රුසියන් විප්ලවය කලාකරුවකුගේ ඇසින්

1917: The Real October— 1917: සැබෑ ඔක්තෝබරය - සජීවිකෘත වාර්තා චිත‍්‍රපටය, අධ්‍යක්ෂනය: කැට්රින් රොත්

An artist’s eye view of the Russian Revolution

සිබිලි ෆූච්, 2017 නොවැම්බර් 17

විසිවැනි සියවසේ ඉතා ම වැදගත් සිදුවීම වන රුසියානු විප්ලවය පිලිබඳ සජීවිකෘත කලාකෘතියක් බරපතල ලෙස වැරදි මග යෑමේ සැලකිය යුතු ඉඩකඩක් ඇත. එහෙත්, ජර්මානු ලේඛිකාවක හා චිත‍්‍රපට අධ්‍යක්ෂවරියක වූ කැත්රින් රොත්ගේ 1917: The Real October (1917: සැබෑ ඔක්තෝබරය) රුචිකර අත්හදා බැලීමක් වෙයි.

කීර්තිමත් ග‍්‍රීම් සම්මානය දෙවරක් දිනා සිටින රොත්ට (2014 හා 2017 ජර්මානු රූපවාහිනිය සඳහා නිපදවන ලද කලා කෘතියක් සඳහා) ශත වර්ෂයකට ඉහත දී සිදු වූ කලබලකාරී සිදුවීම්වලට කලාකරුවන් ප‍්‍රතිචාර දැක් වූයේ කෙසේ දැයි දැන ගැනීමට වුවමනා විය.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ගයේ නේවා නදිය හරහා ගමන්කරන උද්ඝෝෂකයින්

මේ අරමුන සඳහා ඇය නානාවිධ ඓතිහාසික අධ්‍යයනයන් කියවූවා ය. එහෙත් ඒ සියල්ල අතරින් ඇය තුල වඩාත් ම බලපෑමක් ඇති කරන ලද්දේ සිදුවීම් සියැසින් දුටු කීප දෙනෙකුගේ විස්තර ඇතුලත් කෘතියකි. මෙය රුසියාව තුල 1917 පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා සිදුවීම් කලාකරුවන් ගනනාවකගේ ආත්මීය දෘෂ්ටිකෝනයෙන් ඉදිරිපත් කිරීමේ අදහස චිත‍්‍රපට අධ්‍යක්ෂවරියට ලබා දිනි. ඒ අතර ම ඇය මෙයට හර්මන් ඇක්සල්බැන්ක්ගේ විශිෂ්ට නිර්මානය වූ Tsar to Lenin -(1937) (“සාර් සිට ලෙනින් දක්වා”) නමැති වාර්තාමය චිත‍්‍රපටයේ වර්තාකරනය ඌනපූරකයක් ලෙස යොදා ගත්තා ය. ඇය තම චිත‍්‍රාගාරය තුල පුද්ගලයන්ගේ හා ස්ථානවල පින්තූර රතු පාටින් වර්නවත් කරන ලද බිත්තිය මත කාල මාපක රේඛාවක් දිගේ ස්ථානගත කරමින්, ඒවා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, විප්ලවවාදී වර්ධනයන් වාර්තා කලා ය. (හඬසපයන ලද්දේ ඉන්කා ෆ්‍රෙඞ්රිව් විසිනි) ඉතා ම වැදගත් සිදුවීම් සාර් සිට ලෙනින් දක්වා චිත‍්‍රපටයෙන් උපුටා ගත් රූප රාමුු, ඡායාරූප හා කාඩ්බෝඩ් සලකුනු මගින් හඳුන්වා දෙනු ලබයි. උදාහරන වසයෙන්, ඉහල සමාජය ගැන ව්ලැඩිමීර් මයාකොව්ස්කි කවියා කල හෙලා දැකීම II වැනි සාර් නිකොලොස් හා ඔහුගේ පවුල දැක්වෙන චිත‍්‍රපටයේ පින්තූර මගින් අවධාරනය කරනු ලබයි.

