(මෙය Sri Lankan workers require a socialist strategy to fight Wickremesinghe’s class-war policies මැයෙන් 2023 පෙබරවාරි 12දා පල වූ ලිපියේ පරිවර්තනය යි.)
තම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු විධානයන් රුදුරු ලෙස ක්‍රියාවට දමන බව පැහැදිලි කරමින්, පසුගිය බදාදා (පෙබරවාරි 8) පාර්ලිමේන්තුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ පන්ති-යුද පිලිවෙත් යලි අවධාරනය කලේ ය. වෙනත් විකල්පයක් පවතී නම් නො වලහා ප්‍රකාශ කරන ලෙස ඔහු විරුද්ධ පක්ෂවලට අභියෝග කලේ ය.
ආන්ඩුවෙන් දුරස්ථ වීමේ තැතක යෙදෙමින්, සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන ජලවේගය සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් (ශ්‍රීලපොපෙ) බිඳී ගිය අය, ජනාධිපතිගේ කතාවට පෙර ඉවත් ව ගිය හ. එම කතාවට සවන් දුන් එක ම ප්‍රමුඛ විරුද්ධ පක්ෂය වූයේ දෙමල ජාතික සන්ධානය (දෙජාස) යි.
එහෙත්, මේ පක්ෂ කිසිවකට ජාමූඅ පියවරයන් හැර වෙනත් විකල්පයක් නැත. වික්‍රමසිංහ ආන්ඩුව සමග ඔවුන්ට පවතින වෙනස්කම් මුලුමනින් ම උපායාත්මක ඒවා වේ.
“මතක තියා ගන්න, මා මෙහි සිටින්නේ ජනප්‍රිය වෙන්න නෙවෙයි...ජාතිය වෙනුවෙන් ජනප්‍රිය නො වන තීරන ගැනීමට මම සූදානම්” යැයි වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට කීවේ ය. කම්කරු පන්තිය, ගම්බද දුගීන් සහ ඔහුගේ කප්පාදු පියවරයන්ටට විරුද්ධ වන අනෙකුත් මහජනයා බිය වැද්දීමේ ඍජු උත්සාහයක යෙදුනු ඔහු, “ලංකාව තුල අරාජිකත්වයක් නිර්මානය කිරීමට කිසි කෙනෙකුට අයිතියක් නෑ...අපි සියලු දෙනා ශ්‍රී ලාංකික රාජ්‍යය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා” යි ප්‍රකාශ කලේ ය.
වික්‍රමසිංහ මෙම තර්ජන නිකුත් කරද්දී, 50,000ට අධික කම්කරුවෝ, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට විරුද්ධ ව, කොලඹ දී සහ රට පුරා විරෝධතා පවත්වමින් සිටිය හ. බලධාරීන් ඒවාට ප්‍රතිචාර දැක්වූයේ මිලිටරිය හා පොලීසිය මෙහෙයවමිනි.
කැරලි මර්දන භටකායන් හා ජල ප්‍රහාරක සමගින් සන්නද්ධ ව සිටි පොලිස් භටයන් සිය ගනනකට සහයෝගය සඳහා, විරෝධතා පැවති ප්‍රධාන ස්ථානය වූ කොලඹ කොටුව දුම්‍රිය ස්ථානය අසලට, සන්නද්ධ මිලිටරි භටකායක් දිගේලි කරනු ලැබිනි. විරෝධතා පැවැත්වූ අනෙකුත් ස්ථානවලට ද පොලීසිය යෙදවීය.
විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූ අලුතින් පැනවූ උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කිරීමයි. වික්‍රමසිංහ අවධාරනාත්මක ව ප්‍රකාශ කලේ බදු අඩු නො කරන බව යි. මෙම බදුවලින් ලැබෙන රුපියල් බිලියන 163 අහිමි කරගැනීමට ආන්ඩුව සූදානම් නැතැයි ඔහු කීවේ ය.
