[මෙය Why was the Sri Lankan IYSSE meeting cancelled at Peradeniya University? යන මැයෙන් 2025 ජනවාරි 09 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
'ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන්, ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව උදෙසා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් සංවිධානය කරනු ලදුව ජනවාරි 3 වන දින සවස පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසිද්ධ රැස්වීම, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් තහනම් කරන ලදී. විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ (දේවිශිසං) අනුග්‍රහය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීමට දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ අවසරය ද ලැබී තිබුනි.
විශ්ව විද්‍යාල බලධාරීන් විසින් සසජාතශි රැස්වීම ප්රජාතන්ත්ර විරෝධී ලෙස තහනම් කිරීම සිදු කරන ලද්දේ, නිසැකවම, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ)/ජාතික ජනතා බලවේගයේ (ජාජබ) අලුත් ආන්ඩුවේ ඉල්ලීම පරිදි ය. ආන්ඩුව සිය මැතිවරන පොරොන්දු අතහැර දමා ජාමූඅ හි කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සම්පූර්නයෙන්ම කැපවී සිටී.
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන සහාය ඇතිව, සසජාතශි සංවිධානය වහාම මෙම පියවරට එරෙහිව උද්ඝෝෂනයක් දියත් කල අතර ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කලේය. එසේම, එම රැස්වීම අද සවස මහනුවර නගරයේ දී පැවැත්වීමට ද අපි නැවත සැලසුම් කර ඇත්තෙමු.
සසජාතශි උද්ඝෝෂනයට බුද්ධිමතුන්, ශාස්ත්රාලිකයින් සහ සිසුන් සැලකිය යුතු ස්ථරයක බැරෑරුම් ප්‍රතිචාර ලැබී ඇති අතර, ඔවුන්, විශ්වවිද්‍යාල පරිශ්‍රයන්හි ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව එල්ල වී ඇති දුරදිග යන තර්ජනය හඳුනාගෙන එය හෙලා දැක තිබේ. මෙම වර්ධනයන් අපි සාදරයෙන් පිලිගනිමු. නමුත් ප්රශ්නය තවමත් පවතී: ප්රකාශනයේ නිදහසට එරෙහිව මෙම අත්‍යසමාන ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇයි? එයට එරෙහිව සටන් කල හැක්කේ කෙසේද?
පිලිතුර උපකුලපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නියෝගය තුල සොයාගත හැක; එය ඉල්ලා සිටියේ, සසජාතශි රැස්වීමේ මාතෘකාව, “ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බවක් නොපෙනෙන පරිදි සංශෝධනය කරන ලෙසත්, එසේ නොවුවහොත්, ඉහත රැස්වීම වහාම අත්හිටුවීමට සිදුවන බව සැලකිල්ලට ගන්නා” ලෙස යි.
2022 දී පුපුරා ගිය ආර්ථික හා සමාජ අර්බුදයට වගකිව යුතු දේශපාලන සංස්ථාපිතයේ සියලුම සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි පැතිර ගිය මහජන කෝපය සහ විරෝධය ගසාකමින්, පසුගිය වසරේ ජනාධිපතිවරන සහ මහ මැතිවරනවලදී ජවිපෙ/ජාජබ ප්‍රථම වරට බලයට පත්විය. වැඩ කරන ජනතාව මත පැටවූ අධික බර ලිහිල් කිරීම සඳහා, සිය පූර්වගාමියා විසින් අත්සන් කරන ලද ජාමූඅ ඇප නයෙහි කොන්දේසි “නැවත සාකච්ඡා කරන” බවට මැතිවරන ව්‍යාපාරය තුල දී එය පොරොන්දු විය.
කෙසේ වෙතත්, මැතිවරන ජයග්‍රහනය කිරීමෙන් පසු, ජවිපෙ/ජාජබ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 21 වන දින පාර්ලිමේන්තුවේදී වහාම ප්‍රකාශ කලේ, තම ආන්ඩුව ජාමූඅ කප්පාදු වැඩසටහන සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක කරන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට බල කල 2022 මහජන නැගිටීම අත්දැක ඇති ආන්ඩුව, සමූහ දොට්ට දැමීම්, රජය සතු ව්‍යවසායන් කුනු කොල්ලයට විකුනා දැමීම, මූලික සමාජ සේවා කප්පාදු කිරීම, නව බදු සහ මිල සහනාධාර තවදුරටත් කපා හැරීම වැනි ක්‍රියාවන් ක්‍රියාත්මක කරන විට මහජන විරෝධයට මුහුන දීමට සිදුවන බව හොඳින් දනී.
ජවිපෙ/ජාජබ ජාමූඅ න්‍යාය පත්‍රය අනුකම්පා විරහිතව ක්‍රියාවට දමන බවට අනතුරු ඇඟවූ සහ කප්පාදු පියවරයන්ට විරුද්ධ වීමට හා ඔවුන්ගේ මූලික සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා සටන් කිරීමට කම්කරුවන් බලමුලු ගැන්වීම සඳහා සමාජවාදී ඉදිරිදර්ශනයක් විස්තාරනය කල එකම පක්ෂය සසප පමනි.
ඔවුන්ගේ වාම ඒජන්සි ඇතුලු කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂ, ජාමූඅ වැඩසටහනට සහයෝගය දැක්වීමට පෙල ගැසී සිටින අතර, එය වැඩ කරන ජනතාව මත පැටවීමේ මාධ්‍යය ලෙස ජවිපෙ/ජාජබ සාදරනයෙන් පිලිගෙන ඇත. නිදසුනක් ලෙස, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), ජවිපෙ/ජාජබ ආන්ඩුව මැතිවරනයෙන් තේරී පත්වීම ඉහලින් පිලිගෙන, ජාමූඅ සමඟ කටයුතු කිරීමට වඩා ජාත්‍යන්තර නයහිමියන් සමඟ වෙනම ගිවිසුම් ඇති කර ගැනීම සුදුසු බවට ආන්ඩුවට උපදෙස් දෙයි —මෙම ක්‍රියාවලිය හුදෙක් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලේ ම තවත් රූපාකාරයක් පමනක් වනු ඇත, බොහෝ විට ඊටත් වඩා රුදුරු විය හැකිය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවත්වීමට නියමිතව තිබූ සසජාතශි රැස්වීම ආන්ඩුවේ මරු නිලයකට පහරක් එල්ල කර ඇති බව පුදුමයක් නොවේ. දේශනයේ අරමුන සහ ආකෘතිය පිලිබඳව විමසීමට, අධ්‍යාපන ඇමති ධුරය ද දරන, අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ කාර්යාලය මැදිහත් වූ බව, සසප/සසජාතශිට විශ්වාසදායක ලෙස දැනගන්නට ලැබී තිබේ.
සසජාතශි රැස්වීම තහනම් කිරීම, ආන්ඩුව තම කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කරන විට මහජන විරෝධය මර්දනය කිරීමට භාවිතා කරන ක්‍රමවේදයන් පිලිබඳව කම්කරුවන්ට සහ තරුනයින්ට තියුනු අනතුරු ඇඟවීමකි. කම්කරු පන්තියේ සමාජ තත්වයන්ට ගැඹුරු ප්‍රහාර එල්ල කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව කල නොහැක. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි ප්රජාතන්ත්ර විරෝධී නීති අවලංගු කරන බවට දුන් මැතිවරන පොරොන්දු, ආන්ඩුව දැනටමත් කුනු කූඩයට දමා ඇති අතර, ඕනෑම සහ සියලු ප්රතිරෝධයන් මැඩපැවැත්වීම සඳහා පොලිස්-රාජ්‍ය පියවරයන් අනුගමනය කිරීමට එය පසුබට නොවනු ඇත.
අද සවස පැවැත්වෙන සසජාතශි රැස්වීම ජාමූඅ කප්පාදු පියවරයන්ට විරුද්ධ වීමට සහ මූලික සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය සාකච්ඡා කරනු ඇත. ශ්‍රී ලංකාව ඇතුලු රටක් රටක් පාසා, ජාමූඅ විසින් පනවනු ලබන ගෝලීය ප්රාග්ධනයේ නියෝගවලට විරුද්ධව ධනවාදයේ රාමුව තුල හෝ ජාතික පදනමක් මත සටන් කල නොහැක.
සසප/සසජාතශි, ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්තිවලට එරෙහිව තරුනයින් සහ ග්‍රාමීය දුප්පතුන් රැලිකරගත් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කරයි. සෑම වැඩබිමකම, වතුකරයේ, නිවහන් ප්‍රදේශයකම සහ ග්‍රාමීය පෙදෙස්වල ක්‍රියාකාරී කමිටු ගොඩ නගන ලෙස අපි කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාවගෙන් ඉල්ලා සිටිමු. මෙම කමිටු සියලු ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන විය යුතුය.
අප, වැඩ කරන ජනතාවට කියා සිටින්නේ, මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ වැඩි කිරීමට සහ අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු ලබා ගත් විදේශ නය ආපසු ගෙවීමට ඔවුන් කැපකිරීම් නොකල යුතු බවයි. සියලුම විදේශ නය සහ සමස්තයක් ලෙස ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරනු! පුද්ගලීකරනයේ/වානිජකරනයේ තර්ජනයට ලක්ව ඇති ආයතන ඇතුලුව සියලුම ප්‍රධාන සංස්ථා සහ ආයතන කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතේ තැබිය යුතුය. සුපිරි ධනවතුන්ගේ ධනය අත්පත් කර ගත යුතු අතර වැඩ කරන ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සම්පත් සපයා ගනු වස් ප්‍රධාන බැංකු සහ සංස්ථා කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කල යුතුය.
සමාජවාදී ප්‍රතිපත්ති සඳහා අරගලය සාකච්ඡා කර වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවල ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප සටන් කරයි. එහි ඉලක්කය, ධනේශ්වර පාලනය පෙරලා දමා, සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවී සිටින කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට වඩා අඩු දෙයක් නොවිය යුතුය. එය, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් විය යුතුය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සසජාතශි මත පනවා ඇති ප්රජාතන්ත්ර විරෝධී තහනමට ඔබේ විරුද්ධත්වය පෙන්වීමට සහ මෙම සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය සාකච්ඡා කිරීමට අපගේ රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටිමු.
රැස්වීම් ස්ථානය: කැන්ඩියන් ආර්ට්ස් රෙසිඩන්සි ශාලාව, මහනුවර
(කිංග්ස්වුඩ් විද්‍යාලය අසල)
දිනය සහ වේලාව: ජනවාරි 9 වන බ්‍රහස්පතින්දා, සවස 4.
සසජාතශි දේශනය තහනම් කිරීම සම්බන්ධයෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාල බලධාරීන් හෙලා දකින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. කරුනාකර ඔබේ විරෝධතා ලිපි විශ්ව විද්‍යාල බලධාරීන්ට යොමු කරන්න; ඒවායේ පිටපත් සසජාතශි වෙත එවන්න.
වෙත: වැඩබලන උපකුලපති, පේරාදෙනිය විශ්වවිද්‍යාලය
ඊමේල්: vc@pdn.ac.lk
පිටපත්: සසජාතශි
ඊමේල්: iysseslb@gmail.com
වැඩිදුර කියවන්න
- ජාමූඅ කප්පාදුවට එරෙහි සසජාතශි දේශනයට පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පැනවූ තහනම හෙලා දකිමු!
- විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (ෆූටා), පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය නිදහසට අතපෙවීම් හෙලා දකී
- වරාය කම්කරු ක්‍රියාකාරී කමිටුව, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අයිඑම්එෆ් විරෝධී රැස්වීම තහනම් කිරීම හෙලාදකියි
- ශාස්ත්රාලිකයෝ, ශිෂ්‍යයෝ සහ මාධ්‍ය ක්රියාකාරිකයෝ උපකුලපතිගේ ප්රජාතන්ත්ර-විරෝධී පියවර හෙලා දකිති