ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ නිගමන
විලානි පීරිස් (සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මන්ඩලයේ සාමාජිකා, ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛිකා.), 2014 ජූලි 20
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.
එම අවස්ථාවට මෙම ප‍්‍රදේශයන්හි පලාත්වාසීන්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සසප නියෝජිතයන් ද ඇතුලු පිරිසක් සම්බන්ධ විය. මෙම පරීක්ෂනයේ “ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ නිගමන ” මැයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු විලානි පීරිස් ඉදිරිපත් කල වාර්තා ව මෙහි දැක්වේ.මෙය සමාප්තියයි.පලමු වැන්නට , දෙවැන්නට, තුන්වැන්නට ,සිව්වැන්නට ,පස්වැන්නට,හයවැන්නටපිවිසීම සඳහා මෙතැනින්.
ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමත් ඊට එරෙහිව විරෝධතා දැක්වූ ජනයාට හමුදා හා පොලිස් ප‍්‍රහාර එල්ල කිරීමත් පිලිබඳව පරීක්ෂා කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) පත් කල ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව (පරීක්ෂන කමිටුව) මාස හයකට අධික කාලයක් පුරා කරන ලද සොයා ගැනීම් පිලිබඳ වාර්තා මත මෙම නිගමන ඉදිරිපත් කෙරේ.
ඊට ප‍්‍රදේශයේ ජනතාවගෙන් ලබා ගත් සාක්ෂි සහ නිරීක්ෂන ද රජයේ හා රජයේ නොවන පිලිගත් විද්‍යාත්මක පර්යේෂන ආයතන මගින් කරන ලද විමර්ශනයන් ද අදාල ක්ෂේත‍්‍රය පිලිබඳ ප‍්‍රාමානිකයන්ගෙන් ලබා ගත් අදහස් හා දැනුම ද අන්තර්ජාලය ඇතුලු විවිධ දැනුම් මූලාශ‍්‍රයන්ගෙන් ලබා ගත් දත්ත සහ තොරතුරු ද අන්තර්ගත වෙයි. පරීක්ෂන කමිටුව මෙම සාක්ෂි වෛෂයිකවත් ඓතිහාසිකවත් විභාග කලේ ය.
වැලිවේරිය ජල දූෂනය
මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් 2013/08/01 දාතමින් යුක්තව ගම්පහ සෞඛ්‍ය අධිකාරිවරයා වෙත යවන ලද ලිපියට අනුව වැලිවේරිය ප‍්‍රදේශයේ නැදුම්ගමුව ගමෙන් ලබා ගත් ජල සාම්පල 100න් 55ක පී.එච්. අගය 4.5ට අඩු ය. පානයට සුදුසු ජලයේ අගය පී.එච්. අගය 7 විය යුතු ය. මේ අනුව ප‍්‍රදේශයේ ජලයේ ආම්ලිකතාව පානයට නුසුදුසු මට්ටමේ පවතින බැව් පැහැදිලි ය.
වෙනිග්‍රොස් සමාගම සහ කලමනාකරුවන් කියා සිටින්නේ ජලයේ ආම්ලිකතාව ඉහල යාමට හා පී.එච්. අගය පහල යාමට කම්හල හේතු නොවන බව ය. මධ්‍යම පරිසර අධිකාරිය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය එය අනුමත කර ඇතත් රජයේ හා රජයේ නොවන වෙනත් පරීක්ෂන ඊට පටහැනි කරුනු පෙන්වා දෙයි.
වැලිවේරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් කම්හලේ ස්ථාන හතරක දී එනම් අපජලය පිට කිරීමේ කි‍්‍රයා දාමයට අදාල ක්ලෝරිනීකරන අපජල පිටවුම් කරාමය, ඔක්සිකරන කානු, ඔක්සිකරන කානුවල අපජල පිටවුම, ජල ප‍්‍රතිකාරක අවසන් පිටවුම් කරාමය යන ස්ථානවලින් ලබා ගන්නා ලද ජල සාම්පල හතරක් රජයේ රස පරීක්ෂක විසින් විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දී ඉහත සාම්පලයන්හි ජීවමය ඔක්සිජන් ඉල්ලුම හා රසායනික ඔක්සිජන් ඉල්ලුම සම්මත උපරිම ධාරන සීමාවට වඩා ඉතා ඉහල අගයක් ගන්නා බවත් කම්හලේ අපජල සංයුතිය ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ ප‍්‍රමිතීන් උල්ලංඝනය කරන බවත් පැහැදිලිව පෙන්වා දේ.
මෙම ජල සාම්පල ලබා ගන්නා විට ඔක්සිකරන කානු හැර ප‍්‍රතිකාර පද්ධතියට අයත් අන් කවර කි‍්‍රයා දාමයක් හෝ කි‍්‍රයාත්මක නොවුන බව ද රස පරීක්ෂක පවසයි. මෙහි අර්ථය නම් කම්හලෙන් පිට කෙරෙන අපජලයේ විෂ රසායනික ද්‍රව්‍ය ඇතුලත් වන බව යි.
