ලංකාවේ කම්කරුවන්, සියලුම විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටිය යුත්තේ ඇයි?
මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලබන්නේ දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුවට, පාර්ලිමේන්තුවට හෝ විරුද්ධ පක්ෂවලට නොවේ. ඒ සියලුම පක්ෂ ඓන්ද්‍රීයව ම ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ ගැත්තෝ වෙති. අප මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ කම්කරු පන්තියටයි, එනම්, බංකොලොත් ධනේශ්වර පර්යායට එරෙහිව, කම්කරුවන්ගේ බලය පිහිටුවීම සහ සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා අරගලයට කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ ලීවරයක් ලෙසයි.