වික්‍රමසිංහ සිය කතාවේ දී, දැනට මත් ක්‍රියාත්මක කරමින් තිබෙන ජාමූඅ විධානයන් සාධාරනීරකනය කලා පමනක් නො ව, අනාගත ප්‍රහාර ගෙනහැර දැක්වීම ද කලේ ය. 2022 දී දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 10ක් වූ අයවැය හිඟය මේ වසරේ දී සියයට 4 දක්වා අඩු කිරීම සහ 2025 වන විට ජංගම ගිනුම තුලින් වාර්තාගත අතිරික්තයක් වාර්තා කිරීම මෙම විධානයන්ට ඇතුලත් ය.
දුගීන්ට ගෙවන සහනාධාර හා සුභසාධන වැඩසටහන් රුදුරු ලෙස කැපීම, රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයකට අධික ප්‍රමානයක් අහෝසි කිරීම, රජයට අයත් විවිධාකාර ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම, ආදායම් බදු ඉහල දැමීම සහ භාන්ඩ හා සේවා මත එකතු කල අගය මත බද්ද වැඩි කිරීම ආදිය හරහා මෙම ඉලක්කයන් ලඟා කරගනු ඇත.
පසුගිය ජූලි මාසයේ තමන් තනතුර භාරගන්නා විට, පාසල් වසා දමා, විභාග පැවැත්විය නො හැකි ව, පොහොර නොමැති කම හේතුවෙන් කෘෂි හා වතු කර්මාන්තයන් කඩා වැටී, සංචාරක කර්මාන්තය ඛාදනය වී තිබුනු බව වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට සඳහන් කලේ ය. පැය 12ක පමන දෛනික විදුලි කප්පාදුවලට රට මුහුන දුන් බවත්, ගෑස් හා තෙල් අතිශයින් හිඟ වූ බවත් ඔහු තව දුරටත් කීවේ ය.
ඔහුගේ ආන්ඩුව ගත් පියවරයන් “බර ක්‍රමයෙන් අඩු” කොට, “ආර්ථික ස්ථාවරත්වය” ස්ථාපිත කල බව ඔහු අවධාරනය කලේ ය. මෙම කියාපෑම් මුලුමනින් ම ව්‍යාජයන ය. ලංකාවේ වේවා, සත්‍ය වසයෙන් ම ජාත්‍යන්තර ව වේවා, කොතැනක වත් “ආර්ථික ස්ථාවරත්වයක්” නැත.
තමන්ගේ ආන්ඩුවේ එක් ජයග්‍රහනයක් වන්නේ, මේ වනවිට ඩොලර් මිලියන 500ක විදෙස් සංචිත ඉතිරි කරගැනීමට හැකිවීම බව වික්‍රමසිංහ කියාපෑවේ ය. එහෙත්, මෙම මුදල් “ඉතිරි කරගන්නා” ලද්දේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා වෛද්‍ය සැපයුම් ඇතුලු ආනයන කපා හරිමින් සහ විශේෂයෙන් ම මැද පෙරදිග ඇතුලු විදෙස් රටවල ඩාදිය වගුරන කම්කරුවන්ගේ ප්‍රේෂන පුම්බා ගැනීමෙනි.
“බර සැහැල්ලු කිරීම” වෙනුවට ආන්ඩුව කර ඇත්තේ. ජනවාරියේ දී සියයට 54ක් වූ නිල උද්ධමනය සහ සියයට 60ක් වූ ආහාර උද්ධමනය සමගින්, මිලියන ගනන් ජනයාගේ ජීවන කොන්දේසි රුදුරු ලෙස තවතවත් නරක අතට හැරවීම යි. දසදහස් ගනනක් හාමතට හෝ හාමතට ආසන්න තත්ත්වයට අද වැටී සිටිති.