ප‍්‍රදේශයේ පවතින ලිංවල පී.එච්. අගය ඉහල යාමට කම්හල වගකිව යුතු බව පෙන්නීමට සාක්ෂි නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය පවසන නමුත් කම්හල උස් ස්ථානයක පිහිටා ඇති හෙයින් එහි අපජලය භූගත ජලය හා මිශ‍්‍ර වීමේ හැකියාවක් ඇති බව සඳහන් කරයි.
තව ද කම්හල් භූමිය තුල ලිංවලින් හා මීටර් 300ක විෂ්කම්භයකින් යුත් නිරිත දිග කොටසේ ලිංවලින් ගත් ජල සාම්පල තුල ඉහල නයිටේ‍්‍රට් හා සල්ෆේට් සාන්ද්‍රනයක් පෙන්නුම් කරන බව ද ජලාපවහන මන්ඩලය පවසයි. ඉහල නයිටේ‍්‍රට් අඩංගු ජලය ලදරුවන්ට ඉතා අහිතකර වන බව ද ශරීරය පුරා ඔක්සිජන් ගෙන යාමට රුධිරයට ඇති හැකියාව හීන කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
කම්හල තුල නිසි ප‍්‍රතිකාරක පද්ධතියක් නොමැති තත්වයේ දී එහි භාවිතයට ගන්නා විවිධ විෂ රසායනික ද්‍රව්‍ය කම්හල විසින් පරිසරයට මුදා හැර ඇතැයි පිලිගත හැකි බව කම්කරු පරීක්ෂන කමිටුව නිගමනය කරයි.
තව ද කම්හලෙන් පිට වන අපජලය මගින් සෞඛ්‍යයට අහිතකර තත්වයන් නිර්මානය කර ඇත් ද යන්න විද්‍යාත්මකව විභාග කිරීම වැලැක්වීමට සමාගමත් එහි ආරක්ෂකයෙකු ලෙස ආන්ඩුවත් විවෘතව කි‍්‍රයා කර ඇති බව පරීක්ෂන කමිටුව කියා සිටී.
වැලිවේරිය මිලිටරි ප‍්‍රහාරය
අගෝස්තු 1 දින වැලිවේරියේ දී පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල ජනයාට එල්ල කල ම්ලේච්ඡ හමුදා ප‍්‍රහාරයෙන් 18 හැවිරිදි රවිශාන් පෙරේරා හා 17 හැවිරිදි අකිල දිනේශ් ජයවර්ධන නම් ශිෂ්‍යයෝ දෙදෙනා ද නිලන්ත පුෂ්ප කුමාර නම් 29 හැවිරිදි කම්කරුවා ද ඝාතනයට ලක් වූහ. තවත් 40කට පමන තුවාල සිදු විය.
ආන්ඩු විරෝධී බලවේගයක් උද්ඝෝෂකයන් අතර වූ බවටත් හමුදාව ආත්ම ආරක්ෂාවට වෙඩි තැබූ බවටත් ආන්ඩුවේ නායකයන් ද ආරක්ෂක ලේකම් හා හමුදාපති ද කල ප‍්‍රකාශ උද්ඝෝෂනය මැඩීමට හමුදාව යෙදවීම ආවරනය කිරීමේ උත්සාහයකි. සම්බන්ධ වූ කිසිවෙකු අත ආයුධ තිබූ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වූයේ නැත. ප‍්‍රහාරක අවිවලින් සන්නද්ධව හමුදාව පැමිනීමෙන් පෙන්නුම් කරන්නේ ප‍්‍රහාරයකට කලින් ම තීන්දුවක් ගෙන තිබූ බව ය.
ලැබූ සාක්ෂි පෙන්වා දෙන්නේ හමුදා ඛන්ඩයට අන දුන් නිලධාරියාට දුරකථන ඇමතුමක් ලැබීමත් සමග ම ජනමාධ්‍ය වාර්තාකරුවන් ඉවත් කර ප‍්‍රහාරය ආරම්භ කල බව ය. පලමුව ම පහන් කනුවලට වෙඩි තබා පලාත ම අඳුරු කර උද්ඝෝෂකයන්ට පලා යාමට ඉඩ නො තියා ම වෙඩි තැබීම හා පොලුවලින් පහර දීම ආරම්භ කෙරී ඇත.
යූටියුබ් දර්ශන ද පරීක්ෂන කමිටුවට මහජනයා ලබා දුන් වීඩියෝ පට ද පෙන්වා දෙන්නේ නිරායුධ ජනතාවට හමුදා ප‍්‍රහාරය එල්ල වත් ම ඔවුන් දිව ගිය අතර කෝපාවිෂ්ට වූ ඇතැමෙකු අතට හසු වූ ගල් කිහිපයක් හමුදාවට එල්ල කල බව ය. ආරක්ෂාව සඳහා කතෝලික දේවස්ථානයට දිව ගිය පිරිසට ද හමුදාව වෙඩි තබා පහර දුන් අතර නිලන්ත පුෂ්ප කුමාර මිය ගියේ එහි දී පහර කෑමෙන් ය.
වෙඩි තැබීමෙන් මිය ගිය තිදෙනාගේ මරන පරීක්ෂනයේ දී වැලිවේරිය පොලීසියේ ඕඅයිසී (ස්ථානාධිපතිවරයා) කියා සිටියේ හමුදාව අගෝස්තු 1 දින එම ස්ථානයට පැමිනියේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පනිවිඩයක් රැගෙන බව යි. හමුදා අන දෙන නිලධාරියා ආරක්ෂක ලේකම් සමග සාකච්ඡා කර පැමිනි බව ඉන් පෙනේ. මේ අනුව හමුදාව යෙදවීමට ද තිදෙනෙකු ඝාතනය කිරීමට ද මුලුමනින් ම වගකිව යුත්තේ ආන්ඩුව යි.
