24-1 ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කල පරිදි: “1985-86 භේදය වනාහි, නිසැකව ම, හතරවන ජාත්‍යන්තරයේ වර්ධනයේ ඓතිහාසික සන්ධිස්ථානයකි. එය, 1953 ජාත්‍යන්තර කමිටුව පිහිටුවනු ලැබීමෙහි සිට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව ගෙන ගිය දිග්ගැස්සුනු අරගලයේ කූටප‍්‍රාප්තිය යි. පැබ්ලෝවාදී අවස්ථාවාදීන් විසින් නිර්මානය කරන ලද විභේදනයේ හා ව්‍යාකූලත්වයේ දීර්ඝ කාලපරිච්ඡේදය අවසානයකට එමින් තිබේ. ජාත්‍යන්තර කමිටුවේ ධජය යටතේ ලොව පුරා සියලු අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීන්, එනම් විප්ලවීය මාක්ස්වාදීන් ඒකාබද්ධ කිරීම සඳහා කොන්දේසි නිර්මානය කෙරී පවතී.” [58]
24-2 කවිප සමග භේදය ජාත්‍යන්තර සහයෝගිතාවේ නව ඉහල මට්ටමකට ද ජාත්‍යන්තර ව්‍යාපාරය තුල මාක්ස්වාදයේ පුනරුදයකට ද මග පෑදීය. “කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේ ද? 1973-1985” නමින් කවිප පරිහානිය පිලිබඳ දීර්ඝ විශ්ලේෂනයක් ජාත්‍යන්තර කමිටුව විසින් සම්පාදනය කෙරුනුු අතර, එය නිෂ්ප‍්‍රභා කිරීම තබා එයට අභියෝග කිරීම හෝ කිසිදු කවිප භ‍්‍රෂ්ටයෙකු විසින් මේ වන තෙක් සිදු කරනු ලැබ නැත. ඩේවිඩ් නෝර්ත් හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ හා කි‍්‍රයාමාර්ගයේ තීරනාත්මක අංශ පැහැදිලි කල අප රක්නා උරුමය නම් සිය කෘතිය මගින් බන්ඩාගේ ප‍්‍රති-ට්‍රොට්ස්කිවාදී අවලාදයන්ට පිලිතුරු දුන්නේ ය. මෙම කෘතීන් ද තවත් අනේක ලිපි හා ප‍්‍රකාශන ද ව්‍යාපාරයේ කේඩරය අධ්‍යාපන ගත කිරීමේ ද ජාත්‍යන්තර කමිටුවේ වැඩකටයුතු මත කවිප දේශපාලන පරිහානියේ බලපෑම පරාජය කිරීමේ ද පදනම බවට පත්විය.
24-3 භේදය විකොස වැඩකටයුතුවල පරිවර්තනයක් ඇති කලේ ය. පක්ෂයේ නායකත්වය හා සාමාජිකත්වය ජාත්‍යන්තර කමිටුව ට මුලුමනින්ම සහාය දුන් අතර ජාත්‍යන්තර කමිටුව ඉදිරියේ මතුවූ ප‍්‍රශ්න හා එහි ලියකියවිලි නායකත්වය හා සාමාජිකත්වය තුල තරයේ සාකච්ඡාවට භාජනය කලේය. ඊ ලඟ වසර දෙක පුරා කීර්ති බාලසූරිය තම අවධානය මුලූමනින්ම යොමු කලේ, ජාත්‍යන්තර කමිටුවේ කි‍්‍රයාමාර්ගික වැඩ කටයුතුවලට ය, විශේෂයෙන් ම නො නවතින විප්ලව න්‍යායට සම්බන්ධිත වැඩ කටයුතුවලට ය. බාලසූරිය හා ඩේවිඩ් නෝර්ත් එකතුව 1987 මාර්තුවේ හතරවන ජාත්‍යන්තරය (14 වෙලූම. අංක1- සඟරාවට ලියූ කතුවැකිය,) 1960 ගනන්වල පසුභාගයේ දී බන්ඩා මා ඕ හා හෝචිමිං ප‍්‍රශංසාවට ලක්කිරීම දක්වා අතීතයට යමින්, ඔහු නො නවතින විප්ලව න්‍යාය ප‍්‍රතික්ෂේප කිරීම පිලිබඳව සවිස්තරාත්මකව හෙලිදරව් කලේය. එම කලාපයේ ම බාලසූරිය හා එස්එල්එල් නායකයන් අතර බංග්ලාදේශ විමුක්ති අරගලය පිලිබඳව හුවමාරු වූ ලියකියවිලි පලකෙරින. ජාත්‍යන්තර කමිටුව සමග සහයෝගීව විකොස ඉන්දියාවේ සිය දේශපාලන වැඩ කටයුතු ද යලි අරඹා ප‍්‍රසාරනය කලේ ය.
