ශ්‍රී ලංකාව: යාපනයේ ප්රමුඛ දෙමල දේශපාලන ක්‍රියාකාරිකයෙකුට සැක කටයුතු රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් තර්ජනය කරයි
Tamil leading political activist in Jaffna threatens by suspected state intelligence officers
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 දෙසැම්බර් 31
දෙසැම්බර් මුල් දිනක, ජාතිකවාදී දෙමල ජනතා සභාවේ (TPC) නායකයෙකු ද, නීතිඥයෙකු ද වන සී. ඒ. ජෝතිලිංඟම් ගේ යාපනයේ පිහිටි නිවසට නොහඳුනන පිරිසක් විසින් අලාභ හානි සිදුකර ඇත. ජෝතිලිංගම් සැක කරන්නේ, තමන් ද උතුරේ අනෙකුත් දේශපාලන ක්‍රියාකාරීන් ද බිය ගැන්වීම පිනිස ආන්ඩුවේ බුද්ධි අංශ නිලධාරීන් එය සිදුකරන්නට ඇති බවයි.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමෙන් පසුව, දේශපාලන ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එරෙහි උග්‍රවී ඇති මැරවර හා ප්රකෝපකාරී ක්‍රියාවකි මෙය.
දෙසැම්බර් 8 වනදා ජෝතිලිංගම් සිය කාර්යාලයේ සිට දිවා ආහාරය සඳහා උරුම්පිරායිහි සිය නිවෙස වෙත පැමිනෙන විට නිවසේ දොරවල් කඩා විවෘත කර තිබුනි. නිවසට අලාභ හානි සිදුකර අල්මාරි දොරවල් විවෘත කර තිබූ නමුත් කොල්කෑමක් පිලිබඳ කිසිදු සාක්ෂියක් නොවීය. කෙසේ වෙතත්, ඔහුගේ ජංගම දුරකථන දෙක අතුරුදහන් වී තිබුනි.
“මගේ ජංගම දුරකථන රැගෙන යාම මට සහ මගේ මිතුරන්ට තර්ජනයකි. එහෙත් පොලිසිය එය සොරකමක් ලෙස දක්වන” බව ජෝතිලිංඟම් පවසයි.
සිද්ධියට දින දෙකකට පෙර පොලිසිය ඔහුගේ නිවසට පැමින ප්‍රදේශයේ නොමැති පුද්ගලයෙකු ගැන විමසා ඇත. එදිනම රාත්‍රි 8 - 10 අතර කාලයේ යමෙකු ඔහුගේ නිවසෙහි ඇමතුම් සීනුව නැවත නැවතත් නාද කර ඇති නමුත් දොරවල් විවෘත කර බලන විට කිසිවෙකුත් එහි සිට නැත.
සිද්ධිය ගැන නොසංසුන්වූ ඔහු තමන් සමඟ ඉන්නා ලෙස මිතුරන්ගෙන් ඉල්ලා ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට දන්වා ඇත. නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. ජෝතිලිංඟම්ගේ නිවසට අලාභහානි සිදුකර ඇත්තේ මෙම සිදුවීම් වලින් පසුවය.
නිවසට පහරදීම ගැන ජෝතිලිංඟම් වහාම පොලිසියට දැනුම් දී ඇතත් ඔවුන් පැමින ඇත්තේ සවස් කාලයේය. පොලිස් නිලධාරීන් පැමින ඇත්තේ සිවිල් ඇඳුමිනි. ඡායාරූප ගෙන නැතිවූ භාන්ඩ ගැන විමසා ඇතත් පැමිනිල්ල ලියාගෙන ඇත්තේ එය සොරකමක් ලෙස දැක්වෙන පරිදිය. ජෝතිලිංගම් යාපනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම සතියේ ම, හිටපු දේශපාලන සිරකරුවෙකු වන මුරුගයියා කොමහන්ගෙන් බුද්ධි අංශ නිලධාරීන් ප්‍රශ්න කර ඇති බව ටැමිල් නෙට් වාර්තා කර ඇත. ඔහුගේ සමකාලීන දේශපාලන සිරකරුවන් පිලිබඳව ඔවුන් විමසා ඇත. කෝමාහාන් ඉලක්ක කර ඇත්තේ ඔහු අනෙක් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට උද්ඝෝෂනය කරමින් සිටින හෙයිනි .