ලංකාවේ දකුනු පලාත්වල මහජන උද්ඝෝෂනයකට රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් කොටු කර මෙවන් රුදුරු සන්නද්ධ මිලිටරි මෙහෙයුමකට ලක් කර මැඩලූ ප‍්‍රථම අවස්ථාව මෙය යි. 1971 ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) අතිධාවන කැරැල්ලේ දී හා 1989-90 ජවිපෙ ෆැසිස්ට් කැරලිවල දී එවක බලයේ සිටි ආන්ඩු හමුදාව ජන ඝාතනවලට මෙහෙයවූ නමුත් මහජන උද්ඝෝෂනයකට මෙවන් මිලිටරි ප‍්‍රහාරයක් මෙතෙක් එල්ල කෙරී නැත.
හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් (එච්ආර්පී) කම්හලෙන් සිදු වන පරිසර දූෂනය
මධ්‍යම පරිසර අධිකාරිය 2004 මැයි 10 දින කරන ලද පරීක්ෂනයෙන් පසු එච්ආර්පී කම්හලේ මෙහෙයුම් කලමනාකරු වෙත යවන ලද ලිපියක සඳහන්ව ඇත්තේ කම්හල තුල අපජලය පිරිපහදු කරන ජීව විද්‍යාත්මක ප‍්‍රතිකාරක පද්ධති දෙකක් හා රසායනික පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කොට තිබුනත් එක් ජීව විද්‍යාත්මක පිරිපහදු පද්ධතියක් අකි‍්‍රයව ඇති බව යි. වැඩ කල හැකිව පැවති ජීව විද්‍යාත්මක පිරිපහදු පද්ධතිය හා රසායනික පිරිපහදු පද්ධතිය ද නියමිත පරිදි කි‍්‍රයාත්මක නොවන බව ද එහි සඳහන් වේ. ලිපිය ලියන මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ අපජලයේ උපරිම ඇමෝනියා නයිට‍්‍රජන් ධාරන මට්ටම ලීටරයට මිලිග‍්‍රෑම් 50ක් වුව ද ජීව විද්‍යාත්මක පිරිපහදු පද්ධතියේ අපජලයේ එම අගය ලීටරයට මිලිග‍්‍රෑම් 160ක් හා රසායනික පිරිපහදු පද්ධතියේ එය ලීටරයට මිලිග‍්‍රෑම් 113ක් බවත් ය. එනම් ජලය පානය කිරීමට නුසුදුසු මට්ටමකට රසායනික ද්‍රව්‍යවලින් යුක්ත බව යි.
හංවැල්ල සහ කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව 2008 අපේ‍්‍රල් 23 දා කර්මාන්ත ශාලාව පරීක්ෂා කොට එහි අපජලය අපරීක්ෂාකාරී ලෙස බාහිර පරිසරයට මුදා හරින බවට නිරීක්ෂනය කර තිබේ. ඒ පිලිබඳව කර්මාන්ත ශාලා කලමනාකාරිත්වය ගෙන්වා සාකච්ඡා කල පසු තත්වය නිවැරදි කොට ක‍්‍රමවත් අපජල පිරිපහදු ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරන බවට කලමනාකාරිත්වය පොරොන්දු වී තිබේ.
එහෙත් ඉන් පසු 2008 ජූනි 5 දින නැවත කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමේ දී ද පොරොන්දු වූ පරිදි කම්හල් කලමනාකාරිත්වය කි‍්‍රයා කොට නොමැති බව නිරීක්ෂනය කර ඇති හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත 2008 ජූනි 5 දින ම දැනුම් දී ඇත්තේ කර්මාන්තයක් පවත්වා ගෙන යාමේ දී ඉටු කල යුතු යැයි මධ්‍යම පරිසර අධිකාරිය නියම කරන පිලිවෙත් කි‍්‍රයාත්මක කිරීමට කර්මාන්ත ශාලා කලමනාකාරිත්වය අපොහොසත්ව ඇති බැවින් එහි වෙලඳ බලපත‍්‍රය අහෝසි කල යුතු බව යි. එම රෙකමදාරුව කිසිදු හේතුවක් නො දක්වා ඉවත දමා ඇත.
තව ද මෙම කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ අතිශය නාය යාමේ අවදානමක් ඇති ස්ථානයක නිසා නාය යාමක දී කර්මාන්ත ශාලාවේ ක්ලෝරීන් ගබඩා කර ඇති සිලින්ඩර පිපිරීමක් සිදු වුව හොත් දරුනු තත්වයකට මුහුන පෑමට සිදු වීමේ අනතුර ගැන ප‍්‍රදේශවාසීහු පරීක්ෂන කමිටුව වෙත යුක්ති සහගත කරුනු දැක්වීමක් කලහ. කර්මාන්ත ශාලාවේ යන්ත‍්‍ර සූත‍්‍රවලින් පිට වන අධික ශබ්දය කම්හල ආසන්නයේ පිහිටා ඇති නිවෙස්වල ජීවත් වන කුඩා දරුවන් හා වයස්ගත පුද්ගලයන් මෙන් ම අධ්‍යයන කටයුතුවල නිරත වන්නන් ද දැඩි ලෙස අපහසුතාවට පත් කරන බව ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කලහ.
