සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදී. සසප අවධාරනයෙන් යුතු ව කියා සිටින්නේ මානව වර්ගයා මුහුන දී සිටින අසමානතාව, සූරා කෑම, යුද්ධය, ආඥාදායකත්වය, සහ පරිසරය විනාශය ආදි සෑම දැවැන්ත ප්‍රශ්නයක් ම විසඳීමට කම්කරු පන්තික රාජ්‍යයක් ස්ථාපිත කිරීම, ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය පාලනයකට නතු කිරීම, ජාතික රාජ්‍යය පද්ධතිය අහෝසි කිරීම සහ සමාජ සමානතාවයේ මූලධර්මය මත පදනම් වූ ගෝලීය සමාජවාදී සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය කෙරෙන බවයි.
සසප ලෝක සමාජවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අංශයකි. ලෝකය පුරා තම සහෝදර ශාඛා සමග සසප කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වය ගොඩනැගීමට සටන් වදී. එය කම්කරු පන්තියේ සියලු ම අරගල ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උදෙසා, පංති පීඩනය සහ අසමානතාව නිමා කරන පොදු දේශපාලන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් වදී.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ 4 වන ජාතික සම්මේලනය සඳහා වූ යෝජනාව
ජවිපෙ ආන්ඩුවට සහ ධනවාදයට එරෙහි අරගලයේ දී සසප මුලෝපාය සහ ක්‍රියාමාර්ගය
ජවිපෙ/ජාජබ පාලනයේ දෙවසරක්
ජවිපෙ/ජාජබ ආන්ඩුව තම මැතිවරන පොරොන්දු ඉවත දමමින්, ජාමූඅ නියෝග කල කප්පාදු පියවර අනුකම්පා විරහිත ව තීව්‍ර කරමින් සිටින අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ පෙල ගැසී සිටින එය, එහි දක්ෂිනාංශික න්‍යාය පත්‍රයට විරුද්ධ වන කම්කරුවන්ට සහ සිසුන්ට එරෙහි ව රාජ්‍ය මර්දනය මුදා හැර ඇත.
සසප (ශ්‍රී ලංකාව) සම්මේලන යෝජනාව: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!
යුද්ධයට විරුද්ධ වීම හේතුවෙන් වසර 15ක සිර දඬුවමකට යටත් කරන ලද යුක්‍රේන සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීම සඳහා ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයට සහය පල කරමින්, සැප්තැම්බර් 11–13 දිනවල පැවත් වූ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සිවු වන ජාතික සම්මේලනයේ දී මෙම යෝජනාව ඒකමතික ව සම්මත විය.
කම්කරු පන්තියේ දැවෙන අවශ්‍යතාවලින් සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය ආරම්භ වෙයි. සසප ඉල්ලීම් සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ ධනවාදයට “දැරිය හැක්කේ-වියදම් කල හැක්කේ” කොයි පමනකට ද යන්නෙන් නොව, කම්කරු පන්තියටත් අපගේ සංකීර්න ගෝලීය සමාජයටත් ඕන කර ඇත්තේ කොපමනින් ද යන්න මත පදනම් වී ගෙන ය.
සසප ඉදිරිපත් කරන ඉල්ලීම් සමාජවාදී විප්ලවයේ අරමුනුවලින් වෙන් වූ ඒවා නොවේ; සෑම ඉල්ලීමක් ම ඒවායේ ස්වභාවයෙන් ම සංස්ථාපිත ප්‍රභූ පැලැන්තියේ ද්‍රව්‍යමය වුවමනාකම්වලට අභියෝගයක් එල්ල කරයි. තමන්ගේ යුක්ති යුක්ත ඉල්ලීම්වලට සංගතවලත් ධනපති රාජ්‍යයේත් ප්‍රතිරෝධයට ප්‍රතිමුඛ වන කම්කරු ජනතාව සමාජය විප්ලවීය පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව වඩ වඩාත් විශද ව හඳුනා ගනු ඇත.