කතුරෙන් කපා ගන්නා ලද පූට්ටු චිත‍්‍ර ද තනි තනි වසයෙන් නිර්මිත සජීවිකෘත රූප සටහන් හා නිපුන ලෙස සැකසූ විවිධ ද්‍රව්‍යයන් (සුදීප්ත බුබුලු ආවරන, රැලි ගන්වන ලද කාඩ්බෝඩ් , ලොම් රෙදි යනාදිය) ද රොත් උපයෝගි කර ගන්නීය. පසුබිම හා ඇතුලත සැලකිල්ලෙන් අඳිනු ලැබ ඇති අතර ඇතැම් විට වර්න ගන්වනු ලැබ තිබේ. ප‍්‍රතිඵලය “ද්විමාන සජීවිකෘත චිත‍්‍රවල හා ත්‍රිමාන සජීවිකෘත රූකඩවල සම්මිශ‍්‍රනයක්” ලෙස රොත් උචිත අයුරින් විස්තර කරන්නී ය.

රොත් විප්ලවය (හා පශ්චාත්-විප්ලව කාල පරිච්ෙඡ්දය) පිලිබඳ සංක්ෂිප්ත හා අර්ථපූර්න රූපසටහන් නැවත නැවතත් ප‍්‍රයෝජනයට ගන්නී ය. චිත‍්‍රපටය තුල ඇය නිරූපනය කරන මයාකොව්ස්කි අරාජකවාදී පුවත්පතක් වන රස්කායා වොල්නියොන් (1917 මාර්තු 18) මගින් කරන ලද ප‍්‍රකාශයක් ගෙන හැර දක්වයි: “ඔබට ඔබගේ සටන් පාඨ පුවරු හා ධජ වැඩි අවධානය ඇද ගැනීමට හැකි මට්ටමට පත්කර ගැනීමට අවශ්‍ය නම් ඊට උදව් කරන ලෙස කලාකරුවන්ගෙන් ඉල්ලා සිටින්න” කවියා ද ඇතුලු ව ඔවුන් අතරින් බොහෝ දෙනෙක් එම උදව්ව සපයා දීමට කැමැත්තෙන් සිටිය හ.

කැට්රින් රොත් (Photo credit: Krd)

සාමාන්‍ය ජනතාව දැක්වෙන දර්ශන සිත් කාවදින බලයකින් යුක්ත ය. විශේෂයෙන් ම රතු පැහැති මිනී පෙට්ටි සහිත, පෙබරවාරි විප්ලවයේ දී ජීවිතක්ෂයට පත් වූවන් සඳහා පැවැත්වෙන දැවැන්ත අවමගුල් උත්සවය තුල මේ ලක්ෂනය දැක ගත හැකි ය. ඇයගේ කථානායකයන් අතරින් එක් අයෙකු වූ ඇලෙක්සන්ඩර් බෙනෙඉස්ගේ වචවලින් දක්වතොත් “The Purest Breughel” එය බෲගෙල් නමැති ලන්දේසි චිත‍්‍රශිල්පියාගේ දර්ශනීය ම චිත‍්‍රයක් සිහිගන්වයි.

කථානායකයන් පස්දෙනා වන්නේ, ලේඛක මැක්සිම් ගෝර්කි (මාර්ටින් ෂෙනීඩර්ගේ හඬින්), පරිපූර්න සංශයවාදී ධනේශ්වර ගේය පද රචක හා දින සටහන් ලියන්නා වන සිනයිඩා හිපියස් (ක්ලෝඩියා මිචෙල්සන්ගේ හඬින්) චිත‍්‍ර ශිල්පියෙකු, වේදිකා අධ්‍යක්ෂවරයෙකු හා විචාරයෙකු වන බෙනොයිස ( හෑන්ස් ෂිලර්ගෙ හඬින්) ජ්‍යාමිතිකරූප චිත‍්‍රශිල්පී කෂිමිර් මෙලවිච් (ආර්නි ෆර්මන්ගේ හඬින්), හා උද්යෝගී විප්ලවවාදියෙකු හා අනාගතවාදියෙකු වන මයාකොව්ස්කි (මැක්සිමිලන් බෘවර්ගේ හඬින්) යන අයවලුන් ය.

පෙබරවාරි සිට ඔක්තෝබරය දක්වා ඉහත දැක්වුනු කලාකරුවන් පස් දෙනා සාමාන්‍ය ජනතාව හා තාවකාලික ආන්ඩුව අතර නො නවත්වා තීව‍්‍ර වෙමින් තිබූ බල අරගලය සම්බන්ධයෙන් තියුනු ලෙස වෙනස් වන ආකල්ප දරති.

