ඉදිරිදර්ශන

සමාජවාදී අපේක්ෂක විල් ලේමන්, ඡන්දය වැලැක්වීමට සමිති නිලධරයේ බාධා තිබියදී, යූඒඩබ්ලිව් සභාපති ධුරය සඳහා ඡන්ද 5,000 කට ආසන්න ප්‍රමානයක් ලබා ගනියි

[මෙය WillLehman, socialistcandidateforUAWpresident, receivesnearly 5,000 votesdespitebureaucraticsuppressionofelectionturnoutයනමැයෙන් 2022 දෙසැම්බර් 05 පලකෙරුනුඉදිරිදර්ශනලිපියේපරිවර්තනයයි.]

සිකුරාදා, උසාවිය විසින් පත් කරන ලද නිරීක්ෂකයෙකු විසින් නිකුත් කරන ලද නිල නොවන සංඛ්‍යා ලේඛන අනුව, මැක් ට්‍රක් රථ කම්කරුවෙකු සහ 'එක්සත් මෝටර් රථ කම්කරුවෝ' (යූඒඩබ්ලිව්) හි සභාපති ධූරය සඳහා සමාජවාදී අපේක්ෂකයෙකු වන විල් ලේමන් ඡන්ද 4,777 ක් හෙවත්, ගනන් කරන ලද ඡන්ද 103,495 න් සියයට 5 කට ආසන්න ප්‍රමානයක් ලබා ගත්තේය.

එක්සත් ජනපදය පුරා සාමාන්‍ය කම්කරුවන් තුලින් ලේමන්ට ලැබුනු පුලුල් සහයෝගය, ඇමරිකානු කම්කරු පන්තියේ වේගයෙන් වර්ධනය වන දේශපාලන රැඩිකලීකරනය පිලිබිඹු කරයි. එක්සත් ජනපදයේ කම්කරුවන් සමාජවාදයට නොසැලෙන ලෙස සතුරු ය යන මිථ්‍යාව ඡන්ද ප්‍රතිඵල විසින් පුපුරවා හරී.

විල් ලේමන් සමාජවාදියෙකු, ජාත්‍යන්තරවාදියෙකු සහ ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ ආධාරකරුවෙකු ලෙස තරඟ කලේය. සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රතිපත්තිවලට ඔහුගේ සහයෝගය රහසක් නොවේ. සංගත ගැති යූඒඩබ්ලිව් නිලධරය විසුරුවා හැරීම සහ අහෝසි කිරීම සහ සාමාන්‍ය කම්කරුවන්ට බලය පැවරීම සඳහා ඔහු කැඳවුම් කලේය. ලේමන්, ධනේශ්වර පද්ධතියට තම විරුද්ධත්වය පැහැදිලි ලෙස ප්‍රකාශ කල අතර මෝටර් රථ කර්මාන්තයේ පුද්ගලික සංගත හිමිකාරිත්වය අවසන් කරන ලෙස බල කර සිටියේය.

මෝටර් රථ කම්කරුවන් පරාරෝපනය කරනවා වෙනුවට, ලේමන්ගේ දේශපාලන විශ්වාසයන් සහ සටන්කාමීත්වය එක්සත් ජනපදය පුරා යූඒඩබ්ලිව් ලෝකල් (ශාඛා) තුලින් ඔහුට පුලුල් සහයෝගයක් ලබා දුන්නේය. සාමාන්‍යයෙන්, දක්ෂිනාංශික කම්කරුවන් සිටින ප්‍රදේශ ලෙස කියාපාන—කෙන්ටකි, ටෙනසි, ඔහියෝ, අයෝවා, මිසූරි සහ අනෙකුත් ප්‍රාන්තවල—කම්හල්වල ඔහු සියයට 4 ත් 8 ත් අතර ඡන්ද ප්‍රමානයක් දිනා ගත්තේය. සභාපති ධූර අපේක්ෂකයින් පස් දෙනාගෙන් එක් අයෙකු වන ලේමන්, අවම වශයෙන් සියයට 10 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් කම්හල් සැලකිය යුතු සංඛ්‍යාවක් පවතී.

පෙන්සිල්වේනියාහි තමා සේවය කරන කම්හලේ දී, ලේමන් සියයට 20 කට ආසන්න ඡන්ද ප්‍රමානයක් ලබා ගත්තේය.

