20-1 1971 ජවිපෙ නැගිටීමෙන් ඉක්බිත්තේ ශ්‍රීලනිප-ලසසප-කොප ආන්ඩුව නැගී එන ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන පෑ අතර ඊට ප්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය මර්දනය පුලුල් කිරීමෙන් හා සිංහල වර්ගවාදය ඇවිස්සීමෙනි. 1956 දී “සිංහල පමනක්” ප්‍රතිපත්තියට විරුද්ධ වූ කොල්වින් ආර්. ද සිල්වා, 1972 දී ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ඇමති වශයෙන් බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් ද සිංහල එකම රාජ්‍ය භාෂාව වශයෙන් ද නිල වසයෙන් ස්ථාපිත කල නව ව්‍යවස්ථාවක් සැකසීමේ මුඛ්‍ය ක්‍රියාකලාපය ඉටු කලේය. රාජ්‍ය අංශයේ රැකියා දීමේදී හා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ දී දෙමල ජනතාවට වෙනස්කම් කිරීමේ පියවර ක්‍රියාවට නගන ලදී. ෆෙඩරල් පක්ෂය, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය හා වතු කම්කරුවන්ගේ ප්‍රධාන සංවිධානය වූ ලංකා වතු කම්කරු සංගමය (සීඩබ්ලිව්සී) යන දෙමල පක්ෂ, නව ව්‍යවස්ථාවට දැඩි විරෝධය පලකරමින් 1975 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුන (ටීයූඑල්එෆ්) බවට පරිවර්තනය වූ ද්‍රවිඩ එක්සත් පෙරමුන හෙවත් ටීයූඑෆ් පිහිටුවා ගත්හ20-2 1973-74 තෙල් කම්පන හා ගෝලීය ආර්ථික පසුබෑම ශ්‍රී ලංකාවට තදින් බලපෑවේය. විශේෂයෙන්ම තෙල් හා ආහාර ද්‍රව්‍ය ආනයන ඇතුලු පිම්මේ ඉහල නැගි භාන්ඩ මිල, දරුනු විදේශ විනිමය අර්බුදයක් නිර්මානය කලේය. මුදල් ඇමති එන්.එම්. පෙරේරා, ආහාර ආනයන මත දැඩි සීමාවන් පැනවීම, සහල් ප්‍රවාහනයේ දී රාජ්‍ය ඒකාධිකාරය ඇති කිරීම හා වැටුප් කැටි කිරීමක් ඇතුලු ජාතික ආර්ථික නියාමනය තව තවත් දැඩි කරමින් ඊට ප්‍රතිචාර දැක්විය. මෙම ප්‍රතිපත්ති කම්කරු පන්තිය හා ගම්බද ජනතාව අතර දරුනු ආර්ථික අහේනියක් නිර්මානය කලේය. වතුකරයේ විරැකියාව, අර්ධ විරැකියාව හා ඉහල නගින මිල ගනන් අන්ත දුප්පත් කමටත් සිය ගනන් සාගතයෙන් මිය යාමටත් තුඩු දුන්නේය. බන්ඩාරනායක, 1974 ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග ඇති කර ගත් ගිවිසුමක් මගින් වතු කම්කරුවන් බලහත්කාරයෙන් පිටමං කිරීම වේගවත් කරමින් ප්‍රතිචාර දැක්වූවාය. හවුල් ආන්ඩුව කෙරේ පලවූ පැතිර ගිය විරුද්ධත්වය කම්කරු පන්තියේ නැගී ආ සටන්කාමී රැල්ලක් නිර්මානය කලේය.
20-3 1970 දී විකොස දේශපාලන පිලිවෙත සම්බන්ධයෙන් ඇති කර ගත් පැහැදිලිකම, වර්ධනය වන ජනතා ව්‍යාපාරය තුල පක්ෂයේ මැදිහත් වීමේදී තීරනාත්මක වූ බව සනාථ කෙරුනි. ලසසප-කොප ශ්‍රීලනිපයෙන් කැඞී කම්කරු-ගොවි ආන්ඩුවකට හා සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වැදිය යුතුය යන පක්ෂයේ ඉල්ලීම, හවුල් ආන්ඩුව කෙරෙහි ගැඹුරින්ම සතුරුව සිටි කම්කරුවන් සැලකිය යුතු ස්ථරයකගේ මනෝගතීන් සමග අන්තර්ෙඡ්දනය විය. රත්මලාන දුම්රිය වැඩ බිම්, මහ බැංකුව හා රජය සතුව තිබුනු තුල්හිරිය රෙදි කම්හල යන තැන්වල ද සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීමට විකොස ගෙන ගිය අරගලය පිලිබිඹු කරමින් යාපනය අර්ධද්වීපයේ සීනොර් කම්හලෙහි ද සැලකිය යුතු වෘත්තීය සමිති කන්ඩායම් ගොඩනැගීමට පක්ෂයට හැකිවිය.
