6-1 ඉන්දියාවේ දේශපාලන නැඟිටීමක් පිලිබඳ බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ පෙර දැක්ම නිවැරදි යයි, එම පක්ෂය පිහිටුවා මස කිහිපයක් තුල ඔප්පු විය. 1942 අගෝස්තු මාසයේ දී කැරලිකාරී ක්විට් ඉන්ඩියා (ඉන්දියාවෙන් පලයව්) ව්‍යාපාරය පුපුරා ගියේය. කොන්ග‍්‍රසය යුද්ධය කෙරේ නිල විරුද්ධත්වයක් දැක්වූ අතර එහි අමාත්‍යවරු 1939 ශරත් සමයේ දී ඉල්ලා අස් වූහ. එහෙත් එම විරුද්ධත්වය පුද්ගලික විරෝධතාවලට පමනක් සීමා කැරිනි පැසිෆික් සාගරයේ යුද්ධය පුපුරා යාමත්, ජපන් හමුදා වේගයෙන් ඉන්දියාව ආසන්නයට පැමිනීමත් සමග ගාන්ධි ද සෙසු කොන්ග‍්‍රස් නායකයෝ ද දැන් තමන්ට බි‍්‍රතාන්‍යයන් සමග වඩා වාසි සහගත ජාවාරමකට ඉඩකඩ ඇත් දැයි ගනන් බැලූහ. ඉන්දියාව බි‍්‍රතාන්‍යයේ යුද ප‍්‍රයත්නයට යටත් කිරීමේ විපාකය වූ උග‍්‍ර ආර්ථික හා සමාජ බිඳ වැටීම තුල, කොන්ග‍්‍රස් පක්ෂයේ පාලනයෙන් පිට මහජන නැගිටීමක් ඇති වීම කල් තියා වැලැක්වීමට, ඔවුහු ක‍්‍රියාත්මක වූහ. අගෝස්තු හත් වෙනිදා කොන්ග‍්‍රස් කෘත්‍යාධිකාරී කමිටුව බොම්බාය නගරයේ ගොවලියා ටෑන්ක් මෛදාන් හි දැවැන්ත ජනකායක් ඉදිරියේ “බි‍්‍රතාන්‍යය ක‍්‍රමවත්ව ඉන්දියාවෙන් ඉවත් කිරීම සඳහා” මහා අවිහිංසා අරගලයක් ඇතිකල යුතු යයි යෝජනාවක් සාකච්ඡා කලෝය. කොන්ග‍්‍රස් කොමිටිය තුල සිටි ස්ටැලින් වාදීන් මෙම සීමිත යෝජනාව පවා ප‍්‍රසිද්ධියේ ම විරුද්ධ වීම, සීපීඅයි දැවැන්ත දේශපාලන පහරකට ලක් කලේ ය.
6-2 කොන්ග‍්‍රසය කැඳවන මොන යම් හෝ අධිරාජ්‍ය විරෝධී අරගලයකට සහය දෙමින් බොම්බාය රැස්වීමේදී බෙදා හැරුනු බීඑල්පීඅයි පත‍්‍රිකාව, “බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව මහා දේශපාලන වැඩ වර්ජනයක් සහ බදු හා කුලී නොගෙවීමේ ව්‍යාපාරයක් ඒකා බද්ධ කොට, ගොවිජන කමිටු ගොඩනගා, ඉඩම් අල්ලා ගැනීම කරා ඉදිරියට යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙහි දී බීඑල්පීඅයි, ට්‍රොට්ස්කි ඉන්දීය කම්කරුවන්ට ලියූ ලියුමේ උපදෙස් අනුව ක්‍රියා කලේය. එම ලියුමේ මෙසේ සඳහන් කොට තිබුනි. “මහා බ්‍රිතාන්‍යයේ අත්තනෝමතික පාලනයට එරෙහි අරගලයේ මාවතේ ඉතාම සුලූ පියවරක් හෝ ගැනීමට යම් හෙයකින් ඉන්දියානු ධනේශ්වරයට සිදුවුවහොත් කම්කරු පන්තිය ස්වාභාවිකව ම එම පියවරට සහයෝගය දෙනු ඇත. එහෙත් ඔවුන් එසේ කරනු ඇත්තේ මහා ජනතා රැස්වීම්, නිර්භීත සටන්පාඨ, වැඩ වර්ජන, පෙලපාලි සහ වඩාත් තීරනාත්මක සටන් ක‍්‍රියා යනාදී තමන්ගේ ම ක‍්‍රමයන්ගෙනි. මේවා තීන්දු කලයුත්තේ බලවේගයන්ගේ සම්බන්ධතාවය සහ එලඹෙන තතු අනුවය. මේ දේ කිරීමට නම් කම්කරු පන්තිය, තමන් ගේ දෑත් නිදහස්ව තබාගත යුතුය. විශේෂයෙන්ම ඉන්දියාවේ ජනගහනයෙන් අති මහත් බහුතරය වූ ගොවි ජනතාව මත සිය බලපෑම යෙදීමට නම් කම්කරු පන්තිය, ධනපති පන්තියෙන් මුලුමනින් ම නිදහස් ව සිටිය යුතුය.” [13]
6-3 අගෝස්තු 8 වෙනි දා 'කරව් නැතිනම් මැරෙව්’යනුවෙන් උද්වේග වත් කතාවක් කල නමුත් ගාන්ධි අපේක්ෂා කලේ තම යෝජනාව නිසා බ්‍රිතාන්‍ය ආන්ඩුකාරයා සාකච්ඡාවලට පෙලඹෙනු ඇතැයි කියාය. එහෙත්, බ්‍රිතාන්‍යයෝ මුලු කොන්ග‍්‍රස් නායකත්වය ම සිරගත කරමින් මී ට ප්‍රතිචාර දැක්වීය. එය ඉන්දියාවේ ෙබාහෝ ප්‍රදේශ වල තියුනු විරෝධතා හා වැඩ වර්ජන වලට තුඩු දුනි. මුස්ලිම් ලීගය හින්දු මහා සභාව සහ කොමියුනිස්ට් පක්ෂය මෙම විරෝධතා මැඩ පැවැත්වීමට ආන්ඩුවට සහය දීමට එක්වූහ. ගාන්ධි ඇතුලු ඉහල කොන්ග‍්‍රස් නායකයන් සිරගත වූ තතු තුල කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂය ව්‍යාපාරයේ නායකත්වය ගති. එහෙත් එම පක්ෂයට බලය අල්ලා ගැනීමේ ඉදිරිදර්ශනයක් තිබුනේ නැත. කම්කරු පන්තිය දිසාවට යොමුවක් නො ගත් ඔවුහු, ඒ වෙනුවට නිරර්ථක කඩාකප්පල් කාරී ක‍්‍රියාවල ද ගොවිජන ගරිල්ලා ක‍්‍රියාවල ද නිරත වූහ. බීඑල්පීඅයි කම්කරුවන් හා ශිෂ්‍යයන් දෙසට හැරී බොම්බාය, කල්කටා සහ මදුරාසිය ඇතුලු විවිධ නගරවල පැවති පෙලපාලිවලට සහභාගී වෙමින් ද එම නගරවල පෙලපාලි සංවිධානය කරමින් ද මෙම අරගලයට සම්බන්ධ විය. එසේ කිරීමේ දී එය බරපතල මර්දනයකට මුහන දුන්නේය. බීඑල්පීඅයි “ෆැසිස්ට්වාදීන්ට උදව් කරන අපරාධකරුවන් සහ මැරවරයන්’’ ලෙස හංවඩු ගැසූ ස්ටැලින්වාදීන්ගේ සහායෙන් පොලිසිය, ප‍්‍රමුඛ බීඑල්පීඅයි නායකයින් ද සාමාජිකයින් ද විශාල ගනනක් අත් අඩංගුවට ගති. මිලියන ගනනක් ජනයා සහභාගී වූ ක්විට් ඉන්දීය ව්‍යාපාරය මුර්ග පොලිස් මර්දනයට මුහුන දෙමින් මාස ගනනක් තිස්සේ පැවතුනි. නිල වාර්තා අනුව 1942 අගෝස්තු සිට 1943 මාර්තු දක්වා 1,000 කට වැඩි සංඛ්‍යාවක් මරන ලද්දෝය. 60,000 ක් සිරගත කරන ලද්දෝය. බි‍්‍රතාන්‍යයන් ජපන් හමුදාව පසුබස්සා ලූ පසුව, ව්‍යාපාරය බැස ගිය අතර යුද්ධයේ ඉතිරි කාලය තුල කොන්ග‍්‍රසය ක්විට් ඉන්දීය ඉල්ලීම සැබවින්ම ඇත හැර දැමුවේය.
