(මෙය Plan to use long-range NATO missiles against Russia threatens uncontrolled escalation of global war මැයෙන් 2024 සැප්තැම්බර් 27දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)
රුසියාව ඇතුලතට පහර දීමට නැටෝ ආයුධ යොදා ගන්නා ලෙස, ඉහල පෙලේ නැටෝ නිලධාරීන් ප්‍රසිද්ධියේ යුක්රේනයට කැඳවුම් කිරීමෙන් පසුව, මොස්කෝව විසින් න්‍යෂ්ටික ආයුධ යොදාගනු ඇති කොන්දේසි ප්රසාරනය කරන රුසියාවේ න්‍යෂ්ටික පිලිවෙත යාවත්කාලීන කරන යෝජනාවක් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විධිමත් ව ඉදිරිපත් කලේ ය.
බදාදා රුසියානු ආරක්ෂක කවුන්සිල රැස්වීමක් ඉදිරියේ කතා කල පුටින් මෙසේ ප්‍රකාශ කලේ ය: “න්‍යෂ්ටික ආයුධ නොදරන රාජ්‍යයක්, රුසියාවට ප්‍රහාර එල්ල කරන්නේ න්‍යෂ්ටික ආයුධ දරන රාජ්‍යයක සහභාගීත්වය හෝ සහයෝගය සමගින් නම්, එය රුසියානු ෆෙඩරේෂනයට එරෙහි ඒකාබද්ධ ප්‍රහාරයක් ලෙස සැලකිය යුතු යි.”
“රුසියාවට හා බෙලරුසියාවට එරෙහි ආක්රමනයක දී න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමේ අප සතුයි” යි ඔහු වැඩිදුරටත් කීවේ ය.
නැටෝ බලයන්ගේ පිටුබලය සහිත ව, රුසියානු නගරවලට හා යටිතල පහසුකම්වලට එරෙහි ව දැනට කෙරීගෙන යන හා සදා ප්රසාරනය වන යුක්රේන ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා, ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවන් දෙකෙන් එකක් වන රුසියාවේ න්‍යෂ්ටික ගබඩාව යොදාගැනීමට පුටින් මේ දක්වා කර ඇති වඩාත් ම තියුනු හා සංයුක්ත තර්ජනය මෙය යි.
මේ මස මුල දී කීව් වෙත සංචාරය කල එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, එහි දී රුසියාවට එරෙහි ව නැටෝ දිගු-දුර ආයුධ භාවිතා කිරීම සඳහා යුක්රේනයට අවසර දීම සමගින් එක්සත් ජනපදය ඉදිරියට යනු ඇතැයි විශාල වසයෙන් ගම්‍ය කලේ ය. මෙම සැලසුම පිලිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වූ බ්ලින්කන්, “අවශ්‍යතා වෙනස් වී ඇති නිසාත්, සටන් බිම වෙනස් වී ඇති නිසාත්, අපි සකස් වී ඒවාට අනුගත වී තිබෙනවා, අප ඉදිරියටත් යයි එසේ කරගෙන යන බව ගැන මට සැකයන් නැහැ” යි කීවේ ය.
“රුසියාව ඇතුලත ඉලක්කයන් මතට ස්ටෝම් ශැඩෝ කෲස් මිසයිල භාවිතා කිරීමට යුක්රේනයට අවසර දීම සඳහා ඒ වනවිටත් තීරනය ගෙන තිබුනු බව බ්‍රිතාන්‍ය ආන්ඩුවේ මූලාශ්‍ර ඉඟි කලේය” යි කීව් රැස්වීමෙන් පසුව, ද ගාඩියන් පුවත්පත වාර්තා කලේ ය. දි ඉකොනොමිස්ට් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පත්, නැටෝ ආයුධ සමගින් රුසියාවට පහරදීමට සහයෝගය කරන දක්වන කතුවැකි පල කර ඇති අතර, එක්සත් රාජධානියේ හිටපු අගමැති බෝරිස් ජොන්සන් මෙම සැලසුම දිරිමත් කරන තීරු ලිපියක් ද ස්පෙක්ටේටර් පත්‍රයට ලියා ඇත.
නැටෝවේ ආයුධ යොදාගෙන රුසියානු නගරවලට පහර දෙන ලෙස යුක්රේනයට කැඳවුම් කරමින් එක්සත් ජනපද මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය ඇතුලත පවතින උද්ඝෝෂනය කේන්ද්‍රගත කරනු ලැබ ඇත්තේ සිය භූමිය ආරක්ෂා කරගැනීම සඳහා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ රුසියාවේ ප්‍රකාශිත පිලිවෙත මවාපෑමක්ය යන කියාපෑම මත යි.
