යුරෝපය තුල ෆැසිස්ට්වාදයේ පුනරාගමනයට එරෙහි ව සමාජවාදී ඉදිරිදර්ශනයක්

A socialist perspective against the return of fascism in Europe

ක්‍රිස්ටෝෆ් වෑන්ඩ්‍රියර් විසිනි, 2019 මැයි 8

මැයි 4වැනි සෙනසුරාදා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, 2019 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය පැවත් වී ය.එය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන, හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැවත් වූ හය වැනි ඔන්ලයින් මැයි දින රැලියයි. ධනවාදයේ ලෝක අර්බුදය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල පිලිබඳව ලෝක පක්ෂය හා ලෝකය පුරා එහි ශාඛා හා හිතවත් සංවිධානවල ප්‍රමුඛ සාමාජිකයින් 12 දෙනෙකු ගේ එකිනෙකට වෙනස් ආකාරයේ කතා වලට රැලිය සවන් දුන්නේ ය.

එලඹෙන දිනවල, රැලියේ දී පැවත් වූ කතාවල මුද්‍රිත ලිපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධ කරනු ඇත. පහත පල කෙරෙන්නේ ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් ක්‍රිස්ටෝෆ් වෑන්ඩියර් විසින් කරන ලද කථාවයි. 6 වැනි දා, ලෝසවෙඅ පලකලේ, ලෝසවෙඅ කර්තෘ මන්ඩල සභාපති මෙන් ම සමාජවාදී සමානතා පක්ෂයේ(එජ) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද ආරම්භක වාර්තාව යි.

***

හජාජාක ජර්මානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් මම, මේ රැලියට විප්ලවවාදී ශුභ පැතුම් ගෙන ඒමට කැමැත්තෙමි.

මැයි දිනය පැවැත් වෙන්නේ අසාමාන්‍ය කොන්දේසි යටතේය. පාලක පන්තිය ආඥාදායක හා ෆැසිස්ට්වාදී බලවේග පවා දිරිමත් කරද්දී කම්කරු පන්තිය රැඩිකලීකරනය වී අරගලයට පිවිසෙමින් සිටී.

යමෙක් නිල මාධ්‍ය වෙත අවධානය යොමු කරන්නේ නම්, ඔහුට දකින්නට ලැබෙන්නේ, සමස්ත සමාජය ම තියුනු ලෙස දකුනට නැඹුරු වෙමින් ඇති බවයි.

යුරෝපීය සංගමයේ රටවල් 10ක් දැනටමත් පාලනය කෙරෙන්නේ අන්ත දක්ෂිනාංශික පක්ෂ විසිනි. හංගේරියාවේ අන්ත දක්ෂිනාංශික හා යුදෙව් විරෝධී අගමැති වික්ටර් ඕර්බන්, මහාද්වීපය පුරා නව දක්ෂිනාංශික සන්ධානයක් නිවේදනය කිරීම පිනිස ඉතාලියේ ෆැසිස්ට් වර්ගයේ ස්වදේශ කටයුතු ඇමති මැටියෝ සැල්විනි මුනගැසුනේ මෑතක දී ය.

ඔස්ට්‍රියාවේ අන්ත දක්ෂිනාංශික එෆ්පීඕ පක්ෂය, බ්‍රව්නාවු යන ඇඩොල්ෆ් හිට්ලර් උපත ලද නගරයේ දී ඔහුගේ උපන් දිනය වෙනුවෙන් පත්‍රිකාවක් නිකුත් කරමින් සංක්‍රමනිකයන් ඒකරාශී වීමට විරුද්ධ ව ඔවුන් “මීයන්” ලෙස හෙලා දුටුවේ ය. එම පක්ෂය කොන්සවේටිව් ඕවීපී සමඟ ගෙන යන හවුල මෙයට බාධාවක් නොවී ය.