24-4 එල්ටීටීඊයට එරෙහිව උග‍්‍ර කෙරුනු සිවිල් යුද්ධයේ රූපයෙන් විකොසට ඍජුව මුහුන පෑමට සිදුවූ ජාතික ප‍්‍රශ්නය පිලිබඳ වැදගත් සාකච්ඡාවක් සඳහා කොන්දේසි, භේදය මගින් නිර්මානය විය. 1970 ගනන් මුල දෙමල අරගලය මුලුමනින් ම නො තකා හැරීමේ සහ ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යයට සහයෝගය දීමේ සිට 1979 පටන් එල්ටීටීඊයට අවිවේචනාත්මකව සහයෝගය දීම දක්වා කවිපයේ අවස්ථාවාදී වැනීම් හෙලිදරවු කරමින්, “දෙමල අරගලය සහ හීලි, බන්ඩා හා ස්ලෝටර්ගේ ද්‍රෝහීත්වය” නම් දීර්ඝ ලිපියක් බාලසූරිය 1986 දී ලිවීය. “දෙමල ජාතික අරගලය පිලිබඳ හීලි, බන්ඩා හා ස්ලෝටර්ගේ ඓතිහාසික වාර්තාව පිලිබඳ මෙම විභාග කිරීම පෙන්නුම් කරන පරිදි ට්‍රොට්ස්කිවාදීන් ලෙස වෙස් පාන මෙම වංචනිකයන් රැල දෙමල හා සිංහල කම්කරුවන් එක සේ ක‍්‍රමානුකූලව පාවාදී ඇත. සියල්ලටත් වඩා ශ්‍රී ලංකාව තුල නො නවතින විප්ලව න්‍යායේ ඉදිරිදර්ශනය සඳහා සටන් වැදුනු එකම පක්ෂය වන විකොස විනාශ කිරීමට අසාර්ථකව වුවත් ඔවුහු සවිඥානිකව වැඩ කලහ” යයි ඔහු සමාප්ත කලේ ය.
24-5 භේදයෙන් පසු කාලය, ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ තියුනු දේශපාලන අර්බුදයක් සමග සම්පාත විය. උතුරේ දී බරපතල මිලිටරි පසුබෑම්වලට මුහුන පෑ එජාප ආන්ඩුව දකුනේ ආර්ථික පසු බැසීමක් හා එහි වෙලඳපොල ගැති පිලිවෙත්වල බලපෑම මගින් අවුලුවන ලද වැඩෙන සමාජ අසහනයකට ද මුහුන දුන්නේ ය. විවිධ දෙමල සන්නද්ධ කන්ඩායම් සමග සාකච්ඡා කරන ලෙස ඉන්දියාව කල ඉල්ලීම්වලට එකඟ වෙමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, කල් මැරීම සදහා මං සෙවීය. 1985 භූතානයේ තිම්පු අගනුවර පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු “සාමය සඳහා පොදු වැඩපිලිවෙලක්” වෙනුවෙන් විරුද්ධ පක්ෂවල සහයෝගය ගොනුකර ගැනීමට ජයවර්ධන, 1986 දී කොලඹ වට මේස සාකච්ඡා ඇරඹීය. නසසපයේ සුලු ධනේශ්වර රැඩිකල්වාදියෝ එජාප ආන්ඩුව සමග සාකච්ඡා සඳහා ලසසප, කොප හා බන්ඩාරනායකගේ දියනිය වන චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් හිටපු ශී‍්‍රලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වාම කන්ඩායමක් වූ ශ්‍රී ලංකා මහජන පක්ෂය (ශ්‍රීලමප) සමග එකතු වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ජයවර්ධන හා ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි 1987 ජූලි මාසයේ අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුම මගින් උතුරු හා නැගෙනහිර පලාත්වලට ඉන්දියානු හමුදා යැවීමයි. සාකච්ඡාවලට එක්වූ සියලූ දෙනා එම ප‍්‍රතිඵලය පිලිබද දේශපාලනික වගකීම දරති. සාම ගිවිසුමක් ක්‍රියාවට දැමීමේ මුවාවෙන් කරන ලද මිලිටරි මෙහෙයුමේ සැබෑ අභිප‍්‍රාය වූයේ, දෙමල ගරිල්ලන් නිරායුධ කිරීම සහ ගිවිසුමේ කොන්දේසිවලට එරෙහි ඕනෑම දේශපාලන විරුද්ධත්වයක් මර්දනය කිරීම යි. සාකච්ඡාවලට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කල ශ්‍රීලනිපය, ජවිපෙ ද සමග එක්ව මොනම සාම ගනුදෙනුවකට හෝ එරෙහිව ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් දියත් කලේ ය.
24-6 මිලිටරි මැදිහත් වීමට එරෙහිව එකමුතුවන ලෙස ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ කම්කරු පන්තියට ආයාචනා කරමින් නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ ආස්ථානයෙන් වටමේස සාකච්ඡාවලට හා ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වූ එකම පක්ෂය විකොස යි. ජයවර්ධන හා ගාන්ධි ආන්ඩු මුහුන දුන් අර්බුදවලින් පැනනැගුනු හමුදාව යෙදවීම, කම්කරු පන්තියට හා ගම්බද ජනතාවට එරෙහිව එල්ල කෙරුනු බවත් එමෙන්ම එය දෙමල ජනයාට ද එරෙහි උගුලක් බවත් විකොස අනතුරු ඇඟවීය. 1986 ජුනි වටමේස සාකච්ඡා මධ්‍යයේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ රැස්වීමක් සඳහා උද්ඝෝෂනයේ යෙදෙමින් සිටි විකොස සාමාජිකයන් තිදෙනෙකු වූ විජේ ඩයස්, බෲටන් පෙරේරා හා රූමන් පෙරේරා පොලිස් අත්අඩංගුවට ගෙන සති හයක් රඳවා ගැනීම අහම්බයක් නො වීය. ඔවුන් නිදහස් කරද්දී බෲටන් පෙරේරා හා විකොස තරුන නායක විරාන් පීරිස් යලි රඳවාගත් අතර ඔවුන්ව නිදහස් කලේ ජාත්‍යන්තර කමිටුව සියලු ශාඛාවන් ද ඇතුලත්ව ගෙනගිය පුලුල් ජාත්‍යන්තර උද්ඝෝෂනයකින් පසුව පමනි. විකොස බියපත් කොට නිහඬ කිරීමට දරන ලද මෙම උත්සාහය පැහැදිලිව ම සිය ‘සාම’ කූටෝපායන් පිලිබඳ කවර හෝ විවේචනයක් කෙරෙහි එජාප දක්වන සංවේදි භාවයෙන් අවුලුවන ලද්දකි.
24-7 ඉන්දු-ලංකා ගිවිසුම වනාහි දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සහතික කිරීම සඳහා ඉන්දියානු ආන්ඩුව හා හමුදාව මත විශ්වාසය තබා සිටි එල්ටීටීඊය ඇතුලූ සියලූ දෙමල සන්නද්ධ කන්ඩායම් පිලිබඳ ව්‍යසනකාරී හෙලිදරව්වකි. දිගින් දිගටම ඔවුන්ගේ ඉදිරිදර්ශනය වූයේ, වෙනම ධනේශ්වර ඊලම් රාජ්‍යයක් බිහිකිරීම සඳහා ඉන්දියානු ධනේශ්වරයේ සහයෝගය පැතීම යි. එසේ වුව ද ගාන්ධි ආන්ඩුවට දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳව බිංදු මාත‍්‍ර හෝ උත්සුකතාවක් නොපැවති අතර, එය මැදිහත් වූයේ, ඉන්දියාවේ නොසංසුන් තත්වයක් ඇවිලවීමේ ද දකුනු ආසියාවේ ප‍්‍රතිගාමී පශ්චාත් යුද්ධ රාජ්‍ය පද්ධතියට වල කැපීමේ ද තර්ජනය මතු කල සන්නද්ධ නැගිටීමක් මැඩීම සඳහා ය. කලාපයේ අධිපතිවාදී බලවතා බවට පත්වීමේ ඉන්දියාවේ ම අභිලාෂයන්ට තල්ලුවක් ලබා ගැනීමට ද එය උත්සාහ දැරීය. ඊපීආර්එල්එෆ්, ටෙලෝ හා ප්ලොට් ඇතුලු නව දිල්ලිය සමග වඩාත් ම සමීප සබඳතා තිබූ කල්ලි, වාඩිලාගත් ඉන්දීය හමුදාවේ සහායක භටයන් ලෙස ක්‍රියාත්මක වූ අතර, අලුතින් ඒකාබද්ධ කරන ලද උතුරු-නැගෙනහිර පලාතේ මහ ඇමති ලෙස ඊපීආර්එල්එෆ් නායක වර්දරාජා පෙරුමාල් පත් විය. සිය අනභියෝගී පාලනය තහවුරු කිරීමට ගෙන ගිය උත්සාහයේ දී, ඉන්දියානු හමුදාව, පුලුල් අත්අඩංගුවට ගැනීම්, ස්ත්‍රී දූෂන, වධබන්ධන හා අධිකරන ක්‍රියාදාමයට පරිබාහිර ඝාතන යොදාගත් අතර එය දෙමල ජනයා විරසක වීමට ද එල්ටීටීඊය සමග ගැටුමකට ද මග පෑදීය. කෙසේවෙතත්, සිය සටන් කරුවන් දඩයම් කරද්දී පවා එල්ටීටීඊය, ඉන්දියාව හා රජීව් ගාන්ධි කෙරෙහි දිගටම විශ්වාසය පල කලේ ය.
24-8 ඉන්දු-ලංකා ගිවිසුම ශ්‍රී ලංකාවේ දෙමල සංවිධාන තුල මෙන් ම වඩා පුලූල්ව ජාත්‍යන්තර දෙමල විගාමිකයන් අතර ද දේශපාලන අර්බුදයක් නිර්මානය කලේ ය. යුරෝපයේ දී කීර්ති බාලසූරිය, සිය සංවිධානවල ද්‍රෝහීත්වයට පිලිතුරු සොයමින් සිටි තරුන දෙමල සටන්කාමීන් ආකර්ශනය කරගත් මනා සහභාගිත්වයක් සහිත රැස්වීම් කිහිපයක් ඇමතීය. වඩාත් දුර දක්නා කොටස්, දෙමල ජාතිකයන් පීඩනයට ලක්කිරීම අවසන් කල හැක්කේ, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනයේ පදනම මත හා කම්කරු පන්තිය දෙසට හැරී ගැනීමෙන් පමනක් යයි නිගමනය කලහ. ජාත්‍යන්තර කමිටුවට බැඳුනු ඔවුහු, එහි යුරෝපා හා දකුනු ආසියා වැඩකටයුතුවලට බලගතු ප‍්‍රතිපදානයක් කර ඇත. දකුනු ආසියාව තුල ජාත්‍යන්තර ව්‍යාපාරයේ නව ශාඛා ගොඩනගනු ඇත්තේ, විශේෂයෙන් ම යුරෝපයේ සිටින අපගේ දෙමල සහෝදරයන් ද ඇතුලත්ව, සසප හා ජාත්‍යන්තර කමිටුව තුල එහි සහෝදර පක්ෂවල ඒකාබද්ධ ප‍්‍රයත්නයන් හරහා ය.
ලෝක ධනවාදයේ අර්බුදය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, කම්කරු මාවත ප‍්‍රකාශන, 18 පිටුව.