මෙක්සිකානු කම්කරුවන්, කෝවිඩ්-19 සහ නැවත වැඩට දැක්කීමේ උද්ඝෝෂනයට එරෙහි සටන

මැයි 2 දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ව විසින් පවත්වනු ලැබූ 2020 මාර්ග ගත මැයි දින රැලිය වෙනුවෙන් ලතින් ඇමරිකාවේ වැඩකරන පන්තියේ අරගලය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් ලියූ, කොස්ටාරිකාහි ජීවත් වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවකු වන ඇන්ඩ්‍රියා ලෝබෝ විසින් පහත දේශනය පවත්වන ලදී.

නැවත සේවයට දැක්කීමේ උද්ඝෝෂනය මගින් ඇමරිකානු නිෂ්පාදන නැවත ආරම්භ කිරීමේදී බැහැර කල නොහැකි මෙක්සිකානු නිෂ්පාදන කර්මාන්ත ශාලාවල දී ඇමරිකානු අධිරාජ්‍යවාදය සඳහා ප්‍රධාන වශයෙන් අත්‍යාවශ්‍ය ගුනාංගයක් ඉස්මතු වී ඇත. මේ වන විටත් මෙක්සිකෝව තහවුරු කරන ලද කෝවිඩ්-19 මරන සහ ආසාදනයන් ඉහල ප්‍රමානයන් වාර්තා කරමින් සිටී.

ලෝසවෙඅ සමග කල සාකච්ඡාවක දී හොන්ඩුරාහි දොස්තරවරයෙක් සඳහන් කලේ වසංගතය සම්බන්ධ ප්‍රවෘත්ති ගේබ්‍රියල් ගාර්ෂියා මාකේෂ්ගේ ක්‍රොනිකල් ඔෆ් අ ඩෙත් ෆෝර්ටෝල්ඩ් නම් අපරාධ නවකතාව සිහිගන්වන බවයි. කතාවේ සිටින සියලු ම දෙනා පාහේ, ඉතාම ප්‍රමාද වන තෙක්ම, හොඳින් දන්නා වූ මිනීමැරුම් සිද්ධියක චුදිතයකු හට අනතුරු හැඟවීම ට තමා හට ඇති අවස්ථාවන් එකකට පසු එකක් වශයෙන් නාස්ති කර ගත්හ. වසංගතය පිලිබඳ සාමාන්‍යකරනය කරන ලද අනතුරු ඇඟවීම් තිබීය දීම, ආන්ඩු විසින් නොසලකා හැරීම සහ බොරු මගින් එයට ප්‍රතිචාර දක්වමින් සිටී. කෙසේ වුවද, “කිසිවක් නො කීමට” කැමති පාලක පන්තිය සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් නිෂ්ක්‍රීය නරඹන්නන් ලෙස දැකීම වරදක් විය හැකිය. ඔවුහු ක්‍රියාත්මක කිරීම සහ සඟවා තැබීම පිලිබඳ දැඩි උනන්දුවක් දක්වන ප්‍රමුඛයන් ය.

වසංගතය සම්බන්ධ කාරනයේ දී, මහා පරිමාන රෝගීන් සංඛ්‍යාවක් සහ ආර්ථික හිඟයකට මුහුන දෙමින් සිටින චුදිතයන් හට ඔවුන්ගේ දෑස් ඉදිරියේ අපරාධය සිදුවන ආකාරය දැකගත හැකි අතර කතා වස්තුවේ ඉදිරිය ද කියවාගත හැකිය. කතිපයාධිකාරයන් සහ ඒවායේ රාජ්‍යයන්ට මුහුන දීමට සහ ක්‍රියාත්මක වෙමින් පවතින මෙම අපරාධය නැවැත්වීමට සවිය ඇති සමාජ බලය සහිත නායකත්වය ඇත්තේ කම්කරු පන්තියටය.

වීඩියෝ: The speech by Andrea Lobo begins at 1:56:44 in the video.

යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මීට සමාන ක්‍රියාමාර්ගවලට පසුව, මැකිලඩොරාස් නමින් හඳුන්වන මෙක්සිකොව පුරා විසිරී ඇති නිෂ්පාදන කරමාන්තශාලාවල දහස් ගනන් කම්කරුවෝ, අත්‍යාවශ්‍ය නොවන කම්හල් වසා දැමීමට බල කරමින් සහ අත්‍යාවශ්‍ය කම්හල්වලට අවශ්‍ය ආරක්ෂක උපකරන ඉල්ලා වර්ජනයේ යෙදුනහ. මෙක්සිකෝවේ වැඩවර්ජනය ටෙක්සාස්හි බ්‍රවුන්ස්විලී සිට සීමා මායිම හරහා මැටමොරස්වලින් ආරම්භ විය. ජනාධිපති ඇන්ඩ්‍රස් මනුවෙල් ලොපේස් ඔබ්රඩෝර් (ඇම්ලෝ ලෙස හඳුන්වන) අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදනයන් නවත්වා දැමීමට නියෝග ලබා දී දිනයකට පසුව එහි කම්කරුවෝ කාර්යයන්ගෙන් බැහැර වූහ. එහෙත් එම නියෝගයේ හිතාමතා ඇතිකල අපැහැදිලි බව දුටු කර්මාන්ත ඒවා වසා දැමීම ප්‍රතික්ෂේප කලහ.

මැටමොරස්හි කම්කරුවෝ පැය 12ක වැඩ මුරයක් සඳහා ඩොලර් 8ක වැටුපක් ලබා දීමට සහ තම බෝනස් මුදල් උදුරා ගැනීමට සමාගම් දරන උත්සාහට එරෙහිව, දශක ගනනාවක් තුල උතුරු ඇමරිකාවේ පැවැත්වූ විශාලතම වර්ජන රැල්ල පසුගිය වසරේ දී පවත්වාගෙන ගියහ. මෙම අත්දැකීම සමග, ප්‍රාදේශීය සහ ෆෙඩරල් බලධාරීන් සහ වෘත්තීය සංගම් කොන්දේසි විරහිතව සමාගම්වලට අනුබල දෙන බැවින්, කම්කරුවන්ට තමන්ගේම වූ ක්‍රියාමාර්ගයක් මත පමනක් විශ්වාසහ තැබිය හැකි බවට බොහෝ දෙනා අදහස් පල කලහ.

කොවිඩ්-19 ව්‍යප්තිය සහ මරන සංඛ්‍යාව වැඩිවීමත් සමග, සිව්ඩාඩ් ජුවාරස්, ටිජුවානා, මෙක්සිකලි සහ රේනෝසා වැනි ප්‍රදේශවලින් වර්ජනයට එක් වූ කම්කරුවන්ට ද මෙම තත්ත්වය පැහැදිලි විය.

ජාත්‍යන්තර වර්ජන රැල්ල ආරම්භ වූයේ—සියලුම සේවකයෝ එකම අභිරුච්යක් දක්වන බැවින්—වැඩකරන පන්තිය සතු මහා විප්ලවීය හැකියාව සහ එහි අති විශාල බලය වාර්ගික, ලිංගික සහ ජාතික මං ඔස්සේ එක්රැස් කිරීමට ඇති අවශ්‍යතාව පෙන්වා දීමටය.

රුසියානු මාක්ස්වාදයේ පියා වූ ජෝර්ජි ප්ලේකනොව් පැවසූ පරිදි, වෛද්‍යවරයකුට තම රෝගියාගේ තත්ත්වය පිලිබඳව අනුකම්පාව දැක්වීම පමනක් ප්‍රමානවත් නොවේ: එය සමග සටන් කිරීම එයින් ම ආරම්භ කිරීමට ඔහු සත්ත්වයාගේ භෞතික යතාර්තය සැලකිල්ලට ගත යුතුය. වෛද්‍යවරයා තමා විසින් තමාම රෝගයට එරෙහි සදාචාරාත්මක කෝපය කෙරේ පමනක් සීමා කරගැනීමට සිතන්නේනම්, ඔහු උපරිම ද්වේශසහගත සමච්චලයට භාජනය වීමට සුදුසු වේ.

කම්කරුවෝ තමා මුහුන දෙන තත්ත්වයේ පවතින භෞතික යතාර්තය තේරුම් ගැනීම අවශ්‍ය වේ. දසක තුනක් වැනි කෙටි කාලයක දී, මෙක්සිකෝව තම පංති සංයුතියේ දැවැන්ත පරිවර්තනයකට ලක් වී ඇත. ලතින් ඇමරිකා සහ කැරිබියානු ප්‍රදේස සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්තික කොමිසමට අනුව, 1986 දි සමස්ත අපනයනයෙන් 70%ක් සඳහා කෘෂිකාර්මික, ඛනිජ සහ අඩු තාක්ෂනික නිෂ්පාදන දායක විය. එතැන් පටන්, වාර්ෂිකව අපනයන ප්‍රමානය 10.4 ක වේගයෙන් වර්දනය වී ඇති අතර මේ වන විට අධි සහ මද්‍ය තාක්ෂනික භාන්ඩ මුලු අපනයනයෙන් 75%කට දායක වේ. ඉන් වැඩි ප්‍රමානයක් ඇමරිකාවට සහ කැනඩාවට අපනයනය කෙරේ.

