නිදහස් අධ්‍යාපනය රැකීමේ ජනාධිපති රාජපක්ෂගේ ප්‍රෝඩාව ඔහුගේම කතාවකින් අනාවරනය වෙයි
විලානි පීරිස් විසිනි, 2020 පෙබරවාරි 11
රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කල යුතු යයි ද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුලුල් කල යුතු යයි ද වංචනික ලෙස පවසමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා අධ්‍යාපනය පෞද්ගලීකරනය වේගවත් කිරීමේ සිය වැඩපිලිවෙල එලිමහනට ගෙන ආවේ ය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජනවාරි 10 දා පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහබාගි වූ රාජපක්ෂ දරුවන් මත අනවශ්‍ය බරක් පටවන විභාග මත පදනම් වූ මෙරට අධ්‍යාපන ක්‍රමය “අවාසනාවන්ත ලෙස අර්බූදයක” පවතින බවත් උසස් අධ්‍යාපනය සඳහා පවතින ඌන ප්‍රවේශය හේතුවෙන් ශිෂ්‍යයන් දහස් ගනනක් විදේශ ගත වන බවත් පවසමින් රටේ දරුවන් පිලිබඳව කිඹුල් කඳුලු හෙලීය. “මෙම ක්‍රමය තුල අපේ දරුවන්ට අධ්‍යාපන අහිමි වීමට ඉඩ දිය නොහැකි අතර, ඒ නිසාම රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය තුලින් මෙන්ම පෞද්ගලික අංශය හරහා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා පුලුල් කල යුතු” යි ඔහු ප්‍රකාශ කලේ ය.
රාජපක්ෂ මේ ඇද බාන්නේ අධ්‍යාපනය පෞද්ගලිකරනය කිරීම මගින් නව අවස්ථා විවර වී අධ්‍යාපන අයිතිය “සුරක්ෂිත” වන බවට, මීට පෙර සිටි ජනාධිපතිවරු, අගමැතිවරු හා අධ්‍යාපන ඇමතිවරු විසින් පට්ට ගසන ලද ප්රලාපයමයි. බලයට පත් සෑම ආන්ඩුවක් විසින්ම මෙම ප්‍රෝඩාවට ආවරනය වී සිදු කොට ඇත්තේ, ජාතික හා ජාත්‍යන්තර ප්රාග්ධනයේ අවශ්‍යතාවයන් සන්තර්පනය කෙරෙන පරිදි අධ්‍යාපන ක්ෂේත්රය තුල වඩවඩාත් ආයෝජන අවස්ථාවන් සම්පාදනය කර දෙමින්, රටේ විශ්වවිද්‍යාල සහ පාසැල් පද්ධතිය ඇතුලු සමස්ත නිදහස් අධ්‍යාපනය වලපල්ලට ඇද දැමීමයි.
මුල් කාලීන විශ්වවිද්‍යාල මෙන්ම 1980 දශකයේ ඒ ඒ පලාත්වල රජයේ අතහැර දමන ලද ගොඩනැගිලිවල අටවන ලද විශ්වවිද්‍යාල ද ඇතුලු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය මේ වන විට දේශන ශාලා, නේවාසිකාගාර, සනීපාරක්ෂක පහසුකම්වල හා ආචාර්යවරු ඇතුලු මානව හා භෞතික සම්පත්වල බරපතල ඌනතාවයකින් පෙලෙයි. වසරක් පාසා උසස් පෙල විභාගය සමත් වන ලක්ෂ තුන හමාරකට අධික ශිෂ්‍යයන්ගෙන් රජයේ විශ්වවිද්‍යාල සඳහා ඇතුලත් කර ගත හැක්කේ තිස් දහසකටත් අඩු සංඛ්‍යාවකි.
1970 අගභාගයේ සිට ලංකාව ගෝලීය ප්රාග්ධනයට විවෘත කිරීමේ පලල් සැලසුම්වල කොටසක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා ආයෝජන මන්ඩලයේ අනුමැතිය යටතේ උපාධි පාඨමාලා සඳහා රුපියල් මිලියන ගනනින් අය කරන පෞද්ගලික විශ්වවිද්‍යාල හා ආයතන විශාල ප්‍රමානයක් රටපුරා ඉදි කොට තිබේ.
