7-1 ආසියාව පුරා සිද්ධී දෙවන ලෝක මහා යුද්ධය විසින් උද්ගත කල ලේවැකි භයංකර තත්වය යුද්ධයෙන් ඉක්බිති නැගිටීමක් පැන නංවනු ඇතැයි යන ට්‍රොට්ස්කිගේ පෙර දැක්ම සනාථ කලේ ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යුද්ධය අවසන් කලේ ජපන් අධිරාජ්‍යවාදය, චීනයේ ද කොරියාවේ හා තමන්ගේ ආධිපත්‍යයට නතුව තිබුනු වෙනත් රටවල ද සිදු කල මහා ජන සංහාරයන් නොදෙවෙනි සාපරාධී ආකාරයකට ය. ජපන් නගර මතට ඇමරිකාව දැඩි ලෙස බෝම්බ හෙලීමේ දී වැඩිම ගනනක් සිවිල් ජනයා මරා දැමීම ඉලක්ක කොට ගිනි බෝම්බ හෙලීම 1945 අගෝස්තු මාසයේ දී හිරෝෂිමාවට සහ නාගසාකියට පරමානු බෝම්බ දෙකක් හෙලීමෙන් මුදුන් පත් විය. මෙම කෲර ක්‍රියා වේ ප්‍රධාන ඉලක්කය වූයේ තම අලූත් අවියේ විනාශකාරී බලය සෝවියට් සංගමයට ප්‍රදර්ශනය කිරීමෙන්. සෝවියට් හමුදා චීනය සහ කොරියාව තුල වේගයෙන් ඉදිරියට යාම වලකා, පැසිෆික් සාගර යුද්ධය වහාම ජය ගැනීමය. 1930 ගනන්වල මහා අවපාතයේ දරුනු දුක් කම්කටොලුවලට ඉක්බිතිව අවුරුදු 6ක් තිස්සේ අධිරාජ්‍යවාදී මුර්ගත්වය ලිහාහල දෙවන ලෝක මහා යුද්ධය, මනුෂ්‍ය වර්ගයාගේ ඇස් ඉදිරිපිට ධනවාදය කෙබඳු මුර්ගත්වයක් දැයි පැහැදිලි කලේ ය. අපකීර්තිමත් පාලක පන්තීන් තම පාලනය යලි තහවුරු කිරීමට දැරූ ප්රයත්න, කම්කරු පන්තියේ දෘඪ විරුද්ධත්වය ජාත්‍යන්තර විප්ලවවාදී නැගිටීම් ලෙස අවුලූවා ලී ය.
7-2 කේන්ද්‍රීය ප්රශ්නය වූයේ, විප්ලවවාදී නායකත්වය බව සංක්රමන ක්‍රියාමාර්ගය පැහැදිලි කලේ ය. කම්කරු පන්තිය ඒකාබද්ධ කොට යුද්ධයට එරෙහිව බලමුලූ ගැන්වීමට ට්‍රොට්ස්කිවාදීන් ධෛර්ය සම්පන්නව සටන් කර තිබුනු නමුත් හතර වන ජාත්‍යන්තරයට හා එහි ශාඛාවන්ට එරෙහිව ඊනියා ප්රජාතන්ත්රවාදී බලවතුන් ද ෆැසිස්ට්වාදීන් සහ ස්ටැලින්වාදීන් ද ගෙන ගිය මර්දනයේ මහා පරිමාව නිසා, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය බරපතලව දුබල කරනු ලැබ තිබුනි. එපමනක් නොව, රතු හමුදාව නාසීන්ට විරුද්ධව අත්පත් කර ගත් ජයග්රහන මඟින් සෝවියට් නිලධාරි තන්ත්රයට යුද්ධයෙන් පසු සමයේ සැලකිය යුතු කීර්තියක් අත්පත් කර ගත හැකි ව තිබුනි. බටහිර රටවල සාර්ථක විප්ලවයන් ඇති වුව හොත් ඒවා, තමාගේ පාලන තන්ත්රයට එරෙහිව සෝවියට් කම්කරු පන්තියේ ව්‍යාපාරයක් අවුලූවාලනු ඇතැයි ස්ටැලින් භීතියට පත් විය. එමනිසා ඔහු රූස්වෙල්ට් සහ චර්චිල් සමග, 1943 ටෙෙහරාන් හි දී සහ 1945 පෙබරවාරි යොල්ටා හි දී ද ටෲමන් සහ චර්චිල් සමග 1945 ජුලි පොට්ස්ඩෑම්හි දී ද කේවෙල් කර, ධනවාදය ආරක්ෂා කිරීමට උදව් වීමට ද ඊට ප්‍රත්‍යුපකාර හැටියට