සෑම තනි එක්සත් ජනපද පුවත්පතක් තුල ම පුනරුච්ඡාරනය කෙරෙන හා එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය විසින් ශුභාරංචියක් ලෙස පිලිගන්නා මෙම ප්රස්තුතය අභූතයකි. යථාර්ථයේ දී, මෙය ව්‍යාජ බව දන්නා එක්සත් ජනපදයේ හා යුරෝපයේ දේශපාලන සංස්ථාපිතයන් ඇතුලත මෙසේ කියාපාන අය, සරලව ම මහජනයාට බොරු කියමින් සිටිති. පුටින් කරන්නේ මවාපෑමක් නො වන බව ඔවුහු දනිති.
“එක්සත් ජනපද ඔත්තු සේවය යුක්රේනය විසින් දිගු-දුර ප්‍රහාර එල්ල කිරීමට අවසර දීමේ අන්තරාය අවධාරනය කරයි” යන හිසින් බ්‍රහස්පතින්දා නිව් යෝක් ටයිම්ස් පත්‍රය පල කල ලිපියක් තුල මෙය පැහැදිලි කෙරුනි.
ටයිම්ස් මෙසේ වාර්තා කරයි:
එක්සත් ජනපද නිලධාරීන් කීවේ, රුසියාව ඇතුලතට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ප්රන්සය සම්පාදනය කරන දිගු-දුර මිසයිල යොදාගෙන පහර දීමට ඔවුන් යුක්රේනියානුවන්ට අවසර දීමට එකඟ වන්නේ නම්, විය හැකි පරිදි මාරක ප්‍රහාර සමගින්, එක්සත් ජනපදයට හා එහි සභාග හවුල්කරුවන්ට රුසියාව විශාල බලයක් යොදාගෙන ප්‍රති-ප්‍රහාර එල්ල කල හැකි බව එක්සත් ජනපදය ඔත්තු සේවා විශ්වාස ඒජන්සි විශ්වාස කරන බව යි.
“එක්සත් ජනපද හා යුරෝපීය මිලිටරි කඳවුරුවලට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම්” ඇතුලු ව“එක්සත් ජනපදය හා යුරෝපය සම්පාදනය කරන මිසයිල භාවිතා කරමින් දිගු-දුර ප්රහාරයන්ට අවසර දීමේ තීරනයකට පැමිනිය හැකි රුසියානු ප්රතිචාරයන් පරාසයක්, ඔත්තු සේවා තක්සේරු කිරීම විසින් විස්තර කරයි” යනුවෙන් ලිපිය තවදුරටත් කියයි.
නැගෙනහිර යුරෝපයේ සෑම රටක් ම පාහේ ඇතුලත් කරගනිමින් නැටෝව ප්රසාරනය කරන අතර, එක්සත් ජනපද ජනාධිපතිවරු යලි යලිත් ප්‍රකාශ කර ඇති ලෙස, ඕනෑ ම නැටෝ සාමාජික රටක භූමියට එල්ල කරන ඕනෑ ම රුසියානු ප්‍රහාරයක් සලකනු ලබන්නේ සියලු නැටෝ රටවලට එරෙහි ප්‍රහාරයක් ලෙසිනි. නැටෝ ප්රඥප්තියේ පස්වැනි වගන්තිය යටතේ, සන්ධානයේ සෑම සාමාජිකයෙක් ම රුසියාවට එරෙහි ව යුද්ධයට යාමට බැඳී සිටිනු ඇත.
එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ සැලකිය යුතු කොටස්, ප්‍රධාන රුසියානු මිලිටරි ප්‍රතිචාරයක හැකියාව පිලිගන්නවා පමනක් නො ව, මෙම ක්රියාමාලාව අනුගමනය කිරීම සඳහා රුසියාව පෙලඹවීමට ද යථාර්ථයේ දී උත්සාහ දරමින් සිටිති.
මෙම තීරනයට රුසියාව ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න නො තකා, යුද්ධය තුල එක්සත් ජනපදයේ නියුක්තිය යෝධ ලෙස තීව්ර කිරීමට එහි ප්‍රති-ප්‍රහාර ගසා කනු ඇත. “පුටින් ඔහුගේ අප්‍රකෝපිත හා අසාධාරන ප්‍රහාරය දියත් කල” හෝ “න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ තහනම සදාකාලික ව පුපුරුවා හැරීමට පුටින් කටයුතු කල” දිනය ලෙස රුසියාවේ ප්‍රතිචාරය සිදුවන දිනය හැඳින්වෙනු ඇත.
