ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල නිසා ලංකාවේ මිලියන සංඛ්‍යාත ගොවි ජනයා දරුනු ජීවන කොන්දේසිවලට මුහුන පා සිටිති.
පොහොර, කෘමි නාශක ඇතුලු ගොවි උපකරනවල වියදම් දිලිඳුගොවීන්ට දරා ගත නො හැකි තරම් ඉහල ගොස් තිබේ. නිසි වාරිමාර්ග ජල පහසුකම් නොමැති වීම, ගංවතුර, නියඟ හා ගොයමට වැලඳෙන විවිධ ලෙඩ රෝග මගින් ගොවීන් තවත් පීඩාවට ලක්ව ඇත.
පසුගියදා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් කන්ඩායමකට අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගහවැල්ල ගොවි ගම්මානයේ ගොවීන් හෙලිදරව් කලේ බහුතරයක් ගොවි ජනයාට නය ගැනීමට හා එම නය ආපසු ගෙවීමට කුලී වැඩ ඇතුලු වෙනත් රැකියාවල නිරත වීමට බල කෙරී ඇති බවයි.
අඹගහවැල්ල ගොවීන් ප්‍රකාශ කල තොරතුරුවලට අනුව අක්කරයක කුඹුරක් සී සෑමට රුපියල් 25,000ක්, ගොයම් කැපීමට රුපියල් 20,000ක් වැය වේ. අක්කරයක ඉඩමකට පොහොර මිටි 3 ක් දැමිය යුතු ය. එක් පොහොර මිටියක මිල රුපියල් 9,000 කි. කෘමි නාෂක බෝතලයක් ද රුපියල් 9000 පමන වේ. අක්කරයක ඉඩමක් වගා කිරීමට එලෙස රුපියල් 70,000 ක පමන පිරිවැයක් දැරූ පසු ආදායම ලෙස ලැබෙන්නේ රුපියල් 55,000 ක් පමන අඩු ආදායමකි. ඉන් මාස කිහිපයක වියදම දරා ගත යුතු ය
ගොවියන්ට තම වියදම් හෝ පියවා ගැනීමට නො හැකි වීමට බලපා ඇති තවත් කරුනක් වන්නේ මෝල් හිමියන් හා අතරමැදි වෙලෙන්දන් විසින් අඩු මුදලට වී මිල දී ගැනීමයි. අස්වනු කැපීම ආරම්භයේ රුපියල් 114 ක් වැනි මිලකට වී කිලෝවක මිල පැවතියත් බහුතරයක් ගොවීන් අස්වනු නෙලන කාලය වන විට එය රුපියල් 100 ක් දක්වා පහල හෙලන බව ගොවීන් ප්‍රකාශ කලේ ය.
අක්කර 3 ක වී වගා කර ඇති අඹගහවැල්ල පදිංචි සේනාරත්න ප්‍රකාශ කලේ පොහොර ගැනීමට ගොවි සමිතියෙන් ගත් රුපියල් 30,000 ක මුදල ගෙවීම සඳහා වැඩ ලැබෙන දිනවල මේසන් බාස්ලාට අත්උදව්වට යන බවයි. “ගෙදර ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ කුඹුරෙන් ලැබෙන ආදායමෙන්. වෙන ආදායම් මාර්ගයක් අපිට නෑ. නය වෙලා තමයි පොහොර අරන් තියෙන්නේ. කන්න නැතැත් නය ගෙවන්න වෙනවා. නය ගෙවා ගන්න ඕනා නිසා මම දැන් කුලී වැඩ කරනවා. නමුත් කුලී වැඩක් හොයා ගන්න එකත් අමාරුයි” යනුවෙන් සේනාරත්න කියා සිටියේ ය.
“ආයුබෝවන්”: නමින් විරෝධාභාසි කටවහරකින් හඳුන්වන දිලීර රෝගයක් ප්‍රදේශය පුරා මේ දිනවල පැතිර යන බව සේනාරත්න පෙන්වා දුන්නේ ය. මේ හේතුවෙන් වී කරල් බොල්වන අතර අස්වැන්න සැලකිය යුතු ප්‍රමානයකින් අඩු කෙරේ. රෝගය මැඩපැවැත්වීමට හෝ පාලනයට බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.
