International Youth and Students for Social Equality

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.

යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.

සසජාතශි වෙබ් අඩවියට පිවිසෙන්න

ඉන්දියාවේ තරුන පරපුර මුහුන දෙන අර්බුදය සහ බොම්බායේ අයිඅයිටී ශිෂ්‍යයාගේ සියදිවි නසා ගැනීම

බොම්බායේ ඉන්දියානු තාක්ෂන ආයතනයේ (අයිඅයිටී) දලිත් ශිෂ්‍යයෙකු වූ සහිල් වකෝඩේගේ සියදිවි නසා ගැනීම, ඉන්දියාවේ වඩාත් ම ප්‍රශංසාවට ලක් වන අධ්‍යාපන ආයතන පිටු පස පවතින කුරිරු ආයතනික වාතාවරනය හෙලිදරව් කරන අතර ම, සටන්කාමී ශිෂ්‍ය විරෝධතා අවුලුවා තිබේ.

ක්‍රාන්ති කුමාර•

සූම් රැස්වීම: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු! තුන්වැනි ලෝක යුද්ධයට එරෙහි ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනගනු!

සසජාතශි යුක්‍රේනයේ සිරගත කර සිටින තරුන ට්‍රොට්ස්කිවාදී සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කර ගැනීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසක් ලෙස, ඔක්තෝබර් 13 වැනි අඟහරුවාදා සවස 7.00ට සූම් රැස්වීමක් පවත්වනු ඇත.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ•

විශ්වවිද්‍යාලවල පරිහානියට එරෙහි ව ආචාර්යවරු උද්ඝෝෂනය කරති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග හරහා පනවා ඇති දැඩි බදු, ආචාර්යවරු රට හැර යාම, පුරප්පාඩුවලට බඳවා නොගැනීම නිසා ඇති වී තිබෙන ආචාර්ය හිඟය ඇතුලු ගැටලු ගනනාවකට විසඳුම් ඉල්ලා ආචාර්යවරු උද්ඝෝෂනයේ යෙදෙති.

දේහින් වසන්ත•

යාපනය විශ්වවිද්‍යාලය අසල බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන්ට පොලිසිය හිරිහැර කරයි

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් බිය ගැන්වීමට දරන උත්සාහය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සියලුම කම්කරුවන්ගේ හා සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයකි.

අපේ වාර්තාකරුවන්•