ලෝක ආහාර වැඩසටහන දෙසැම්බරය සඳහා නිකුත් කල සංඛ්‍යා ලේඛන තුල මෙම සමාජ ව්‍යසනය හෙලිදරවු කර ඇත: වතු ප්‍රදේශවල නිවහන්වලින් සියයට 38ක්, ගම්බද ප්‍රදේශවල සියයට 34ක් සහ නාගරික ප්‍රදේශවල සියයට 28ක් ආහාර අනාරක්ෂතිතතාවෙන් පෙලෙති. ලංකාවේ නිවහන්වලින් සියයට 30කට ආහාර ප්‍රමානවත් නො වන අතර, සියයට 43ක් පරිභෝජනය කරන්නේ සීමිත ආහාර ප්‍රමානයකි. .
ලංකාව ලෝකයේ ඉහල ම ලමා මන්දපෝෂන අනුපාතයන් සහිත රටවල් දහයෙන් එකකි. මෙම යථාර්ථය මුලුමනින් ම නො තකන වික්‍රමසිංහ, මහජනයා “ඔවුන්ගේ ජීවන විලාසිතාව වෙනස් කරගත යුතුයි' යනුවෙන් අනවා සිටියේය.
2008 ග්‍රීසියේ ආර්ථික කඩාවැටීම ගැන වික්‍රමසිංහ සඳහන් කලේ ය. “ලංකාවේ වැනි බරපතල ආර්ථික අර්බුදයක සිටි ග්‍රීසිය බංකොලොත් භාවය ප්‍රකාශ කලා. එම අර්බුදය ජයගැනීම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 50කින් අඩු කලා...එම බංකොලොත්භාවයෙන් මිදී නය ආපසු ගෙවීමට වසර 13ක් ගත වුනා” යි ඔහු කීවේ ය.
ග්‍රීසිය ගැන වික්‍රමසිංහ කල සඳහන් කිරීම ආන්ඩුවේ න්‍යාය පත්‍රයෙහි ඊලඟට පැමිනෙන්නේ කවකරක්දැයි ඉඟි කරයි: එනම්, රාජ්‍ය සේවයේ මහා පරිමාන රැකියා විනාශයක් සමගින් වැටුප් හා විශ්‍රාම වැටුප් තියුනු ලෙස කපා දැමීම යි. ජාමූඅ හා යුරෝපා සංගමය විසින් නියෝග කරන ලද ග්‍රීක කම්කරු පන්තියට එරෙහි සමාජ ප්‍රහාර ක්‍රියාත්මක කලේ, වෘත්තීය සමිතිවල පිටුබලය ලත් ව්‍යාජ-වාම සිරිසා ආන්ඩුවයි.
ග්‍රීසිය තුල තවමත් මහා පරිමානයෙන් පවතින මහජන දරිද්‍රතාව, තරුන විරැකියාව හා උද්ධමනය ගැන සඳහන් නොකිරීමට වගබලාගත් වික්‍රමසිංහ, ඔහුගේ ආන්ඩුව සමග අත්වැල් බැඳගෙන ජාමූඅ පියවරයන් පටවන ලෙස සියලු පාර්ලිමේන්තු පක්ෂ, වෘත්තීය සමිති හා අනෙකුත් සංවිධානවලට ආයාචනා කලේය.
පසුගිය වසරේ දී රජයට අයත් ව්‍යවසායයන් රුපියල් බිලියන 800ක අලාභයක් විඳි බව කියමින් ඒවා ආර්ථික ප්‍රතිසංස්කරනයට බඳුන් කරන ලෙස වික්‍රමසිංහ කියා සිටියේය. මෙම ආයතන පුද්ගලීකරනය කිරීම, “මහජනයා දරන” බර සැහැල්ලු කරනු ඇතැයි ඔහු කීවේ ය. සත්‍ය වසයෙන් ම සිදු වනු ඇත්තේ, විරැකියා හමුදාවට හා දරිද්‍රතාවට තවත් එකතු කරමින්, කම්කරුවන් දහස් ගනනක් සේවයෙන් නෙරපනු ඇත්තා වූ දේශීය හා විදේශීය ලාභ-පිපාසිත ආයෝජකයන් වෙත මෙම ව්‍යවසායයන් තුට්ටු දෙකට විකුනා දැමීම යි.