පැවති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව 2021 වසරේ දී රසායනික පොහොර ආනයනය නතර කර කාබනික පොහොර වෙත මාරුවීමට ගත් තීන්දුව ගොවියන්ගේ ගැටලු තවත් දරුනු අතට පත් කලේ ය. “අපිට කාබනික පොහොර ලැබුනෙත් නෑ, රසායනික පොහාර ලැබුනෙත් නෑ. අපේ අස්වනු සෑහෙන්න අඩු වුනා. ඉන් හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබා දෙන බව සඳහන් කලත් කිසිදු සහනයක් අපිට ලැබුන්නේ නෑ. පහුගිය කන්නේ ආපු මහ ගංවතුරටත් අපිට වන්දි ලැබුනේ නෑ. ආන්ඩුව පෝර ගන්න කියලා අක්කරයකට රුපියල් 6,000 ක් දෙනවා. ඒක කොහෙත්ම ප්‍රමානවත් නෑ”යයි සේනාරත්න කියා සිටියේ ය.
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂ හා ගොවි සංවිධාන ගොවීන් මුහුන දෙන ගැටලු යටගසා ඇති බව සේනාරත්න ප්‍රකාශ කලේ ය. “සහතික වී මිලක්, පොහොර ඇතුලු කෘෂි උපකරනවල මිල පහල දැමීම, ගොවි නය අහෝසි කල හැක්කේ කෙසේ ද යනාදී කරුනු සම්බන්ධව කිසිම සාකච්ඡාවක් නෑ. ප්‍රධාන පක්ෂ මේ දවස්වල සම්මේලන පවත්වගෙන යනවා ඒ ඉදිරි ජනාධිපතිවරනයේ දී ඔවුන්ගේ ගොඩ වැඩි කර ගන්න මිසක් ගොවියන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න හරි, ඒවාට විසඳුම් දෙන්න නෙමේ”.
දෙදරු මවක් වන මානෙල් සාකච්ඡාවට සම්බන්ධ වී ප්‍රකාශ කලේ නය ගෙවා ගැනීමේ අරමුනින් සිය සැමියා මේ දිනවල කොලඹට වී ප්‍රවාහනය කරන ලොරියක වැඩ කරන බවයි. ඇය වික්‍රමසිංහ ආන්ඩුව රට “ගොඩ ගත්” බවට කරන ප්‍රකාශ පිලිකුලෙන් යුක්තව හෙලා දැක්කා ය. “බලයට පත් ආන්ඩු මෙච්චර කල් ගත්තු නය වලින් අපේ හොඳට කිසිවක් කරල නෑ. ගමේ පාසලේ ගොඩක් ගොඩනැගිලි හැදුවේ දෙමාපියන්ගේ සල්ලිවලින්. දැන් රෝහලේ බේත් සියල්ලම වාගේ ෆාමසියට ලියනවා. ගමේ රෝහලේ ගිලන් රථයක් නෑ. වැඩි දෙයක් තියා ග්‍රාම සේවක කාර්යාලය හදලා, විදුලිය පවා අරන් දුන්නේ ගමේ මිනිස්සුම තමා. ඉහල යන ජීවන වියදම අපිට දරා ගන්න බෑ” යයි ඇය සඳහන් කලා ය.
ආන්ඩුව මෝල් හිමියන්ට වැඩි වාසිය සැලසෙන ලෙස වී මිල දී ගැනීම සඳහා ඔවුන්ට නය ලබා දෙන බව දශක 4 ත් වැඩි කාලයක් ගොවි තැනනෙහි නිරත වයි.එල්. ජයසුන්දර සහ ඔහුගේ සහෝදරයා වන වයි.එල්. ගුනරත්න ප්‍රකාශ කලේ ය. ආන්ඩුව මෝල් හිමියන්ගෙන් වී මිල දී ගැනීමේ දී සහතික මිල නිකුත් කරමින් යලි මෝල් හිමියන්ට වාසි සහගත ලෙස ක්‍රියා කරන බව ඔවුන් පෙන්වා දුන්නේ ය.
“මෝල් හිමියෝ සොච්චම් මිලට වී මිල දී ගෙන සහල්, හුනුසල්, දහයියා මේ හැම දේකින්ම ලාභ උපයනවා. ගොවිතැනින් අපිට ඉතුරු වෙන්නේ කන්ඩ තියා ගන්න වී ඩිංගක් විතරයි. කුලී වැඩට ගියොත් දවසකට රුපියල් 2,500 ක් ලැබෙනවා. නමුත් හැමදාම වැඩ නෑ. ඡන්දය නිසා බඩු මිල ටිකක් අඩු කලාට ජනාධිපතිවරනයෙන් පස්සේ තත්වය මීට වඩා නරක් වෙයි” යයි ජයසුන්දර සඳහන් කලේ ය.
