ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලය පිලිබඳ ශ්‍රී ලංකාවේ රැස්වීම් වලට කම්කරුවන් සහ ශිෂ්‍යයන් සහාය දෙයි
Workers and students support Sri Lankan meetings on the struggle for Trotskyism
අපේ වාර්තාකරුවන් විසිනි ,2018 සැප්තැම්බර් 27
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), හතරවන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය හා සසප පිහිටුවීමෙන් 50 වන සංවත්සරය සමරා, ලබන මාසය තුල රැස්වීම් දෙකක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඉන් පලමු රැස්වීම ඔක්තෝබර් 3 වන දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ද, දෙවැන්න ඔක්තෝබර් 7 වන දා කොලඹ නව නගර ශාලාවේදී ද පැවැත්වෙනු ඇත.
එම රැස්වීම් දෙකෙහි ප්‍රධාන දේශකයා වනුයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති හා ඇමරිකානු සසප සභාපති ඬේවිඞ් නෝර්ත්ය. ඔහු දශක හතරක් පුරා ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය තුල ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකර ඇත.
සසප සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයෝ, මෙම රැස්වීම පිලිබඳව, වැඩපලවල් වල, කම්කරු පන්තික ප්‍රදේශ වල සහ විශ්ව විද්‍යාල වල උද්ඝෝෂනයක නිරත වූහ. මෙම රැස්වීම් වල වැදගත්කම සම්බන්ධයෙන් කම්කරුවන් සහ තරුනයින් කල ප්‍රකාශ වලින් කොටසක් අපි මෙහි පල කරන්නෙමු.
කොලඹ විශ්ව විද්‍යාලයේ සංඛ්‍යානය හදාරන සිසුවෙක් වන තුසිත කම්කරු පන්තියේ එකමුතුව සඳහා ජාත්‍යන්තර පක්ෂයක අවශ්‍යතාව පිලිගනිමින් මෙසේ පැවසීය: “වර්තමානයේදි අපිට සමාජයේ පහලම ස්ථරයන්ගේ අවශ්‍යතා සඳහා සටන් වදින දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි.”
“ලංකාවේ, දේශපාලකයින් සාමන්‍ය ජනතාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නෑ. ජනතාවගේ සැබෑ අවශ්‍යතා ගැන කිසිම සංවේදිතාවයක් ඔවුන්ට ඇත්තේ නෑ. ඔබලාට සවන් දීමෙන් පසු මම තේරුම් ගත්ත, අනෙක් රට වලත්, ඊනියා සංවර්ධනය වූ හා සංවර්ධනය නොවූ රටවල් වලත් මේ තත්වයෙ වෙනසක් නැති බව.”
පවත්නා සිසු අරගල සම්බන්ධයෙන් කතා කරමින් ඔහු මෙසේ පැවසීය: “අපේ ප්‍රශ්න දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා. අධ්‍යාපනය පුද්ගලීකරනය, විශ්ව විද්‍යාල වල අත්‍යාවශ්‍ය පහසුකම් වල හිඟය, රැකියා අපේක්ෂාව සම්බන්ධ ඛේදජනක තත්වය තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න. ඒ වගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා වරම් නොලබන තරුනයින්ගේ තත්වය ඊටත් වඩා නරකයි. අපිට ඒ ප්‍රශ්න විසඳන්න පුලුවන් කොහොමද?”
කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් පීඩිතයින් එකමුතුව තම ප්‍රශ්න විසඳා ගැනීමට තමාගේම සටනක් ගෙනයාම අවශ්‍යයි. ඔහු තවදුරටත් මෙසේ කීය. “මම තේරුම් ගත්තා හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ක්‍රියා මාර්ගයේ ශක්තිය. ජාත්‍යන්තර සමාජවාදී නායකයෙක් අපිට කතාකිරීමට ලංකාවට පැමිනීම දිරි ගන්වන සුලුයි.”