ඉතා තීරනාත්මක සහ අධික ලාබ ලබන සම්බන්දතා තුල ද, ලෝක සැපයුමේ ඉහලට සහ පහලට වන දාමය අතර ද, ඇමරිකානු ප්‍රභූ පාලකයන්ගේ පැවැත්ම සඳහා වැදගත්වන කර්මාන්ත අතර ද ක්‍රියාත්මක වන මැක්විල‌ඩෝරා ශ්‍රමබලකායේ කම්කරුවන් සංඛ්‍යාව මිලියන 3 ක් පමන වන තෙක් වර්දනය වී ඇත. මූලිකව යුරෝපය සහ ජපානයට එරෙහිව ද, මේ වන විට චීනයට එරෙහිව ද තරග කරමින්, ක්ෂය වෙමින් යන තම ආර්තික තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය ගත් උත්සාහය විසින් උතුරු ඇමරිකානු කර්මාන්ත වේදිකාව ඉදි කරන ලදි.

ඉතාම කෙටියෙන් පැවසුවහොත්, ෆෙඩරල් සංචිතයේ ට්‍රිලියන ගනනක් වන මුදලින් මූල්‍ය වෙලඳපල ගලවාගැනීම නිසා, සූරා කෑම තුලින් නියම වටිනාකම් උකහා ගැනීමේ අසීරුතාවකට කතපයාදිකාරය පත්වී ඇති අතර මෙක්සිකෝවේ මැකිලඩෝරා අත්‍යාවශය වී ඇත. අනෙක් අතට, මෙක්සිකෝවේ අඩු වැටුප්වල ලාබදායී බව, ශක්තිමත් ඇමරිකානු ප්‍රතිවාදියාගෙන් යුද්ද ආශ්‍රිත නිෂ්පාදන උදුරා ගැනීමට ඇති ප්‍රධානතම ප්‍රේරකයක් වේ.

කම්කරුවන් බොහෝ පිරිසක් අසනීප වූ පසු, මෝටර් රථ සහ ආරක්ෂක කර්මාන්ත සඳහා වයර් සහ සම්බන්දතා නිපදවන සියුඩාඩ් ජුවාරස්හි පිහිටි ඇම්ෆෙනොල් කම්හලේ සේවකයෝ අප්‍රෙල් 17 දින වැඩ වර්ජනය කලහ. එම කම්හල වසා දැමීමට සමාගමට බල කෙරුනු නමුත් සතියකට පසු නැවත විවෘත කෙරුනේ මෙක්සිකානු ආන්ඩුවේ පෙනෙන්නට ඇති අවසරය තමා වෙත ඇති බවට දැනුවත් වීමෙන් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලපෑමෙන් කම්කරුවන් අනතුරේ හෙලීම සඳහා ය. ඇම්ෆෙනොල් කොටස් එම සතියේ සියයට 15 කින් ද, මාසය තුල සියයට 19 කින් ද ඉහල ගියේය. ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් නෝර්විට් 2018 වර්ෂයේ දී වැඩි ප්‍රමානයක් වූ කොටස් විකල්පවලින් ඩොලර් මිලියන 18ක් ලැබීය.

කල් පසු වී වසා දැමීම හේතුවෙන් කෝවිඩ්-19 වැලඳී අවම වශයෙන් කම්කරුවන් 14ක්වත් මියගිය සියුඩාඩ් ජුවාරස්හි ස්වයංක්‍රීය අසුන් සහ විද්‍යුත් පද්ධති නිශ්පාදක ලියර් කෝර්ප් හි ප්‍රධාන විධායක රේ ස්කොට් ද ඩොලර් මිලියන 10 කට ආසන්න මුදලක්, එනම් යන්ත්‍ර හසුරවන්නකුට වාර්ෂිකව ගෙවනු ලබන වැටුප මෙන් 3,500 වාරයකට වඩා වැඩි මුදලක් ලැබීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් තම “ඇමරිකාව නැවත විවෘත කිරීම” නම් සැලැස්ම ප්‍රසිද්ධියට පත් කොට දින කිහිපයකට පසු, එක්සත් ජනපදයේ සමාගම් සඳහා සැපයුම් නැවත විවෘත කර ගැනීම ට බල කිරීම සඳහා මෙක්සිකානු ජනාධිපති ලෝපේස් ඔබ්රේඩර් හට සෘජුව දුරකතනයෙන් කතා කලේය.

