මීතොටමුල්ල කසල කන්ද ආශ්රිත ප්‍රදේශය ආයෝජකයන්ට පවරාදීම සඳහා නිවැසියන් ඉවත් කිරීමේ සැලසුම් කඩිනම් කරයි
වසන්ත වක්කුඹුර විසිනි, 2019 පෙබරවාරි 6
මීතොටමුල්ල කසල කන්ද නායයෑමෙන් පසු එම ප්‍රදේශයෙන් ඉවත් කල ජනයාට අමතරව ඒ ආශ්‍රිතව මෙතෙක් ජීවත්වන සෙසු ජනයාද ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ සැලසුම ආන්ඩුව විසින් වේගවත් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) විසින් ඒ අවට භූමියේ මිනුම් කටයුතු සිදුකොට ඇති අතර කඩා ඉවත් කෙරෙන නිවෙස් වල නව අංක සලකුනු කොට ඇත.
නාසඅ හි ව්‍යාපෘති කලමනාකරන අංශයේ බස්නාහිර කොට්ඨාසය භාර අධිකාරී වයි.ඒ.කේ.ජී. ගුනතිලක ලෝසවෙඅ ට කියා සිටියේ, කසල කන්ද පිහිටා ඇති අක්කර 12 ක භූමිය විවේක උද්‍යානයක් බවට පරිවර්තනය කරන බව සහ ඒ අවට අක්කර 65 ක භූමි භාගයෙන් නිවැසියන් ඉවත් කොට වෙනත් ස්ථානයක පදංචි කිරීමෙන් පසු, එය සංවර්ධනය කොට දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ලබා දෙන බවයි.
ගුනතිලක ගේ ප්‍රකාශයෙන් සහ නාසඅ හි ක්‍රියාකාරකම් වලින්, කසල කන්ද නාය යාමෙන් ඇතිවූ ව්‍යසනය පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය සිදුකල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ නිගමන මුලුමනින්ම සනාථ වෙයි.
“වසර 26 ක් පුරා ජනතාවගේ දැඩි විරෝධතා නොතකා පොලිස් බලහත්කාරකම් යොදවමින් සහ එහි මරනීය බව දැනදැනම පවත්වාගෙන ගිය මේ දැවැන්ත කසල කන්ද නායයාම හේතුවෙන් සිදුවූ ව්‍යසනය, අනපේක්ෂිත හදිසි අනතුරක් නොව අනුප්‍රාප්තික ආන්ඩු විසින් හිතා මතා සිදු කරන ලද සමාජ අපරාධයක්” බවද, දුගී ජීවිත නොතකමින් සිදු කෙරුනු මෙම සමාජ අපරාධය පිටුපස, කොලඹ හා තදාසන්න ඉඩම් ආයෝජකයන්ට විකිනීම සඳහා ඒවායේ පදිංචි දුගීන් ඉවත් කිරීමේ සැලසුම් පැවති බවද, පරීක්ෂනයෙන් නිගමනය කෙරුනි.
2017 අප්‍රෙල් 14 දින මීතොටමුල්ල කසල කන්ද නාය යෑමෙන් ජීවිත 32 ක් හානිවී 11 දෙනෙකු අතුරුදහන් විය. මෙහිදී නිවාස 146 ක් විනාශවී පවුල් 353 ක් අවතැන් වූ අතර, ව්‍යසනයෙන් පසුව අවදානම් කලාප නම් කර තවත් පවුල් 100 කට වඩා බලහත්කාරයෙන් ඉවත් කොට ප්‍රමිතියකින් තොරව ගොඩ නැගූ මහල් නිවාස තුලට ගාල් කෙරුනි.
මහල් නිවාස ප්‍රතික්ෂේප කල පවුල් සඳහා කුලී නිවසක ජීවත්වීම සඳහා නාමික කුලියක්ද විනාශවූ දේපල හා නිවාස සඳහා නාමික වන්දියක් ලැබුනද ඒවා ලබා දුන්නේ මීතොටමුල්ල මහජනයාගේ ආර්ථික හා සමාජීය අවශ්‍යතාවන් මත පදනම්ව නොව නාගරික ඉඩම් හිස්කර ගැනීමේ ධනපති පන්තියේ අභිලාෂයන් මත පදනම්වය.
මහජනතාවගේ සමාජ අයිතියක් වන නිවාස අයිතිය තුට්ටුවටවත් මායිම් නොකරන ආන්ඩුවේ ආස්ථානය හෙලි කරමින් නාසඅ නිලධාරියා නරුම ලෙස කියා සිටියේ, මෙම ඉඩම් නාසඅ ට නැතහොත් ආන්ඩුවට අයත් බව සහ “වසර සියයක්” එහි පදිංචිව සිටියද එයට හිමිකම් කීමට කවරෙකුට හෝ නොහැකි බවයි.
