ආන්ඩුව කොලඹ නගරයෙන් දුගී ජනයා පලවා හැරීම ඉදිරියටම ගෙනයයි
විලානි පීරිස් විසිනි, 2019 ජූනි 4
ආන්ඩුවේ “නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය” අඛන්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් නයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ආන්ඩුවේ නිල පුවත් වෙබ් අඩවිය වන නිව්ස්.එල්කේ, වාර්තා කර තිබේ. මැයි 26 දින මෙම අනුමැතිය ලැබී ඇත්තේ මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රනවක ගෙන එනු ලැබූ යෝජනාවකට අනුවයි.
ව්‍යාපෘතියේ අරමුන අඩු ආදායම්ලාභී නිවැසියන්ගේ “ජීවන කොන්දේසි ඉහල දැමීම” බව ආන්ඩුව පවසතත්, එහි සැබෑ අරමුන වනුයේ කොලඹ ඇතුලු ප්‍රධාන නගරයන් හි ජීවත් වන දුගී පවුල් ප්‍රමිතියෙන් තොරව ඉදි කෙරෙන මහල් නිවාසයන්ට බලහත්කාරයෙන් තල්ලු කොට, දැනට ඔවුන් පදිංචිව සිටින ඉඩම් ලාභ පිපාසිත ආයෝජකයන්ට පවරා දීමයි.
අප්‍රේල් 21 දින ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය වහා ඩැහැගත් ආන්ඩුව හදිසිනීතිය පනවා පොලිස් රාජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කලේ ය. “ත්‍රස්තවාදය වැලැක්වීම” සහ “මහජන ආරක්ෂාව තහවුරු කිරීම” යන කඩතුරාව යටතේ ආන්ඩුව මිලිටරියට සහ පොලීසියට විසකුරු බලතල ලබා දුන්නේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ වැඩෙන අරගල රුදුරු ලෙස තලා දැමීම සඳහා ය. කොලඹ නගරයෙන් දුගීන් පලවා හැරීම සඳහා දැනටමත් මෙම මර්දන නීති යොදාගනිමින් පවතී.
රනවක ගේ යෝජනාවට අනුව ව්‍යාපෘතියට රුපියල් බිලියන 190ක් ආයෝජනය කෙරෙන අතර එය අවසන් වීමත් සමග “අක්කර 400ක ඉඩම් ප්‍රමානයක් වානිජ කටයුතු සදහා” මුදා ගැනීමට හැකි වෙතැයි ආන්ඩුව පවසයි.
ව්‍යාපෘතිය යටතේ කලින් සැලසුම් කර තිබූ මහල් නිවාසයන්ට අමතරව මාලිගාවත්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්, ඛෙත්තාරාමයේ ඇපල්වත්ත, බ්ලූමැන්ඩල්හි කිඹුලා ඇල සහ රත්මලාන වාරිමාර්ග ඉඩම යන ස්ථානයන්හි මහල් නිවාස ඒකක 2272 ක් මෙම නය යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරෙයි.
මින් අදහස් කෙරෙන්නේ දැනට කොලඹ නගරයෙන් ඉවත්කර ඇති දහස් ගනනක් පවුල් වලට අමතරව මෙම නම් කර ඇති ප්‍රදේශයන්හි පදිංචිව සිටින දුගී පවුල් කෙටි කාලයක් තුලදී, ඔවුනගේ නිවාසයන්ගෙන් ඉවත් කෙරෙන බවයි.
ඇමති චම්පික රනවක 2016 දී මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී පවසා ඇති පරිදි පරිදි කොලඹ නගරය තුල අක්කර 900ක් පුරා විසිර පවතින 68,000ක් දුගී නිවාස ඉවත්කොට ඔවුනට ඒ වෙනුවට මහල් නිවාස සැපයෙන අතර, එම ඉඩම්වල පදිංචිව සිටින කුලී නිවැසියන් හා නීතිමය ලියවිලි නොමැති අය “අනවසර” පදිංචිකරුවන් ලෙස නම් කොට, බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබීමට නියමිත ය.
මෙය ලක්ෂ ගනනක් ජනතාව කුඩා දරුවන් සමග මහමගට ඇද දැමීමේ තත්වයකි. මේ සඳහා වාතාවරනය සැකසීම පිනිස “පැල්පත්වාසීන් පතාලේ මැරයන්”, “මත්කුඩුවලට ඇබ්බැහිවූවන්” යනාදී අවලාද මාලාවක් ඔවුන්ට එරෙහිව ධනපති මාධ්‍ය හරහා මුදා හැර ඇත.
කොලඹ නගරය “දකුනු ආසියාවේ වෙලඳ මධ්‍යස්ථානය” බවට පරිවර්තනය කිරීමත් විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමත් අරමුනු කර ගනිමින් ලක්ෂ සංඛ්‍යාත මහජනයා බලහත්කාරයෙන් කොලඹ නගරයෙන් එලවා දැමීම ආරම්භ කෙරුනේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ය. නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කල අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම පලවා හැරීම් සඳහා ප්‍රධාන කොට මැදිහත්විය.