6-4 බීඑල්පීඅයිහි දෘඪ අරගලය මුලූ මහත් කලාපය පුරාම ට්‍රොට්ස්කිවාදයේ ආයාමය වර්ධනය කලේය. නීතිවිරෝධිත්වය, පොලිස් මර්දනය සහ හතරවෙනි ජාත්‍යන්තරයෙන් යුද සමයේ හුදෙකලාවීම යන දුෂ්කර තතු යටතේ වුව බීඑල්පීඅයි, ක්විට් ඉන්දියා ව්‍යාපාරයට ද අන් සියල්ලටත් වඩා කම්කරු පන්තියට ද යොමු වූ යේ කොන්ග‍්‍රස් පක්ෂයට හෝ කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂයට සුලූ හෝ දේශපාලන සහනයක් නොදෙමිනි. කෙසේවෙතත් විප්ලවවාදී රැල්ල පසු බා යත්ම බීඑල්පීඅයි තුල තියුනු දේශපාලන මත භේද පැනනැගුනි. කම්කරු පන්ති අක්ෂයක් දෙසට කරන ලද නව හැරීමක් වූ, සමසමාජ පක්ෂය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය බවට පරිවර්තනය කිරීම, අනිවාර්යයෙන්ම අභ්‍යන්තර ආතතීන් ට තුඩු දුනි. මෙම ආතති මුලින්ම පැනනැගුනේ ලසසපය බොල්ශෙවික් පක්ෂයක් ලෙස ප‍්‍රතිවර්තනය කිරීමට ඩොරික් ද සූසා දරූ ප‍්‍රයත්නයට පිලිප් ගුනවර්ධන දැක්වූ විරුද්ධත්වය මැදිකරගෙන ය ගුනවර්ධන බොම්බායේ සිට, පක්ෂය “මහජනයාගෙන් මුලූමනින්ම හුදෙකලා වූ පටු කුමන්ත‍්‍රනකාරී නිකායක් බවට” පරිවර්තනය කර ඇති “කොලඹ සිටින සුලූ ධනේශ්වර බුද්ධිමතුන් කන්ඩායම” හෙලා දුටුවේය. 1942 දී පිලිප් ගුනවර්ධන සහ එන්.එම්. පෙරේරා ලංකාවේ වෘත්තීය සංගමිකයන් ගනනාවක් ගොනුකොට ගෙන කම්කරු විපාර්ශවය යන නමින් කන්ඩායමක් ගොඩ නගා ගත්හ. යුද සමයේ ලංකාව තුල බීඑල්පීඅයිහි නීති විරෝධී වැඩ කටයුතු සංවිධානය කල ඩොරික් ද සූසා, මෙයට ප‍්‍රති විරුද්ධව බොල්ශෙවික් ලෙනින්වාදී කන්ඩායමක් සංවිධානය කලේය.
6-5 මතභේද මොනවා දැයි මුල දී නො පැහැදිලි වූ නමුත් ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ අවසානය, අතිමූලික නොඑකඟතා එලි බැස්විය. බීඑල්පීඅයි ප‍්‍රමානය සහ වර්ධනය ගැන නො ඉවසිලිමත් වූ පිලිප් ගුනවර්ධන සහ එන්.එම්. පෙරේරා, සිර ගේ සිට 1943 දී “ඉන්දියානු අරගල - මීලඟ අවධිය” යන මැයෙන් නිකුත් කල ප‍්‍රකාශයක් “එක්සත් විප්ලවවාදී පෙරමුන” යන නමින් කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂය ද වෙනත් විවිධ කන්ඩායම් ද සමග ප‍්‍රතිපත්ති විරහිත හවුලක් අටවා ගත යුතු යයි තර්ක කලේ ය. මෙම සැලැස්ම, සම සමාජවාදී සම්ප‍්‍රදාය කරා පැහැදිලි පසුබැසීමක් විය. බීඑල්පීඅයි බිඳී වෙන් වී තිබුනේ එම සම්ප‍්‍රදායෙනි. 1944 මදුරාසියේ පැවැත් වූ බීඑල්පීඅයි සම්මේලනය ගුනවර්ධන-පෙරේරා ලියවිල්ල දැඩි සේ ප‍්‍රතික්ෂේප කලේ ය. එහි දී යට දැක්වෙන යෝජනාව සම්මත කරන ලදී : “අප විශ්වාස කරන්නේ මෙම යෝජනාවේ එකම ප‍්‍රතිඵලය වනු ඇත්තේ අද ඉන්දියාවේ පවත්නා පැහැදිලි විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයකින් යුතු එකම පක්ෂය (කෙතරම් කුඩා වුවත්) දිය කර දැමීම ද ඒ වෙනුවට හොඳටම වැඩි වුනොත් පලල් මාධ්‍යමික පක්ෂයක් නිර්මානය කිරීම ද ය.” [14] කෙසේ වෙතත් මතභේදය නොවිසඳී පැවති අතර එය, යුද්ධාවසානයත් සමග දැඩි සේ බලවත් ව නැග ඒමට නියමිතවූ දේශපාලන ප‍්‍රශ්න පිලිබඳ පෙර ඇඟවිය.
6-6 බීඑල්පීඅයි සම්මේලනයේ ප‍්‍රධාන යෝජනාව, ක්විට් ඉන්ඩියා ව්‍යාපාරයේ පරාජයට හේතු පිලිබඳව සවිස්තර විශ්ලේෂනයක් කලේ ය. “කුමන අර්ථභාරී ආකාරයකින් වුව ද අගෝස්තු ව්‍යාපාරය, ධනේශ්වර ඉදිරිදර්ශනයේ සීමාවන් නොඉක්මවීමට මූලිකම හේතුව, කම්කරු පන්තිය තීරනාත්මක පරිමාවකින් සටන්කාමී පන්ති ක‍්‍රියාවන්ට එලඹීමට අසමත් වීම” යයි එය සඳහන් කලේ ය. විරෝධතාවයන් කෙරේ කම්කරුවන් පක්ෂපාතී වුව ද කඩින් කඩ ඇති වූ වැඩ වර්ජනවලට සම්බන්ධ වුව ද වෘත්තීය සමිති තන්ත‍්‍රය පාලනය කලා වූ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය විසින් ද ගොවි ජනතාව දෙසට හැරී ගත් කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂය විසින් ද කම්කරු පන්තිය පස්සට ඇද සිරකර දමනු ලැබ තිබුනි.” මෙම යෝජනාව විශේෂයෙන්ම, යුද්ධයෙන් පසු කාලයේ දී කම්කරු පන්තිය තුලට පක්ෂයේ මැදිහත් වීම, ගැඹුරු කිරීමට පදනම් දැමීය.
Writings of Leon Trotsky 1939-40, [ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන (1939-40)], නිව් යෝර්ක්: පාත් ෆයින්ඩර් ප්‍රෙස්, 2001,31-32 පිටු.
චාල්ස් වෙස්ලි අර්වින්, Tomorrow is Ours: The Trotskyist Movement in India and Ceylon, 1935–48: හෙට දවස අපේ: ලංකාව හා ඉන්දියාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය (කොලඹ, සමාජවිද්‍යාඥයන්ගේ සංගමය, 2006), 171පි.