දෙමාපියන්ගෙන් ලැබුනු අක්කර 3 ක කුඹුරකට අමතරව අඳ ගොවි ක්‍රමයට තවත් කුඹුරුවලත් මොවුන් දෙදෙනා රැකියා කරයි. මීට පෙර කටුමැටි නිවෙසක ජීවත් වූ ඔවුන්ට තම නිවස උලු සෙවිලි කර තිබෙන්නේ මීට වසර 8 ට පමන පෙරදී ය.
මෙම දුෂ්කර තත්වය හේතු කොටගෙන ප්‍රදේශයේ තරුන ජනයා ගොවිතැනින් ඉවත් වී නගරයේ විවිධ රැකියා සඳහා සංක්‍රමනය වීම ගොවීන්ගේ අත්දැකීමයි.
අඹගහවැල්ල ගොවි ගම්මානයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරු තරුනයෙක් ප්‍රකාශ කලේ තම වයසේ බොහෝ තරුනයින් හමුදාවට, විදේශ රැකියාවලට යන අතර සුපිරි වෙලඳසැල්වල හා ඇඟලුම් කර්මාන්ත ශාලාවල දරුනු සූරාකෑමේ කොන්දේසි යටතේ රැකියාවේ නිරත වන බවයි.
ඔහු විශ්වවිද්‍යාල ජීවිතයේ කටුක අත්දැකීම් විස්තර කලේ ය. “මම ඉගෙන ගත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ. නිවාඩු දින හැම එකකම වගේ පාට්ටයිම් රැකියා කලා. රජරට වගේ කැම්පස්වල තත්වය ගොඩක් අමාරුයි. මොක ද එහෙම රැකියාවක්වත් ඒ අවට ගම්වල හොයා ගන්න නෑ”. උපාධි ලබා ගැනීමෙන් පසුවත් රැකියා අවිනිශ්චිතභාවය පිලිබඳව සඳහන් කරමින් ඔහු කීවේ දැනට පුත්තලම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක තාවකාලික රැකියාවක නිරත වූවත් එයද තවත් මාස කිහිපයකින් අවසන් වන බවයි.
මැදි වියේ පසු වූ තවත් ගොවීහු කීප දෙනෙක් 1989/90 කාලපරිච්ජේදයේ ගම්බද ඝාතන හා දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධයේ අත්දැකීම් මෙසේ විස්තර කලහ. “1988-90 කාලෙ පැවති ආන්ඩුවෙන් මේ පැත්තේ හිටපු තරුනයො සෑහෙන්න ඝාතනය කලා. ගොඩක් තරුනයෝ ජීවිතය බේර ගත්තේ බොහොම අමාරුවෙන්. ඊට පස්සෙ යුද්දෙ කාලෙ හමුදාවට බැඳුනු තරුනයන්ගේ මල සිරුරු දවසට දෙක තුන ආවා” යනුවෙන් එක් ගොවියෙක් ප්‍රකාශ කලේය.
ගම්බද දිලිඳු ගොවීන්ට එරෙහි ප්‍රහාරය, වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ධනපති පාලක පන්තිය කම්කරුවන් ඇතුලු සමස්ත මහ ජනතාව මත එල්ල කර ඇති ප්‍රහාරයේ කොටසකි. ඇතුලු ලෝක ධනේශ්වර ක්‍රමයේ ගැඹුරුවන අර්බූදය තුල ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත ලංකාවේ කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් වැදීමේ අවශ්‍යතාවය සම්බන්ධව උනන්දු සහගත සාකච්ඡාවක අඹගහවැල්ල ගොවිහු නිරත වූහ.
ජාමූඅ ඇතුලු දෙස් විදෙස් මහ ධනපති පන්තියේ ලාභ අවශ්‍යතා සඳහා කැප වුන තවත් ධනපති ආන්ඩුවකින් පීඩිත මහජනයාගේ කවර ප්‍රශ්නයකට හෝ විසඳුම් නොලැබෙන බව සසප සාමාජිකයන් පෙන්වා දුන්නේ ය. බැංකු , විශාල සහල් මෝල් ඇතුලු මහා ව්‍යාපාර, වතු සමාගම් කම්කරු පන්ති පාලනයක් යටතේ ජන සතු කිරීම හා විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම කල හැක්කේ කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් වැදීමෙන් පමනි.
