දැවැන්ත දූෂන චෝදනා මධ්‍යයේ,
දක්ෂිනාංශික ඉස්ලාමීය ජනතාවාදී ඉම්රාන් ඛාන්, පකිස්ථාන මැතිවරන ජයග්‍රහනය ප්‍රකාශ කරයි
Amid charges of massive irregularities
Right-wing Islamic populist Imran Khan claims victory in Pakistan elections
සම්පත් පෙරේරා විසිනි, 2018 ජූලි 27
දේශපාලනයට පිවිසි හිටපු ක්‍රිකට් ක්‍රීඩයෙකු වන ඉම්රාන් ඛාන් හා ඔහුගේ පීටීඅයි හෙවත් පකිස්ථාන ටේරික් ඊ ඉන්සාෆ් සංවිධානය 25දා පැවති මහ මැතිවරනයෙන් ජයගත් බව පවසයි. නිල නොවන වාර්තා වලට අනුව පීටීඅයි තරඟයේ ඉදිරියෙන් සිටින නමුත් පාර්ලිමෙන්තු බහුතරයක් දිනා නොගන්නවා ඇත.
මේ අතර පැවති ආන්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (පීඑම්එල්-එන්) හා පීපීපී හෙවත් පකිස්ථාන මහජන පක්ෂය යන අනෙකුත් ප්රමුඛ සංවිධාන ද විවිධ සුලු පක්ෂ ද පවසන්නේ බරපතල ඡන්ද දූෂන සිදුව ඇති බවයි.
මැතිවරනයට පෙරාතුව ම, ඉතිහාසයේ වැඩි කාලයක් සෘජුව ම පකිස්ථානය පාලනය කල හා කෙලින්ම විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති තීරනය කල මිලිටරිය, පීටීඅයිහි ජයග්‍රහනය සහතික කෙරෙන පරිදි මැතිවරන ක්‍රියාවලියේ සෑම අංශයකටම මැදිහත්වන බවට චෝදනා නැගෙමින් තිබුනි. 25දා පලවූ පුලුල් වශයෙන් කියවන ඩෝන් යන දිනපතා ඉංග්‍රීසි පුවත්පත මැතිවරන දූෂන පිලිබඳ මූලික චෝදනා නඟන ලිපියක් පල කලේය. “දූෂනය සෑම මැතිවරනයකම පාහේ සිදුව ඇති බවට චෝදනා නැඟී ඇතත් මෙවර එය, මැතිවරනය ගැන අඳුරක් පතුරවමින් උග්‍ර මට්ටමින් සිදුවන්නේය.
ප්‍රධාන පක්ෂ දෙකම තමන් මැතිවරන ප්‍රතිපලයේ නීත්‍යානුකූල භාවය පිලි නොගන්නා බවට ඇඟවුම් කර ඇතත් ඛාන් 26දා රූපවාහිනිය ඔස්සේ සිය ජයග්‍රහනය ප්‍රකාශ කලේය. පකිස්ථාන ඉතිහාසයේ පැවති “සාධාරනම” මැතිවරනය මෙය බව පැවසූ ඔහු, වැඩිපුර රැකියා හා පීඩිත ජනතාවට සහන ලබාදෙන බවට පුහු හා ජනතාවාදී පොරොන්දු මාලාවක් දුන්නේය. “ඉස්ලාමීය ශුභ සාධක රාජ්‍යයක්” නිර්මානය කරන බවට පොරොන්දුවූ ඛාන්, “අපගේ සියලු පිරිවැය පහත දමා ”බදු ගෙවන්නන්ගේ මුදල් ආරක්ෂා කර” දෙන බවට දිව්රුවේය.
