උතුරේ වෛද්‍ය නිලධාරියා අත්අඩංගුවට ගැනීමත් සමග ”ත්‍රස්තවාදය” නැගීමක් ගැන ප්‍රචාරයක් උත්සන්න කෙරේ
සුභාස් සෝමචන්ද්‍රන් සහ එස්. ජයන්ත් විසිනි , 2019 අගෝස්තු 30
උතුරු පලාතේ පලෙයි රෝහලේ වෛද්‍ය නිලධාරියකු වන සින්නයියා සිවරුබන් ,”ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැකපිටයයි” හමුදාව විසින් පසුගිය 18 වන දින මෘග හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගනු ලැබීය. රෝහලේ රාජකාරිය සඳහා එමින් සිටියදී අලි මංකඩ මුරපොලේදී අල්ලා ගත් ඔහු පසුව යාපනයේ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දීමෙන් පසු එහි රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යලි ගොඩ නැගීමේ රහසි ගත මෙහෙයුම් වල ඔහු යෙදුන බවට ලැබුන ඔත්තුවක් අනුව ඔහු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුනසේකර සඳහන් කලේ ය.
ප්‍රශ්න කිරීම් වල දී ඔහුගෙන් ලද “තොරතුරු” වලට අනුව සින්නමනී තනේශ්වරන්, ඉරන්තිරම් ක්රිෂ්නරාසා , මෝහන සුන්දරම්, විනාගමුර්ති නෙජලන්, වී. නිමලරාජ් සහ රූබන් ජතුසන් යනුවෙන් තවත් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන් ම පලෙයි කරන්ඩිය ප්‍රදේශයේ වල දමා තිබු ගිනි අවි තොගයක් හා යාපනයේ අල්ලියාවලෙයි මුහුදු දේශයේ ගල්පර අතර සඟවා තිබී තවත් පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් 27 දා නාවික හමුදාව විසින් සොයා ගත් බව ද පොලිස් ප්‍රකාශක සඳහන් කර ඇත.
බොරු චෝදනා ගෙතීම හා වදහිංසා කිරීම මගින් සැක කරුවන්ගෙන් ලබා ගන්නා පාපොච්චාරන සාක්ෂි ලෙස අධිකරනයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලීසිය කුප්‍රකට ය. එල්ටීටීඊ යට එරෙහි වාර්ගික යුද්ධය තුල දී සිය ගනනක් දෙමල ජනයා එවන් බොරු චෝදනාවල ගොදුරුබවට පත්වුහ.
රෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරියාද වන රුබන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට එරෙහිව අතිශය දුෂ්ට හා ප්‍රචාරයක් ධනපති ජන මාධ්‍ය විසින් මුදා හැර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) ජනාධිපතිවරන අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව ඔහු විසින් පාපොච්චාරනය කරන ලදැයි මාධ්‍යවලින් හිතාමතා ගොතන ලද එවන් අසත්‍යයකි. සිලෝන් ටුඩේ වාර්තා කලේ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට දෙමල ඩයස්පෝරාව සැලසුම් කර ඇති නිසා ඔහුගේ ආරක්ෂාව වැඩිකරන ලෙස සිවරුබන් ඉල්ලු බව බවයි
එවැනි පාපොච්චාරන සිවරුබන් හෝ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් ප්‍රකාශ කර නැති බවත් මෙම මාධ්‍ය වාර්තා සම්පූර්නයෙන් ම ප්‍රතික්ෂේප කරන බවත් අගෝස්තු 29 පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කලේය.
කුරුනෑගල රෝහලේ නාරි වෛද්‍ය සියාබ්දීන් මොහමඞ් සාෆි අත්අඩංගුවට ගනු ලැබුනේ ද ධනපති මාධ්‍ය හා සිංහල බෞද්ධ වර්ගවාදී නඩ විසින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාර මධ්‍යයෙහි ය. නීති විරෝධී ලෙස සිසේරියන් සැත්කම් කල බවට සහ අයතා ලෙස ධනය රැස් කල බවට ඔහුට එරෙහිව නගා තිබු එම චෝදනා අසත්‍ය බව රහස් පොලිසිය පරීක්ෂනයකින් පසු උසාවියට දැන්වීය.
වෛද්‍ය රුබන් අත්අඩංගුවට ගැනීම වර්ගවාදී යුද්ධය කාලයේ හමුදාවේ සහ බුද්ධි අංශ වල අත්ගෙඩියක් ලෙස වැඩකල ඊලම් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ (ඊපීඩීපී) කුමන්ත්රනයක් බවට චෝදනා එල්ල වී ඇත. එහෙත් මෙම අත්අඩංගුවට ගැනීම දුෂ්ට එමෙන්ම පලල් වැඩ සටහනක කොටසක් බව වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් ආකාරයෙන් හා ගොතා ඇති අමු පච මධ්‍ය වාර්තාවලින් පෙන්නුම් කෙරේ.
සමස්ත දේශපාලන සංස්තාපිතයට, එහි වර්ගවාදී නඩවලට, මිලිටරියට හා පොලිසියට අවශ්‍යවී ඇත්තේ යලි එල්ටීටීඊය හිස ඔසවන බවට ප්‍රචාරයකින් වර්ගවාදය ඇවිස්සීම සහ ආරක්ෂක හමුදා මර්දනය තද කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ මැරීමේ කුමන්ත්රනයක් ගැන හඬ තැලීමෙන් ඔහුවටා ගොඩනැගීමට යන අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරය තරකර ගැනීමට ඔහුවටා රැලිවී සිටින අන්ත දක්ෂිනාංශිකයින් දැන් හඬ තලනු ඇත.
මුස්ලිම් විරෝධී උන්මත්තක ප්‍රචාරය සමග කලතා ගත් දෙමල විරෝධී උද්ඝෝෂනයක සැබෑ එල්ලය අරගලයට පිවිසෙමින් සිටින කම්කරු පන්තියේ එකමුතුකමකට ඉඩ නොදී භේදකර පොලිස් පාලනයකට පාර කපා ගැනීමයි. ජාත්‍යන්තරවම ෆැසිස්ට් හා අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර මෙලෙස උද්ගමනයවන කම්කරු අරගල තලා දැමීමට උසිගන්වා ඇත.
2009 මැයි මාසයේදී දස දහස් සංඛ්‍යාත ජන සංහාරයකින් අවසන් වූ එල්ටීටීඊයට එරෙහි වාර්ගික යුද්ධයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් සිවරුබන් සාක්ෂිකරුවෙක් බව දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් අගෝස්තු 20 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත.
“2009-2010 යුද්ධය අවසන් වූ කලපරිච්ඡේද යේ දී යාපනය දිස්ත්‍රිකයේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් ඝාතනය කෙරුනා. එහෙත් හමුදා සහ පොලිස් බුද්ධි අංශ, වාර්තා කලේ ඔවුන් සියදිවි නසා ගැනීමෙන් හා අනතුරුවලින් මරනයට පත්වූ බවයි. එහෙත් වෙඩි තැබීම් සහ පහරදීම් සහ නවීන ක්‍රම වලින් එම මරන සිදු වූ බවට සිවරුබන් එලිදරව් කර තිබුනා. ඔහු ජාත්‍යන්තරයටත් ඒ ගැන දැනුම් දුන්නා. මානව හිමිකම් කොමිසමට ඔහු දෙවරක් සාක්ෂි දුන්නා” ශ්‍රීධරන් සඳහන් කලේ ය.
“2006 දී, යාපනයේ දූපත් ප්‍රදේශයක් වන ආලියාවලෙයි නිවසක සිටි මිනිසුන්ට හමුදාව විසින් වෙඩි තැබීමක දී ඉන් සමහර අය මරනයට පත් වුනා. සෙසු අය ට බරපතල තුවාල සිදු වුනා. එම අවස්ථාවේ ඔවුන් ව බේරා ගෙන යාමට සිවරුබන් විනිශ්චයකාර ශ්‍රී සන්ධි නන්දසේකරන් සමඟ එක්ව පියවර ගත්තා. එක්සත් ජනපදය ඒ සම්බන්ධව ඔහුට සම්මානයක්ද ප්රදානය කල” බව ශ්‍රීධරන් වැඩි දුරටත් පැවසීය.
ශ්‍රීධරන් පාර්ලිමේන්තුවේ කල එම එලිදරව්වෙන් පසුව පසුදින අලුයම පොලිස් සහ හමුදා භටයන් සිය ගනනක් කිලිනොච්චියේ පිහිටි ඔහුගේ නිවස වටලා සෝදිසි මෙහයුමක් කර ඇත.
ශ්‍රීධරන්ගේ කතාව දෙමල මහජනයාට එරහිව උත්සන්න කිරීමට යන දඩයමකට විරුද්ධවීමක් නොවේ. ඔහු තැත් කරන්නේ මිලිටරියට හා ඇමරිකන් ගැති ආන්ඩුවට මුක්කුවක් ලෙස ක්‍රියාකරන නිසා දෙමල ජාතික සන්ධානය (දෙජස) අපකීර්තිමත්වී ඇති තත්වයක මහජනයා අතර ආන්ඩුව කෙරෙහි වැඩෙන විරෝධය ගසාකෑම සඳහා ය. දෙජාස මෙම අත්අඩංගුවට ගැනීම් වලට පක්ෂපාතිත්වය නිසා කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.
සිවරූබන් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පලෙයි ප්‍රදේශයේ ජනයා ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා අගෝස්තු 20 රෝහල් පරිශ්‍රය තුල විරෝධතාවක් පවත්වා ඇත. ඉක්බිතිව 22 දා පලෙයි සිට කිලිනොච්චිය දක්වා විරෝධතා පෙලපාලියක යෙදුන ජනයා සිවරූබන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත සන්දේශයක් ද ඉදිරිපත් කර තිබේ.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමඟ කතා කල රෝගීන් සිවරූබන් මානවහිතවාදී වෛද්‍යවරයෙකු බව පැවසුහ. ඔහු රෝගීන් ගැන බෙහෙවින් සැලකිලිමත් වන බවත් ඔවුන්ට හොදින් ප්‍රතිකාර කරන බවත් ඔව්හු කීය. පලෙයි ප්‍රදේශයෙන් පමනක් නොව, වඩමරාච්චි නැගනහිර, මරුදන්කෙනී, තලයඩි වැනි දුර බැහැර ගම්මානවලින් ද රෝගීන් සිවරූබන් ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිනෙති.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු රෝහලේ සිටින්නේ එක වෛද්‍යවරයෙකු පමනක් හෙයින් එහි ප්‍රතිකාර කිරීම් බොහෝසෙයින් අඩාල වී ඇත. එම නිසා දිනපතා ප්‍රතිකාර ගැනීමට පැමිනනෙන රෝගීන් ගෙන් කොටසක් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලට යොමු කිරීමට සිදුව තිබේ.
දැනට රාජකාරියේ යෙදී සිටින එස්. බහීරතන් වෛද්‍යවරයා ශිවරූබන් හෝ රෝහල පිලිබඳව මාධ්‍යට අදහස් දැක්වීමෙන් වැලකී සිටීමට තමාට බල කෙරී ඇතැයි පැවසීය. එහෙත් ඔහු මෙසේ පැවසීය: “වෛද්‍ය සිවරූබන් නිදහස්කර නැවත සේවයේ යෙදවිය යුතුයි. ඔහු නැතිව වැඩකරගෙන යාම අපහසුයි. රෝහල A9 ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති බැවින් බොහෝ රෝගීන් සහ හදිසි අනතුරු වලට ගොදුරු වන අය ඕනෑම වේලාවක එන්න පුලුවනි. ඒ සඳහා රෝහල සෑම විටම සුදානම්ව තිබිය යුතුයි. දැන් එය කිරීම අපහසුයි..”
“මම යාපනයේ සිට බොහෝ දුර ගමන් කරන්න ඕනේ. දැන් සිදුවී තිබෙන මෙම ඛේදවාචකය මට මානසිකව බලපානව. වාහනය පවා පැදවීම අවදානම්. රූබන් වගේ යහපත් මිනිස්සුන්ට තමයි මේ වගේ කරදර වෙන්නේ.”