මධ්‍යම පරිසර අධිකාරියේ පරීක්ෂන මගින් කර්මාන්ත ශාලාවෙන් මුදා හරින අපජලයේ ඇමෝනියා නයිට‍්‍රජන් ධාරන මට්ටම උපරිමය ඉක්මවා පැවති බවත් එහි නිසියාකාර ප‍්‍රතිකාරක පද්ධතියක් නොමැති බවත් සනාථ වී ඇති තතු තුල ප‍්‍රදේශයේ ජලය කර්මාන්ත ශාලාවෙන් මුදා හරින අපජලය නිසා දූෂනය වී ඇති බවට එල්ල වී ඇති චෝදනා නිවැරදි බව නිගමනය කල හැකි ය.
තුන්නාන පොලිස් ප‍්‍රහාරය
කම්හලෙන් සිදු කරන ජල හා පරිසර දූෂනයට එරෙහිව දිගු කාලීනව කල උද්ඝෝෂනයට කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුන තත්වයේ දී 2014 මාර්තු 16 දා තුන්නානේ පැවති විරෝධතාවට සහභාගි වූ 300කට ආසන්න නිරායුධ ජනයාට පොලීසිය විසින් එල්ල කල ම්ලේච්ඡ ප‍්‍රහාරයෙන් ගම්මුන් කීප දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබූ අතර 60 දෙනෙකුට වැඩි පිරිසක් අත් අඩංගුවට පත් වූහ.
සිද්ධිය ඇසින් දුටු එක් කාන්තාවක් පරීක්ෂන කමිටුවට මෙසේ පැවසුවා ය: “මම විරෝධතාවට එකතු වුනේ 16 දා උදේ පහට පමන. හදිසියේ ම බස් තුනක් අප ඉස්සරහ නැවැත්වූවා. පොලීසියේ 125 දෙනෙක් පමන බැහැල ඇවිත් කිසි ම අනතුරු ඇඟවීමක් නො කර පහර දුන්නා. ඔවුන් බැටන් පොලු, රයිෆල්, කඹ පාවිච්චි කලා. සමහර අය හිටියේ කලු ඇඳුම් ඇඳ ගෙන.”
අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් හෝමාගම, පාදුක්ක හා හංවැල්ල පොලිස් ස්ථානවලට ගෙන යන ලද අතර ඉරිදා දවස පුරා ම පහර දීම පැවතුනි. කෝපයට පත් ගම්වාසීහු ගස් කපා දමා ආසන්න වශයෙන් පැය තුනක් තිස්සේ අසල පිහිටි කොලඹ-අවිස්සාවේල්ල මහා මාර්ගය අවහිර කලහ. ඊට පසු ආන්ඩුව දැඩි ලෙස සන්නද්ධ වූ 1,500ක පමන පොලිස් හමුදාවක් ප‍්‍රදේශයට කැඳවූ අතර ඔවුහු මුලු ප‍්‍රදේශය ම වැටලීමට ජල ප‍්‍රහාර හා කඳුලු ගෑස් යොදා ගත්හ.
ප‍්‍රහාරයට පැමිනි එක් පොලිස් නිලධාරියෙකු අහම්බ සිද්ධියකින් මිය යාම දඩමීමා කර ගෙන මිනීමැරීම් චෝදනාව යටතේ අපේ‍්‍රල් මාසයේ දී අත් අඩංගුවට ගැනුනු පී.පී. රුවන් සහ අයි.පී. සරත්ට එරෙහිව කිසිදු නිශ්චිත චෝදනාවක් ගොනු කර ගැනීමට නොහැකිව “සැක පිට” යැයි අත් අඩංගුවේ රඳවා ගෙන සිටියි. රාජපක්ෂ ආන්ඩුව කම්හල ආරක්ෂා කිරීම සඳහා නිරායුධ ජනයාට පහර දීමට පොලීසිය මෙහෙයවා ඇත.
දේශපාලන පසුබිම
වෙනිග්‍රොස් කම්හලෙන් හා තුන්නානේ පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කම්හලෙන් සිදු කෙරෙන ජල දූෂනය හෝ ඊට එරෙහිව විරෝධතා දැක්වූ කම්කරුවන් ඇතුලු ප‍්‍රදේශයේ ජනයාට එල්ල කෙරුනු හමුදාවේ හා පොලීසියේ ප‍්‍රහාර හුදෙකලා සිද්ධි නො වේ.
