෂේප” කර, වල පල්ලට දමා, අපකීර්තියට පත් කිරීමට ඔවුන්ගේ සියලූ උත්සාහයන් යොදා ඇති අතර, හැම විටම, එක් හෝ තවත් ආකාරයකින්, ආගම ආරක්ෂා කිරීම හෝ සහයෝගය දීම කරා යොමු වූ විවිධාකාරයේ දාර්ශනික විඥානවාදය දේශනා කර තිබේ.
1917ට පෙරාතු වසරවල ලෙනින්ගේ ට්‍රොට්ස්කිගේ වැඩ කටයුතු විභාග කිරීමේදී පෙනී යන්නේ ඔවුන්, දේශපාලන ඉදිරිදර්ශනය හා විශ්ලේෂනය පිලිබඳ ප්‍රශ්න මත තීව්ර හා නිර්දය අවධානයක් යොමුකර තිබුනු බවයි. විධික්රමාන්විතව අපෝහක හා ඓතිහාසික භෞතිකවාදය තුල මුල්බැස තිබූ, ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ මාක්ස්වාදය, සියල්ලටත් වඩා වෙලී තිබුනේ, උග්රවන ලෝක ධනේශ්වර ක්රමයේ අර්බුදයෙහි ගතිකය හා එම අර්බුදය රුසියාව තුල ඇතිකල ඇඟවීම් පිලිබඳ ගතිකයන් වටහාගැනීම සමගය. යලිත් ලෙනින්ගෙන් - මෙවර 1913දී ලියන ලද ඔහුගේ කාල් මාක්ස් පිලිබඳ චරිතාපදාන-න්‍යායික රචනාවෙන්- උපුටා දක්වන්නේ නම්:
දී ඇති සමාජයක මුලුමනින්ම සියලු පන්ති අතර සම්බන්ධතාවල සමස්ත එකතුව පිලිබඳ වෛෂයික සලකා බැලීමකට, සහ එම සමාජය විසින් ලඟා කරගෙන ඇති වර්ධනයේ වෛෂයික අදියර පිලිබඳ අනුශාංගික සලකා බැලීමක් ද එය හා අනෙකුත් සමාජයන් අතර සම්බන්ධතා ද පිලිබඳ සලකා බැලීමකට ම පමනක්, වැඩිදියුනු පන්තියක නිවැරදි උපායන් සඳහා පදනමක් ලෙස සේවය කල හැකිය.
1917ට පෙර ලෙනින් හා ට්‍රොට්ස්කි අතර පැවතියාවූ මතභේද තිබියදී වුව ද ඔවුන්ගේ වැඩ කටයුතු, සමාජවාදී ව්‍යාපාරයේ මූලෝපායික දිශානතිය වර්ධනය කිරීම මත සංකේන්ද්‍රනය විය. 1914දී ලෝක යුද්ධය පුපුරා යාමත් සමග, ලෝක අර්බුදය පිලිබඳ ලෙනින් කල අධ්‍යයනය, 1917 බොල්ශෙවික් පක්ෂයේ දිශානතිය සඳහා දුරදිග යන ප්‍රතිවිපාක ජනනය කල අසාමාන්‍ය ගැඹුරක් හා වේගයක් අත්කර ගත්තේය. 1915-1916 සමයේ අධිරාජ්‍යවාදය පිලිබඳ ලේඛනය සඳහා පාදක වූ න්‍යායික කටයුතු, ලෙනින්ගේ ”අප්‍රේල් තීසීසය” තුලින් ප්‍රකාශයට පත් බෝල්ශෙවික් මූලෝපායයේ තීරනාත්මක වෙනස්වීමට මග පෙන්වීය. වෙනස් දේශපාලන මාවතක් අනුගමනය කලේ වී නමුදු, 1917 ට්‍රොට්ස්කිගේ සුවිශේෂී කාර්යභාරය සූදානම් කෙරුනේ ඊට ඉහත දොලොස් වසරක් තුල ඔහු විසින් නොනවතින විප්ලවයේ න්‍යාය වර්ධනය කරනු ලැබීම මගිනි.
අභිලාෂය නොමැති තැන, එනම්, ආත්මීය අධිෂ්ඨානයේ ඉහලම මට්ටමෙන් තොරව විප්ලවයක් ඇතිවිය නොහැකිය, එහෙත් අභිලාෂය හා අධිෂ්ඨානය මෙහෙයවිය යුත්තේ, සමාජවාදී ව්‍යාපාරයේ භාවිතය පදනම් විය යුතු වෛෂයික යථාර්තය පිලිබඳ නිවැරදි අගැයීමකිනි. න්‍යායික ආස්ථානයකින් ගත් කල, මාක්ස්වාදය දේශපාලන ක්‍රියාව සඳහා පදනම ලෙස ආත්මීය අභිලාෂය හුවාදැක්වීම ප්‍රතික්ෂේප කිරීම මගින්, අරාජකවාදය හා මා ඕවාදය ද, සහ සත්තකින්ම වඩාත්ම ප්රතිවිප්ලවවාදී මධ්‍යම පන්තික ව්‍යාපාර වන ෆැසිස්ට්වාදය, ඇතුලු නිමක් නැති සුලූ ධනපති රැඩිකල් දේශපාලනයෙන් වෙන්වේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනය තුල 1921දී ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කලේය:
අප ආත්මීයත්වය වෛෂයික පාර්ශවයෙන් වෙන් කලහොත්, එම දර්ශනවාදය තර්කානුකූලව තුඩුදෙන්නේ තනිකරම විප්ලවවාදී මදාවියකටය.
මාක්ස්වාදයේ ශ්‍රේෂ්ඨ ගුරුකුලයෙන් අප, වෛෂයිකත්වය සමග ආත්මීයත්වය අපෝහකව ඒකාබද්ධ කිරීමට ඉගෙන ගෙන තිබෙන බව මම විශ්වාස කරමි. එනම්, අපගේ ක්‍රියාව, ඒ හෝ මේ ආත්මීය අභිලාෂයේ ප්රකාශනය මත පමනක් නොව, අපේ එම ආත්මීය අභිලාෂයට කම්කරු පන්තිය ආසක්ත විය යුතුව ඇති බවත්, ක්‍රියාත්මක වීම සඳහා නිර්ධන පන්තියේ අභිලාෂය වෛෂයික තත්වය විසින් නිර්නය කරනු ලබන බවත් පිලිබඳව ඒත්තු ගැනීම ද මත පදනම් කිරීමට අපි ඉගෙන ගෙන ඇත්තෙමු.
දෙවසරකට පසුව, සෝවියට් සංගමය තුල නිලධරයේ නැගීමට එරෙහිව ඒ වනවිටත් සටන් වදිමින් සිටි ට්‍රොට්ස්කි, ලෙනින්ගේ කටයුතු තුල වෛෂයික යථාර්තය පිලිබඳ විද්‍යාත්මක අගැයීම හා ආත්මීය අභිමතය අතර සම්බන්ධය දීප්තිමත් ලෙස පැහැදිලි කලේය:
ලෙනින්වාදය අන් සියල්ලටත් පලමුව යථාර්තවාදීය, විප්ලවවාදී ක්‍රියාව පිලිබඳ ආස්ථානයෙන් එය, යථාර්තය පිලිබඳ ඉහලම ගුනාත්මක හා ප්රමානාත්මක අගැයීමය. හරියටම මේ නිසා, පුහු උද්ඝෝෂනවාදී කඩතුරාව පිටුපසින් යථාර්තයට ඉහලින් පියෑඹීමත්, නිෂ්ක්‍රීය ලෙස කාලය කාදැමීමත්, පක්ෂ සම්ප්රදාය රැකගැනීමේ කඩතුරාව යටතේ ඊයේ කරන ලද වැරදි උද්ධච්ච ලෙස යුක්තිසහගත කිරීමත් සමග එය කිසිසේත් පෑහෙන්නේ නැත.
ලෙනින්වාදය යනු, ආකාරගත අගතීන්ගෙන් ද සදාචාරාත්මක දෘෂ්ඨි නිවේෂකවාදයෙන් ද සියලු ආකාරයන්හි බුද්ධිමය ගතානුගතිකත්වයෙන් ද ලබන අව්‍යාජ නිදහසයි. එහෙත් ලෙනින්වාදයට අනුව “කොහොම කලත් හරි” යනුවෙන් හැඟවෙන්නේයැයි විශ්වාස කිරීම නිවැරදි කල නොහැකි වරදක් වනු ඇත. [The New Course - නව මාවත ]
අප ජීවත් වන්නේ, අසාමාන්‍ය ලෙස සංකීර්න ලෝකයක් තුලය. පරිමානයෙන් ගෝලීය වූ දැවැන්ත හා බෙහෙවින් බලවත් නිෂ්පාදන බලවේග, මානව වර්ගයා වසාගෙන ඇති බවක් පෙනීයයි. සත්තකින්ම ඒවා, පාලක පන්තිය වසාගෙන සිටියි. ඔවුන් ධනේශ්වර ක්රමයේම ආර්ථික තර්කනය මත, මෙම බලවේග සමාජීයව ප්රගතිශීලී ආකාරයකින් ප්‍රයෝජනයට ගන්නේ හා වර්ධනය කරන්නේ කෙසේදැයි දන්නේ නැත. අවසානයක් නැති ආර්ථික අර්බුද මාලාවක් ද උග්‍ර අතට හැරෙන සමාජ විසංධිවීම් හා න්‍යෂ්ටික අවි යොදාගෙන කරන තුන්වන ලෝක සංග්‍රාමයක නැගී එන තර්ජනයට ද යටින් ඇති ආවශ්‍යක ගැටලුව වන්නේ මෙයයි.
කම්කරු පන්තිය ගෝලීය නිෂ්පාදන බලවේග තුල වෛෂයිකව දරන තැන කරනකොටගෙන, ධනේශ්වරය විසින් මගහරිනු ලබන ඓතිහාසික ගැටලූව එයට විසඳිය හැකිය. එහෙත් එයට මෙය ඉටුකල හැක්කේ, එය එහි ආත්මීය දැනුවත්කම වෛෂයික යථාර්තය සමග එකෙලි ගත කරන තාක් දුරට පමනි. සවිඥානකත්වය හා යථාර්තය අතර ද වෛෂයික දේශපාලන අවශ්‍යතාව හා මහජන විප්ලවවාදී භාවිතාව අතර ද මෙම එකෙලි කිරීම පිනිස අත්‍යවශ්‍ය වන දේශපාලන උපකරනය වන්නේ විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයයි. මෙම ගැලපීම 1917දී අත්කරගන්නා ලදී. එය යලිත් අත්කරගත යුතුය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්රමුඛ පරමාර්ථය වන්නේ එම කර්තව්‍යය ජය ගැනීමයි.
1). අනුභූතිවාදීවිචාරය: බොල්ශෙවික් දර්ශනවාදයක් ද? එයිලීන් කෙලී විසින්, Cahiers du Monde russe et soviétique, 22 වෙලූම, අංක 1 (1981 ජනවාරි-මාර්තු) 104 වන පිටුව.
Follow us on