රෝගීන්ගේ සුභසාධක සංගමයේ භාන්ඩාගාරික කේ. වයිකුන්දනාදන් මෙසේ පැවසුවේ ය: “නමුත් අවංක වෛද්‍යවරයෙක් සොරෙක් අල්ලනවා වගේ මහා පාරෙ දී ඇල්ලුවේ ඇයි ද කියලා අපට තේරෙන්නේ නැහැ. ඔහු ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරන කෙනෙක් මිස අපරාධකාරයෙක් නොවෙයි. ඔහු නැතිව අපට අපේ රෝහල පවත්වාගෙන යන්න බැහැ. රජය වෙනත් වෛද්‍යවරයෙක් අනුයුක්ත කරලත් නැහැ.” ඔහු සඳහන් කලේ ය.
“සෑම දිනකම 100 සිට 200 දක්වා පිරිසක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර සඳහා පැමිනෙනවා. වාට්ටු තුනක් තියෙනවා. මේ සියල්ල වෙලාවක් නොතකා බලාගත් වෛද්‍යවරයෙක් ආන්ඩුව විසින් අත්අඩංගුවට ගැනීම ගැන අපට එකඟ වෙන්න බැහැ” ඔහු තවදුරටත් සඳහන් කලේය.
“මේ ආන්ඩුව නරක ආන්ඩුවක්. එය කිසි කෙනෙකුට සැනසීමෙන් ඉන්න දෙන්නේ නැහැ යනුවෙන් සිය බිරිදට ප්‍රතිකාර ගැනීමට පැමිනි අයියාතුරෙයි පැවසීය. “ගමට සේවය කල වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම අසාධාරනයි. හමුදාපති ලෙස පත් කරලා තියෙන්නේ යුද අපරාධ චෝදනා ලබපු කෙනෙක්. අපේ ජනතාව ඝාතනය කල ගෝටාභය ජනාධිපති අපේක්ෂකක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. අපේ ජනතාව ඔහුට ඡන්දය දෙන්නේ නැහැ. මෙම පාලකයෝ නිරන්තරයෙන් දෙමල ජනයාට කලේ අයුක්තිය.”
සිවරූබන් අත්අඩංගුවට ගැනීම යුද අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි දුන් සහ නැවත සාක්ෂි දීමට උත්සාහ කරන අයට අනතුරු ඇඟවීමක් මෙන් ම ආන්ඩුවට හා දෙමල ජාතික සන්ධානය ඇතුලු සමස්ත ධනපති දේශපාලන සන්ස්තාපිතය කෙරෙහි දෙමල ජනයා අතර වර්ධනය වන කෝපය මැඩලීමේ දුෂ්ට ප්රයත්නයක කොටසකි.
යුද්ධය අවසන් වී වසර දහයක් ගත වී ඇතත් හමුදාව උතුරු හා නැගෙනහිර වාඩිලාගෙන සිටින අතර උතුරු පලාතේ ජනයාගේ කිසිදු මූලික ප්‍රශ්නයක් විසඳී නැත. යුද්ධය කාලයේ හමුදාව බලහත්කාරයෙන් අල්ලා ගත් සිවිල් ජනයාගේ ඉඩම් අක්කර දහස් ගනනකින් විශාල කොටසක් පවතින්නේ තවමත් හමුදාව අතෙහිය. බෞද්ධ විහාරස්ථාන තැන්තැන්වල ඉදිකරමින් හා සිංහල ජනයා පදිංචි කරමින් උතුරු හා නැගෙනහිර සිංහලකරනය කිරීමේ උත්සාහයක් පවතින බවට දෙමල ජනයා චෝදනා කරති.
තම ඉඩම් ආපසු ලබා දෙන ලෙස හා යුද්ධයේදී අතුරුදහන් වූවන්න් පිලිබඳව සත්‍ය තොරතුරු ලබා දෙන ලෙසත් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර අඛන්ඩ අරගලයක යෙදී සිටිති.
එල්ටීටිඊ ය යලිත් හිස ඔසවන බවට ආන්ඩුව, ආරක්ෂක හමුදා සහ පොලීසිය ගෙන යන ප්‍රචාරය වර්ගවාදය ඇවිලවීම සහ එමගින් සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් භේද කර කම්කරු පන්තිය දුර්වල කිරීමේ දුෂ්ට ප්රයත්නයකි.
Follow us on