කීර්තිධර ලේඛක දිමිත‍්‍රි වෙරෂ්කොවිස්කිගේ බිරිඳ ගිෂ්පියස් ටෝරිඩ් මාලිගොවේ රජයේ මූලස්ථානයට විරුද්ධ පැත්තේ සුවපහසු ලෙස දිවි ගෙවමින් දැවැන්ත මහජන ව්‍යාපාරය දෙස පුපුරු ගසන වෛරයෙන් යුතු ව බලා හිඳින්නී ය. ඇගේ වෛරයට හේතු වී ඇත්තේල රුසියාව තුල ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පහල වෙතැ යි ඇය තුල පැවති මූලික අපේක්ෂාව සාක්ෂාත් වීමේ ශක්‍යතාව එන්ට එන්ට ම හීන වී යාම ය.

ගිෂ්පියස් ආරම්භයේ සිට ම සංශයවාදී වූවා ය. ඇලෙක්සන්ඩර් කෙරෙන්ස්කිගේ මිතුරියක වූ ඇය තමන්ගේ දේශපාලන අසාර්ථක වීම් මගින් අපේක්ෂා භංගත්වයට පත් වන්නී ය. ඇය ධනේශ්වර හා සුලුධනේශ්වර පුද්ගල කවයන් නියෝජනය කල අතර, ආරම්භයේ දී පරමාධිපත්‍යයේ හා පැරනි සමාජයේ බිඳ වැටීම සාදරයෙන් පිලිගත් මේ පුද්ගල කවයෝ ඒ සමගම එහි ප‍්‍රතිවිපාකයන් සම්බන්ධයෙන් බියට පත් වූහ.

කවියා යුද්ධය සම්බන්ධයෙන් ඇයගේ ආකල්පය නිර්වචනය කරන්නේ මෙසේ ය: “මම යුද්ධයට පක්ෂපාතී වෙමි. එය හැකි ඉක්මනින් ගෞරවනීය අවසානයකට ඒම වෙනුවෙන් මම පෙනී සිටිමි.” මාස ගනනාවක් ඇතුලත විශේෂයෙන් ම බෝල්ශෙවිකයන් සම්බන්ධයෙන් ගිෂ්පියස්ගේ ප‍්‍රකාශයන් කවදාටත් වඩා විසකුරු බවට පත් වෙයි.

ව්ලැඩිමිර් මයාකොව්ස්කි

සාහිත්‍යය හා විප්ලවය (1924 ) නමැති කෘතිය තුල ට්‍රොට්ස්කි, කවියා පිලිබඳ උපහාසාත්මක ආලේඛ්‍යයක් අඳියි. චිත‍්‍රපටය තුල මේ රූප සටහනට අවශ්‍ය නිවැරදි කිරීමක් සපයයි. චිත‍්‍රපටය තුල දී එය සැලකිය යුතු තරම් ප‍්‍රසන්න ආකාරයට නිරූපනය කරනු ලැබේ. ට්‍රොට්ස්කි, ඇයගේ එක් පැදි පෙලක් ගෙන හැර පායි:

මිනිසුනි.

ශුද්ධ වස්තු කෙලෙසන තෙපි

නො පමාව සැම

මුගුරක් අතින් ගෙන

එලවා දැමෙනු ඇත

ඒ පරන පට්ටියට

ට්‍රොට්ස්කි මෙසේ ද සඳහන් කරයි: “පරිහානික ගූඪ කිවිඳිය (ලුහුගුරු පද්‍ය භාවිතයෙන්) මුගුරක් හරඹ කිරීමට දරන මේ ප‍්‍රයත්නය අනුකරනය කිරීමට මොන තරම් නම් නො හැකි ජීවිතයෙන් පෙත්තක් ද!”