පරීක්ෂන කමිටුව සිය කටයුතු කර ගෙන යන අතර ම හෙලිදරව් වූයේ ගාල්ලේ පිහිටි ඞීඑස්අයි කර්මාන්ත ශාලාවෙන් පිට වන රසායනික අපද්‍රව්‍ය හේතු කොට ගෙන ප‍්‍රදේශයේ ජනයා අතර පිලිකා රෝගය පැතිර යන බවට චෝදනා එල්ල වී ඇති බව යි. කොලඹට නුදුරු බියගම නිදහස් වෙලඳ කලාපයේ ක‍්‍රියාත්මක වන ඕස්ටේ‍්‍රලියාව මූලස්ථානය කර ගත් ඇන්සල් සංගතයට අයත් සමාගම භාවිත කරන රසායන ද්‍රව්‍යයන් නිසා තමන් හෘද, පෙනහලු හා පිලිකා රෝගයන්ට ගොදුරු වන බව කම්කරුවෝ පවසති. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල කර්මාන්ත ආශ‍්‍රිතව මෙම ප‍්‍රශ්න මතු වුවත් ආන්ඩුව ද අදාල සමාගම් ද ඒවා යට ගසයි.
දකුනු ආසියාවේ ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය ආදී රටවලින් කාර්මික දූෂනයෙන් සිදු වන අනතුරු හා සෞඛ්‍ය ප‍්‍රශ්න නිරතුරුව වාර්තා වේ. ඇමරිකාව පදනම් කර ගත් පරිසර ආරක්ෂක සංවිධානයක් වන බ්ලැක්ස්මිත් ආයතනය 2010 නිකුත් කල සමීක්ෂන වාර්තාවකට අනුව ලෝකයේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල් 49ක මිලියන 125ක් දෙනා විෂ සහිත පරිසර දූෂනයේ අයහපත් ප‍්‍රතිවිපාකවලට මුහුන දී සිටිති.
මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නො ව ලාභය සඳහා නිෂ්පාදනය කෙරෙන ධනපති ක‍්‍රමය තුල කම්හල්වල වැඩ කරන කම්කරුවන්ගේ ද කම්හල් ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජීවත් වන ජනයාගේ ද ජීවිත, සෞඛ්‍ය හා සමාජ කොන්දේසි නො තකා නිෂ්පාදනය සිදු කෙරේ.
ඇමරිකාවේ ලෙහ්මන් බ‍්‍රදර්ස් මූල්‍ය සමාගමේ බිඳ වැටීමෙන් ඇරඹී තවදුරටත් ගැඹුරු වන බිඳ වැටීමේ කාල පරිච්ඡේදයක් තුලින් ලෝක ධනවාදී ආර්ථිකය දැන් ගමන් කරයි. ලාභ ලුහුබැඳීමක යෙදෙන මූල්‍ය ප‍්‍රාග්ධනය කම්කරුවන් දිනා ගත් සමාජ අයිතීන් කපා හරින සමාජ ප‍්‍රතිවිප්ලවයක් උසි ගන්වා ඇත. ඇමරිකාව ප‍්‍රමුඛ දියුනු ධනපති රටවල බැංකු ඇතුලූ මූල්‍ය ආයතන බේරා ගැනීමට රාජ්‍ය භාන්ඩාගාරවලින් නිකුත් කෙරුනු මුදල්වලින් මූල්‍ය ප‍්‍රාග්ධනය අතිශයින් තර වී ය. එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීහු මෙම මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත කම්කරුවන්ගේ ද දුගීන්ගේ ද සියලු අයිතීන් තලා දමා ලාභ ශ‍්‍රම තටාක ද ස්වාභාවික සම්පත් ද අත් කර ගැනීමට ලෝකය සිසාරති.
ඇමරිකානු අධිරාජ්‍යවාදය මේ මංකොල්ලයේ කේන්ද්‍රස්ථානය යි. ජර්මනියේ ද සහයෝගය ඇතිව එය රුසියාවේ සම්පත් සහිත භූමි ස්කන්ධය අත් කර ගැනීම සඳහා මිලිටරි වටලෑමක් හා යුකේ‍්‍රනය මැදි කර ගත් ප‍්‍රකෝපකරනයක් ඇවිලවීමේ යෙදී සිටී. ආසියාවේ දී එය ජපාන හා ඕස්ටේ‍්‍රලියානු අධිරාජ්‍යවාදී රටවල් පෙල ගස්වා ගෙන චීනය වට ලෑමේ යෙදී ඇත. ඉලක්කය චීනය ලාභ ශ‍්‍රම තටාකයක් ලෙස පාවිච්චියට ගත හැකි අර්ධ යටත් විජිතයක් බවට පත් කර ගැනීම යි. යුද බලය පා මෙම රටවල් යටත් කර ගැනීමට දරන තැත ද අධිරාජ්‍යවාදී රටවල් අතර ම තම තමන්ගේ ආධිපත්‍යයට ලෝකය බෙදා ගැනීමට ධනපති අර්බුදය තුල දැරෙන තැත ද තුන් වන ලෝක යුද්ධයක් පිපිරීමේ තර්ජනය මතු කර ඇත. අර්බුදයට තුඩු දී ඇත්තේ ධනවාදී පද්ධතියේ මූලික පරස්පර විරෝධතා යලි තියුනු ලෙස මතු වීම යි. එනම් ගෝලීය ආර්ථිකය හා ජාතික රාජ්‍ය සීමාත් සමාජීය නිෂ්පාදනය හා පෞද්ගලික දේපොල අයිතියත් එකිනෙක තියුනු ලෙස ගැටීම යි.
