පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර ගම්මානයක පිහිටි පාසලක සේවයේ නියුතු ගුරුවරයෙක් ලංකාවේ පාසල් අධ්‍යාපනයේ මේ වන විට සිදු වෙමින් පවතින බරපතල ඛාදනය පිලිබඳ සිය අත්දැකීම් ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරි කමිටුවේ නියෝජිතයෙකු සමග සාකච්ඡා කලේ ය.
ඔහුගේ පාසලේ ප්‍රාථමික අංශයේ සිට උසස් පෙල දක්වා පන්ති පැවැත්වෙන අකර පාසලේ මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 9,00 ක් පමන වේ. උසස්පෙලට ඇත්තේ කලා හා වානිජ විෂය ධාරාවන් පමනි. අහස උසට නැග ඇති ජීවන වියදමේ කොටසක් ලෙස පාසල් පොත්, බෑග්, සපත්තු, රෙදිපිලි ආදියේ මිල ගනන් දැරිය නො හැකි මට්ටමට ඉහල යෑම හේතුවෙන් දරුවන් පාසල් අධ්‍යාපනය අතහැරීම වේගවත් වී ඇති බවත්, දුෂ්කර ජීවන හා රැකියා කොන්දේසි හේතුවෙන් ගුරුවරුන් වෙනත් රැකියා සොයා යෑමේ තත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු ආරම්භයේදීම පෙන්වා දුන්නේ ය.
“මේ වන විට උසස් පෙල පන්තිවල පිරිමි ලමයි ඉන්නේ දෙන්නයි. 8 ශ්‍රේනිය වගේ වෙනකොට ගොඩක් පිරිමි ලමයි ධීවර රස්සාවට යනවා. ආර්ථික අර්බුදයත් එක්ක තත්වය කලින්ටත් වඩා නරක අතට හැරිලා. බස් ගාස්තු ගෙවා ගන්න බැරුව, ආහාර නැතුව පාසල් නො එන ලමයිගේ සංඛ්‍යාව දැන් වැඩිවෙලා“ යයි ගුරුවරයා ප්‍රකාශ කලේ ය.
ආහාර උද්ධමනය අතින් ලංකාව ලොව පලමු රටවල් දහය අතරට පත්වූ තත්වය තුල, පාසල් ලමුන් සඳහා පසුගිය වසරේ 'දිවා ආහාර වැඩපිලිවෙලක් දියත් කල බවට ආන්ඩුව පම්පෝරි ගැසුවත්', එම වැඩසටහන තම පාසල තුල ක්‍රියාත්මක වූයේ නැති බව ඔහු පැවසීය. ප්‍රතිපාදන සම්පාදනය නොවීම හේතුවෙන් එම වැඩසටහන අඩපන වී ඇති බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කල ප්‍රවෘත්තියක් මේ මස මුල ද මෝනින් වාර්තා කලේ ය.
ප්‍රාථමික අංශයේ දරුවන්ගේ සාක්ෂරතාවය සැලකිය යුතු ලෙස පහල ගොස් ඇති බවත් ඒ තත්වය ජය ගැනීම පාසලේ ගුරු මන්ඩලයට අභියෝගයක් වී ඇති බවත් ඔහු කීවේය.