කුඩා ගොවි ජනයා යටකර ඇති නය මුලුමනින්ම කපාහැර පහසු නය ක්‍රම, සහනාධාර හා වගා පහසුකම්, අතර මැදියන් අහෝසිකිරීම හා අලෙවි පහසුකම් සැපයීම ආදිය ක්‍රියාවට දැමීමටත්, පොහොර, රසායනික ද්‍රව්‍ය හා ගොවි ආම්පන්න නිෂ්පාදන සමාගම් ජනසතු කිරීමටත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් පියවර ගැනීමට හැකිය.
මේ පියවර සඳහා සටන් කිරීමට වැඩබිම්, ගොවිබ්ම් හා නිවහන් ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සසප මූලිකත්වය ගෙන තිබේ.
“ගොවි ජනයා කම්කරු පන්තියට අයිති නොවෙන්නේ ඇයි ද, ගොවි ජනයා කම්කරු පන්තියේ නායකත්වය වටා පෙල ගැසිය යුත්තේ ඇයි ද?” යන ප්‍රශ්න එහි දී එක් ගොවියෙක් ප්‍රශ්න මතු කලේ ය.
කම්කරු පන්තිය වනාහී නිෂ්පාදන මාධ්‍ය අහිමි, තම ශ්‍රම ශක්තිය ධනපති පන්තිය වෙත වැටුපට විකිනීමට බල කෙරුනු පන්තියයි. ගොවීන් තමන්ගේ කුඹුරු ඇතුලු නිෂ්පාදන මාධ්‍ය තුල ශ්‍රමය වගුරන කොටසකි. ගොවි ජනයා වඩවඩාත් ධනපති ක්‍රමයෙන් පීඩාවට පත්වන කොන්දේසි තුල දරිද්‍රතාවට පත්ව සිටිති.
එහෙත්, ගොවිජනයාට තමන් පීඩාවට පත්කරන මහ ධනපති පන්තියෙන් ගැලවීමට හැක්කේ නිශ්පාදන මාධ්‍යවල වැඩකරන හා ඒවා හසුරුවන කම්කරු පන්තිය සමග එක්ව සටන් කිරීමෙන් පමනකි. බැංකු හා මහා සමාගම් තම පාලනය යටතේ ජනසතු කර සිය අයිතීන් රැක ගැනීම පමනක් නොව ගොවි ජනයා ඇතුලු පලල් මහා ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම සඳහා මග හෙලිකල හැක්කේ කම්කරු පන්තියටයි. කම්කරු පන්තිය මෙම අරගලයේදී ගොවිජනයාට නායකත්වය දෙමින් සටන් කල යුතුවේ.
නිෂ්පාදන සම්බන්ධතා තුල කම්කරු පන්තිය දරන ස්ථානය නිසා එය ධනපති ක්‍රමයට එරෙහි විප්ලවවාදී බලවේගය බවට පත් වේ. එහෙත්, ධනපති ක්‍රමයට එරෙහි අරගලයේ දී කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය මිතුරා වන්නේ එයින් පීඩාවට පත්වන ගොවීන් ය. අනෙක් අතට, තමන් පෙලන ධනපති පාලනයට එරෙහි අරගලයේ දී ගොවීන්ගේ ආධාරකරුවා කම්කරු පංතියයි.
කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ඒවායේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලයකට සසප සටන් කරන බවද එය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමේ පියවර ගැනීමට මග හෙලිකරන බව ද සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.
සසප සාමාජිකයෝ වැඩෙන ලෝක යුද අන්තරාය හා ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනයන් ද සාකච්ඡා කලහ. රුසියාවට එරෙහිව යුක්‍රේනය මැදි කරගෙන ගෙන යන යුද්ධය, පලස්තීනය ඇතුලු මැද පෙරදිග කලාපය තුල වර්ධනය වී ඇති යුද ආතතිය සහ කොවිඩ්-19 වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ධනපති ක්‍රමයේ අර්බුදය තියුනු ලෙසින් ලංකාව තුල ප්‍රකාශයට පත්ව ඇත. ඉදිරි මැතිවරනයේ දී බලයට එන කවර ආන්ඩුවක් වුව මෙම අර්බූදයේ බර මහජනයා මත පැටවීමටත්, පැන නගින මහජන නැගිටීම් තලා දැමීමට ආඥාදායක පාලන ක්‍රම වෙත මාරුවීමට ක්‍රියා කරනු ඇති බව ද සාකච්ඡාවට ලක්විය.
මෙම තියුනු දේශපාලන තත්වය තුල මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී පක්ෂයක අවශ්‍යතාව පිලිබඳව එහිදී අවධානයට ලක් කෙරුනි.