සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 12 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 12

By the Socialist Equality Party (Sri Lanka), 7 june 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලේ අවසාන කොටසයි.මෙහි 1, 2, 3, 4, 5,6 , 7 ,8 , 9 , 10 හා 11 වන කොටස් පිලිවෙලින් මැයි 3, 5, 9, 10, 12, 15, 19 ,23, 29, 31 හා ජුනි 4 දිනවල පල කෙරින.

31. සමාජවාදී සමානතා පක්ෂය

31-1 විකොස 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) බවට පරිවර්තනය කිරීම ගලා ආවේ, කම්කරු පන්තියේ සියලු පැරනි සංවිධානවල පරිහානිය පිලිබඳව ජාත්‍යන්තර කමිටුව උකහා ගත් නිගමනයන්ගෙනි. පශ්චාත් යුද කාලීන ස්ථාවරත්වයේ හා ධනවාදයේ ආර්ථික ප‍්‍රසාරනයේ කොන්දේසි තුල, විවිධ වෘත්තීය සමිතිවලට, සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර හා ස්ටැලින්වාදී සංවිධානවලට, ජාතික ආර්ථික නියාමනයේ ආකෘතිය තුල, කම්කරු පන්තියේ දිගුකාලීන අවශ්‍යතා පාවාදෙන අතරතුර, එයට සීමිත, ක්ෂනික සහන දිනා දීමේ හැකියාවක් පැවතුනි. ජාත්‍යන්තර කමිටුවේ ශාඛා, සංගම්වල ස්වරූපය ගෙන තිබුනේ, සමාජවාදී-හිතැති කම්කරුවන්ගේ ද බුද්ධිමතුන් හා තරුනයන්ගේ ද පුලුල් ස්ථර, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ස්ටැලින්වාදී සංවිධානවලට තවමත් දේශපාලනිකව පක්ෂපාතී බවක් දැක්වූ බව වටහාගැනීම නිසාවෙනි. ලසසප හා කොප ශ‍්‍රීලනිපයෙන් කැඩී, සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනැගීමේ මාවත ගත යුතු යයි කියා සිටීමේ දී විකොස අදහස් කලේ, මෙම පක්ෂ හෙලිදරව් කර, කම්කරු පන්තියේ වැඩි දියුනු කොටස් දිනාගැනීම ය. කෙසේ වුවත් නිෂ්පාදනයේ ගෝලීයකරනය විසින් ජාතික ප‍්‍රතිසංස්කරනවාදයේ සියලු වෛෂයික පදනම් විනාශ කර, "ජාත්‍යන්තර තරගකාරිත්වය” සඳහා අතොරක් නැති තරගය තුල රැකියා, සේවා කොන්දේසි හා ජීවන තත්වයන් කැපීමේ දී ජාතික ධනේශ්වරයේ සෘජු ඒජන්සි බවට පැරනි සංවිධාන පරිවර්තනය කර තිබුනි. මෙම පක්ෂ හා වෘත්තීය සමිති තවදුරටත් කම්කරු පන්තියේ නමින් කථා කරන හා ඒ මත පදනම්වූ සංවිධාන ලෙස කිසිදු ආකාරයකින් සැලකිය නොහැකි විය.

31-2 අගමැති හා පසුව ජනාධිපති වූ චන්ද්‍රිකා කුමාරතුංග යටතේ වූ 1994 ශ‍්‍රීලනිප නායකත්වයෙන් යුක්ත තෙවන සභාග ආන්ඩුවට ලසසප හා කොප, ඇතුලු වූ හ. 1970 ගනන්වල බන්ඩාරනායක ආන්ඩුවට සහභාගී වීම නිසා කම්කරු පන්තිය තුල ජනනය කල ඉමහත් සතුරුකම, මෙම පක්ෂ දෙකට කවර කලෙකවත් දුරුකරගත හැකි වූයේ නැත. පොදු පෙරමුනට ඔවුන් එකතුවූ කාලය වන විට, ලසසප හා කොප, පුස් කෝම්බ දෙකක් බවට පත්ව තිබුනි. මෙම එක් පක්ෂයක් වත්, සමාජවාදය සඳහා විප්ලවවාදී අරගලයක් ගෙනයාම කෙසේ වෙතත්, මූලික සමාජ ප‍්‍රතිසංස්කරන සඳහා වත් සටන් කරනු ඇතැයි කිසිදු කම්කරුවෙක් බලාපොරොත්තු නොවීය. ඔවුන් කෙරේ යාන්තමින් හෝ පැවති කවර හෝ මිත්‍යාවක්, යුද්ධය උත්සන්න කිරීමේ ද මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට හා ජීවන තත්වයන්ට පහර එල්ල කිරීමේ ද කුමාරතුංගගේ පිලිවෙත්වලට ලසසප හා කොප දුන් සහයෝගය හමුවේ, වේගයෙන් අතුරුදහන් විය. ඉන් පසුව ඔවුන් කටයුතු කර ඇත්තේ, ස්වාධීන පක්ෂවලට වඩා මුලුමනින්ම පාහේ ශ‍්‍රීලනිපයේ කන්ඩායම් ලෙස ය.

31-3 කවර කලෙකවත් පලමු සභාග ආන්ඩු දෙකට විරුද්ධ වී නැති නසසපයේ නායකයෝ, මැතිවරනයේ දී කුමාරතුංගට පිටු බලය දුන්හ. නසසපයේ පන්ති සහයෝගිතා කි‍්‍රයාමාර්ගයෙන් තර්කාන්විත නිගමනය උපුටා ගත් වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් කන්ඩායමක්, පොදු පෙරමුනු ආන්ඩුවට එක් විය. නසසප ද එහි අංකුරයක් වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ද කොලඹ දේශපාලන සංස්ථාපිතයේ පරිවාර ග‍්‍රහයකු ලෙස, එන්ට එන්ටම කැත දේශපාලන කර කාර රොත්තකට කරබදු වී සිටිති. 1990 ගනන් මැද භාගයේ පොදු පෙරමුනු ආන්ඩුව කෙරේ විරුද්ධත්වය වැඩෙද්දී නසසප, ජවිපෙ සමග සම්මුතියකට එලඹුනේ ය. ඒ ඊට යන්තම් දශකයකට පෙරාතුව ජවිපෙ තුවක්කුකරුවන් නසසප සාමාජිකයින් මරා දමා තිබූ තතු ද යටතේ ය. කුමාරතුංග විසින් යලි නීත්‍යානුකූල කරනු ලැබූ ජවිපෙ, වෘත්තීය සමිති පැවැත්මක් තහවුරු කරගනු පිනිස එලිපත්තක් ලෙස නසසප යොදාගත් අතර පසුව සන්ධානය බිඳ දැමීය. තමන්ගේ විවිධාකාර දේශපාලන කරනම් අස්සේ නසසප හා එසප, එක ලක්ෂනයක් ස්ථාවරව පවත්වාගෙන ඇත. එනම් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සසප ගෙන යන අරගලය කෙරේ ඇතුලාන්තයෙන්ම සතුරු වීමයි.

31-4 ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිතිවල පරිනාමය, දියුනු ධනේශ්වර රටවල වෘත්තීය සමිති තන්ත‍්‍රයන්ට සමාන්තරව සිදු විය. භූගෝලීය නිෂ්පාදනයේ බලපෑම යටතේ වෘත්තීය සමිති නිලධාරි තන්ත‍්‍ර, කම්කරු පන්තියේ මූලිකම අයිතීන් ආරක්ෂා කිරීම පවා අතහැර දමා කලමනාකරනයේ සෘජු ඒජන්තයින් බවට පරිවර්තනය වී ඇත. සමිතිවල පාවාදීම් හමුවේ, විශේෂයෙන්ම 1980 මහා වැඩවර්ජනයෙන් පසුව, සමිති සාමාජිකත්වය පහල බැස ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ හා යුරෝපයේ එහි සගයන්ට වෙනස් අයුරින් ශ‍්‍රී ලංකාවේ සමිති, බොහෝ කොටම විකල්ප ආදායම් මාර්ග නොමැති කමෙන් ඉක්මනින්ම දිරාපත් වූ හ. සමිති, සම්මේලන හරහා පක්ෂවලට අනුබද්ධිතව තිබුනු බැවින්, එම පැරනි පක්ෂ නායකත්වයන් කෙරෙහි පැවති පිලිකුල හමුවේ සමිතිවල ද පරිහානිය වේගවත් විය.

31-5 ඊනියා වතු කම්කරු සමිතිවල ප‍්‍රථම නිදසුන ලංකා කම්කරු සංගමය (සීඩබ්ලිව්සී), අමුත්තක් පෙන්නුම් කරමින් හැම විටම වෘත්තීය සමිතියකට වඩා පීතෘවාදී යහසාධක සමාජයක් ලෙස කි‍්‍රයාත්මක විය. වතු කලමනාකරනයේ සහයෝගය ඇතිව, වතුකරයේ ජීවිතයෙහි සෑම අංශයක් ම -- එනම්, නිවාස, සෞඛ්‍ය සේවා, පාසැල් සිට විවාහ මංගල්‍ය, අවමංගල්‍ය කටයුතු හා ආගමික උත්සව දක්වා -- සිය ග‍්‍රහනයට නතුකර ගැනීම හේතුකොටගෙන, සැලකිය යුතු සාමාජිකත්වයක් ද සම්පත් ද පවත්වා ගැනීමට එය සමත් විය. තම බන්ධනයේ පවතින ඡන්ද බැංකුවක් ලෙස සිය සාමාජිකයින් යොදා ගනිමින් සීඩබ්ලිව්සී නායකයෝ, පාර්ලිමේන්තුවට ඇතුලු වී ඇමති තනතුරු හා වරප‍්‍රසාද සඳහා කේවල් කලහ. කඳුරට ජනතා පෙරමුන වැනි විවිධාකාර විකල්ප සංවිධාන කි‍්‍රයා කලේ ඊට වෙනස්ව නොවේ. කම්කරු පන්තියේ ඉතාමත් ම පීඩිත කොටසක් මැඩලීම සඳහා එක්ව වැඩ කල මේ එක ද සංවිධානයක් හෝ කම්කරුවන් අතර කිසිදු සැලකිය යුතු සාධනීය සහයෝගයක් නොලබයි.

31-6 සසප පිහිටුවීම, කම්කරු පන්තියේ නව ව්‍යාපාර සඳහා සූදානම් වීමේ කි‍්‍රයාවලිය තුලදී පක්ෂය ගත් පලමු පියවරයි. මෙම ව්‍යාපාර පැරනි සංවිධාන තුලින් සිදුවිය නොහැකි අතර එය සිදුවිය හැක්කේ ඒවාට එරෙහි කැරැල්ලකිනි - සසප විසින් දේශපාලනිකව සූදානම් කර සංවිධානාත්මකව මෙහෙයවනු ලබන කැරැල්ලක් - අලුත් නම ලෙස සමාජවාදී සමානතා පක්ෂය යොදාගනු ලැබුවේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ස්ටැලින්වාදය හා පැබ්ලෝවාදය විසින් දශක ගනනාවක් තිස්සේ සමාජවාදය යන පදය දුෂ්පරිහරනය කිරීම මගින් දුරවබෝධ බවට පත් කෙරී තිබූ, සමාජවාදයේ සාරභූත අරමුන වන සමාජ අසමානතාවය දුරීභූත කිරීම මත අවධානය යොමු කිරීම සදහා ජාත්‍යන්තර කමිටුව තුල කරන ලද පුලුල් සාකච්ඡාවලින් අනතුරුවය. 1996 සිය ඉදිරි දර්ශන ලියවිල්ල තුල සසප පහත නිගමනය කරා එලඹුනි: "කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන්, සියලූ පැරනි පක්ෂවලට හා නිලධාරි තන්ත‍්‍රයන්ට දක්වන සම්බන්ධතාවය වෙනස්වී ඇති බව හඳුනා ගැනීමෙන් ඉල්ලා සිටින්නේ, ජනතාවන්ගේ එලඹෙන විප්ලවවාදී අරගලයන්හි නායකත්වය ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් විසින් ගත යුතු බවටයි.”

32. ලෝක සමාජවාදී වෙබ් අඩවිය

32-1 1998 වසරේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පිහිටුවීම, ජාත්‍යන්තර කමිටුව හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනයෙහි ලා තීරනාත්මක සන්ධිස්ථානයක් සලකුනු කලේය. ලෝසවෙඅ ඉදිරියට ගෙනයාම සඳහා පරිගනක තාක්ෂනයේ විප්ලවකාරී වර්ධනයන්ගේ වාසිය අත්පත්කර ගැනීමටත් එහි ශාඛාවන්ගේ දේශපාලන වැඩකටයුතු දෛනික පදනමක සම්බන්ධීකරනය කිරීමටත් ජාත්‍යන්තර කමිටුවට හැකිවීම, 1985-86 කාලයේ කවිප සමග භේදයෙන් ඉක්බිත්තේ, එය අත්පත්කරගනු ලැබූ කි‍්‍රයාමාර්ගික පැහැදිලි කමේ හා එකමුතුවේ ඵලයකි. වෙබ් අඩවිය, ජාත්‍යන්තර කමිටුවට සිය පේ‍්‍රක්ෂකත්වය ඉමහත් ලෙස පුලුල් කර ගැනීමට අවකාශ සැලසුවා පමනක් නොව, ජාත්‍යන්තර කම්කරු පන්තියට, සිය අරගල ඒකාග‍්‍ර කොට ධනවාදය අහෝසි කිරීමට සමත් දැනුවත් දේශපාලන බලවේගයක් ලෙස ඒකාබද්ධ වීම සඳහා නව සැකිල්ලක් ද සම්පාදනය කලේය.

32-2 ලෝසවෙඅ හුදෙක් තාක්ෂනික හෝ සංවිධානාත්මක පියවරක් නොව, අතිමූලික දේශපාලන සංකල්ප ගනනාවක් තුල මුල්බැසගත් ආරම්භකත්වයකි. ජාත්‍යන්තර කමිටුවේ 18 වන සැසියේ දී ඩේවිඩ් නෝර්ත් මෙම පදනම් විස්තාරනය කලේය. "1). කම්කරු පන්තියේ දේශපාලන මූලෝපායේ හා උපායික සංවිධානයේ පදනම ලෙස ජාත්‍යන්තරවාදයේ ප‍්‍රමුඛත්වය මත ජාත්‍යන්තර කමිටුව යෙදූ අවධාරනය. 2). ප‍්‍රතිගාමී කම්කරු නිලධාරි තන්ත‍්‍රයන් විසින් කම්කරු පන්තිය තුල පවත්වාගෙන ගිය අධිකාරයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙනගිය අරගලයේ අශමනීය ස්වභාවය. 3) නව ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක අත්‍යවශ්‍ය බුද්ධිමය පමනක් නොව, "අධ්‍යාත්මික” ප‍්‍රස්තුතයක් ලෙස කම්කරු පන්තිය තුල අව්‍යාජ සමාජවාදී දේශපාලන සංස්කෘතියක පුනර්ජීවනය කෙරෙහි තැබූ අවධාරනය. මෙයයි, සමාජවාදී විප්ලවයේ අත්‍යවශ්‍ය බුද්ධිමය සාරය හා පූර්ව කොන්දේසිය. 4) ධනවාදයේ අර්බුදයේ, පන්ති අරගලයේ හා සමාජවාදී විප්ලවයේ වර්ධනය සම්බන්ධ සාංසිද්ධිකවාදයට හා දේශපාලන ඉරනම්වාදයට එරෙහි අරගලය.” [69]

32-3 ලෝසවෙඅ දියත් කිරීම, පුවත්පත් මුද්‍රනය කර බෙදාහැරීම කේන්ද්‍රිත කොට තිබුනු පක්ෂ භාවිතයේ පරන රූපයන් ගෙන් සැලකිය යුතු බිඳීමක් විය. වෙබ් අඩවිය ජාත්‍යන්තර කමිටුව එක් එක් ශාඛාවක් සාපේක්ෂව සීමිත පුවත්පත් සංඛ්‍යාවක් අලෙවි කිරීම හරහා ලද සංඛ්‍යාව ඉක්මවා ජාත්‍යන්තර පාඨකයක් වෙත නිතිපතා ලඟාවීම සඳහා ජාත්‍යන්තර කමිටුවට අවකාශ සැලසීය. වෙබ් අඩවිය දෛනිකව සම්පාදනය කිරීම, පෙර නොවූ විරූ පරිමානයකට ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවල වැඩ කටයුතු ඒකාග‍්‍ර කල අතර දේශපාලන හා න්‍යායික විශ්ලේෂනයට ප‍්‍රමුඛ අවධානයක් යෙදවීය. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, ලෝසවෙඅ මත පාදක සහයෝගීත්වය, විකොස-සසපට වසර ගනනාවක් තිස්සේ විඳින්නට සිදුව තිබුනු සාපේක්ෂ හුදෙකලාව, අවසන් කලේය.

32-4 පක්ෂ කි‍්‍රයාමාර්ගය වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදීම නිසා එල්ටීටීඊය විසින් රඳවා තැබූ සසප සාමාජිකයින් සිව් දෙනා නිදහස් කර ගැනීමට 1998 දී ශ‍්‍රී ලංකාවේ සසප හා ජාත්‍යන්තර කමිටුව ගෙනගිය පුලුල් උද්ඝෝෂනය, සෑම රටක් තුලම දේශපාලන අරගලයේ මෙවලමක් ලෙස වෙබ් අඩවියේ බලපෑම සනාථ කලේය. උතුරු ඇමරිකාවේ, ඕස්ටේ‍්‍රලියාවේ හා යුරෝපයේ දෙමල විදේශගත ප‍්‍රජාව අතර මෙන්ම පොදුවේ ජාත්‍යන්තරව ගෙනගිය පුලුල් උද්ඝෝෂනයේ බලපෑම හමුවේ එල්ටීටීඊය, අවසානයේ දී සසප සාමාජිකයින් නිරුපද්‍රිතව නිදහස් කලේය.

33. 2000 වසරේ ශ‍්‍රී ලංකාවේ අර්බුදය

33-1 2000 අපේ‍්‍රල් මාසයේ දී අලිමංකඩ කඳවුර එල්ටීටීඊය අතට පත්වීමත් සමග ආරම්භ වූ මිලිටරි පරාජයන් මාලාවක් හමුවේ, ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව නව සහශ‍්‍රකය ආරම්භයේ දී පරිපූර්න වියවුලකට ඇද වැටුනි. "1948න් මෙපිට කොලඹ පාලනය මුහුනපෑ බරපතල ම අර්බුදය” වශයෙන් ඇය හැඳින්වූ තත්වය හමුවේ ජනාධිපතිනි කුමාරතුංග, දේශපාලන මුක්කුවක අවශ්‍යතාවය පිලිබඳව නොඉවසිලි සහගත වූවාය. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ පක්ෂයක් ලෙස නිල වශයෙන් පිලි නොගත් සසප (හා එහි පූර්වගාමී විකොස)ට හදිසියේ ම වාගේ නිල පිලිගැනීමක් ප‍්‍රදානය කෙරුනි. සතියකට පසුව, දේශපාලන අර්බුදය සාකච්ඡාවට ගැනෙන සර්ව පාක්ෂික සමුලුවකට පැමිනෙන ලෙසට සසප වෙත ජනාධිපතිගෙන් ආරාධනයක් ලැබුනි. මෙම ආරාධනය ප‍්‍රතික්ෂේප කල ප‍්‍රකාශයක් තුල විජේ ඩයස්, මෙම සාකච්ඡාා, "ආන්ඩුව දැනටමත් ගෙන ඇති තීරන මත රබර් මුද්‍රාව තබා ගැනීම, සිය ප‍්‍රතිපත්තිවලට විශ්වාසනීයත්වයක් ලබාගැනීම සහ දිවයින පුරා සිංහල හා දෙමල යන දෙකොට්ඨාශයේ ම වැඩකරන ජනතාවට විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙනදුන් යුද්ධයක් තවදුරටත් ඉදිරියට ගෙන යාමට සහාය ගොනුකිරීම සඳහා අරමුනු කර ගත්” බව ප‍්‍රකාශ කරමින් ඒවා හෙලා දුටුවේය.

33-2 ලෝසවෙඅ හා ජාත්‍යන්තර කමිටුවේ 2000 ජූනි සැසියේ දී, කුමාරතුංගගේ ලිපියේ අර්ථභාරය හා ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවන් සඳහා එහි දේශපාලන පාඩම්, දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. සිය ආරම්භක වාර්තාව තුල ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේය: "රටක ආන්ඩුව සමග සර්ව පාක්ෂික සාකච්ඡාවලට සහභාගී වන ලෙස අපේ ව්‍යාපාරයේ ශාඛාවකට ලැබී ඇති ආරාධනය ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසයෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස අප හඳුනාගත යුතුය. මෙය අපට ගෞරවය දැක්වීම ගැන ආඩම්බරවීම සම්බන්ධ කාරනයක් නොවේ. සත්තකින්ම අපි එසේ නොසිතමු. ඒ වෙනුවට එය, අප කාලයක් තිස්සේ මතු කරන කරුනක් සැලකිය යුතු ලෙස සනාථ වීමකි. එනම්, නිශ්චිත පක්ෂ, සංවිධාන, පුද්ගලයින් හා සම්බන්ධතා අධිකාරය දරා සිටින, කිසිවක් වෙනස් නොවන්නේ යයි ද මුලුමනින්ම ඝනීභූත යයි පෙනීගිය, දිගු කලක් ස්ථාපිත දේශපාලන සබඳතාවන්ගෙන් යුක්ත මතුපිටට යටින්, ඉමහත් වෙනසක් සිදුවෙමින් පන්ති සම්බන්ධතා වෙනස් වෙමින් පවතින බවයි. තාක්ෂනයේ ඇතිවන විශ්මයජනක පරිවර්තනයන් මගින් තීව‍්‍ර කෙරෙන, සමාජ ආර්ථික අධස්තලයන්ගේ චලනය සහ ලෝක වෙලඳාමේ හා ආර්ථික සංසරනයේ රටා තුල සිදුවන වෙනස්කම් -- එනම්, නිෂ්පාදන මාදිලීන් හා නිෂ්පාදන සම්බන්ධතා තුල සිදුවන ප‍්‍රගාඪ වෙනස්කම් -- සමස්ත දේශපාලන උපරි ව්‍යුහය තුලට දරුනු ලෙස කඩාවැදීමේ බලවේග ගොඩනගමින් ද හදිසි හා රංගක මෙන්ම ව්‍යසනකාරී වූ දේශපාලන පරිවර්තනයන් සඳහා මග සකසමින් ද සිටී.”

33-3 සැසිවාරය උදාසීනතාවය හෝ දේශපාලන අකර්මන්‍යතාවය දෙසට පවත්නා කුමන ප‍්‍රවනතාවයක් හෝ ගැන අනතුරු අඟවා සිටියේ ය. රාජ්‍ය මර්දනය යොදාගැනීම මෙන් ම, ධනේශ්වර පාලනයට නව සහාය පදනමක් ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් තුලින් ලබාගැනුමට ඉදිරියේ දී දැරිය හැකි ප‍්‍රයත්නයන් ද ඇතුලත්, හදිසි දේශපාලන වෙනස්වීම්වලට ජාත්‍යන්තර කමිටුව සූදානම්ව සිටිය යුතු විය. අවධාරනය කරනු ලැබුවේ, පක්ෂයේ සූදානම ඇති කර ගැනීමටත් එය නුසූදානම් තත්වයකට ඇද නොවැටීම සහතික කරගැනීමත් සඳහා, තිරසාර දේශපාලන සහ න්‍යායික වැඩකටයුතුවල අවශ්‍යතාවය යි. පක්ෂය දේශපාලන ප‍්‍රශ්න සමග නිරන්තරව පොරබැදීම මගින්, ධනේශ්වර සමාජය කම්කරු පන්තිය සහ එහි පෙරටු බලඇනිය මත ස්වාභාවිකව ඇති කරන්නා වූ පීඩනයන් පරයා, සිද්ධීන් කෙරෙහි සුලු ධනපති හා ධාරනාවාදී ආකාරයකින් ප‍්‍රතිචාර දැක්වීමෙන් වලක්වාලනු ඇත. කම්කරු පන්තියේ සහ ගම්බද ජනතාවගේ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක වර්ධනයෙහි ලා, සාරභූත අන්තර්ගතය ලෙස ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ඉටු කරන භූමිකාව පිලිබඳව වටහා ගැනීමක් ද මීට ඇතුලත් විය.

34. යුද්ධය සහ මිලිටරිවාදය

34-1 සීතල යුද කාලීන භූ දේශපාලනික රාමුවේ අවසානය, අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් තීව‍්‍ර වීමකට හා මිලිටරිවාදය පුපුරා යාමට තුඩු දුනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ඉතිරිව පවත්නා එකම "සුපිරි බලය” ලෙස, තමා සතුව පවත්නා මිලිටරි බලය, ආක‍්‍රමනශීලීව යොදා ගනිමින් තම ආර්ථික පසුබෑම පූරනය කර ගැනීමට මාන බැලීය. 1990 දී ඉරාකය විසින් කුවේටය ආක‍්‍රමනය කිරීම කඩතුරාව කර ගනිමින්, බල ශක්තියෙන් ආඪ්‍ය මැද පෙරදිග මත සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා වූ තම දිගු කාලීන සැලසුම් එක්සත් ජනපදය විසින් කි‍්‍රයාවට නංවන ලදි. සෝවියට් සහ චීන තන්ත‍්‍රයන් ද සෑම රටකම කම්කරු නිලධරය ද සමග එක්ව, තමන්ගේ ම අනාගත මංකොල්ලකාරි අභිලාෂයන් යුක්තියුක්ත කිරීම සඳහා සියලු අධිරාජ්‍යවාදී බලවත්තු 1990-91 ගල්ෆ් යුද්ධයට පිටුබලය දුන්හ. ජාත්‍යන්තර කමිටුව 1991 දී අධිරාජ්‍යවාදී යුද්ධයට සහ විජිතවාදයට එරෙහිවනු! නමින් පලකල ප‍්‍රකාශනයෙන් නව යටත්විජිතවාදයේ අලුත් යුගයක් විවෘත වී ඇති බැව් නිගමනය කලේය. "ඉරාකය තුල ගෙනයන සැබෑ බෙදා වෙන් කිරීම, අධිරාජ්‍යවාදීන් ලෝකය යලි බෙදා වෙන් කිරීම අරඹා ඇති බව සංඥා කරයි. අධිරාජ්‍යවාදයේ අවස්ථාවාදී ක්ෂමාලාපකයන් විසින් අතීතයට අයත් යයි හැඳින් වූ ආක‍්‍රමන සහ ඈඳා ගැනීම්, නැවත වරක් දවසේ න්‍යාය පත‍්‍රයට ඇතුලත් වී ඇත.” යි එය සඳහන් කලේය.[70]

34-2 ප‍්‍රථම ගල්ෆ් යුද්ධය කර ගෙන යන ලද්දේ එක්සත් ජාතීන්ගේ ධජය යටතේ වුවත් 1999 දී සර්බියාවට එරෙහි එක්සත් ජනපද-නීත මිලිටරි ආක‍්‍රමනයට, එවන් විලිවස්නයක් තිබුනේ නැත. බෝල්කනයේ නේටෝ යුද්ධයට හේතුව ලෙස ඉදිරිපත් කරන ලද්දේ, කොසොවා වරුන් ජනඝාතනයට ලක් වීම වැලැක්වීම ය. මෙය නව යටත් විජිත මෙහෙයුම් යුක්තිසහගත කරන මානව හිතවාදී කඩතුරාවක් ලෙස සාමාන්‍යකරනය කරන ලදි. යථාර්ථයේදී බෝල්කන් යුද්ධය වනාහි, සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු, විශේෂයෙන්ම මධ්‍යම ආසියාවේ අලුතෙන් ස්ථාපනය කෙරුනු සම්පත්-ආඪ්‍ය සමූහාන්ඩු තුල විවරවූ නව අවස්ථා ද ගසාකෑම එල්ල කර ගත්, පුලුල් එක්සත් ජනපද මුලෝපායක කොටසකි. මැද පෙරදිග සහ මධ්‍යම ආසියාව යටත් කර ගැනීමේ එක්සත් ජනපද අභිලාෂයන් ඉදිරියට ගෙන යාමක් ලෙස, 2001 ඇෆ්ඝනිස්ථානය තුල ද 2003 ඉරාකය තුල ද සිදු කරන ලද ආක‍්‍රමන යුක්තියුක්ත කිරීම සඳහා බුෂ් පරිපාලනය විසින් 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය ඩැහැ ගන්නා ලදී. "පූර්ව භංග යුද්ධය” නම් වූ බුෂ්ගේ නව පිලිවෙත, දෙවන ලෝක යුද්ධයෙන් පසුව නාසි නායකයන්ට එරෙහි නඩු විභාගයේ දී ඔවුන්ට එල්ල කල ප‍්‍රධාන අපරාධ චෝදනාව, එනම් ආක‍්‍රමනික යුද්ධයක් ගෙනයාම, සමග මුලුමනින්ම සම විය. ඉරාක යුද්ධයට එරෙහිව ප‍්‍රන්සයේ නායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය තුල මතුවූ සීමිත විරුද්ධත්වය මුලුමනින්ම පාදක වූයේ, මැද පෙරදිග තුල අනෙකුත් බලයන්ගේ මුල්බැසගත් ආසක්තයන්ට එරෙහිව, එක්සත් ජනපදය කි‍්‍රයා කරමින් සිටිතැයි යන භීතියයි. පෙර නොවූ විරූ ලෙස ඉරාක ආක‍්‍රමනයට එරෙහිව පැනනැගුනු ජාත්‍යන්තරව-සම්බන්ධීකරනය කෙරුනු දැවැන්ත මහජන විරෝධතා තුල, යුද විරෝධී ව්‍යාපාරයේ වෛෂයික විප්ලවවාදී විභවය මෙන්ම එහි දේශපාලනික දුබලතාව -- එනම් ආන්ඩුවලට පීඩනය යෙදීම හරහා හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යුද්ධය නතර කල හැකිය යනුවෙන් සියලු ව්‍යාජ රැඩිකල් සංවිධාන වගා දිගා කල මරනීය මිථ්‍යාව - යන දෙකම කැපී පෙනින. යුද්ධය වැලැක්විය හැක්කේ එයට යටින් පවත්නා හේතුව වන, ලාභ පද්ධතිය සහ ලෝකය කැබලිවලට වෙන්කරමින් ගොඩ නගා ඇති යල් පිනූ ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනක් ය යන මාක්ස්වාදයේ මූලික පාඩම, විරෝධතාවල අසාර්ථකත්වය මගින් අවධාරනය විය.

34-3 පසුගිය දශක දෙක පුරා ඇමරිකානු මිලිටරිවාදයේ පුපුරායාම මගින් ලෝකය පුරා, විශේෂයෙන්ම දකුනු ආසියාව තුල, ප‍්‍රගාඪ අසමතුලිතකාරක බලපෑමක් ජනිත කර ඇත. පකිස්ථානය සහ ඉන්දියාව යන දෙරට ම තම රට තුල පවත්නා තියුනු සමාජ ආතතීන් අපසරනය කරනු සඳහා එකිනෙකාට එරෙහිව ස්වෝත්තමවාදී මනෝ ගතීන් අවුලුවද්දී, දෙරට අතර ආතතීන් තීව‍්‍ර වී ඇත. මෙම රටවල් දෙක ම 1998 දී න්‍යෂ්ටික අවි අත්හදා බැලූ අතර, 1999 දී පකිස්ථානය සිය හමුදා භටයන් සහ ඉස්ලාමීය සටන්කරුවන් රිංගවා, ඉන්දියානු පාලිත ජම්මු-කාශ්මීරයේ කාර්ගිල් ප‍්‍රදේශය අල්ලා ගත් කල්හි, දෙරට යුද්ධය මුවවිටටම පැමිනියේ ය. සටන්කරුවන්ට දෙන සහාය ඉවත් කර ගන්නා ලෙස එක්සත් ජනපදය පකිස්ථානයට බල කිරීමෙන් පසු, ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ගේ නායකත්වයෙන් යුක්ත මිලිටරිය බලය ඩැහැ ගත්තේය. ඇෆ්ගනිස්තානයේ තලිබාන් තන්ත‍්‍රයට දෙන සහාය අවසන් කරන ලෙසත්, එක්සත් ජනපදයේ නායකත්වයෙන් ගෙනයන යුද්ධයට උදව් කරන ලෙසත්, මුෂරාෆ්ට බල කරමින් එක්සත් ජනපදය 2001 දී පකිස්තානය තවත් අස්ථාවර කලේය. වොෂින්ටනයේ ව්‍යාජ "ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” වාසිය ඩැහැගත් නව දිල්ලිය, ඉස්ලමාබාදය සම්බන්ධයෙන් වඩවඩා යුදවාදී ප‍්‍රවිෂ්ටයක් ගත්තේය. 2001 දෙසැම්බරයේ දී ඉස්ලාමීය සටන්කරුවන් නවදිල්ලියේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පහරදීමෙන් පසුව, ඉන්දියාව අඩ මිලියනකටත් වැඩි හමුදා භටයින් සංඛ්‍යාවක් පකිස්තානු දේශ සීමාවට යැවීය. න්‍යෂ්ටික යුද බලවතුන් දෙදෙන අඩියක් පස්සට ගත්තේ පූර්න පරිමාන යුද්ධයක මුවවිටේ මාස ගනනක් සැරීමෙන් පසුව ය. දශකයක් දිගු ඇෆ්ගනිස්තානයේ නව විජිතවාදී වාඩිලා ගැනීම, දේශ සීමා ඉක්මවමින් පකිස්තානය තුලට විහිදී ඇති අතර, ජනාධිපති ඔබාමා යටතේ එය ඇෆ්පැක් යුද්ධය බවට පත්ව ඇත. පකිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශ තුල උත්සන්න කෙරෙන සීඅයිඒ ඩ්‍රෝන් ප‍්‍රහාර හා එක්සත් ජනපද පිටු බලය ලබන පකිස්තානු හමුදාවන් සිදු කරන ව්‍යසනකාරී මෙහෙයුම් හේතුවෙන් ඉස්ලාමාබාදයේ ගැඹුරු දේශපාලන අර්බුදය තව දුරටත් උග‍්‍ර කෙරී ඇත. 1947 න් මෙපිට දකුනු ආසියාවට අධිරාජ්‍යවාදීන් සෘජුව මැදිහත් වූ පලමු අවස්ථාව වන ඇෆ්පැක් යුද්ධයට විරුද්ධත්වය දැක්වීමට, ප‍්‍රතිගාමී ඉස්ලාමික කන්ඩායම් හැර අන් කවරකු හෝ නොමැතිවීම තරම්, ඉන්දියානු උප මහාද්වීපය පුරා ධනේශ්වරයේ ද කම්කරු පන්තිය තුල කි‍්‍රයාත්මක වන එහි ඒජන්සිවල ද බංකොලොත්භාවය පෙන්වන වෙනත් සාක්ෂියක් නොමැත.

35 අර්බුදය සහ සසප කර්තව්‍යයෝ

35-1 ලෙහ්මන් බ‍්‍රදර්ස් නමැති ඇමරිකානු ආයෝජන බැංකුවේ බිඳ වැටීමත් සමග 2008 සැප්තැම්බරයේ දී පුපුරාගිය ගෝලීය මූල්‍ය අර්බුදය, සන්සන්ධිමය ආර්ථික බිඳවැටීමක් නොව ධනේශ්වර පර්යායේ අතිමූලික බිඳවැටීමකි. මූල්‍ය පර්යාය සහ මහා සංගතයන් ආරක්ෂා කිරීමට ආන්ඩු විසින් එන්නත් කරන ලද ඩොලර් ටි‍්‍රලියන ගනන් මුදල් කන්දරාව, ආර්ථික පද්ධතිය යලිත් ස්ථාවර කර ඇති බවට පැවති සුභවාදය වේගයෙන් වියැකී ගොස් ඇත. සමපේක්ෂකයන්ගේ හා ජාවාරම්කරුවන්ගේ කඳු ගැසුනු බොල් නය, ඇපදීම් සහ උත්තේජක වැඩ සටහන් තුලින් රාජ්‍ය ගිනුම් තුලට මාරු කල අතර, දැන් රටක් රටක් පාසා කප්පාදු පියවරයන්ගේ රූපයෙන් ඒවා කම්කරු පන්තියේ කර මතට පටවනු ලැබේ. ආර්ථික අර්බුදය තවමත් දරන දිගහරිමින්, වඩ වඩාත් විෂම ස්වරූපයන් අත් කර ගනිමින් පවතී. ඕස්ටේ‍්‍රලියානු සසපයේ ජාතික ලේකම් නික් බීම්ස් මෙසේ පැහැදිලි කලේය: "බිඳවැටීමක් යන්නෙන් ධනවාදය නතරවීමක් කරා පැමින ඇතැයි අදහස් නොවේ. එයින් පෙන්නුම් කෙරෙන්නේ, ආර්ථික හා දේශපාලනික යන ක්ෂේත‍්‍ර දෙකේ මෙන් ම දෘෂ්ටිවාදයන් සහ චින්තන විධික‍්‍රම යන අංශවල ද පැරනි ව්‍යුහයන් විස්ථාපනය වන සහ සමාජයේ ඉරනම ම තීන්දු කෙරෙන දේශපාලන අරගලයේ නව රූපාකාර වර්ධනය වන ඉතිහාසයේ නව කාල පරිච්ඡේදයක ආරම්භය යි.” [71]

35-2 උග‍්‍රවන ආර්ථික අර්බුදය ප‍්‍රධාන බලවතුන් අතර, ප‍්‍රථමයෙන්ම එක්සත් ජනපදය සහ චීනය අතර, ප‍්‍රතිවිරෝධතා තව දුරටත් උග‍්‍ර කරනු ඇත. වේගවත් ආර්ථික නැගීම හේතුකොටගෙන චීනය, බල ශක්ති සම්පත්, අමු ද්‍රව්‍ය හා වෙලඳපොල සොයා ලෝකය පීරායන තතු තුල, එහි වඩා ස්ථාපිත පිලිමලුන් සමග ද ඉන්දියාව වැනි නැගීඑන බලයන් සමග ද තරගයට අනිවාර්යයෙන්ම ඇද වැටෙනු ඇත. චීනය තම මුහුදු මාර්ග ආරක්ෂා කරගනු වස් යුද බලය, විශේෂයෙන්ම නාවුක බලය දියුනු තියුනු කර ගැනීමේ යෙදී සිටියි. එහෙත් මෙය, බටහිර පැසිෆික් සාගරයේ සහ ඉන්දියානු සාගරයේ දීර්ඝකාලීන එක්සත් ජනපද ආධිපත්‍යයට තර්ජනය කර සිටී. දැන් ලෝකයේ විශාලතම නයකාර ජාතිය බවට පත්ව තිබෙන එක්සත් ජනපදය ලෝකයේ ආර්ථික බලවතා හැටියට එයට පශ්චාත් යුදකාලීනව පැවති තත්වය නැති කර ගෙන ඇත. මෙම තතු තුල එය තම ප‍්‍රතිමල්ලයින්ට වල කැපීම සඳහා තමන්ට ඉතුරුව ඇති යුද්ධමය බලය ඉවබවක් නැතිව පාවිච්චි කරමින් සිටී. ඇමරිකා එක්සත් ජනපදය සාමාකාමීව තමාගේ පෙර පැවති ආධිපත්‍යය අහෝසි කර ගනු නැත. තමන්ගේ ම තියුනු ආර්ථික සහ සමාජ අස්ථාවරයේ පැටලී ඇති චීනයට, වොෂින්ටනයේ කොන්දේසි තීන්දු පිලිගත නො හැකි ය. දැනට ම වානිජ සහ මූල්‍ය ගැටුම් ලෙස ඉස්මත්තට පැමින තිබෙන එන්ට එන්ට ම උග‍්‍ර වන්නාවූ මෙම ප‍්‍රතිවාදිත්වය, අනෙකුත් බලවතුන් ද අනිවාර්යයෙන් ම එයට ඇදගෙන, තවත් ව්‍යසනකාරී ලෝක යුද්ධයක් තුලට මනුෂ්‍ය වර්ගයා ඇද ගෙන යාමේ තර්ජනය මතු කරයි.

35-3 සමස්තයක් වසයෙන් ආසියාව, එක්සත් ජනපදය සහ චීනය අතර උග‍්‍රවන්නා වූ තරගයේ කරලියක් බවට පරිවර්තනය වී පවතී. ඊසාන දිග ආසියාවේ තමන්ට කලින් තිබුනු ආධිපත්‍යය රැක ගැනීම සඳහා ජපානය, වොෂින්ටනය සමග තම යුද සන්ධානය ශක්තිමත් කර ගනිමින් සිටී. තමනුත් ගෝලීය බලවතෙකු වීමේ ආශාවෙන් පෙලෙන ඉන්දියාව, වොෂින්ටනය සමග මූලෝපායික හවුලක් පිහිටුවාගෙන සිටී. සෑම රටක ම පාලක පන්තිය මුහුන දෙන්නේ මූලික උභතෝකෝටිකයකට ය; දැනට ආසියාවේ සෑම රටක් සමග ම පාහේ ලොකුම වෙලඳ සහකරුවා බවට පත්ව සිටින චීනය සහ තවමත් ලෝකයේ විශාලම ආර්ථිකය ද ශක්තිමත් ම යුද බලය ද ලෙස පවත්නා ඇමරිකා එක්සත් ජනපදය ද අතර සිය තුලනය පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන්නයි. මෙම භූ-දේශපාලනික අරගලයේ විනාශකාරී ප‍්‍රතිවිපාක, මධ්‍යම ආසියාවේ ඇමරිකානු ආධිපත්‍යය යටතේ පවත්නා යටත් විජිත මුරපොලක් බවට පිරිහෙලී ඇති ඇෆ්ගනිස්ථානය ද දේශපාලන අර්බුදයෙන් හා ඝට්ටනයන්ගෙන් සොලවාලනු ලැබ ඇති අසල්වැසි පකිස්තානය ද තුල දැනට ම දක්නට ලැබෙයි.

35-4 ශ‍්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප‍්‍රමුඛ නාවුක මාර්ගවලට මැදි වී කේන්ද්‍රීයව පැවැත්මේ ප‍්‍රතිඵලයක් ලෙස, මහබලවතුන්ගේ තරගයේ සුලියට ඇද දමනු ලැබ ඇත. 2009 වර්ෂයේ දී දිවයිනේ දිග්ගැසුනු සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව අතර කොලඹ මත ආධිපත්‍යය සඳහා වන තරගය වඩාත් උග‍්‍ර විය. එල්ටීටීඊයේ පරාජය ආසන්න ව පවතින කල්හි, චීනය, ලංකාවට යුදමය සහ ආර්ථික ආධාර සැපයීම මගින් ලංකාව තුල තම බලය ඉමහත් ලෙස වර්ධනය කර ගෙන ඇති බව එක්සත් ජනපදය කල්පසු වී වටහා ගත්තේය. මෙයට ප‍්‍රත්‍යුපකාර වශයෙන් ලංකාවේ ආන්ඩුව, චීනය විසින් බුරුමයේ, බංග්ලාදේශයේ සහ පකිස්තානයේ ගොඩනගා ගෙන යන මූලෝපායික වරාය පහසුකම් මාලාවේ කොටසක් ලෙස, දකුනු පලාතේ හම්බන්තොට නගරය තුල ප‍්‍රධාන නව වරායක් තනා ගැනීමට බෙයිජිනයට ඉඩ දී ඇත. වොෂින්ටනයට ශ‍්‍රී ලංකාවේ පවත්නා මූලෝපායික වැදගත්කම, 2009 දෙසැම්බරයේ දී එක්සත් ජනපද සෙනේට් මන්ඩලය විසින් නිකුත් කල වාර්තාවක් තුලින් අවධාරනය කරනු ලැබ ඇත. එම වාර්තාව පැහැදිලිව ප‍්‍රකාශ කලේ "ලංකාව නැති කර ගැනීමට” එක්සත් ජනපදයට නො හැකි බව යි. කලාපයේ අනෙකුත් සියලු රාජ්‍ය පරිද්දෙන් ම ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව ද දැන් යෙදී ගෙන සිටින අවදානම් සහගත අතුරේ යාම, කම්කරු පන්තියට අතිමහත් විනාශයක් අත්පත් කර දෙන්නා වූ ඝට්ටනයක් තුලට මේ දිවයින ද අනිවාර්යයෙන් උකහා ගැනීම වැලැක්වීමට අසමත් වනු ඇත.

35-5 ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2006 දී යලි අරඹන ලද යුද්ධයෙන් සමස්ත දිවයිනම විනාශ මුඛයට ඇද දැමින. දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දැමුනු සහ නගර, ගම් සුන්බුන් බවට පත් කෙරුනු කුරිරු යුද්ධයක්, සියලු ප‍්‍රධාන බලයන්ගේ පිටු බලය සහිතව, ආන්ඩුව සහ හමුදාව මගින් දියත් කෙරින. ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරුනු දුරදිග යන ප‍්‍රහාරයක් ද කම්කරු පන්තිය මත නව ආර්ථික බර පැටවීමක් ද යුද්ධය සමග කි‍්‍රයාත්මක විය. හමුදාව සමග ඉතා සමීපව කටයුතූ කල ආන්ඩුවට හිතවත් ඝාතක කල්ලි විසින් මාධ්‍යවේදීන් සහ දේශපාලනඥයන් ඇතුලු සිය ගනනක් "අතුරුදහන්” කෙරින, නැතහොත් මරා දැමින. 2007 මාර්තුවේ දී සසප සාමාජික නඩරාජා විමලේශ්වරන් නාවික හමුදාවෙන් පාලනය කෙරුනු කයිට්ස් දූපත වෙත යද්දී "අතූරුදහන්” විය. සිද්ධිය සම්බන්ධයෙන් කවර හෝ විමර්ශනයක් කිරීම අවහිර කල ආන්ඩුව, ඝාතනයක් වීමට බොහෝ ඉඩකඩ ඇති, ඔහුගේ අතුරුදහන් වීමට වගකිව යුතුය.

35-6 සිවිල් යුද්ධයේ අවසානය, ජනාධිපති රාජපක්ෂ පොරොන්දු වූ "සාමය සහ සමෘද්ධිය” ගෙන විත් නැත. යුද්ධය සඳහා ගෙවීමට දිවයින මුලුමනින්ම උකස් තබා ඇති ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් සන්තර්පනය කිරීම සඳහා රාජ්‍ය අංශයේ රැකියා, සේවා සහ සහනාධාර තවත් ගැඹුරින් ම කප්පාදු කිරීමට බල කෙරී ඇත. ගත වූ අවුරුදු 5 තුල වැටුප් වැඩිවීම් සැබවින්ම අත්හිටුවා ඇති අතර ඉතා මූලික ආහාර ද්‍රව්‍යය ද ඇතුලු සියලු භාන්ඩ මිල ගනන් අහස උසට ඉහල ගොස්, කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ අති විශාල කොටස්වලට ඉතා දුෂ්කර තත්වයක් නිර්මානය කොට තිබේ. පොහොසත් සහ දුප්පත් අය අතරේ දැවැන්ත අගාධය, අලුත් ම සමාජ සංඛ්‍යා ලේඛන තුලින් මෙසේ පැහැදිලි වේ. සමාජයේ පහත ම සියයට 20 ලබන්නේ සමස්ත කුටුම්බ ආදායමෙන් සියයට 4.5 ක් වන අතර ඉහල සියයට 20 එයින් සියයට 54.1 ක් ලබති. වැඩ කරන ජනතාවගේ හදිසි අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් කිසිවක් හෝ කොලඹ දේශපාලන සංස්ථාපිතයේ කුමන කොටසකින් හෝ ප‍්‍රකාශනයක් අත්පත් කර ගන්නේ නැත. විපක්ෂ එජාප සහ ජවිපෙ, ආන්ඩුවේ යුද්ධයටත් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලබන වෙලඳ පොල-හිතැති ආර්ථික න්‍යාය පත‍්‍රයටත් සම්පූර්න සහයෝගය දුන්නෝය.

35-7 ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තියේ දේශපාලන දුර්වලතාවය ඉස්මතු කරන තවත් කරුනක් නම්, සිවිල් යුද්ධයේ ශතවර්ෂ කාලකට වැඩි කාලය තුල දී රට තුල ගොඩනගා ඇති යෝධ ආරක්ෂක හමුදාවන් මත රාජපක්ෂ ආන්ඩුව රඳාපැවතීම ය. යුද්ධයේ නිමාවෙන් අවුරුදු 2ක් පමන ගත වූ පසුත් අති දරුනු හදිසි නීති තාමත් බලපවත්නා අතර, හමුදාවේ කිසිදු කොටසක් විසුරුවා හැර නැත. ඒ වෙනුවට හමුදාව, කලින් මුලුමනින්ම සිවිල් අංශයට භාරව පැවතියේ යයි සලකනු ලැබූ ආන්ඩුවේ අංශවලට කඩා වදිමින් පවතී. මීට එක් උදාහරනයක් නම්, පවුල් 60,000ක් බලහත්කාරයෙන් ඉවත්කරලීම ඉලක්ක කර ගත් කොලඹ පැල්පත් ඉවත් කිරීමේ දැවැන්ත වැඩපිලිවෙල ය. කම්කරුවන්, "ජාතිය ගොඩනැගීමට” සොල්දාදුවන් සේ කැපවී ගත යුතු ය යන රාජපක්ෂගේ අනුශාසනා තුල, රටේ ජීවිතය මිලිටරිකරනය කිරීම සාරාංශ ගත වී ඇත. එන්ට එන්ට ම රාජපක්ෂ තන්ත‍්‍රය කි‍්‍රයා කර ඇත්තේ, පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාව සහ අධිකරනය නොතකන්නා වූ දේශපාලන-මිලිටරි බල කට්ටුවක් ලෙස ය. පොලිස් රාජ්‍ය තන්ත‍්‍රය අන් සියල්ලටමත් වඩා එල්ල වී ඇත්තේ, කම්කරු පන්තියේ සහ ගම්බද ජනතාවගේ ඕනෑම විරුද්ධත්වයක් පාගා දැමීම සඳහා ය.

35-8 දිග්ගැසුනු සිවිල් යුද්ධයට තුඩු දුන් එයට යටින් පැවති කිසිදු ගැටලුවක් එල්ටීටීඊය මිලිටරිමය වසයෙන් පරාජය කිරීම මගින් විසඳී නැත. නිල ස්වාධීනත්වයෙන් දශක හයකට පසු ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තිය බලයේ එල්බීගෙන සිටින්නේ, දිවයින ප‍්‍රජාගනවාදී පදනමක බිඳ දැමීම තුලිනි. යුද අවි බලයෙන් ම පවත්වාගෙන ඇති එක්සත්කම කි. උතුරු-නැගෙනහිර පවතින දැවැන්ත මිලිටරි වාඩිලාගැනීමෙන් මෙම තතු දැන් ප‍්‍රකාශිත වේ. දශක ගනනාවක් තිස්සේ මුල්බැසගත් වෙනස්කම් කිරීමට එරෙහිව දෙමල ජනයාගේ යුක්තිසහගත දුක්ගැනවිලි සහ කෝපය අනිවාර්යයෙන් ම නව රූපාකාරවලින් පුපුරා යනු ඇත. කම්කරු පන්තිය මින්, අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගත යුතු ය. එල්ටීටීඊයේ පරාජය ප‍්‍රාථමිකව ම යුදමය පරාජයක් නො වී ය. එම පරාජය එල්ටීටීඊයේ දේශපාලන ඉදිරිදර්ශනයේ ආවේනික දේශපාලන දුබලකම්වල ප‍්‍රතිඵලයක් විය. ආරම්භයේ පටන්ම එල්ටීටීඊයේ අරමුන වූයේ ඉන්දියාවේ සහ අනෙකුත් කලාපීය හා ලෝක බලවතුන්ගේ ආධාරයෙන්, දෙමල ධනපති පන්තිය වෙනුවෙන් ධනේශ්වර ඊලම් රාජ්‍යයක් වෙන් කර ගැනීම ය. මෙම බලවතුන් එම සැලැස්මට තීරනාත්මක ව එරෙහි වූ කල්හි එල්ටීටීඊයට ඉතුරු වූයේ, මිලිටරි ආක‍්‍රමනය වලක්වාලීම සඳහා උදව් කරන ලෙස "ජාත්‍යන්තර ප‍්‍රජාවට” බෙලහීන ලෙස කන්නලව් කිරීම ය. ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තියට සහ ඔවුන්ට පිටුබලය සපයන අධිරාජ්‍යවාදී බලයන්ට එරෙහිව සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සඳහා අරගලයක් කිරීමට සමත් සමාජය තුල පවත්නා එකම සමාජ බලවේගය නම් කම්කරු පන්තිය යි. කෙසේවෙතත් එල්ටීටීඊය සෑම විට ම සිංහල සහ දෙමල කම්කරුවන්, පන්ති පදනමක ඒකාබද්ධ කිරීමේ කුමන යොමුවකට හෝ ඓන්ද්‍රීයව ම විරුද්ධ විය. සිංහල සිවිල් ජනයාට එරෙහිව එල්ටීටීඊය එල්ල කල ඉව බව නැති ප‍්‍රහාර, ප‍්‍රජාගනවාදී භේද ගැඹුරු කරමින් කොලඹ දේශපාලන සංස්ථාපිතය අතට වාසි ලබා දුන්නේ ය. එල්ටීටීඊයට නතුව පැවති ප‍්‍රදේශවල එම සංවිධානය කලේ, වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් ද සමාජ අවශ්‍යතාවන් ද පාගා දැමීම ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස, තමන් අන්තිම සටනට මුහුන දී සිටිය දී, එල්ටීටීඊ නායකත්වය, දිවයින සහ කලාපය පුරා කම්කරු පන්තිය පසෙක තිබියේවා, අඩු වශයෙන් දෙමල ජනතාවට හෝ කිසියම් පලල් ආයාචනයක් කිරීමට මුලුමනින්ම අසමත් විය. එල්ටීටීඊයේ බිඳවැටීම වනාහි ධනේශ්වර බෙදුම්වාදය මත පදනම් වූ සියලූ ප‍්‍රවනතාවයන්ගේ බංකොලොත්කම පිලිබඳ සිත් කාවදින සනාථනයකි.

35-9 යුද්ධයේ පසුගිය වසර 25, සෑම දේශපාලන ප‍්‍රවනතාවයක්ම උරගා බලා තිබේ. ශ‍්‍රී ලංකාවේ සහ ඊලම්හි එක්සත් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා වූ මූලෝපායේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස දෙමල ජනතාවගේ සහ සමස්තයක් වශයෙන් වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ස්ථිරසාර දේශපාලන අරගලයක් ගෙන යා හැකි එකම සංවිධානය, සසප බව ඉන් ඔප්පු වී ඇත. සෑම පැත්තෙන්ම තමන්ට එල්ල වූ දේශපාලන සහ කායික ප‍්‍රහාරයන්ට මුහුන දී නැගී සිටීමට සසප සමත් වුයේ එය පදනම් වී ගත්තා වූ මූලධර්මයන්හි ශක්තිය නිසා ය. ධනපති පන්තියේ සෑම කොටසකින්ම කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය අත්කර ගැනීම සඳහා සටන් කිරීමේ එකම මාර්ගය නම්, නොනවතින විප්ලවයේ න්‍යායයි. දසක තුනකට අධික කාලයක් තිස්සේ ට්‍රොට්ස්කිවාදය උදෙසා අප‍්‍රතිහත අරගලයක් කිරීම මගින් කම්කරු පන්තිය තුලට තම මුල් ගැඹුරින් විදහා ගෙන සිටින සසප, වැඩ කරන ජනතාවගේ ඓතිහාසික අවශ්‍යතාවන් ආරක්ෂා කරන එකම පක්ෂය තමන් බව තහවුරු කර තිබේ.

35-10 ශ‍්‍රී ලංකාව ක්ෂුද්‍රවිශ්වයක් ලෙසින් විදහා දක්වන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති දකුනු ආසියාව පුරා පිහිටුවන ලද සියලු ඊනියා ස්වාධීන රාජ්‍යයන් තුල කි‍්‍රයාත්මක කෙරුනු ජාතික ව්‍යාපෘතියේ පරිපූර්න අසාර්ථකත්වය යි. යහපත් ජීවන තත්වයක් සඳහා ද මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා ද වූ මහජනතාවගේ අභිලාෂයන් සන්තර්පනය කිරීමට ධනේශ්වර ආන්ඩු මේ කුමන තැනක දී වත් සමත්ව නැත. කෝටි සංඛ්‍යාත ජනයා දිලිඳුකමේ ද පසුගාමිත්වයේ ද ගිලී සිටිති. ශ‍්‍රී ලංකාවේ දශක ගනන් දිග්ගැසුනු සිවිල් යුද්ධයේ සමාන්තරය මුලුමහත් කලාපය පුරා පෙන්නුම් කෙරෙන්නේ ප‍්‍රජාගන, ජනවාර්ගික හා භාෂාමය භේදයන්, පාලක ප‍්‍රභූවේ ප‍්‍රතිමල්ල කන්ඩායම් විසින් තමන්ගේ ම පටු අවශතාවයන් උදෙසා ප‍්‍රතිගාමී ලෙස ගසාකෑම තුලය. කම්කරු පන්තිය විප්ලවවාදී කැලඹීම්වලින් යුක්ත නව කාලපරිච්චේදයක් තුලට ඇතුලු වෙද්දී සාරභූත දේශපාලන පාඩම් උකහා ගත යුතුව ඇත. යල්පැනගිය ධනපති ක‍්‍රමය පෙරලා දමා ලෝක පරිමානව සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයකින් එය විස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය විප්ලවවාදී බලවේගය වර්ධනය කරගත හැකි වන්නේ, කම්කරු පන්තිය ජාතික දේශසීමාවන් තුල ද ඒවා ඉක්මවා ද ඒකාබද්ධ කිරීම තුලින් පමනි. සසප මෙහිදී ජාත්‍යන්තර කමිටුවේ කි‍්‍රයා මාර්ගය මත තරයේ පදනම් වෙමින් බීඑල්පීඅයි හි හොඳම විප්ලවවාදී සම්ප‍්‍රදායන් යලි පුනර්ජීවනය කරමින්, ලෝක සමාජවාදී විප්ලවයේ එකාග‍්‍රිත කොටසක් ලෙස දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් පිහිටුවාලීම සඳහා, කම්කරුවන්ගේ හා පීඩිත ජනයාගේ සමගිය සඳහා සටන් වදී.

35-11 නිරන්තර ආර්ථික අර්බුදයන් ද තියුනු වන්නා වූ අන්තර් අධිරාජ්‍ය ප‍්‍රතිඝතිතාවයන් ද යුදවාදයේ වර්ධනය ද ගැඹුරු වන්නා වූ සමාජ අසමානතාවය ද පවත්නා දේශපාලන පක්ෂ සහ ව්‍යුහයන්ගෙන් සාමාන්‍ය ජනතාව ප‍්‍රගාඪ ලෙස විරසක වීම ද අනිවාර්යයෙන් ම පෙන්නුම් කරන්නේ, දිග් ගැස්සුනා වූ යුද්ධයන්ගේ සහ විප්ලවයන්ගේ නව කාලපරිච්ඡේදයකි. උතුරු අප‍්‍රිකාවේ සහ මැදපෙරදිග නැගිටීම් වනාහි, ධනවාදයේ අර්බුදය දැවැන්ත පන්ති අරගලයන් පනගන්වන බව අලුතින් ම තහවුරු කිරීමකි. කෙසේවෙතත්, ධනවාදයේ බිඳවැටීමේ වැඩි දියුනු ස්වභාවය ද කම්කරු පන්තියේ වත්මන් දේශපාලන විඥානය ද අතර තවමත් යෝධ හිදැසක් පවතී. එය ජයගත හැකි වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම වලක්වාගෙන සිටින්නාවූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, ස්ටැලින්වාදයේ සහ පැබ්ලෝවාදයේ ඒජන්සිවලට එරෙහිව විප්ලවවාදී පක්ෂය විසින් ගෙන යනු ලබන ඉවසිලි සහගත, අශමනීය දේශපාලන අරගලයක් තුලින් පමනි. එසේ කිරීමේ දී සසප කම්කරු පන්තියේ නව ස්වාධීන සංවිධානයන්ගේ වර්ධනයට ධෛර්යය දෙනු ඇත, ආධාර කරනු ඇත, කම්කරු පන්තිය තුල ස්ථිරසාර දේශපාලන අරගලයක් තුලින් පක්ෂය, කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා අත්‍යවශ්‍ය වූ, කම්කරු-ගොවි සන්ධානය ගොඩනැගීමට සටන් වදිනු ඇත.

35-12 කෙසේ වෙතත් කේන්ද්‍රීය ප‍්‍රශ්නයව පවතින්නේ කම්කරු පන්තියේ විඥානය, එම පන්තියේ ජාත්‍යන්තර සහ ඓතිහාසික කර්තව්‍යයන්ගේ මට්ටමට ඔසොවාලීම සඳහා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම ය. එම භූමිකාව සාර්ථකව ඉටු කිරීමට සමත් වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ පූර්ව මූලෝපායික අත්දැකීම්වල අවශ්‍ය පාඩම් උකහා ගත් දියුනුතම විද්‍යාත්මක න්‍යාය මත පදනම් වූ පක්ෂයක් ම පමනි. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛාවන් පමනක් ම, සමකාලීන මාක්ස්වාදයේ, එනම් ට්‍රොට්ස්කිවාදයේ, ඓතිහාසික උරුමය දරා සිටී. කම්කරුවන් සහ තරුනයන් අතුරින් වඩාත් දූරදර්ශී වූ ද ආත්ම -පරිත්‍යාග ශීලී වූ ද කොටස් මෙම ධජයට දිනා ගනු ලැබ, ලෝක සමාජවාදී විප්ලවය කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය වූ ද්‍රව්‍යමය බලවේගයන් සම්පාදනය කරනු ඇතැ යි යන බරපතල විශ්වාසයෙන් යුතුව, සසප ද ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ ද ජාත්‍යන්තර කම්කරු පන්තිය උගන්වා, බලමුලූ ගන්වා, ඒකාබද්ධ කිරීමට මෙම පදනමේ සටන් වදී.

සමාප්තයි.

සටහන්:

[69] The Historical and International Foundations of the Socialist Equality Party (Australia),(සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්, ඕස්ටේ‍්‍රලියාව), මෙහ්රිංග් බුක්ස්, සිඩ්නි,2010, 146 පි. [70] Fourth International (හතරවන ජාත්‍යන්තරය), 18 වන වෙලූම, අංක 1, ගිම්හාන-සරත් 1991, 2 පිටුව. [71] නික් බීම්ස්, 70 වන සංවත්සර රැස්වීම අමතයි: ධනවාදී බිඳවැටීම සහ හතර වන ජාත්‍යන්තරයේ විප්ලවවාදී ඉදිරිදර්ශනය, http://www.wsws.org/sinhala/2008/oct2008/nb1-13o pdf.

Share this article: