26-1 “ලෝක ධනේශ්වර අර්බුදය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ” නමින් 1988 අගෝස්තුවේ ප්‍රකාශයට පත් කල ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශන යෝජනාව ලෝක දේශපාලනය සහ ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් පුර්න විශ්ලේෂනයක් සම්පාදනය කල අතර, එය 1970 ගනන්වල මුල් භාගයේ සිට කවිපය විසින් අත් හැර දැමීමෙන් පසු එවන් කාර්යයක් ඉටුකල ප්‍රථම අවස්ථාවයි. එය ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවන්හි කාර්යයන් වඩාත් සමීපව ඒකාග්ර කිරීමට අවශ්‍ය පදනම දැමීය. ලේඛනයට කේන්ද්‍රීය වූයේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සහ ලෝක සමාජවාදී ආර්ථිකයක් සඳහා පදනම් වෛෂයිකව ශක්තිමත් කරමින් ලෝක ආර්ථික සබඳතාවන්හි ගුනාත්මක පරිවර්තනයක් සටහන් කල නිශ්පාදන කි්රයාවලින්හි පෙර නොවූවිරූ භූගෝලීය ඒකාග්‍රතාවයේ ඇඟවුම් වග විභාග කිරීමයි. ජාත්‍යන්තර කමිටුව මෙසේ නිගමනය කලේ ය: “හරයෙන් ජාත්‍යන්තර වන පන්ති අරගලය ජාතික වන්නේ එහි රූපයෙන් පමනකැයි යන්න මාක්ස්වාදයේ චිරකාලීන ප්රස්තුතයකි. කෙසේ වතුදු, ධනවාදී වර්ධනයේ නව අංග ලක්ෂන අනුව පන්ති අරගලයේ රූපය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතු වේ. කම්කරු පන්තියේ අතිමූලික අරගලයන් පවා ඒවායේ කටයුතු ජාත්‍යන්තර පරිමාවකින් සම්බන්ධීකරනය කිරීමේ අවශ්‍යතාව මතු කරයි.... ජාත්‍යන්තර ප්රාග්ධනයේ පෙර නුවූ විරූ ජාත්‍යන්තර සංචලනය, විවිධ රටවල කම්කරු ව්‍යාපාර සම්බන්ධයෙන් සියලු ජාතික කි‍්‍රයාමාර්ගයන් යල්පිනූ හා අතිශයින් ප්රතිගාමී බවට පත් කර ඇත. එවැනි ජාතික කි‍්‍රයාමාර්ගයන් නො වැලැක්විය හැකි ලෙස ම පදනම් වී ඇත්තේ ලෝක වෙලඳපොල තුල ‘තමන්ගේ’ ධනපති රටෙහි තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් ක්‍රමානුකූලව පහත හෙලීමට ‘තමන්ගේ’ පාලක පන්තීන් සමග කම්කරු නිලධරයන් පවත්වා ගන්නා ස්වේච්ඡා සහයෝගය මත ය.” [63]
26-2 “සමාජයේ අනෙක් පන්තීන්ගෙන් වෙන්වූ සුවිශේෂී පන්තියක් ලෙස නිර්ධන පන්තිය පවත්නා බව සහ එය ධනේශ්වර සූරා කෑමට එරෙහිව තම ස්වාධීන අවශ්‍යතා ආරක්ෂා කරගත යුතුය යන මූලික සංකල්ප පවා” ප්‍රතික්ෂේප කරමින් සිටි කම්කරු පන්තියේ පැරනි නායකත්වයන් තුලින් පැන නැගුනු “නිශ්ක්රමනවාදී” රැල්ල තුල ජාතික‐පාදිත කි‍්‍රයා මාර්ගයන්හි බංකොලොත්කම පිලිබිඹු විය. ජාත්‍යන්තර කමිටුව සෝවියට් සංගමය, නැගෙනහිර යුරෝපය සහ චීනය තුල ස්ටැලින්වාදී නිලධාරි තන්ත්රයන්හි උග්‍ර පරිහානිය සවිස්තරව විශ්ලේෂනය කලේය. සියලු මධ්‍යම පන්තික අවස්ථාවාදී ප්රවනතාවන්ට විරුද්ධව ගොර්බචෙව්ගේ ග්ලැස්නොස්ට් සහ පෙරස්ත්‍රොයිකා යනු ධනේශ්වර පුනස්ථාපනයේ පිලිවෙත් බවට ජාත්‍යන්තර කමිටුව කල අවධාරනය ඉක්මනින් සනාථ විය. ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ දෙමල කන්ඩායම්වල අර්බුදය වනාහි, අධිරාජ්‍යවාදයට එරෙහි ස්ථිරසාර අරගලයක් ගෙන යාමට ජාතික ධනේශ්වරයේ නොහැකියාවෙන් පැන නැගුනු, පුලුල් ජාත්‍යන්තර සන්තතියක කොටසක් බව ලේඛනය ස්ථාපිත කලේ ය. පීඑල්ඕව විසින් පලස්තීන ඉන්ටිෆාඩා ව්‍යාපාරය අරාබි ධනේශ්වරයේ ප්රතිගාමී අවශ්‍යතාවන්ට යටත් කිරීම තුල සහ නිකරගුවානු සැන්ඩිනිස්ටාවරුන් දක්ෂිනාංශික කොන්ට්රා කැරලිකරුවන් සමග ගිවිසුමකට යෑම තුල, එල්ටීටීඊය නවදිල්ලියට යටත්වීමේ විවිධ සමාන්තරයන් සොයාගත හැකි විය.
26-3 නිෂ්පාදනයේ ගෝලීය ඒකාග්රකරනය, ධනවාදයේ නව ස්වර්නමය යුගයකට දොර විවර කරනවා වෙනුවට, ලෝක ආර්ථිකය සහ යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, සමාජමය නිෂ්පාදනය සහ පුද්ගලික දේපොල අයිතිය අතරත්, පවත්නා අතිමූලික පරස්පර විරෝධතා, අලුත් ඉහල මට්ටමකට උත්සන්න කර ඇතැයි ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේය. එක්සත් ජනපදයේ ආර්ථික පරිහානිය හා අන්තර් අධිරාජ්‍යවාදී ප්රතිමල්ලවතාවන්හි වර්ධනය, සුවිශේෂිතව ආසියාව තුල, දැවැන්ත නව කම්කරු පන්තික බලඇනි මතුවීම, පසුගාමී රටවල දරිද්‍රතාව සහ ස්ටැලින්වාදයේ අර්බුදය ඇතුලු, විප්ලවවාදී නැගිටීම්වල නව කාල පරිච්ඡේදයක් සඳහා ගාමක බලයන්, යෝජනාව විසින් හඳුනා ගන්නා ලදී.
26-4 තම මූලෝපායික කර්තව්‍යයන් වෙත හැරෙමින්, ජාත්‍යන්තර කමිටුව, කවිප පරිහානියෙන් උරුමව, ඉතුරු-පහදු ජාතිකවාදී ප්රවනතාවන් ජයගැනීම සඳහා, 1985‐86 භේදයෙන් පසුව ගෙනගිය අරගලයේ පාඩම් සාරාංශ කලේය. “විප්ලවවාදී ජාත්‍යන්තරවාදය වනාහි අවස්ථාවාදයේ ඍජු දේශපාලන ප්රතිමුඛයයි. අවස්ථාවාදය ඒ හෝ මේ ආකාරයෙන් ප්‍රකාශිත කරන්නේ කිසියම් ජාතික වාතාවරනයක දේශපාලනික ජීවිතයේ ඊනියා යථාර්ථයන්ට නිශ්චිත අනුගතවීමකි. අවස්ථාවාදය, සදාකල්හි ම කෙටි මාවත් සොයනුයේ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩ පිලිවෙලට උඩින් ඒ හෝ මේ ජාතික උපාය ඔසවා තබයි. ලෝක සමාජවාදී විප්ලවයේ කි‍්‍රයාමාර්ගය වියුක්ත වැඩි යයි සලකන අවස්ථාවාදියා වඩාත් සංයුක්ත ආරම්භකත්වයන් යයි තම සිත්ගන්නා දේ ට ඇලෙයි. අවස්ථාවාදියා ජාත්‍යන්තර තාව ‘අමතක කිරීමට කැමති වනවා විතරක් නොවේ ඔහු භූගෝලීය පරස්පර විරෝධයන් තුල මුල් බැස ඇති එක් එක් රටෙහි අර්බුදය ජාත්‍යන්තරවාදී වැඩ පිලිවෙලේ පදනම් මත පමනක් විසඳිය හැකිය යන්න දැක ගන්නේද නැත.’ පක්ෂයේ දේශපාලන අවි රැස තුල කිසි යම් ජාතික උපායක් කොපමන වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ යයි සලකුන ද...එය ජාත්‍යන්තර කමිටුවේ ලෝක මූලෝපායෙන් ඉහලට ඔසවා තැබුවහොත් හෝ -එවැනි ම වන පියවරක් වන- ඉන් වෙන් කිරීම සිදු කලහොත් එහි විප්ලවවාදී අන්තර්ගතය ආරක්ෂා කල නො හැකි වනු ඇත. මෙලෙස, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ඔවුන් වැඩ කරන රටවල් තුල කම්කරු ව්‍යාපාරයට සපයන කේන්ද්‍රීය ඓතිහාසික ප්රතිපදානය නම් ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සඳහා සාමූහික හා ඒකාබද්ධ අරගලය යි.” [64]