“අපගේ ප්රජාතන්ත්රවාදය” යනු කුමක් ද?
What is "our democracy"?
ඩිමොක්රටික් පක්ෂය නායකත්වය දෙන රුසියානු-විරෝධී උමතුවේ කේන්ද්‍රයේ පවතින්නේ, රුසියාව හා එහි ජනාධිපති ව්ලැදිමීර් පුටින් “අපගේ ප්රජාතන්ත්රවාදයට” තර්ජනය කරන්නේ ය යන්න යි.
ක්‍රෙම්ලිනයේ ප්‍රවීන කුමන්ත්රනකරුවා එතරම් මහන්සි වී වලකැපීමට උත්සාහ කරන “අපගේ ප්රජාතන්ත්රවාදයේ” දර්ශකයන් මොනවා ද?
අසමානතාව හා කතිපයාධිකාරය
- ජෙෆ් බෙසෝ හා බිල් ගේට්ස් යන ධනවත් ම පුද්ගලයන් දෙදෙනා, ජනගහනයේ දිලිඳු ම අර්ධයේ ධනයට සමාන ධනයකට හිමිකම් කියති.
- ජනගහනයේ ධනවත් ම සියයට 5 ධනයෙන් සියයට 67කට හිමිකම් කියති. ජනගහනයේ දුප්පත් ම සියයට 60 හිමිකම් කියන්නේ ධනයෙන් සියයට 1කට පමනි.
- ධනවත් ම ඇමරිකානුවෝ දුප්පත් ම ඇමරිකානුවන්ට වඩා වසර 20ක් වැඩිපුර ජීවත් වෙති.
- 2004 පටන් බැංකු විසින් නිවාස මිලියන 7කටත් වඩා සින්න කරගෙන ඇත.
- දෙන ලද රාත්‍රීයක නිවාස නැති ජනයාගේ සංඛ්‍යාව 554,000කි.
- පලමුව රට වාසස්ථානය කරගෙන සිටි ස්වදේශික ජනයා, ජනගහනයේ වඩාත් ම දුප්පත් හා සූරාකෑවෙන කොටස යි.
- ප්‍රාන්ත 10ක බොහෝ ප්‍රදේශවල කාන්තාවන්ට ගබ්සාවක් කරගැනීම සඳහා සැතපුම් 100කටත් වඩා ගමන් කලයුතු අතර, එම අයිතිය සියවසක් තුල වඩාත් ම දක්ෂිනාංශික ශ්‍රේෂ්ඨාධිකරනය විසින් තර්ජනයට ලක්කරනු ලැබේ.
පොලිස් මර්දනය හා සමූහ අත්අඩංගුවට ගැනීම
- වැඩිහිටි ඇමරිකානුවන්ගෙන් සියයට තුනක් හෙවත් මිලියන 6.8ක් ජනයා එක්කෝ බන්ධනාගාරයේ හෝ සිරගත ව නැතහොත් සමාකාලය හෝ පරිවාස කාලය ගෙවමින් සිටිති.
- එක්සත් ජනපදය තුල මිලියන 1.2ක හෙවත් නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ ජනගහනයට සමාන පොලිස් නිලධාරීහු සංඛ්‍යාවක් සිටිති.
- 2000 වසරේ පටන් පොලීසිය විසින් 15,000ක් ජනයා මරා දමා ඇත.
- ලමුන් 55,000ක් වර්තමානයේ පසුවන්නේ බාලක රැඳවුම් භාරයේ ය.
- ප්‍රාන්තවලින් තුනෙන් පංගුවක් සතුව ම දඩ හෝ නය ගෙවා ගත නො හැකි නිසා දුගීන් රඳවා තිබෙන නයකාර බන්ධනාගාර පවතී.
“ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ” පිරිවැය
- ඉරාක හා ඇෆ්ඝනිස්තාන යුද්ධයන්හිදී එක්සත් ජනපදය මිලියනයකට වැඩි ජනයා මරා දැම්මේ ය.
- ඉරාකයේ “ජන සංහාරක අවි” පිලිබඳ ව රහස් තොරතුරු ඒජන්සි මහජනයාට බොරු කී හ.
