ලෝක බැංකුව “ගෝලීය නය රැල්ල” ගැන කනස්සලු වේ
World Bank concerned about “global debt wave”
නික් බීම්ස් විසිනි, 2019 දෙසැම්බර් 21
2010 සිට ගෝලීය නය රැල්ලක් වෙත ලෝක බැංකුවේ පර්යේෂන යොමු වී ඇති අතර එය සංවර්ධනය වෙමින් පවතින රටවල නය ඩොලර් ට්‍රිලියන 55 ක් දක්වා, (ඉතිහාසයේ විශාලතම නය ප්‍රමානය) දැවැන්ත පරිමාවකින් වැඩිවීමට හේතුවී තිබෙන බව පෙන්වා දෙයි.
මෙම සතිය මුලදී නිකුත් කරන ලද ගෝලීය නය රැල්ල: හේතු සහ ප්‍රතිවිපාක පිලිබඳ පොතක් තරම් දිග වාර්තාවක එම විශ්ලේෂනය අඩංගු වේ.
ලෝක බැංකු සභාපති ඬේවිඞ් මැල්පාස් සිය පෙරවදනෙහි සඳහන් කලේ, පසුගිය වසර 50 තුල “නය සමුච්චය කිරීමේ රැල්ල” ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන අංගයක් වී ඇති බවත්, 1970 සිට නැගී එන හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට එවන් රැලි හතරක බලපෑම ඇතිකර තිබෙන බවත්ය.
“පලමු රැලි තුන අවසන් වූයේ මූල්‍ය අර්බුදයන් - 1980 ගනන්වල ලතින් ඇමරිකානු නය අර්බුදය, 1990 දශකයේ අග භාගයේ ආසියානු මූල්‍ය අර්බුදය සහ 2007-2009 ගෝලීය මූල්‍ය අර්බුදය” - ගෙන් යයි ඔහු ලිවීය.
සිව්වන රැල්ල 2010 දී ආරම්භ වූ අතර පසුගිය වසර අවසානයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල නය ඩොලර් ට්‍රිලියන 55 ක් කරා එසවීය. “එය හතරෙන් විශාලතම, පුලුල්ම හා වේගවත්ම වර්ධනය බවට පත්විය. මූලික යටිතල පහසුකම් වැනි හදිසි අවශ්‍යතා සපුරාලීමට නය මූල්‍යකරනයට හැකි වුවද, වර්තමාන නය රැල්ලෙන් වැඩි ප්‍රමානයක් අවදානම් සහගත ස්වරූපයන් ගනී.”
2007-2009 අර්බුදයට පෙර කාල පරිච්ඡේදයේ පැවතියාට වඩා අඩු වර්ධන තත්ත්වයන් යටතේ වර්තමාන තීව්‍රතාවය සිදුවෙමින් පවතින බව වාර්තාව පෙන්වා දෙයි. නැගී එන හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් අතීතයට වඩා මන්දගාමී වේගයකින් වර්ධනය වෙමින් තිබියදී, ඔවුන්ගේ නය මට්ටම් වඩා වේගයෙන් ඉහල යමින් පැවතුනි. 2010 සිට සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි නය, ඒවායේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 170 ක් දක්වා ඉහල ගොස් ඇති අතර එය 54 ක වැඩිවීමකි. ඒ වසර අටක් තුලය.
සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වර්තමාන නය රැල්ලෙහි අස්ථාවර කාල පරිච්ඡේදයන් අත්විඳ ඇති නමුත් ඔවුන් පුලුල් මූල්‍ය අර්බුදයකට මුහුන දී නොමැති බව වාර්තාව සඳහන් කරයි. කෙසේ වෙතත් එය තවදුරටත් කියා සිටියේ, “නය සමුච්චය වීමේ සුවිශේෂී ප්‍රමානය, වේගය” කනස්සල්ලට හේතුවක් වූ බවයි.
“නය තියුනු ලෙස ඉහල ගොස් තිබියදීත්, මෙම ආර්ථිකයන් දශකයක් තිස්සේ වර්ධන බලාපොරොත්තු සුන්වීම් අත්විඳ ඇති අතර දැන් බිඳෙන සුලු ගෝලීය ආර්ථිකයක දුර්වල වර්ධන අපේක්ෂාවන්ට මුහුන දී සිටී. සීග්‍ර නය ඒකරාශී වීමට අමතරව, වර්ධනය වන මූල්‍ය හා ජංගම ගිනුමේ හිඟය සහ අවදානම් සහගත නය ක්‍රියාවලියකට මාරුවීම වැනි වෙනත් අවදානම් ඔවුන් හමුවේ මතුව තිබේ.”