20-4 ආන්ඩුවේ අර්බුදය උත්සන්න වෙත්ම, බන්ඩාරනායක ප්රජාතන්ත්ර විරෝධී විධික්රමයන් වෙත නැඹුරු වූවාය. ශ්‍රීලනිප නායකත්වයෙන් යුක්ත ආන්ඩුව, 1972 ව්‍යවස්ථාදායක සභාව තුල එය සතුවූ අති මහත් බහුතර බලය ගසා කමින් අත්තනෝමතික ලෙස සිය නිල කාලය 1977 දක්වා දෙවසරකින් දීර්ග කර ගති. එය ජවිපෙ නැගිටීම අවධියේ පනවන ලද හදිසි නීතිය දිගටම තබාගනිමින් මාධ්‍ය හා දේශපාලන විරුද්ධවාදීන් මැඞීම පිනිස එම රෙගුලාසි යොදාගත්තේය. ආර්ථික පිලිවෙත මුල් කරගෙන වර්ධනය වුනු මතභේද හමුවේ බන්ඩාරනායක, 1975 දී ලසසප ඇමතිවරු නෙරපා හැර දිවයින ප්‍රථම වතාවට විදේශ ආයෝජන සඳහා විවෘත කිරීමේ දිසාවට පලමු පියවර තැබීම ඇරඹුවාය.
20-5 1975 සැප්තැම්බරයේ දී ලසසප ආන්ඩුවෙන් නෙරපා හැරිය තැන් පටන් 1977 ජූලියේ දී එය මුහුනදුන් ව්‍යසනකාරී පරාජය දක්වා වූ කාලය සටහන් වන්නේ ශ්‍රී ලංකාවේ ධනේශ්වරය මුහුන දුන් තියුනු දේශපාලන අර්බුදයේ අවධියක් ලෙසය. එය 1968 පටන් ජාත්‍යන්තරව දිගහැරුනු විප්ලවවාදී නැගිටීම්වල කාලපරිච්ෙඡ්දයේ එක් කොටසක් විය. බන්ඩාරනායකගේ කප්පාදු පිලිවෙත් වැඩෙන වැඩවර්ජන රැල්ලකට තුඩු දුන් අතර විකොස එය තුල වඩවඩා ප්රමුඛ ක්රියාකලාපයක් ඉටු කලේය. පක්ෂයේ වැඩෙන බලපෑම ගැන උත්සුක වූ ආන්ඩුව පාර්ලිමේන්තුවේ දී ප්‍රසිද්ධියේ ම එයට පහර එල්ල කලේය. අරගලයන්ගේ උච්චම අවස්ථාව එලඹියේ 1976 පසු භාගයේදී ය. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී ශිෂ්‍යයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය මුල් කර ගෙන නොවැම්බරයේ පැනනැගි පුලූල් ශිෂ්‍ය පෙලපාලිවලට දස දහස් ගනන් කම්කරුවෝ ද සහභාගී වූහ. 1976 දෙසැම්බරයේ දී රත්මලාන දුම්රිය වැඩපලේ වැඩ නතර කිරීමකින් ආරම්භ වී දුම්රිය සේවය පුරා වේගයෙන් පැතිර ගිය මහා වැඩවර්ජන ව්‍යාපාරයක් පැන නැංගේය. ආන්ඩුව වැඩ වර්ජනය තහනම් කල නමුත් එය, අනෙකුත් රජයේ සේවකයින් ද වැඩවර්ජනයට එක්වීම වේගවත් කලේය. සති ගනනක් යන තෙක්ම බන්ඩාරනායක ආන්ඩුවේ ඉරනම අවිනිශ්චිත විය.
