11-1 පශ්චාත් යුදකාලීන විප්ලවවාදී ව්‍යාපාරයන් බැස යාම ද බ්‍රිතාන්‍ය යටත් විජිතවලට නිල නිදහස ප්රදානය කිරීම ද බීඑල්පීඅයි මත නව ජාතික රාජ්‍ය රාමුවට සහ රාජ්‍ය ව්‍යුහයන්ට අනුගතවීමට ඉමහත් දේශපාලන පීඩනයන් ජනිත කලේ ය. ඊනියා නිදහස මධ්‍යම පන්ති ස්ථරයන්ට, පාර්ලිමේන්තු දේශපාලන ක්ෂේත්රයේ ද පලල් වන රාජ්‍ය නිලධරයේ ද රජය සතු සංස්ථාවල ද අලුත් අවස්ථා විවෘත කර දුනි. ගෝලීය ධනවාදය ස්ථාවරවීම සහ පශ්චාත් යුදකාලීන උත්පාතය, අපනයන භාන්ඩ සඳහා මිල ඉහල දමා පැරනි යටත් විජිත වල ධනපති පන්තියට සීමාසහිත ආකාරයෙන් වුවත් කම්කරු පන්තිය ට සහන දීමට ඉඩ සලසා දුනි. දුර්වල ධනපති පන්තියක් සටන්කාමී කම්කරු පන්තියක ට මුහුන දුන්නා වූ ද එම කම්කරු පන්තියේ කොටස් බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සිටියා වූ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල්හි මෙය විශේෂයෙන්ම සත්‍ය විය. තාවකාලික ආර්ථික සහන, කම්කරු පන්තිය තුල සමාජවාදී විප්ලවයක් අනවශ්‍ය යයි ද පාර්ලිමේන්තු උපාමාරු සහ සටන්කාමී වෘත්තීය සමිති ක්‍රියා මගින් කම්කරුවන්ගේ තත්වය ක්‍රම ක්‍රමයෙන් දියුනු කල හැකි යයි ද ප්රතිසංස්කරනවාදී මිථ්‍යාවන් පෝෂනය කලේය.
11-2 1948-50 අතර අවුරුදුවල බීඑල්පීඅයි දිය කර හැරීමට කේන්ද්‍රීය වූයේ ජාතිකවාදය තුලට පසුබැසීම ය. “ලංකාව සඳහා ක්‍රියාමාර්ගයක්” යන නමින් 1946 දී පල කල බීඑල්පීඅයි වැඩපිලිවෙලේ ආරම්භක කොටස ලංකාවේ සහ ඉන්දියාවේ සමාජවාදී විප්ලවය අත්‍යන්තයෙන් ම එකට වෙලී ඇතැ යි බලගතු ලෙස තර්ක කලේ ය. එහි මෙසේ සඳහන් ය: “මෙම දිවයිනේ විප්ලවවාදී ජනතා ව්‍යාපාරය උච්චම තත්වයට බලමුලු ගන්වනු ලැබුව ද පිටතින් ලැබෙන ආධාරයකින් තොර ව තනිව ම ලංකාවේ තම බලය ආරක්ෂා කිරීම සඳහා, අධිරාජ්‍යවාදය විසින් ඒකරාශී කරනු ඇති බලයන් පරාජය කිරීමට අවශ්‍ය ශක්තිය ජනනය කිරීමට අසමත් වනු ඇත. අධිරාජ්‍යවාදීන්ට ලංකාව හුදෙක් ආර්ථික සූරාකෑමේ ක්ෂේත්රයක් පමනක් නොව සමස්තයක් වසයෙන් තම අධිරාජ්‍යයේ ම ආරක්ෂාව සඳහා අවශ්‍ය වූ වැදගත් මූලෝපායික මුරකපොල්ලක් ද වේ.... අනෙක් අතට ලංකාව පෙරදිග බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලවත් මුර කඳවුරක් ලෙස පවත්වා ගෙන යන තාක් කල්, ඉන්දියාව මුලූමනින් ම නිදහස් කර ගැනීම ද කල නො හැක්කකි. මෙම දෘෂ්ටි ආස්ථානයෙන් ගත් කල්හි අපට කිව හැක්කේ ලංකාවේ විප්ලවවාදී අරගලය, එහි සෑම අදියරක දී ම සමස්ත උපමහද්වීපයේ විප්ලවවාදී අරගලය සම`ග බැඳී තිබෙනු ඇති බවත් සමස්ත ඉන්දියානු විප්ලවය හා සම්බන්ධ ව ප්‍රාදේශීය ස්වරූපයක් අත්පත් කර ගනු ඇති බවත් ය.” කෙසේ වෙතත් බීඑල්පීඅයි ඉන්දියාව බෙදීම ද ශ්‍රී ලංකාවේ “නිදහස” ද හෙලා දුටු නමුත් එම පක්ෂය තම ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයෙන් පසුබැස අලූතින් තනන ලද රාජ්‍යවලට අනුගතවීමට පටන් ගත්තේ ය. ඉන්දියාවේ බීඑල්පීඅයි සහ ශ්‍රී ලංකාවේ බීඑල්පීඅයි සංවිධානාත්මක ව එක්ව පැවැත් ම මූලධාර්මික ප්‍රශ්නයක් නො වූයේ වී නමුත් හතර වන ජාත්‍යන්තරයේ නව ශාඛාවන් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ විප්ලවවාදී ඉදිරිදර්ශනය සඳහා සටන කෙසේ ඉදිරියට ගෙන යා යුතු ද ඉතා සමීප සංවිධානාත්මක සම්බන්ධතාවයක් කෙසේ පවත්වාගෙන යා යුතු ද යන අති මූලික ප්‍රශ්න පිලිබඳව දෘඪ සාකච්ඡාවක් අවශ්‍ය ව තිබුනි. එහෙත් ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදීන් බහුතරයක් දිවයිනට පෙරලා පැමින, ඉන්දියාව නො තකා ලංකාව තම දේශපාලන කටයුතුවල ලක්ෂ්‍යය බවට පත්කර ගැනීම සැබෑ භේදයක් විය ධනවාදයේ පශ්චාත් යුදකාලීන පුනස්ථායීකරනය විසින් නිර්මානය කරන ලද දේශපාලන දුෂ්කරතාවයන් වැඩිවත්ම බීඑල්පීඅයි, සුලු ධනේශ්වර රැඩිකල් පක්ෂ තුලට දිය කර හරින ලදි. මෙයට “ඇතුලුවීමේ උපාය ද වාමාංශික එකතුව ද තම වර්ධනය සඳහා වේගවත් මාවතක් සපයතැ යි” යන සාවද්‍ය උපකල්පනය යොදා ගැනුනි.
11-3 ඉන්දියාවේ බීඑල්පීඅයි කොන්ග්රස් සෝෂලිස්ට් පක්ෂය-1948 කොන්ග්රසයෙන් බිඳී වෙන්වීමත් සමග තනන ලද සමාජවාදී පක්ෂය - තුලට ඇතුලු කිරීම සඳහා තල්ලුව හා ආරම්භකත්වය ගනු ලැබුවේ ලසසපයේ අවස්ථාවාදීන් විසින් ය. තමන්ගේ “ඇතුලුවීමේ උපාය,” 1930 ගනන්වල ඇමරිකාවේ සමාජවාදී පක්ෂය හා කම්කරුවන්ගේ ජාත්‍යන්තරයේ ප්රන්ස ශාඛාව (එස්එෆ්අයි ඕ) තුල සිටි වැදගත් ස්ථරයන් ජාත්‍යන්තර වාම විපාර්ශවයට දිනා ගැනීම සඳහා ක්‍රියාත්මක කල යුතු යයි එවකට ට්‍රොට්ස්කි යෝජනා කල ඇතුලුවීමේ උපායට සමාන්තර යයි ඉන්දියාවේ බීඑල්පීඅයි තුල සිටි ලසසප ආධාරකරුවෝ තර්ක කලහ. ඇත්ත වශයෙන් 1930 ගනන්වල ඇතුලු වීමේ උපාය ක්‍රියාත්මක කරන ලද්දේ සමාජ ප්රජාතන්ත්ර සංවිධානයන් තුල කම්කරු පන්තියේ රැඩිකලීකරනයක් සිදුවෙමින් පැවති තත්වයක් තුල, කෙටි කාලින උපායාත්මක පියවරක් ලෙස ය. ට්රොට්ස්කිවාදිහු මෙම පක්ෂයන් තුල තමන්ගේ දේශපාලන කටයුතු සඳහා සැලකිය යුතු නිදහසක් තබා ගනිමින්, තමන්ගේ විප්ලවවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් වැද, කම්කරුවන් සහ තරුනයින් සැලකිය යුතු කොටසක් දිනාගත්තෝ ය. වමට නො ව දකුනට, ජාතිකවාදී මාවතක් ඔස්සේ පාර්ලිමේන්තුවාදය දෙසට ගමන් කරමින් සිටි ඉන්දියාවේ සමාජවාදී පක්ෂයට මෙම එකදු කොන්දේසියක්වත් ගැලපුනේ නැත. 1947 බීඑල්පීඅයි සම්මේලනයේ දී ඇතුලූවීමේ උපාය විවාදයට භාජන කොට පරාජයට පත් කරන ලද නමුත් එම උපායට පක්ෂ වූවෝ සමාජවාදී පක්ෂයේ සාමාජිකත්වය තුල ඉදිරි කාලයේ දී රැඩිකලීකරනයක් වෙතැ යි යන අපේක්ෂාවෙන් එම පක්ෂය තුලට දීර්ඝ-කාලීනව ඇතුලත්වීමක් වෙනුවෙන් තර්ක කරමින්, මෙම ප්රශ්නය තවදුරටත් ඉදිරියට ගෙන ගියහ. මොනයම්ම හෝ හදිසි අපරීක්ෂාකාරී පියවරකට එරෙහිව පැරිසියේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලය කල අනතුරු ඇඟවීම් නොතකා හල බීඑල්පීඅයි, 1948 ඔක්තෝබරයේදී කල්කටාවේදී පවත්වන ලද විශේෂ සම්මේලනයකදී සමාජවාදී පක්ෂයට ඇතුලූවීමේ යෝජනාවක් සම්මත කලෝය.