දකුනු ආසියාවේ ඉන්දියාව, පකිස්ථානය හා ලංකාව ඇතුලු රටවල් ගෝලීය ධනවාදයේ අර්බුදය ද සමාජ ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රහාර ද භූ දේශපාලනික ආතතීන් ද තියුනු ලෙස ප‍්‍රකාශ වන රටවල් ය. ඉන්දියාව චීනයට එරෙහිව මූලෝපායික සහකරුවෙකු ලෙස පෙල ගස්වා ගැනීමට තැත් කරන ඇමරිකාව ලංකාවේ ආන්ඩුව චීනය සමග ගෙන යන සබඳතාවලින් කඩා වොෂින්ටන පිලිවෙත පිටුපස ගාල් කර ගැනීමට තැත් කරයි.
රතුපස්වල ජනයා පිරිසිදු පානීය ජලය සඳහා කල උද්ඝෝෂනය තලා දැමීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියා කිරීම දැකිය යුත්තේ මේ ජාත්‍යන්තර සන්දර්භය තුල යි.
ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා මත කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ අයිතීන් කපා හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක‍්‍රියාවට දමන ආන්ඩුව ඊට එරෙහිව පැන නගින අරගල මැඩීමට බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය සමග ගෙන ගිය වර්ගවාදී යුද්ධයේ දී වර්ධනය කෙරුනු මිලිටරි-පොලිස් විධික‍්‍රම යොදා ගනී. කම්කරුවන්ගේ රැකියා, සේවා කොන්දේසි හා වැටුප් කප්පාදුවකට ලක් කෙරෙන අතර සෞඛ්‍යය, අධ්‍යාපනය හා අනෙකුත් සහනාධාර සඳහා වියදම් කප්පාදු කෙරේ. 2009 දී දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 9ක් වූ අයවැය පරතරය 2013 දී සියයට 5.8 දක්වා පහල දැමූ ආන්ඩුව 2015 දී එය සියයට 3.8 දක්වා අඩු කිරීමට එල්ල කර ගෙන සිටී. මෙය සිදු කෙරෙනුයේ අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් කපා හරිමිනි. කම්කරු-පීඩිත මහජනතාවට මේ ප‍්‍රහාර එල්ල කෙරෙන්නේ විදේශ ආයෝජකයන්ට ද ඔවුන්ගේ ලංකාවේ සහකාර ධනපතියන්ට ද දැවැන්ත බදු සහන ඇතුලු වරප‍්‍රසාද ලබා දෙමිනි.
වැලිවේරිය විරෝධතාකරුවන්ට වෙඩි තබා උද්ඝෝෂනය මැඩලන අතර සමාගම ආරක්ෂා කිරීම ආන්ඩුව විදේශ ආයෝජකයන්ට ද ලංකාවේ මහ ධනපතියන්ට ද දුන් පනිවිඩයකි. එනම් ඔවුන්ගේ අයිතීන් රැකීමට කම්කරුවන්ගේ හා දුගීන්ගේ ඕනෑ ම අයිතියක්, අරගලයක් මැඩලා දැමීමට ආන්ඩුව ක‍්‍රියා කරන බව යි. තුන්නානේ ජනයාගේ උද්ඝෝෂනය රුදුරු ලෙස මැඩලුවේ ද මෙම පනිවුඩය දීමට යි.
මීට පෙර 2011 මැයි මාසයේ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් 40,000ක් තම අයිතීන් සඳහා උද්ඝෝෂනයට බට අවස්ථාවේ පොලීසිය වෙඩි තබා එක් කම්කරුවෙකු ඝාතනය කලේ ය. තෙල් සහනාධාරය කැපීමට එරෙහිව 2012 පෙබරවාරියේ විරෝධතා දැක්වූ හලාවත ධීවරයන්ට එරෙහිව සිදු කල පොලිස් වෙඩි තැබීමෙන් එක් අයෙකු මරනයට පත් විය.
ආන්ඩුව මහ ධනපතියන්ගේ හා විදේශ ආයෝජකයන්ගේ අත්ගෙඩියක් බව වෙනිග්‍රොස් හා තුන්නානේ කම්හල් රැකීමට ඉදිරිපත් වූ රුදුරු ආකාරයෙන් පෙන්නුම් කෙරේ. මෙම කම්හල් දෙක ම අයත් වන්නේ ලංකාවේ ධනවත් ම පුද්ගලයා ලෙස දැන් ප‍්‍රසිද්ධ වී ඇති ධම්මික පෙරේරා පාලනය කරන හේලීස් සමූහ සමාගමට ය. 1979 ක‍්‍රියාවට දැමුනු වෙලඳ පොල ආර්ථික ප‍්‍රතිපත්ති යටතේ වැඩුනු සමපේක්ෂන තෝතැන්න වන කොටස් වෙලඳ පොල ආශ‍්‍රිතව නැගුනු ඔහු 1990 ගනන් අග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත නජීම් උල් හක්ගේ ගුරුහරුකම් ලැබූවෙකු බව ද වාර්තා වේ.
කම්හලේ නිෂ්පාදන වියදම් කැපීම සඳහා කම්කරුවන්ගෙන් බහුතරය කොන්ත‍්‍රාත් පදනම මත සපයා ගත් සමාගම ඔවුන්ට සංවිධානය වීමට ඇති අයිතිය පාගා දැමී ය. පහත් සේවා කොන්දේසි යටතේ කම්කරුවන් තබා ගත් ඔහු වෙනිග්‍රොස් කම්හල පිහිටුවූයේ ද ලාභදායක භූමියක් සොයා ගෙන ප‍්‍රදේශයේ ජනයාගේ සෞඛ්‍ය ප‍්‍රශ්න හෝ පරිසර ප‍්‍රශ්න නො තකා ය. අනුප‍්‍රාප්තික ආන්ඩුවල සහයෝගයෙන් මෙම සමාගම මහජන සෞඛ්‍යය හා පරිසරය රැකීමේ නමින් පිහිටුවා ඇති රාජ්‍ය ආයතන තමන්ට නතු කර ගත්තේ ය. නැත හොත් ඒවායේ රෙකමදාරු කිරීම් නො තකා ක‍්‍රියා කලේ ය. මෙම කොන්දේසි තුල 2012 වසරේ දී සමාගමේ ආදායම සියයට 32කින් වැඩි වී රුපියල් බිලියන 5.2ට නැගුනු නමුත් වියදම නැගුනේ සියයට 29කින් රුපියල් බිලියන 4.2 දක්වා ය. ලාභය දැවැන්තව රුපියල් කෝටි 97ක් දක්වා සියයට 50කින් නැග්ගේ ය.
වැලිවේරිය සාමකාමී මහජන උද්ඝෝෂනය මැඩලීම සඳහා උතුරු-නැගෙනහිර යුද්ධයේ දී මෙන් ම මිලිටරි මෙහෙයුමක් රුදුරු ලෙස ක‍්‍රියාවට දැමීම විය යුතු පරිදි ම කම්කරුවන්ගේ ද දුගීන්ගේ ද ඇස් අරවන ඉමහත් කම්පනයක් ඇති කලේ ය.
කම්කරුවන් ඇතුලු මහජනයා අතර විරෝධය වැඩෙන තතු යටතේ එය ආන්ඩුවට හා ධනපති ක‍්‍රමයට එරෙහිව යෑම වලක්වාලීමට මහ ධනපති පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය කිඹුල් කඳුලු හෙලමින් ඉදිරියට ආවේ ය. ව්‍යාජ වාම පක්ෂ වන නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය එජාපය තර කිරීම සඳහා එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රකින්නෙකු ලෙස හුවා දැක්වීමට ක‍්‍රියා කලේ ය.
ආන්ඩුව හා සියලු ජනමාධ්‍ය ම පාහේ ද ඇත්ත වසන් කොට ප‍්‍රදේශයේ ජනයා මතට වරද පටවමින් තුච්ඡ හා නරුම ප‍්‍රචාරයක් දියත් කලේ ය. සමාජවාදී සමානතා පක්ෂය ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවක් පිහිටුවා ඇත්ත තත්වය එලිදරව් කිරීමට තීන්දු කලේ මෙම තත්වයේ දී ය.
මෙම පරීක්ෂනයේ වාර්තා ද නිගමන ද සැලකිල්ලෙන් හදාරන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා අවශේෂ ජනයාගෙන් අපි ඉල්ලමු. අනෙක් සෑම රටක ම මෙන් ම ලංකාවේ ද කම්කරු පන්තිය ප‍්‍රමුඛ වැඩ කරන ජනයාට මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නො ව ලාභය සඳහා නිෂ්පාදනය ගෙන යන ධනපති පද්ධතිය තුල විසඳුම් නොමැත.
සාක්ෂි ඉදිරිපත් කල අය
අපි පහත සඳහන් නිගමන ඔබ වෙත ඉදිරිපත් කරමු:
නිගමන
හේලීස් සමාගමට අයත් වැලිවේරිය වෙනිග්‍රොස් ඩිප්ඞ් ප්‍රොඩක්ට් කම්හලේ සහ තුන්නාන පිහිටි හේලීස් හංවැල්ල රබර් කර්මාන්ත ශාලාවේ නිසි අපජල ප‍්‍රතිකාරක පද්ධති නොමැති බවත් ඒවායෙන් අවට පරිසරයට මුදා හැරෙන අපද්‍රව්‍ය හා අපජලය මගින් එම ප‍්‍රදේශයන්හි ජලය හා පරිසරය දූෂනය වී ඇති බවත් ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව (ස්කපක) නිගමනය කරයි.
වැලිවේරිය කම්හල වසා දැමීම මගින් ප‍්‍රශ්නය විසඳී ඇති බව ආන්ඩුව කියා සිටියත් ඉන් ප‍්‍රශ්නය විසඳී නැත. සිදු කෙරී ඇති පරිසර හා ජල දූෂනයේ බලපෑම් වසර ගනනාවකට අවසන් නො වේ.
බියගම නිදහස් වෙලඳ කලාපයේ නව රබර් අත් වැසුම් කර්මාන්ත ශාලාවක් ආරම්භ කෙරී ඇති අතර නිසි ප‍්‍රතිකාරක පද්ධතියක් හා කම්කරුවන්ට අවශ්‍ය ආරක්ෂක ආවරන වැලිවේරියේ හෝ තුන්නානේ කර්මාන්ත ශාලාවන්හි නොතිබූ තත්වය යටතේ බියගම කම්හලේ එම තත්වයන් නිසි පරිදි තහවුරු කර ඇතැයි විශ්වාස කල නොහැකි ය. මෙම නව කම්හලෙන් බියගම පලාතේ ද පරිසරය දූෂනය වී කම්කරුවන්ට හා මහජනයාගේ ජීවිතවලට බලපානු ඇතැයි අපි අනතුරු අඟවමු.
