[මෙය Health Workers Action Committee (Sri Lanka) discusses how to fight public health cuts යන මැයෙන් 2025 මාර්තු 08දා පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) මාර්තු 6දා, 'සෞඛ්‍ය අංශයේ වැටුප් කප්පාදුවලට එරෙහිව සටන් කරන්නේ කෙසේද?' යන මැයෙන් ඔන්ලයින් රැස්වීමක් පැවැත්වූවේ ය. මෙයට, මධ්‍යම පලාතේ මහනුවර සහ පේරාදෙනිය රෝහල්වලත්, උතුරේ යාපනය සහ කයිට්ස් රෝහල්වලත් සෞඛ්‍ය සේවකයින් ද ඇතුලුව, 50 කට අධික පිරිසක් සහභාගී වූහ. එමෙන්ම, ධීවරයින්, වරාය කාර්ය මන්ඩලය, වතු කම්කරුවන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් ආවරනය වන විවිධ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් ද එයට එක් වූවෝ ය.
මෙම රැස්වීම, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ෆේස්බුක් පිටුව තුල සජීවීව විකාශය කරන ලද අතර, වීඩියෝව මේ වන විට නැරඹුම්වාර 1,250 ඉක්මවා තිබේ.
රැස්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා රෝහල් සහ අනෙකුත් සේවා ස්ථානවලින් පිටත උද්ඝෝෂනයේ නිරත වූ සෞකක්‍රික සහ සසප සාමාජිකයෝ, බදාදා (05) නිකුත් කරන ලද සෞකක්‍රික ප්‍රකාශයේ සිංහල සහ දෙමල පිටපත් දහස් ගනනක් බෙදා හැර තිබුනි.
ආන්ඩුවේ 2025 අයවැයට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (එච්ටීයූඒ) මාර්තු 5 සහ 6 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පැය 24 වැඩවර්ජන අවලංගු කර තිබූ බැවින් මෙම රැස්වීම තවත් වැදගත්කමක් දරයි. වෛද්‍ය නලින්ද ජයතිස්ස වෘත්තීය සමිති නිලධාරීන්ට ඔවුන්ගේ ගැටලු විමර්ශනය කරන බවට පොරොන්දු වීමෙන් පසුව, එලෙස සංකේත වර්ජන ක්‍රියාමාර්ග අත්හැර දමා තිබුනි..
ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් 2025 අයවැයෙන් ඉදිරිපත් කරන ලද කප්පාදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පුරා හෙදියන් සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ උරනව සිටිති. අතිකාල ගෙවීම් රේට්ටු සහ දීමනා කප්පාදු කර ඇති අතර, උසස්වීම් සඳහා සුදුසුකම් ලැබීමේ කාල සීමාවන් දීර්ඝ කිරීම් ද සිදු කර ඇත. අමතර තීරුබදු ගෙවීම් රේට්ටු සහ අනෙකුත් දීමනා සඳහා වන කප්පාදුවලට වෛද්‍යවරු ද විරුද්ධ වෙති. ආන්ඩුව විසින් පොරොන්දුවූ වැටුප් වැඩිවීම්, උද්ධමනය සහ මූර්ත වැටුප් ඛාදනය ඌන පූරනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයෝ ද පසුවන්නේ දැඩි කෝපයකිනි.
රැස්වීමේ මුලසුන දැරූ සෞකක්‍රික සාමාජික වෛද්‍ය කැලුම් තුෂාර සහභාගී වූවන් සාදරයෙන් පිලිගත්තේය. ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් වූයේ 'මාස කිහිපයක්' ඇතුලත සෞඛ්‍ය ක්ෂේත්රයේ දැවෙන ගැටලු විසඳන බවට පොරොන්දු වෙමින් බව ඔහු සිහිපත් කලේය. මෙය ඉටු කරනවා වෙනුවට, සෞඛ්‍ය සේවකයින්ගේ මාසික ආදායම දැඩි ලෙස කප්පාදු කර තිබේ.
