[මෙය Sri Lanka: Survivors of Cyclone Ditwah demand permanent housing, not temporary patchwork solutions යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]
දිට්වා සුලි කුනාටුවෙන් පසු කොලඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් කොලොන්නාව, කුරුනියාවත්ත, මීතොටමුල්ල, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මෝදර සහ මාදම්පිටිය ප්‍රදේශවලට ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවෝ ගියහ. දිවි ගලවා ගත් සිය ගනනක් අවම පහසුකම් සහිත සුරක්ෂිත මධ්‍යස්ථාන ලෙස නම් කරන ලද තාවකාලික නවාතැන් වල රඳවනු ලැබ සිටිති.
කොලොන්නාව, කුරුනියාවත්ත, මීතොටමුල්ල, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කොලොන්නාව නගර සභාවේ පරිපාලන සීමාව යටතේ පවතී. 2002 දී යූඑන්ඩීපී/යූඑන්-හැබිටෑට් (UNDP/UN-Habitat) විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, කොලොන්නාව නගර සභාව යටතේ පවතින ප්‍රදේශයෙන් සියයට 70ක් මුහුදු මට්ටමට පහලින් පිහිටා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, දස දහස් ගනනක් දුගී පදිංචිකරුවන් වසරක් පාසා ගංවතුර තර්ජනයට මුහුන දෙති.
නැවත නැවතත් ගංවතුර තත්ත්වයන්හිදී තමන් සහ තමන්ගේ පෙර පරම්පරාවන් මුහුන දුන් දුෂ්කර තත්වයන් පිලිබඳව දිවි ගලවා ගත් ජනයා ලෝසවෙඅ වාර්තාකරුවන්ට පැහැදිලි කලහ. බොහෝ දෙනෙක් පැවසුවේ ආහාර පමනක් නොව නිසි, ස්ථිර නිවාස අවශ්‍ය බවයි. තමන් සතු සියළු දෑ අහිමි වූ ඔවූහු දැන් තම ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අරගල කරමින් සිටිති. ඔවුන්ගේ නිවාස අර්බුදය විසඳීම සඳහා අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් පුරාවටම දුන් පොරොන්දු ඉටු නොකිරීම පිලිබඳව ඔවූහු දැඩි පිලිකුල ප්‍රකාශ කලහ.
දෙසැම්බර් 2 වන දින, වාර්තාකරුවෝ සුරක්ෂිත මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන ලද මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයට ගියහ. මාදම්පිටිය, මට්ටක්කුලිය සහ මෝදර වැනි අවට ප්‍රදේශවලින් පවුල් 200 කට වැඩි පිරිසක් එහි නවාතැන් ගෙන සිටිති.
47 වියැති සුනේත්‍රා මෙලෙස කීවා ය: “අපි මෙහාට ආවේ 26 වෙනිදා. දනිස් මට්ටමට වතුර පිරුන. ගන්න දෙයක් නෑ ගෙදර භාගයක් විනාශ වෙලා“ යනුවෙනි. ගැටලුවට ඇති එකම විසඳුම “අපිට හොඳ නිවසක් ලැබෙන එක' බව ඇය වැඩිදුරටත් පැවසුවා ය.
ගෙවල් දෙන බව අඟවමින් රාජ්‍ය නිලධාරීන් “ඇවිල්ල නම් ලියාගෙන නොම්මර දාලා ගියා. තවම ගෙවල් දුන්නේ නැහැ. මේ මිනිස්සු හරියට දුක් විඳිනවා” යයි තවත් කාන්තාවක් සඳහන් කලාය.
පසුව මෙම පිරිස තමන් මුහුන දී ඇති ඛේදජනක තත්ත්වය පෙන්නුම් කිරීම සඳහා වාර්තාකරුවන් තම නිවහන් ප්‍රදේශයට කැඳවාගෙන ගියහ. එම ප්‍රදේශය ඉතාමත් අපිරිසිදු ජලයෙන් යට වී තිබුනි. මෙවර ගං වතුරෙන් සිදු වූ හානිය 1989,1999 හා 2016 ට වඩා නරක බව ප්‍රදේශවාසීහු පැවසූහ.
“අපේ දෙමව්පියන් වතුරට යට වුනා, අපිත් වතුරට යට වෙනවා, අපේ ලමයිනුත් වතුරට යට වෙයි ද?” යැයි සිවරාජනී විමසී ය.