ගිෂ්පියස් ඇගේ “කසයන්” යොදා ගනිමින් ජනතාවට තර්ජනය කරන තවත් ෙඡ්දයක් සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි මෙසේ අදහස් දක්වයි. “කෙනෙකුට ඇගේ ස්වභාවය ඉතා පැහැදිලි ව දැකිය හැකි ය. ඇය පීට්‍රෝග‍්‍රෑඩ් නුවර අලස, මලානික, තම කුසලතාවන්ගෙන් ශෝභමාන වූ ලිබරල් නවීන නෝනා කෙනෙකු ව සිටියේ ඊයේ ය. එහෙත් අද දින ඇගේ ම සියුම්කම්වලින් පිරුනු නෝනා “දිගු ඇන සපත්තු ලා ගත්” ජනරාල්ගේ කාලවර්න අපරාධකාරී අකෘතඥකම දැක තම ශුද්ධාතිශය ආධ්‍යත්මයෙන් කෝපයට පත් වල තම බල රහිත කෝපය (ලුහුගුරු පද්‍යයෙන්) සැර තියුනු ගැහැනු හඬක් බවට පෙරලයි. ඇත්තෙන් ම ඇගේ තියුනු හඬ හදවත් විසුනු නො කරන්නේ නම් එය උනන්දුව දල්වනු නො අනුමාන ය. මෙතැන් සිට අවුරුදු සියයක් ගත වූ තැන රුසියානු විප්ලවයේ ඉතිහාසය ලියන්නා ඇන සපත්තුකාරයෙකුට පීට්‍රෝග‍්‍රෑඩ් නෝනා කෙනෙකුගේ උදාන කාව්‍යාත්මක සුමුදු පා ඇඟිල්ල පෑගුනු සැටිත්, ඒ සැනින් ම ඇය තම පරිහානික ගූඪ ශෘංගාරී කිතුනු වහන්තරාව යට සැඟවී සිටි දේපොල අයිතිකාර සැබෑ මායාකාරිය විදහා දැක් වූ සැටිත් ඇතැම් විට විදහා දක්වනු ඇත.”

ඉන් ටික දිනකට පසුව, පැරිස් නුවරට පිටුවහල් වූ මේ ශෝභමාන කාන්තාව ඇයගේ සියලු බලාපොරොත්තු හිට්ලර්ගේ තුන් වැනි ජර්මානු රාජ්‍යය මත රැඳවීම අහම්බයක් නො වේ.

සැම විට ම තමන් සමාජවාදියෙකැ යි හඳුන්වා ගන්නා ගෝර්කි (එසේ නමුදු ඔහු කිසිදාක මාක්ස්වාදියෙකු නො වූ බව රොත් තිරසර ව ප‍්‍රකාශ කර සිටින්නී ය) 1917 බහුජන ව්‍යාපාරයෙන් වඩ වඩාත් කැලඹීමට පත් වූ අතර දරුනු ලෙස බියට පත් වෙයි. 1905 අසාර්ථක වූ විප්ලවය අතරතුර ඔහුගේ ක්ෂතිමය අත්දැකීම - ඔහු එයට සහභාගිවූවෙකි- ඔහු අඳුරු සිතුවිලි කරා වෙහෙස වී ය. “නිමක් නැති ප‍්‍රමානයන්ගෙන් රුධිරය ගලායනු ඇත.” කලාව හා සංස්කෘතිය තර්ජනයට ලක් ව ඇති බව දුටු කල්හි ගෝර්කි මැදිහත් වූ අතර ඔහු ස්මාරක ආරක්ෂා කිරීමට ක්‍රියාකාරී කන්ඩායමක් ආරම්භ කලේ ය. කලාකරුවෝ ඔවුනොවුන් අතර ම භේදභින්න ව සිටි නමුත් “සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම” සඳහා ඉල්ලා සිටි යෝජනාවක් ගැන එකඟ වූහ. එය තාවකාලික ආන්ඩුවට ඉදිරිපත් කෙරුනු අතර එය බොහොම කරුනාබර ව භාර ගැනුනි. සංස්කෘතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට කොමිෂමක් ආරම්භ කරන ලදී. රට තුල පැවති තත්වයෙන් අසහනයට පත් ව රුසියානු යුද ප‍්‍රයත්නය පවත්වා ගෙන යාමට රජයේ වූ අධිෂ්ඨානයෙන් අසතුටට පත් ගෝර්කි Novaya Zhizn (නව දිවිය) නමින් පුවත්පතක් ආරම්භ කලේ ය. ඔහුට ඔහුගේ ම පක්ෂයක් පිහිටුවීමට වුවමනා වූ අතර එහි සාමාජිකයන් තිදෙනෙකු පමනක් සිටිය යුතු යැයි ඔහු විශ්වාස කලේ ය.