රුසියාව, මැද පෙරදිග හෝ පැසිෆික් කලාපය යන කොතැනක වේවා, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වන්නේ, ප්රකෝපකරනය උපයෝගී කරගනිමින් සමස්ත ලෝකය පුරා යුද්ධය පැතිරවීමට උත්සාහ දරමිනි. 2018 එක්සත් ජනපද ජාතික ආරක්ෂක මූලෝපායේ කතුවරයා වන එල්බ්‍රිජ් කොල්බි 2021 දී පල කල ද ස්ට්‍රැටජි ඔෆ් ඩිනයල් (ප්‍රතික්ෂේප කිරීමේ මූලෝපාය) නමැති කෘතිය තුල, එක්සත් ජනපද මිලිටරියේ ඉලක්කයන් “පලමු වෙඩිල්ල තැබීමට” පොලඹවා ඉන්පසු ආක්‍රමනිකයන් ලෙස ඉදිරිපත් කිරීම එක්සත් ජනපද ප්‍රචාරන යාන්ත්රනයට කොතරම් තීරනාත්මකදැයි විස්තර කරයි:
(හතුරෙක්) මේ ආකාරයෙන් දැකගනු ලැබීම තහවුරු කරන පැහැදිලි ම හා සමහර විට වඩාත් ම වැදගත් ක්‍රමය වනුයේ, ප්‍රථමයෙන් පහර දෙන්නේ එය බව සරල ව තහවුරු කිරීම යි. ආරම්භ කල තැනැත්තා ආක්රමනිකයා බවත්, ඒ අනුව සදාචාරාත්මක වගකීමේ වැඩිපුර පංගුවක් පූර්ව විනිශ්චීය වසයෙන් දරන බවත් යනුවෙන්, සුලුපහේ මානවීය සදාචාරාත්මක අභිනිවේෂයන් තුල වඩා ගැඹුරින් මුල්බැස ඇත.
වෙනත් වචනවලින් කියන්නේ නම්, 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව කලාක් මෙන්, මෙහි දී වඩා විශාල පරිමානයකින් ප්රජාතන්ත්රවාදී අයිතීන් මත දුරදිග යන ප්‍රහාර එල්ල කරමින්, යුද්ධයේ සුවිශාල තීව්ර කිරීමක් රඟ දැක්වීමේ උපක්‍රමය බවට, රුසියාව එල්ල කරන ඕනෑ ම ප්‍රති-ප්‍රහාරයක් පත්වනු ඇත.
රුසියාවට එරෙහි යුද්ධයේ ප්‍රධාන තීව්ර කිරීමක් සඳහා තල්ලුව දෙමින් සිටින, එක්සත් ජනපද හා යුරෝපීය දේශපාලන සංස්ථාපිතයේ කොටස්, තමන්ගේ කාලය ඉක්මවා යන බවට බිය වෙති.
පලමු ව, “අවසාන යුක්‍රේනියානුවා දක්වා” සටන් කර ඇති යුක්රේන මිලිටරිය විනාශයකට මුහුන දෙමින් සිටී. ඩොන්බාස් කලාපය තුල සැලකිය යුතු මිලිටරි ජයග්රහනයක් අභියස රුසියාව සිටින බව පෙනේ. යුක්රේනය ඇතුලත යුද්ධයට එරෙහි ව වැඩෙන දේශීය විරුද්ධත්වය මධ්‍යයේ, සමස්ත නැගෙනහිර පෙරමුන ම නැටෝවේ සැලකිය යුතු මැදිහත්වීමකින් තොර ව ඇදවැටීමේ අන්තරායට මුහුන දෙයි.
යුක්රේනයේ දී ලබන පරාජයක්, හුදෙක් මිලිටරිමය පමනක් නො ව, ලෝකයේ සංචිත මුදල ලෙස ඩොලරයේ භූමිකාවට වලකපමින්, ආර්ථික ප්‍රතිවිපාක සමගින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තත්ත්වයට විනාශකාරී වනු ඇතැයි ඔවුහු බිය වෙති.
දෙවනු ව, මැතිවරනය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ගෙන ආ හැකි අතර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉහල ම ප්‍රමුඛතාව ලෙස චීනයට එරෙහි යුද්ධය දැකගන්නා අතර, යුක්රේන යුද්ධය අපසරනයක් ලෙස දැකගන්නා දේශපාලන සංස්ථාපිතයේ කොටසක් ට්‍රම්ප් සමගින් බලයට එනු ඇත. උප ජනාධිපතිනි හැරිස් වගකිව යුත්තක් ලෙස යුක්රේනය තුල විනාශකාරී යුද්ධය දකින ට්‍රම්ප්, සිය ෆැසිස්ට් ව්‍යාපාරය ගොඩනැගීමේ උපක්‍රමයක් ලෙස යුද්ධය කෙරෙහි පවතින මහජන අතෘප්තියට වාචාල ලෙස ආයචනා කරමින් සිටින්නේ, 2019 දී ඔහුගේ පරිපාලනය යුක්රේනයට මාරාන්තික ආයුධ සපයමින් යුද්ධය ඇවිලවීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටුකිරීම නො තකා ය. ට්‍රම්ප්ගේ භව්‍ය ජයග්‍රහනයක විදෙස් පිලිවෙත් විපාක පෙරලොප් කරනු වස්, යුද්ධයේ තීව්ර කිරීමක් අනිවාර්ය බවට පත් කරන “භෞමික කරුනු” නිර්මානය කිරීම සඳහා ධවල මන්දිරය කටයුතු කරමින් සිටී.
සමස්ත මානව වර්ගයාට විභවීය විනාශකාරී විපාක ගෙන දෙමින්, ඊලඟ මාස දෙක තුල යුද්ධයේ ප්‍රධාන හා වේගවත් තීව්ර කිරීමක් සඳහා වෛෂයික තත්ත්වයේ මෙම අංශ දෙක එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ ආධිපත්‍යධාරී කොටස් මෙහෙයමින් සිටී.
පිලිවෙත අරබයා පරිපාලනය හා රාජ්‍යය ඇතුලත සැලකිය යුතු බෙදීම් පවතින බව පැහැදිලි ය. එහෙත්, පාලක පනතියේ ඒ හෝ මේ කොටස තුල යුද්ධය තීව්ර කිරීමට විරෝධය වර්ධනය වනු ඇතැයි අපේක්ෂාවෙන් කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාවන් යටත් කිරීම පසෙක තැබුවත්, පාලක පන්තිය ඇතුලත පවතින බෙදීම් පිලිබඳ සමපේක්ෂනය කිරීම මත වත් යුද්ධයට එරෙහි සටන පදනම් කල නො හැක.
මහා අන්තරාය වන්නේ, වර්තමාන තත්ත්වය තුල පවතින යෝධ අන්තරායන් ගැන ජනගහනයේ අතිමහත් බහුතරයට අදහසක් නො තිබීම යි. අනතුරු ඇඟවීම ද එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ දුරදිග යන යුද සැලසුම් ගැන කම්කරු පන්තියට සංඥා කිරීම ද හදිසි අවශ්‍යතාවකි.
එක්සත් ජනපදය පුරා ද සමස්ත ලෝකය පුරා ද කම්කරුවෝ අරගලයට පිවිසෙමින් සිටිති. ඇමරිකාවේ විශාලතම ගුවන් යානා නිෂ්පාදකයා හා ප්‍රධාන ආරක්ෂක කොන්ත්‍රාත්කරුවෙක් වන බෝයිං සමාගමේ කම්කරුවන් දහස් ගනනක්, ඔවුන්ගේ වැඩ කොන්දේසි හා ජීවන තත්ත්වයන් ආරක්ෂා කරගැනීමට අධිෂ්ටානවත් වැඩ වර්ජනයක් දියත් කරමින් සිටිති. යුද්ධය තීව්ර කිරීමට යෝධ සම්පත් යොමු කිරීම විසින් තීව්ර කරනු ලබන ධනපති සූරාකෑමට එරෙහි ව වර්ධනය වන කම්කරු-පන්තික ප්‍රතිරෝධයේ පලල් රැල්ලක කොටසක් ලෙස මෙම අරගලය පවතී.
රට තුල ධනපති කතිපයාධිකාරීන්ගේ යුද්ධයට එරෙහි සටන, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන සමග වාත්තු කල යුතු බවත්, එම සටන් දෙක ම ධනපති ලාභ පද්ධතියට එරෙහි ව සමාජවාදය සඳහා කරන සටන සමග නො වෙන් කල හැකි ලෙස බැඳී තිබෙන බවත්, කම්කරු පන්තිය ඇතුලත සවිඥානික අවබෝධය වර්ධනය කිරීම කේන්ද්‍රීය මූලෝපායික කර්තව්‍යය යි.