- ලෝකය පුරා “කලු අඩවි” වධක බන්ධනාගාර පවත්වාගෙන ගිය එක්සත් ජනපදය, ගුවන්තනාමෝ බේ බන්ධනාගාරය තුල දුසිම් ගනනක් අවිනිශ්චිත කාලයකට දිගට ම රඳවාගෙන සිටී.
- 2011 ඞ්රෝන් ප්රහාරයක දී අන්වර් අල්-අව්ලාකි ඝාතනය කල ඔබාමා පරිපාලනය, නියමිත ක්රියාදාමයකින් තොර ව එක්සත් ජනපද පුරවැසියන් ඝාතනය කිරීමේ අයිතිය අවධාරනය කලේ ය.
- මධ්‍යම ආසියාව, මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ යුද්ධ සඳහා 2001 පටන් එක්සත් ජනපදය ඩොලර් ටි්රලියන 6කට ආසන්න ධනයක් වියදම් කර ඇත.
මිලිටරි-කාර්මික සංකීර්නය
- මිලිටරි පිරිවැය සියලු වියදම්වලින් අඩකටත් වැඩි වන අතර, එය, ෆෙඩරල් නිවාස වියදම් මෙන් 10 ගුනයකට ද අධ්‍යාපන පිරිවැය මෙන් නව ගුනයකට ද වඩා වැඩි ය.
- දැනට වාර්ෂිකව ඩොලර් බිලියන 700ටත් වැඩි ධනයක් ගිල දමන ආරක්ෂක දෙපාර්තමේන්තුව, සේවකයන් මිලියන 2.1ක් සහිත ව රටෙහි විශාලතම සේව්‍යයා වන අතර, එක්සත් ජනපද මිලිටරිය ක්‍රියාන්විත සොල්දාදුවන් රටවල් 150ක් තුල යොදවා ඇත.
මැතිවරන හා සංගත විසින් ආන්ඩුව පාලනය කිරීම
- 2017 වසරේ පමනක් ආන්ඩුවට පෙලඹවීම් කිරීමට සංගත විසින් දල වසයෙන් ඩොලර් බිලියන 3ක් වැය කලේ ය.
- 2016 මැතිවරනය කෙරෙහි බලපෑම් කිරීමට ඩොලර් බිලියන හයක් වැයකරන ලද අතර, ඒවායෙන් බහුතරය, සිටිසන්ස් යුනයිටඞ්ට එරෙහි ව එෆ්ඊසී ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවෙන් පසුව ඉඩ ලබාදුන් පරිදි සංගත හා ධනවතුන් විසින් සපයනු ලැබී ය.
- මැතිවරන සීමාවන්, ඩිමොක්රටික් හා රිපබ්ලිකන් පක්ෂවල ආධිපත්‍යයට තුන්වන පක්ෂ විසින් අභියෝග කිරීම කල නොහැක්කක් බවට පත්කරයි.
- ප්‍රාන්ත තිස්තුනක් ඡන්ද දායකයන් හඳුනාගැනීමේ නීති ක්‍රියාත්මක කර ඇති අතර, අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ එම නීති හේතුවෙන් ජනගහනයෙන් සියයට 6කට ඡන්දය දීම අහිමි කර ඇති බව යි.
සංක්රමනිකයන්ට එල්ල කරන ප්‍රහාරය
- එක්සත් ජනපද නාවික හමුදාව සංක්රමනිකයන් 120,000ක් රැඳවීම පිනිස රැඳවුම් කඳවුරු ගොඩනැංවීමට සැලසුම් කරමින් සිටී.
- 2001 පටන් සංක්රමනිකයන් මිලියන 5.4ක් පිටුවහල් කර ඇති අතර, දැනට මිලියන 1ක ජනකායක් පිටුවහල් කරනු ලැබීමට මුහුන දී සිටිති.
- සිය දෙමාපියන්ගෙන් වෙන්කරනු ලැබ ඇති ලමුන් 2,900කට අධික පිරිසක් සති ගනනක් තිස්සේ රඳවනු ලැබ සිටිති.
- රඳවනු ලැබ සිටි සංක්රමනිකයන් ලිංගික, ශාරීරික හා මානසික අපහරනයන්ට ලක් කිරීම පුලුල් ව පැතිර ඇති දෙයකි.
