[පහතින් පලවෙන්නේ Over 20,000 Sri Lankan health workers strike, defying government laws මැයෙන් 2021 ජුනි 08, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]
යුද්ධයෙන් විනාශ වූ උතුරු හා නැගෙනහිර ද ඇතුලුව ශ්‍රී ලංකාව පුරා සෞඛ්‍ය සේවකයින් 20,000 කට අධික පිරිසක් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් සහ රාජපක්ෂ ආන්ඩුවේ “අත්‍යවශ්‍ය සේවා” නීති උල්ලංඝනය කරමින් බ්‍රහස්පතින්දා (03) පැය පහක් පුරා වැඩ වර්ජනයක නිරත විය.
උදේ 7 සිට දහවල් 12 දක්වා වූ වැඩ වර්ජනයට ප්‍රධාන රෝහල් නවයක වෛද්‍යවරුන්, අනුපූරක වෛද්‍ය සේවකයින්, හෙදියන්, සාත්තු සේවකයින් සහ ලිපිකරුවන් සහභාගී වූහ. කොලඹ ජාතික රෝහල සහ ශික්ෂන රෝහල් මෙන්ම පේරාදෙනිය, මහනුවර, අනුරාධපුර, කරාපිටිය, රත්නපුර, යාපනය සහ මඩකලපුව යන රෝහල් ද මෙයට ඇතුලත් ය. ගර්භනී හෙදියන්ට නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලාසිටිමින් ද සෞඛ්‍ය සේවකයින් දිවා ආහාරය සඳහා වූ පැය භාගයෙහි ජාතික විරෝධතාවයකට සහභාගී වූහ.
බදාදා මධ්‍යම රාත්රියේදී ජනාධිපති ගෝටාභය රාජපක්ෂ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් රටේ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත යටතේ තැබුවේ, සැලසුම් කර තිබූ වැඩ නැවැත්වීම ඉලක්ක කර ගනිමිනි. මෙම ප්රතිගාමී නියෝගය රාජ්‍ය බෙදාහැරීමේ ආයතනවලට සහ පලාත් සභා නවයක සේවකයින්ට ද අදාල වේ.
සතියකට පෙර, මැයි 27 වන දින ජනාධිපති රාජපක්ෂ වරාය, ඛනිජ තෙල්, ගෑස්, දුම්රිය හා බස් ප්‍රවාහන අංශවල මෙන්ම සියලුම දිස්ත්‍රික් මට්ටමේ ආන්ඩුවේ පරිපාලන කාර්යාල, රාජ්‍ය බැංකු සහ රක්ෂන සහ රේගු යන සියලුම සේවා සඳහා වෘත්තිය ක්‍රියාමාර්ග තහනම් කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක කලේය.
මිලියනයකට ආසන්න ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ වැඩ වර්ජනය කිරීමට හෝ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති නීත්‍යානුකූල හා ප්රජාතන්ත්රවාදී අයිතිය සාපරාධීකරනයකට ලක්කර තිබේ.
වෛද්‍ය රසායනාගාර තාක්ෂන ශිල්පීන්ගේ සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිස) ඇතුළු සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 35 ක එකතුවක් වන සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එකමුතුව (සෞසේවෘස) විසින් බ්‍රහස්පතින්දා විරෝධතාව කැඳවන ලදී.
සෞසේවෘස පැය පහක වැඩ වර්ජනයක් කැඳවා තිබුනේ කොරෝනා වෛරස් වසංගතයට එරෙහි සටනේ පෙරමුන ගෙන සිටින සෞඛ්‍ය සේවකයින්ගේ නැගී එන කෝපය වාෂ්ප කර දැමීම සඳහා ය. දිවයින පුරා සිටින ඔවුන්ගේ [වෘත්තීය සමිති] සගයන් මෙන්, සෞඛ්‍ය වෘත්තීය සමිති ද මිනිස් ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛතාවය දෙමින් “ආර්ථිකය විවෘතව” තබා ගැනීම සඳහා වූ ශ්‍රී ලංකා ආන්ඩුවේ උත්සාහයට සහාය දක්වයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා හෙද සංගමය සහ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය වැඩ වර්ජනයට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත්, මෙම වෘත්තීය සමිතිවල සමහර සාමාජිකයින් බ්‍රහස්පතින්දා වෘත්තිය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වූහ. සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය මැයි 29 වෙනිදා වෙනම විරෝධතාවක් පැවැත්වීය.
