ඊශ්‍රායලය දියත් කර ඇති ජන සංහාරය නතර කරනු!

පහත ප්‍රකාශය එක්ස්/ට්විටර් සමාජ ජාලය හරහා ප්‍රථම වරට ප්‍රසිද්ධ කරන ලද්දකි. මෙය 2023 ඔක්තෝබර් 15 Stop Israeli genocide! යන මැයෙන් ලෝකසමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසියෙන් පල කෙරිනි.

නාසීවාදීන් සිදුකල අපරාධයන් හා සැසඳිය හැකි ගනයේ දැවැන්ත පරිමාන අපරාධයක් දැන් ලෝකය ඉදිරිපිට දිග හැරෙමින් පවතී. මිලියන දෙකකට අධික ජනකායක් සාගින්නටත් විජලනයටත් සැලසුම් සහගත ව ඇද දමනු ලබමින් සිටිති.

ජාත්‍යන්තර කම්කරු පන්තිය ගාසාවේ ආරක්ෂාවට පහත දැක්වෙන ඉල්ලීම් යටතේ පෙරට පැමිනිය යුතු ය:

  1. ඇමරිකානු සහ යුරෝපීය ආන්ඩු ගාසාවේ ජන සංහාරයට දක්වන සහයෝගය සහ හවුල්වීම නවත්වන ලෙස බල කරනු ලැබිය යුතු ය!‍
  2. ආහාර, ජලය, විදුලි බලය, සෞඛ්‍ය සේවා සහ සෙසු සියලු අවශ්‍යතාවන් වහා ම සම්පාදනය කරනු ලැබිය යුතු ය!
  3. ගාසා තීරය වටලා තිබීම වහාම ඉවත් කරනු!
  4. සියලු මිලිටරි ප්‍රහාර නතර කරනු!
  5. සියලුම ඊශ්‍රායල් මිලිටරි බලකායන් එකවරම විසුරුවා හරිමින් එහි සියලුම බලකායන් ගාසා දේශසීමාවෙන් ඉවත් කරගන්නා ලෙසත් බලකල යුතු ය!
Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter
Loading