- සංක්රමනිකයන් සිරගත කිරීම හා පිටුවහල් කිරීම ඇමරිකානු සංගතයන්ට වසරකට ඩොලර් බිලියන 1ක් උපයා දෙන කර්මාන්තයකි.
- සංක්රමනිකයන් පිටුවහල් කිරීමට හා රැඳවීමට ආන්ඩුව, සංක්රමන හා රේගු බලධාරීන් 20,000ක හමුදාවක් සහ රේගු හා දේශසීමා ආරක්ෂකයින් 45,600ක හමුදාවක් ගොඩනගා ඇත.
- සංක්රමනිකයන්ට නීතිඥ සහාය ලබාගැනීමේ හිමිකම නැති අතර, බොහෝ සංක්රමනිකයන් කිසිවිටෙක විනිසුරුවරයෙක් හමුවේ පෙනී සිට නැත.
වාරනය සහ රාජ්‍ය නිරීක්ෂනය
- රටෙහි මාධ්‍ය ජාලයන්ගෙන් සියයට 90කට හිමිකම් කියන්නේ මාධ්‍ය සමාගම් පහක් විසිනි.
- අන්තර්ජාල ප්‍රවේශය වාරනය කිරීමේ හා පාලනය කිරීමේ අයිතිය සංගතවලට හා ආන්ඩුවට ලබා දෙමින්, 2017 වසරේ දෙසැම්බරයේ දී මධ්‍යම සන්නිවේදන කොමිසම ජාල අපක්ෂපාතීත්වය අහෝසි කිරීමට නියම කලේ ය.
- 2017 වසරේ දී ජාතික ආරක්ෂක ඒජන්සිය දුරකථන ඇමතුම් හා කෙටි පනිවුඩ වාර්තා මිලියන 534ක් එක්සත් ජනපද විදුලි සංදේශ සේවය වෙතින් එකතු කරගත් අතර, එම අගය 2016 මෙන් තුන්ගුනයකි.
- ක්‍රමලේඛන වෙනස් කරමින් හා විරුද්ධවාදී අදහස් වෙත ශ්‍රාවකයන් ප්‍රවේශ වීම සෙවුම් ප්‍රතිඵල වෙතින් ලඝුකරමින් ගූගල් හා ෆේස්බුක් යන සමාගම් සමාජවාදී, යුද-විරෝධී හා ප්රගතිශීලී වෙබ් අඩවි වාරනය කරමින් සිටිති.
- එක්සත් ජනපදයේ යුද අපරාධ හා මහජනයා නිරීක්ෂනය කිරීම් හෙලිදරවු කිරීම නිසා, චෙල්සී මෑනිං, එඞ්වඞ් ස්නෝඩන් හා ජූලියන් අසාන්ජ් වැනි නීති-විරෝධී කටයුතු හෙලිදරවු කල අයට චෝදනා නැගීම, නඩු ඇසීම හෝ පිටුවහල් කිරීමට ආන්ඩුව බලපෑම් කරයි.
පුටින් මහතා කුමක් කර තිබුනත් ඉහත කැටිකර දැක්වූ කිසිදු කාරනයක් මුල්කරගෙන ඔහුට වරද පැටවිය නො හැකි, “අපගේ ප්රජාතන්ත්රවාදයේ” යථාර්ථය මෙය යි. මෙම පිරිහීමේ මූලයක් රැඳී තිබෙන්නේ ධනේශ්වර පද්ධතිය හා පෙර නුවූ විරූ මට්ටම්වලින් සමාජ අසමානතාව වර්ධනය වීම තුල යි.
“අපගේ ප්රජාතන්ත්රවාදයට රුසියානු මැදිහත්වීම්” අරබයා, පාලක පන්තියේ කොටස් අතර පවතින තිව්ර දේශපාලනික කාකොටාගැනීම සනාථ කරන්නේ පාලක පන්තිය තුල ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා පෙනී සිටින කිසිදු කොටසක් නැති බව යි. පාලනයේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රම අත්හැර දැමීම කම්කරු පන්තියට තියුනු අනතුරකි. ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කරගත හැකි එකම ක්‍රමය වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට, සමාජ අසමානතාවට හා ධනවාදයට එරෙහි අරගලය යි.
එරික් ලන්ඩන්
Follow us on