දිවයින පුරා සිදු වී ඇති ඉමහත් විනාශය පිලිබඳව තවත් කාන්තාවක් හැඟුම්බරව කතා කලා ය. “ලංකාව ඛේදවාචකයට මුහුන දීලා. කොතරම් අය පීඩාවට පත්වෙලාද කියල අහන කොට හදවත කම්පා වෙනවා. අනෙක් අය සමග සංසන්දනය කරන කොට අපි යම් තරමකට ආරක්ෂිතයි කියල හිතෙනවා” යැයි ඇය පැවසුවා ය. “තුන්සිය ගානක් මැරිලා. මිනිසුන්ට කලින් දැනුම් දීලත් නැහැ” යැයි ඇයගේ සැමියා ආන්ඩුවට චෝදනා කලේ ය.
අනතුරුව වාර්තාකරුවෝ කොලොන්නාවේ ටෙරන්ස් සිල්වා විදුහලේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයට ගියහ. මෙගොඩ කොලන්නාව, සිංහපුර, ලන්සියාවත්ත, කොහිලවත්ත යනාදී ස්ථානවලින් පැමිනි පවුල් සීයයක් පමන මෙහි ලැගුම් ගෙන සිටිති.
“මගේ වහලට උඩින් වතුර ආවා. ෆ්‍රිජ් එක, ටීවී එක ඔක්කොම විනාශයි. අපේ ගෙවල්වල වහලවල් සම්පුර්නයෙන් යටවෙලා. වහලවල් පේන්නෙ නැහැ. ලමයින්ට අඳින්න දෙයක් නැහැ. ඇඳුම්, පොත්,බෑග් ඔක්කොම වතුරට ගහගෙන ගියා” යැයි තවත් කාන්තාවක් පැවසුවා ය.
බොහෝ කාන්තාවෝ තමන් මුහුන දී සිටින දුෂ්කරතාවයන් ගැන කතා කලහ. එහි වැසිකිලි පහසුකම්, දරුවන්ට කිරිපිටි හෝ කාන්තාවන්ට සනීපාරක්ෂක භාන්ඩ නොතිබුනි.
නොවැම්බර් 29 දින වාර්තාකරුවෝ ඔරුගොඩවත්තේ කුරුනියාවත්ත සහ මීතොටමුල්ල, කොලොන්නාව සහ වැල්ලම්පිටිය යනාදි ස්ථානවලටත් ගියහ.
කුරුනියාවත්ත පලමුවන පටුමගේ වසර 25ක් පමන පදිංචි වයස අවුරුදු 60 ඉක්ම වූ කාන්තාවක් තම නිවස අඩි දෙකක් පමන ජලයෙන් යට වූ බවත් 2016 මහා ගංවතුරෙන් සියලුම දේවල් අහිමි වූ ඇය යාන්තම් ජීවිතය ගොඩ නඟා ගනිද්දිම මෙම ව්‍යසනයට මුහුන දුන් බවත් සඳහන් කලා ය. “ගොඩාක් වියදම් කරලයි මේ දේවල් ගත්තෙ” යයි නිවසේ භාන්ඩ පෙන්වමින් කීවා ය. අපි දැන් ආයිමත් නැතිවුනා. ඉන්න හිටින්න තැනක් නෑ. මගේ මැෂිම වතුරට යටවෙලා කැඩිල. මගේ මහත්තයටත් අසනීපයි” යනුවෙන් ඇය පැවසුවා ය. ඇය දැන් තාවකාලිකව ඥාති නිවසක නැවතී සිටී.
2016 දී ගංවතුරෙන් සිදු වූ විනාශයෙන් පසුව තමන්ගේ ජීවිත ගොඩනඟා ගැනීම සඳහා කිසිම ආන්ඩුවක් උපකාර නොකල බව ඇය පැහැදිලි කලා ය. “අපිට මොකුත් ලැබිලා නැහැ. ඔක්කොම බොරු කාරයෝ. මොන (දේශපාලන) රැස්වීම්වලට අපි ගියත් වැඩක් නැහැ” යනුවෙන් සියලු ම දේශපාලන පක්ෂ කෙරෙහි ඇති පිලිකුලෙන් ඇය ප්‍රකාශ කලා ය. “අපිට ආධාර එපා. අපට ඕන අපේ දරුවන්ට යහපත් අනාගතයක්” යනුවෙන් පැවසූ ඇය, “වත්තෙ කට්ටිය ගෙවල් ඉල්ලලා තිබුනා ආන්ඩුවෙන්” එහෙත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවූ බව ඇය කීවාය.
කොලොන්නාවේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානයක් වන විද්‍යාවර්ධන විද්‍යාලයට ගිය වාර්තාකරුවන්ට එවැනිම කතාවල් අසන්නට ලැබුනි.