සියලු දේශපාලන පක්ෂ ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා නිවේදනය කලේ ය. මෙය වනාහි, විශේෂයෙන් ම කම්කරු-පන්තික පක්ෂ හා සංවිධාන ඇතුලු ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව, ඍජු රාජ්‍ය මැදිහත් වීම සඳහා වන දේශපාලන උපකරනයකි. සයිබර් අවකාශය ඇතුලු මාධ්‍ය කර්මාන්තය සඳහා ද “ස්වයං-පාලිත” පද්ධතියක් හරහා රාජ්‍ය මැදිහත් වීමක් කරන බව ඔහු කීවේ ය.
ලංකාවේ පලාත් සභා ගැන සඳහන් කල වික්‍රමසිංහ, “ඒකීය රාජ්‍යයක් ඇතුලත බලය විමධ්‍යගත කිරීමට අපි අපේක්ෂා කරනවා” යි කීවේ, 13වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ඉඟි කරමිනි. මෙම සංශෝධනය යටතේ, උතුරු හා නැගෙනහිර පලාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල සහිතව කොලඹ ආන්ඩුව සමග බලය බෙදාගැනීමේ සැලසුමක් ඇති කර ගැනීම දෙමල පක්ෂවලට අවශ්‍ය ය.
ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු සහ සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම්, මෙය බෙදුම්වාදී අභිප්‍රායයන් සඳහා යොදාගනු ඇතැයි කියමින්, මෙම බලය ප්‍රදානය කිරීම්වලට විරුද්ධ වී ඇත.
විශේෂයෙන් ම දෙජාස ඇතුලු දෙමල පක්ෂ සමග, වික්‍රමසිංහ සර්ව-පාක්ෂික සමුලු තුල හා වෙන ම සාකච්ඡා පවත්වා තිබේ. මෙම සාකච්ඡා වනාහි, ඔහුගේ හෙලෙත්තාඩු ආන්ඩුවට මුක්කු ගසා ගැනීමටත්, කප්පාදු පියවරයන් තල්ලු කරගැනීමටත්, දෙමල ඉහල මධ්‍යම-පන්තික කන්ඩායම් ඇතුලු දෙමල ධනේශ්වරය සමග ගනුදෙනුවක් පුරුද්දා ගැනීමේ උත්සාහයකි. මෙම බලය බෙදාගැනීමේ සැලසුම් සහ දෙමල කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම අතර කිසිදු සම්බන්ධයක් නැත.
ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රතිපත්ති කතාව කරද්දී, පාර්ලිමේන්තුව අසලට රැස්වුනු බෞද්ධ භික්ෂූන් සිය ගනනක් 13වැනි සංශෝධනය පුලුස්සා දැමූ හ. විවිධ බෞද්ධ නිකායයන්වල ප්‍රධාන භික්ෂූහු කලින් ම ඔවුන්ගේ විරුද්ධත්වය පලකල හ.
1948 පටන්, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා, දෙමල-විරෝධී වෙනස්කම් කිරීම් යොදාගැනීමේ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවට ඇත. එම පාලක ප්‍රභූව, 1983 දී, වසර 26ක් ඇදී ගිය වාර්ගික යුද්ධයක් ඇවිලවූ අතර, එහි දී දෙමල වැසියන් ලක්ෂ ගනනක් මරා දමන අතර කම්කරු-පන්තික අරගල මර්දනය කිරීමට ද යුද්ධය යොදා ගත්තේය.
සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධ ව හා වාර්ගික රේඛා කපාගෙන කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් කිරීම පිනිස, සිංහල ස්වෝත්තමවාදය හා දෙමල ප්‍රජාගනවාදය ඇවිලවීමට ස්වෝත්තමවාදී කන්ඩායම් දරන ප්‍රයත්නයන්ට විරුද්ධ වන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි.