සසපයේ ක්‍රියාමාර්ගය ප්‍රතිපත්තිමය වන අතර එය සංසන්ධිමය හෝ තත්කාර්යවාදී ස්වභාවයක් දරන්නේ නැත. එය ලෝක ධනවාදී අර්බුදය ගැන විශ්ලේෂනයක් මතත්, කම්කරු පන්තියේ මූලෝපායික විප්ලවවාදී අත්දැකීම් මතත්, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය මතත් පදනම් වෙයි.
2011 දී, කොලඹ දී, පවත් වනු ලැබූ සසප ආරම්භක සම්මේලනයේ දී, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් ලියවිල්ල ඒකමතික ව සම්මත කර ගනු ලැබුනි. මෙම ලියවිල්ල කම්කරු පන්තියේ සමස්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම් ව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය වැදගත්කම අවධාරනය කරමින්, දකුනු ආසියානු කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වල පාඩම් ගොනු කර දක්වයි.
සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය එහි පදනම් ලියවිල්ලේ අන්තර්ගත මූලධර්මවලට එකඟ වීම මත පදනම් වෙයි. සසප මූලධර්ම විසි වැනි සියවසේ විප්ලවවාදී නැගිටීම් තුල දී, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් මාක්ස්වාදීන් දියත් කල අරගලයෙන් ලත් තීරනාත්මක අත්දැකීම් අන්තර්ගත කර ගනී.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), පිහිටුවනු ලැබීමේ 50වැනි සංවත්සරය
ලංකා සම සමාජ පක්ෂයේ මහා පාවාදීමේ පාඩම්
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), 1968දී පිහිටුවනු ලැබීමේ 50වැනි සංවත්සරය ගැන ලිපි මාලාවක් පල කරයි.
ලසසප පාවාදීමේ සිට විකොස ආරම්භ කිරීම දක්වා
මෙය, 1968 ජූනියේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භ කිරීමෙහි 50 වන සංවත්සරය සැමරීම සඳහා පල කෙරෙන ලිපි මාලාවක දෙවැන්නයි.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), පිහිටුවනු ලැබීමේ 50වැනි සංවත්සරය
සුලු ධනේශ්වර රැඩිකල්වාදයට එරෙහි විකොස / සසප දේශපාලන අරගලය
මෙම ලිපිය, 1968 ජූනියේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භ කිරීමෙහි 50 වන සංවත්සරය සැමරීම සඳහා පල කෙරෙන ලිපි මාලාවක තුන් වැන්නයි.
සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) පිහිටුවීමෙන් 50වන සංවත්සරය
ලසසප පාවාදීමට එරෙහි විකොස / සසප දේශපාලන අරගලය
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) 1968 ජුනි මාසයේ දී ආරම්භ කිරීමේ 50 වන සංවත්සරය සලකුනු කිරීම සඳහා පලකරන ලිපි මාලාවක හතරවැන්න මෙය යි.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවීමේ 50වන සංවත්සරය
දෙමල විරෝධී සිවිල් යුද්ධයට එරෙහිව විකොස/සසප අරගලය
දිවයිනේ දෙමල සුලුතරයේ ප්රජාතන්ත්ර අයිතීන් ආරක්ෂා කිරීමටත් සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය එකමුතු කිරීමටත් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත, විකොස/සසප ගෙනගිය ක්ෂමාවිරහිත දේශපාලන අරගලය සංක්ෂිත්ත කොට දක්වයි. කොටස් හයකින් සමන්විත ලිපි මාලාවේ මෙය පස්වන කොටසයි.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවීමේ 50වන සංවත්සරය
1985-1986 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ භේදයේදී ට්‍රොට්ස්කිවාදීන්ගේ ජයග්‍රහනය
කවිපට එරෙහි දේශපාලන අරගලය දැන් ඉස්මතු වෙමින් පවතින විප්ලවවාදී පන්ති අරගලවල නව කාලපරිච්ඡේදය සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සූදානම් කලේ ය.
දීපාල් ජයසේකර ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ලේකම් ය. 1987 දී, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී, ඔහු සසප පූර්වගාමී සංවිධානය වන විකොසට එක් විය. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කොලඹ කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකි.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි. එය ශිෂ්‍යයන් සහ තරුනයන් සාමය, සමානත්වය, කම්කරු පන්තියේ අයිතීන් සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ කිරීමට සටන් කරයි.