නැගෙනහිර යුරෝපයේ සීමිත සෝවියට් බල වැයික්කියක් තමාට ලබා ගැනීමට ද සම්මුති මාලාවකට එලඹුනි. ප්රන්සයේ සහ ඉතාලියේ ධනේශ්වර පක්ෂ ෆැසිස්ට්වාදය සමග පවත්වාගෙන ගිය සම්බන්ධතාවය නිසා මුලූමනින් ම අපකීර්තියට පත් ව තිබුනු තත්වයක් තුල මොස්කව්හි මෙහෙයවීම අනුව කොමියුනිස්ට් පක්ෂ කලේ, ෆැසිස්ට්වාදයට විරුද්ධව යුද්ධ කිරීම සඳහා අවි ගෙන සිටි සටන්කරුවන් නිරායුධ කර, ඇමතියන් ලෙස ධනපති පන්ති ආන්ඩුවට එකතුව, කම්කරු පන්තියේ කුමන හෝ ස්වාධීන ක්රියාකාරීත්වයක් පාගා දැමීම ය. ප්රන්ස ධනපති ආන්ඩුවේ කොටස් කරුවකු වූ එරට කොමියුනිස්ට් පක්ෂය, ඇල්ජීරියාව ද ඉන්දු චීනය ද වෙනත් ප්රන්ස යටත් විජිත රටවල් ද තුල ප්රන්ස අධිරාජ්‍ය යුද බලය යලි තහවුරු කිරීමට ආධාර කලේ ය. ජපානය තුල ඊට නො අඩු ද්‍රෝහි ක්රියාකලාපයක් ඉටු කල කොමියුනිස්ට් පක්ෂය, එමගින් කම්කරු පන්තියේ දැවැන්ත නැගිටීමක් සීමා කර දැමීම සඳහා ආධාර විය. ස්ටැලින්වාදීන්ගේ අවධි දෙකේ න්‍යායේ විකාර රූපී ප්‍රභේදයක් මත පදනම් ව ජපන් කොමියුනිස්ට් පක්ෂය කියා සිටියේ, ජපානය යටත් කර ගෙන සිටි ඇමරිකානුවන් එම රට තුල “ප්රජාතන්ත්රවාදී විප්ලවයක්” ක්‍රියාත්මක කරන බව ය. මේ අනුව කම්කරු පන්තියේ ස්ට්‍රයික් ව්‍යාපාරය, ජෙනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ අනට යටත් කොට පාවා දෙන ලදී. මෙය ජපානයේ ධනපති පාලනය පන බේරා ගෙන ආසියාව තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වැදගත්ම සගයකු බවට ජපානය පරිවර්තනය කලේ ය.
7-3 ආසියාවේ යටත් විජිත විරෝධී ව්‍යාපාරයන් පාවාදීමෙහි ලා ස්ටැලින්වාදයේ භූමිකාව ධනවාදයේ ගෝලීය ස්ථායීකරනය සඳහා ද තීරනාත්මක විය. දෙවන ලෝක යුද්ධය අවසානයේ මුලූමහත් ප්‍රදේශය පුරා පෙර නුවූ විරූ පරිමාන දැඩි, මහා ජනතා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් පැනනැගුනි. පැරනි යුරෝපීය බලවතුන් යුද සමයේ දී (අග්නි දිග ආසියාව තුල) ජපානය අතින් බරපතල ලෙස පරාජයට පත් වී තිබීම එම රටවල තිබුනු අධිරාජ්‍යයන්ගේ පදනම් පුපුරවා දමා තිබුනි. මේ සෑම රටකම ප්රන්ස-ඉන්දු චීනයේ වේවා, ඕලන්ද-ඉන්දුනීසියාවේ වේවා, බි්රතාන්ය-මලයාවේ හෝ ඉන්දියානු උපමහාද්වීපයේ වේවා, පැරනි යටත් විජිත පාලකයන් තම විජිත ආන්ඩු යලි තහවුරු කිරීමට දරූ උත්සාහය මහා ජන විරෝධයට ලක් විය. චීනය සහ කොරියාව තුල ජපන් අධිරාජ්‍යවාදය බිඳ වැටීමෙන් පසු, ඒ රටවල් තුල ඒකාධිපති පාලන ඇටවීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය උත්සාහ කල කල්හි ඊට විරුද්ධ ව පලල් මහජන ව්‍යාපාර පැනනැගුනි.