වැඩ වර්ජිත සෞඛ්‍ය සේවකයින් විසින් පුද්ගලික ආරක්ෂක උපකරන සහ අනෙකුත් කොවිඩ්-19 ආරක්ෂක පියවරයන්, අවදානම් දීමනාවක්, වැඩ කරන දිනවල ආහාර, ගමන් තහනම් කාලවලදී ප්‍රවාහනය, ගර්භනී සේවකයින් සඳහා විශේෂ නිවාඩු සහ ආන්ඩුවේ නිවාඩු දිනවල වැඩ කිරීම සඳහා ගෙවන ලද දීමනා සඳහා සීමාවන් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරන ලදී.
පසුගිය මාස දෙක තුල කොවිඩ්-19 ආසාදන විශාල වශයෙන් ඉහල යෑම් මධ්‍යයේ සෞඛ්‍ය සේවකයින් මෙම මූලික ඉල්ලීම් ඉදිරිපත් කරමින් විවිධ විරෝධතා සහ උද්ඝෝෂන වලට සම්බන්ධ වූහ. දීර්ඝ කාලයක් තිස්සේ ඉටු නොවූ අයිතිවාසිකම් කිසිවක් ලබා දීම ආන්ඩුව ප්‍රතික්ෂේප කර තිබේ.
වෛද්‍ය පහසුකම්වල අඩු සේවක හා අඩු සම්පත් සහිතව වැඩ කරන සෞඛ්‍ය සේවකයින් සිය ගනනක් කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර මෑත මාසවලදී අවම වශයෙන් හතර දෙනෙකු මියගොස් තිබේ.
සෞඛ්‍ය කාර්ය මන්ඩලය සහ ශ්‍රී ලංකා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් විසින් කරන ලද වැඩ වර්ජන හා උද්ඝෝෂන, කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බර ඔවුන්ගේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ සමාජ අයිතිවාසිකම් වලට පහර දීමෙන් ඔවුන් මත පැටවීමට ආන්ඩු සහ සේවා යෝජකයන් දරන උත්සාහයන්ට ජාත්‍යන්තරව කම්කරුවන් දක්වන නැගී එන ප්‍රතිරෝධයේ කොටසකි.
ජුනි 8 න් පසු ඉදිරි ක්‍රියාමාර්ග සංවිධානය කරන බව සෞසේවෘස කියා සිටියත් නිශ්චිත තොරතුරු සපයා නැත. සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් ආමන්ත්රනය කිරීමට ආන්ඩුව අපොහොසත් වුවහොත් වෘත්තීය සමිතිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිනිලි කරන බව ප්‍රකාශ කරමින් රහෙනිස නායක සමන් රත්නප්‍රිය දත් හැලුනු තර්ජනයක් නිකුත් කලේය.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති, ආන්ඩුවේ මර්දනකාරී වැඩ වර්ජන විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුලුමනින්ම නිශ්ශබ්ද අතර, රාජපක්ෂගේ අත්‍යවශ්‍ය සේවා නීතිය ඉල්ලා සිටීමේ ඇඟවුම් ඔවුන්ගේ සාමාජිකයින්ට දැනුම් දීමට පවා අසමත් වේ. අනෙකුත් ශ්‍රී ලංකා වෘත්තීය සමිති සහ විරුද්ධ පක්ෂ ද කුරිරු නීති සම්පාදනය ගැන කිසිවක් පවසා නැත.