ලේමන්ට ලැබුනු ඡන්ද 4,777 ඔහුගේ අපේක්ෂකත්වය සඳහා වන සහයෝගය පිලිබඳ පූර්න හා නිවැරදි මිනුමක් නොවේ. සියලු ඡන්ද පත්‍රිකාවල අවසාන ගනන් කිරීම මත පදනම්ව, යූඒඩබ්ලිව් නිලධරය දැවැන්ත ඡන්ද මර්දන මෙහෙයුමකින් මැතිවරනය දූෂනය කර ඇති බව හොඳින්ම පැහැදිලිය.

ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ, මැතිවරනයට සහභාගී වීමට සුදුසුකම් ඇති යූඒඩබ්ලිව් සාමාජිකයින්ගෙන් සියයට 10 කට වඩා අඩු පිරිසකි. යූඒඩබ්ලිව් අධීක්ෂක (UAW Monitor) ගේ සංඛ්‍යාලේඛනවලට අනුව මිලියනයකට වඩා වැඩි මුලු සාමාජික සංඛ්‍යාවෙන් යන්තම් ඡන්ද 100,000 ක් ලැබී ගනන් කර ඇත. නිලධරය සහ එහි ක්ෂමාලාපකයින් පවසන පරිදි, අඩුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම කම්කරුවන්ගේ 'උදාසීනකම' නිසා නොව, යූඒඩබ්ලිව් සාමාජිකයින්ගෙන් සැලකිය යුතු කොටසක් මැතිවරනයක් පැවැත්වෙන බව නොදැන සිටීම නිසාය. යූඒඩබ්ලිව් සාමාජිකයින්ගෙන් දහස් ගනනකට, ඇතැම් විට ලක්ෂ ගනනකට ඡන්ද පත්‍රිකාවක් ලබා දී නැත.

ඡන්දය ප්‍රකාශ කිරීම මැඩපැවැත්වීම පිලිබඳ වඩාත්ම සුපැහැදිලි නිරූපනය වෙස්ට් කෝස්ට්හි අධ්‍යයන කම්කරුවන් සඳහා වාර්තා ගත ඡන්ද එකතුවෙන් පෙන්නුම් කෙරේ:

● කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුල, යූඒඩබ්ලිව් ලෝකල් 4123 හි සාමාජිකයන් 11,000 ක් අතරින් ආපසුපැමිනියේඡන්දපත්‍රිකා 29 ක්පමනි. මෙයින්අදහස්කරන්නේලෝකල් 4123 හිසාමාජිකත්වයෙන්සියයට 0.26 ක්පමනක්ඡන්දයප්‍රකාශකරඇතිබවයි.

● සාමාජිකයින් 9,000 ක් සිටින වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ලෝකල් 4121 හි ඡන්ද 72 ක් පමනක් ගනන් කරන ලදී, එයසියයට 0.8 කඡන්දයප්‍රකාශකිරීමකි.

● කැලිෆෝනියා විශ්ව විද්‍යාල පද්ධතිය තුල, ලෝකල් 5810 න් ඡන්ද පත්‍රිකා 328 ක් සහ ලෝකල් 2865 න් 921 ක් ලැබුනි. කැලිෆෝනියා විශ්ව විද්‍යාල පද්ධතිය හරහා දැනට යූඒඩබ්ලිව් සාමාජිකයින් 48,000 ක් සහභාගී වන වැඩ වර්ජනය එහි හතරවැනි සතියට අවතීර්න වෙමින් තිබේ, එනම්සියයට 3 කටවඩාඅඩුඡන්දයප්‍රකාශකිරීමකි. නිර්භීත හා ආත්ම-පරිත්‍යාගශීලී වැඩ වර්ජනයක් මධ්‍යයේ දහස් සංඛ්‍යාත කම්කරුවන් “උදාසීනකම” නිසා ඡන්දය නොදුන් බව පහසුවෙන් විශ්වාස කල නොහැකිය.

වෙනත් තැන්වල යූඒඩබ්ලිව් ලෝකල් සියගනනක් පුරා, ඡන්දය ප්‍රකාශ කිරීම ද සියයට 10 ට වඩා අඩු විය. එවැනි කොන්දේසි යටතේ, පිලිගත හැකි එකම නිගමනය නම්, සොලිඩරිටි හවුස් නිලධරය හිතාමතාම ඡන්දය යටපත් කරමින්, නීත්‍යානුකූල මැතිවරනයකට සහභාගී වීම සඳහා සාමාන්‍ය කම්කරුවන්ට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කර ඇති බවයි.

