The 1917 Russian Revolution

පලමු ලෝක යුද්ධයේ විලෝපනය මැද, 1917 වසරේ ඔක්තෝබර් මාසයේ දී, ව්ලැද්මීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි විසින් මෙහෙය වනු ලැබූ බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වයේ යටතේ රුසියාවේ කම්කරු පන්තිය ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි නායකත්වය දුන් තාවකාලික ධනේශ්වර ආන්ඩුව බලයෙන් පහ කර ලෝක ඉතිහාසයේ ප්‍රථම කම්කරු රාජ්‍යය ස්ථාපිත කලහ. මාස නවයකටත් අඩු කාලයකට මත්තෙන් රුසියාව පාලනය කරනු ලැබුනේ දෙ වැනි නිකොලස් සාර් විසින් නායකත්වය සැපයුනු රාජකීය පරම්පරාවකිනි. විප්ලවය අධිරාජ්‍යවාදී යුද්ධයේ අවසානයේ ආරම්භය විය.

රුසියානු විප්ලවය ලෝක ඉතිහාසයේ නව අදියරක් සනිටුහන් කලේ ය. ධනේශ්වර තාවකාලික ආන්ඩුව බලයෙන් පහ කර දැමීම ධනවාදයට විකල්පයක් ඇත යන්න මනෝරාජික සිහිනයක් නොවේ ය යන්නත්, එය කම්කරු පන්තිය දැනුවත් ව කරන දේශපාලන අරගලයකින් සාක්ෂාත් කර ගත හැක්කක් ය යන්නත් සනාථ කලේ ය. ස්ටැලින්වාදී නිලධරයේ පාවා දීම් සහ අපරාධ හේතු කොට ගෙන සෝවියට් සංගමය අවසානයේ ඛේදජනක ඉරනමකට මුහුන පෑව ද පසුගිය සියවස තුල ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑර ම මිලියන සිය ගනන් ජනතාවන්ගේ ජීවිතවලට එය තරම් පෙරලීකාරී, ප්‍රගාඪ සහ අර්ථභාරී බල පෑමක් සිදු කල අන් ඓතිහාසික ඉසවුවක් නැත.

පාඨක ඔබට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය වසර 20කට අධික කාලයක් පුරා, රුසියානු විප්ලවයේ අර්ථභාරයත් එහි පාඩමුත් ලොව පුරා එහි බලපෑමත් විභාග කරමින් පල කල ලිපි සහ දේශන ගනනාවක් මෙම පිටුව හරහා හැදෑරීමට අවස්ථාව සැලසෙනු ඇති.

1919 දී පෙට්‍රොගෑඩ් කම්කරුවන් සමූහයක් අමතන ව්ලැද්මීර් ලෙනින්. දකුනු පස සිට ගෙන සිටින්නේ ට්‍රොට්ස්කි ය. [Photo]
2017 ශත සංවත්සර දේශන: රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්ද?
මෑත කාලීන ලිපි