එසේම ඔහු, “සාමය” පොරොන්දු වෙමින් ඇෆ්ගන් යුද්ධයට විසඳුමක් අවශ්‍ය බව කියා සිටි අතර “දෙපාර්ශවයටම වාසිදායක” වන පරිදි ඇමරිකාව සමඟ සම්බන්ධතා ගොඩනැඟීමේ අවශ්‍යතාව ද අවධාරනය කලේය. ඓතිහාසිකව ඉස්ලමාබාදය දකුනු ආසියාවේ වොෂින්ටනයෙහි ප්‍රධානම සහචරයා විය. එහෙත් පසුගිය දශක දෙක තිස්සේ ඇමරිකාව, පකිස්ථානයේ එදිරිවාදියා වන ඉන්දියාවට වැදගත් මූලෝපායික වාසි සලසා දුන් අතර ඒ චීනයට මිලිටරි-මූලෝපායික බාධකයක් ලෙස පෙලගස්වා ගැනීමටය. ඇෆ්ගනිස්ථානය තුල ඇමරිකානු යුද අරමුනු ක්‍රියාත්මක නොකරන්නේ නම්, පකිස්ථානය සමඟ සබඳතා දැවැන්තව පහත දමන බවට පසුගිය වසරේදී ඇමරිකානු ජනාධිපති එරටට තර්ජනය කලේය.
ඛාන් ඉන්දියාව සමඟ සබඳතා නඟාසිටුවීම සඳහා කැඳවුම් කල නමුත් අමතරව සඳහන් කලේ, “එය ඔවුන්ගේ නායකයින්ට අවශ්‍ය නම්” බවය. මුස්ලිම් වරයෙකු ලෙස යලි උපන්නෙකු ලෙස හා දූෂන විරෝධියෙකු ලෙස ඛාන් තමන් හඳුන්වා ගත්තේය. මිලියන කිහිපයක් තරම් වන ආමඩි ආගමික සුලුතරයේ ඡන්ද අයිතිය නැතිකිරීමට සහාය දක්වමින් ඔහු, රටේ කුරිරු දේවාපහාසන නීතියේ පුරෝහිතයෙක් ලෙස ඉස්ලාමීය දක්ෂිනාංශය වෙනුවෙන් පෙනී සිටියේය.
2013 වනතෙක් ඛාන්ගේ පීටීඅයි සංවිධානය පකිස්ථාන දේශපාලනය තුල කැපී පෙනෙන තත්වයක නොතිබුනි. ආන්ඩුවේ පාලනයට යටත් ගෝත්‍රික ප්‍රදේශවල ඇමරිකාවේ ඩ්‍රෝන් යුද්ධයේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටිමින්, වොෂින්ටනයේ ඇෆ්ගන් යුද්ධයේ ප්‍රාන්ත නායකයෙකු ලෙස කටයුතු කල හා ජාමූඅ රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නඟන ලද, “වාමාංශික යයි කියාගත් පීපීපී ආන්ඩුව කෙරෙහි පැවති මහජන විරෝධය ගසාකමින් ජනප්‍රියත්වයට පත්වීමට ඔහුට ඉඩ ලැබුනි.
පකිස්ථානයේ සමහර මාධ්‍ය, සිවිල් ආන්ඩුවක් යටතේ පැවති දෙවැනි මැතිවරනය වූ මෙය, එරට ප්රජාතන්ත්රය ශක්තිමත් වීම පිලිබඳ නිදසුනක් ලෙස ගෙනහැර දැක්වීමට වෑයම් කරති. සැබෑව නම්, 2013 මැතිවරනයට යොදවා සිටි සෙබලු 70,000 සමඟ සසඳන කල, ඡන්දයේ සාධාරනත්වය සහතික කිරීම පිනිස තර්ජනාත්මක ලෙස යොදවා තිබූ 370,000ක් සෙබලුන්ට ඡන්දදායකයින් මුහුනදී සිටි බවයි. ඡන්ද මධ්‍යස්ථාන 85,000ක් ආවරනය ක ිරීමට යොදවා සිටි මුලු ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 800,000කි. දැනටමත් කරච්චි, බලුකිස්ථානය, හා පස්තුන්ක්වා ලෙස හඳුන්වන, කලින් ආන්ඩුවේ පාලනයේ කොටසක්ව පැවති ගෝත්‍රික ප්‍රදේශ තුල ස්ථානගත කර ඇති මිලිටරියට අමතරව මෙම මෙහෙයුම දියත්කර තිබුනි.