11-4 සමාජවාදී පක්ෂයට ඇතුලුවීම මුල සිට ම නස්පැත්තියක් විය. බීඑල්පීඅයි සාමාජිකයින්ට ඇතුලුවීම සඳහා ඉල්ලූම් පත්‍ර දැමීමට සිදු වූයේ පුද්ගලයන් වශයෙනි. වෙන් වූ අභ්‍යන්තර කන්ඩායමක් ගොඩනැගීමට හෝ අභ්‍යන්තර සාකච්ඡා බුලටීනයන් බෙදා හැරීමට ඉඩක් ලැබුනේ ද නැත. ඒ සමග ම සමාජවාදී පක්ෂය තමන්ගේ ම පක්ෂ යාන්ත්‍රනය ගොඩනගා ගැනීම සඳහා පැරනි බීඑල්පීඅයි සාමාජිකයන්ගේ හැකියා ගසා කෑවේය ය. විශේෂයෙන් ම සමාජවාදී පක්ෂයට අනුගාමිත්වයක් නොතිබූ මදුරාසියට මෙය අදාල විය. සමාජවාදී පක්ෂ නායකත්වය තවතවත් දකුනට පනිත් ම එය මොන ම විවේචනයක් හෝ විවාදයකට ඉඩ වඩවඩා අවුරා දැමී ය. 1952 දී ඇති වූ මැතිවරන පසුබෑමෙන් පසු ව සමාජවාදී පක්ෂය ධනේශ්වර කිෂාන් මස්දූර් ප්‍රජා පක්ෂය සමග ඒකාබද්ධ වූ කල්හි පැරනි බීඑල්පීඅයි සාමාජිකයෝ, අන්තිමේදී සමාජවාදී පක්ෂයෙන් බිඳී වෙන්වූහ. එහෙත් මේ වන විට හතර වන ජාත්‍යන්තරය තුල ම ද බීඑල්පීඅයි අනුගත වූ වර්ගයේ ම දේශපාලන පීඩනයන්ට අනුගත වූ මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩල් ගේ අවස්ථාවාදී ප්රවනතාවයක් ඉස්මත්තට පැමින තිබුනු අතර, බීඑල්පීඅයි සංවිධානයේ ඉතුරු කොටස වේගයෙන් වනසා දැමීමට පැබ්ලෝවාදය සමත් විය.
11-5 ශ්‍රී ලංකාවේ දී බීඑල්පීඅයි, ලසසපයට ඇතුලත් විය යුතු ය යන පීඩනය වැඞී ආවේ ය. 1949 ඇති වූ අතුරු මැතිවරනයක දී “වාම ඡන්දය” බෙදී යාම එජාපයට ජයග්රහනයක් අත්පත් කර දීම, මෙයට නිමිත්ත කර ගත්තේය. මෙම අතුරු මැතිවරන ප්‍රතිඵලය පක්ෂය පාර්ලිමේන්තු සහ වෘත්තීය සමිති ක්ෂේත්රයන්හි දී ශක්තිමත් කිරීම සඳහා එක්සත් භාවය අවශ්‍ය ය යන තර්කය සඳහා උපයෝගී කර ගන්නා ලදි. ලසසප ඉතිහාසය පිලිබඳ විවිධාකාර වාර්තාවල, 1950 ජූනියේ දී සිදු වූ බීඑල්පීඅයි-ලසසප එකමුතුව ට්‍රොට්ස්කිවාදී පක්ෂ දෙකක එකමුතුවක් ලෙස ඉදිරිපත් කරනු ලැබේ. ඇත්ත වසයෙන් නම් එය වනාහි, ඉතා වේගයෙන් පාර්ලිමේන්තුවාදයට සහ සින්ඩිකල්වාදයට අනුගත වෙමින් පැවති අවස්ථාවාදී නිර්මිතයක් තුලට බීඑල්පීඅයි දියකර හැරීමක් විය. මෙම එකමුතුවේ ප්‍රතිඵලයක් ලෙස, විපක්ෂයේ විශාලතම කන්ඩායමේ නායකයා ලෙස ඉස්මතු වූ එන්.එම්. පෙරේරා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා බවට පත් විය. ලසසපයේ රාමුවට අනුගතවීමට අකමැති වූ පිලිප් ගුනවර්ධන තවත් අඩියක් දකුනට ගනිමින් සමසමාජ පක්ෂයෙන් මුලූමනින් ම වෙන් වී තමන්ගේ ම පක්ෂය තනා ගත්තේ ය. එයට විප්ලවකාරී සමසමාජ පක්ෂය (වි සමසමාජය) යි නම් කරන ලදි.
