30-1 නැගෙනහිර යුරෝපය, බෝල්කන් ප‍්‍රදේශ හා පැරනි සෝවියට් සංගමය තුල බෙදුම්වාදී ව්‍යාපාර මතුවීමෙන් පසුව, ජාත්‍යන්තර කමිටුව, ජාතික ප‍්‍රශ්නය විවේචනාත්මක ලෙස යලි සලකා බැලීම කරා යොමු විය. 1913-16 අතර කාලයේ ලෙනින් සිය ලියවිලි තුලින්, “ස්වයංනීර්න අයිතිය” සඳහා සහාය දුන්නේ, පීඩිත ජාතීන්ගේ සහයෝගය දිනාගැනීමේ හා කම්කරු පන්තිය එක්සත් කිරීමේ අවශ්‍යතාවය මත පිහිටා ය. ට්‍රොට්ස්කි විස්තර කල පරිදි, “මෙහිදී බොල්ශෙවික් පක්ෂය කිසිදු අර්ථයකින් බෙදා වෙන්කිරීමේ ශුභාරංචිය පැතිරවීම කර ගසා ගත්තේ නැත. එය මහා රාජ්‍යයක දේශසීමාවන් තුල ඒ හෝ මේ ජාතිකත්වයක් බලහත්කාරයෙන් රඳවා තබාගැනීම ද ඇතුලු, ජාතික පීඩනයේ සෑම රූපාකාරයකට ම එරෙහිව සම්මුති විරහිතව අරගල කිරීමේ වගකීමට උර දුන්නා පමනි. රුසියානු කම්කරු පන්තියට පීඩිත ජාතීන්ගේ විශ්වාසය අනුක‍්‍රමයෙන් දිනාගත හැකි වූයේ මේ ආකාරයට පමනි.”[67] එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති දශකයන්හි දී පැබ්ලෝවාදීහු ද විවිධාකාර වෙනත් සුලු ධනපති ව්‍යාජ මාක්ස්වාදීන් ද කම්කරු පන්තිය ජාතික-වාර්ගික බෙදුම්වාදය සඳහා වන කවර හෝ ඉල්ලීමකට මුලුමනින්ම සහාය දීමට දේශපාලනිකව බැඳී සිටින්නේය යන අර්ථයෙන් “ස්වයංනීර්න අයිතිය” විකෘති කලහ.
30-2 ලෙනින්ගේ ආස්ථානය සමාජ-ආර්ථික තත්වයන් හා පන්ති අරගලයේ වර්ධනයට සම්බන්ධිතව හැම විටම, කොන්දේසි සහගත විය. පලමු ලෝක යුද්ධය ආසන්නයේ නැගෙනහිර යුරෝපයේ බෝල්කන් ප‍්‍රදේශවල හා සාර්වාදී අධිරාජ්‍යය තුල ජාතීන්ගේ ස්වයං නීර්න අයිතිය වෙනුවෙන් ලෙනින් පෙනී සිටියේ මෙම කලාපවල තවමත් කෘෂිකාර්මික හා ධනවාදය හා ජාතික ව්‍යාපාර ලදරු වියේ පසුවීම ප‍්‍රමුඛ වූ නිසා ය. සියවසකට ආසන්න කාලයකට පසුව මෙම කලාපවල මෙන්ම ලෝකය පුරා ද තත්වය බෙහෙවින්ම වෙනස් ය. නැගෙනහිර යුරෝපයේ, බෝල්කන් ප‍්‍රදේශවල හා රුසියාවේ රටවල හිටපු ස්ටැලින්වාදී නිලධරයේ කුඩා කල්ලි හා ධනපතියන්, ධනවාදය පුනස්ථාපනය කිරීමේ ක‍්‍රියාවලියේ කොටසක් ලෙස තමන්ගේ ම භූමිභාගයන් කපා වෙන්කර ගැනීමේ මාධ්‍යයන් ලෙස, වර්ගභේදවාදී හා වාර්ගික මනෝ භාවයන් ඇවිස්සූහ. මෙම ව්‍යාපාර, කිසි සේත්ම අධිරාජ්‍ය-විරෝධී වූයේ නැත. ඒ වෙනුවට ඔවුහු, බෝල්කන් ප‍්‍රශ්නයේ දී මෙන්, සිය ආර්ථික හා මූලෝපායික අභිලාෂයන් සපුරා ගැනීමේ මාධ්‍යයන් ලෙස, බෙදුම්වාදය දිරිමත් කල අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය කි‍්‍රයාකාරීව අපේක්ෂා කලහ. ලෙනින්ගේ සමයේ, ආසියානු හා අප‍්‍රිකානු යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල ජාතික ව්‍යාපාර යාන්තමින් මතුවී තිබුනා පමනි. සියවසක තරම් කාලයක ඇවෑමෙන්, වාර්ගිකත්වය, ආගම හා භාෂාව මත පදනම් වූ නව බෙදුම්වාදී ප‍්‍රවනතා බෝවීමට මුල් වූයේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව “නිදහස” ලබාගත් ජාතිකවාදී ව්‍යාපාර, මූලික ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන් සාක්ෂාත් කිරීමට දැක්වූ ශෝචනීය අසමත්කමයි.