2010 සිට 2014 දක්වා නගරයෙන් පලවා හැරි පවුල් ගනන පිලිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන නොමැති අතර නාසඅ සටහන් වලට අනුව එය 5,000 ක් පමන වේ. මෙම කාලය තුල හමුදා පහරදීම් යොදා ගනිමින් කොම්පඤ්ඤවීදිය, මාලිගාවත්ත, වනාතමුල්ල, දෙමටගොඩ සහ බොරැල්ල ආදී ප්‍රදේශයන් හි දුගී ජනයා ඉවත් කෙරුනි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (සීපීඒ) විසින් 2014 දී නිකුත් කල වාර්තාවකට අනුව අනුව 280,000ත් 500,000ත් අතර ජනතාවකට උන්හිටි තැන් අහිමි වෙයි.
දුගී නිවාසයන්හි ජීවත්වන බොහෝ දෙනෙකුට ස්ථිර රැකියා නොමැත. සමීක්ෂන ගනනාවකින්ම පෙන්වා දී ඇත්තේ, බහුතරයකගේ දිනක ආදායම ඩොලර් 2 හෙවත් රුපියල් තුන්සීයකට ද වඩා පහල මට්ටමක පවතින බවත් ඇතැමුන්ට දිනකට එක් ඩොලරයක පමන ආදායමක්වත් නොලැබෙන බවත් ය.
ඔවුනට ලබාදෙන මහල් නිවාසයන්හි ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර වන අතර, වර්ග අඩි 400 ක් පමන වන කුඩා වපසරිය ශීලාචාරව ජීවත්වීම සඳහා කිසිසේත්ම නොසෑහෙයි. අයිතිය තහවුරු කෙරෙන නීත්‍යානුකූල ලියවිල්ලක් හෝ ඒවායේ පදිංචි කරන පවුල් වලට ලබා නොදෙයි. එවන් ලියැවිල්ලක් නොමැතිව ස්ථිර පදිංචිය තහවුරු කල නොහැකි නිසා ලමයින්ට පාසැලක් ලබා ගත නොහැකි බව ඒවායේ පදිංචි කල ජනතාව පවසති.
2016 ජනවාරි 29 දා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් බස්නාහිර පලාත් සංවර්ධන මහා ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කරමින් දුගී නිවැසියන් කොලඹ නගරයෙන් පලවා හැරීම කඩිනම් කරනු ලැබුවේය.
මේ යටතේ, වෙරල ආරක්ෂක දෙපාර්තමේන්තුව 2016 පෙබරවාරි 12 වන දා වැල්ලවත්ත පාලම අසල සිට ගල්කිස්ස දක්වා වන මුහුදු තීරයේ “අනවසර” ඉදිකිරීම් ලෙස නම් කෙරුනු නිවාස සිය ගනනක් දැඩි මහජන විරෝධය මැද ඉවත් කරනු ලැබූවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදාගනිමිනි.
ආන්ඩුව ඉන් දින හතරකට පසු, පොලීසිය සහ නාසඅ නිලධාරීන් මැදිහත් කරමින්, උතුර කොලඹ තොටලඟ ෆර්ගියුෂන් පාරේ කජීමාවත්තේ දුගී නිවාස 250 ක් පමන කඩා බිඳ දැමුවේ නිවෙස් වල තිබූ ලී බඩු, ලමයින්ගේ පොත් පත් සහ මුලුතැන්ගෙයි බඩු භාන්ඩ ද විනාස කරමිනි. මහජනතාවගේ බරපතල විරෝධය හේතුවෙන් ඔවුන් සම්පූර්නයෙන් ඉවත් කිරීමට නොහැකි විය. තාවකාලිකව අටවා ගත් පැල්පත් තුල නොයෙක් තර්ජන හා දුෂ්කරතා මැද ඔවුහු එම ස්ථානයේම ජීවත් වෙති.
ඒ හා සමගම කොලඹ තොටලඟ මුවදොර උයන මහල් නිවාසය හා ජපන් මිත්‍රත්ව පාලම අසල පිහිටි ඇපල්වත්ත තුල නිවාස 9 ක් නාසඅ විසින් බුල්ඩෝසර කර බිමට සමතලා කෙරුනි. ඔවුහුද කජීමාවත්ත අසල තාවකාලික අටවා ගත් කාමර තුල ජීවත් වෙති.
මීට අමතරව මීතොටමුල්ලේ කසලකන්ද නායයාමෙන් විපතට පත් ජනයාගෙන් පවුල් ගනනාවක් මහල් නිවාසයන්හි පදිංචි කරවා ඇත්තේ බලහත් කාරයෙනි. විපතටපත්වූවන්ගේ නිවාස තිබූ භූමිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් එහි උද්‍යානයක් ගොඩනැගීමට ආන්ඩුව සූදානම්වන අතර අවට පදිංචි සෙසු ජනයාට ද ප්‍රදේශය අතහැර යන ලෙසට දැනුම් දී ඇත.