20-6 කම්කරු පන්තියේ මෙම අධිෂ්ඨානශීලී ප්‍රහාරය හමුවේ ධනේශ්වර පාලනයේ පන බේරුනේ මහජන ව්‍යාපාරය, බලය අල්ලා ගැනීමේ අරගලයක් බවට පරිවර්තනය වීම වැලැක්වූ ලසසප, කොප හා ලසසප(වි) නායකයින්ට පින්සිදු වන්නටය. කොමියුනිස්ට් පක්ෂය, වැඩවර්ජකයින්ට එරෙහි පොලිස් රාජ්‍ය මර්දන පියවරයන්ට සහයෝගය දෙමින් ආන්ඩුව තුල රැඳී සිටි අතර, එය පාලක සභාගයෙන් ඉවත් වූයේ, වැඩවර්ජන තලා දැමීමෙන් පසුව 1977 පෙබරවාරියේදී ය. වැඩවර්ජන ව්‍යාපාරය “අදේශපාලනික” බව ප්‍රකාශ කරමින් ලසසප නායකයෝ වැඩ වර්ජක කම්කරුවන්ට සහාය දීම හෝ බන්ඩාරනායක ආන්ඩුව හෙලීමේ කිසිදු කැඳවුමක් කිරීම ප්‍රතික්ෂේප කලහ. ලසසප(වි) නායක බාලා තම්පෝ යටතේ වූ සීඑම්යූව, වැඩ වර්ජනයට සම්බන්ධ වීම පවා ප්‍රතික්ෂේප කල අතර සීඑම්යූ සාමාජිකයින් බලමුලූ ගැන්වීමේ විකොස උත්සාහයන්ට විරුද්ධ විය.
20-7 ලසසප හා කොප, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකටත් සමාජවාදී ප්‍රතිපත්ති සඳහාත් සටන් කල යුතුය යන විකොස ඉල්ලීමට පහර දීමේදී ලසසප(වි) හා ඉන් කැඞී ගිය විවිධ කන්ඬායම් තීරනාත්මක කි‍්‍රයාකලාපය ඉටු කලේය. ලසසප හා කොප යන ප්රතිසංස්කරනවාදී පක්ෂ බලය ගතයුතු යයි ඉල්ලා සිටීම මගින් ඔවුන් පිලිබඳව මිත්‍යාවන් ගොඩනගන්නේ යයි අන්ද්‍රාදි විකොස විවේචනය කලේය. කෙසේ වෙතත් විකොස ඉල්ලීම එල්ල කලේ එම පක්ෂ නගා සිටුවීමට නොව, අකැමැත්තෙන් වුවත් තවමත් නායකත්වය සඳහා එම පක්ෂ දෙස නෙත් යොමුකර සිටි කම්කරු පන්තියේ සමාජවාදී-හිතැති කොටස් මත පවත්නා එම පක්ෂවල ග්රහනය බිඳීම සඳහා ය. වාම හඬක් සහිත අන්ද්‍රාදිගේ හෙලා දැකීම්, සැබවින්ම නම්, ලසසප හා කොප හෙලිදරව් කිරීමේ අත්‍යවශ්‍ය දේශපාලන කර්තව්‍යය පැහැර හැරීම මගින් කම්කරුවන් එම පක්ෂවල අත යටටම තල්ලූ කිරීමක් විය. ලසසප, කොප හා ලසසප(වි) මෙම මහජන ව්‍යාපාරය පාවාදීම එජාපයට යලි බලයට පැන ගැනීමට පාර කැපීය. 1977 ජූලි මැතිවරනයෙන් සභාග ආන්ඩුව අන්ත පරාජයක් ලැබීය. එජාපය මුලූ ආසන 168න් 140ක් දිනාගත් අතර ශ්‍රීලනිප ආසන 8ට වැටුනි. ලසසප, කොප ඔවුන්ගේ සියලූ ආසන අහිමිකර ගත්හ.
20-8 විකොස ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තුල පැරනි නායකත්වයන්ට එරෙහි සිය දේශපාලන අරගලය ගැඹුරු කරන අතර තුර කවිප, බි්රතාන්යය තුල එවන් සටනකින් ඉවතට ගමන් කරමින් සිටියේය. 1974දී බි්රතාන්යයේ හීත් ආන්ඩුව පතල් කම්කරුවන්ගේ අධිෂ්ඨානවත් වැඩ වර්ජනයක ප්‍රතිපලයක් වශයෙන් බිඳ වැටීමෙන් පසුව සුලූතර ලේබර් ආන්ඩුවක් බලයට පත් විය. ටෝරි විරෝධය යන්තම් ඉක්ම වූ පදනමක ඊට පෙර වසරේ පිහිටුවා තිබූ කවිපය, සාමාජිකයින් සිය ගනනක් අහිමිවීමට ද ප්රමුඛ වෘත්තීය සාංගාමිකයකු හා පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ද වූ ඇලන් තෝනට් විසින් නායකත්වය දුන් ප්‍රතිපත්ති විරහිත දක්ෂිනාංශික කන්ඩායමකට ද මුහුන පෑවේය. ලේබර්වාදයේ පන්ති ස්වභාවය සාමාජිකයන්ට පැහැදිලි කරන අරගලයකට පිවිසෙනු වෙනුවට කවිපය, කිසිදු දේශපාලන සාකච්ඡුාවකින් තොරව තෝනට් කන්ඩායම නෙරපා හැරියේය. කවිප කම්කරුවන් දේශපාලනිකව උගන්වා ගැනීමේ ඉවසිලි සහගත අරගලය අතහැර දැමීම, 1975 ජූලි මාසයේ දී ලේබර් ආන්ඩුව හෙලීම සඳහා කැඳවුම් කිරීමෙන් සලකුනු කලේය. එවන් කැඳවුමක් කලේ, බොහෝ කම්කරුවන් තවමත් ලේබර් පක්ෂයට පක්ෂපාතිත්වයක් දක්වන කොන්දේසි තුල හා විප්ලවවාදී පක්ෂය විකල්පයක් ඉදිරිපත් කිරීමට තරම් තත්වයක නොසිටිය දී ය. වාම හඬක් සහිත මෙම අවසන් නිවේදන පිටුපසින් පැවතියේ, කවිප ලේබර් නායකත්වයට එරෙහි දේශපාලන අරගලය අතහැර දමා වෘත්තීය සමිති නිලධරයේ කොටස්වලට අනුගත වීමයි.