බෝල්ශෙවිකයෙකු හා සාහිතය විචාරකයෙකු වූ ඇලෙක්සන්ඩර් වොරොන්ස්කි පසු කලෙක ගෝර්කි හඳුන්වා දුන්නේ මේ අයුරිනි: “මිනිසාගේ චින්තනය උදාර වෙයි, නිදහස් හා බියෙන් තොර වෙයි. එහෙත් රුසියාව තුල අපත් සමග ගත් කල, එය ජීවිතයේ මූලික සහජාශයන්ගෙන් වෙන් වූ හා භින්න වූ වකි. ලේඛකයා (ගෝර්කි) චින්තනය හා හැඟීම් අතර පවතින මේ භේදය තුල අපගේ විප්ලවයේ ඛේදවාචකය දකියි. විප්ලවය අතර තුර, පවතින, ‘බුද්ධිය’ - බුද්ධිජීවීන් - පිලිබඳ මූලධර්මය පැන නැගුනු අතර ‘ජනතාව නමැති මූලිකාංගයෙන් පිටත එය කෙලවර විය’ රොත්ගේ 1917: Real October චිත‍්‍රපටය පැහැදිලි ව දක්වන පරිදි ගෝර්කිගේ නිර්ධන පන්තික සම්භවයන් තිබිය දීත් ඔහු අයත් වූයේ බුද්ධිජීවීන්ගේ ගනයට ය.

කෂිමිර් මෙලවිච්

ගෝර්කිගේ මැදිහත්වීමට පින්සිදු වන්නට 1 වැනි ලෝක සංග‍්‍රාමය අතරතුර යුද පෙරමුනට යාමෙන් වැලකී ඒ වෙනුවට පීට්‍රෝග‍්‍රෑඩයේ රඳවනු ලැබූ මයාකොව්ස්කි, චිත‍්‍රපටය තුල දක්නට ලැබෙන ඉතා ම ආවේශිිත පුද්ගලයා වෙයි.

වෙඩි හඬ නිකුත් වන සෑම තැනක ම ඔහු දෘෂ්‍යමාන වන නමුත් පෙබරවාරි මුල් දිනවල සිදුවීම්වල “කාව්‍යමය කාල මාපකය” කර්තෘත්වය දැරීම සඳහා පෙනී සිටියි. මායාකොව්ස්කි බෝල්ශෙවිකයන් බලය අල්ලනු ඇතැ යි දැඩි ලෙස බලාපොරොත්තු වෙයි. කම්කරුවන් හමුවන්නට යන ඔහු තමන්ගේ කවි ඔවුනට කියවයි. සමස්ත රුසියානු කලාකරුවන්ගේ සභාව ආරම්භ කල ඔහු පුවත්පත් සඳහා චිත‍්‍ර ඇඳීම මගින් මුදල් උපයයි. ඔහු ඔහුගේ පේලි දෙකේ උපහාසාත්මක කවිය ගෙන හැර දක්වයි: “ඔබගේ අන්නාසි බුදින්න - බෝල වටුවන්ගේ බිජු හපා කන්න, ධනපතියනි නුඹලාට අනතුර අ`ගවන්නෙමු - නුඹලා සිටින්නේ බොහෝ අබලන්ව ය” චිත‍්‍රපටය ද මේ කවි දෙපදය ගායනා කිරීමෙන් අවසන් වේ.

මීට වෙනස් ව, පරිපූර්න ධනපතියෙකු වන බෙනොඉස් විප්ලවවාදී සංක්ෂෝභය මගින් අල්ප කාලීන ව පමනක් පුබුුදුවනු ලබයි. ඔහු දුරින් සිට විප්ලවයට ගෞරව දක්වන අතර වින්ටර් පැලස් මාලිගාවට හා තාපසාරාමයට ඒවායේ තිබූ කලාත්මක සම්පත් සමග අත්වූ ඉරනම මගින් මහත් සිත් තැවුලට පත් කරනු ලබයි. කම්කරුවන් හා ගොවීන් විසින් බලය අල්ලා ගනු ලැබීමෙන් පසු ව ධනේශ්වර පාලනය පෙරලා දැමීම අතරතුර කිසිදු හානියක් සිදු නො වීම ගැන ඔහු විස්මයට පත් වෙයි.

බෙනොඉස් (1927 දී පිටුවහල් වූ මොහු 1960 දී පැරිසියේ දී මිය ගියේ ය.) විප්ලවයට සහභාගි වීමට සිදු වීම ගැන වඩ වඩාත් පසු තැවෙයි. ඔහු තමන්ට කම්කරු පන්තියේ අවශ්‍යතා පිලිබඳ ව කිසි සේත් ම අවබෝධයක් හා සහනුකම්පාවක් නොමැතිකම ප‍්‍රකාශ කරයි. ආහාර ලබා ගැනීම සඳහා පැය ගනන් පෝලිම්වල රැඳී සිටින්නටත් කෑම මේසයට ආහාර වේලක් යැවීමටත් කොහෙත් ම සමත් නො වූ ඔහුගේ කුස්සි අම්මා “සැබවින් ම අඥාන මෝඩියක” වෙයි. ඇය ඉරිදා දවස් වැනි දින නිවාඩු දවස් කල යුතු බවට යලි යලිත් ඉල්ලා සිටින්නී ය.