මෙම බලමුලු ගැන්වීම තිබියදීම සියදිවි නසාගන්නා බෝම්බ කරුවෙක් 25දා, බලුකිස්ථානයේ ක්වෙටාහිදී අඩුම තරමින් පුද්ගලයින් 31 දෙනෙකු මරා දැමීය. ඉස්ලාමීය රාජ්‍යය වගකීම බාරගත්තේය. ඊට පෙර මැතිවරන ප්රචන්ඩ ක්‍රියා වාර්තාවූ අතර, බලුකිස්ථාන හා සින්ද්හි ඡන්ද මධ්‍යස්ථාන වලදී වෙඩිතැබීම් හා අත්බෝම්බ ගැසීම් වාර්තා විය. කයිබර් පස්තුන්ක්වාහි එදිරිවාදී පක්ෂවල ආදාරකරුවන් අතර වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගියේය.
ගනන් කිරීම ආරම්භවී පැය කිහිපයකින් පසුව මැතිවරන දූෂන පිලිබඳ බරපතල චෝදනා එල්ල විය. පීඑම්එල්-එන් සභාපති හා එහි අගමැති අපේක්ෂක හා සිරගතකර සිටින හිටපු අගමැතිගේ සොයුරු ෂබාස් සරිෆ්, ආරම්භක ප්‍රතිපල “ප්‍රතික්ෂේප” කලේය. මැතිවරන නීතිය යටතේ සාධාරන ඡන්ද ගනන් කිරීමක් සහතික කිරීම පිනිස තම පක්ෂයෙන් යොදවන ලද ඡන්ද නිරීක්ෂකයින් “ඡන්දපොලවලින් පලවා හැර ඇති” බව ඔහු පැවසීය.
“ප්‍රථමයෙන් ඡන්දයට පෙර දූෂන, පසුව ඡන්ද දැමීම මන්දගාමී වුවත් කාලය දීර්ග කර නොතිබුනි. ඉන් පසුව ගනන් කිරීම ඇරඹුන අතර අපගේ ඡන්ද නිරීක්ෂකයින් ඡන්ද මධ්‍යස්ථාන වලින් පලවා හරින ලදී” ෂරීෆ් පැමිනිලි කලේය.
පීපීපී නියෝජ්‍ය නායක හා අගමැති අපේක්ෂක බිලාවල් බූටෝ සාදරී මෙසේ ට්වීටර් සටහනක් යොදා තිබුනි: “මගේ අපේක්ෂකයින් පැමිනිලි කර ඇත්තේ, රටපුරා ඡන්ද ඡන්ද මධ්‍යස්ථාන වලින් නිරීක්ෂකයින් ඉවත්කරන ලද බවයි. මෙය සමාව නොදිය හැකි හා ප්රකෝපකාරී සිදුවීමකි.”
ප්‍රතිපල නිවේදනය ප්‍රමාද වීම පිලිබඳව පක්ෂ දෙකේම නායකයින් සැක පලකර තිබුනි. මැතිවරන කොමසාරිස් කිසිදු දූෂනයක් සිදුව නැති බව කියමින් ගනන් ගැනීමේ ප්‍රමාදය “පරිගනක දෝෂයක්” බව පැවසීය.
ඛාන්ගේ පක්ෂය හැර අනෙක් සියලු පක්ෂ, ආරක්ෂක හමුදා සිය දේශපාලන ව්‍යාපාරයට බාධා කල බවට පැමිනිලි කර ඇත. නවාස් ෂරීෆ් සිය දේශපාලන ජීවිතය පටන් ගත්තේ ඉස්ලාම්වාදී ආඥාදායක ජෙනරාල් සියා උල් හක්ගේ හෙංචයියෙකු ලෙසය. ඔහු දිගු කාලයක් මිලිටරි බුද්ධි අංශයේ සමීප සහචරයෙකු ලෙස සිටි බව ප්රකටය. එහෙත් 1990 ගනන්වල අග වන විට ඔවුන් අතර පැවති සම්බන්ධතා පලුදුවූ අතර 1999දී අගමැති ලෙස ඔහුගේ දෙවන ධුර කාලය අවසන් වූයේ මිලිටරි කුමන්ත්රනයකින් පසුවය.