එච්ටීයූඒ සහ ජීඑම්ඕඒ වැඩවර්ජන අවලංගු කිරීම ගැන සඳහන් කල තුෂාර, මෙය කම්කරු පන්තියට අලුත් දෙයක් නොවන බව පැවසීය. මෙම වෘත්තීය සමිති, සොච්චම් වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩවර්ජන ක්‍රියාමාර්ගය නවත්වමින්, 2023 දී කලේ ද එයම ය. “[ජවිපෙ/ජාජබ ආන්ඩුව සමඟ] එම සාකච්ඡා ද කම්කරුවන්ට අවාසි සහගත පරාජයන් අත්කරදෙමින් නිමවීමට නියමිතව ඇත,” ඔහු තවදුරටත් පැවසීය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු කම්කරුවන්ට එල්ල කරන දැවැන්ත ප්‍රහාර පෙන්වා දුන් කථිකයා, කම්කරු අයිතිවාසිකම් මර්දනය කිරීම ජාත්‍යන්තර සංසිද්ධියක් බව පෙන්වා දුන්නේ ය. ආන්ඩුවේ වියදම්වලින් ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් කපා හැරීම සඳහා ට්‍රම්ප් ඇමරිකාවේ මෙඩිකෙයාර් වැඩසටහන අහෝසි කිරීමට සැලසුම් කරමින් සිටින බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට වෙන් කල අරමුදල් “අනවශ්‍ය වියදම්” බව ප්‍රකාශ කරමින් ඉවත්කරගනමින් සිටින බවත් ඔහු කීවේ ය.
ආන්ඩුවේ ප්‍රහාර සහ වෘත්තීය සමිති යාන්ත්රනයේ පාවාදීම්වලට එරෙහිව සටන් කිරීම සඳහා, සෞඛ්‍ය කම්කරුවන් සහ කම්කරු පන්තියේ අනෙකුත් සියලුම කොටස්, ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව කථිකයා විසින් අවධාරනය කෙරුනි.
ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු සහ සසප දේශපාලන කමිටු සාමාජිකයෙකු වන කපිල ප්‍රනාන්දු රැස්වීම අමතමින්, ජනාධිපති දිසානායකගේ අයවැයේ අඩංගු පුලුල් පරාසයක විහිදෙන සමාජ ප්‍රහාර වෙත අවධාරනය යොමු කෙරුනි. රජයේ රැකියා ලක්ෂ පහකට වඩා අතුගා දමන පෞද්ගලීකරන වැඩසටහන ද මෙම ප්‍රහාරවලට ඇතුලත් ය.
කපිල පෙන්වා දුන්නේ, ආන්ඩුව විසින් අතිකාල රේට්ටු සහ අනෙකුත් දීමනා කප්පාදු කිරීමත්, සොච්චම් වැටුප් වැඩිවීමත් සෞඛ්‍ය කම්කරුවන්ට පමනක් සීමා නොවන බව යි.
'පසුගිය වසර කිහිපය තුල දැවැන්තව ජීවන වියදම ඉහල ගොස් රටේ ද්‍රරිද්‍රතාවයේ සිටින සංඛ්‍යාව 2019 වසරේ සියයට 13 සිට 2023 වසරේදී, සියයට 25 දක්වා වැඩි වුනා. අඩු වියදම් ආහාර ගනිම්න්, ආහාර වේල් අත්හරමින් අනාරක්ෂතිභාවයේ සිටින සංඛ්‍යාව සියයට 60 පමන වෙනවා' කපිල පැවසීය.
2022 දී රාජපක්ෂ ආන්ඩුව බලයෙන් පහ කල මහජන නැගිටීමේ දී, වෘත්තීය සමිති නායකත්වය ඉටුකල ද්‍රෝහී භූමිකාව ගැන ද කථිකයා අවධාරනය කලේය.
2022 අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල මිලියන සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ කර ගත් මහා වැඩවර්ජන දෙකක් කැඳවීමට බල කෙරුනු වෘත්තීය සමිති මෙවලම, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ද සහාය ඇතිව, කම්කරුවන්, ජවිපෙ/ජාජබ ට සහ සමගි ජන බලවේගයටත්, අන්තර්වාර ධනේශ්වර පාලනයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම්වලටත් යටත් කලේය. මෙම බලවේග රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට ඔසවා තැබීමට උපකාරී වූ අතර, ඉන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජ ප්‍රහාර ආරම්භ වූ බව කථිකයා පැවසීය.
'මෙම කටුක අත්දැකීම් නැවත නැවතත් පෙන්නුම් කරන්නේ, කම්කරුවන්, තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගැනීමේත්, තම අයිතිවාසිකම් සඳහා සටන තමන්ගේ අතට ගැනීමේත් අවශ්‍යතාවයි' යනුවෙන් කපිල පැහැදිලි කලේය.
තේ වතු, වරාය, දුම්රිය, ඇඟලුම් කර්මාන්තය සහ සංක්රමනික කම්කරුවන් අතර සෞකක්‍රික සහ අනෙකුත් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ඇති බව ඔහු සඳහන් කලේය. 'කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් සම්බන්ධීකරනය කර වර්ධනය කිරීම සඳහා අපි මේවා ශක්තිමත් කර අනෙකුත් සේවා ස්ථානවල ද ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුයි,' ඔහු පැවසීය.
ප්‍රධාන කතාවෙන් පසුව පැවැති සාකච්ඡාව අතරතුර, මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකු සහ සසප සාමාජිකයෙකු වන දෙහින් වසන්ත, රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයින්ගේ වැඩෙන සටන්කාමීත්වය ගැන කතා කලේය. ආන්ඩුවේ සොච්චම් වැටුප් වැඩිකිරීම් සහ දීමනා කප්පාදුවලට විරෝධය පල කිරීම සඳහා, මාර්තු 4දා මෙම සේවකයින් දහස් ගනනක් තමන් සේවය කරන විශ්ව විද්‍යාල අසල දිවා ආහාර පැයේ දී විරෝධතා පැවැත්වූ බව ඔහු පැවසීය. පුරප්පාඩු වූ තනතුරුවලට සේවකයන් බඳවා නොගැනීම සහ පවතින සේවකයින්ගේ වැඩ බර වැඩි කිරීමෙන් ආන්ඩුව, අනධ්‍යයන රැකියා ද කප්පාදු කර තිබේ.
වසන්ත, ජවිපෙ පාලනය යටතේ පවතින අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතියේ ද්‍රෝහී භූමිකාව සමාලෝචනය කලේය. එහි නායකයා, අයවැයට පෙර මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පෞද්ගලික සාකච්ඡා පැවැත්වීය. ඔහු කීවේ, ආන්ඩුවේ ප්‍රහාර පිලිබඳව වෘත්තීය සමිතිනායා කලින් දැන සිටියත්, සාමාන්‍ය සාමාජිකයින්ගෙන් එය වසන් කල බවයි.
දුම්රිය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු වන සුරංග රැස්වීම අමතමින්, “රැස්වීමේ සාකච්ඡාවූ දේවල්වලට මම සම්පූර්නයෙන්ම එකඟයි, මොකද, මේක තමය් කම්කරු පන්තියට ඇති එකම විකල්පය. අනෙකුත් සේවකයින් අපගේ පැත්තට දිනා ගන්නේ කෙසේද යන්න පිලිබඳව අපි අපේ සගයන් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා,” යනුවෙන් පැවසීය. අනෙකුත් ක්‍රියාකාරී කමිටුවල වර්ධනය සඳහා කම්කරුවන් වඩඩාත් සම්බන්ධ කර ගන්නේ කෙසේදැයි දැනගැනීමට ඔහුට අවශ්‍යවිය.
එක්සත් රාජධානියට සංක්‍රමනයවී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය ඩොනල්ඩ්, රැස්වීමට සිය සහයෝගය පල කලේය. ඔවුන්ගේ ශ්‍රී ලාංකික සගයන් මෙන් ම, එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ප්‍රධානීන් ද ඔවුන්ගේ සාමාජිකයින්ගේ අරගලය පාවා දුන් බව ඔහු රැස්වීමට සඳහන් කලේ ය. ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා දැඩි සහයෝගය පල කරමින්, මෙම කමිටු එක් එක් වෘත්තියට බෙදී හෝ ශ්‍රේනිවලට සීමා වී නොමැති බවත් ඒවා ජාත්‍යන්තර වැඩපිලිවෙලකින් සමන්විත බවත් වෛද්‍ය ඩොනල්ඩ් සඳහන් කලේය.
සෞඛ්‍ය කම්කරුවෙකු වන රිද්ම විමලරත්න මෙසේ පැවසීය, “‘හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුලුවන් ආර්ථිකයක් නිර්මානය කරනවා කියලා ජවිපෙ/ජාජබ අපට කිව්වේ බොරු. දැන් ඔවුන් කියන්නේ සහ වැඩ කරන්නේ සම්පූර්නයෙන්ම වෙනස් විදියකට. ඔවුන් ජනතාව රවටලා.”
සසප දේශපාලන කමිටු සාමාජික කේ. රත්නායක ද රැස්වීම ඇමතීය. කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන රුදුරු ප්‍රහාර සෘජුවම ගලා එන්නේ, ජාමූඅ කප්පාදු පියවරයන්ගෙන් බවයි. 'දිසානායක ආන්ඩුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සම්පූර්නයෙන්ම කැපවී සිටිනවා,' ඔහු පැවසීය.
කම්කරුවන් ඉල්ලා සිටියේ, රුපියල් 20,000 සිට 25,000 දක්වා මාසික වැටුප් වැඩිවීමක්. ඒත්, අයිඑම්එෆ් එකට අවශ්‍ය වූයේ සියලුම රාජ්‍ය වියදම් කපා හැරීමට, එනම් වැටුප් වැඩිවීම් සඳහා දඬුවම්කාරී සීමාවන් පැනවීමට බව රත්නායක පැවසීය.
ධනේශ්වර ක්‍රමය දැවැන්ත අර්බුදයක පවතින බවත්, එම බර ජනතාව මත පැටවීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව උත්සාහ කරන බවත් ඔහු පැවසීය. කම්කරුවන් මුහුන දෙන තීරනාත්මක ප්රශ්නය වන්නේ මෙම කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්නයි.
'සෞඛ්‍ය වෘත්තීය සමිති සහ අනෙකුත් වෘත්තීය සමිති පාවාදීම පුදුමයක් නෙවෙයි. ඔවුන් සියල්ලෝම, ජාමූඅ වැඩපිලිවෙලට එකඟයි, ඔවුන් සියල්ලෝම ධනේශ්වර ක්‍රමය පිලිගන්නවා,' රත්නායක සඳහන් කලේය. 2023 මාර්තු මාසයේදී ජාමූඅ ඇප නයක් අනුමත කිරීමෙන් සති කිහිපයකට පසු, වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු, ජාමූඅ නිලධාරීන් සමඟ ඔන්ලයින් 'වටමේස' සාකච්ඡාවකට සහභාගී වීම ගැන ඔහු පසුව සඳහන් කලේය.
“පාලක ප්රභූව සහ ජාමූඅ ඔවුන්ගේ කප්පාදු ඉල්ලීම් පැනවීම සඳහා යන්ත්‍රයක් ලෙස වෘත්තීය සමිති භාවිතා කරනවා.
'කම්කරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න වෘත්තීය සමිති යාන්ත්‍රනය මත විශ්වාසය තියන්න බැහැ. මේ ධනේශ්වර ගැති සංවිධානවලින් බිඳිලා, පන්තියක් විදියට සංවිධානය වන විට කම්කරු පන්තියට දැවැන්ත බලයක් තිබෙනවා,' ඔහු පැවසීය.
අනෙකුත් ක්ෂේත්රවල ද ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍යතාව රත්නායක පෙන්වා දුන්නේ ය. ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගන්නා කම්කරුවන් විසින් පාලනය කරනු ලබන මෙම කමිටු, කම්කරුවන්ගේ ඉල්ලීම් සඳහා සටන් කිරීමට සහ ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් ඇතුලු අනෙකුත් කම්කරුවන් වෙත ප්‍රවේශ වීමට කුමන ක්‍රියාමාර්ග සංවිධානය කල හැකිද යන්න තීරනය කරනු ඇත.
කම්කරු පන්තියේ පුලුල් කොටස් සංවිධානය කිරීම පිලිබඳ දුම්රිය කම්කරුවාගේ ප්රශ්නය ගැන අවධාරනය කරමින්, රත්නායක සඳහන් කලේ මෙය අත්‍යවශ්‍ය කාර්යයක් බවයි. ලොව පුරා කම්කරුවන් එක හා සමාන ප්‍රශ්නවලට මුහුන දෙන බව පැවසූ ඔහු, එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල වර්ධනයන් ගැන ද සඳහන් කලේ ය.
'ගෝලීය වශයෙන් අරගල එක්සත් කිරීම සඳහා අපි කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගිය යුතුයි; ශ්‍රී ලාංකික කම්කරුවන් මෙම සටනට එක්විය යුතුයි,' ඔහු පැවසීය.
කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම්ව, ශ්‍රී ලංකාවේ සසප කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කරන බව රත්නායක පැවසීය.
'ජවිපෙ/ජාජබ ආන්ඩුවක කාර්යභාරය වන්නේ මහා ව්‍යාපාරිකයන්ට සහ ජාත්‍යන්තර ප්රාග්ධනයට සේවය කිරීම බවට අපි කල්තියාම අනතුරු ඇඟවුවා. සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව මෙම ආන්ඩුව එල්ල කරන ප්‍රහාර තීව්ර වීම, කම්කරු පන්තිය එයට එරෙහිව ගැටුමකට ඇද දමනු ඇත. සටන් මධ්‍යස්ථානයක් ලෙස කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම වඩාත් වැදගත් වන්නේ මේ නිසා”, රත්නායක අවධාරනය කලේ ය.
.මෙම සම්මේලනය, ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සටන ඉදිරියට ගෙන යනු ඇත.
වැඩිදුර කියවන්න
- ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දුවලට යටත්වී සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර දමයි
- විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ, දිසානායක ආන්ඩුවේ අයවැයෙන් තම වැටුපට එල්ලකල ප්‍රහාරයට විරෝධය දක්වති
- සෞඛ්‍ය අංශයේ වැටුප් කප්පාදුවලට එරෙහි ව සටන් කරන්නේ කෙසේද?
- ජනාධිපතිවරයා තම ආන්ඩුව අස්ථාවර කිරීමට ගන්නා ඕනෑ ම උත්සාහයකට එරෙහි ව අනතුරු අඟවයි