පාසලේ ගුරුවරු මුහුන දෙන දුෂ්කර තත්වයත් ගුරුවරයා මෙසේ විස්තර කලේ ය. 'ගනිතය වැනි විෂයන්වලට ගුරුවරු ප්‍රමානවත් නෑ. පාසලේ සමස්ත ගුරු මන්ඩලය 30 කි. වෙනත් විෂයන් උගන්වන ගුරුවරු දැන් ගනිතය විෂය උගන්නනවා. ගුරු හිගය හේතුවෙන් බලපෑමට ලක්වන පන්තිවලට ඉගැන්වීමට අනෙක් ගුරුවරු සවස් කාලයේ පන්ති පවත්වමින් වෙහෙසෙනවා. නමුත් අසරන දෙමාපියෝ කල්පනා කරන්නේ වැඩි දුරටත් අධ්‍යාපනය හැදෑරීමෙන් ඇති ප්‍රයෝජනය මොකක් ද කියල.“
පුත්තලම දිස්ත්‍රික්කයට අයත්, පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව, ආනමඩුව, මදුරන්කුලිය සහ ආරච්චිකට්ටුව වැනි ප්‍රදේශවල ජනයා ජීවත් වන්නේ අති දුෂ්කර ජීවන කොන්දේසි යටතේ බවත්, ඒ හේතුවෙන් එම ප්‍රදේශවලින් උසස් අධ්‍යාපනය හදාරා ගුරු වෘත්තියට හෝ වෙනත් රජයේ රැකියාවකට යොමු වන්නේ අතලොස්සක් බව ඔහු පෙන්වා දුන්නේය.
'නිසි ප්‍රවාහන පහසුකම් නැති මේ ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන් බොහොමයක්, සෑහෙන දුරක් ගෙවාගෙන වැඩට එන්නෙ. 'දුෂ්කර සේවා' කාලය වසර 5ට සිමා වුනත්, නව බඳවා ගැනීම් සීමා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට 'දුෂ්කර සේවා' කාලය වසර ගනන් දීර්ඝ වෙමින් තියෙනවා. දුෂ්කර දීමනාව කියල දෙන්නෙ රුපියල් 1,500 ක සොච්චමක්' යැයි ඔහු තවදුරටත් කීවේය.
ඔහුගේ පාසලේ ආචාර්ය මන්ඩලයේ බහුතරයක් කිලෝමීටර් 80 ට වැඩි දුරක් ගෙවා රැකියාවට පැමිනෙති. ඉන් කිහිප දෙනෙක් ගම්පහ සහ කුරුනෑගල දිස්ත්‍රික්කවලට පදිංචිකරුවන් ය. “පාසලේ විවාහක තරුන ගුරුවරියන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් කිලෝමීටර් 100, 145 වගේ දුර ඉඳන් එන්නෙ. දෙන්නාගෙම පලමු පත්වීම. නව බඳවා ගැනීම් නැති නිසා මාරු වෙන්න බෑ. ඒ දෙදෙනා රැකියාව අතහරින මට්ටමේ ඉන්නේ. බහුතරයක් ගුරුවරු තෘප්තියකින් නෙමේ රැකියාව කරන්නේ“ යයි ගුරුවරයා කියා සිටියේ ය.
දුර සිට පැමිනෙන ඉහත ගුරුවරියන් දෙදෙනාට තම යාම්-ඊම් සහ අනෙකුත් වියදම් සඳහා දිනකට රු 1500 ක් පමන වැයවෙන බවත්, රුපියල් 53,000 ක් පමන වන ඔවුන්ගේ මාසික වැටුපෙන් ඉතිරි වන්නේ සොච්චමක් බවත් සඳහන් කල ඔහු මෙසේ පැවසීය: 'ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳල එන කෙනා උදේ 2 ට අවදි වෙන්න ඕන. ගෙදර යනකොට රෑ 7 පහු වෙනව. නිදා ගන්න තියෙන්නෙ පැය 3 ක් විතරයි'.
පාසලේ පිරිමි ගුරුවරුන් සිටින්නේ තිදෙනෙක් පමනක් බවත්, අඩු වැටුප් හා අධික වියදම් හේතුවෙන් ඔවුන් ද රැකියාව අතහැර විදේශ ගත වීමට උත්සාහ කරන බවත් ඔහු කියා සිටියේ ය. “මමත් වෙනත් පාසලක ගුරුවරු කිහිප දෙනෙකුත් දැන් කොරියන් භාෂා විභාගය සඳහා සූදානම් වෙනවා. ඒ රටවලත් දවසකට පැය 12ටත් වැඩිය වැඩ කරන්න ඕනලු. නමුත් කීයක් හරි හොයා ගන්න පුලුවන් වෙයි කියලා රට යන්නයි හිතා ගත්තේ“.
විවාහක එක් දරු පියෙක් වන ගුරුවරයාගේ වැටුප රුපියල් 53,000 කි. නය වාරික කැපී ගිය පසු ඔහුගේ අතට ලැබෙන්නේ රුපියල් 25,000 ක් තරම් සුලු මුදලකි. “ගුරු සංගම් අපි මේ මුහුන දෙන බරපතල ප්‍රශ්න යට ගහලයි තියෙන්නේ. 2020 දී අපේ වැටුප් වසර 24 ට පස්සේ වැඩි කලේ ගුරුවරු ඉල්ලපු මුදලින් තුනෙන් එකකිනුයි. වෘත්තිය සමිති ඒක ජයග්‍රහනයක් කිව්වට පසුගිය වසර දෙකේ උද්ධමනය වැඩි වෙලා තියෙනවා ඒ වගේ කිහිප ගුනයකින්“ යනුවෙන් ගුරුවරයා ප්‍රකාශ කලේ ය.
දරුවන් පාසල් හැර යෑමේ ප්‍රවනතාව, වතුකරයේ, ගම්බද සහ නාගරික දිලිඳු දරුවන් අතර ද වේගයෙන් වර්ධනය වන බවත්, මෙය සමස්තයක් ලෙස රටපුරා වර්ධනය වන බරපතල තත්වයක් බවත්, ඔහු සමග සාකච්ඡා කල ක්‍රියාකාරී කමිටු නියෝජිතයා පෙන්වා දුන්නේය.
තම පන්තිවල ලමයි සැලකිය යුතු ප්‍රමානයක් නිති පතා පාසල් නොපැමිනෙන බවත්, සමහරුන් අධ්‍යාපනය අත හැර විවිධ රැකියාවලට යොමු වී ඇති බවත්, ලංකාවේ නාගරික ප්‍රදේශ කිහිපයකම ඉහල ශ්‍රේනිවල පන්ති භාර ගුරුවරුන් තම කමිටු සාමාජිකයන්ට පවසා ඇතැයි ඔහු ගුරුවරයාට කීවේය.
“කුටුම්භයන්ගේ ජීවිකාවන් මුහුන දෙන බහුවිධ අන්තරායන් නිසා“ එලඹෙන අවුරුදුවල දී ලංකාවේ දරිද්‍රතා මට්ටම සියයට 25 ටත් ඉහලින් පවතිනු ඇතැයි නවතම ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දෙයි. 4 ශ්‍රේනියේ සිසුන් පාදක කොට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාශය මෑතදී කල සමීක්ෂනයකට අනුව එම වයසේ දරුවන්ගේ සාක්ෂරතාව සියයට 6 ක් හා ගනන හැකියාවන් සියයට 7 ක් තරම් පහල මට්ටමකට ඇද වැටී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත්වල කොටසක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 කිරීමත් සමග මේ වසරේ ආරම්භයේ දී 15,000 ට ආසන්න ගුරුවරු සංඛ්‍යාවක් විශ්‍රාම ගැන්වුනි. නව ගුරු පත්වීම් ලබා දීම සඳහා පසුගිය මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ගුරු තරග විභාගය දින නියමයක් නො මැතිව කල් දමා තිබේ.