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් කර්මාන්ත ශාලා තුල කම්කරුවන් අධික සූරා කෑමකට යටත් කර සිටින බව ද නිසි ආරක්ෂක පහසුකම් නොමැතිව රසායනික ද්‍රව්‍ය පරිහරනය කිරීම හේතුවෙන් එම කම්කරුවන් රෝගාබාධයන්ට ගොදුරු වන බව ද කමිටුව නිගමනය කරයි.
අගෝස්තු 1 දින වැලිවේරියේ මිලිටරි ඝාතනයන්ට ද මාර්තු 16 දින තුන්නාන පොලිස් ප‍්‍රහාරයට ද වගකිව යුත්තේ රාජපක්ෂ ආන්ඩුව යි.
වැලිවේරිය හමුදා කි‍්‍රයාන්විතය වනාහි ඉදිරියේ එන මහජන අරගල තලා දැමීම සඳහා ආන්ඩුව සහ හමුදාව දැනුවත්ව සිදු කල අත්හදා බැලීමකි. එලැඹීමට නියමිත මහජන අරගල මිලිටරි විධික‍්‍රම මගින් තලා දැමීමට ආන්ඩුව ද ධනපති පන්තිය ද සූදානම් වන ආකාරය මෙමගින් ප‍්‍රදර්ශනය කර ඇත.
එමෙන් ම තුන්නානේ දී මිය ගිය පොලිස් නිලධාරියාගේ මරනය සම්බන්ධයෙන් “සැක කටයුතු” යැයි පවසමින් අපේ‍්‍රල් මාසයේ දී අත් අඩංගුවට ගනු ලැබූ සරත් සහ රුවන් යන දෙදෙනා චෝදනා රහිතව දිගට ම අත් අඩංගුවේ තබා ගැනීම ඔවුනගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් උල්ලංඝනය කිරීමකි.
පිරිසිදු ජලය ලබා ගැනීම හා දූෂනයෙන් තොර පරිසරයක ජීවත් වීම මහජනයාගේ සමාජ අයිතියකි. ආන්ඩුව මෙම සමාජ අයිතියට එරෙහිව කාර්මික දූෂනයේ යෙදෙන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පාලකයන් ඇතුලු ආයෝජකයන් විවෘතව ම ආරක්ෂා කරයි. රාජපක්ෂ ආන්ඩුව මෙම ප‍්‍රහාරය එල්ල කරනුයේ ධනේශ්වර ක‍්‍රමය එය මුහුන දී සිටින අර්බුදයේ දී කම්කරු පන්තිය අතීතයේ දී දිනා ගත් සියලු සමාජ සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් යලි උදුරා ගන්නා සමාජ ප‍්‍රතිවිප්ලවයක කොන්දේසි යටතේ ය.
මෙම කම්හල් දෙකේ ම නිසි ප‍්‍රතිකාරක පද්ධති ස්ථාපනය කොට නොමැත්තේ ඒ සඳහා වන වියදම් කපා දමා සමාගමට ලැබෙන ලාභය තර කර ගැනීමට බව කමිටුව නිගමනය කරයි. යහපත් පරිසරයක ජීවත් වීමේ අයිතිය ඇතුලු අනෙකුත් අයිතීන් තහවුරු කල හැක්කේ ලාභය මත පදනම් වූ ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීමෙන් පමනි.
තම අයිතිය වෙනුවෙන් ඉදිරියට පැමිනි මහජනතාව ධනපති ක‍්‍රමයට එරෙහිව බලමුලු ගැන්වීම වලක්වනු වස් ඔවුන් ධනපති පක්ෂ යටතේ ගාල් කිරීම සඳහා මූලික ම කි‍්‍රයා කලාපයක් ඉෂ්ට කලේ පැබ්ලෝවාදී නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය ප‍්‍රමුඛ ව්‍යාජ වාම පක්ෂයන් ය.
ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමිය හැකි එක ම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය ස්වාධීනව සමාජවාදී ප‍්‍රතිපත්ති යටතේ කාර්මික දූෂනයට එරෙහි සටනේ දී මූලිකත්වය ගත යුතු ය.
ධනපති ක‍්‍රමය විස්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙල යටතේ ලෝක කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් වදින්නේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) එහි ලංකා ශාඛාව යි. ලෝක සමාජවාදී වැඩ පිලිවෙල යටතේ ඉන්දු උපමහාද්වීපයේ සමාජවාදී සමූහාන්ඩු සංගමයකට ද එහි කොටසක් ලෙස කම්කරු-ගොවි ආන්ඩුවක ස්වරූපයෙන් ශී‍්‍ර ලංකා‐ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩ නැගීමට ද සසප සටන් වදියි. කාර්මික දූෂනයට එරෙහිව ඉදිරියට එන කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී ප‍්‍රතිපත්ති මත සසප ගෙන යන මෙම අරගලය සමග ඒකාබද්ධ විය යුතු ය.
අවසානයි
Follow us on