7-4 1934 දී ට්‍රොට්ස්කි ලියූ, “යුද්ධය සහ හතර වන ජාත්‍යන්තරය” නමැති ලියවිල්ල පෙරදිග යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවලට විශේෂ අවධානයක් යොමු කලේ ය. “ඔවුන්ගේ අරගලය දෙයාකාරයකින් ප්රගතිශීලි ය. ඒවා පසුගාමී ජනතාව ආසියාතික වාදයෙන් ද ප්‍රාදේශීය වාදයෙන් ද විදේශීය බැම්මෙන් ද මුදාලමින් අධිරාජ්‍යවාදී රාජ්‍යයන්ට බලගතු පහර එල්ල කරති. එහෙත් කල්තියාම පැහැදිලිව වටහා ගත යුතු කරුන නම්, ආසියාවේ සහ අප්‍රිකාවේ කල්පසු වූ විප්ලව, ජාතික රාජ්‍යයේ පුනර්ජීවනයේ නව යුගයක් විවෘත කිරීමට අසමත් බව ය. දැවැන්ත අර්ධ යටත් විජිත රටක් වූ රුසියාවේ කල්පසු වූ ප්රජාතන්ත්ර පෙරලීම සමාජවාදී විප්ලවයට මුල පිරීමක් පමනක් වූ පරිද්දෙන් ම යටත් විජිත රටවල් නිදහස් කර ගැනීම, හුදෙක් ලෝක සමාජවාදී විප්ලවයේ එක් දැවැන්ත සිද්ධියක් පමනක් වනු ඇත.” මේ අනුව පශ්චාත් යුද්ධ යටත් විජිත විරෝධී අරගලවල ප්රජාතන්ත්ර කර්තව්‍යයන් දිනා ගත හැකි වනු ඇත්තේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ, සමාජවාදය සඳහා ජාත්‍යන්තරව කෙරෙන පලල් අරගලයේ කොටසක් ලෙස පමනි. එහෙත් ස්ටලින්වාදය එම මාවත වලකා දැමුවේ ය.
7-5 අග්නිදිග ආසියාව පුරා දුරදිග යන ප්‍රතිවිපාක ඇතිකරමින්, පශ්චාත් යුදකාලීන යටත් විජිත අරගල පීලි පැන්නවීමට ස්ටැලින්වාදී පක්ෂ ක්‍රියාත්මක විය. මෙය විසින් ඇති කරන ලද විපාකයන්ට කම්කරු පන්තිය අද දින ද වන්දි ගෙවමින් සිටී. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මෙම ප්‍රදේශය තුල ඇති කරන ලද රාජ්‍යයන්ගෙන් එකක් වත්, වැඩ කරන ජනතාවගේ මූලික ප්රජාතන්ත්ර අයිතීන් සහ සාධාරන ජීවන තත්වයක් සඳහා වූ අපේක්ෂාවන් ලබාදීමට සමත්ව නැත. ඉන්දුනීසියාවේ දී එරට කොමියුනිස්ට් පක්ෂය (පීකේඅයි) කම්කරු පන්තිය සුකර්නෝගේ නායකත්වයෙන් යුතු ජාතික ව්‍යාපාරයට යටත් කොට, පලමුවෙන් ඕලන්ද ද ඉක්බිති ඇමරිකානු ද අධිරාජ්‍යයන් සමග උපාමාරු දැමුවේ ය. ඉන්දුනීසියාවේ ස්වාධීනතා අරගලයට වොෂින්ටනයෙන් ලැබෙන සහායට ප්‍රත්‍යුපකාර වශයෙන් සුකර්නෝ, 1948 දී පීකේඅයි සාමාජිකයන් දහස් ගනනක් ඝාතනය කර ලේවැකි මර්දනයක් දියත් කලේ ය. එම මර්දනයෙන් පාඩම් උගත්තේ නැති පීකේඅයි පක්ෂය, සුකර්නෝ සමග යලිත් සන්ධානයකට ගොස් 1965-66 දී අඩු ගනනේ පන්ලක්ෂයක් පීකේඅයි සාමාජිකයින් ද කම්කරුවන් සහ ගොවියන් ද ඝාතනයට ලක් කල සීඅයිඒ පිටුබලය ලත් මිලිටරි කුමන්ත්රනයට ද ඉන්පසුව දශක තුනක ඒකාධිපතිත්වයට ද මග පෑදුවේය. මලයාවේ දී මලයානු කොමියුනිස්ට් පක්ෂය සහ එයට අයිති මලයානු ජනතාවගේ ජපන් විරෝධී හමුදාව, ආපසු පැමිනි බ්‍රිතාන්‍ය හමුදා සාදරයෙන් පිලිගෙන, බ්‍රිතාන්‍ය පාලනයට යලි තහවුරු වීම සඳහා සහයෝගය ලබා දුනි. 1948 වන විට තම බලය තහවුරු කර ගත් බ්‍රිතාන්‍යය, මලයානු කොමියුනිස්ට් පක්ෂයට විරුද්ධව දියත් කල මර්දනකාරී යුද්ධය මගින් ඊලඟ දශකය තුල දී එහි ගරිල්ලා හමුදා නිර්දය ලෙස මර්දනය කලේ ය. ඉන්පසුව බ්‍රිතාන්‍යයන් පාලන බලය භාර දුන් තත්වාරක්ෂක මැලේ වර්ගවාදී පක්ෂය, -යුනයිටඩ් මැලේස් නැෂනල් ඕර්ගනයිසේෂන්- එතැන් පටන් මේ වන තුරුත් මලයාවේ ආධිපත්‍යය දරා සිටී. මලයානු කොමියුනිස්ට් පක්ෂය ලී ක්වාන් යූ ට සහ ඔහුගේ පීපල්ස් ඇක්ෂන් පක්ෂයට දුන් සහාය අද ද සිංගප්පූරුවේ පවත්නා ඒකපාක්ෂික පොලිස් රාජ්‍යයට අත්තිවාරම් දැමුවේ ය.
7-6 හෝචිමිං විසින් නායකත්වය දෙන ලද ඉන්දු-චීන කොමියුනිස්ට් පක්ෂය ප්රන්සයට ඔවුන්ගේ යටත් විජිත මත පාලනය යලි තහවුරු කර ගැනීම සඳහා අතිශයින් ම සාපරාධී භූමිකාවක් ඉටු කර දුනි. 1945 අගෝස්තුවේ දී ජපානය යටත් වූවායින් පසුව ධනපති පක්ෂ සමග තාවකාලික ආන්ඩුවක් තනා ගත් ස්ටැලින්වාදියෝ බ්‍රිතාන්‍යයන් සහ ප්රන්සයන් ඔවුන්ගේ යුද හමුදා ඉන්දු චීනයට බස්සවද්දී ඔවුන් සමග කේවලකට එලඹීමට උත්සාහ කලහ. ලා ලූට් (අරගලය) සහ ජාත්‍යන්තර කොමියුනිස්ට් ලීගය යන සංවිධානවල ට්‍රොට්ස්කිවාදියෝ කම්කරු පන්තිය ද නාගරික සහ ගම්බද දුප්පත් ජනයා ද, වැඩෙමින් පැවති ජාතික ස්වාධීනතා අරගලය මැද්දේ දී, ස්වාධීනව බලමුලූ ගැන්වීමට සටන් වැදුනාහ. සයිගොන් නගරය තුල මහා පෙලපාලි ඇති විය. තැනින් තැන මහජන ක්‍රියාකාරී කමිටු පැන නැගි අතර තාවකාලික මධ්‍යම කමිටුවක් ද පිහිටුවන ලදි. 