මාර්තු මාසයේ දී බඳවා ගන්නවා යයි කියු විද්‍යා පීඨ ගුරුවරු 8,000 තවම බඳවා ගෙන නොමැත. මේ වන විට රට තුල වර්ධනය වී ඇති සමස්ත ගුරු හිගය 50,000 ක් ඉක්මවා ඇත. ලංකාවේ මුලු පාසල් සංඛ්‍යාව වන 10,146 න් උසස් පෙල සහිත පාසල් සංඛ්‍යාව 2952 ක් පමනි. ඒ අතරින් ද උසස් පෙල විද්‍යා විෂය ධාරාව පාසල් 1011 කට පමනක් සීමා වීම පෙන්නුම් කරන්නේ රටේ පවතින දැවැන්ත ගුරු හිගය හා අනෙකුත් භෞතික පහසුකම්වල කප්පාදුවේ පරිමාවයි.
උග්‍රවන ආර්ථික අර්බූදය ඒ තුලින් පැන නංවා ඇති දරිද්‍රතාවය, ගුරු හිගය වැනි කොන්දේසි තුලින් පාසල් වැසී යෑම ද වේගවත් වී තිබේ. පසුගිය වසර 05 තුල රජයේ පාසල් 32 ක් වැසී ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පල වේ.
කෝවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂිතව, දරුවන්ට නිවසේ සිට අන්තර් ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය පරිගනක හා අන්තර්ජාල පහසුකම් සම්පාදනය ප්‍රතික්ෂේප කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, ලොව පුරා සහචර ධනපති ආන්ඩු අනුයමින් මහ ව්‍යාපාරිකයන්ගේ ලභා උත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා ආර්ථිකය විවෘත කොට අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කලේ ය.
ලංකා ගුරු සංගමය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය වන ලංකා ගුරු සේවා සංගමය, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) අයත් ඒකාබද්ධ ගුරු සේවා සංගමය ඇතුලු ගුරු-විදුහල්පති සමිති සන්ධානය ආන්ඩුවේ මෙම සාපරාධි පිලිවෙතට පූර්න සහයෝගය ලබා දුනි.
වේගයෙන් පැතිර යන ඩෙංගු රෝගයේ සහ වර්ධනය වන කෝවිඩ් වසංගතයේ බරපතල අන්තරායට අමතරව, මී උන සහ පාචනය වැනි රෝග පැතිරීමේ අවදානමට පාසල් ප්‍රජාව දැන් මුහුන දී සිටී. රටපුරා පාසල්වල සනීපාරක්ෂක සේවා පවතින්නේ අතිශය පහල මට්ටමක ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නය ප්‍රතිවියුහගත කිරීමේ වැපිලිවෙල යටතේ උද්ධමනය සමනය වෙමින් ආර්ථිකය “ප්‍රකෘතිමත්“ වෙමින් තිබෙන බවට වික්‍රමසිංහ ආන්ඩුව හා ධනපති මාධ්‍ය සංස්ථාපිතය ගෙන යන ප්‍රචාරයට ප්‍රතිකූලව බහුතරයක් මහජනයා ඉහිලිය නොහැකි සමාජ කොන්දේසිවලට මුහුන දී සිටි. අධ්‍යාපනය සෞඛ්‍යට එරෙහිව එල්ල කරමින් යන ප්‍රහාරය ඉන් ප්‍රධාන වේ.
පසුගිය වසරේ පැන නැගි මහජන නැගිටීම, ජවිපෙ, පෙසප හා වෘත්තීය සමිති විසින් ධනපති පාර්ලිමේන්තු විපක්ෂයේ අන්තර්වාර ආන්ඩුව වැඩපිලිවෙල යටතට හරවා යවා කල පාවාදීම පිලිබඳව කල සාකච්ඡාවකින් පසු ගුරුවරයා මෙසේ ප්‍රකාශ කලේ ය. “කම්කරු පන්තියට දැනුවත් අරගලයක් වර්ධනය කිරීම සඳහා වෘත්තීය සමිතිවලින් අනෙකුත් ධනපති පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමටත්, එම කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සමාජවාදී සමානතා පක්ෂය ගෙන යන වැඩපිලිවෙල ඉදිරියට ගැනීම ඉතා වැදගත්“.