ඉදිරිදර්ශන

ජනසංහාරක-විරෝධී ශිෂ්‍ය විරෝධතාවන්ට එරෙහි පොලිස් කඩාපැනීම නැවැත්වීමට කම්කරුවන් කාර්මික ක්‍රියා සංවිධානය කල යුතු යි

(මෙය Workers must prepare industrial action to halt police crackdown on student anti-genocide protests! මැයෙන් 2024 මැයි 2දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

විශ්ව විද්‍යාල තුලට කෙරෙන පොලිස්-රාජ්‍ය කඩාපැනීම අවසානයකට ගෙන ඒම සඳහා බලකරන ක්‍රියාමාර්ග ගන්නා ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස) කම්කරුවන්ට කැඳවුම් කරයි. ගාසාවේ ජනසංහාරයට එරෙහි ව ශිෂ්‍යයන් ගෙන ඇති ධෛර්යය සම්පන්න ආස්ථානයට කම්කරු පන්තියෙන් පලල් ම සහයෝගය අවශ්‍ය කරයි. නිදහස් ප්‍රකාශනයේ මූලික අයිතිය මතට එල්ල කරන ප්‍රහාරය අවසන් කිරීමට බල කෙරෙන ජාතික පරිමාන හා ජාත්‍යන්තර වැඩවර්ජනයක් තුල කුලුගැන්වෙන, විරෝධතා, මහා රැස්වීම් සහ විශ්ව විද්‍යාල විරෝධතාවලට කම්කරු නියෝජිතයින් යැවීම සංවිධානය කල යුතු ය.

ඊස්‍රායලයට-ගැති හා පලස්තීනයට හිතවත් කන්ඩායම් අතර රාත්‍රීයේ ඇති වූ ගැටුම්වලින් පසු ව, ලොස් ඇන්ජලීස් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට විරෝධතාකරුවෝ රැස් වෙති, ලොස් ඇන්ජලීස්, 2024 මැයි 1 බදාදා (ඒපී ඡායාරූප/රයන් සන්) [AP Photo/Ryan Sun]

කම්කරුවන් අත්දකිමින් සිටින්නේ, එක්සත් ජනපදය තුල මාෂල් නීතියේ ආරම්භක අවධීන් ය. යුද-විරෝධී විරෝධතාවන්ට එරෙහි ව පොලීසිය යොදා ගැනීමේ දීර්ඝ ඉතිහාසයක් පැවතුන ද එක්සත් ජනපද ආන්ඩුව විවෘත ව පිටුබලය දෙන ජනසංහාරයකට එරෙහි විරුද්ධත්වය නීති-විරෝධී කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් පූර්ව අත්දැකීමක් නැත.

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙක විසින් පාලනය කරනු ලබන පලාත් ආන්ඩු ධවල මන්දිරය සමග ඒකාබද්ධවව, සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ව, ඩ්‍රෝන හා ස්නයිපර් තුවක්කුවලින් සන්නද්ධ කැරලි මර්දන භටයන් විශ්ව විද්‍යාල තුලට යොමු කර දහස් ගනනකට පහර දී අත්අඩංගුවට ගෙන ඇත. “සාමය පුනස්ථාපනය කිරීමට” මෙය අවශ්‍ය බව ඔවුන් කියා සිටිය ද, පොලීසිය, අන්ත-දක්ෂිනාංශය සමග එක් ව ක්‍රියාත්මක වෙයි. ලොස් ඇන්ජලීස් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (යූසීඑල්ඒ) දී විරෝධතාකරුවන්ට මෙම අන්ත-දක්ෂිනාංශිකයන් ගිනි අවි හා මොට්ට ආයුධ වලින් පහරදෙනු ලැබුවේ පොලීසිය පසෙකට වී බලා සිටියදී ය. විශ්ව විද්‍යාල තුලට ජාතික ආරක්ෂක හමුදාව දිගේලි කිරීමට කරන විධානයන් මගින් පෙන්නුම් කරන්නේ, 1970 කෙන්ට් ප්‍රාන්තයේ දී ප්‍රසිද්ධියේ කල ශිෂ්‍ය සංහාරය වැනි දේ සලකා බලමින් සිටින බව යි.

පොලිස් කඩාපැනීමට දෙන ඒකමතික සහයෝගය, දේශපාලන පද්ධතිය පන්ති පාලන උපකරනයක් ලෙස ක්‍රියාත්මකවීමේ ස්වභාවය හෙලිදරව් කරයි. දුම්රිය මාර්ග කම්කරුවන් කැඳවූ ජාතික වැඩවර්ජනයක් තහනම් කිරීමට ද 2022 දී පක්ෂ දෙක ම ඔවුන්ගේ මතභේද අත්හැර දැමූ හ.

පර්යාය තුලට “දේශීය පෙරමුන” කැඳවීම, පලල් පරිමාන ව මහජන අප්‍රසදායට බඳුන් වන මිලිටරි ප්‍රහාර තීව්‍ර කිරීමකට සහ දෙවන ලෝක යුද්ධාවසානයෙන් මෙපිට දැක නැති පරිමානයේ යුද අපරාධ සිදු කිරීමට සූදානම් වීමේ දී අවශ්‍ය කරන පලමු පියවරකි. පලමු සැනින්, මෙහි අර්ථය වනුයේ, ඊස්‍රායලය විසින් රෆා නගරය අක්‍රමනය කිරීම ගාසා තීරය තුල මාස හතක් දීර්ඝ ජනසංහාරය තුල මේ දක්වා කර ඇති නරක ම අපරාධය වනු ඇති බව යි.

ගාසාව තුල ජනසංහාරය සහ ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම් වනාහි, ඉස්මතු වෙමින් පවතින ලෝක යුද්ධයක එක් පෙරමුනක් පමනි. විශ්ව විද්‍යාල තුලට කඩාපැනීම් සිදුවූයේ, ඊස්‍රායලයට පමනක් නො ව, යුක්‍රේනයෙහි මිලිටරියට මෙන් ම චීනයට එරෙහි අනාගත යුද්ධයක දී මරුවැලක් ලෙස ක්‍රියා කරනු ඇති තායිවානයට ද අරමුදල් අනුමත කිරීම සඳහා පක්ෂ දෙක ම ඡන්දය දීමත් සමග ය.

වැටුප්, විශ්‍රාම වැටුප්, සෞඛ්‍යාරක්ෂන හා සමාජ වැඩසටහන් විනාශ කිරීමෙන් වැය කරනු ලැබෙන මෙම යුද්ධවල දී සටන් කිරීම සඳහා කම්කරුවන් හා ඔවුන්ගේ දරුවන් නැව්ගත කෙරෙනු ඇත. මෙම යුද්ධ දැනට මත් ජීවිත ලක්ෂ ගනනක් බිලිගෙන ඇත්තේ, න්‍යෂ්ටික සමූලෝත්පාඨනයට ද තර්ජනය කරමිනි.

යුද්ධය සඳහා දේශපාලන ආවරනය ලෙස දීර්ඝ කාලයක් තිස්සේ යොදාගෙන ඇති “මානව හිමිකම්” හා “ප්‍රජාතන්ත්‍රවාදය” ආදී අවසරයන් කීතු කෙරී ඇත. හරිත පක්ෂ ජනාධිපති අපේක්ෂක ජිල් ස්ටයින් ඇතුලු යුදෙව් විරෝධතාකරුවන් දැවැන්ත සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම තුලින්මත්, විරෝධතාවන්ට එරෙහි ව ඉදිරියට දමන “යුදෙව්-විරෝධවාදය” පචයක් බව, මිලියන ගනන් ජනයා දැක ගනිති. යථාර්ථයේ දී මේවා වනාහි, විදේශ වෙලඳපොල, ස්වාභාවික සම්පත් හා ගෝලීය සැපයුම් දාම මත ආධිපත්‍යය සඳහා ගෙන යන අධිරාජ්‍යවාදී යුද්ධ වේ.

මෙම යුද්ධවල පොර පිටිය වන්නේ වොෂින්ටන් ඩීසී නගරය යි. එහෙත්, 'මැද පෙරදිග යතා සාමයක් සඳහා යුදෙව් හඬ' විසින් සංවිධානය කරන ලද සමුලුවක් පොලීසිය විසින් අවලංගු කෙරුනු ජර්මනිය, එක්සත් රාජධානිය සහ ප්‍රන්සය ද ඇතුලු සමස්ත ලෝකය පුරා, විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රහාර එල්ල කරනු ලැබේ.විදීවල දී පැහැරගනු ලබන තරුන ජනයා යුද පෙරමුනු බලා නැව්ගත කරන යුක්‍රේනයේ දී, යුක්‍රේනය හා රුසියාව යන දෙරටේ ම ධනපති ආන්ඩුවලට එරෙහි සමාජවාදී විරුද්ධවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් රාජ්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

රටින් පිටත කරන අධිරාජ්‍යවාදී යුද්ධ රට තුල කම්කරු පන්තියේ සමාජ අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයක් සමග අනුබද්ධ වේ. පසුගිය වසර ආරම්භයේ පටන් මිලියනයක් දෙනා රැකියාවලින් දොට්ට දැමීම එක්සත් ජනපද සංගත විසින් නිවේදනය කර ඇත. මෙය, ඉහල උද්ධමනය සහ ස්වයංක්‍රීයකරනය යොදා ගැනීම තුලින් මහා පරිමාන විරැකියාවක් නිර්මානය කරනු වස්, ආන්ඩුව හා මහ බැංකු එක්ව ගෙනයන දැනුවත් පිලිවෙතක කොටසකි. වසංගතය ආරම්භ වීමෙන් පසු ආරම්භ වූ වැඩෙන වැඩවර්ජන රැල්ල තලා දැමීම මෙහි ඉලක්කය යි.

ශිෂ්‍යයෝ ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියා කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි. තම ශ්‍රමය හරහා සියලු ධනය නිර්මානය කරන මහපොලොව මත සිටින වඩාත් ම බලගතු සමාජ බලවේගය වන කම්කරු පන්තිය, ජනසංහාරය හා යුද්ධය අවසානයකට ගෙන ඒම සඳහා එම බලය ක්‍රියාවේ යෙදවිය යුතු ය.

“ජනසංහාරක ජෝ” බයිඩන්ට හා අනෙකුත් යුද-ගැති දේශපාලනඥයන්ට සහයෝගය දෙන වෘත්තීය සමිති නිලධරයන් විසින් සම්මත කරනු ලබන වංක සටන් විරාම යෝජනාවලින් කම්කරුවන්ට සෑහීමකට පත්විය නො හැක. තම වෘත්තීය සමිතිය මහා පරිමාන අත්අඩංගුවට ගැනීම්වලට “කිසිදා සහාය නො දක්වන” බව බදාදා ප්‍රකාශ කල එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) සභාපති ශෝන් ෆේන්, දෙසැම්බරයේ එය සම්මත කල හිස් සටන් විරාමයකට අවධානය යොමු කරමින්, අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් නිදහස් කරන ලෙසත්, “යුද්ධයට සහයෝගය දීම නවත්වන” ලෙසත්, “බලයේ සිටින්නන්ට” කැඳවුම් කලේ ය.

එහෙත්, බයිඩන්ට අනුමැතිය දී ඇති ෆේන් හා යූඒඩබ්ලිව් සමිති නිලධරය, බයිඩන් ඩිට්‍රොයිට් වෙත කල සංචාරයක දී විරෝධතාකරුවන්ගෙන් ඔහු ආරක්ෂා කිරීම සඳහා කැරලි මර්දන පොලීසිය සමග එකට වැඩ කර ඇත. බෝම්බකරුවෙකුගේ ඡායාරූපය හා දෙවන ලෝක යුද්ධය සඳහා එක්සත් ජනපද කර්මාන්තය පූර්න-පරිමාන ව බලමුලුගැන්වීම ගැන සැඳහුම් කෙරෙන “ප්‍රජාතන්ත්‍රවාදයේ ආයුධ ගබඩාව” නමැති වාක්‍යාංශය සහිත ඌෂ්මක කමිසයක් ද ෆේන් ඇඳුමට තෝරාගෙන ඇත. අද දින එම දෙය ම කිරීම සඳහා බයිඩන් ට උදවු දීමට ෆේන්ට අවශ්‍ය වන අතර, ඒ “ප්‍රජාතන්ත්‍රවාදය” වෙනුවට ජනසංහාරය සඳහා ය.

ෆේන් හා අනෙකුත් සමිති නිලධරයන්, බයිඩන් හා එක්සත් ජනපදයේ සංගත සමග ක්‍රියා කරමින් සිටින්නේ, මහා පරිමාන දොට්ට දැමීම්වලට එරෙහි සටන කඩාකප්පල් කිරීම සඳහා ය. පසුගිය සරත් සමයේ දී නව ජාතික කොන්ත්‍රාත්තුවක් සම්මත කිරීමෙන් පසු මෝටර් රථ කම්කරුවන් දහස් ගනනකට ඔවුන්ගේ රැකියා අහිමි වී ඇති අතර, ඩේම්ලර් ට්‍රක් රථ කම්කරුවන් 7,000 ක් සහභාගි වීමට නියමිතව තිබූ වැඩවර්ජනය අවසන් මොහොතේ අවලංගු කිරීමට යූඒඩබ්ලිව් ක්‍රියා කලේ ය.

වැඩවර්ජන ක්‍රියා සඳහා යූඒඩබ්ලිව් සූදානම්වන බව ඔහු කියාපායි- එහෙත් ඒ, 2028 මැයි මාසයේ දී ය. එහෙත්, කම්කරුවන් සමස්ත වසර හතරක් බලා සිටිය හොත්, කොපමන නව යුද්ධ ගනනක් ආරම්භ කෙරී තිබෙනු ඇද්ද? ආරක්ෂා කර ගැනීමට ඉතිරි වනු ඇත්තේ කවර අයිතීන් ද?

සාමාන්‍ය කම්කරුවන් නිලධරයන්ගේ හස්තයෙන් තමන්ගේ අතට ආරම්භකත්වය ගත යුතු ය. කම්කරුවන්ට බොහෝ කොන්ත්‍රාත් අරගල පවතින තතු යටතේ, වැඩවර්ජන ක්‍රියා සූදානම් කිරීම සඳහා ඔවුහු නිලධරයෙන් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගාගත යුත්තා හ. වැඩවර්ජන සඳහා සමිතිවලට බල කරනුවස්, කම්කරුවන්, වෘත්තීය සමිති රැස්වීම් තම පාලනයට ගැනීම හෝ තමන්ගේ ම රැස්වීම් සංවිධානය කිරීම කල යුතු ය. විශේෂයෙන් ම, උපාධිධාරී ශිෂ්‍යයන් දසදහස් ගනනක් හා කම්හල් කම්කරුවන් ලක්ෂ ගනනක් ඇතුලත් වන සමස්ත යූඒඩබ්ලිව් සාමාජිකත්වයට කැඳවුම් කල යුතු ය.

නිලධරයන් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ කාලය කා දැමීමට පවා උත්සාහ කරන්නේ නම්, ඔවුන් ව නෙරපා හල යුතු කම්කරුවෝ, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂය බලාත්මක කරනු වස්, වෘත්තීය නිලධරයන් වෙනුවට සාමාන්‍ය කම්කරුවන් අතරින් නායකයන් පත් කර ගනිමින් නිලධරයන් විස්ථාපනය කල යුත්තාහ.

මෙය හුදෙක්, පාලක පන්තියට අවබෝධ වූ විට මගහැරී යනු ඇති අවස්ථානුගත අර්බුදයක් පමනක් බව අපේක්ෂා කිරීම තරම් වෙන කිසිවක් කම්කරුවන්ට අන්තරායකාරී නැත. 1914 හා 1939 දී මෙන් ම, යුද්ධය වැරදි පිලිවෙතක නිෂ්පාදිතයක් නො වන අතර, එය ධනපති ක්‍රමයෙහි කඩාවැටීමේ නිෂ්පාදිතයකි.

සිය අවශ්‍යතා ආරක්ෂා කරගැනීමේ දී, සංගත කතිපයාධිකාරය තරනය කිරීමට අභිලාෂවත් නො වන කවර හෝ සීමාවක් නැත. ජීවිත මිලියන ගනනක් බිලිගනිමින් වසංගතයට දැක්විය යුතු මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය කඩාකප්පල් කිරීම සහ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නායකත්වය දෙන ෆැසිස්ට් ව්‍යාපාරයක් නිෂ්පාදනය කිරීම ද අද දින විරෝධතාවන්ට පහර දෙන පාලක පන්තිය විසින් ම සිදු කර ඇති බව මතකයට ගත යුතු ය. ධනවාදයේ පදනම මත මෙම අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් නැත.

මෙහි අර්ථය වන්නේ, යුද්ධයට එරෙහි සටන සමාජවාදය සමගත්, සුපිරි-ධනවත් යුදවැද්දන් අස්වාමික කර ඔවුන් ඒකාධිකාරය දරා සිටින සම්පත් මානව අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා යොදා ගැනීම සමගත් සම්බන්ධ කල යුතු බව යි.

සෑම රටක ම කම්කරුවන් විසින් කරන පොදු ජාත්‍යන්තර සටනක් ලෙස යුද්ධයට එරෙහි අරගලය දියත් කල යුතු ය. යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ තීරනාත්මක පියවරක් ලෙස මැයි 4දා පැවැත්වෙන 2024 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට සහභාගි වන ලෙස ලොව පුරා කම්කරුවන්ට හා තරුන ජනයාට කක්‍රිකජාස කැඳවුම් කරයි.

Loading