යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ රාජ්‍ය මර්දනයට එරෙහි ව කතා කරති
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූනි 13
අප්‍රේල් 21 වැනි දා, කතෝලික පල්ලි සහ ප්‍රධාන හෝටල් කීපයකට ත්‍රස්තවාදී කන්ඩායම් විසින් එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි හදිසි නීතිය ක්‍රියාවට නැංවූ ආන්ඩුව, හමුදාවට සහ පොලීසියට පුලුල් බලතල ලබා දුනි.
ත්‍රස්තවාදය මැඩීමේ කඩතුරාව යටතේ දිවයින පුරා සෝදිසි මෙහෙයුම් වල යෙදුනු පොලීසිය සහ හමුදාව මුස්ලිම් ජනයා විශාල වශයෙන් අත් අඩංගුවට ගත්හ. එයට සමගාමීව, බොද්ධ අන්තවාදී සංවිධාන සහ මැරයන් මෙහෙයවා ගනිමින් මුස්ලිම්-විරෝධී ප්රචන්ඩත්වයක් ද මුදා හැරුනි.
මෙම රාජ්‍ය මර්දනය මුදා හැරුනේ මුස්ලිම් ජනයාට එරෙහිව පමනක් නොවේ. සෝදිසි කිරීමේ නාමයෙන්, විශ්ව විද්‍යාල තුලට, වැඩපොල වලට සහ නිවස්නා ප්‍රදේශ වලට කඩා වැදුනු පොලීසිය සහ මිලිටරිය, කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අනෙකුත් මහජනතාවන් ත්‍රස්ත කොට බිය ගැන්වීමට පටන් ගත්හ. යුද කාලයට සමාන අයුරින්, ඉහත ස්ථානයන්හි සහ මහමග යලිත් පොලිස් සහ මිලිටරි මුරපොල ස්ථාපිත කෙරුනි.
මෙම වර්ධනයන්ගේ කොටසක් ලෙස, මැයි 03 වැනි දා, යාපනය විශ්ව විද්‍යාලය තුල හමුදාව විසින් කරන ලද වැටලීම් සහ සෝදිසි මෙහෙයුම්වල දී, එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් ද එහි ආපන ශාලාවක් පවත්වා ගෙන ගිය කොන්ත්‍රාත්කරුවකු ද හදිසි නීතිය යටතේ අත් අඩංගුවට ගෙන, සිරභාරයට පත් කෙරුනි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ නායක වී. ප්රභාකරන්ගේ පින්තූරයක් සහිත පෝස්ටරයක් ශිෂ්‍ය සංගම් කාර්යාලය තුල තිබීම අත් අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍යයන්ට එරෙහි ව ඇති චෝදනාව යි.
මෙම හමුදා මෙහෙයුමට පසු දිනයේ දී, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් තනතුරින් පහ කර වැඩ බලන අයෙකු එම තනතුරට පත් කර ඇත. හිටපු උපකුලපති එම තනතුරින් ඉවත් කිරීමට හේතුවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
සති ගනනාවක් රඳවා ගැනීමෙන් පසු ව, ශිෂ්‍යයන් අතර බලගතු විරුද්ධත්වයක් වර්ධනය වන තතු තුල ඔවුන් ඇප පිට මුදා හරිනු ලැබුවද, ඔවුන්ට එරෙහි නඩුව ඉවත් කර ගෙන නැත.
ශිෂ්‍ය නායකයන් කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙස ඉල්ලමින්, යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ දෙ වතාවක දී උද්ඝෝෂනවල නියැලුන හ. ඇප මත මුදාහල ශිෂ්‍යයන්ට එරෙහි නඩුව ඉවත් කරන ලෙස ඉල්ලමින් අවසානයේදී ඔවුහු පන්ති වර්ජනයක නිරත වූහ. ඔවුන් දේශනවලට සහභාගී වූයේ “ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කාලය අවසන් වීමට පෙර ඔවුන්ව නඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන” බවට වැඩ බලන උපකුලපති පොරොන්දු වූවායින් පසු ව ය.