පාඨමාලා සඳහා සුවිසල් ගාස්තු අය කරමින් රජය විසින්ම පවත්වාගෙන යන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි තැනක සිට, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම ගැන කතා කිරීම උත්ප්රාසාත්මක ය. 1981 දී ත්‍රිවිධ හමුදාවේ අධ්‍යාපනයට පමනක් සීමා කරමින් ආරම්භ වූ එය, 2009 දී තමා ආරක්ෂක ලේකම්ව සිටිය දී වෛද්‍ය පීඨ හා තවත් පීඨ ආරම්භ කරමින් ආරක්ෂක අංශවල නොවන සිසුන්ට ද අධ්‍යාපනය ලැබීමේ අවස්ථා උදා කල බවට රාජපක්ෂ සිය කතාවේ දී පුරසාරම් දෙඩී ය. පාඨමාලාවන් සඳහා බඳවා ගැනීම් පුලුල් කරන ලෙස එම විශ්වවිද්‍යාල පරිපාලනයෙන් රාජපක්ෂ ඉල්ලා සිටියේ ය.
ලෝක ධනේශ්වර ක්රමයේ පෙර නොවූ විරූ අර්බූදය හමුවේ ලොවපුරා පාලක පන්තීන්ගේ පිලිවෙත බවට පත්ව ඇත්තේ, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමාජ අයිතීන් සියල්ල කප්පාදු කරමින්, එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමයි. ඒ අනුව, රාජපක්ෂ ද උත්සාහ දරන්නේ, රාජ්‍ය අධ්‍යාපන වියදම් තවතවත් කපා හරින අතරේ, තමා මුහුන දී සිටින දැවැන්ත විදේශ විනිමය අර්බූදය විසඳා ගැනීමේ ප්රයත්නයේ කොටසක් ලෙස, ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය දෙස් විදෙස් ආයෝජකයන් සඳහා වඩවඩාත් විවර කර දීමටයි.
“රජයට මෙන්ම පෞද්ගලික අංශයට ද දේශීය විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන විසින් උසස් අධ්‍යාපනයක් ලබා දෙන බවට සහතික විය හැකි නම්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබීමට ජාත්‍යන්තර සිසුන් ආකර්ශනය කර ගනිමින් උසස් අධ්‍යාපන ක්ෂේත්රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයන්නෙකු බවට පත් කල හැකි” යයි රාජපක්ෂ ප්‍රකාශ කලේ ය.
මේ යටතේ ආන්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුනවර්ධන, දකුනු හා නැගෙනහිර ආසියාවේ ආර්ථිකයන් ඉලක්ක කරගත්, “අධ්‍යාපනය සඳහා නිදහස් ආයෝජන කලාප මෙරට ස්ථාපනය කිරීම” පිනිස, 2019 දෙසැම්බර් 30 දින කැබිනට් මන්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. හොරන මිල්ලෑව වත්ත ආශ්‍රිතව නාගරික සංවර්ධන අධිකාරය විසින් අත්පත් කරගෙන ඇති අක්කර 700 ක භූමියක් ඒ සඳහා වෙන් කර ඇති අතර, ආයෝජකයන් සඳහා විශේෂ බදු සහන ඇතුලු අනිකුත් ආකර්ශනීය “පැකේජයන්” හඳුන්වා දෙන බවද ගුනවර්ධන පවසා ඇත. රජයේ විශ්වවිද්‍යාල තුල විදේශ ශිෂ්‍යයන් සඳහා වෙන් කරන අනුපාතය වැඩි කොට ගාස්තු අය කිරීම හා ලොව ප්‍රකට විශ්වවිද්‍යාලවල ශාඛා පිහිටුවීම සඳහා ද ගුනවර්ධන යෝජනා කරයි.
යෝජිත අධ්‍යාපන කලාපවල අධ්‍යාපනය ලබනු ඇත්තේ ලංකාවේ කම්කරු පීඩිත මහජනයාගේ දූ දරුවන් සඳහා නොව ලංකාවේත් ජාත්‍යන්තර පරිමානවත් ධනපතියන්ගේ සහ මධ්‍යම පන්තික පවුල්වල අතලොස්සක් දරුවන් ය. ලංකාවේ වැඩෙන සමාජ අසමානතාව සැලකිල්ලට ගත් කල මිලියන සංඛ්‍යාත දුගී පවුල්වල දරුවන්ට මෙම ආයෝජන කලාපයන්හි පිහිටුවන අධ්‍යාපන ආයතනයන්හි නව අවස්ථා විවර වෙතැයි තර්ක කිරීම මුග්ධත්වයට එහා ගිය නරුමත්වයක ප්රකාශනයකි. ඬේලි නිව්ස්පුවත්පතේ 2019 ජනවාරි 4 දා පලවූ වාර්තාවකට අනුව රට තුල ධනවත්ම සියයට 20 රටේ මුලු කුටුම්භ ආදායමෙන් අඩකට වඩා භුක්ති විඳින අතර දුප්පත්ම සියයට 20 ට ලැබෙන්නේ සියයට 5 ක් පමනි. සියයට 10 ගේ තත්වය වඩාත් නරක ය. එම ගෘහ ආදායමේ කොටස සියයට 1.8 ක් හෝ ඊට අඩු ය.
“හදාරන විෂය කුමක් වුවත් ශිෂ්‍යයන් වෙලඳපලට ගැලපෙන නිපුනතාවන්ගෙන් සන්නද්ධ විය යුතු” යයි ප්‍රකාශ කල රාජපක්ෂ විශ්වවිද්‍යාල පාඨමාලා ඒ සඳහා යොමු කල යුතු යයි පැවසී ය. 2019 ජනාධිපති මැතිවරන ප්රකාශයේදී රාජපක්ෂ මෙම අධ්‍යාපනයේ පෞද්ගලීකරන වැඩපිලිවෙලට ගැලපෙන ලෙස සිසුන්ට පාඨමාලා හැදෑරීමට අවශ්‍ය පහසුකම් මෙසේ යෝජනා කලේ ය: “සිසුන්ට අවශ්‍ය කාලය සහ අරමුදල් සපයා ගත හැකි ආකාරයට අධ්‍යාපන කාලසටහන්වල සුදුසු වෙනස්කම් සිදු කල යුතු ය.” මේ කියා සිටින්නේ අධ්‍යාපනය ලැබිය හැක්කේ මුදල් ගෙවිය හැකි සිසුන්ට පමනක් බවත් සිසුන් විවිධ අර්ධකාලීන රැකියාවල යෙදමින් හා රැකියාවක් කරන කාලයේ දී පාඨමාලා ගාස්තු ගෙවීම සඳහා නිදහස ලබා දෙන ක්‍රමවේදයකට ගමන් කල යුතු බවයි. රජයේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුල පවා දැනටමත් මුදල් අය කිරීම මත පවත්වා ගෙන යන පාඨමාලා ආරම්භ කොට ඇති අතර මෙම යෝජනාවල අරමුන ඒවා තවදුරටත් ව්‍යාප්ත කිරීමයි.
අධ්‍යාපන ක්ෂේත්රය අලලා ලංකාව තුල සිදු කෙරෙන වෙනස්කම් ජාත්‍යන්තර වර්ධනයන්ගේ කොටසකි. පශ්චාත් දෙවන ලෝක යුද උත්පාතයට වාරු වී ලොව පුරා ධනේශ්වර පාලක පන්තීන් කම්කරු පන්තියේ බලගතු සටන් සමනය කිරීම සඳහා දියත් කල සුභසාධන ආර්ථික වැඩපිලිවෙලවල්, 1960 ගනන් අග වන විට අවසන් කල අතර 2008 ජාත්‍යන්තර මූල්‍ය අර්බූදය පුපුරා යෑමත් සමග කම්කරු පන්තියේ සියලු සමාජ අයිතීන් අතුගා දමන සමාජ ප්රතිවිප්ලවයක් ලොවපුරා දියත් කර තිබේ.
වත්මන් ලෝක ධනේශ්වර අර්බූදයේ කොටසක් ලෙස ලංකාවේ වෙලඳ ශේෂ හිඟය සහ අය-වැය හිඟය පලල් කෙරෙමින් ආන්ඩුවේ නය අර්බූදය උග්‍ර කෙරී තිබේ. 2019 දී දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්
ලෙස සියයට 7 වූ අයවැය හිගය ලබන වසරේදී 3.5 ට අඩු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) නියෝග කර ඇත. මෙය සිදු කෙරෙනු ඇත්තේ, රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය, අධ්‍යාපනය ඇතුලු සුභසාධන වියදම් දැවැන්තව කපා දැමීම හා මහජනයා මත බදු බර පැටවීම ඇතුලු පියවර මගිනි.
පසුගිය දශක කිහිපය තුල ආසියාවේ බොහෝ රටවල ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනය සඳහා ඇදී ගිය රටක් වන ඕස්ට්‍රේලියාව තුල, රාජපක්ෂ යෝජනා කරන ආකාරයේ පිලිවෙත් ක්‍රියාවට නැංවීම මගින්, ශිෂ්‍යන්ගේ අධ්‍යාපන හා රැකියා කොන්දේසි අතිශය දරුනු අතට හැරී තිබේ. ඕස්ට්‍රේලියාවේ ස්වදේශීය ශිෂ්‍යයන් පොදුවේ මුහුන දී ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයේ බරපතල කප්පාදුවකටයි. ධනපති මහා සමාගම් සඳහා ලාභ ශ්‍රමය සම්පාදනය කරන පුහුනු ආයතන බවට විශ්වවිද්‍යාල හා පාසල් පත් කිරීම සඳහා ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපනය, අධ්‍යයන කාර්ය මන්ඩල කප්පාදුව දරුනුවට සිදු කෙරෙමින් පවතී.
ඕස්ට්‍රේලියාවේ පමනක් නොව ඇමරිකාවේ, යුරෝපයේ සෑම රටකම අධ්‍යාපන පෞද්ගලීකරනය ඇතුලු කප්පාදු පිලිවෙත්වලට එරෙහි ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ බලගතු සටන් පසුගිය වසරේ සිට පුපුරා යමින් තිබේ. එහි කොටසක් ලෙස ලංකාව තුල, වැටුප් වැඩි කිරීම, අධ්‍යාපනයට ඉහල ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්, පාසල් ගුරුවරුන් බලගතු වර්ජනවල නිරතව සිටින අතර අධ්‍යාපන කප්පාදුවට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අඛන්ඩව විරෝධතාවල නිරත වී සිටිති.
මේ සෑම අරගලයකදීම මතු වී ඇති කාරනය වන්නේ ලාභ ලැබීමේ ධනේශ්වර ක්‍රමයට එරෙහිව, කම්කරු පන්තිය ප්රමුඛ සිසුන්ගේ හා පීඩිතයන්ගේ දේශපාලන අරගලයකින් තොරව අධ්‍යාපන අයිතිය ආරක්ෂා කල නොහැකිය යන්නයි.
ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගිය ජනවාරි මස 17 දින බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ආන්ඩුවේ පිලිවෙත විවේචනය කරන ගමන් කමකරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලකට එරෙහිව මෙසේ යෝජනා කලේය. “මේ ආන්ඩුව ගෙන එමින් තිබෙන අධ්‍යාපනය විකිනීමේ සැලැස්ම පරාජය කිරිමට පෙරට එන ලෙස සියලු ප්රගතිශීලී බලවේගවලට, වැඩකරන ජනතා සංවිධානවලට, වාමාංශිකයන්ට, ශිෂ්‍ය ව්‍යාපාරයට හා ජනතාවට ආයාචනය කරනවා.”
ජයගොඩගේ “ප්රගතිශීලි බලවේගවලට” ඇතුලත් වන්නේ ධනපති පන්තික සහ විවිධ මධ්‍යම පන්තික සංවිධාන හා කම්කරු පන්තික අරගල පාවාදීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති වෘත්තීය සමිති නායකයන් ය. ධනේශ්වර ක්රමයේ අර්බුදය පිලිබඳව වචනයක් හෝ සඳහන් නොකරන ඔහු පෙන්වා දෙන්නේ ආන්ඩුවේ මෙම සැලැස්ම බලපෑම් දැමීමේ අරගලයකින් පරාජය කල හැකි බවය. ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිති නිලධරය විසින් තොරොම්බල් කරන ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් නිදහස් අධ්‍යාපනය ඇතුලු අයිතීන් දිනාගත හැකිය යන වැඩපිලිවෙල මුලුමනින්ම බංකොලොත් ය.
නිදහස් අධ්‍යාපන අයිතිය ඇතුලු අනෙකුත් දැවෙන සමාජ අයිතීන් තහවුරු කිරීමට බිලියන ගනන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවල යටතේ මහා බැංකු, සමාගම් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරන කම්කරු ගොවි-ආන්ඩුවක් ගොඩනැගීමෙන් පමනි.
Follow us on