කොලඹ විශ්ව විද්‍යාලයේ තවත් සිසුවෙක් වන තරින්ද, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කිහිප අවස්ථාවකදී කියවා ඇති බැවින් ඔහු හතරවන ජාත්‍යන්තරය ගැන දන්නා නමුත් එහි ක්‍රියා මාර්ගය සමීපව අධ්‍යනය කර නොමැති බව පැවසීය. “අද දවසේ දේශපාලන තත්වය සංකීර්නයි. එම සංකීර්න තත්වය නිසා තරුනයින් සහ ශිෂ්‍යයින් ව්‍යාකූල තත්වයට පත් වෙලා ඉන්නේ”
මෙය පැරැනි ස්ටැලින්වාදී පක්ෂ, ව්‍යාජ වම්මු සහ කම්කරු පන්තියට සතුරු අනෙකුත් සංවිධාන හිතාමතාම ජාත්‍යන්තරව ම ඇති කරන ලද ව්‍යාකූලත්වයන් හා අධෛර්යමත් කිරීම්වල ප්‍රතිඵලයක් බව සසප සාමාජිකයෝ පැහැදිලි කලහ.
අධ්‍යාපනයේ අර්බූදය ලංකාවේ හා ලෝක පරිමාන පද්ධතිගත බිඳවැටීමක රෝග ලක්ෂනයක් බව බහුතරයක් සිසුන් වටහා ගෙන සිටින බව තරින්ද පැවසීය. “නමුත් ඔබ පැහැදිලි කල ආකාරයට මේ අර්බුදයම තුන් වෙනි ලෝක යුද්ධයකට මග පාදනවා. අපි දැනටමත් කොරියාවේ හා මැද පෙරදිග ආතතීන් තුල එහි සලකුනු දැකලාතියෙනවා.”
ඔක්තෝබරයේදි පැවැත්වෙන සසප රැස්වීම්, “සමාජවාදයේ ලෝක නායකයෙකු වන ඩේවිඩ් නෝර්ත්ට සවන් දීමට ලැබීමේ හොඳ අවස්තාවක් වනු ඇති බව” ඔහු පැවසීය.
සසප සහ සසජාතශි සාමාජිකයෝ කොලඹ වරායේ කම්කරුවන් සමගද කතා කලහ. ඔවුන් රැස්වීම සඳහා දක්වන උනන්දුව ප්‍රකාශයට පත් කල අතර හතරවන ජාත්‍යන්තරයේ වසර අසුවක මූලධර්මාත්මක අරගලය අනුමත කලහ.
ප්‍රධාන ධනපති පක්ෂ වන ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කම්කරුවන් අතරේ තිබූ මිත්‍යාවන් බොහෝ කලකට පෙරම බිඳ වැටී ඇති බව වරායේ ලිපිකාරිනියක් වන සමන්ති කීවාය.
“නමුත් අපි කල්පනා කලා ජවිපෙ වගේ තමන් සමාජවාදී කියලා හඳුන්වා ගන්න සංවිධාන වලට ධනපති පක්ෂ වලට බලපෑම් දාලා ජනතාවට සහන දිනාගන්න පුලුවන් කියලා. ඒකෙ අසාර්ථකත්වය මෑත වසර වලදි ඔප්පු වෙලා තියෙන්නෙ. කම්කරුවන්ගේ සැබෑ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමේ ඔබේ ක්‍රියාමාර්ගයට මම එකඟයි.”
2008 මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස එම වසරේ කොලඹ වරායට නැව් පැමිනීම අඩුවූ ආකාරය සහ එය කම්කරුවන්ට බලපෑ ආකාරය සමන්ති විස්තර කලාය. “අපේ අතිකාල ගෙවීම් සීමා කරා. ඒකෙ කම්පන වලින් වරාය නැවත යථා තත්වයට ඇවිත් නෑ. දිනපතා පැටවෙන බැරිඅමාරුකම් වලින් අපි විඳවනවා. පඩි වැඩි නොවන තත්වය යටතේ ඉහල නගින ජීවන වියදම දරන්න බෑ. ඒ වගේම වරාය පුද්ගලීකරනය කරන්න ආන්ඩුවට අවශ්‍ය වී ඇති තත්වය යටතෙ අපේ රැකියාත් සුරක්ෂිත නෑ.”
“ඔබත් එක්ක සාකච්ඡාවෙන් පස්සෙ මම තේරුම් ගත්තා අපේ ප්‍රශ්න වල මූලය ජාත්‍යන්තර වන බව සහ ඒවා විසඳන්න පුලුවන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුවකින් පමනයි කියන බව.”
කොලඹ දකුන වරායේ කන්ටේනර් පරිශ්‍රයේ සේවය කරන රවීන්ද්‍ර, අනුප්‍රාප්තික ආන්ඩු, පවත්නා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති හෙලා දුටුවේය. නමුත් ඔහු කම්කරු පන්තිය මුහුන දී සිටින විශාල දේශපාලන ප්‍රශ්න නිසා සමාජවාදයේ ශක්‍යතාවය සම්බන්ධයෙන් සැකයක් පවතින බව පැවසීය.
“1917 දී විප්ලවය සඳහා කැපවුනු කම්කරුවො හිටියා. මං එහෙම කැපවීමක් දැන් දකින්නෙ නෑ. මේ තත්වය වෙනස් වෙයි කියලා ඔබ හිතනවද?”යැයි ඔහු විමසීය.
වර්ධනය වන කම්කරු පන්තියේ රැඩිකලීකරනය සහ සමාජවාදය දෙසට වර්ධනය වන උනන්දුව කැපවූ කම්කරුවන්ගෙන් සමන්චිත විප්ලවවාදී ව්‍යාපාරයකට හේතුවන බව සසප උද්ඝෝෂකයින් පැහැදිලි කරන ලදී. රවීන්ද්‍ර, රුසියානු විප්ලවය සහ හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය සම්බන්ධයෙන් සසප සාමාජිකයින් සමග සාකච්ඡාවක නිරත විය.
වරාය කම්කරුවෙකු වන දුශාන්ත සසප දේශපාලන වැඩ පිලිවෙල සමග එකඟ වන බව පැවසීය. “ඔබලාට නිවෙස් වලට ගිහින් මිනිසුන්ට උගන්වා බලමුලු ගන්වන්න වෙනවා”
“අපිට එක නිවෙසකින් එක්කෙනා ගානෙ දිනාගන්න පුලුවන් නම් විප්ලවය කියන්නෙ කල නොහැකි දෙයක් නොවේ. අතීතයේ හිටපු පරම්පරාවට සමාන පරම්පරාවක් නෙවේ දැන් ඉන්නෙ. මිනිස්සු දන්නවා මේ ක්‍රමය යටතේ තමන්ගෙ දරුවන්ට අනාගතයක් නැති බව.”
ඔහු සසපට මුදල් ආධාරයක් කල අතර රැස්වීමට පැමිනීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
වරාය කම්කරුවෙකුගේ දරුවෙකු වන අමිල අපොස සාමාන්‍ය පෙල විභාගය සඳහා සූදානම් වන සිසුවෙකි. ඔහු ආර්ථික අර්බුදය සිසුන්ට බලපා ඇති ආකාරය ප්‍රකාශ කලේය. “අපිට අපේ අනාගතය ගැන අවිනිශ්චිත බවක් තියෙන්නෙ” ඔහු කීය. “සිසුන්ගෙන් කොටසකට විතරයි රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නෙ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ හැමදාම උද්ඝෝෂන කරනවා. උපාධිය ගත්ත අයට රස්සාවක් ලැබෙයි කියලා කිසිම සහතිකයක් නෑ.
“මෙම කොන්දේසි හා ඉහල ලකුනු ලබා ගැනීම සඳහා ඇති තරඟය නිසා සිසුන්ට දේශපාලනය, සාහිත්‍යය සහ අනෙකුත් ශාස්ත්‍රීය විෂයයන් සඳහා කාලය යොදවන්න වෙලාවක් නෑ.
“පාසල් යෑමට අමතරව මම පුද්ගලික ටියුෂන් පන්තිත් යනවා. සතියෙ දවස් හයකම වගේ ටියුෂන් පන්ති තියෙනවා. හුගක් වෙලාවට මම ගෙදර එන්නෙ හයට විතර.
“අපේ දෙමව්පියො ඒගොල්ලො අතීතයේ මුහුන දීපු ඛේදජනක අත්දැකීම් නිසා අපිව දේශපාලනයට යොමුවීමෙන් වලක්වන්න හදනවා. නමුත් මම සැබෑ සමාජවාදී ක්‍රියාමාර්ගය අනුමත කරනවා. ඒක අපේ ප්‍රශ්න වලට අත්‍යවශ්‍යයි. සිසුන් අනිවාර්යයෙන් නැවත දේශපාලනයට යොමුවෙලා සමාජවාදය ගැන හදාරන්න ඕනි.”
Follow us on