20-9 කවිප එයට සමාන ආස්ථානයක් විකොස මත පැටවීමට ද උත්සාහ කලේය. 1975 සැප්තැම්බරයේ බාලසූරිය වෙත යොමුකල ලිපියකින් මයික් බන්ඩා මෙසේ ප්‍රකාශ කලේය: “යලි වතාවක් ප්රචාරකවාදී වලිගය මාක්ස්වාදී බල්ලා වැනීම ගැන මම කනස්සල්ලට පත්ව සිටිමි. ඔබගේ පුවත්පත්, සංශෝධනවාදීන් හෙලිදරව් කිරීමට (නිවැරදි ලෙස) බොහෝ ඉඩක් වෙන්කර ඇතත්, බලය සඳහා අරගලයක් හරහා වියුක්තයන් සංයුක්ත කර වර්ධනය කිරීමට සෑහෙන ඉඩක් වෙන් නොකිරීමෙන් පිලිබිඹු වන්නේ එයයි.” පක්ෂය “මාධ්යමිකවාදීන්ට යටත්වීමෙන් අවසන්වනු” ඇතැයි අනතුරු අඟවමින් බන්ඩා විකොසට යෝජනා කලේ, ලසසප හා කොපට ඉල්ලීම් ඉදිරිපත් කිරීම අතහැර දමා, ශ්‍රීලනිප ආන්ඩුව හෙලීම සඳහා කැඳවුම් කරන ලෙසයි. ලසසප හා කොප හෙලිදරව් කිරීමේ සිය අරගලය විකොස අප්‍රතිහත ලෙස ගෙන ගියේ ඔවුන් කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා මාවත ගතයුතු බව කියා සිටිමිනි. තවද පක්ෂයේ ඊනියා “ප්රචාරකවාදය”, එනම්, බාලසූරිය 1975 දී අන්ද්රාදිට ලියන ලද, පොතක් තරම් දිග හතරවන ජාත්‍යන්තරයේ ආරක්ෂාව සඳහා: ප්‍රති ට්‍රොට්ස්කිවාදී වංචාකාරකයෙකුට පිලිතුරක් ද ඇතුලත් විවිධ පැබ්ලෝවාදී කන්ඩායම්වලට එරෙහි ඔහුගේ විවාද, කම්කරු පන්තිය තුල පක්ෂයේ මැදිහත්වීම් සඳහා අත්‍යවශ්‍ය සූදානම ඇති කලේය.
20-10 1975-77 නැගිටීම් තීරනාත්මක දේශපාලන පරික්ෂනයක් බව සනාථ විය. සිය දේශපාලන පිලිවෙත පිලිබඳව 1970 පැහැදිලි කිරීම් මත පදනම් වූ විකොස, පන්ති විඥාත කම්කරුවන් අතර තම තත්වය බෙහෙවින් වැඩි දියුනු කර ගත්තේය. සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත බන්ඩාරනායක ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය බලමුලූ ගැන්වීම සඳහා සටන්කලේ එම පක්ෂය පමනි. බාලා තම්පෝ, සමරක්කොඩි හා අන්ද්‍රාදි විසින් මෙහෙය වන ලද ලසසප(වි) සියලූ කැබලි කිසිදු කි‍්‍රයාකාරිත්වයකින් තොරව පැවති අතර ඒවා ඊලඟ වසර කිහිපය තුල ශ්‍රී ලංකාවේ දේශපාලනයෙන් අතුරුදහන් වී ගිය තරම්ය. ඔවුන්ගේ තැන ගනු ලැබුවේ හිටපු ලසසප සාමාජිකයින්ගෙන් සැදුම් ලත් 1978 පිහිටුවන ලද නව සමසමාජ පක්ෂය (නසසප) යි. නසසප ආරම්භකයෝ 1964 පාවාදීමට ද දෙවන සභාග ආන්ඩුවට හා එහි වර්ගවාදී ප්‍රතිපත්තිවලට ද සහයෝගය දී තිබුනි. ඔවුන් වැඩවර්ජන රැල්ල පුරාවට ම ලසසපයේ ලැග සිටි අතර එය හැර ගියේ 1977 මැතිවරන වින්නැහියෙන් පසුව පමනි. එහි නමෙන්ම පෙන්වන පරිදි නසසප හුදෙක් පැරනි අවස්ථාවාදී සමසමාජවාදයේ ම අලූත් මුහුනක් පමනි. එය ලසසපයේ පන්ති සහයෝගිතා දේශපාලනය හා සභාගවාදය අඛන්ඩව ගෙන යමින් ඊට හරියට ම ගැලපෙන පරිදි 1991 දී පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව බවට පත් විය.
20-11 ශ්‍රී ලංකාවේ බන්ඩාරනායක ආන්ඩුවෙහි නැගීම හා වැටීම, දකුනු ආසියාවේ වෙනත් තැන්වලට ද කැපී පෙනෙන සමාන්තරයක් පෙන්වීය. 1970 ගනන්වල ආර්ථික අර්බුදය මධ්‍යයේ පකිස්ථානයේ සුල්ෆිකාර් අලි බූටෝගේ හා ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිගේ ආන්ඩු, කම්කරු පන්තිය හා පීඩිත ජනතාව ධනේශ්වරයට බැඳ තබාගැනීමට උත්සාහ කලේ ව්‍යාජ සමාජවාදී පූච්චානම් හා ජනතාවාදී ජාතිකවාදය තුලින් ය. ආන්ඩු දෙකම ආරම්භයේදී ඉතා සීමිත ප්රතිසංස්කරන කි‍්‍රයාත්මක කල අතර පසුව කම්කරු පන්තිය සමග මුහුනට මුහන ගැටුමට පැමිනි කල, විරුද්ධත්වය මැඬීම සඳහා ඒකාධිපති ක්‍රමවේදයන් කරා හැරුනහ. පකිස්ථානයේ හා ඉන්දියාවේ දී, විවිධ ස්ටැලින්වාදී පක්ෂ, මෙම වාම යයි කියන ලද තන්ත්රයන්ට අභියෝග කිරීමෙන් කම්කරු පන්තිය වැලැක්වීමේ දී ද එමගින් ධනේශ්වරයට යලිත් ආරම්භකත්වය ගැනීමට ඉඩ සැලසීමේ දී ද තීරනාත්මක කි‍්‍රයාකලාපයක් ඉෂ්ඨ කලහ. 1977 මාස පහක කාල පරාසය ඇතුලත භූටෝ, ගාන්ධි හා බන්ඩාරනායක යන සියල්ලෝම බලයෙන් ඇද වැටුනි. ධනේශ්වර දේශපාලනය ඉන්පසු තියුනු ලෙස දකුනට මාරු විය. එහෙත් ඉන්දිරා ගාන්ධි සම්බන්ධ ප්රශ්නයේ දී, 1980 දී යලි බලයට පත්වීමත් සමග, ඇය ම මෙම මාරුව මූර්තිමත් කලාය. පකිස්ථානයේ දී, වොෂින්ටනයේ දිරිගැන්වීම් මත ජෙනරාල් මොහමඞ් සියා උල් හක් විසින් මෙහෙයවූ හමුදා කුමන්ත්රනයකින් භූටෝ බලයෙන් පහ කරන ලදී. මෙම ආන්ඩු කල් පවත්නා ප්රතිගාමී උරුමයක් ඉතිරිකර ගියේය. එය වනාහි, ස්වෝත්තමවාදයෙන් පිරුනු ඔවුන්ගේ “වාම” ජනතාවාදය සහ 1980 ගනන්වල දකුනු ආසියාව පුරා ජන වාර්ගික-වර්ගෝත්තමවාදී දේශපාලනය ගුනාත්මකව උත්සන්න කිරීමක් සඳහා බීජ වැපිර වූ, ජාතික හා ආගමික-වාර්ගික අනන්‍යතාවන්ට ඔවුන් කරන ලද ආමන්ත්රනයන්ය.