ලබා දී ඇති මහල් නිවාසයන්හි ඇති දුෂ්කර කොන්දේසි හේතුවෙන් එම නිවාස කුලියට දී වෙනත් ස්ථාන වල පදිංචියට යාමට නිවැසියන් පෙලැඹී ඇත. ආන්ඩුව යත්න දරන්නේ පවතින හමුදා පොලිස් බලතල යොදා ගනිමින් එසේ කුලියට දුන් නිවාස යලි පවරා වෙනත් පවුල් වලට ලබා දීමටය. නිවාසයන්හි අයිතිය ලබා දී නොමැති බැවින් ඒවා විකිනීමේ හෝ කුලියට දීමේ අයිතියක් නිවැසියන්ට නොමැති බව ආන්ඩුව කියයි.
මැයි 3 සහ 6 දිනයන්හි සාලමුල්ලේ “ලක්සඳ සෙවන”, ග්රෑන්ඞ්පාස් හි “සිරිමුතු උයන” සහ බොරැල්ලේ “මෙත්සර උයන” සහ “සිරිසර උයන” යන මහල් නිවාසයන්ට පැමිනි නාසඅ නිලධාරීන්, “ආරක්ෂක හේතු” මත කුලී නිවැසියන් වහාම ඉවත්ව යායුතු බවටත්, එසේ නොවුනහොත්, අප්‍රේල් ප්‍රහාරයෙන් පසු ආන්ඩුව රටතුල තහවුරු කල පොලිස් හමුදා බලතල යටතේ පියවර ගන්නා බවටත් තර්ජනය කර තිබේ.
ලබා දී ඇති මහල් නිවාස සඳහා මාසික වාරික මුදලක් අය කරන අතර නිවස හිමි වන්නේ වසර 30 ක් එම වාරික ගෙවූ පසුය. මාස්පතා මෙම මුදල ගෙවා නිම කලයුතුය. මෙම මුදල නිතිපතා ගෙවීමට නොහැකි වූවොත් එම නිවැසියන් ඉවතට ඇද දමා වෙනත් කෙනෙකුට නිවස පැවරීමේ බලය නාසඅ සතුය.
කජීමා වත්තේ අටවා ගත් නිවසක ජීවත්වන ගෘහනියක් මුහුන දෙන තත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ කියා සිටියාය.
“පසුගිය මාස කිහිපය ඇතුලත රජයෙන් කජීමා වත්ත ප්‍රදේශවාසීන්ගේ තොරතුරු, කිහිප අවස්ථාවකදීම ලබාගත්තා. පවුල් 54 කට ෆ්ලැට් වලින් ගෙවල් දෙනවා කියල ෆෝරම් පුරවගත්ත. අපි ෆෝරම් බාරදුන්නේ අප්‍රේල් මාසේ, නමුත් මේ බෝම්බ සිද්ධිය නිසා ඒක යට ගිහින් තියෙන්නේ.”
අප්‍රේල් මාසයෙන් පසුව මේ පිලිබඳව කිසිඳු තොරතුරක් ලැබී නොමැති බවත්, කජීමා වත්තේ පැල්පත් 300ක් පමන ඇතත්, ඉල්ලුම් පත්‍ර ලබා දුන්නේ ගෙවල් 54 කට පමන බවත් ඇය පැවසුවාය. තට්ටු නිවාස වලට යාමට තමන් මුලින් කිසිසේත්ම අකමැති වුවත් දිගින් දිගටම රජයෙන් කරන තර්ජන නිසා ලබාදෙන කොතැනකට හෝ යාමට, ඔවුන් තීරනය කර ඇති බව ඇය තවදුරටත් කියා සිටියාය.
ඇපල්වත්ත ප්‍රදේශයෙන් පලවාහැර දැන් මුවදොර උයන නිවාස සංකීර්නය පිටුපස කුඩා පැල්පත් වල පදිංචි කර ඇති ගෘහනියක් වන මාලනී ප්‍රියන්තිකා කියා සිටියේ, කලින් රුපියල් දෙදහස් ගානක් වූ මහල් නිවාස වාරිකය දැන් රුපියල් 5,600 දක්වා වැඩි කර ඇති බවත්, මසකට එවන් මුදලක් දැරීමට තමන්ට නුපුලුවන් බවත්ය. “මේ පැල්පත් වල ඉන්න එක ඊට වඩා හොඳයි, අපි කොහොමද මේ මුදල ගෙවන්නේ? ඒ මහත්තුරු කිව්වා, කවුරු කිව්වත් ඒ ගාන නම් අඩු කරන්නේ නැහැ කියල.”
ප්රියන්තිකාගේ නිවස යාබද නිවසක ජීවත්වන ආර්. මාරිමුත්තු මෙසේ කීවේය: “අපි අපේ වියදමින් හදාගත්තු හරි කුලියට හිටපු ගෙවල් කඩා දාල, මේ ෆ්ලැට් වලට අපිව අරින්ඩ ආන්ඩුවට තියන උවමනාව මොකක්ද? මේ ඉඩම් ඔක්කොම ආයෝජකයන්ට විකුනලා කියලා අපි දන්නවා, ඒකයි මේ අපිව එලවාගන්න තියන තදියම.”
Follow us on