එහෙත් දකුනට ගමන් කිරීම විවෘත ව ම ෆැසිස්ට් වර්ගයේ පක්ෂ ඇතුලත් ආන්ඩු වලට පමනක් සීමා වී නැත. ප්‍රන්සයේ එමෑනුවෙල් මැක්‍රොන්, ෆැසිස්ට් ආඥාදායක ෆිලිප් පිටේන් වර්නනා කල අතර, වැඩෙන සමාජ අසමානතාවට විරුද්ධ ව සාමකාමී උද්ඝෝෂකයන්ට එරෙහිව හමුදාව යෙදවී ය.

ජර්මනියේ දී කොන්සවේටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර සංගමය හා සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ මහා සභාගය ජර්මනිය සඳහා විකල්පය යන අන්ත දක්ෂිනාංශික පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුව වැඩකරයි.

එය රට පුරා සංක්‍රමනිකයින්ට වෙන් වූ රැඳවුම් කඳවුරු ජාලයක් ඉදිකරමින් සිටී. එය ජර්මානු මිලිටරිය කඩිනමින් ප්‍රතිසන්නද්ධ කරමින් පොලිස් රාජ්‍යයක් ගොඩ නඟයි.

අන්ත දක්ෂිනාංශික ඒඑෆ්ඩී පක්ෂය සමඟ සමීප ව කටයුතු කරමින් ඔත්තු සේවය, දක්ෂිනාශික පක්ෂය බැරෑරුම් ලෙස විවේචනය කරන සියල්ලන් නිරීක්ෂනය කරමින් පහර ගසයි. පලමු වතාවට ජර්මානු සසපය අන්ත වාමාංශික සංවිධානවල ලැයිස්තුවට ඇතුල් කරනු ලැබ තිබෙන්නේ, එය ඒඑෆ්ඩීය, ජාතිකවාදය හා ධනවාදය විවේචනය කරන බැවිනි.

පාලක පන්තිය වේගයෙන් දකුනට මාරුවෙමින් සිටින අතර ධනවාදය යලි වතාවක් ෆැසිස්ට්වාදය හා යුද්ධයේ මාවත ගනිමින් තිබෙන බවට ප්‍රශ්නයක් නැත. එහෙත් පුලුල් වැඩකරන ජන සමූහයන් මෙම වර්ධනය කෙරේ දක්වන්නේ ගැඹුරු සතුරු කමකි. බර්ලිනයේ පමනක් ලක්ෂ ගනන් කම්කරුවන් ඒඑෆ්ඩීයට එරෙහි ව පෙලපාලි දක්වා ඇත.

සමාජ අසමානත්වයටත් යුද්ධයටත් පවතින සියලු විරුද්ධත්වයන් පොඩිපට්ටම්කර දැමීම පිනිස ධනපති ක්‍රමය 1930 හා 40 ගනන්වල දී දැනුවත් ව ම හිට්ලර් බලයට ගෙන ඒමේ අත්දැකීම් ඔවුන්ට අමතක වී නැත. කම්කරුවන්ට මේ කුමන්ත්‍රනය මතක ය. අද දවසේ ජර්මානු අගනුවර පාරවල සමූල ඝාතනයේ ඓතිහාසික ලක්ෂන හා මතක සටහන් හමු නො වී ගමන් කල නොහැකි ය. මේ බිහිසුනු සිදුවීම් වලින් බරපතල බලපෑම් වලට හසු නො වූ පවුලක් සොයාගැනීම පවා අපහසු ය.

පාලක පන්තියට විරුද්ධ ව කම්කරු පන්තිය වමට නැඹුරු වෙමින් සිටී. නැගෙනහිර යුරෝපයේ මහජන විරෝධතා හා වැඩවර්ජන ද ග්‍රීසියේ සිරිසා ආන්ඩුව සමාජ සහන කැපීමට එරෙහි විරෝධතා ද ප්‍රන්සයේ කහ බැනියම් ව්‍යාපාරය ද පැන නැඟී ඇත. මේ ආරම්භය පමනි. ජර්මනියේ වැඩිවන ගෙවල් කුලියට එරෙහි ව්‍යාපාරයක් පැන නැඟී තිබේ. සියල්ලන්ගේ ම ඉල්ලීම වී ඇත්තේ ඉඩම් හිමියන්ගේ දේපොල අත්පත් කර ගැනීමයි.