30-3 නිෂ්පාදනයේ ගෝලීයකරනය විසිවන සියවස අවසානයේදී ජාතික බෙදුම්වාදී ව්‍යාපාර පැතිරයාමේ මූලික සාධකය විය. ගෝලීයකරන කි‍්‍රයාවලීන් ගෝලීය වෙලඳපොලට හා ගෝලීයව ඒකාග‍්‍රිත නිෂ්පාදනයට සාපේක්ෂව ජාතික වෙලඳපොලවල් හා ජාතිකව පදනම්වූ නිෂ්පාදනයේ වැදගත්කම බෙහෙවින් හීන කර ඇත. ජාත්‍යන්තර කමිටුව මෙසේ පැහැදිලි කලේය. “නව ගෝලීය ආර්ථික සබඳතා නව වර්ගයක ජාතික ව්‍යාපාරයකට, එනම් පවත්නා රාජ්‍ය කැබලි කිරීමේ නව වර්ගයක ජාතික ව්‍යාපාරයකට, වෛෂයික තල්ලුවක් ද සම්පාදනය කර තිබේ. භූගෝලීය වසයෙන් සංචලිත ප‍්‍රාග්ධනය කුඩා භූමි ප‍්‍රදේශවලට කෙලින්ම ලෝක වෙලඳ පොල සමග පිරිද්දී ගැනීමේ හැකියාව ලබා දී තිබේ. හොං කොං, සිගප්පූරුව හා තායිවානය නව වර්ධන ආදර්ශ බවට පත්ව ඇත. සෑහෙන ප‍්‍රවාහන සබඳතා, පොදු කාර්ය ව්‍යුහය හා ලාභ ශ‍්‍රම සැපයුමක් තිබෙන කුඩා වෙරලාසන්න ප‍්‍රදේශයක්, නිෂ්පාදක භාවයෙන් වඩා අඩු ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශයකින් යුත් විශාල රටකට වඩා අන්තර් ජාතික ප‍්‍රාග්ධනය සඳහා ආකර්ෂනීය පදනමක් විය හැකි ය.” [68]
30-4 නව බෙදුම්වාදී ව්‍යාපාරවල ස්වභාවය සාරාංශගත කරමින්, ජාත්‍යන්තර කමිටුව මෙසේ ලිවීය: “ඉන්දියාවේ හා චීනයේ ජාතික ව්‍යාපාරය අසමාන ජන කොටස් අධිරාජ්‍යවාදයට එරෙහි පොදු අරගලයක් තුල දී ඒකාබද්ධ කිරීමේ ප‍්‍රගතිශීලී කර්තව්‍යය -- එය වනාහි ජාතික ධනේශ්වරයේ නායකත්වය යටතේ සාක්ෂාත් කල නොහැකි දෙයක් ලෙස ඔප්පු කෙරුනු කර්තව්‍යයකි -- මතු කලේ ය. ජාතිකවාදයේ නව රූපය, සූරාකන්නන්ගේ යහපත සඳහා පවත්නා රාජ්‍යයන් බෙදා වෙන් කිරීමේ එල්ලය ඇතිව ජනවාර්ගික, භාෂාමය සහ ආගමික පිලිවෙත් දිගේ බෙදුම්වාදය වගා කරයි. මෙවන් ව්‍යාපාර අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයක් සමග ගෑවී වත් නැත, ඒවා මොන ම අර්ථයකින් හෝ පීඩිත මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අභිලාෂයන් අන්තර්ගත කර ගන්නේ වත් නැත. ඒවා කම්කරු පන්තිය බෙදීමට ද පන්ති අරගලය ජනවාර්ගික ප‍්‍රජාගනවාදී යුද්ධවලට අපසරනය කිරීමට ද උදව් වෙයි.” [69] කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතා මුල්කරගෙන, ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ, ජාතික බෙදුම්වාදී ව්‍යාපාරයන්ගේ බෝවීම කෙරෙහි ද වෙනම ධනේශ්වර රාජ්‍යයන් තැනීම යුක්ති සහගත කිරීම සඳහා ඔවුන් හුවා දක්වන “ස්වයං නීර්න අයිතිය” කෙරෙහි ද විවේචනාත්මක, හා සතුරු ද පවා වන, ආකල්පයක් ගත යුතු බවයි.
30-5 ජාතික ධනේශ්වරයේ ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය ගබ්සා වූ ද ස්වකීය ජාතිකවාදී ව්‍යාපෘතීන් අසාර්ථක වූ ද ආගම, කුලය, භාෂාව හා ජනවර්ගය මත පදනම් වූ ධනේශ්වර බෙදුම්වාදී ප‍්‍රවනතා සමූහයක් නිර්මානය කර ඇති දකුනු ආසියාව සඳහා මෙම විශ්ලේෂනය විශේෂයෙන් ම අදාල වේ. ඉන්දියාවේ දී, ජාතික ආර්ථික නියාමනයේ පැරනි ව්‍යාපෘතිවල සිට විදේශ ආයෝජන වැලඳ ගැනීම හා ගෝලීය නිෂ්පාදන කි‍්‍රයාවලීන් තුලට ඒකාග‍්‍රවීම වෙත හැරීමේ ප‍්‍රතිපල වශයෙන් ඇතිවූ ප‍්‍රාදේශීය අසමානකම් හා ගැඹුරු වන සමාජ විෂමතා, කාෂ්මීරය, තමිල්නාඩු ඇසෑම් හා ඊසානදිග අනෙකුත් ප‍්‍රාන්තවල වෙන ම රාජ්‍යයන් සඳහා කැඳවුම් කිරීමට විවිධ ධනේශ්වර ප‍්‍රවනතාවන් විසින් ගසාකනු ලැබ ඇත. ජාත්‍යන්තර කමිටුව ඉහත කෘතිය තුලම මෙසේ පැහැදිලි කර ඇත. “මෙහිදී මතු වන කේන්ද්‍රීය ප‍්‍රශ්නය වන්නේ, පැරනි ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල බිඳ වැටීමට කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්නයි. මෙම රටවල ජනතාව තමන්ගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන්නේ විජිතහරන ක‍්‍රියාවලිය තුල දී නිර්මානය කරනු ලැබූ රාජ්‍යවල කැබලිති මත පදනම් වන ආගමික සුවිශේෂතාවාදය උඩ ගොඩනැගුනු නව බෙදුම්වාදී ව්‍යාපාර තුලින් ද? නැත. අපි එවන් ඉදිරිදර්ශනයක් සාකල්‍යයෙන්ම ප‍්‍රතික්ෂේප කරමු. එවන් රාජ්‍ය කැබලිති ඉන්දියාවේ වේවා, වෙනත් කොයියම්ම ප‍්‍රදේශයක හෝ වේවා කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට ඉදිරි මාවතක් සපයන්නේ නැත. වරප‍්‍රසාදිත පන්තීන්ගේ තුනී ස්ථරයක් තමන්ගේ ම නිදහස් වෙලඳ කලාපයක් ගොඩනගාගෙන අන්තර් ජාතික ප‍්‍රාග්ධනය සමග තමන්ගේ ම ජාවාරම් සකසා ගත හොත් ඔවුන් සඳහා ලාභ උපයා දීමට වඩා වැඩි දෙයක් කල නො හැකි වනු ඇත. මහජනතාවට ම මෙවන් සංසිද්ධියකින් ලබා ගත හැක්කේ නො නවතින ජනවාර්ගික ලේ වැගිරීම්වලින් හා උග‍්‍ර කෙරුනු සූරාකෑමෙන් පමනක් යුක්ත අනාගතයක් පමනි.”[70]
30-6 ජාත්‍යන්තර කමිටු සාකච්ඡාවේ කොටසක් ලෙස, විකොස නිගමනය කලේ, ප‍්‍රායෝගික දේශපාලන අර්ථයෙන් ගත් කල, එල්ටීටීඊයේ ජාතික බෙදුම්වාදී ව්‍යාපෘතියට සහාය දීම ලෙස පමනක් අර්ථ ගැන්විය හැකි, “දෙමල ජනතාවගේ ස්වයං-නීර්න” අයිතියට සහාය දීම, තවදුරටත් කිසිදු ප‍්‍රගතිශීලී අන්තර්ගතයකින් තොර දෙයක් බවයි. 1990 දී යුද්ධය යලි ආරම්භ වූ විට, එල්ටීටීඊය පෙරටත් වඩා විශද ලෙස ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා වාර්ගික ස්වරූපයක් අත්කර ගත්තේය. එහි දී ඔවුන් දේශපාලන විරුද්ධත්වය තහනම් කිරීම, දේශපාලන ප‍්‍රතිවාදීන් ඝාතනය, සියලු මුස්ලිම්වරුන් “සතුරු ඒජන්තයින්” ලෙස හෙලා දැක ඔවුන් යාපනයෙන් පලවා හැරීම සහ අත්ඩංගුවට ගත් සොල්දාදුවන් හා පොලිස් භටයින් මරා දැමීම හා ඉවබව නැතිව සිංහල සිවිල් වැසියන්ට පහර දීම සිදු කලහ. එල්ටීටීඊ බෙදුම්වාදී කි‍්‍රයාමාර්ගය ප‍්‍රතික්ෂේප කරන අතර ම, විකොස, දිවයිනේ එක්සත්කම මිලිටරි බලය යොදා බලහත්කාරයෙන් පවත්වාගෙන යාමේ ශී‍්‍ර ලංකා ආන්ඩුවේ උත්සාහයන්ට සම්මුති විරහිතව විරුද්ධ වීමේ සිය පිලිවෙත දිගට ම ගෙන ගියේය. කොන්දේසි විරහිතව උතුරෙන් හා නැගෙනහිරෙන් සන්නද්ධ හමුදා ඉවත් කිරීම සඳහා විකොසෙහි ඉල්ලීම, වෙනම ඊලමක් සඳහා සහයෝගය දීමක් ඇඟවුම් නොකලේ ය. ඒ වෙනුවට, දෙමල ජනතාවට එරෙහි මිලිටරි මැඬලීම කෙරෙහි විරෝධය දැක්වීමේ දී විකොස අපේක්ෂා කලේ, ශ‍්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වූ විප්ලවවාදී අරගලයක් තුල කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන් එක්සත් කිරීම ය.
ලියොන් ට්‍රොට්ස්කි, History Of the Russian Revolution (රුසියානු විප්ලවයේ ඉතිහාසය), 3 වෙලුම , ස්ෆියර් බුක්ස්, 1967, 41-42 පිටු.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, භූගෝලීයකරනය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය, කම්කරු මාවත ප‍්‍රකාශන, 1999 මැයි, 112 පි.
ඉහත කෘතිය, 112-13 පිටු.
එම කෘතිය, 118 පි.