හේමාර්කට් දිවි පිදුවෝ සහ මැයි දිනයේ මූලාරම්භයෝ

මැයි 4 වැනි සෙනසුරාදා පැවැත් වුනු ඔන්ලයින් මැයි දින රැලියට ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් විසින් පවත්වන ලද දේශනය පහත පල කෙරෙයි.

වීඩියෝ කැප්ෂන්: මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

මා සිටින්නේ, තමන් නොකල අපරාධයක් සඳහා බොරු නඩු අටවා 1880 ගනන් වලදී මරා දමනු ලැබූ චිකාගෝ කම්කරු පන්ති නායකයින් වෙනුවෙන් ගොඩනැගුනු ඓතිහාසික හේමාර්කට් ස්මාරකය අසලයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පන්ති සහයෝගීතාවයේ ජාත්‍යන්තර දිනය වන මැයි දිනය සමරමින් සිටී. නමුත්, මැයි දිනය ආරම්භ වූයේ සිවිල් යුද්ධයෙන් පසු මතු වූ පැය අටේ වැඩ දින ව්‍යාපාරය තුල මෙහි දී, එනම් හේමාර්කට් හිදී බව, බොහෝ කම්කරුවෝ නොදනිති.

සිවිල් යුද්ධය අතරතුර, ඇමරිකානු කම්කරු පන්තියේ මතුවීම ගැන කාල් මාක්ස් පුරෝකථනය කර තිබුනි. 1864 දී පලමු කම්කරු ජාත්‍යන්තරය වෙනුවෙන්, සිවිල් යුද්ධය මධ්‍යයේ නැවත තේරී පත් වූ ඒබ්‍රහම් ලින්කන්ට සුබ පැතීමට ඔහු මෙසේ ලිවී ය:

“ඇමරිකානු නිදහස් සටන මධ්‍යම පන්තිය සඳහා නැගීමේ නව යුගයක් ආරම්භ කලාක් මෙන්, ඇමරිකානු වහල් විරෝධී සිවිල් යුද්ධය ද කම්කරු පන්තිය වෙනුවෙන් එවැනි ම යුගයක් විවර කරනු ඇති බවට යුරෝපයේ කම්කරුවන්ට විශ්වාස ය”.

කාල් මාක්ස් සහ ඒබ්‍රහම් ලින්කන්

මාක්ස්ගේ අනාවැකිය ඉක්මනින් ම සනාථ විය. 1867 වන විට ඔහුට ප්‍රාග්ධනය තුල මෙසේ ලිවීමට හැකි විය:

“වහල්භාවයේ මරනයෙන් එක වර ම නව ජීවයක් පැන නැගුනි. සිවිල් යුද්ධයේ පලමු ඵලය වූයේ අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වාත්, නව එංගලන්තයේ සිට කැලිෆෝනියාව දක්වාත් ඉමහත් වේගයෙන් පැතිර ගිය පැය අටේ වැඩ දිනයක් සඳහා උද්ඝෝෂනයයි”.

එම වසරවල දී චිකාගෝව ඇමරිකානු ධනවාදයේ සහ ඇමරිකානු කම්කරු පන්තියේ දැවැන්ත වර්ධනය සංකේතවත් කලේ ය. චිකාගෝ කම්කරු පන්තිය ලින්කන් මුලින්ම ජනාධිපති අපේක්ෂකත්වය භාර ගත් 1860 දී 100,000 සිට 1880 දී 500,000 දක්වා වර්ධනය වුනු අතර එය ජාත්‍යන්තර ශ්‍රම බලකායක් විය. 1880 ගනන්වල දී, නගරයේ ජනගහනයෙන් සියයට 80ක් විදේශයක උපන් හෝ විදේශයක උපන් අයගෙන් පැවත එන්නෝ වූහ

1886 දී නැවත වරක් මෙම කම්කරුවන් අතර පැය අටේ වැඩ දවසක් සඳහා වන ඉල්ලුම ඉහල ගියේ ය. “වැඩ සඳහා පැය අටක්, නින්දට පැය අටක්, අපි කැමති දේ සඳහා පැය අටක්!” යන්න ඔවුන්ගේ සටන් පාඨ විය.

මැයි 1 වෙනි දා රට පුරා වැඩ වර්ජන සහ විරෝධතා පැන නැගුනි. චිකාගෝහිදී, පාගමනකට 80,000 ක් සම්බන්ධ වූහ. මැයි 4දා පොලිසිය හේමාර්කට් චතුරශ්‍රයේ රැලියකට ප්‍රචන්ඩ ලෙස පහර දුන්නේ ය. ඒ අතර බෝම්බයක් පිපිරුනි. බෝම්බ පිපිරීමෙන් සහ පොලිස් ගුටිබැට හුවමාරුවේ දී නිලධාරීන් හත් දෙනෙක් සහ සිවිල් වැසියන් හතර දෙනෙක් මිය ගියහ.

බලධාරීහු චිකාගෝ කම්කරු පන්ති නායකයන් ව්‍යාජ බලහත්කාරී නඩු විභාගයකට ලක් කලහ. 1887 නොවැම්බර් 11 වැනි දින බොරු චෝදනාවලට ලක් වූවන්ගෙන් හතර දෙනෙක් මරා දමන ලදහ: එනම්, ජෝර්ජ් එංගල්, ඇඩොල්ෆ් ෆිෂර්, ඇල්බට් පාර්සන්ස් සහ ඕගස් ස්පීස් යන අයයි.

වරදකරුවෝ එල්ලුම් ගහට ගෙන යන විට මාර්සෙයිස් ගීතය (ප්‍රංශ විප්ලවීය ගීතයක්-පරිවර්තක) ගායනා කලහ. ස්පීස්ගේ අවසාන වචන වූයේ “අද ඔබ යටපත් කරන හඬවලට වඩා අපේ නිහඬතාවය බලවත් වන කාලයක් එලැඹේවි' යන්නයි.

පස් වැනි දිවි පිදූවා වන ලුවිස් ලින්ග් දිනකට පෙර සිරගෙදරදී ඝාතනය කෙරුනි, නැති නම් ඔහු සියදිවි නසා ගත්තේ ය.

“කලු සිකුරාදා,” බොරු නඩුවලට පටලවා මරන දඬුවමට නියම වූ හේමාර්කට් කම්කරු පන්ති වීරයන් 1886 නොවැම්බර් 11 වැනි දා එල්ලා මරා දැමීම

වසර දෙකකට පසු, 1889 ප්‍රංශ විප්“කලු සිකුරාදා,” බොරු නඩුවලට පටලවා මරන දඬුවමට නියම වූ හේමාර්කට් කම්කරු පන්ති වීරයන් 1886 නොවැම්බර් 11 වැනි දා එල්ලා මරා දැමීම ලවයේ 100 වැනි සංවත්සරය දින දෙවන ජාත්‍යන්තරය පැරිසියේ දී ස්ථාපිත කෙරුනි.

එහි දී, ප්‍රංශ නියෝජිතයෙක් ඇමරිකාවේ සිදු වූ දෙය අනුස්මරනයට මැයි දින “මහා ජාත්‍යන්තර පෙලපාලියක්” යෝජනා කලේ ය. ඒ අනුව, 1890 දී යුරෝපය සහ උතුරු ඇමරිකාව පුරා පෙලපාලි පැවැත් වුනි. ඉන් පසු සෑම වසරක ම සංවත්සරය සැමරීය. රුසියානු කම්කරුවෝ ප්‍රථම වරට 1891 දී සැමරුමට එකතු වූහ; 1927 දී චීන කම්කරුවෝ එකතු වූහ.

මැයි දිනයේ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී සම්ප්‍රදායන් නැවත පන ගැන්වීමට කාලයයි!

Loading