කම්කරුවන් අතර වැඩෙන සටන්කාමී මනෝභාවය ගැන බියෙන් හා බලයේ එල්ලී සිටීමට මංමුලා සහගතව සිටින දූෂිත වෘත්තීය සමිති යාන්ත්‍රනය, හැකිතාක් දුරට කම්කරුවන් මැතිවරනය ගැන අඳුරේ තැබීමට ක්‍රියා කලේය. නිලධාරි තන්ත‍්‍රය—සහ ඊට පිටුපසින් බලගතු සංගත සහ දේශපාලන අවශ්‍යතා—බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ හිතවත් අපේක්ෂකයන් වන වත්මන් සභාපති රේ කරි සහ සොලිඩරිටි හවුස් යාන්ත්‍රනයේ දිගුකාලීන සාමාජිකයෙකු වන යූඒඩබ්ලිව් ජාත්‍යන්තර නියෝජිත ෂෝන් ෆේන් අතරට තරඟය සීමා කිරීමටය.

එහෙත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් කිසිවෙකුට සැලකිය යුතු සහයෝගයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, එක් අයෙකුට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 40,000 ට අඩු ප්‍රමානයක් හෙවත්, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති මුලු සාමාජිකත්වයෙන් සියයට 4 කට වඩා අඩු ප්‍රමානයකි.

සොලිඩරිටි හවුස්හි අපේක්ෂකයින් දෙදෙනා වන රේ කරි සහ ෂෝන් ෆේන් සඳහා සැබෑ සහයෝගය ගනනය කිරීමේදී, යූඒඩබ්ලිව්හි සේවයේ නියුතු දහස් ගනනක් නිලධරයන් විසින් ඔවුන්ගේ ඡන්දයෙන් සැලකිය යුතු කොටසක් ලබා දුන් බව සටහන් කල යුතුය. සොලිඩරිටි හවුස්හි මෙම වරප්‍රසාද ලත් ස්ථරයේ සාමාජිකයින්ට ඡන්ද පත්‍රිකා ලැබීම සහ ප්‍රකාශ කිරීම සහතික කිරීම සඳහා ලුයිස් (LUIS) ලෙස හැඳින්වෙන අභ්‍යන්තර සන්නිවේදන පද්ධතියක් භාවිතා කලේය.

මැතිවරනය පුරාම කම්කරුවන්ගේ අයිතීන් බාධාවකින් තොරව පාගා දැමීමට නිලධාරි තන්ත‍්‍රයට විශාල වශයෙන් ඉඩ දී ඇති යූඒඩබ්ලිව් අධීක්ෂක, කරි සහ ෆේන් ජනවාරි මාසයේ දී දෙවන තරඟයකට සහභාගී වන බව පවසා තිබේ. නමුත් අපේක්ෂකයන් දෙදෙනෙකු අතර පමනක් පවත්වන එවැනි තරඟයක් කිසිසේත්ම නීත්‍යානුකූල නොවේ.

ඉරිදා නිකුත් කරන ලද ප්‍රකාශයක, මෑත කාලීන යූඒඩබ්ලිව් ව්‍යවස්ථා සම්මුතියට අනුව නම් කරන ලද අපේක්ෂකයින් පස් දෙනාටම දෙවන වටයේ ඡන්ද විමසීමට සහභාගී වීමට ඉඩ දෙන ලෙස විල් ලේමන් ඉල්ලා සිටියේය. 'මෙම සන්දර්භය තුල, කරි සහ ෆේන් අතර 'තව දුරටත් තරඟ කිරීමක්' පිලිබඳ සංකල්පය පිලිගැනීම කම්කරුවන්ගේ අයිතීන් සමච්චලයට ලක් කිරීමක් වනු ඇත' යි ලෙමන් පැවසීය. 'මේ නිසා තමයි මම ඉල්ලා සිටින්නේ සියලුම අපේක්ෂකයන් දෙවැනි වටයේ ඡන්දයට ඉදිරිපත් විය යුතු බව. කෙසේ වෙතත් මේ වතාවේ දී, එයට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි, මැතිවරනය පිලිබඳව සමස්ත සාමාජිකත්වය දැනුවත් කල යුතුයි.”

ලේමන්ගේ උද්ඝෝෂනය මගින් සොලිඩරිටි හවුස්හි දෙවන වටයේ මැතිවරනය කරි සහ ෆේන් වෙත සීමා කිරීමේ සැලසුම් වලට විරුද්ධත්වය බලමුලු ගන්වනු ඇත. වෘත්තීය සමිති සාමාජිකයින්ගෙන් සියයට 90 ක් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීමෙන් වලක්වා ඇති යූඒඩබ්ලිව්, අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින් තිදෙනා—විල් ලේමන්, බ්‍රයන් කෙලර් සහ මාර්ක් ගිබ්සන්—අවසන් මැතිවරනයෙන් ඉවත් කිරීමට සැලසුම් කරයි.

ඡන්ද ගනන් කිරීමට පෙර යූඒඩබ්ලිව් සහ යූඒඩබ්ලිව් අධීක්ෂකට එරෙහිව ලීමන් විසින් ගොනු කරන ලද නඩුව, සුලු පිරිසක් පමනක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් සනාථ කෙරෙයි. මෙම නඩුවේදී, ලේමන් ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාවන් දින 30 කින් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටි අතර සියලුම යූඒඩබ්ලිව් සාමාජිකයින් මැතිවරනය පිලිබඳව දැනුවත් කිරීම සහතික කිරීම සඳහා සැබෑ ක්‍රියාමාර්ග ඉල්ලා සිටියේය.

යූඒඩබ්ලිව් යාන්ත‍්‍රනය සහ අධීක්ෂක මෙන්ම බයිඩන් පරිපාලනයේ කම්කරු දෙපාර්තමේන්තුව යන මේ සියල්ලෝම ලේමන්ගේ නඩුවට එරෙහිව පෙල ගැසී සිටියහ. කම්කරුවන්ට ඡන්ද අයිතිය අහිමි කර ඇති බවට වූ ලේමන්ගේ ප්‍රකාශයන්ට ප්‍රමානවත් ලෙස පිලිතුරු දීමට ඔවුන්ට නොහැකි වූ අතර, ඒ වෙනුවට, නඩුව ඇසීමට උසාවියට අධිකරන බලයක් නොමැති බවටත්, ඔහුට ඡන්ද පත්‍රිකාවක් ලැබී ඇති බැවින්, එයට 'පදනමක්' නොමැති බවටත් වූ තර්කය දක්වා ඔවුහු පසුබැස ගියහ.

මෙම නඩුව විභාග කල විනිසුරුවරයා ලේමන්ගේ තර්කවල බරපතලකම පිලිගත්තේ, 'මැතිවරන ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ සාමාජිකත්වයේ පූර්න නොවන ප්‍රතිචාරයක් වන විට, එය ඡන්දදායකයින්ගේ කැමැත්ත සැබෑ ලෙසම නියෝජනය නොවන බවට කනස්සල්ලට හේතු විය යුතු' බව ලියමිනි. කෙසේ වෙතත්, විනිසුරුවරයා යූඒඩබ්ලිව් යාන්ත‍්‍රනයේ පැත්ත ගත් අතර කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අනතුරේ හෙලා ඇතිය යන කාරනය කෙරෙහි උදාසීනත්වය ප‍්‍රකාශ කල නරුම තීන්දුවක් මගින් නඩුව නිෂ්ප්‍රභ කලේය.

සහනවලට තිත තැබීමට සහ ප්‍රතිගාමී වෘත්තීය සමිති යාන්ත්‍රනයේ ආඥාදායක ග්‍රහනය බිඳ දැමීමට උත්සාහ කරන පුලුල්‌ පදනම් සහිත කැරැල්ලක් සඳහා ලේමන්ගේ උද්ඝෝෂනය දැනටමත් හඬක් ලබා දී ඇත. එය ධනේශ්වර ගැති හා සංගත වෘත්තීය සමිතිවලින් කම්කරුවන් වෙතට බලය පැවරෙන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ වැඩ කටයුතු පුලුල් කිරීම සඳහා බලගතු ආවේගයක් සපයා ඇත.

Loading