පෙර ඇතිවූ රැලි බොහෝ දුරට කලාපීය ස්වභාවයක් ගත් නමුත් සිව්වන රැල්ල පුලුල් වෙමින් පවතින්නේ, නැගී එන වෙලඳපලවල හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි සියයට 80 ක සමස්ත නය ඉහල යාමත් සමඟය. මෙම ආර්ථිකයන්ගෙන් තුනෙන් එකකටත් වැඩි සංඛ්‍යාවක නය, දල දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් සියයට 20 කින් ඉහල ගොස් තිබේ.
පියවර ගනනාවක් මත සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ගෝලීය මූල්‍ය අර්බුදයට පෙර පැවති තත්වයට වඩා නරක තත්ත්වයේ පවතින බව වාර්තාව අනතුරු ඇඟවීය. හතරෙන් තුනකට වැඩි රටවල් සංඛ්‍යාවක අයවැය හිඟයන් ඇති අතර, විදේශ මුදල්වලින් නම් කරන ලද ව්‍යාපාරික නය බොහෝ ඉහල අගයක් ගන්නා අතර ජංගම ගිනුමේ හිඟය 2007 ට වඩා හතර ගුනයකින් විශාල විය.
මෙයින් අදහස් කරන්නේ, සුවිශේෂී ලෙස අඩු පොලී අනුපාත අඛන්ඩව මෑත කාලය තුල ද පවතී ය යන අපේක්ෂාවයි. එහෙත් “වර්තමාන නය සමුච්චය වීමේ රැල්ල, ඓතිහාසික රටාව අනුගමනය කල හැකි අතර මූල්‍ය අර්බුද ලෙස කුලුගැන්විය හැකිය.”
2010 සිට මේ දක්වා දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 72 කින් සියයට 255 ක් දක්වා ඉහල ගොස් ඇති චීනයේ, විශාලතම නය ප්‍රමානය ඒකරාශී වී තිබේ. ගෝලීය මූල්‍ය අර්බුදය සහ අවපාතය මධ්‍යයේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා ආන්ඩුව සහ මූල්‍ය බලධාරීන් විසින් ගෙන ඇති පියවරයන්ගේ ප්‍රතිපලයකි මේ.
චීන ආන්ඩුව දැන් නය සමුච්චය පාලනය කිරීමට උත්සාහ කරයි. ඒ අතරම, දල දේශීය නිෂ්පාදිතයේ වැඩිවීම වසර 30 ක් තුල අවම මට්ටමේ පවතින තත්වයන් යටතේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට උත්සාහ කරයි.
මේ සතිය මුලදී, මහජන චීන බැංකුවේ බාහිර උපදේශකයෙකු වන මා ජුන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් බ්ලූම්බර්ගහි වාර්තා කරන ලදී. පලාත් පාලන ආයතන විසින් නය ලබා ගැනීමේ අසාර්ථක ක්‍රියාවලියකට මුහුන දීමෙන් ඇතිව තිබෙන “පද්ධතිමය අවදානම්” වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය. නය පැහැර හැරීම් නිසා වෙලඳපල විශ්වාසයට හානි සිදුවුවහොත් ඇතිවිය හැකි “දාම ප්‍රතික්‍රියාවක්” ගැන ඔහු අනතුරු ඇඟවූ අතර පලාත් පාලන නය ලබා ගන්නා යාන්ත්‍රන වලට වෙනත් පලාත් වල ද සිටින ඔවුන්ගේ දුර්වල සගයන් අත්පත් කර ගැනීමට ඉඩ දිය යුතු බව පැවසීය. චීන ආර්ථිකයේ වර්ධනය පවත්වා ගැනීම සඳහා පලාත් පාලන නය ගැනීම, විශේෂයෙන් යටිතල පහසුකම් වැඩසටහන් සඳහා මුදල් යෙදවීම වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ.
චීනයේ ව්‍යාපාරික නය ඉහල යාම කෙරෙහි ද වැඩි අවධානයක් යොමුව ඇත. පසුගිය වසර අට තුල, දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ව්‍යාපාරික නය ඒකක 60 න් වැඩිවී තිබේ.
රොයිටර් වාර්තාවක් සඳහන් කලේ, අතීතයට වඩා නයෙහි වැඩිවීමෙන් නිෂ්පාදනයේ ඇතිව තිබෙන්නේ කුඩා වර්ධනයක් බවයි. මෙය 2009 සිට 2017 දක්වා වර්ධක ප්‍රාග්ධන නිමැවුම් අනුපාතය තුන් ගුනයකින් වැඩි වීම තුලින් පිලිබිඹු කෙරේ.
“වෙනත් වචන වලින් කිවහොත්, චීනයේ නයෙන් තල්ලුව ලත් මූල්‍යකරනය, පලදායිතාවයේ අනුරූපී වර්ධනයට වඩා බෙහෙවින් වැඩි බවයි. නමුත් වැඩි වැඩියෙන් අකාර්යක්ෂම නය භාවිතයෙන් ඇඟවෙන්නේ, චීනයේ සංගතවලට දැන් පවත්නා සිය නය ආපසු ගෙවීමේ හැකියාව පිරිහෙමින් තිබෙන බවයි.”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන ලද සොයා ගැනීමකින්, චීනයේ ව්‍යාපාරික අංශයට ලබා දී ඇති වානිජ බැංකු නයවලින් සියයට 15.5 ක් “අවදානමට” ලක්ව ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර එයින් අදහස් වන්නේ සමාගමේ ඉපැයීම්, නය සඳහා පොලී ගෙවීම් ආවරනය කිරීමට ප්‍රමානවත් නොවන බවයි.
චීන ව්‍යාපාරික අංශයේ වැඩෙන ගැටලු, ෂැන්ඩොං පලාතේ නය පැහැර හැරීම් මාලාවක් හෝ පැහැර හැරීමට ආසන්නව තිබීම මගින් ඉස්මතු කර තිබේ. පසුගිය මාස තුන තුල, පුද්ගලික සමාගම් හයක් එක්කෝ නය පැහැර හැර හෝ ඩොලර් බිලියන 9.7 ක නය පැහැර හැරීමට ආසන්න වී ඇත.
ෂැන්ඩොං චීනයේ තුන්වන ධනවත්ම පලාත වන නමුත් පසුගිය වසර තුල එහි ආර්ථිකය සැලකිය යුතු ලෙස මන්දගාමී විය. පසුගිය වසරට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ කාර්මික ලාභය සියයට 15.5 කින් පහත වැටී ඇති අතර එහි වර්ධන වේගය මේ වසරේ මුල් මාස නවය තුල සියයට 5.4 දක්වා පහත වැටී ඇත. මෙය රටේ පහලම මට්ටම්වලින් එකකි.
පලාතේ එක් එක් සමාගම්වල මූල්‍ය ගැටලු උග්‍ර වන්නේ ඔවුන් අතර ඇති විධිවිධාන නිසාය. එනම්, එක් සමාගමක් දුෂ්කරතාවයන්ට මුහුන දෙන විට තවත් සමාගමක් එහි ආධාරයට පැමිනීම. ව්‍යාප්තියේ සමස්ථ ප්රසාරනයක කොන්දේසි යටතේ මෙම ක්‍රමය ස්ථායිතාවට හේතුවන නමුත්, ආර්ථිකය පහත වැටුනහොත් එය අස්ථාවරත්වය පැතිරීමේ අවදානමට මුහුන දෙයි.
ෂැන්ඩොන්ග් පැහැර හැරීම් පිලිබඳව අදහස් දක්වමින් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත කියා සිටියේ මෙම ආබාධය “රට පුරා පැතිර තිබෙන මූල්‍ය අවදානම පිලිබඳ මිනුම් දන්ඬක් බවට පත්ව ඇති” බවයි. ෆිච් වර්ගීකරන වාර්තාවක් උපුටා දක්වමින් පුවත්පත, ව්‍යාපාරික බැඳුම්කරවල “පැහැර හැරීම් රැල්ලක්” හේතුවෙන් චීන පෞද්ගලික අංශයේ නය පැහැර හැරීමේ අනුපාතය නොවැම්බර් මාසය වන විට සියයට 4.9 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව පැවසීය. 2014දී එය පැවතුනේ සියයට 0.6 ලෙසය.
Follow us on