2013දී යලි බලයට පැමින විදෙස් හා ආරක්ෂක පිලිවෙත් මත සිවිල් පාලනය තහවුරු කිරීමට උත්සාහ කිරීමෙන් පසුව මිලිටරිය සාර්ථක ලෙස පසුබැස ගියේය.
මැතිවරනයට වසරක් තිබියදී විසල් දූෂන කටයුතු පිලිබඳ කුප්‍රකට සංස්ථාපිතය තුල ෂරීෆ්ගේ සතුරන් ඔහු දේශපාලනයෙන් ඉවත් කිරීම පිනිස පැනමා ලිපි ලේඛන වලින් මතුවූ සාක්ෂි ඔහුට විරුද්ධව යොදා ගත්තේය. 2017 ජූලියේදී ශ්‍රේෂ්ඨාධිකරනය ඔහු අගමැති තනතුරෙන් ඉවත් කිරීමේ තීන්දුවක් ලබා දුන් අතර ජාතික ව්‍යවස්ථාදායක සභාව තුල ඔහුගේ අසුන ද අහිමි කලේය. ඉන් පසුව මේ වසරේ ජූලි මුල ෂරීෆ්ට ජීවිතාන්තය දක්වා රජයේ තනතුරක් දැරීම තහනම් කල අතර මැතිවරන ව්‍යාපාරය උනුසුම්ව තිබියදී ඔහු සිරගත කරන ලදී.
තමන් ප්රජාතන්ත්රවාදයේ ඉටුදෙවියෙකු ලෙසත් මිලිටරියේ උපාමාරුවල ගොදුරක්වී ඇති බවත් පෙන්වා ගනිමින් ෂරීෆ්, සිය විරුද්ධවාදීන්ට පහර ගැසීමට උත්සාහ කලේය. එහෙත් ඉන් ඇති කලේ සුලු බලපෑමකි. ඒ මිලිටරිය සමඟ ඔහුටම පැවති සම්බන්ධකම් හා ජාමූඅ නියෝග පරිදි කප්පාදු වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ කාරනා සමඟ බලන කල ය.
සියල්ල ඇඟවුම් කරන්නේ පකිස්ථානය දේශපාලන අර්බුදයේ නව අවධියකට සේන්දුවී තිබෙන බවයි. ඛාන් අගමැති වුවත් ආන්ඩුව පටන්ගත් දින සිටම ආන්ඩුවේ නීත්‍යානුකූල භාවය පිලිබඳ ඔහුගේ සම්ප්‍රධායික පාලක පක්ෂ වල ප්‍රහාර වලට ලක් වනු ඇත. 2013 මැතිවරන ප්‍රතිපල ඛාන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ කාරනයට වාඩුව ලෙස අනෙකුත් ප්‍රධාන පක්ෂ දෙකම මෙය සලකනවා නොඅනුමානය.
වඩාත් වැදගත් කාරනය, නව ආන්ඩුව ක්ෂනිකවම මුහුන දෙන්නේ ප්‍රධාන ආර්ථික අර්බුදයකට වීමයි. වසර ආරම්භයේ පටන් රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 20න් පමන අවප්රමානය වී ඇත. මහ බැංකුව සතුව ඇත්තේ යන්තම් දෙමාසයකට වැඩි ආනයනවල වටිනාකමට නොවැඩි සංචිත පමනි.
නව ආන්ඩුව, ඇප බලාපොරාත්තුවෙන් ජාමූඅ වෙත හැරෙනු ඇති බව පුලුල් වශයෙන් පිලිගන්නා කාරනයක් වන තතු හමුවේ එහි රුදුරු කප්පාදුවල නව වටයක් ක්‍රියාවට නැඟීමට බල කෙරෙනු ඇත.
ජයග්‍රහනය ප්‍රකාශ කරමින් 26දා පැවැත්වූ කථාවේදී ඛාන් පැවසුවේ, පකිස්ථාන “ආර්ථිකය කවර කලෙකවත් මෙතරම් ගැඹුරු (අර්බුදයකට) මුහුනදී නොමැති” බවයි.
Follow us on