ෆේස්බුක් වාරනය සඳහා කොලඹ කාර්යාලයක් පිහිටුවා ගැනීමට ආන්ඩුව තදියමෙන්
නවීන් දේවගේ විසිනි, 2018 අප්‍රේල් 30
ෆේස්බුක් පෝස්ට් නිරීක්ෂනයේ යෙදෙන කාර්යාලයක් කොලඹ පිහිටුවා ගැනීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව තදියමකින් ක්‍රියා කරන බව ද ඊට උඩගෙඩි දීමට විකල්ප කේන්ද්‍රය වැනි සිවිල් සංවිධාන ක්‍රියා කරන බවද පසුගිය දිනවල ජනමාධ්‍ය තුල පලවූ වාර්තාවලින් හා ලිපි වලින් එලිදරවුවේ.
බීඩීනිවුස්24 (bdnews24) නමැති බංග්ලාදේශයෙන් නිකුත් වන වෙබ් අඩවියේ ලියුම්කරුවෙකුගේ විමසීමකට පිලිතුරු දෙමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ (විසංනිකො) සභාපති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු කල ප්‍රකාශයක මෙසේ සඳහන් විය: “අප්‍රේල් 4දා ෆේස්බුක් කන්ඩායමක් [කොලඹට] පැමිනීමට නියමිතව තිබුනත් කිසියම් හෝ හේතුවක් නිසා ඔවුන්ට පැමිනීමට හැකි වුනේ නෑ. නමුත් එම කන්ඩායම පැමිනි විගස මෙහි කාර්යාලයක් පිහිටුවීමේ කාරනාව සාකච්ඡාවට ගන්නවා.”
අප්‍රේල් 8 දා පලවූ එම ලිපියේ ප්‍රනාන්දු මෙසේ ප්‍රකාශ කල බව ද සඳහන්ව තිබුනි: (දිගන සිද්ධිය සම්බන්ධයෙන්) ඔවුන්ට කල හැකි දේ කලා. නමුත් අප දකින හැටියට මෙහි කාර්යාලයක් පිහිටුවා ශ්‍රී ලාංකිකයන් සේවයේ යෙදවීම වඩා ඵලදායක වනු ඇති.”
සිංහල භාෂා මාධ්‍යයෙන් පලවන, වාර්ගික ආතතීන් අවුලුවාලන පෝස්ට් නියාමනය කිරීම සඳහා කාර්යාලයක් පිහිටු වීම සිය අරමුන ලෙස ප්‍රනාන්දු දක්වතත් සැබෑ හේතුව නම් වෛරී ප්‍රකාශන නැවත්වීමේ කඩතුරාවකට මුවා වී සමාජ ජාල වාරනයකට පියවර ගැනීමයි. කම්කරුවන්ට හා තරුනයන්ට සංස්ථාපිතයේ ආයතන හා ජනමාධ්‍ය වල සීමාවන්ගෙන් එපිට ස්වාධීනව සංවිධානය වීමට ඉඩ ප්‍රස්තා සලසන බලගතු සන්නිවේදන මෙවලමක් නිදැල්ලේ පැවතීම ආන්ඩුවේ හා ධනපති පන්තියේ කනස්සල්ලට හේතුවී තිබේ.
දියුනු ධනපති රටවලත් නොදියුනු රටවලත් කම්කරුවන් හා තරුනයන් ධනපති පන්ති පාලනය සමග ගැටෙන අරගල සංවිධානය කර ගැනීමට සමාජ ජාල විශේෂයෙන්ම ෆේස්බුක් පාවිච්චියට ගැනීම පැතිරෙන්ට පටන් ගෙන ඇත.
මාර්තු මාසයේ මුල මහනුවර ආශ්‍රිතව, මුස්ලිම් විරෝධි ප්රචන්ඩ ක්‍රියා පැතිර යාමට හේතු වූයේ සමාජ ජාල අඩවි බව දක්වමින් මාර්තු 07 වන දින ආන්ඩුව විසින්, ෆේස්බුක්, වට්ස්ඇප් සහ වයිබර් යන සන්නිවේදන මාධ්‍යයන්ට ප්‍රවේශය අවහිර කර දමන ලද්දේ හදිසි නීතිය ද පනවමිනි. මෙම වාරනය දින අටක කාලයක් පැවතුනි. ෆේස්බුක් සිය දෛනික ජිවිතයේ කොටසක් කරගෙන සිටින ජනයා අතර විරුද්ධත්වය පැතිරෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම තහනම ඉවත් කිරීමට බල කෙරුනි. විසංනිකො පවතින්නේ ඔහුගේ පාලනය යටතේය.