පසුගිය නොවැම්බරයේ දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසාවි නඩු පිලිබඳ නීති දේශන තහනම් කරමින් රෙගුලාසියක් පැනවීය. එය මෙම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ, යාපනයේ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන කුමාරවඩිවෙල් ගුරුපරන් අධිකරනයේ පෙනී සිටීම තහනම් කරන ලෙස හමුදාව කල ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි .
දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වර්ගවාදී යුද්ධය අවධියේ යාපනය අසල නාවට්කුලිහිදී අතුරුදහන්වූ දෙමල තරුනයින් 20 කට වැඩි සංඛ්‍යාවක් පිලිබඳ හබයාස් කෝපුස් නඩ වලට ඔහු පෙනී සිටීමේ තතු හමුවේ හමුදාව මෙම ඉල්ලීම කර ඇත. සමහර මිලිටරි නිලධාරීන්ට මෙයින් චෝදනා එල්ලවී තිබේ.
උතුරු හා නැගෙනහිර දෙමල ජනතාවගෙන් අති මහත් බහුතරයක්, එක්සත් ජාතික පක්ෂ (එජාප) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට නොවැම්බර් මැතිවරනයේ දී ඡන්දය දුන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කරනු ලැබීය. ආරක්ෂක ලේකම් ලෙස ඔහු විසින් මෙහෙයවන ලද හමුදාවේ යුද අපරාධ සම්බන්ධයෙන් දෙමල ජනතාව රාජපක්ෂට දැඩි ලෙස වෛර කරනු ලැබේ.
කෙසේ වෙතත්, අධිරාජ්‍යගැති දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), දෙමල කම්කරුවන් හා පීඩිතයින් හමුවේ වඩා ප්රජාතන්ත්රවාදී හා අඩු නපුර ලෙස ප්‍රේමදාස සහ එජාප හුවා දැක්වීමේ දේශපාලන උගුල් ඇටවීමට මූලික වශයෙන් වගකිව යුතුය.
මැතිවරනයෙන් පසුව රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන්, දෙමල හා මුස්ලිම්-විරෝධී උසිගැන්වීම් මඟින් වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය බෙදීම හා සිංහල කථා කරන දකුනේ ජනතාවගේ ඡන්ද ගසා කෑමට උත්සාහ කරයි.
යුද්ධය අවසන් වී වසර දහයකට පසුව, උතුරු හා නැගෙනහිර වාඩිලාගෙන සිටින මිලිටරිය, කඩු කිනිසි ගත් කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීමේ මුවාවෙන් ජංගම මුරපොලවල් පවා යොදා ගනිමින් පරීක්ෂා කිරීම දැඩි කර තිබේ. ඒ අතර ම “සැක පිට” තරුනයින් අත් අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වැඩිවී ඇත.
දෙසැම්බර් 13 වන දින යාපනයේ කල සංචාරයේදී නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න මෙසේ පැවසීය. “එල්ටීටීඊය යලි හිසඑසවීමට උත්සාහ කරන අතරම, ඔවුන්ගේ දහම වරදවා වටහා ගත් රැඩිකල් කන්ඩායමක් රටේ සාමය කඩාකප්පල් කිරීමට උත්සාහ කරයි. මුස්ලිම් අන්තවාදී බලවේග රට විනාශ කර තිබේ. ඔවුන් රටේ ආර්ථිකය විනාශ කල අතර සැකය හා බිය පතුරවා තිබේ. එවැනි බලවේග අධීක්ෂනය කරමින් රට සුරක්ෂිත කර ගැනීම බුද්ධි අංශවල යුතුකමයි.”
මෙය ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නාමයෙන් දෙමල හා මුස්ලිම් සුලු ජාතීන්ට එරෙහිව පොලිස්-මිලිටරි මර්දනය තීව්ර කිරීම පිලිබඳ අනතුරු ඇඟවීමකි.
ධනේශ්වරයේ සෑම කන්ඩායමක්ම, පන්ති අරගලවල ජාත්‍යන්තර පුනර්ජීවනයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ නැගී එන නොසන්සුන්තාව ගැන කනස්සල්ලට පත්ව සිටින අතර ඒකාධිපති සිංහල ස්වෝත්තමවාදියෙක් වන රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ දේශපාලන අර්බුදය ගසාකමින් සිය බලය තහවුරු කර ගැනීමට වෑයම් කරයි. ඔහුට සමානම වාර්තාවක් සහිත හිටපු ජනාධිපති රාජපක්ෂ නායකත්වය දරන ශ්‍රීලපොපෙ ද සිංහල අන්තවාදී කන්ඩායම් සහ හිටපු හමුදා නිලධාරීන් ද ඔහුට පිටුබලය දෙයි.