ආන්ඩුවේ ආඥාදායක ප්රහාරයන්ට එරෙහිව දේශපාලනිකව සූදානම් නොවී කම්කරුවන්ට ජීවන කොන්දේසි සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලය ඉදිරියට ගෙන යා නොහැකිය.
ඊයේ (07) ලෝසවෙඅ ඉදිරිදර්ශනය පැහැදිලි කල පරිදි, මෙයින් අදහස් කරන්නේ වෘත්තීය සමිතිවලින් බිඳී ස්වාධීන ක්‍රියාකාරී කමිටු ද ඇතුලුුව නව අරගල සංවිධාන ගොඩනැගීම ය:
පන්ති අරගලයේ වර්ධනය ප්‍රදර්ශනය කරමින් සිටින්නේ, ජාතිකත්වයේ, ජනවාර්ගිකත්වයේ, වර්ගයේ හෝ ලිංගිකත්වයේ වෙනස්කම් නො තකා, කම්කරුවන්ගේ වෛෂයික එකමුතුව යි. එහෙත් මෙම එකමුතුව, කම්කරු පන්තිය බෙදීමට දරන සියලු උත්සාහයන් සවිඥානිකව ප්‍රතික්ෂේප කිරීමක් සමග මුහුන් කරනු ලැබිය යුතු ය.
ශ්‍රී ලංකාව තුල සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එකමුතු කිරීමේ සටනෙහි අර්ථය වන්නේ, රාජ්‍ය අනුග්‍රහය ලබන “සිංහල පලමුව” පිලිවෙතට මෙන් ම, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද ධාවනයෙහි වඩාත් ම වාචාල යෝජකයන් ලෙස ඉස්මතු වී සිටින දෙමල ධනේශ්වරය, දෙමල ජාතිකවාදය කාවැද්දීමට දරන උත්සාහයන්ට ද විරුද්ධ වීම යි.
මේ සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එහි මැයි රැලියේ දී, ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් (ක්රික-ජාකස) ගොඩනැගීමට ආරම්භකත්වය ගත්තේ ය.
සෞඛ්‍ය සේවකයින් කිහිප දෙනෙකු ලෝසවෙඅ සමඟ කතා කරමින් රාජපක්ෂගේ මර්දනකාරී වැඩ වර්ජන විරෝධී නීති හෙලා දකිමින් ඔවුන්ගේ රෝහල්වල භයානක තත්වයන් පැහැදිලි කලහ.
පොලොන්නරුවේ රෝහල් සේවකයෙක් පැවසුවේ: “වැඩ වර්ජන තහනම් කරමින් දැන් පනවා ඇති අත්‍යවශ්‍ය සේවා නියෝගය ගැන අපි ගැඹුරින් සලකා බැලිය යුතුයි. 1980 දී වර්ජකයන්ට එරෙහිව භාවිතා කරන ලද නීතිය මෙයයි [1980 දී රාජ්‍ය අංශයේ සේවක මහා වැඩ වර්ජනයක් බිඳ දැමීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හදිසි නීති සහ අත්‍යවශ්‍ය සේවා නියෝග භාවිතා කිරීම පිලිබඳ සඳහනි].
“වැඩ වර්ජනය කරන කම්කරුවන් මෙම නියෝගය යටතේ සිරගත කිරීමට පවා ඉඩ තිබෙනවා. එබැවින් මෙම ප්‍රහාරයට එරෙහිව අපගේම උපාය මාර්ග සංවිධානය කල යුතුයි. ප්‍රධාන දෙය නම් මෙම උපායමාර්ගය ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පදනම් වීමයි. එහි අර්ථය වන්නේ සමාජවාදී සමානතා පක්ෂය විසින් යෝජනා කරන පරිදි සෑම සේවා ස්ථානයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සහ අපගේ ජාත්‍යන්තර සගයින් සමඟ එක්වීමයි.
“මේ දක්වා, පොලොන්නරුව රෝහලේ සෞඛ්‍ය සේවකයින් අතර එතරම් දැනුවත්භාවයක් නොමැති අතර ඔවුන් මෙම නීතිය පිලිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කර නැත. වෘත්තීය සමිති මෙම කාරනා ගැන කිසිදු තැකීමක් නොකර ඉදිරියට යන මුත් ප්රහාරයන්ට මුහුන දිය යුත්තේ කම්කරුවන් වන අපයි.”
මහනුවර මහ රෝහලේ සේවකයෙකු පැහැදිලි කලේ, මෙම සේවාස්ථානයේ සියලුම කාර්ය මන්ඩලය, වෘත්තීය සමිති බෙදීම් නොතකා මෙම ක්‍රියාවට සම්බන්ධ වූ බවයි.
“වෘත්තීය සමිති වෙන වෙනම ක්‍රියාමාර්ග ගන්නවා. උදාහරනයක් ලෙස, එක් විරෝධතාවක් මැයි 29 ද, අනෙක ජුනි 3 ද විය. අනෙක් සියලුම වෘත්තීය සමිති ද ඒ හා සමාන යි. මෙයින් පෙනී යන්නේ ඔවුන් එක්සත් ක්‍රියාමාර්ගයට මුළුමනින්ම සතුරු වන අතර ආන්ඩුව භයානක තත්වයකට මුහුන දෙනු ඇතැයි යන බිය වන බව යි.
“රෝහලේ සහායක සෞඛ්‍ය සේවකයින් වන අප දැන් දරාගත නොහැකි පීඩනය නිසා අරගලයට සූදානම්. අපට ආරක්ෂිත හෝ යහපත් ගමන් පහසුකම් නොමැත. බස් ගාස්තු ද ඉහල ගොස් ඇති අතර කිසිදු සමාජ දුරස්ථභාවයකින් තොරව අපි ඒවා තුල ගමන් කරනවා.”
ආන්ඩුවේ වැඩ වර්ජන විරෝධී නීති පිලිබඳව අදහස් දක්වමින් යාපනය රෝහලේ හෙදියක් පැවසුවේ: “මෙය ඒකාධිපති පාලනයක් වැනිය. එය කම්කරු පන්තියේ අයිතිවාසිකම්වලට එරෙහි ප්රජාතන්ත්ර විරෝධී ප්‍රහාරයක් වන අතර අප එයට විරුද්ධ විය යුතුයි”.
“ජනතාවට එරෙහිව කුරිරු නීති පැනවීමට ආන්ඩුව කොරෝනා වෛරස් තත්ත්වය යොදා ගත්තා. කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට නම් ආන්ඩුව විසින් නිසි ජාතික අගුලු දැමීමක් සහ වෙනත් සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් පැනවිය යුතුව තිබුනා.
“මම වැඩ වර්ජනයට සහාය දැක්වූයේ මෙම ඉල්ලීම් ඉතා වැදගත් බැවින්. මම වැඩ කරන්නේ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවක. මට එන්නත ලබා දී ඇති නමුත් අපේ පවුලේ සාමාජිකයන්ට දී නැහැ. මම ඔවුන් ගැන ඉතා සැලකිලිමත් වන අතර ඒ නිසා මම දැන් වෙනම ජීවත් වෙන්නේ.
“අපි වැඩ කරන්නේ ඉතා දුෂ්කර තත්වයන් යටතේ. අපේ වාට්ටුවේ සිටින්නේ එක් වෛද්‍යවරයයි, හෙදියන් ප්‍රමානවත් නැැහැ අපි කිසිදු ලිහිල් කිරීමකින් තොරව දිගු වැඩ මුරවල නිරත වන අතර කම්කරුවන්ට ප්‍රතිකාර කිරීමට නිසි පහසුකම් නැහැ. පිරිමි සහ ගැහැනුන්ට එකම නාන කාමර, වැසිකිලි හා ඇඳුම් මාරු කරන කාමර භාවිතා කිරීමට සිදුවෙනවා. තමන්ට අරමුදල් නොමැති බව පවසමින් බලධාරීන් මෙම තත්වය වෙනස් කර නැහැ.”