සජබ හා ජවිපෙ වැනි විරුද්ධ පක්ෂ, ආන්ඩුවට එරෙහි ව වර්ධනය වන මහජන කෝපය ගසාකමින් බලයට ඒමට උත්සාහ කරමින් සිටින නමුත්, එම පක්ෂ ද මුලුමනින් ම කැපවී සිටින්නේ ජාමූඅ පිලිවෙත් ක්‍රියාව දැමීමටයි.
ඒ අතර ම, කම්කරුවන්ගේ නැගී එන වැඩ වර්ජන හා විරෝධතා රැල්ල සීමා කිරීම පිනිසත්, පාලක ප්‍රභූව හා ධනපති ක්‍රමය සමග ඍජු දේශපාලන ගැටුමක් වැලැක්වීමටත්, වෘත්තීය සමිති තමන්ට හැකි සියල්ල කරමින් සිටිති.
තම සමාජ අයිතීන් සඳහා සටන් වැදීමට, වෘත්තීය සමිති හා සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට කම්කරුවන් පියවර ගත යුතු ය.
ජාමූඅ විෂඝෝර කප්පාදු විධානයන්ට විරුද්ධ ව, සියලු වැඩකරන ජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීම සඳහා, සසප පිලිවෙත් මාලාවක් ඉදිරිපත් කර ඇත. ඒවාට පහත දක්වෙන ඉල්ලීම් ඇතුලත් වෙයි:
* සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරු-පන්තික පාලනය යටතට පත් කරනු:
* බැංකු, ප්‍රධාන සංගත හා වතු ප්‍රජාතන්ත්‍රවාදී මහජන පාලනය යටතේ ජනසතු කරනු:
* බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අල්ලා ගනු, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු:
* ඒකාධිපති විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු, අත්‍යවශ්‍ය සේවා හා ත්‍රස්තවාද-විරෝධී නීති ඇතුලු සියලු මර්දනීය නීති අහෝසි කරනු, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු:
මෙම අරගලයේ දී, ලංකාවේ කම්කරු පන්තියේ සගයා වන්නේ, රටක් රටක් පාසා නැගෙන උද්ධමනයට සහ රැකියා හා වැටුප් කප්පාදුවට එරෙහි සටන් කරන ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. අඛන්ඩ ව පවතින කොරෝනා වෛරස් වසංගතය ද එක්සත් ජනපදය හා නැටෝව යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධය ද සමගින් ආර්ථික අර්බුදය ගැඹුරු වෙද්දී මෙම අරගල තීව්‍ර වෙමින් පවතී.
වික්‍රමසිංහ ආන්ඩුවට හා ඕනෑ ම අනාගත ධනපති ආන්ඩුවකට විරුද්ධ ව, සියලු සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන ඒකාබද්ධ අරගලයක් පිලිබඳ ව සාකච්ඡා කර ආරම්භ කිරීමේ උපකරනය ලෙස, ක්‍රියාකාරී කමිටු විසින් තෝරා පත් කරගන්නා නියෝජිතයන් මත පදනම් වන, “කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්” සඳහා සසප කැඳවුම් කරයි. එවැනි අරගලයක්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයෙහි කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පදනම දමනු ඇත.
කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවට, නුවරඑලිය මධ්‍යම වතු දිස්ත්‍රික්කයේ මස්කෙලිය ප්‍රාදේශීය සභාවට සහ යාපනය දිස්ත්‍රික්කයේ කාරෙයිනගර් ප්‍රාදේශීය සභාවට පලාත් පාලන මැතිවරනයේ දී සසප අපේක්ෂයන් ඉදිරිපත් කරයි. කම්කරුවන්, දුගීන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, අපේ අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙස හා අපේ පක්ෂයට බැඳෙන ලෙස යි.