පාලක පන්තිය හා ජනතාව අතර පවතින ආගාධය සමනය කල නොහැක. පාලක පන්තිය යලි වතාවක් ආඥාදායකත්වය හා ෆැසිස්ට් ක්‍රමවේදයන් කරා පවා හැරෙමින් සිටින්නේ එබැවින්‍ ය. ඔවුන්ට දැන් අවශ්‍ය ව ඇත්තේ, සමාජවාදය ගැන සඳහන් කරන්නවුන් පවා නිහඬ කිරීමට ය.

පසු ගිය සතියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එස්පීඩී) තරුන සංවිධානයෙහි නායකයා වන කෙවින් කූනර්ට්, මාධ්‍ය හමුවක දී සමාජවාදයට තමන් කැමති බව කියා සිටියේ ය. ඔහුට අනුව සමාජවාදය යනු, “1970 හා 80 ගනන්වල සමාජ රාජ්‍යයේ පොරොන්දු ඉටු කරන” ලිහිල් ප්‍රතිසංස්කරන මාලාවකි.

එහෙත් මෙම සුලු ඉල්ලීම් පවා වෘත්තීය සමිති, ආන්ඩුව, එස්පීඩීය තුල මහත් කැලඹීමකට හේතු විය. ඊට රටේ සෑම මාධ්‍යයක් ම පවා එක් විය. කූනට් ස්ටැලින්ට සමාන කර ඔහුගේ “මාක්ස්වාදී ද්‍රෘෂ්ඨිය” හෙලා දකින ලදි. එෆ්පීඩීය එම එස්පීඩී දේශපාලනඥයා දඩයම් කල යුතු යයි ඔත්තු සේවයට දැන්වී ය.

පාලක පන්තිය සමාජ විවේචනයේ විකෘති ස්වභාවයක් පවා තවදුරටත් ඉවසන්නේ නැත. මක්නිසා ද යත්, එහි පාලනය, සමාජය මුදුනේ ඇති නග්න පොහොසත්කම හා අධිරාජ්‍යවාදී යුද්ධය කරා වන එහි තල්ලුව, ජනතාවගේ සමාජ අභිලාෂයන් සමඟ නොපෑහෙන තැනකට පත් ව ඇති හෙයිනි.

මෙම වර්ධනයන්, ජර්මනිය තුල යලි වතාවක් ෆැසිස්ට්වාදය හිස එසවීමට එරෙහි ව සසප ගෙන යන සටනේ නිරවද්‍ය බව සනාථ කරයි. එය “ඔවුන් යලි පැමිනෙන්නේ මන් ද?” යන කෘතිය තුල වර්ධනය කර සාරාංශ ගත කර තිබේ. අපි තුන්වන රීකයේ ඉතිහාසය විකෘති කිරීමේ ව්‍යායාමය හෙලිදරව් කර ඇත්තෙමු. එය උත්සාහ දරන්නේ හා අරමුනු කරන්නේ, රීකයේ ක්‍රමෝපායන් පුනස්ථාපනය කිරීමටයි. මෙයට පාලක කවයන් තුල කිසිදු විපාර්ශවයක් ඇත්තේ නැති බව අපි පෙන්වා දුනිමු.

බර්ලිනයේ හුම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යයා 2014 දී ජර්මනියේ පල වන ලොකු ම ප්‍රවෘත්ති ජර්නලයට, හිට්ලර් බිහිසුනු අයෙක් නො වූ බවත් හොලකෝස්ටය රුසියානු සිවිල් යුද්ධය අවධියේ කරන ලද ජන ඝාතනයන්ගෙන් වෙනස් නොවන බවත් පැවසීමෙන් පසු ව, ඔහුගේ මෙම බිහිසුනු ප්‍රකාශ ගැන ජර්මනියේ කිසිදු විශ්වවිද්‍යාල පීඨයක කිසිවෙකුගෙන්වත් විවේචනයක් එල්ල නොවී ය.

