ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු!

සෑම කම්හලකම, සේවා ස්ථානයකම හා නිවහන් ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කම්කරු පන්තියේ ඉල්ලීම් හා ​​ඓතිහාසික ඉලක්ක දිනා ගැනීම සඳහා තීරනාත්මක අවශ්‍යතාව බවට පත්ව ඇත!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.

එහි ඉලක්කය වන්නේ ධනපති ආන්ඩුව විසින් කම්කරු පන්තියේ ජීවන බර ඉහල දමමින්ද, අයිතිවාසිකම් කප්පාදු කරමින්ද, කොවිඩ්-19 පැතිරීම වලක්වනවා වෙනුවට මහා ව්‍යාපාරික ලාබ ගැරීමට ඉඩ සලසමින්ද, පරිසරය වනසමින්ද, මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් ගොඩ නගමින්ද අධිරාජ්‍යවාදී යුද්ධයට කරබදු වෙමින්ද, ගෙන යන රුදුරු වැඩ පිලිවෙලට එරෙහිව සමාජවාදය ගොඩ නැගීම කරා ඉදිරියට යන ජාත්‍යන්තර වැඩ පිලිවෙල මත දේශපාලනික මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමය.

මෙම ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩ නැගීම සඳහා දැන් දැන්ම සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අප හා සම්බන්ධ වී ක්‍රියාකාරී කමිටු පිලිබඳව වැඩි දුර සාකච්ඡා කල හැකිය. ඒ් අනුව නව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගත හැකිය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එකතු වන්න!
අපගේ ඉල්ලීම්

අපගේ ඉල්ලීම් පදනම් විය යුත්තේ ධනපති සංගතවලට සහ දේශපාලනඥයින්ට සපයාදිය හැකියයි කියන දේ මත නොව, සමස්ත කම්කරු පන්තියේ ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ මත ය.

මෙම පිටුවෙන් ඔබට:
ක්‍රියාකාරී කමිටුවකට බැඳෙන්න

ක්‍රියාකාරී කමිටුවකට බැඳීම සඳහා / කමිටු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා හෝ කමිටුවක් ගොඩ නැගීම සඳහා දැන්ම අපව අමතන්න. ඔබේ සේවා ස්ථානය, කර්මාන්තශාලාව හෝ කලාපය තුල කමිටුවක් නොමැති නම්, ආරම්භ කිරීම සඳහා අපි ඔබට උදව් කරන්නෙමු.

ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!

ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

ටෙලිකොම්, රක්ෂන සහ විදුලිය පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු සංවිධානය කරමු! අරගලය සඳහා ක්‍රියා මාර්ගයක් සාකච්ඡා කිරීමට අගෝස්තු 14 දින රැස්වීමට එක්වෙමු!

මෙම වෘත්තීය සමිති යටතේ අපගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කරගෙන, වැඩි දියුනු කරගත නොහැකි බව ඔප්පු වී තිබේ. ආන්ඩුවේ ජාමූඅ කප්පාදුවට එරෙහිව එක්සත් අරගලයක් සංවිධානය කිරීම සඳහා තවත් නාස්ති කිරීමට කාලයක් අපට නැත.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

ක්‍රියාකාරී කමිටුව, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ගුරුවරුන්ට එරෙහි තර්ජන හෙලා දකී

යහපත් වැටුපක් සඳහා සහ රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා වන අරගලය ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි පුලුල් දේශපාලන අරගලයක කොටසකි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු, සිසු, දෙමාපිය ක්‍රියාකාරී කමිටුව

වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.

සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව

ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!

ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

ජනාධිපති දිසානායකගේ ආන්ඩුව විසින්, ලක්‍ෂ 14 ක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් අත්හිටුවීමට එරෙහි වෙනු!

කැබිනට් ඇමති සහ ජවිපෙ දේශපාලන මන්ඩල සභික විජිත හේරත් ඔක්තෝබර් 15 දා මාධ්‍යයට පැවසුවේ, වික්‍රමසිංහ පොරොන්දු වූ වැටුප් වැඩිවීම නැවත සලකා බැලිය යුතු බවයි.

ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

අන්ත ජාතිකවාදී වැඩපිලිවෙලක් ප්‍රචාරනය කරන ජවිපෙ/ජාජබ, බලයට පැමිනියහොත් ආඥාදායක පාලනයක් ඇති කිරීමට සූදානම් වෙයි

අධිරාජ්‍යවාදී බලවතුන් සහ අනෙකුත් රටවල් පිලිබඳ දිසානායකගේ ආස්ථානයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, ඔහු සහ ජාජබ/ජවිපෙ තව දුරටත් දකුනට මාරු වී ඇති බවත්, බලයට පැමිනියහොත්, ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමට ඉලක්ක කර ඇති බවත්ය.

කේ.රත්නායක

වැඩ තහනමට ලක්වූ විදුලිබල සේවකයින් 62 දැඩි කොන්දේසි යටතේ සේවයට කැඳවයි

මාස හයකට වැඩි කලක් මෙම සේවකයින්ගේ සේවය අත්හිටුවා තිබූ අතර, යලි සේවයට කඳවා ඇත්තේ ද ඔවුන් මත පටවා ඇති චෝදනාවලින් නිදහස් කර නොවේ.

විමල් පෙරේරා
අත්‍යවශ්‍ය කියවීම්
නිති විමසන පැන
කම්කරු ක්‍රියාකාරී කමිටුවක් වෘත්තීය සමිතියකින් වෙන්වන්නේ කෙසේද?

ක්‍රියාකාරී කමිටු වලට සියලුම ශ්‍රේනිවල නියෝජිතයන්ට සහභාගි විය හැකි අතර ශ්‍රේනි හෝ වෘත්තීය සීමා ඉක්මවා කම්කරු පන්තිය ඒකාබද්ධ කරයි. ඊට කම්කරු පන්තියට හිතැති වෙනත් සමාජ ​කොටස් නියෝජනය කරන නියෝජිතයින්ද කමිටුවේ අභිමතය පරිදි සහභාගි කර ගත හැකිය. (නිදසුන් ලෙස සේවා ස්ථානය සමග සම්බන්ද වන ‘පිටස්තර’ කම්කරුවන්, පලාතේ රැකියා විරහිත තරුන නියෝජිතයින්, සුලුතර ජන කන්ඩායම් හා සිසුන්) කමිටුවේ සාමාජික සංඛ්‍යාව ඇතුලු ඒහි රැස්වීම් පැවැත්වීමේ කාල පරාසය හා සන්නිවේදන විධික්‍රම ආදිය කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය සහිතව තීන්දු කල හැකිය.

ඒහි තීන්දු ගනු ලබන්නේ නිලධාරීවාදී ලෙස නොව සියලු සාමාජිකයින් සමග කෙරෙන සාකඡ්චාවකින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර ඡන්දයෙනි. ඒම සාකඡ්චාවන් තුලදී මත ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු නියෝජිතයන්ට ඉඩ අවකාශ ලැබේ.

කම්කරු ක්‍රියාකාරී කමිටු නීත්‍යානුකූලද?

ව්‍යවස්තාපිත මූලික අයිතිවාසිකම් යටතේ සංවිධානය වීමේද, තීරන ගැනීමේ හා ඒ් මත ක්‍රියාත්මක වීමේ නිදහස මත ක්‍රියාකාරී කමිටු පිහිටා සිටියි.