ආන්ඩුවේ මෙම පිලිවෙත්වලට එරෙහිව විශාල මහජන විරෝධයක් ප්‍රදේශය තුල පැතිර පවතී. නිශ්චිතව ම ඉදිරි දින වලදී තමන්ට ද මෙම ප්‍රදේශයෙන් ඉවත්ව යායුතු බවට බල කෙරෙනු ඇති බව මෙතෙක් එම ප්‍රදේශයෙන් ඉවත්ව නොමැති නිවැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.
මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, නාසඅ සහ යුද හමුදාව එක්ව කසල කන්ද පිහිටි භූමියේ උද්‍යානයක් නිර්මානය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව 2018 වසර මැදදී මාධ්‍ය මගින් ප්‍රකාශ විය. එම කාලයේදීම මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රනවක ප්‍රකාශ කලේ 2023 වන විට කොලඹ මුඩුක්කු සම්පූර්නයෙන්ම ඉවත් කරන බවය.
පසුගිය සතියේ ලෝසවෙඅ වාර්තාකරුවන් දුටුවේ කසල කන්ද උද්‍යානයක් බවට පත් කෙරෙන මෙම නිර්මාන කටයුතු වේගයෙන් සිදුවන බවයි. කසල කන්ද වටා බර වාහන ගමන් කල හැකි මාර්ගයක් සාදා ඇත. බොහොමයක් ඉදිකිරීම් කටයුතු හමුදා භටයින් විසින් සිදු කරන අතර නාසඅයේ කාර්යාල දෙකක් එම භූමියේ ස්ථාපනය කර ඇත.
අවට ප්‍රදේශය පුරා ආන්ඩුවේ මැනුම් නිලධාරීන් සැරිසරමින් සිටි අතර අවට සියලු නිවාසවල අලුතින් රතු සහ කහ පාටින් අංක සලකුනු කර තිබුනි.
කසල කන්ද පිවිසුම් දොරටුව ආසන්නයේම ඇති නිවාස පෙලෙහි ජීවත් වන ගෘහනියන් තිදෙනෙකු වන මාලනී, රාජේෂ්වරී, කලාවතී, ලෝසවෙඅ වෙත කියා සිටියේ, කසල කන්ද පිලියම් කිරීම සහ ඒ අවට පාරවල් ඇතුලු යටිතල ව්‍යුහය දියුනු කිරීමේ සැලසුම් සීග්‍රයෙන් ක්‍රියාත්මක වුවත්, අවට නිවැසියන්ට සිදුවන්නේ කුමක්ද ගැන ආන්ඩුව හා නිලධාරීන් සම්පූර්නයෙන්ම නිහඬ බවයි.
“පාරවල් මනිනවා, අපේ ගෙවල් ලකුනු කරලා යනවා, කුනු කන්ද තුනී කරනවා අපිට පේනවා, හැබැයි තවම කිසිම දැනුම් දීමක් කරලා නැහැ. මීට මාස කීපයකට කලින් ගෙවල් ලකුනු කරපු දවසේ මිනිස්සු කලබල උනා. ඊට පස්සේ පනිවිඩයක් ආවා හවස යූඩීඒ (නාසඅ) එකේ මහත්තුරු පන්සලට එනවා රැස්වීමකට, අපිටත් එන්න කියල. හවස අපි ගියහම එතනට කවුරුත් ආවේ නැහැ” යැයි මාලනී පැවසුවාය.
රාජේශ්වරී කියා සිටියේ තමන් වසර ගනනනාවක් ජීවත් වූ නිවාසය පමනක් නොව කම්හල්වල කුලීවැඩ කරන තම පුරුෂයාගේ රැකියාවද රැඳී ඇත්තේ මේ පලාත තුල බවයි. “ගෙවල් හරි වන්දි හරි දෙයිද නොදෙයිද? මෙතනට වෙලා තව කාලයක් ඉන්න වෙයිද? මේ කිසිම දෙයක් ගැන විශ්වාසයක් නැතිව අපි කොහොමද ජීවත් වෙන්නේ? කොහොමද ලමයින්ගේ අනාගතයක් ගැන හිතන්නේ?”
මීතොටමුල්ල පාර අද්දර ජීවත් වන ත්‍රිරෝද රථ රියදුරෙකු වන චන්දන ලෝසවෙඅ ට පැවසුවේ නිවාස කැඩීමේ වැඩපිලිවෙල නැවතත් ආරම්භ වී ඇති බවයි. “ආන්ඩුවේ නිලධාරීන් ඇවිත් අපේ ගෙවල්වලට ආයෙත් නොම්මර ගහල ගියා. නාගරික සංවර්ධන අධිකාරියෙන්ද නැත්නම් නිවාස අධිකරියෙන්ද කියලා අපි දන්නේ නැහැ. එයාලා කියනවා ෆ්ලැට්වලින් ගෙවල් දෙනවා නැත්නම් වන්දියක් දෙනවා කියලා. නමුත් කිසිම දෙයක් මේ වෙනකල් අපිට නිල වශයෙන් දැනුම් දීලා නැහැ.”