සිදුවුනේ එහි අනෙක් පැත්තයි. වාම පක්ෂය ද ඇතුලු ජර්මානු පාර්ලිමේන්තු පක්ෂ නියෝජිතයින්, මුලු මහත් ව්‍යාපාරික මාධ්‍යය, ශාස්ත්‍රාලිකයේ සැලකිය යුතු පිරිසක් බාබරොව්ස්කි ආරක්ෂා කරද්දී, නාසි අපරාධ වලට සුදු හුනු ගෑමේ ඔහුගේ ව්‍යායාමය විවේචනය කලේ සසප හා සසජාතශි පමනි.

අනෙක් අතට සසප, විශේෂයෙන් ම කම්කරුවන් අතරින් හා සිසුන් අතරින් පුලුල් සහයෝගයක් දිනා ගත්තේ ය. බාබරොව්ස්කිට හා ඔහුගේ නඩයට සිය කුනු ශාස්ත්‍රාලික කවයන්හි දී ඉතිහාසය යලි ලිවිය හැකි වන්නට පුලුවන. එහෙත් ඔවුන්ට ජනතාව තුල නාසි අපරාධ පිලිබඳව මුල් බැස තිබෙන මතකය මකා දැමිය නොහැකි වනු ඇත. ඔවුන් යලි ජය ගනු නැත.

මෙය ජර්මනියට පමනක් සීමා වූ කාරනයක් නොවේ. මම මෑත සති වලදී, Why are they back?“ඔවුන් යලි පැමිනෙන්නේ මන් ද?" යන කෘතිය ලන්ඩනයේ හා ඇමරිකාවේ පැවැත්වූ දේශන හයක දී පිලිගන්වද්දී, ඒවාට කම්කරුවන් හා සිසුන් සිය ගනනින් සහභාගී වුනේ, හරියට ම එම ප්‍රශ්න වලට තමන් ද මුහුන පා සිටින බව වටහාගෙන තිබුන බැවිනි.

ඔවුහු, ෆැසිස්ට්වාදය නැඟී ඒම වැලැක්විය හැකි එක ම සමාජ බලවේගය වන, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම පිලිබඳ ඉදිරිදර්ශනයට ඉතා ශුභවාදී ලෙස ප්‍රතිචාර දැක් වූ හ. ෆැසිස්ට්වාදයේ නැඟීම පරාජය කල හැක්කේ, ජර්මානු හෝ ඇමරිකානු කම්කරු පන්තියට පමනක් නොවන බවත් ජාත්‍යන්තර කම්කරු පන්තියට බවත් රැස්වීම් වලදී ඉතා පැහැදිලි ව පෙන්වා දෙනු ලැබින. එහෙත් ඒ සඳහා කම්කරු පන්තියට සමාජවාදී ඉදිරිදර්ශනයක් හා විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය කෙරේ. 1930 ගනන්වල හා ෆැසිස්ට්වාදයේ තර්ජනය අඩු තක්සේරු කරන ලද හා ඊට එරෙහි ව සටන් කිරීම ප්‍රතික්ෂේප කල ස්ටැලින්වාදයේ හා සමාජ ප්‍රජාතන්ත්‍රයේ පාවා දීම් වලට විරුද්ධ ව ට්‍රොට්ස්කි විසින් කරන ලද සටනේ ප්‍රධාන පාඩම මෙයයි.

ප්‍රමුඛ කර්තව්‍ය වන්නේ යුරෝපය පුරාත් ජාත්‍යන්තරවත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීමයි. ෆැසිස්ට්වාදය පරාජය කල හැකි එක ම මාවත එයයි, යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරනයේ දී අප සටන් වදින ඉදිරිදර්ශනය මෙයයි.

Share this article: