5-1 1939 සැප්තැම්බරයේ දී දෙවන ලෝක යුද්ධය පුපුරා යාමත් සමග ම ලසසප ය, යුද්ධයට කුමන සහායක් හෝ දීම මුලූමනින් ම ප‍්‍රතික්ෂේප කලේ ය. ලංකා ජාතික සංගමයේ (ලංජාස) නායක ඩී.එස්. සේනානායක, බ්‍රිතාන්‍ය ආන්ඩුවට “මුලුහදින් ම සහාය” පල කරන යෝජනාවක් ඉදිරිපත් කල තතු තුල අධිරාජ්‍යවාදී කඳවුරු දෙක අතර යුද්ධය හෙලා දුටු ලසසප මන්ත‍්‍රී පිලිප් ගුනවර්ධන, මෙසේ ප‍්‍රකාශ කලේ ය. “කුමන අධිරාජ්‍යවාදී යුද්ධයක හෝ කොටස්කරුවකු වීම අපි ප‍්‍රතික්ෂේප කරමු. සියලූ අධිරාජ්‍යවාදී යුද්ධයන්ට ද සූරාකෑමට ද විරුද්ධ වෙමු. රටක් යුද්ධයට එලඹීම නිසා පන්ති අරගලය නැවතී නැත.” [9]. 1939 දෙසැම්බරයේ දී මුල්ඔය වත්තෙන් ඇරඹි වතු කම්කරුවන්ගේ ස්ට‍්‍රයික් අරගල රැල්ල මධ්‍යයේ පොලිසිය, ගෝවින්දන් නමැති තේ ෆැක්ටරි කම්කරුවා වෙඩි තබා මරා දැමූ තතු තුල ලසසපය, එම වැඩවර්ජන රැල්ලේ නායක භූමිකාව ඉටු කලේ ය. වැඩ වර්ජන පැතිරී ගිය අතර 1940 මැයි මාසයේ දී වේවැස්ස වත්තේ කම්කරුවෝ කම්කරු බල මන්ඩලයක් ගොඩනැගූහ. ප‍්‍රමුඛ වතුකාරයෝ ලසසපයට එරෙහිව රාජ්‍ය බලය මෙහෙයවිය යුතු යයි අනතුරු අඟවා සිටියෝය. “ලංකාවේ එන්න එන්න ම උග‍්‍ර වන තත්වය ලේ වැගිරීමට සහ කැරලි ගැසීමට තුඩු දෙනු ඇත.... ඉන්දියාව තුල එයින් අති බරපතල ප‍්‍රතිවිපාක ජනනය කෙරෙනු ඇත.” පොලීසිය වතුකරය පුරා භීෂනයක් මුදා හැරියේ ය. පැරිසිය නාසි හමුදාවන්ට යටත් ව දින කිහිපයකට පසු ජුනි 18 දා ලසසපය තහනම් කරන ලද අතර එහි නායකයන් හතර දෙනෙක් -පිලිප් ගුනවර්ධන, ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා සහ එඩ්මන් සමරක්කොඩි- අත් අඩංගුවට ගනු ලැබූහ. සමසමාජ පක්ෂය මේ වන විටත් නීති විරෝධී තත්වයක් තුල වැඩ කිරීමට සූදානම්ව සිටි අතර, යුද නීතියට මුහුන පා යුද සමය පුරාම ද ලංකාව තුල තම කටයුතු කර ගෙන ගියේ ය.
5-2 ලසසපය 1940 මැයි මාසයේ සිට, ට්‍රොට්ස්කිවාදයට අනුග‍්‍රහය දැක්වූ කන්ඩායම් හමු වීම ද සමස්ත ඉන්දීය පක්ෂයකට පදනම දැමීම ද පිනිස සිය සාමාජිකයන් ඉන්දියාවට යැවීම අරඹා තිබුනි. කල්කටාවේ අජිත් කුමාර් මුකර්ජි රෝයි සහ කමලේෂ් බැනර්ජි ද කාන්පූර් කාර්මික නගරයේ ඔන්කර්නාත් වර්මා ශාස්ත‍්‍රි ද බොම්බායේ චන්ද්‍රවදන් ශුක්ලා ද යන අයගේ නායකත්වයෙන් යුත් - ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් තුනක් මෙහි දී ලසසපයට සහාය දුනි. ශාස්ත‍්‍රී සහ ශුක්ලා යන දෙදෙනා ම 1920 දී පිහිටුවන ලද ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) සාමාජිකයින් ව සිට මහජන පෙරමුනට විරුද්ධ වී, 1930 ගනන්වල අග කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී වෙන්වූවන් ය. ලසසපය නීති විරෝධී තත්වයන් යටතේ මහනුවර දී, ඉන්දියාව ද බුරුමය ද ලංකාව ද ඇතුලත් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ගොඩනැගීමට පදනම දැමීම සඳහා, 1940 දෙසැම්බර් හා 1941 මාර්තු මාසයේ රහසිගත රැස්වීම් දෙකක් කැඳවීය. මෙම රැස්වීම් දෙකට ම සිරගත ව සිටි ලසසප නායකයෝ ද සහභාගි වූවෝ ය. ඔවුහු ඒ වන විට තම ජේලර් ද පක්ෂයට දිනා ගෙන සිටියහ. දෙවැනි රැස්වීමට ඉන්දියාවේ නියෝජිතයෝ ද සහභාගි වූහ. ඉන්දියාවේ වර්ධනය වෙමින් පැවති ප‍්‍රගාඪ විප්ලවවාදී ගම්‍යයන් සහිත දේශපාලනිකව පුපුරනසුලූ තත්වය වටහා ගත් බොහෝ සමසමාජ නායකයෝ, එරටට සංක‍්‍රමනය වූහ. 1942 අපේ‍්‍රල් 7 දා සිරගත ව සිටි සමසමාජ නායකයින් 4 දෙනා තම ජේලර් ද කැටුව මහනුවර බන්ධනාගාරයෙන් පැන ගොස් පොලිස් මුර වලල්ල සාර්ථක ව මග හැර, ඉන්දියාවට ඇතුලූ වූහ. 1942 මැයි මාසයේ පැවති නායකයින්ගේ රැස්වීමක දී ඔවුහු, නිල වශයෙන් ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනින්වාදී (බීඑල්පීඅයි) පක්ෂය පිහිටුවා, විප්ලවවාදී කි‍්‍රයාමාර්ගය සම්මත කොට, හතර වන ජාත්‍යන්තරයට සම්බන්ධ වීම ඉල්ලා සිටියෝ ය5-3 බීඑල්පීඅයි ආරම්භ කිරීම, ඉන්දියානු උප මහාද්වීපයේ විප්ලවවාදී මාක්ස්වාදය සඳහා අරගලයේ සැතපුම් කනුවක් විය. ඔවුන් ඉන් පසු කාලයේ කුමක් කලත්, එයින් බීඑල්පීඅයි නායකත්වය ඉන්දියානු උප මහද්වීපය තුලට ට්‍රොට්ස්කිවාදය හඳුන්වාදීම මගින් තහවුරු කල ජයග‍්‍රහනය හීන වන්නේ නැත. ලංකාවේ සමාජවාදය ඇතිකල යුතුයැයි කියා සිටි, ලසසප 1935 වැඩපිලිවෙලට මුලුමනින් ම විසන්දනාත්මකව බීඑල්පීඅයි වැඩපිලිවෙල, කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය මත දැඩිව පදනම් වී තිබුනේ ය. ලංකාවේ සමාජවාදය සඳහා අරගලය ඉන්දියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී විප්ලවය සමග මුලුමනින් ම බැඳී ඇති බව පිලිගැනීම මත එය පාදක විය. එය ඉන්දියාවේ බි‍්‍රතාන්‍ය පාලනය ද එරට ධනවාදය පැන නැගීම ද විවිධ පන්ති සහ සියලු පක්ෂවල භූමිකාව ද පිලිබඳ පරිපුර්න විශ්ලේෂනයක් කරමින්, හතරවන ජාත්‍යන්තරයේ සංක‍්‍රමන කි‍්‍රයාමාර්ගය මත පදනම් වූ සංක‍්‍රමන ඉල්ලීම් මාලාවක් විස්තාරනය කලේ ය.
5-4 බීඑල්පීඅයි ඉන්දියානු ජාතික සංගමයේ (ඉජාස) සම්මුතිවාදී දේශපාලනය එලිදරව් කරමින්, එය ඉඩම් හිමියන්ට සමීපව බැඳී ඇති බව ද 1920 සහ 1930 ගනන්වල මහජන සිවිල් නීති බිඳීමේ ව්‍යාපාරයන් පාවා දුන් සැටි ද පහදා දුනි. ගාන්ධිගේ “අහිංසා” ධර්මය වනාහි “ධනපති පන්තිය ජාතික ව්‍යාපාරයේ රූපය සහ පරිමාව පාලනය කරමින්, විප්ලවවාදී මාර්ගයට පිවිසීම වලක්වා, එය මත තම ග‍්‍රහනය තබා ගැනීම සඳහා යොදාගනු ලබන්නක්” බව ද බීඑල්පීඅයි පැහැදිලි කලේ ය. ඉන්දියානු ජාතික සංගමය බහු පන්තික පක්ෂයක් යයි නම් කරමින් ස්ටැලින්වාදින් එය සමග සහයෝගයට එලඹීම “නිර්ලජ්ජිත රැවටිල්ලක්” යයි බීඑල්පීඅයි හෙලාදැක්කේ ය. කොන්ග‍්‍රසය සෑම අංශයකින් ම, විශේෂයෙන් ම එහි දේශපාලන නායකත්වය, චීනයේ 1925-27 විප්ලවය තලා දැමූ කේ.එම්.ටී.යට සමාන යයි එය අනතුරු ඇඟවී ය.
5-5 ඉන්දියානු ධනේශ්වරය ඉඩම් හිමියන්ට සමීපව සම්බන්ධවීම නිසා, ඉන්දියානු ගොවියන්ගේ ඉතා මූලික ආසක්තයන් පවා සපුරා ලීමට කොංග‍්‍රසය ඓන්ද්‍රීය ව ම අසමත් බව නීර්නයවී තිබුනි. “තමන් සඳහා විප්ලවීය නායකත්වය සම්පාදනය කර ගැනීමට ගොවි පන්තිය අසමත් වන හෙයින් එය සැපයෙනු ඇත්තේ නාගරික පන්තියක් තුලිනි. එහෙත් එම නායකත්වය සැපයීම, ඉන්දියානු ධනපති පන්තියට කල නොහැකි ය. මන්දයත්, ප‍්‍රථම වශයෙන්ම ගොවි ජනතාව පරපුටු ලෙස සූරාකෑමට කෙලින් ම පංගු කරුවන් වී සිටින හෙයින් ධනපති පන්තිය, ඉඩම් ප‍්‍රශ්නයේ දී අරටුවට ම ප‍්‍රතිගාමී වන නිසා ය. අන් සියල්ලටමත් වඩා තම ආවේනික දුබලකම නිසා ද අධිරාජ්‍යවාදය මත යැපෙන නිසා ද ඉන්දියානු ධනපති පන්තිය එලඹෙන බලය අරගලයේ දී ප‍්‍රතිවිප්ලවවාදී ක්‍රියා කලාපයක් ඉටු කිරීම අනිවාර්ය ය.” [10] බීඑල්පීඅයි, බලය සඳහා අරගලය තුල කම්කරු පන්තිය වටා ගොවි ජනතාව, විශේෂයෙන් ම ඔවුන්ගෙන් වඩාත්ම පීඩිත කොටස්, බලමුලු ගැන්වීම සඳහා, “මහා ඉඩම් හිමි ක‍්‍රමය වන්දි විරහිතව අහෝසි කිරීම” යන්නෙන් පටන් ගෙන, “ඉඩම් ඒවා වගා කරන ගොවියන්ට පවරා දීම”, සහ “කෘෂිකාර්මික නයගැති බව අහෝසි කිරීම” යන සටන්පාඨ ඇතුලත් ඉල්ලීම් මාලාවක් විස්තාරනය කලේ ය.
5-6 බීඑල්පීඅයි, 1920 දී පිහිටුවනු ලැබ ඒ වන විට ස්ටැලින්වාදයෙන් තරයේ දූෂිත ව තිබුනු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) කි‍්‍රයාකලාපය එලිදරව් කලේ ය. කොමින්ටර්නය (තුන්වන ජාත්‍යන්තරය) චීනයේ දී කලාක් මෙන් 1920 ගනන්වල දී ඉන්දියාවේදී ද කොමියුනිස්ට් පක්ෂයට උපදෙස් දුන්නේ, ධනේශ්වර පන්තියේ ඊනියා විප්ලවවාදී කොටස් සමග හවුලකට එලඹෙන ලෙස ය. කොන්ග‍්‍රස් පක්ෂය වමට තල්ලු කරනු වස් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර වැඩ පිලිවෙලක් සහිත “පන්ති දෙකේ” කම්කරු ගොවි පක්ෂ ගොඩ නැගීමට සීපීඅයි තම උත්සාහය යොමු කල යුතු යයි තව දුරටත් අනවන ලද අතර, එම පිලිවෙතෙහි විපාකය වූයේ එහි පන්ති ස්වාධීනත්වය තවදුරටත් ඛාදනය වීමයි, කම්කරු පන්ති නායකත්වය සඳහා නිර්භීතව අරගල කිරීමට එහි ඇති හැකියාව අහෝසි කර දැමීම යි. 1930 ගනන්වල මුල් සමයේ සීපීඅයි, ස්ටැලින්වාදී-මෙන්ෂෙවික්වාදී අවධි දෙකේ විප්ලව න්‍යාය දිගටම කි‍්‍රයාත්මක කරන ගමන් ම, තුන් වන කාල පරිච්ඡේදයේ පිලිවෙත අනුව ඉන්දියානු ජාතික කොන්ග‍්‍රසය වාචාල ලෙස විවේචනය කිරීමක් ද කරගෙන ගියේ ය. ඉන්දීය කොන්ග‍්‍රස් නායකත්වයට සෘජුව ම අභියෝග කිරීම ප‍්‍රතික්ෂේප කරමින්, මහජන සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයෙන් සීපීඅයි ඈත්වී ගත්තේ ය. 1930 ගනන්වල මැද දී කොමින්ටර්නය මහජන පෙරමුනු දේශපාලනයට මාරු වීමත් සමග සීපීඅයි, වඩාත් විවෘතව සහ කඨෝරව ඉන්දීය කොන්ග‍්‍රසය, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි අරගලයේ ප‍්‍රමුඛ නායකත්වය ලෙස හුවාදැක්වී ය. ස්ටැලින්වාදීන් එසේ ඉන්දීය කොන්ග‍්‍රසය වර්නනා කලේ එය, 1935 බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාව මත අටවන ලද ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිලිගනිමින්, බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ප‍්‍රාන්ත වැඩි ගනනක ආන්ඩු බාරගනිමින්, යටත් විජිත පාලනයේ කොටස්කරුවෙක් බවට පත්වූ තත්වයක් තුලය. 1930 ගනන් අග භාගයේ දී කොංග‍්‍රස් ප‍්‍රාන්ත ආන්ඩු සමග විවෘතව ගැටුනු සටන්කාමී කම්කරු අරගල සහ කිසාන් සභා හෙවත් ගොවිජන සභා ශීඝ‍්‍රයෙන් වර්ධනය වීම ඇතුලු ගොවි ජන අරගල රැල්ලක් පැන නැගුනි. කොන්ග‍්‍රස් නායකත්වයට මෙම ව්‍යාපාර ගැටගැසීම සඳහා කම්කරු පන්ති අරගලයන් ආර්ථික මට්ටමකට සීමා කිරීමට ද සමින්දාර් ඉඩම් හිමි ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ඉල්ලීම අතහැර දැමීමට ද ස්ටැලින්වාදී පක්ෂය කටයුතු කලේ ය. එම ඉල්ලීම කොංග‍්‍රස් නායකත්වය සමග ගැටුමකට තුඩු දෙනු ඇතැයි එය බිය විය.
5-7 1939 අගෝස්තුවේ හිට්ලර්-ස්ටැලින් ගිවිසුම ද සමග සීපීඅයි, ෆැසිස්ට්වාදයට විරුද්ධව “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” බලයන්ට සහයෝගය දීමේ පිලිවෙතේ සිට, යුද්ධයට විරුද්ධ වීම කරා මාරු විය. 1941 ජූනි මස නාසීන් සෝවියට් සංගමය ආක‍්‍රමනය කිරීමත් සමග ස්ටැලින්වාදීහු, තවත් හදිසි පිලිවෙත් මාරුවක් කරමින්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට සම්පූර්න සහාය දෙමින් වැඩ වර්ජන බිඳින්නන් ලෙස ද අධිරාජ්‍යවාදී යුද්ධයේ ආවතේව කාරයින් ලෙස ද කම්කරු පන්තිය තුල වැඩට බැස ගත්තෝය. සීපීඅයි ද්‍රෝහීත්වය සාරාංශගත කරමින් බීඑල්පීඅයි මෙසේ ප‍්‍රකාශ කලේය: “අද දින අන් සියල්ලටත් වඩා නිර්ලජ්ජිත වූ ද ඉවබව නැති වූ ද ආකල්පය නම් මෙයයි. ප‍්‍රතිවිප්ලවවාදී ක්‍රෙම්ලින් කල්ලියට දීන ලෙස අවනත වීම කරන කොටගෙන ඔවුහු, (ස්ටැලින්වාදියෝ) අධිරාජ්‍යවාදී යුද්ධයට ක්‍රියාකාරීව හා කොන්දේසි විරහිතව සහාය දක්වති. ජාතික පෙරමුනක් පිලිබඳ මෙම සාවද්‍ය න්‍යාය තුලින් ස්ටැලින්වාදය සුදානම් වන්නේ, ද්‍රෝහී ධනපති පන්තිය අතට විප්ලවවාදී අරගලයේ නායකත්වය බාර දෙමින්, (1927) චීන විප්ලවය පාවාදුන් ආකාරයට ම යලිත් ක්‍රියාත්මක වීමට ය. අද දින ද ඉන්දියාවේ කම්කරු පන්තිය තුල නපුරුම බලපෑම බවට සීපීඅයි පත්ව ඇත්තේ.” රුසියානු විප්ලවයේ ද සෝවියට් සංගමයේ ද අනුහස ගසාකෑමට උත්සාහ කරන හෙයිනි, [11]
5-8 කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂය වෙත හැරෙමින් බීඑල්පීඅයි මෙසේ කියා සිටියේ ය. “එය මුල පටන් ම කොන්ග‍්‍රස් ධනපති පන්තියට මුලුමනින්ම යටත් වීමේ පිලිවෙතක් අනුගමනය කලේය. අද දිනයේ මෙම පක්ෂයට කම්කරු පන්තිය තුල මොනයම්ම සහයෝගයක් වත් ඇත්තේ නැත. ස්වාධීන පැවැත්මකට අයිතිය මුලුමනින් ම අත හැර දැමූ එම පක්ෂය, හරි මැදින් දෙකට බිඳ දැමීමට එය තුල වැඩ කල කොමියුනිස්ට්වාදීන් සමත්ව ඇති අතර, අද දින එය දේශපාලන මදයක් නැති හිස් පොත්තක් පමනි.” බීඑල්පීඅයි මෙසේ අවධාරනය කලේය. “ඉතිහාසයේ රාශිභූත අත්දැකීම ද විශේෂයෙන් ම නොනවතින විප්ලව න්‍යාය ද මත පදනම් වූ අප පක්ෂය පමනක් ම, කම්කරු පන්තිය එහි විප්ලවවාදී ජයග‍්‍රහනය කරා මෙහෙයවීමට සමත් වේ.” [12]
5-9 සෝවියට් සංගමය ආරක්ෂා කිරීමේ හතර වෙනි ජාත්‍යන්තරයේ ආස්ථානයට බීඑල්පීඅයි ස්ථිරසාරව සහාය දුන්නේය. දෙවෙනි ලෝක යුද්ධය ඇරඹීමත් සමග, ඇමරිකානු ශාඛාව වූ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) තුල මැක්ස් ෂැට්මන්, ජේම්ස් බර්න්හැම් සහ මාර්ටින් ඔබර්න් විසින් මෙහෙයවන ලද කන්ඩායමක් ඉදිරිපත් කල, සෝවියට් සංගමය තවදුරටත් කම්කරු රාජ්‍යයක් යයි සැලකිය නොහැකි යැයි ද එය යුද්ධයට සම්බන්ධ වූවොත් හතරවෙනි ජාත්‍යන්තරය එය ආරක්ෂා කල යුතු නැතැයි ද යන ආස්ථානයට එරෙහිව ට්‍රොට්ස්කි දේශපාලන අරගලයක් කර තිබුනි. ස්ටැලින්වාදී නිලධරයේ බලපෑම සහ පාවා දීම තිබිය දී ම, සෝවියට් සංගමය තවමත් පිහිටා තිබුනේ ඔක්තෝබර් විප්ලවයෙන් තහවුරු කරන ලද ආර්ථික පදනම මත බව ට්‍රොට්ස්කි පෙන්වා දී තිබුනි. බර්න්හැම් “නිලධාරිවාදී සාමූහික වාදයක්” යයි සෝවියට් සංගමය පිලිබඳ ඉදිරිපත් කල නව අර්ථ කථනය පිටුපසින් පැවැත්තේ සෝවියට් සංගමය, මාක්ස් වාදය පූර්වාපේක්ෂා කරනු නොලැබූ කලමනාකර ප‍්‍රභූවක් විසින් පාලිත නව ආකාරයක සමාජයක් ය යන අසුභවාදී නිගමනය යි. ස්ටැලින්වාදී නිලධරය කම්කරු රාජ්‍යය මත පැනනැගි තාවකාලික පිලිකාවක් නොව සමාජයේ ස්ථිර ලක්ෂනයක් ය, යන මෙම ප‍්‍රස්තුතය ගලා ආවේ, කම්කරු පන්තියේ විප්ලවකාරී භූමිකාව ද අධිරාජ්‍යවාදී යුගය වනාහි ධනවාදයේ මර ලතෝනිය ය යන නිගමනය ද ප‍්‍රතික්ෂේප කිරීමක් තුලිනි. බර්න්හැම් සහ ෂැට්මන් ඉදිරිපත් කල මෙම තර්ක, දෙවෙනි ලෝක යුද්ධයට පසුව පැනනැගුනු මාක්ස්වාදයට එරෙහි ප‍්‍රහාරයේ එක් දිගු ප‍්‍රවේනියකට අයත් විය. ඔවුන්ගේ නිගමන එකිනෙකට වෙනස් වුව ද, මෙම සංශෝධනවාදී කන්ඩායම් සියල්ලම, “රාජ්‍ය ධනවාදය” පිලිබඳ විවිධාකාර න්‍යායන්ගේ ස්වරූපයෙන් වුව, මයිකල් පැබ්ලෝ ගේ “ශත වර්ෂ ගනන් පවත්නා පිරිහුනු කම්කරු රාජ්‍යයන්ගේ” ස්වරූපයෙන් වුව, ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් ඓතිහාසිකව වලංගු යයි ද කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් ලෙස ගනන් ගත යුතු නැතැයි ද සැලකූ හ.
Origins of Trotskyism in Ceylon: a documentary history of the Lanka Sama Samaja Party, 1935–1942, ජෝර්ජ් ජාන් ලර්ස්කි: ලංකාව තුල ට්‍රොට්ස්කිවාදයේ සම්භවය: ලංකා සමසමාජ පක්ෂයේ ලේඛන ගත ඉතිහාසය 1935–1942 : කෘතියෙන් උපුටා ගැනුනි. (ස්ටැන්ෆෝඩ්: යුද්ධය, විප්ලවය සහ සාමය ගැන හූවර් ආයතනය, 1968 කෘතියේ 206 පිටුවෙහි උපුටා දක්වා ඇත).
චාල්ස් වෙස්ලි අර්වින්, Tomorrow is Ours: The Trotskyist Movement in India and Ceylon, 1935–48: හෙට දවස අපේ: ලංකාව හා ඉන්දියාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය (කොලඹ, සමාජවිද්‍යාඥයන්ගේ සංගමය, 2006), පි.300.
එම., ‘බී’ උපග්‍රන්ථය , 304පි.
එම ., 305 පි.