තමන් මේ නිවාසවල වසර 35 කට වඩා ජීවත් වී ඇති බවත් ප්‍රදේශය අතහැර යාමට එකඟ වන්නේ මීට වඩා හොඳ ජීවන තත්වයක් තහවුරු කල හැකිනම් පමනක් බවත් මහල් නිවාස පිලිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවත් චන්දන කියා සිටියේය: “අපි පොඩිකාලේ ඉඳලා ජීවත් වෙච්ච පලාත දාල යන්න කියනවනම්, ඒ සැලසුම මොකක්ද කියල දැනගන්න අපිට අයිතියක් තියනවා, මේගොල්ලෝ මොනවත් කියන්නේ නැහැ.”
කසල කන්ද කඩා වැටීමෙන් තම පුරුෂයාත්, ලේලියත්, මිනිබිරියත් අහිමි වූ ගෘහනියක් වන දයාවතී කියා සිටියේ ආන්ඩුවේ පිලිවෙත් නිසා ඔවුන් යන එන මං නැති නැතට පත්වී ඇති බවයි: “අවුරුදු 15-20ක් අපි පිටරටවල වල වැඩකලේ, අපිට අපේ ලමයි හදන්න ලැබුනේ නැහැ, එයාලව හැදුවේ අපේ අම්මල, අපි කලේ හම්බු කරලා ගෙයක් හදන එක, හදපු ඉන්න තැන තමයි මෙහෙම නැති කරලා දාන්නේ” ඇය කියා සිටියාය.
මෙම ඉදිකිරීම් වැඩකටයුතු සඳහා මිලිටරිය යොදා ඇත්තේ, ඉදිරියේදී ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහිව ඇතිවන මහජන විරෝධතාවයන් ලේවැකි මර්දනයකට යටත් කිරීමේ සූදානමෙනි. ව්‍යසනය සිදුවූ විගසමත් ජනාධිපති සිරිසේන ප්‍රකාශ කර සිටියේ ඉදිරි කාලය තුල කසල කන්ද “ප්රතිසංස්කරනය” කිරීමට මෙන්ම මීතොටමුල්ලේ “අනවසර” ඉදිරිකිරීම් ඉවත් කිරීමටද හමුදාව යොදාගන්නා බවයි.
කොලඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි ඉඩම් ආයෝජකයන් සඳහා ලබාදිය යුතුය යන්න ලෝක බැංකුවේ විධානයකි. මෙලෙස ක්‍රියාවට නැංවෙන්නේ, ලෝක ධනේශ්වර ක්‍රමය මුහුන දී ඇති ගැඹුරු අර්බුදය හමුවේ රටක් රටක් පාසා පාලක පංතීන් විසින් මහජනතාවන්ට එරෙහිව ක්‍රියාවට දමන සමාජ ප්රතිවිප්ලවයේ කොන්දේසි ය. දුගී නිවැසියන්ට එරෙහි ප්‍රහාරය, රටපුරා කම්කරුවන්ට, පීඩිතයන්ට හා තරුනයින්ට එරෙහිව දියත්කර ඇති ප්‍රහාර මාලාවක කොටසකි.
ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය කසල කන්ද ඉවත්කල යුතුයයි සටන් වැදුන මහජනතාවගේ අරගලයේ මුදුනට පැන ධනපති ආන්ඩුවලට හුදු බලපෑම් දැමීම තුලට කොටුකොට සමාජවාදී වැඩපිලිවෙලකින් මහජනතාව සංවිධානයවීම වැලක්වීමට කටයුතු කලේය. කන්ද නාය යෑමෙන් සිදුවූ ව්‍යසනයෙන් පසුද ඔවුන් යෝජනා කරන්නේ ආන්ඩුවට බලපෑම් යෙදීමේ “අරගලයන්” ය.
ධනේශ්වර අර්බුදයේ ප්රතිඵලයන් වන මීතොටමුල්ල ව්‍යසනය වැනි සමාජ අපරාධ හෝ නිවෙස් වලින් පලවා හැරීම ධනපති ආන්ඩු වලටම බලපෑම් දැමීමෙන් කිසිසේත්ම විසඳිය නොහැකිය.
නිවාස ප්රශ්නය ඇතුලු විවිධ ජීවන ප්‍රශ්නවලට මුහුනදී සිටින ජනතාව තම අයිතීන් දිනා ගැනීම සඳහා කම්කරු පන්ති නායකත්වය යටතේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලයට පිවිසී ගත යුතු ය.
Follow us on