1945 සැප්තැම්බර් මාසයේ දී ආතති උග්‍ර වූ තත්වයක් තුල ස්ටැලින්වාදියෝ මහජන කමිටු නිරායුධ කලහ. ඔවුහු තාවකාලික මධ්‍යම කමිටුව මර්දනය කර ලා ලූට් සංවිධානයේ නායක තාතු තාවු ඇතුලූ ට්‍රොට්ස්කිවාදීන් දුසිම් ගනන් මරා දැමූහ. ප්රන්ස අධිරාජ්‍යවාදීන් සමග ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂය ඇති කර ගත් මෙම සහයෝගිතාවය ඉටු කලේ ජාතික ස්වාධීනතාව තහවුරු කිරීම නො වේ. දකුනු ප්‍රදේශය තුල යටත් විජිත පාලනය පුනස්ථාපනය කිරීමට ආධාර කිරීම ය. පශ්චාත් යුදකාලීන විප්ලවවාදී නැගිටීම ස්ටැලින්වාදීන් විසින් පාවාදීම ද ඉක්බිතිව ඔවුන් ප්රන්ස සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග ගෙන ගිය උපාමාරු ද නිසා ඉන් පසු කාලපරිච්ඡේදය තුල වියට්නාම් ජනතාවට ඉමහත් ලේවැකි වන්දියක් ගෙවීමට සිදුවිය. ඉන් එලඹි තිස් අවුරුද්දක යුද්ධය මුලු රටම විනාශ කොට දසලක්ෂ ගනන් ජනයා මරනයට පත් කලේ ය.7-7 යුරෝපයේ සහ ආසියාවේ ස්ටැලින්වාදී පාවාදීම්, දෙවන ලෝක යුද්ධයෙන් පසු බලගතු අධිරාජ්‍යවාදී රට ලෙස ඉස්මතු වූ ඇමරිකා එක්සත් ජනපදයට ලෝක ධනේශ්වර ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ආරම්භකත්වයන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසා දුනි. මෙසේ ඇති කරන ලද බ්රෙට්න්වූඩ්ස් සම්මුතිය, රත්රන් සහ ඩොලරය අතර නිශ්චිත මිලක් පිහිටුවා ඩොලරය ස්ථාවර ගෝලීය මුදලක් ලෙස පිහිටුවාලී ය. තීරුබදු සහ වෙලඳාම පිලිබඳ පොදු ප්රඥප්තිය හෙවත් ගැට් 1930 ගනන්වල විනාශකාරී ආරක්ෂනවාදී පිලිවෙත්වලට ආපසු නො ගොස් ලෝක වෙලඳාම ප්රසාරනය කිරීම ඉලක්ක කර ගත්තේ ය. ඇමරිකා එක්සත් ජනපදය බටහිර යුරෝපයේ සහ ජපානයේ කුඩු වී ගිය ආර්ථිකයන් යලි ගොඩනැගීමට සැලකිය යුතු ආධාරයක් සපයා දුනි. යම් ප්‍රමානයක ධනේශ්වර ස්ථාවරත්වයක් පිහිටුවා ගත්තායින් පසුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, “කොමියුනිස්ට්වාදයට” එරෙහි සීතල යුද්ධ ප්‍රතිප්‍රහාරය ආරම්භ කලේ ය. එහි ප්‍රථම පියවර හැටියට ග්‍රීසියේ සහ තුර්කියේ දක්ෂිනාංශික ආන්ඩුවලට එක්සත් ජනපද සහාය පුදන ලද අතර මාෂල් සැලැස්ම දියත් කොට බටහිර යුරෝපය සෝවියට් විරෝධී කඳවුරක් බවට පත් කර ගත් නමුත්, ඉක්මනින් ම එය ලෝක පරිමාන ගැටුමක් තුලට ඇදී ගියේ ය. 1949 චීන විප්ලවය ට එක්සත් ජනපදය ප්‍රතිචාර දැක්වූයේ, සියෝල් නගරයේ දක්ෂිනාංශික පාලනයට මුක්කුව දීම සඳහා කොරියාව තුල කල යෝධ යුද්ධ මෙහෙයුමෙනි. ඉන් ඇරඹුනු 1950-53 කොරියානු යුද්ධය, දස ලක්ෂ ගනන් ජීවිත විනාශ කොට කොරියානු අර්ධද්වීපය ගිනි දමා ස්ථිර ලෙසම බෙදා දැම්මේ ය.