මාර්තු 15 වැනි දින පැමිනි ෆේස්බුක් නියෝජිත කන්ඩායම ඔස්ටින් ප්‍රනාන්දු සමග කල සාකච්ඡාවන්හි දී එලැඹි එකඟතාවන් මොනවාදැයි එලිදරවු කර නොමැත. මේ සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල ප්රවෘත්ති නිවේදනයේ සඳහන් වූයේ මෙම එකඟතා පිලිබඳ ප්‍රගති සමාලෝචනයක් දෙපාර්ශ්වය අතර නියමිත කාල රාමුවක් තුල සිදු කර වඩාත් කාර්යක්ෂම හා ඵලදායී පියවර ගන්නා බවයි.
අන්තර්ජාල, ෆේස්බුක්, හා වෙබ් අඩවි වාරනය කිරීමේ උවමනාව ආන්ඩුවට ඇත. අප්‍රේල් 17 දා ලන්ඩනයේදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඇමතු සිරිසේන ප්‍රකාශ කලේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරමින් සංවර්ධනය සඳහා ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලට නිසිලෙස මහජනයාට සන්නිවේදනය නොකෙරන බවයි. “ඊට ප්‍රධාන හේතුව නම් සමහර ජනමාධ්‍ය සහ සමාජජාල බොරු හුවා දක්වමින් සත්‍යය වසන් කරමින් පටු දේශපාලන හා වානිජමය වාසි ලබා ගැනීමට ක්‍රියා කිරීම බව” ඔහු කිවේය.
සමාජ ජාල වාරනයේ උත්සුකය පාලක පන්තියට දිගුකාලීනව පැවතියකි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2013 ජූනි මස දී පැවැත්වූ කතාවක දී ඊජිප්තු විප්ලවය ගැන සඳහන් කරමින් එය සංවිධානය කිරීමේදී නුතන සන්නිවේදන මාධ්‍ය භාවිතය ගැන අනතුරු ඇඟවුයේය.
මේ අතරේ, ආන්ඩුවේ මෙම ප්රජාතන්ත්ර විරෝධී වෑයමට හේත්තු වන උද්ඝෝෂනයක්, සිවිල් සංවිධාන කිහිපයක් සහ ඇතැම් සිවිල් ක්රියාකාරිකයන් පිරිසක් විසින් අරඹා ඇත.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (විප්රකේ), අප්‍රේල් 10 වැනි දා, “ෆේස්බුක් වෙත විවෘත ලිපියක්: ඔබේ ම ප්‍රජා සම්මතයන් ක්රියාවේ යොදවන්න” යන මැයෙන් ලිපියක් මෙම දැවැන්ත සමාජජාල ප්‍රධාන විධායක වන මාක් එලියට් සුකබර්ග් වෙත යොමු කලේ ය. ලිපියට රාජ්‍ය නොවන සංවීධාන දහ තුනක් අත්සන් තබා තිබුනි.
එම ලිපිය, ලිංගිකත්වය පදනම් කර ගත් අඩන්තේට්ටම් සහ සුලුතර වාර්ගික/ආගමික කන්ඩායම්වලට එරෙහි ප්රකෝපකරනයන් පැතිර යාමට ෆේස්බුක් වේදිකාවක් වී ඇති බවත් ඒ සම්බන්ධව කෙරෙන පැමිනිලි ගැන ක්‍රියා නොකෙරෙන බවටත් එම සමාගමට දොස් නගා ඇත. සිංහල භාෂා මොඩරේටවරුන් සංඛ්‍යාව, ඔවුන් ගේ වේලා කලාප හෝ අනුබද්ධ ෆේස්බුක් කාර්යාල හෝ, සහ විශේෂයෙන් ම ඔවුන් ගේ ස්ත්‍රී පුරුෂභාවය එලිදරවු කල යුතු යයි ලිපිය ඉල්ලයි.
තමන් මීට පෙර අවස්ථා කිහිපයක දී ම ෆේස්බුක් ආයතනයට වෛරී ප්‍රකාශ ගැන සිදු කල අධ්‍යයන වාර්තා ඉදිරිපත් කල ද ඒ කිසි ම අවස්ථාවක දී ඒ ගැන නිසි අවධානය යොමු නොකල බව එම ලිපිය පවසයි. මාර්තු මාසයේ ලංකාවේ ආන්ඩුව සමග පැවැත් වූ සාකච්ඡාවන් ප්‍රසිද්ධ නොකිරීම ගැන එම සංවිධාන උත්සුකය පල කරන්නේ “වෛරී ප්‍රකාශ” වාරනය රජයට එරෙහි දේශපාලන අදහස් වාරනයක් බවට පෙරැලිය හැකි බව පවසමිනි. එම නිසා වෛරී ප්‍රකාශ නියාමනයට රජය සමග ගෙන යන ගනුදෙනුවලට තමන් ද හවුල් කර ගෙන විනිවිදබවකින් එම කටයුතු කරන්නැයි එය යෝජනා කරයි.
මෙම ලිපියට දිල්ලියේ ෆේස්බුක් කාර්යාලය, අප්‍රේල් 11 වැනි දින, ප්‍රතිචාර දක්වමින් විප්රකේයේ පර්යේෂකයකු වන සංජන හත්තොටුවට විද්‍යුත් ලිපියක් එවා ඇත. එය සිංහල භාෂා මොඩරේටර් කරන්නන් ගනන ඉහල දැමීමටත්, වෛරී ප්‍රකාශ මැඬීමට රජය සමග මෙන් ම සිවිල් කන්ඩායම් සමග ද වැඩ කිරීමටත්, “නිශ්චිත අන්තර්ගතයන් වේගවත්ව හා නිවැරදිව” හඳුනා ගන්නා කෘතීම බුද්ධිමය උපාංග යොදා ගැනීමටත් තමන්ගේ සූදානම ප්‍රකාශ කර සිටියි.
ඊට පිලිතුරු වසයෙන් විප්රකේය ප්‍රකාශ කර ඇත්තේ කෘතීම බුද්ධිමය උපාංග යොදා ගැනීම දිගුකාලීන පියවරක් වශයෙන් අවතක්සේරු නොකරන නමුත් මේ මොහොතේ වහා ම කල යුත්ත සිංහල සහ දෙමල භාෂා දන්නා මානව මොඩරේටර්ලා ඉහල දැමීම බව අවධාරනය කරයි. මියන්මාරය සම්බන්ධයෙන් ක්‍රියාවට දැමීමට එකඟ වූ වාරන පියවර මෙරට සම්බන්ධයෙන් නොගැනීම තමන්ට විමතියට කාරනාවක් බව එම සංවිධානය පවසයි.
ඔවුන් ඉල්ලා සිටින පියවරයන් නම් ප්‍රචන්ඩකාරී සහ වෛරී අන්තර්ගතයන් ගැන වාර්තා කිරීමට ෆේස්බුක් මැසෙන්ජර් වැනි ෆේස්බුක් ඇප්වලට ද පහසුකම් හඳුන්වා දීම, වෛරී ප්‍රකාශ සහ නොකඩවා එම ක්රියාවේ යෙදෙන්නන් වහා ඉවත් කිරීම සහ පලපුරුදු පුද්ගලයන් සහ ආයතන පරීක්ෂා කර පත් කර ගත් විශ්වාසදායී වාර්තා කිරීමේ ජාලයක් පිහිටු වීමයි.
ෆේස්බුක් ලොක්කා වන මාර්ක් සුකර්බර්ග් ජනවාරි මාසයේ ප්‍රකාශ කලේ ඔහුගේ සමාගම “අදාල අන්තර්ගතය සොයා ගැනීමට උදවු කිරීමේ සිට වඩා අර්ථදායි සමාජ අන්තර්ක්රියාකරිත්වය ඇතිකර ගනීමට උදවු කිරීම දක්වා වන ප්‍රධාන මට්ටමේ වෙනසක් කරන බව”යි.
අප්‍රේල් 10 වැනි දා ඇමරිකානු කොංග්‍රසය ඉදිරියේ, අන්තර්ජාලය තුල නිර්නාමිකව සිටීමේ අයිතිය අහෝසි කිරීම, දේශපාලන අදහස් වාරනයට ඇති සැලසුම් ආදී වාරන පියවර ගැන සුකර්බර්ග් එලිපිට ම අදහස් දක්වා ඇති පසු බිමක, මේ සිවිල් සංවිධානවල ඉල්ලීම් ආන්ඩුවේ හා මෙම සංගතය සමග එක්ව ක්‍රියා කිරීමකට යොමුවී ඇත. ෆේස්බුක් තම සූදානම දැනටමත් ක්‍රියාවට දමා ඇත. ඔවුන් ගේ නවතම ප්‍රජා නිර්නායකයන්ට අනුව වාරනය කෙරෙන්නේ රහසිගතව ය; දැනුම් දීමකින් තොරව ය.