ඇම්ලෝ මැයි 16 දින සිට නැවත විවෘත කිරීමක් නිවේදනය කර ඇති අතර ආර්ථික අමාත්‍ය ආර්ටුරෝ හෙරේරා එල් පේස්  වෙත පැවසුවේ “මෙක්සිකානු පිලේ සමාගම් ඇමරිකානු සැපයුම් දාමයන්ට සම්බන්ධ කොට ඉක්මනින් විවෘත කල හැකි යාන්ත්‍රනයක් පිලිබඳව” ආන්ඩුව සොයා බලමින් සිටි බවයි. ආන්ඩුව “කන්ඩායම් ප්‍රතිශක්තිය” කරා යොමුවීමට අපේක්ෂා කරන බව ඔහු පැහැදිලි කලේ වසංගතය මරා දැමෙන්නේ ආසාදිතයන් මග හැරීමෙන් නොවන බව පවසමිනි.

ඇමරිකානු අධිරාජ්‍යවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කිරීමට සූදානමින් සිටින ආන්ඩුවක්, නැවත සේවයට පැමිනීම සඳහා බලපෑම් කිරීම වෙනුවෙන්, ඇමරිකානු සහය ඇතිව පුහුනු කරන ලද හා ආයුධ සන්නද්ධ කරන ලද හමුදා සහ විශේෂ බලකායන් යොදවා නොගනු ඇතැයි සිතීම බොලඳ කමකි. ඇම්ලෝ විසින්ම සකස් කරන ලද ජාතික ආරක්ෂාක බලකායේ අභ්‍යන්තර සන්දේශයේ පැහැදිලිව සදහන් වන්නේ එය “සමාජ නොසන්සුන්තාවට” විරුද්ධව යෙදවීමට සූදානමින් සිටින බවයි.

තම ආන්ඩුවල නැවත වැඩට කැඳවීමේ ව්‍යාපාරයට සහය දැක්වීම සඳහා එක් එක් රටවල දූෂිත සහ ජාතිවාදී වෘත්තීය සංගම් සහ ඔවුන්ගේ සමා යදින්නන් පෙල ගැසෙමින් සිටී. කම්කරුවෝ, වෘත්තීය සමිතිවලින් වියුක්තව, තමා කවර විටෙක, කවර තත්ත්වයන් යටතේ නැවත සේවයට ආ යුතු ද යන්න ප්‍රජාතන්ත්‍රවාදීව තීරනය කිරීමට ද, තම අරගලයන් තම අංශයන් සහ දේස සීමාවලින් ඔබ්බට සම්බන්ධිකරනය කිරීම ට ද නව සංවිධාන ගොඩනැගීම සහ සේවක සංවිධානය කිරීම කල යුතුය.

වසර අසූවකට පෙර ස්ටාලින්වාදීන් විසින් මෙක්සිකෝ නගරය ආසන්නයේ දී ඝාතනය කරනු ලැබීමට සුලු වේලාවකට පෙර ලියොන් ට්‍රොට්ස්කි ලියා තැබූවේ, “යටත් විජිත සහ අර්ධ යටත් විජිතවල කම්කරු පන්තියට නගරාශ්‍රිත මධ්‍යස්ථානවල කම්කරු පන්තිය සහ සමස්තයක් ලෙස ලෝකයේ ම නිර්ධන පන්තිය සමග පරාජය කල නොහැකි මට්ටමේ සහයෝගීතාවයකට ලඟාවීමට හැකියාව ලැබෙන්නේ ඔවුනගේම වූ විප්ලවීය මග පෙන්වීමක් යටතේ පමනි. ලෝකය පුරා පවතින අධිරාජ්‍යවාදය තුරන් කර දැමීම මගින් පීඩිත ජනයා සම්පූර්න සහ අවසන් විමුක්තියක් කරා මෙහෙයවිය හැක්කේ එම සහයෝගීතාවයට පමනි.

මෙම සාකච්ඡාව මැයි 11 දින ඉංග්‍රීසි බසින් පලවිය