සටන්කාමී කම්කරු පන්තිය හමුවේ අත ශක්තිමත් කර ගැනීම සඳහා “බලගතු ආන්ඩුවක්” පිහිටුවීමට රාජපක්ෂ උත්සාහ දරයි.
ප්‍රේමදාස පිටුපස පෙල ගැසුන ව්‍යාජ වාම කන්ඩායම්, වෘත්තීය සමිති, ශාස්ත්රඥයින් ආන්ඩුවට එරෙහි විපක්ෂය ලෙස පෙනී සිටීම සඳහා රාජපක්ෂයට මඟ පාදා දුන්හ.
ගෝඨාභය රාජපක්ෂගේ ජයග්රහනයෙන් පසු සමාජවාදී සමානතා පක්ෂය මෙසේ අනතුරු ඇඟවීය: රාජපක්ෂගේ ජයග්‍රහනය අත්තනෝමතික පාලන ක්‍රම දෙසට තියුනු වෙනසක් සහ මූලික ව්‍යවස්ථා හා නෛතික සම්මතයන් වලට වල කැපීම සනිටුහන් කරයි. ඔහු සහ ඔහුගේ සහෝදරයා යුද්ධය අවධියේදී සිය දේශපාලන විරුද්ධවාදීන්ට සහ දෙමල ජනතාවට එරෙහිව යොදාගත් එම සාපරාධී විධික්රමයන්ම කම්කරු පන්තිය සමඟ කටයුතු කිරීමේදී ජනාධිපති වශයෙන් ඔහු අනිවාර්යයෙන්ම යොදාගනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ක්‍රියාමාර්ග සසප අනතුරු ඇඟවීම සනාථ කලේය.
උතුරේදී ටීඑන්ඒ ප්‍රේමදාස ප්‍රවර්ධනය කරන අතර, උතුරු පලාත් සභාවේ හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් ගේ නායකත්වයෙන් යුත් දෙමල ජනතා සභාව වෙනම තානයක් වාදනය කලේය. දෙමල ජාතික සන්ධානය මෙන් එය ද උතුරට ස්වයං පාලනයක් ද ඒ සඳහා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහ ඉන්දියාවේ සහාය ද ඉල්ලා සිටියේය.
ජෝතිලිංගම් සහ ගුරුපරන් ද දෙජාස ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින් වේ. ජනාධිපතිවරන සමයේදී දෙජස සහ ටී.එන්.ඒ එක්ව උතුරට ස්වාධීනත්වය ඇතුලු ඉල්ලීම් 13 ක් ජනාධිපති අපේක්ෂකයින් වෙත ඉදිරිපත් කලහ. යාපනය සහ මඩකලපුව විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංවිධාන විසින් මෙය සංවිධානය කරන ලදී.
ඔවුන්ගේ උපායශීලී වෙනස්කම් කුමක් වුවත්, කොලඹ ඔවුන්ගේ සහචරයා මෙන්ම මංමුලා සහගත දෙමල ප්‍රභූ පැලැන්තිය නියෝජනය කරන ටීඑන්ඒ සහ දෙජාස ද වාර්ගික රේඛා කපාගෙන කම්කරුවන්ගේ අරගල එක්සත් වීම හා ඉන්දියානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට කුමන හෝ හැරීමක වෛෂයික අභිලාෂය ගැන බිය වෙති.
දෙමල කන්ඩායම් සහ ක්‍රියාකාරීන්ට එරෙහිව මිලිටරි හා රාජ්‍ය බුද්ධි අංශ මර්දනයට ද දෙමල විරෝධී හා දෙමල විරෝධී වර්ගවාදය උසිගැන්වීමට ද සසප විරුද්ධ ය. ඒ අතරම අපි ටීඑන්ඒ, ටීපීසී හෝ වෙනත් දෙමල ජාතිකවාදී කන්ඩායම්වලට සහාය නොදක්වමු.
ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා කම්කරු පන්තිය සවිඥානිකව එක්සත් කිරීම සඳහා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ සසප පමනි.
Follow us on