11-6 එක්සත් කරන ලද ලසසපයේ ක්‍රියාමාර්ග හුදෙක් ලංකාවට පමනක් සීමා වූ එකක් විය. එය, බීඑල්පීඅයි සහ හතර වන ජාත්‍යන්තරය ගමන් කර තිබුනු තීරනාත්මක මූලෝපායික අත්දැකීම් මොනයම්ම හෝ ආකාරයෙන් විග්රහ කිරීම මගහැර ගැනීම සඳහා සකස් කරන ලද වියුක්ත සත්යාලාප මාලාවක් විය. එය ආසියාවේ අන් කිසි තැනක හෝ ජාත්‍යන්තරව තබා, ලංකාවේ වත් කම්කරු පන්තියේ පශ්චාත් යුදකාලීන දේශපාලන අත්දැකීම් එකක් වත් ගැන සඳහන් කලේ නැත. වසරකට නොඅඩු කාලයකට පෙර සිදු වී තිබුනු චීන විප්ලවය ගැන එහි සඳහන් කෙරුනේ ම නැත. නො නවතින විප්ලව න්‍යාය පිලිබඳ මොන ම පැහැදිලි සඳහනක් වත් එහි නො වී ය. කලින් අවුරුදු පහ තුල ඉස්මත්තට ආ දේශපාලන මතභේද ගැන ද කිසිවක් සඳහන් කලේ නැත. පක්ෂය, “ජාත්‍යෝත්තමවාදයේ සියලු රූපාකාරයන්ට සම්මුති විරහිත ව විරුද්ධ යයි” ප්‍රකාශ කල නමුත් ලසසප 1947 දී -පෙරේරා සහ ගුනවර්ධන- බන්ඩාරනායකගේ වර්ගවාදී දේශපාලනයට අනුගත වීම ගැන සාකච්ඡා කලේ ද නැත. ඒ අයුරින්ම “සැබෑ ජාතික නිදහසේ” අවශ්‍යතාව පිලිබඳ සඳහන් කල එය, 1948 නිදහස් පනත පිලිබඳ ඡන්දයේ දී ලසසප ය විරුද්ධව ඡන්දය දීමෙන් වැලකී සිටියේ මන් ද යන්න ගැන කතා කලේ ද නැත. ඇත්ත වසයෙන් ම මෙම “එකතුව” සමසමාජවාදය කරා, එනම් ලංකාවේ රැඩිකල්වාදයේ ජාතික සම්ප්රදාය කරා ආපසු හැරීමක් පෙන්නුම් කලේ ය. මෙම ප්‍රශ්න සාකච්ඡුා කිරීමට අසමත් වීම, නව පක්ෂය තුල සම්බන්ධතාවයන්ගේ සැබෑ ස්වරූපය එලිදරව් කලේ ය. එන්.එම්. පෙරේරාගේ නායකත්වයෙන් යුතු දක්ෂිනාංශය සැබැවින් ම බලය අල්ලා ගෙන සිටි අතර පැරනි බීඑල්පීඅයි නායකයෝ ඔවුන්ට “ට්‍රොට්ස්කිවාදී” සායමක් තැවරූහ. මෙම අප්රතිපත්තික එක්සත් කිරීමට විරුද්ධවීමට සහ ඒ ගැන දේශපාලන පැහැදිලි කිරීමක් කල යුතු යයි බලකිරීමට මැදිහත් වනවා වෙනුවට, මයිකල් පැබ්ලෝගේ නායකත්වයෙන් යුතු ජාත්‍යන්තර ලේකම් මන්ඩලය කලේ, එයට සම්පූර්න අනුමැතිය දී ලංකා සමසමාජ පක්ෂය හතර වන ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව ලෙස පිලිගැනීම ය.