“කලු චතුරස‍්‍රය” ( Black Square) චිත‍්‍රයේ නිර්මාපක (1915) මැලෙවිච් විප්ලවයේ උද්යෝගී ආධාරකරුවෙකු වන්නේ ඔහු එය කලාවේ නැවත ඉපදීමක් ලෙස දකින හෙයිනි. කලාකරුවන් කම්කරුවන්ට කෞතුකාගාර නැරඹීමේ අවස්ථා සංවිධානය කල යුතු බවත් “නගර කලාගාර” ස්ථාපනය කල යුතු බවත් ඔහු යෝජනා කරයි. කලාව තුලින් “නව පරපුරේ බුද්ධිය” රට පුරා රැගෙන යන තරුන පරම්පරාවට උපකාර කිරීමට ඔහුට වුවමනා ය.

කැතරින් රොත් චිත‍්‍රපටයේ අදාලත්වය පිලිබඳ ඇයගේ මතය සම්මුඛ සාකච්ඡාවක දී පැහැදිලි කරන්නී ය: “ඒක වර්තමානයේ සිට අතීතය දෙස බලන චිත‍්‍රපටයක්. කලාකරුවෝ විප්ලව කරන්නේ නැහැ. ඔවුන්ට ආයුධ නැහැ. ඔවුන් දේශපාලනඥයෝ නො වෙයි. ඒත් ඔවුන් ‘පොදු චිත්ත ස්වභාවය’ ලෙස විස්තර කල හැකි ව තිබෙන දෙයෙහි වැදගත් සහභාගිකරුවෝ. මෙයින් පැන නගින දෙය පාලනය කරන්න ඔවුන්ට බැහැ. ඒත් ඔවුන්ට එක්කෝ මේ වගකීම භාර ගන්න පුලුවන්, එසේ නැති නම් බැහැ.”

රොත්ගේ සාරාංශය මෙසේ යි: “1917 න් පසු කලාව නිදා සිට පිබිදෙන තත්වයක් අත්දුටුවේ ය. එහෙත් නිදහස සොයා යාම ලුහුඬු මායාවක් පමනක් විය” මෙය සමහර විට බොහෝ තනි පුද්ගල කලාකරුවන්ගේ පෞද්ගලික ඉරනමට අදාල විය හැකි ය. එහෙත් ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය විසින් දියත් කරන ලද මර්දනයට කලින් වසර කීපය තුල සෝවියට් හා රුසියානු කලාකරුවන් නිර්මානය කල හා අත්හදා බැලූ දේවල බලපෑම අද දක්වාත් පවතින අතර සමකාලීන කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාන වර්ධනය කර ගැනීමට අඛන්ඩ ව ම උත්ෙප්‍ර්රනයක් සපයයි.

චිත‍්‍රපට අධ්‍යක්ෂවරිය ඇයගේ නිර්මානය අශුභවාදී නිගමනයකින් අවසන් කරන්නී ය: “1989 වන විට මම සමාජවාදයේ අවසානය අත්දුටුවෙමි. මට සැබෑ ඔක්තෝබරය සෙවීමට වුවමනා විය. මට සිය ගනන් සත්‍යයන් සම්භ වී තිබේ. අත් හැරී ඇත්තේ කුමක් ද? වචන හා ක්‍රියාවන්.”

1972 දී උපත ලැබූ අධ්‍යක්ෂවරිය දුටුවේ ස්ටැලින්වාදී රාජ්‍ය තන්ත‍්‍රයේ බිඳ වැටීම ය. එනම් සමාජවාදය නො ව විප්ලවයේ මිනීවල කනින්නාගේ බිඳ වැටීම ය. ඇයගේ චිත‍්‍රපටය ම හා ඇය මේ මාතෘකාව තෝරා ගැනීම මල රුසියානු විප්ලවයේ අදහස් හා අභියෝගය ද එය යුද්ධයට හා සූරාකෑමට දුන් පිලිතුර ද අද දවසේ යලි වතාවක් මතු කෙරී ඇත.

Share this article: