3-1 බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට උපදෙස් දීම සඳහා ඡන්දයෙන් තෝරා ගත් රාජ්‍ය මන්ත්‍රන සභාවක් පිහිටවිය යුතු යයි යෝජනා කල 1931 සීමිත ව්‍යවස්ථා ප්රතිසංස්කරනවලට විරුද්ධ වූ ලංකාවේ තරුන සංගම්වල සාමාජිකයෝ 1935 දෙසැම්බරයේ දී ලංකා සමසමාජ පක්ෂය (ලසසප) පිහිටූවූහ. ඉන්දියාවේ මහා ස්වාධීනතා ව්‍යාපාරය විසින් දිරිගන්වනු ලැබු ඔවුහු බ්‍රිතාන්‍ය පාලනය අවසන් කිරීම ඉදිරිපත් ක ලා පමනක් නොව මහා අවපාතය විසින් ඇති කරන ලද සමාජ ව්‍යසනය ඉදිරියේ සමාජවාදය දෙසට ද නැඹුරු වූහ.
3-2 කම්කරුවන් සහ ගම්බද දුගීන් අතර මුල්බැස ගෙන සිටි මෙම තරුන සංගම් එවකට කොලඹ වෘත්තීය සමිති ව්‍යාපාරය මත පැවති ඒ.ඊ. ගුනසිංහගේ අධිකාරයට අභියෝග කලෝ ය. මෙම අභියෝගයන් අතුරෙන් අතිශයින්ම සාර්ථක එක වුයේ 1933 වැල්ලවත්ත රෙදි මෝලේ ස්ට්‍රයික් සටන යි. ගුනසිංහ 1920 ගනන්වල දී සැලකිය යුතු වෘත්තීය සමිති අරගල මෙහෙයවා තිබුනි. එහෙත් 1930 ගනන් වන විට මහා විරැකියාව පැතිර යන තතු තුල හෙතෙම වැඩ වර්ජන කඩාකප්පල් කරන්නකු ලෙස ද ආගාමික (විදේශයන්ගෙන් පැමිනි) කම්කරුවන්ට විරුද්ධව වර්ගවාදය පතුරුවන්නකු ලෙස ද වැඩට බැස ගත්තේ ය. 1934 දී ආදායම් කඩාවැටීම සහ වගා පාලුව ද නිසා හටගත් සාගතය සමග පැතිරගිය මැලේරියා වසංගතය ජීවිත ලක්ෂයක් බිලිගත් තතු තුල තරුන සංගම් එම වසංගතයට හසුවූවන්ට ආධාර කිරීම සඳහා වූ පුලුල් ව්‍යාපාරයක් දියත් කලෝ
3-3 ලසසප තුල මුල සිට ම විවිධාකාර කොටස් සිටියෝ ය. පක්ෂය ගොඩනගන ලද්දේ යුරෝපයේ ද ජාත්‍යන්තරව ද ප්රතිගාමිත්වය පැන නැගි තතු තුල ය. ස්ටැලින්ගේ සහ තුන්වන ජාත්‍යන්තරයේ සාපරාධී පිලිවෙත් වල ප්‍රතිඵලයක් ලෙස 1933 ජර්මනියේ දී හිට්ලර් බලයට පැමින තිබුනි -- ස්ටැලින් සහ තුන්වන ජාත්‍යන්තරය 1928 දී දියත් කල අති-වාම “තුන්වන කාලපරිච්ඡේද” පිලිවෙත ජර්මන් කම්කරු පන්තිය භේද කලේය. සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය (එස්පීඩීය “සමාජ ෆැසිස්ට්වාදීන්” යයි හෙලා දැකීමේ ස්ටැලින්වාදී පිලිවෙතට එරෙහිව ට්‍රොට්ස්කි, ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ සහ එස්පීඩීයේ එක්සත් පෙරමුනක් සඳහා සටන් වැද තිබුනි. එක්සත් පෙරමුනේ උපාය පදනම් වී තිබුනේ සංයුක්ත අරමුනු සඳහා ක්රියාවේ දී එක්සත්කම ද එහෙත් දේශපාලන ක්‍රියාමාර්ග, සටන් පාඨ හෝ ධජ කලවම් කර නොගැනීම ද මත ය. එහි අරමුන වූයේ කම්කරු පන්තියේ ශක්තිය නාසීන්ට ද, ඔවුන්ගේ මැර බලකායන්ට ද විරුද්ධ ව බලමුලු ගන්වමින් සමාජ ප්රජාතන්ත්රවාදී නායකත්වයේ රැවටිල්ල එලිදරව් කිරීම ය. නාසීන් බලයට ආ පසු ඊට මග පෑදූ ස්ටැලින්ගේ පිලිවෙත්වලට එරෙහිව මොන ම විවේචනයක් වත් තුන්වන ජාත්‍යන්තරය තුල පැන නො නැගි තතු තුල, ට්‍රොට්ස්කි කම්කරු පන්තිය නව ජාත්‍යන්තරයක්, එනම් හතර වන ජාත්‍යන්තරය ගොඩනැගීම ගොඩ නැගීමට කාලය එඹ ඇති බව ට්‍රොට්ස්කි නිගමනය කලේ ය.
3-4 ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද දීප්තිමත් තරුන කොටසක් සමසමාජ නායකත්වය තුල කැපී පෙනුනි. යුරෝපයේ සහ ජාත්‍යන්තර ව ඇති වූ දේශපාලන මහා පෙරලි විසින් ඇති කරන ලද බුද්ධිමය උත්තාපය මධ්‍යයේ ඔවුහු ට්‍රොට්ස්කිගේ ලේඛන වල ඉමහත් බලපෑමට ලක් වූහ. පිලිප් ගුනවර්ධන මොවුන් අතර ප්‍රමුඛයා විය. ඇමරිකාවේ අධ්‍යාපනය ලබා 1928 දී බි්රතාන්යයට පැමිනි ඔහ බි්රතාන්ය කොමියුනිස්ට් පක්ෂයට බැඳුනු නමුත් ඉන්දියාව සහ චීනය සම්බන්ධයෙන් ස්ටැලින්ගේ පිලිවෙත් විවේචනය කිරීම උඩ කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපන ලදී ඔහුගේ කවයට කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුනවර්ධන, එන්.එම්. පෙරේරා සහ වර්නන් ගුනසේකර ඇතුලත් වූ හ.
3-5 කෙසේ වෙතත්, ලසසප තුල ස්ටැලින්වාදී හිතවතුන් සහ රැඩිකල් ධනේශ්වර ජාතිකවාදියෝ ද සිටියහ. පක්ෂයේ මෙම මිශ්‍ර සාමාජිකත්වය එහි නො පැහැදිලි ක්‍රියාමාර්ගය තුල පිලිබිඹු විය. තම අතිමූලික අරමුන වනාහී “භාන්ඩ නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ හුවමාරු කිරීමේ මාධ්‍ය සමාජීකරනය කිරීම තුලින්” සමාජවාදී සමාජයක් පිහිටුවීම බව පක්ෂයේ ප්රකාශනය කියා සිටියේ ය. එය “ජාතික ස්වාධීනත්වය අත්පත් කර ගැනීම” ද පන්ති, වාර්ගික, කුල, ආගමික සහ ලිංගික වෙනස්කම් තුලින් පැන නගින්නා වූ ආර්ථික හා දේශපාලන අසමානතාවය හා පීඩනය අහෝසි කිරීම” ද ඉල්ලා සිටියේ ය. එහෙත් එය ලසසප කම්කරු පන්තියේ පක්ෂයක් ලෙස නීර්නය කලේ වත් සමාජවාදය කරා විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් විස්තාරනය කලේ වත් නැත. එය ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දී සිටි, කුමන ගැටලුවක් හෝ විශේෂයෙන් ම ස්ටැලින්වාදයේ පැන නැගීම සහ එහි පාවාදීම් විග්රහ කිරීමට උත්සාහයක් ගෙන තිබුනේ ද නැත.
3-6 මේ අයුරින් වැඩ කරන ජනතාව දෙසට යොමු වූ රැඩිකල් යටත් විජිත විරෝධී පක්ෂයක් හැටියට ලසසපයේ පැන නැගීම වනාහි ලාංකික ධනපති පන්තියේ ආර්ථික පසුගාමිත්වයේ ද එය බි්රතාන්ය යටත් විජිත පාලනය කෙරෙහි පැවති දේශපාලන වහල් භාවයේ ද ප්‍රතිඵලයක් විය. රෙදිපිලි, ජූට්, ගල් අඟුරු හා වානේ කර්මාන්තවල සැලකිය යුතු ප්‍රමානයකට නිරතව සිටි ඉන්දියානු ධනපති පන්තිය සමග සසඳන කල්හි වුව ලංකාවේ ඔවුන්ගේ සගයන් ඉටු කලේ ඉතා සොච්චම් ආර්ථික ක්‍රියා කලාපයකි. ලංකාවේ වඩාත් ම ප්‍රධාන සහ ලාභ සහගත කර්මාන්තය වූ තේ වතු අයිතිව තිබුනේ බි්රතාන්යයන්ට ය. ප්‍රධාන ප්‍රවාහන යටිතල පහසුකම් වූ වරාය සහ දුම්රිය ගොඩ නගන ලද්දේ බි්රතාන්ය ප්රාග්ධනයෙනි. ලංකාවේ ධනපති පන්තිය යටත් විජිත ආර්ථිකයේ එතරම් ලාභදායී නො වූ අංශවලට සීමා වූ අතර ඔවුන්, තම ප්රාග්ධනය රැස්කර ගත්තේ යටත් විජිත රාජ්‍යයේ සේවය ද අරක්කු රේන්ද, රබර් හා පොල් වතු සහ මිනිරන් සෑරීම ද මගිනි.
3-7 දේශපාලනය ආර්ථිකය පිටුපසින් ගෑටීය. 1919 දී පිහිටුවන ලද ලංකා ජාතික සංගමය (ලංජාස) ඉන්දියානු ධනපති පන්තිය විසින් 1885 පිහිටුවන ලද ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ (ඉජාකො) සුදුමැලි පිලිබිඹුවක් විය. ඉජාකො 1907 තරම් ඈත දී ස්වයං පාලනය සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කල අතර පලමු වන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තේ ස්වයං පාලනය සඳහා මහජන උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කලේ ය. එහෙත් ලංජාසට හැකි වූයේ ව්‍යවස්ථා වෙනස් කිරීමක් සඳහා ඉතාමත් දුබල ආයාචනා කිරීමට පමනි. ලංජාස බොහෝ සෙයින් සමාන වූයේ ඉන්දියාවේ අතීතාවේක්ෂක ජාතිවාදී සංවිධානවලට ය. එනම්, 1907 දී ආරම්භ කරන ලද මුස්ලිම් ලීගයට සහ 1915 දී ආරම්භ කරන ලද සමස්ත ඉන්දියානු හින්දු මහා සභාවට ය. ඔවුන් යම් පමනකට හෝ බි්රතාන්ය පාලනයට විරුද්ධ වී නම් එසේ විරුද්ධ වූයේ, සම්ප්‍රදායික හින්දු සහ මුස්ලිම් ප්රභූවන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමේ දෘෂ්ටිකෝනයෙනි. ශී‍්‍ර ලංකාවේ දී ලංජාස පදනම් වූයේ දිවයිනේ දෙමල සහ මුස්ලිම් සුලුතරයන්ට සතුරු සිංහල ප්රභූවේ බෞද්ධ පුනරුදවාදය මතය. එවකට ලංජාස සභාපතිව සිටි ප්රමුඛ දෙමල නායකයකු වූ පොන්නම්බලම් අරුනාචලම් ඉදිරිපත් කල දෙමල නියෝජනය පිලිබඳ ඉල්ලීම්වලට නායකත්වය විරුද්ධ වූ හෙයින් ලංජාස, 1921 දී ජාතිවාදී පදනමක් මත බෙදී ගියේ ය. ලංකාවේ දෙමල සහ මුස්ලිම් ප්රභූන්ගේ සංවිධාන ලංජාස ට වඩා වෙනස්වී නම් ඒ ඔවුන් බ්‍රිතාන්‍ය පාලනයට දැක්වූ වඩාත් යටහත් පහත් භාවය නිසාවෙන් පමනි.
3-8 ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ සියලූ කොටස්වල චිරන්තන භීතිය වූයේ බලගතු සටන්කාමී කම්කරු පන්තියක් පැනනැගීම ය. මෙම කම්කරු පන්තිය, දකුනු ඉන්දියාවෙන් අඩවහල් පදනමක ගෙන එන ලද දෙමල කතා කරන කම්කරුවන්ගෙන් සමන්විත වූ වතුකරය තුල සංකේන්ද්‍රිත විය. 1921 වන විට වතු කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සංඛ්‍යාව හතලිස් පන් ලක්ෂයක සමස්ත ලාංකීය ජනගහනයෙන් ලක්ෂ පහක් විය. ඒ සමග ම විශේෂයෙන් ම කොලඹ වරායේ, දුම්රිය කර්මාන්ත ශාලාවල, හා සීමිත කර්මාන්තයන්හි නාගරික කම්කරු පන්තියක් ද වැඩී ආවේ ය. ඉන්දියාවේ ජාතික සංගම් නායක මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි බි්රතාන්යයෙන් සහන ලබා ගැනීම සඳහා මහජනතාවගේ යටත් විජිත විරෝධී හැඟීම් සීමා සහිත ලෙස යොදා ගැනීමට උත්සාහ කලේ ය. එහෙත් ලංකාවේ ජාතික සංගමය බි්රතාන්ය පාලනයෙන් ස්වාධීනත්වයක් ඉල්ලා සිටියේ නැති අතර ප්රතිසංස්කරන සඳහා වුව, මහජන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කලේ නැත. ලජාස පලල් මහජනයා කෙරෙහි දැක් වූ ඓන්ද්‍රීය විරුද්ධත්වය කැපී පෙනෙන පරිදි පිලිබිඹු වූයේ, 1931 ව්‍යවස්ථා ප්රතිසංස්කරනවල කොටසක් ලෙස ඩොනමෝර් කොමිෂන් සභාව නිර්දේශ කල සර්වජන ඡන්ද බලයට එය විරුද්ධ වීම තුල ය.
3-9 1930 ගනන්වල ලංකාවේ පීඩක තත්වයන් ද යුරෝපයේ මහා දේශපාලන පෙරලි ද වැඩෙන්නා වූ යුද අන්තරාය ද තුලින් රැඩිකලීකරනය වූ බුද්ධිමත් පන්තිය, කොලඹ දේශපාලන සංස්ථාපිතය තුලින් තම ආස්ථානයන්ට ප්රකාශනයක් අත් කර ගත නො හැකි බව දුටුවේ ය. ඉන්දියාවේ මෙන්, ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයක් පිහිටුවා තිබුනේ ද නැත. කම්කරු පන්තිය මත පදනම්ව ලංකාවේ තිබුනු එකම පක්ෂය වූයේ කොලඹ වෘත්තීය සමිති නායකයා වූ ඒ.ඊ. ගුනසිංහ විසින් බි්රතාන්ය ලේබර් පක්ෂයේ බලපෑම යටතේ 1928 දී පිහිටුවන ලද කම්කරු පක්ෂය යි. එය ජාතික ස්වාධීනතාවයට සහයෝගය දුන්නේවත් සමාජවාදය යෝජනා කලේවත් නැති අතර මාක්ස්වාදයට ගැඹුරෙන් ම සතුරු විය. ලසසප විවිධ ප්රවනතාවයන්ගේ දේශපාලන නිවහන බවට පත් වූයේ ඉහත සඳහන් තත්වයන් තුල ය. ට්‍රොට්ස්කිවාදයට ආකර්ශනය වූවන් මෙන්ම සමාජවාදී පමනක් නො ව මාක්ස්වාදී පාටක් වුව ගා ගැනීම මහජනතාවට කිට්ටු වී ගැනීම සඳහා අවශ්‍ය මාධ්‍යයක් ලෙස සැලකූ සටන්කාමී ධනේශ්වර ජාතිකවාදීන් සහ ප්රතිසංස්කරනවාදීහු ද මෙයට ඇතුලත් වූ වෝ ය 3-10 මොවුන් අතරෙන් ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වයට පත් ට්‍රොට්ස්කිවාදී කන්ඩායම හෙවත් ටී ගෲප් යනුවෙන් නම් කරන ලද කන්ඩායම වනාහි, කම්කරු පන්තිය දෙසට යොමු වූ වඩාත් නිර්භීත සහ විප්ලවවාදී කොටස ය. එය පෙන්නුම් කලේ එකල, ලංකාවේ ද ජාත්‍යන්තරව ද පැවති ආන්තික පන්ති ආතති තත්වය යි. කොල්වින් ආර්. ද සිල්වා ලසසප ප්‍රථම සභාපති වූ අතර, එහි ප්‍රථම ලේකම් වූයේ ලෙස්ලි ගුනවර්ධන ය. 1936 පෙබරවාරියේ දී පිලිප් ගුනවර්ධන සහ එන්.එම්. පෙරේරා රාජ්‍ය මන්ත්‍රන සභාවට තෝරා පත් කර ගනු ලැබූ අතර ඔවුහු, එවකට ආසන්නව පැවති ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍යයට මොන ම සහයෝගයක් වත් දීමට ලසසප විරුද්ධ බව අවධාරනාත්මකව ප්‍රකාශ කිරීමට සිය මන්තී‍්‍ර තනතුරු යොදා ගත්හ. ගුනසිංහ හා ඔහුගේ වෘත්තීය සමිති තන්ත්රයේ ප්රචන්ඩ විරුද්ධත්වයට මුහුන දෙමින් කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් සහ සේවා කොන්දේසි අප්රතිහතව ආරක්ෂා කිරීම නිසා ලසසප, කොලඹ කම්කරු පන්තිය තුල පලල් සහායක් දිනා ගති. ධනේශ්වර දේශපාලන පක්ෂ, සීමිත සමාජ ප්රතිසංස්කරන හෝ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා සටන් කිරීම තබා ඒවා ඉදිරිපත් කිරීමටවත් අසමත් වීම මගින් පෙන්නුම් කලේ, එම කර්තව්‍යයන් කම්කරු පන්තියේ නැගී එන නියෝජිතයන්ට භාර වුනු බව ය. ලසසප ආංශික ප්රතිසංස්කරන මාලාවක් සඳහා සටන් කර ඒවා දිනා ගත්තේ ය. මේවා අතර පීඩක ගම්මුලාදෑනි ක්‍රමය වෙනස් කිරීම ද උසාවිවල දේශීය භාෂා පාවිච්චි කිරීම ද විරැකියා සහන ලබා දීම ද විය.
3-11 ලංකා සමසමාජ පක්ෂය 1937 දී, ප්රමුඛ කොංග්රස් සමාජවාදී නායිකාවක වන කමලා දේවී චත්තොපාධ්යයගේ ලංකා චාරිකාවක් සංවිධානය කලේ ය. ඇය කොලඹ ගෝල්පේස් පිටියේ දී තිස්පන් දහසක ජනයා අමතා කතා කලා ය. එවකට ලංකා සමසමාජ පක්ෂයට බැඳී සිටි මාක් බ්‍රෙස්ගර්ඩ්ල් නම් ඕස්ටේ්රලියානු ජාතික උප වතු පාලකයා, චත්තොපාධ්යය සමග වතුකරයේ රැස්වීම් ගනනාවක් ම අමතමින් වතු කම්කරුවන් සූරාකෑම හෙලාදුටුවේ ය. බ්‍රෙස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමට යටත් විජිත පාලනාධිකාරය දැරූ උත්සාහය, ලංකා සමසමාජ පක්ෂය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය අතර දාවිත් - ගොලායත් සටනක් බවට පත්වී මුලු දිවයින ම අවුලුවාලී ය. රාජ්‍ය මන්ත්‍රන සභාව දැවැන්ත මහජන විරෝධය ඉදිරියේ ආන්ඩුකාරයා හෙලා දකින යෝජනාවක් සම්මත කල අතර ශ්‍රේෂ්ඨාධිකරනය බ්‍රේස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමට විරුද්ධ තීන්දුවක් දුන්නේ ය. යටත් විජිත පාලනයට පසුබැසීමට සිදු විය. සමසමාජ පක්ෂයේ දේශපාලන ආයාමය මහත් සේ වර්ධනය වී ගියේ ය.3-12 කෙසේ වෙතත් ලසසපය මුහුන දුන් අතිමූලික ප්‍රශ්න බැඳී පැවැත්තේ, ජාත්‍යන්තර සිද්ධීන් සමග ය. ලංකා සමසමාජ පක්ෂය 1935 එය පිහිටු වූ අවස්ථාවේ සිට 1939 තෙක්, ට්‍රොට්ස්කි සහ ජාත්‍යන්තර වාම විපාර්ශවය, ස්ටැලින්වාදයට එරෙහිව ගෙන යමින් තිබුනු ජීවිතයත් මරනයත් අතර අරගලය පිලිබඳව ප්‍රසිද්ධ ආස්ථානයක් ගෙන තිබුනේ නැත. සමසමාජ පක්ෂයට තිබුනු එකම ජාත්‍යන්තර සම්බන්ධතාවය, ඉන්දියාවේ කොන්ග්රස් සෝෂලිස්ට් පක්ෂය සමග විය. මෙය 1934 දී ඉජාස තුල ලිහිල් සමාජවාදී මුහුනුවරකින් යුත් කන්ඩායමක් ලෙස පිහිටුවා තිබුනි. කෙසේ වෙතත් 1935 සහ 1939 අතර ලසසප නායකත්වය, වඩ වඩාත් උග්‍ර ලෙස ස්ටැලින්වාදී තුන්වන ජාත්‍යන්තරය සමග ඝට්ටනයකට තල්ලු වී ගිය අතර එම කාල පරිච්ඡේදයේ තීරනාත්මක ජාත්‍යන්තර ප්‍රශ්න සමග පොර බැදීමට එයට සිදු විය. සමසමාජ පක්ෂය ඇතුලේ ක්‍රියාත්මක වූ ටී ගෲප් නමින් හැඳින් වූ කන්ඩායම, 1930 ගනන්වල අර්ධ නැගිටීමක් වූ ප්රන්ස ස්ට්‍රයික් ව්‍යාපාරය සහ ස්පාඤ්ඤ විප්ලවය ද විනාශකාරී පරාජයන්ට ඇද දැමූ ස්ටැලින්ගේ මහජන පෙරමුනු දේශපාලනය පිලිබඳව තදින් කලකිරී සිටියහ. “මහජන පෙරමුන” වනාහි ට්‍රොට්ස්කි ජර්මනිය තුල ක්‍රියාත්මක කල යුතු යයි කියා සිටි එක්සත් පෙරමුනේ පරිපූර්න ප්රතිවිරුද්ධය විය. ෆැසිස්ට්වාදයට විරුද්ධ අරගලයේ ද ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමේ ද නාමයෙන් අවස්ථාවාදී හා විවෘත ධනපති පක්ෂ සමග පොදු දේශපාලන වේදිකාවක් තනා ගනිමින්, කම්කරු පන්තිය ධනේශ්වරයට, පුද්ගලික දේපලට සහ රාජ්‍යයට ගැටගැසූ මහජන පෙරමුන, කම්කරු පන්තියේ සකල ස්වාධීන විප්ලවවාදී ක්‍රියාකාරීත්වය වලක්වාලූයේය. ස්ටැලින්වාදී නිලධරය, මහජන පෙරමුනු දේශපාලනයේ ද ප්රන්සයේ හා බි්රතාන්යයේ ඊනියා ප්රජාතන්ත්රවාදී බලවතුන් සමග පවත්වාගෙන ගිය උපාමාරුවල ද කොටසක් ලෙස, තුන්වන ජාත්‍යන්තරය එම රටවල යටත් විජිතයන්ගේ සම්පූර්න ස්වාධීනතාවය සඳහා කලින් දුන් සහාය අතහැර දමා, නැගෙමින් තිබූ යටත් විජිත විරෝධී විප්ලවය පාවා දුන්නේ ය
3-13 සියල්ලටමත් වඩා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින්, ඒ සමග ම බොල්ශෙවික් නායකයන් ද රතු හමුදාවේ අන දෙන නිලධාරීන් ද විද්‍යාඥයන් හා කලාකරුවන් ද ඇතුලු, රුසියානු විප්ලවය ක්‍රියාත්මක කල පරම්පරාවේ ශ්‍රේෂ්ඨතම නියෝජිතයන් වන සමාජවාදීන් ලක්ෂ ගනන් ක්‍රමානුකූලව මරා දමමින්, 1936-38 කාලපරිච්ඡේදයේ දී ක්‍රියාත්මක කල මුර්ග මොස්කව් අවනඩුවලට ලසසප නායකත්වය පුද්ගලිකව විරුද්ධ විය. එසේ ම මෙම සමසමාජ නායකයෝ, ට්‍රොට්ස්කි විසින් ලියන ලදුව, 1938 දී ප්‍රථම වතාවට ඉංග්‍රීසි බසින් පල වූ The Revolution Betrayed (විප්ලවය පාවාදීම) කෘතියේ ස්ටැලින්වාදය පිලිබඳව කරන ලද ප්රගාඪ විශ්ලේෂනය හදාරා එහි බලපෑමට හසු වූ වෝ ය. එහෙත් ලංකා සමසමාජ පක්ෂය ට්‍රොට්ස්කිවාදය දෙසට හැරීම කෙරේ ද ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හතර වන ජාත්‍යන්තරයේ ශාඛාවක් පිහිටුවීම කෙරේ ද තීරනාත්මක ලෙස බලපෑවේ දෙවන ලෝක යුද්ධය පුපුරා යාමය.