කම්කරු මාවත ප්‍රකාශකයෝ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශන ආයතනයයි.
හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශන ආයතනය මේරිං ප්‍රකාශකයෝ වෙති. ඉංග්‍රීසි බසින් පල වූ පොත්පත් මේරිං අඩවියට පිවිසීමෙන් මිල දී ගත හැකි ය.
පාඨකයන්, පොත් ප්‍රදර්ශන සහ පොත් වෙලෙන්දන් තමන්ගේ විමසීම් 0773562327 දුරකථන අංකයට යොමු කරන්න. කූරියර් සේවාවක් හරහා පොත් නිවසට ම ගෙන්වා ගැනීමට ද කටයුතු සලස්වා ගත හැකි ය.
මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.
තුන්වන ජාත්‍යන්තරය පිහිටුවනු ලැබීමෙන් ඉක්බිතිව, ඊට ඇතුලත්වූ ජර්මානු ශාඛාව හා තවත් නව කොමියුනිස්ට් පක්ෂ කීපයක් තුලම අතිවාම ප්රවනතා හිස එසවීය. ලෙනින් විසින් වාමාංශික කොමියුනිස්ට්වාදය ලදරු වලිප්පුවකි යන කෘතිය පල කලේ එවන් ප්රවනතා වලට එරෙහි අරගලයේ අවියක් වශයෙනි. තුන්වන ජාත්‍යන්තරයේ තුන්වන හා සිව්වන සම්මේලන අතරතුර කාලයේදී ට්‍රොට්ස්කි විසින් කෙටුම්පත් කරනු ලැබූ සහ සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම තුන්වන ජාත්‍යන්තරයේ විධායක සභාව විසින්ද සම්මත කරන ලද, එක්සත් පෙරමුනු උපාය පිලිබඳ, ලේඛන මෙම අරගලයේම වැදගත් ප්රතිපදාන වූයේය. එම ලියවිලි වලින් විශාල උදෘතයක් මෙම කෘතියෙහි අඩංගුය.
මිල රුපියල්: 300
ලියොන් ට්‍රොට්ස්කි 1905 රුසියානු විප්ලවයේ පාඩම් උකහා ගනිමින් නොනවතින විප්ලව න්‍යාය විස්තාරනය කිරීමට සිදු කල ප්‍රධාන න්‍යායික ප්රතිපදානයක් වන නොනවතින විප්ලවය: ප්‍රතිඵල සහ සක්‍යතා කෘතිය ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් පරිවර්තනය කරනු ලැබ ඇත.
නොනවතින විප්ලව න්‍යාය පිලිබඳව 1906 දී, 27 වැනි වියෙහි පසුවූ ට්‍රොට්ස්කි විසින් කරන ලද මෙම පැහැදිලි කිරීම, (1915 පල කරන ලිපියක් ද සහිතව) ජාත්‍යන්තර සමාජවාදී විප්ලවවාදී මාවතට යලි අවතීර්න වෙමින් සිටින, ලෝක කම්කරු පන්තියේත්, පීඩිත ජනතාවගේ හා තරුනයන්ගේත් කොටසක් වන ලංකාවේ සමාජවාදී බලවේග, නිවැරදි ඉදිරි දර්ශනයෙන් සන්නද්ධ කිරීම සඳහා, සිංහලට පරිවර්තනය කිරීම යම් හෝ සේවයක් ඉටු කරනු ඇතැයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිවැරදිව අපේක්ෂා කරයි. - සිංහල පරිවර්තනයේ පෙරවදනින්
මිල රුපියල්: 250
සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය තුලින් ද, තුන් වැනි ජාත්‍යන්තරය තුලින් ද, ස්ටැලින්වාදී නිලධාරි තන්ත්රීය දේශපාලන ප්රවනතාව විරේක කර දැමීම සඳහා 1924 දී පිහිටුවා ගත් වාමාංශික විරුද්ධ පාර්ශ්වයට නායකත්වය දෙමින්, ට්‍රොට්ස්කි එවක දී ගෙන ගිය අරගලයෙහි, කේන්ද්‍රීය ස්ථානයක් 1926 චීන විප්ලවය පාවා දීම පිලිබඳ විලේෂනයට අයත් විය. තුන් වැනි ජාත්‍යන්තරය තුල ඒ වන විට බලහත්කාරි ලෙස බලය කොල්ල කා ගෙන සිටි ස්ටැලින්වාදී නිලධාරි තන්ත්රය, 1917 ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දෙමින් ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂය අනුගමනය කල පිලිවෙත මුලුමනින් නොපිට හරවා, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය, ධනපති පන්ති දේශපාලනය සමග සම්මුති ගැස්ස වූ මෙන්ෂෙවික්වාදී මහජන පෙරමුනු දේශපාලන පිලිවෙත ලදරු චීන කොමියුනිස්ට් පක්ෂයට නිර්දේශ කර තිබුනි. එහෙයින්, 1926 වීන විප්ලවයේ පරාජයෙහි දේශපාලන මූලයන් පැවතියේ මොස්කව්හි පිහිටි තුන් වැනි ජාත්‍යන්තරයේ මූලස්ථානය තුල අධිකාරවත් වූ ස්ටැලින්වාදී නිලධරය තුල ය.
මිල රුපියල්: 150
2011 දී, කොලඹ දී, පවත් වනු ලැබූ සසප ආරම්භක සම්මේලනයේ දී, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් ලියවිල්ල ඒකමතික ව සම්මත කර ගනු ලැබුනි. මෙම ලියවිල්ල කම්කරු පන්තියේ සමස්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම් ව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය වැදගත්කම අවධාරනය කරමින්, දකුනු ආසියානු කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වල පාඩම් ගොනු කර දක්වයි.
මිල රුපියල්: 200
අධිරාජ්‍යවාදයට එරෙහි ව කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනගනු!
ගෝලීය යුද්ධයක අවදානම පෙර කවරදාටවත් වඩා අද දිනයේ ඉස්මත්තට පැමින ඇත.
හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ධනපති පන්තියේ සකලාකාරී පක්ෂ සහ සංවිධානවලින් ස්වාධීන ව, ධනේශ්වර විරෝධී සහ සමාජවාදී පදනමක නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට කම්කරු පන්තියටත් තරුනයන්ටත් මෙම කැඳවුම කලේ ය.
මෙම කර්තව්‍යයේ හදිසි බව ඉස්මතු කරන මෙම පොත් පිංච වැඩෙන යුද අන්තරායට එරෙහි ව සටන අතට ගැනීමට සූදානම් අය බලමුලු ගැන්වීමට සෑම රටක ම කම්හල්වල, විශ්ව විද්‍යාලවල, පාසල්වල සහ සෙසු වැඩපොලවල බෙදා හැරිය යුතු සහ කියවනු ලැබිය යුත්තකි.
මිල රුපියල්: 100
පලමු ලෝක යුද්ධයෙන් සහ රුසියානු විප්ලවයෙන් වසර සියයක් ඉක්ම ගොස් ඇතත්, ව්‍යසනකාරී යුද්ධ, ආර්ථික අර්බුද, සමාජ අසමානතාව සහ ආඥාදායකත්වයේ වර්ධනය ඇතුලු විසි වන සියවසේ කිසිදු ප්‍රශ්නයක් විසඳී නැත. සිදු ව ඇත්තේ, ඒවා වඩාත් තියුනු මුහුනුවරකින් වර්තමානයේ දී සම්මුඛ වීමයි.
ඩේවිඩ් නෝර්ත් මෙහි දී සෝවියට් සංගමය බිඳ ලනු ලැබීම “ඉතිහාසයේ අවසානය” (ෆුකුයාමා) සහ “කෙටි විසි වැනි සියවස”(හොබ්ස්බෝම්) යනුවෙන් හඳුන්වනු ලැබූ සමකාලීන ඉතිහාසඥයන්ට එරෙහි ව තර්ක කරයි.
සමස්ත ඉතිහාසය ම ආත්මීය ආඛ්‍යානයක් ය යන පශ්චාත් නූතනවාදී සංකල්පය අර්බුදයට යවමින් නෝර්ත් අවධාරනය කරන්නේ විසි එක් වැනි සියවසේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඉතිහාසය පිලිබඳ මනා භෞතිකවාදී ඥානයක් අත්‍යවශ්‍ය බවයි.
මිල රුපියල්: 500
1917 පෙබරවාරි හා ඔක්තෝබර් අතර කාලයක් රුසියාව, අති දැවැන්ත විප්ලව දෙකකින් සොලවාලන ලදී. ප්‍රථම විප්ලවය වසර 300ට වැඩි කාලයක් එරට පාලනය කල රොමානාවේ ඒකාධිපතිත්වය පෙරලා දැමීය. දෙවැන්න ධනපති තාවකාලික ආණ්ඩුව පෙරලා දමා ඉතිහාසයේ ප්‍රථම සමාජවාදී කම්කරු රාජ්‍යය පිහිටුවීය.
රුසියානු විප්ලවයෙන් වසර 100කට පසුව, 1917 සිදුවීම්, ඒවායේ ප්‍රතිවිපාක හා ඒවායේ පාඩම්, අතිශය තියුනු හා කටුක මතභේදවලවට විෂය වී තිබේ.
මෙම වෙලුමට අඩංගු වන්නේ, රුසියානු විප්ලවයේ ශත සංවත්සරය නිමිත්තෙන් හතරවන ජාත්යත්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ප්රමුඛ සාමාජිකයින් විසින් කරන ලද දේශන සහ ලියන ලද රචනාවන්ය. මෙම වෙලුමට ඇතුලත් වනදෑ, මාක්ස්වාදී ඉදිරිදර්ශනය මත පිහිටා ලියා තිබීම නිසා අසමසම වන්නේ ය. යලි වතාවක් ධනේශ්වර ක්රමයේ ගෝලීය අර්බුදයකින් විනාශ වූ ලෝකයක් සඳහා, 1917 පාඩම්වල සමකාලීන අදාලත්වය කතුවරු අවධාරනය කරති.
මිල රුපියල්: 350
1917 පෙබරවාරි හා ඔක්තෝබරය අතර රුසියාව, අනුස්මරනීය විප්ලව දෙකකින් සොලවාලී ය. ප්‍රථමයෙන් වසර 300කටත් වැඩි කාලයක් රට පාලනය කරන ලද රොමනොව් ආඥාදායකත්වය පෙරලා දැමුනි. දෙවැනි වර තාවකාලික ආන්ඩුව පෙරලා දමා ඉතිහාසයේ පලමු සමාජවාදි කම්කරු රාජ්‍යය පිහිටුවනු ලැබින. රුසියානු විප්ලවයෙන් වසර 100ට පසුව ද 1917 සිදුවීම්, ඒවායේ ප්‍රතිවිපාක හා ඒවායේ පාඩම්, අතිශයින් තීව්රතර හා කටුක මතභේදයන්හි මාතෘකාව ලෙස පවතී.
වෙලුම් දෙකකින් දෙවැන්න වන මෙම කෘතියට, රුසියානු විප්ලවයේ ශත සංවත්සරය නිමිත්තනෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්රමුඛ සාමාජිකයින් විසින් පවත්වන ලද දේශන හා ලියන ලද ලේඛන අන්තර්ගත වේ.
මෙම වෙලුමෙහි අඩංගුවන දෑ මාක්ස්වාදි ඉදිරිදර්ශනයක පිහිටා ලියා ඇති බැවින් සුවිශේෂී වන්නේ ය. යලි වතාවක් ලෝකය ධනේශ්වර ක්රමයේ ගෝලීය අර්බුදයකින් දෙදරුම්කා තිබෙන තතු හමුවේ, 1917 පාඩම්වල සමකාලීන අදාලත්වය කතුවරු අවධාරනය කරයි.
මිල රුපියල්: 350
1932 දී කෝපන්හේගන්හි දී සමාජ ප්රජාතන්ත්රවාදී ශිෂ්‍යයන් පිරිසක් ඉදිරියේ දී ට්‍රොට්ස්කි මෙම දේශනය කලේ ය. විශාල ජනකායක් ඇමතීමට ට්‍රොට්ස්කිට හැකි වූ අවසාන අවස්ථාව මෙය විය.
මිල රුපියල්: 120
යුද්ධය හා හතරවන ජාත්‍යන්තරය - 1934 ජූනි
පලමුවන හා දෙවන අධිරාජ්‍යවාදී ලෝක යුද්ධ සම්බන්ධයෙන් ලියොන් ට්‍රොට්ස්කි විසින් සම්පාදිත ඉතා දිදුලන දේශපාලන විශ්ලේශනයන් අඩංගු ලිපි දෙකක් සමාජවාදී සමානතා පක්ෂය මගින් මෙසේ සිංහලට පරිවර්තනය කොට පල කෙරෙන්නේ කම්කරු පන්තිය, දුගී ජනයා හා තරුනයින් අද දින මුහුනදී සිටින දැවෙන දේශපාලන හා න්‍යායික අවශ්‍යතාවන් සපුරාලීමේ, කටයුත්තේ කොටසක් වසයෙනි.
සමාජවාදී සමානතා පක්ෂය ද ඇතුලත් හතරවැනි ජාත්‍යන්තරයේ ජාතපත්තර කමිටුවේ - සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයෙහි - දේශපාලන කර්තව්‍යයෙහි අත්‍යන්ත කේන්ද්‍රීය කොටසක් වන්නා වූ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයට නව පරම්පරාවක් න්‍යායිකව හා දේශපාලනිකව සන්නද්ධ කර ගැනීමේ අරමුනෙන් මාක්ස්වාදී උරුමයට අයත් මේ මාහැගි ලිපි පරිවර්තනය කොට පල කරමු.
මිල රුපියල්: 120
මෙම පොතට ඇතුලත් වන්නේ 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයේ සම-නායක ලියොන් ට්‍රොට්ස්කි විසින් දෛනික ජීවිතය, සංස්කෘතිය හා අධ්‍යාපනය පිලිබඳ ගැටලු අරබයා රචිත ලිපි හා පවත්වන ලද කතා මාලාවකි.
මෙම කාල පරිච්ඡේදය වැඩෙන ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් වාම විපාර්ශ්වය සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුල ගෙන ගිය අරගලයේ වැදගත් වසර ගනනාවක් විය. “විසකුරු', අධ්‍යාත්මික හා සංස්කෘතික පසුගාමිත්වය සෝවියට් සංගමය තුල සමාජවාදය සදහා පදනම් දැමීමට පවත්නා ප්‍රධාන බාධාවක් ලෙස හඳුනාගත් ට්‍රොට්ස්කි එම තතුවලට එරෙහි අධිෂ්ඨානවත් අරගලයකට පිවිසියේ ය. මෙම කෘතිය තුල අඩංගු ලිපි සහ කතා පවුල් හා පුද්ගලික සබදතාවන්ගේ සිට සංස්කෘතිය සහ විද්‍යාව දක්වා වූ පුලුල් විවිධත්වයකින් යුක්ත ගැටලු ගැන සාකච්ඡා කරයි.
ට්‍රොට්ස්කි ගේ මෙම ග්‍රන්ථය පල වූ කාල පරිච්ඡේදයේ දී කලාව හා සංස්කෘතිය පිලිබඳ ගැටලුවලට ඔහුගේ කැපවීම හමුවේ ඔහු කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්නවලින් පසුබැස ඇතයි යන චෝදනාවට ලක්විය. එහෙත් ඔහුගේ විවේචකයන් නොතකා හැරී කාරනාව නම් ජාත්‍යන්තර කම්කරු පන්තිය ලැබූ පරාජයන්ට පසුව සෝවියට් රාජ්‍යය හුදකලාවේ පැවති එම කාල පරිච්ඡේදයේ දී නිෂ්පාදනය වර්ධනය කිරීමත් සමග ම පුලුල් කම්කරු පන්තික ජනයාගේ සංස්කෘතික මට්ටම ඉහල දමා ගැනීමේ සැලකිය යුතු කර්තව්‍යයට ද විලවවාදී තන්ත්රය මුහුන දුන් බවයි.
වර්තමානයේ දී විප්ලවවාදී සටන්කරුවන් ලෙස කම්කරුවන් තරුනයන් හා බුද්ධිමතුන් නව පරම්පරාවක් උගවාගැනීමේ දී ට්‍රොට්ස්කි ගේ සෙසු ලේඛන මෙන්ම මෙම කෘතිය ද තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.
මිල රුපියල්: 250
1917 ඔක්තෝබර් විප්ලවයේ ශ්‍රේෂ්ඨතම නායකයා ඝාතනය කිරීම, ස්ටැලින්වාදි තන්ත්රය විසින් සමාජවාදී කම්කරුවන් හා බුද්ධිමතුන් අතුගා දැමීම සඳහා දියත්කරන ලද ක්රියාදාමයේ කුලුගැන්වීම සලකුනු කරයි.
මිල රුපියල්: 20
ලියොන් ට්‍රොට්ස්කි (1879-1940) විසි වන සියවසේ දේශපාලන ඉතිහාසය තුල ශ්‍රේෂ්ඨතම හා වඩාත්ම මතභේදයට ලක් වූ පුද්ගලයන් අතරට අයත් වේ. සිය ජීවිත කාලය තුල දී, ඔහු සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්රය ගෙන ගිය මුසාවන්ගෙන් හා චෝදනාවන්ගෙන් සමන්විත දුෂ්ට ප්රචාරක ව්‍යාපාරයක ඉලක්කය බවට පත් වූ අතර එම ව්‍යාපාරය මෙම පිටුවහල් කල විප්ලවවාදී නායකයාගේ ඝාතනයෙන් කුලුගැන්වුනි.
ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් වසර හැත්තෑවක් ඇවෑමෙන්, ඓතිහාසික වාර්තාව පිලිබඳ, දිගු කලක් තිස්සේ අපකීර්තියට පත්ව තිබූ, ස්ටැලින්වාදී විකෘතිකරන හා මුසාකරන, ප්‍රධාන ප්රවාහයේ ශාස්ත්රාලික සාහිත්‍යය තුලට තමන්ගේ මාවත සොයා ගනීමින් සිටී. ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් - රොබට් සර්විස්, ඉයන් තැචර් සහ ජෙෆ්රි ස්වේන් යන මහාචාර්යවරු- විසින් රචනා කරන ලදුව මෑත දී පල කෙරුනු ලියොන් ට්‍රොට්ස්කි ගේ චරිතාපදාන තුන විනිවිදින විශ්ලේෂනයකට ලක් කරමින් හා ඒවා විස්තෘත ලෙස බිඳහෙලමින් සිදු කරන ලද මෙම කෘතිය තුල, ඩේවිඩ් නෝර්ත් ඉතිහාසය පිලිබඳ සමකාලීන ශාස්ත්රාලිකයන්ගේ මට්ටම පිලිබඳ සිත් සසල කරවන ප්‍රශ්න මතු කරයි.
“ඩේවිඩ් නෝන්ගේ රචනාව අතිශය සිත් කාවදින කෘතියකි - එම්, සිය විවේචනයේදී සවිස්තරාත්මක, ඉතා සැලකිලිමත්, මැනවින් තර්ක කෙරුනු හා මුසාවාද බිඳ හෙලන සුලු කෘතියකි. ඔහු ට්‍රොට්ස්කි ගේ ඓතිහාසික උරුමයට දැවැන්ත සේවයක් සිදු කර ඇත.'
- මහාචාර්ය බරක් නේයි පැෂ්, The Social and Political Thought of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි සමාජ හා දේශපාලන චින්තනය) ග්‍රන්ථයේ කතුවරයාමිල රුපියල්: 300
යුක්රේනයේ අර්බුදය පිලිබඳ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය ඇතුලු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපි එකතුවකි.
මිල රුපියල්: 20
සිරිසා (රැඩිකල් වමේ සන්ධානය) ආන්ඩුව ග්‍රීක කම්කරු පන්තිය කප්පාදුවට එරෙහි ව සිදු කල අරගලය පාවා දීම ග්‍රීක කම්කරු පන්තියට පමනක් නොව, ජාත්‍යන්තර ව ම කම්කරු පන්තියට මූලෝපායික අත්දැකීමකි. අද දින න්‍යාය පත්‍රය ව ඇති පන්ති අරගල සඳහා කම්කරුවන් සහ සමාජවාදී බුද්ධිමතුන් සන්නද්ධ කිරීම සඳහා මෙම පාඩම් උකහා ගැනීම අත්‍යවශ්‍ය කෙරෙයි.
හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මෙම ප්‍රකාශය සිරිසාවේ ද්‍රෝහීත්වය ලේඛනගත කරමින් කම්කරු පන්තියට විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සම්පාදනය කරයි.
මිල රුපියල්: 50
මිල රුපියල්: 200
පශ්චාත් නූතනවාදයේ, රාජ්‍ය ධනවාදයේ ද පශ්චාත් යුද සමයේ 'වාම ” තට්ටූන් අතර ඉස්මතු වූ අනෙකුත් අසාරදර්ශී වූත් ප්රතිමාක්ස්වාදී වූත් සංකල්පයන්ගේ ද සම්භවය හා ගමන් මග මෙම කෘතිය තුල ඩේවිඩ් නෝර්ත් සංක්ෂිප්ත ව පැහැදිලි කරයි. ග්‍රීසියේ සිරිසා සංවිධානයේ පටන් ප්රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය දක්වා ද එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය දක්වා ද ලෝක පරිමාන “වාමාංශික” සංවිධානයන්හි පරිහානිය අවබෝධ කර ගැනීමට මෙම කෘතිය අත්‍යවශ්‍ය ලේඛනයක් වේ.
මිල රුපියල්: 50
“ධනපති ලාභ ගැම සඳහා කෙරෙන සැලසුමකින් තොර කාර්මික නිෂ්පාදනය, ඉවක් බවක් නැති නාගරීකකරනය හා සම්පත් අපහරනය. නිසා ලෝක පරීමානව පරිසර අර්බුදයක්ද වර්ධනය වී ඇත. ගෝලීය උනුසුම වැඩි වීම, කසල අර්බුදය හා මහා පරිමාන ජල දූෂනය වැනි විවිධ රූපාකාරයගෙන් මතු වෙන මේ අර්බුදය මගින්, සමස්ත පෘථිවි ජෛව-පද්ධතියේම පැවැත්ම තර්ජනයට ලක්කරමින් ඇත.
මානව වර්ගයාගේ අනාගතය වැටී ඇත්තේ මිලේච්ඡත්වයද සමාජවාදයද යන විකල්ප මාවත් දෙකෙන් එකක් මතය. ලෝක යුද්ධය නතර කිරීම ද, සමාජ ව්‍යාසන අවසන් කිරීම ද, ලොව පුරා සෑම රටකම කකරුවන් හා පීඩිතයන් සඳහා සුදුසු ජීවන තත්වයක් නිර්මානය කිරීම ද ධනේශ්වර ක්‍රමය පෙරලා දමා ලෝක සමාජවාදී ආර්ථිකයක් ස්ථාපනය කිරීමෙන් තොරව සිදුකල නොහැක.
ධනේශ්වර ප්රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර පරිනවද, ලංකාවේ වේගයෙන් වර්ධනය වන කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ අරගල ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදක විය යුත්තේ එබැවිනි.”
- මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳ ස්වාධීන කම්කරු පක්ෂයේ නිගමන
මිල රුපියල්: 50
ඝාතනය කරනු ලැබූ වර්කර්ස් ලීග සාමාජික ටොම් හෙනන්ගේ පස් වැනි අනුස්මරනය නිමිත්තෙන් 1982 දී ඩේවිඩ් නෝර්ත් විසින් රචනා කරනු ලැබූ මෙම ලිපි එකතුව අද දවසේ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය සම්බන්ධයෙන් සංක්ෂිපත් හැඳින්වීමක් සම්පාදනය කරයි.
මිල රුපියල්: 80
කම්කරු මාවත ප්‍රකාශකයෝ
නො 716 1/1,
කෝට්ටේ පාර,
ඇතුල් කෝට්ටේ
කෝට්ටේ
දුරකථන:
0773562327