ගූගල් සමග එක්ව ෆේස්බුක් යොදා සංගතය ඇත්තෙන්ම ක්‍රියාත්මක වී සිටින්නේ මහා ජනතාවන්ට දේශපාලන අදහස් ලබා ගැනීමට හා ප්රචාරයට ඇති අයිතිය වාරනය කිරීම සඳහා ය. ලංකාවේ සිවිල් සංවිධාන හවුල්වන්ට යන්නේ මේ සංගතයක් සමගයි.
එක්සත් ජනපද නීතියට අනුව සන්නිවේදන පහසුකම් සපයන ආයතන, ඒවායේ පරිශීලකයන් කරන කියන දෙයට වගකිව යුතු නොවේ; එ මෙන් ම භාෂනයේ නිදහසට වැට බැඳිය නොහැකි ය. නමුත් අන්තර්ජාල සන්නිවේදන ක්ෂේත්රයේ ඒකාධිකාරයන් දරන ගූගල්, ෆේස්බුක් වැනි දැවැන්ත සංගත ස්වකැමැත්තෙන් ම රාජ්‍ය මර්දනය හා අත්වැල් බැඳ ගෙන සිටිති.
“දේශපාලන අදහස වාරනය” ගැන විප්රකේ ඇතුලු සංවිධාන දක්වන උත්සුකය තුනී වහන්තරාවකි. වාරනය කලයුතු හා නොකල යුතු දෑ ගැන තීන්දු කරන්නේ කවුද? වෛරී ප්‍රකාශ හා එසේ නොවන ප්‍රකාශ තෝරන්නේ කවුද?
අන්තර්ජාල, ෆේස්බුක් හෝ වෙනත් සමාජජාල, ගුගල් සහ ෆේස්බුක් හෝ වෙනත් සංගත විසින් හෝ ආන්ඩු විසින් කෙරෙන වාරනයට අපි විරුද්ධ වෙමු.
මෙ බඳු සංගත ආන්ඩු සමග එක්ව, දේශපාලන අයිතීන්ට පහර එල්ල කිරීමට ගෙන යන රහස් සාකච්ඡාවලට සිවිල් සංවිධාන ද හවුල් වීමෙන් එම ප්රහාරයන් වලකාලිය හැකි යයි සිතීම මුලාවකි. මහනුවර සිදුවීම් පමනක් නොව මියැන්මාරයේ සිදුවීම් ද “වෛරී ප්‍රකාශ” නිසා සිදුවන බව ද සමාජජාල ඊට වගකිවයුතු බව ද කීම සාවද්‍ය වේ. ඒවා දැනුවත්ව කලක් තිස්සේ ධනපති පන්තිය, අනුප්‍රාප්තික ආන්ඩු හා ඒවා විසින් තර කෙරුනු සිංහල බෞද්ධ අන්තවාදී කන්ඩායම් විසින් සංවිධානාත්මකව, සැලසුම් කරන ලද වර්ගවාදී ප්රචන්ඩ ක්රියාවන්ය.
වාර්ගික ප්රචන්ඩත්වය නැති කිරීම හෝ වේවා, භාෂනයේ නිදහස රැක ගැනීම හෝ වේවා, මේවා සාක්ෂාත් කර ගත හැක්කේ වාර්ගික ප්රකෝපකරනයන් හුවා දක්වා භාෂනයේ නිදහසට වැට බඳිමින් තම පන්ති පාලනයේ පන නල ගැට ගසා ගන්නා ධනපති පන්තියට ම, ආන්ඩුවලට හෝ සංගතවලට හෝ, ආයාචනා කිරීමෙන් නොව ඒවායේ මුලාශ්‍රය වන ධනපති පන්ති පාලනය පෙරලා දැමීමෙන් පමනකි. එය කල හැක්කේ කම්කරු පන්තිය මෙම ප්‍රහාරවලට එරෙහිව බලමුලු ගැන්වීමෙන් පමනකි.
මේ මූලධර්මය මත පදනම් වෙමින් අන්තර්ජාල වාරනයට එරෙහිව පුලුල් සන්ධානයක් ගොඩ නැගීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැඳවුමක් කර ඇත.
Follow us on