යුද්ධය අවසන් වී දස වසරක් ගත වූ පසුව ද උතුරු හා නැගෙනහිර පලාත්වල දිගට ම පවතින මිලිටරි වාඩිලා ගැනීම් යටතේ එම පලාත් වල තරුනයන් සහ ශිෂ්‍යයන් ඇතුලු මහජනතාව නිරන්තර මර්දනයට ලක් වෙමින් සිටිති. යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ට එරෙහි මෙම නව මර්දනීය පියවරයන්, දිනපතා අරගලවල ඇදෙමින් සිටින කම්කරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ගොවීන්ට එරෙහි ව ආන්ඩුව විසින් ක්‍රියාවට නගමින් පවතින පොලිස් මිලිටරි සැලසුම් වල කොටසකි.
නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම සඳහා දිගින් දිගට ම අරගලයේ යෙදෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මර්දනය කිරීම සඳහා ද ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ඔත්තු බැලීම සඳහා ද ආන්ඩුව විශ්ව විද්‍යාල තුල හමුදා කන්ඩායම් ස්ථාපිත කර ඇත. දැනටමත් උතුරු හා නැගෙනහිර විශ්ව විද්‍යාලවලට හමුදා කන්ඩායම් යවා ඇත.
ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කතා කල ශිෂ්‍යයෝ යාපන විශ්ව විද්‍යාලයේ පවතින මර්දනයන් ගැන කතා කල හ.
එක් මුස්ලිම් කන්ඩායමක් සිදු කල ත්‍රස්ත ප්‍රහාරය නිසා සමස්ත මුස්ලිම් සමාජය ම මර්දනයකට ලක් වී ඇති බවත් එම්.එම්. රාසික් පැවසී ය.
“මෙය නැවතිය යුතු යි. මුස්ලිම් පමනක් නොව සමස්ත ලාංකීය ජනයා මත ම මර්දනය මුදා හැර තියෙනවා. අපේ මුලු විශ්ව විද්‍යාලය ම මිලිටරි නිරීක්ෂනය යටතේ පවතිනවා. ශිෂ්‍ය සංගම් නායකයන් අත් අඩංගුවට ගෙන ඇප පිට නිදහස් කර තිබෙනවා. ඔවුන්ගේ නඩු ඉවත් කර ඔවුන්ට නිදහසේ අධ්‍යයන කටයුතු කර ගෙන යාමටත් ජීවත් වීමටත් ඉඩ කඩ සලසා දිය යුතු යි. ජනතාවට කරදර කරන ආන්ඩුවට වඩා ජනතාව ආරක්ෂා කරන ආන්ඩුවක් හදන්න ඕන.”
කලා අංශයේ ශිෂ්‍යයෙකු වන ඒ. අයින්ස්ටින් සඳහන් කලේ හමුදාව නැවතත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ව නිරීක්ෂනය කිරීමට පටන් ගෙන ඇති බවයි. “මෙම ආන්ඩුව ජනපීඩාවන් නැවත පටන් ගෙන තියෙනවා. අපේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ මිලිටරි පාලනයට එරෙහි ව දිගට ම සටන් කරල තියෙනවා. එයට පලිගැනීම සඳහායි ශිෂ්‍ය සංගම් නායකයන් අත්අඩංගුවට ගත්තේ. එහි දිගුවක් වශයෙන් උපකුලපති ද ඉවත් කරල. ඉවත් කලේ ඇයි ද කියල අපි දන්නේ නෑ. ශිෂ්‍ය සංගම් නායකයන් අවසන් වසර සිසුන් වන නිසා ඔවුන්ගේ නඩු ඉක්මනින් ම ඉවත් කර ගත යුතු යි. නැති නම් ඔවුන් ඉවත් වන විට පිලිගැනීමක් නැති වෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යයන කටයතු නිමා වීමට මත්තෙන් මෙම නඩුව අවසන් කල යුතු යි.”
ආන්ඩුව ගෙන යන මර්දනයට දෙමල ධනපති පක්ෂ ලබා දෙන සහය පෙන්වා දුන් ඔහු “ආන්ඩුවට සහය දෙන දෙමල ජාතික සන්ධානය ආන්ඩුවේ සියලු ම මර්දනකාරී ක්‍රියාවන්ට සහය දෙනවා. පාර්ලිමේන්තුවේ හදිසි නීතිය ගෙනා විට ඔවුහු එයට සහය දුන්නා. ශිෂ්‍යයන් අත් අඩංගුවට ගන්නා විටත් ඔවුන් මුනිවත රැක්කා” යි පැවසී ය.
හදිසි නීතිය යටතේ මහජනතාවට තිබෙන සියලු ම අයිතිවාසිකම් සහ නිදහස මර්දනය කෙරෙන බව සඳහන් කල එස්. මුස්පිරා “කලින් දෙමල ජනතාවට එරෙහි ව වර්ගවාදී මර්දනයන් මුදා හැරියා වගේ දැන් බෝම්බ ප්රහාරයන් පාවිච්චි කර ගෙන මුස්ලිම් ජනයාට එරෙහි මර්දනය මුදා හැර තිබෙනවා” යි කීවා ය.
“අපේ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක හේතු පෙන්වමින්, විවිධාකාර පීඩාවන් ඇති කරනවා. විශ්ව විද්‍යාලය වටේට තිබෙන ගේට්ටු වසා දමා එක් ප්‍රධාන පිවිසුමක් පමනයි විවෘත ව ඇත්තේ. මේ නිසා බොහෝ දුරක් ඇවිද ගෙන යාමට සිදු ව තිබෙනවා.”
ඇය තව දුරටත් සඳහන් කලේ “අපිට භීතියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දකුනේ තිබෙන විශ්ව විද්‍යාලවල මුස්ලිම් ශිෂ්‍යයන්ට එරෙහි මර්දනයන් දැඩි ලෙස පවතින බව යාලුවන්ගෙන් දැන ගන්න ලැබුනා. මුස්ලිම් නියෝජිතයන් යැයි කියා ගන්නා මුස්ලිම් දේශපාලන නායකයන් පවා පාර්ලිමේන්තුවේ දී හදිසි නීතියට සහය දුන්නා. මර්දනයන්ට ලක් වෙන්නේ දේශපාලන නායකයන් නොවෙයි සාමාන්‍ය ජනතාවයි” යනුවෙනි.
ආන්ඩුව ඇතුලු පාලක පන්තියේ සියලු කොටස් ත්‍රස්ත ප්‍රහාරය ගැන කල් තියා ම දැන සිටි බව වඩවඩාත් එලිදරවු වන තතු තුල, ආන්ඩුව එය නොවැලැක්වූයේ මන්ද යන ප්රශ්නය ශිෂ්‍යයෝ මතු කලහ.
වර්ධනය වෙමින් පවත්නා පන්ති අරගල රැල්ල තලා දැමීම සඳහා අවශ්‍ය මර්දන පියවර ක්‍රියාවට නැංවීම සඳහා නිමිත්තක් සොයමින් සිටි ආන්ඩුව ප්‍රහාරය සිදු වන්නට ඉඩහැර ත්‍රස්තවාදය මැඩීමේ නාමයෙන් මර්දනය දිගේලි කර ඇති බව ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන් විට ශිෂ්‍යයෝ එය අනුමත කලහ.
විද්‍යා පීඨ ශිෂ්‍යයෙකු මෙසේ කීවේය. “බෝම්බ ප්‍රහාරය සිදු වීම නොවලක්වා, එය වීමට ඉඩ හැර සාමාන්‍ය මිනිසුන් වන අපට හිරිහැර කරනවා. අපිට නිතර ම එලියට යන්න වෙනවා. ආපසු ඇතුලු වන හැම විට ම ආරක්ෂකයන් අපේ ගමන් මලු සහ හැඳුනුම් පත් පරීක්ෂා කරනවා. යුද්ධය කාලයේදීවත් මෙ පමන සෝදිසි කටයුතු සිද්ධ වුනේ නෑ. බෝම්බ ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ වීදි බැස සිටින්නේ මහජනතාව මර්දනය කිරීමටයි.”
Follow us on