තම බිරිඳ, දරුවන් දෙදෙනා සහ පියා සමඟ ජීවත් වන දෛනික වැටුප් ලබන කම්කරුවෙකු වන මදුසංක මෙසේ පැවසී ය: “වතුර අඩි හයක මට්ටමට එක පාරට ම ආවා. සමහර අය තවමත් ඉන්නේ වහලවල් උඩ. බඩුමුට්ටු මොනවත් ගත්තේ නැහැ. පෙරේදා ඇඳපු ඇඳුම් පිටින් අපි ඉන්නේ. ලමයින්ගේ ඉස්කෝලේ පොත්, බෑග්, සපත්තු, ඉස්කෝලේ අඳින ඇඳුම් කිසිවක් ගන්න බැරි වුනා” යැයි ඔහු කීවේ ය.
“2016 ගංවතුරෙන් ගෙවල් සම්පූර්නයෙන්ම යට වුනා. හැම අවුරුද්දෙම එකපාරක් හරි යට වෙනවා. වැස්ස කියන්නේ අපි අනිවාර්යයෙන්ම අනාතයි. යන්න එන්න තැනක් නැතුව අනාථ වෙනවා, මේ වගේ කඳවුරුවලට එනවා. මේක අපිට පුරුදු දෙයක්” ඔහු වැඩිදුරත් පැවසී ය.
තරුන කම්කරුවෙකු වන සම්පත් මෙසේ කීවේ ය: “මම 26 වෙනිදා රෑ වැඩ ඇරිලා දහයට ගෙදර යද්දිත් වතුර තිබුනේ නැහැ. වෙනද පොඩ්ඩක් වතුර එද්දි අපි දන්නවා දැන් අස්කර ගන්න ඕන කියල. පසුවදා පාන්දර තුන වෙද්දි ගේ යටවෙලා ඉවරයි. පැය දෙක හමාරක් තුනක් ඇතුලත ඔක්කොම පිරුන. ටීවී එකයි ෆ්‍රිජ් එකයි බේර ගත්තා. එච්චරයි අපිට වටින කියන දේකට තියෙන්නෙ. අපිට ලොකු ගෙවල් නැහැ. අපේ උප්පැන්න සහතික, හැඳුනුම්පත් වැනි අත්‍යාවශ්‍යම ලියවිලි වෙන ම තැනක ආරක්ෂිතව තියල තියෙනවා.” ඒවාත් රැගෙන අනෙකුත් දේවල් ගැන අමතක කරලා වහා ම නිවස අත්හැර පැමිනි බව ඔහු තව දුරටත් පැවසුවේ ය.
“අපි මේ වගේ ගං වතුරට අහුවුනාම අපිට වියලි සලාක ටිකක් දෙනවා. කෑම ටිකක් දෙනවා. අපිට ඕන ඒක නෙමෙයි ස්ථීර විසඳුමක් අවශ්‍ය. මේ තැන්වලට වලට එන්නේ අපි කැමැත්තෙන් නෙමෙයි. අපිට යන්න එන්න තැනක් නැති හින්දා. අපි එන්නේ අසරනකමට. කන්න ඉල්ලන්න නෙමෙයි“ යනුවෙන්ද ඔහු තවදුරටත් පැහැදිලි කලේ ය.
සමාජයේ පවතින අසමානතාව ගැන ද ධනපතියන්ගේ පාලනය ගැන ද ඉඟි කරමින් ඔහු පැවසුවේ “සීයක් ගත්තොත් දහයක් අතේ හැම දෙයක් ම තියෙනවා . සියයට 90 ක්ම පාලනය වෙන්නේ ඒගොල්ලන්ගෙ යටතෙ.” මෙම සමාජ ක්‍රමය යටතේ තම ප්‍රශ්නවලට වලට විසඳුම් නැති බවද ඔහු අවබෝධ කරගෙන ඇති ආකාරය ගැන තවදුරටත් පැවසුවේය. “තාක්ෂනය උපයෝගී කර ගෙන වතුර බහින ක්‍රියාවලියක් හදනවනම් කමක් නැහැ” යනුවෙන් තාක්ෂනයේ වාසිය අහිමි කරනු ලබ ඇති ආකාරය ගැන සඳහන් කලේ ය.
“අපිට වඩා අධ්‍යාපනයෙන් දියුනු මිනිස්සු ඉන්නවා, අපි ඒගොල්ලන්ව ඡන්දෙන් පත් කලේ, අපිව නියෝජනය කරන්නයි. ඒගොල්ලෝ පිලියමක් යොදන්න ඕනා” යනුවෙන්ද පැවසූ ඔහු එහෙත් තම අභිලාශයන් ඉෂ්ට නොවන බවද පැවසුවේ ය.
මානව අවශ්‍යතාවලට වඩා පෞද්ගලික ලාභයට ප්‍රමුඛත්වය දෙන ධනවාදය යටතේ යහපත් නිවාස සහ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කල නොහැකි බව වාර්තාකරුවෝ ඔවුන්ට පැහැදිලි කලහ. පුද්ගලික ලාභයට වඩා මානව අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා කම්කරු පන්තිය සටන් කිරීමේ අවශ්‍යතාවය ඔව්හු පෙන්වා දුන්හ.
නිවාස සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික් කාර්යාලය සහ නගර සභාවෙන් නිවාස ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටිය ද ඉන් පලක් නොවූ බව සම්පත් සහ මධුසංක යන දෙදෙනාම පැවසූහ. අසල ඇති හිස් මහල් නිවාස ගොඩනැගිලි ගංවතුරෙන් විපතට පත් වූවන්ට ඇතුලුවීම තහනම් කරනු ලැබ ඇති බව ද ඔවූහු සඳහන් කලහ.
ඔවුන් සමග සිටි කාන්තාවක් මෙසේ පැවසුවාය: “මම අවුරුදු පනස් පහක් මෙතන (සිංහපුර) හිටියේ. හැම අවුරුද්දෙම වතුරට යට වෙනවා. එක්කෙනෙක්වත් ප්‍රශ්න විසඳන්නෙ නැහැ.”
ඡන්දය දුන් සියලු ම ආන්ඩු තමන් නොතකා හැරි බව ද ඇය වැඩි දුරටත් සඳහන් කලා ය.
“කුඩා වැස්සකට පවා මේ ප්‍රදේශය ජලයෙන් යට වෙනවා. නිවාස ප්‍රශ්නය විසඳිය යුතුයි. මෙහි සිටින සෑම කෙනෙක්ම නිවසක් ලැබුනොත් පදිංචියට යාමට අදහස් කරනවා. මේක අපිරිසිදු, මිනිස් වාසයට නුසුදුසු තැනක්” බව කොලොන්නාව ප්‍රදේශයේ මීතොටමුල්ල පදිංචි මහමුදීන් පැවසුවේ ය.
2017 අප්‍රේල් මස 14 දා මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් අත් වූ දැවැන්ත විනාශය මගින් අවම තරමින් 32 දෙනෙක් මරනවලට ගොදුරු වූ අතර නිවාස 142ක් විනාශ වූ බව ද ඔහු සඳහන් කලේ ය. අනතුරුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනතුරුදායක ලෙස මෙහි නිවෙස් සටහන් කර තිබුනද මෙම ජනතාවගේ නිවාස ප්‍රශ්නය නොවිසඳිනි.
මෙම නිවාස වෙනුවට පදිංචිකරුවන්ට වෙනත් තැන්වල නිවාස සපයන බවට පොරොන්දු දුන් නමුත් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව බලයට පත් වී වසරක් ගත වී ඇතත් ඒ පිලිබඳව කිසිදු මුලිකත්වයක් ගෙන නැති බව අසල සිටි කිහිප දෙනෙක් වාර්තාකරුවන්ට පැවසූහ.
වැඩිදුර කියවන්න
- දිට්වා සුලි කුනාටු ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ දැවැන්ත මානුෂීය අර්බුදයක් වැඩෙමින් පවතී
- දිට්වා සුලු කුනාටුව ගම්පොල හා අවට ගම්වලට ඉමහත් විනාශයක් සිදු කරයි
- “අපි ආන්ඩුවෙන් ඉල්ලන්නේ වතුරෙන් යට වෙන්නෙ නැති තැනක ඉඩම් කෑල්ලක් විතරයි”: ජල ගැලීමෙන් විපතට පත් හංවැල්ලේ වැසියෙක්
- “පාසල පවත්වා ගෙන යාමට වෙන තැනක් නොලැබුනොත් මට යන එන මං නැතිවෙනවා”: දිට්වා සුලි කුනාටුවෙන් විපතට පත් පෙර පාසල් ගුරුවරියක්
- දිට්වා සුලි කුනාටුවෙන් 330 කට වැඩි පිරිසක් මරනයට පත්ව ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් වෙති
- බිහිසුනු “දිට්වා” සුලිකුනාටුව රටපුරා සියයට වැඩි පිරිසක් මරනට පත් කරමින් ඉමහත් ව්‍යසනයක් නිර්මාන කරයි
