කොමියුනිස්ට් ප්‍රකාශනය පිලිබඳව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ සසජාතශි රැස්වීමට ඉහල ප්‍රතිචාරයක් ලැබෙයි

[මෙය Strong response to IYSSE lecture on the Communist Manifesto at Sri Lanka’s Peradeniya University මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මාර්තු 1 වන දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දී පෙබරවාරි මස 21 දා, “කොමියුනිස්ට් ප්‍රකාශනය පිලිබඳ අධ්‍යයනක්“ යන මැයෙන් සාර්ථක ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වී ය. එම දේශනය පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ අනුග්‍රහයෙන් පවත්වන මාක්ස්වාදී දේශන මාලාවේ දෙවැන්නයි. පලමු දේශනය ඓතිහාසික භෞතිකවාදය සම්බන්ධව දෙමසකට පෙර සිදු කරන ලදී.

දීපාල් ජයසේකර, සසප ප්‍රධාන ලේකම්

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර පැවැත් වූ දේශනයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, අනධ්‍යන සේවකයෝ හා සසජාතශි අධාරකරුඑවෝ ඇතුලු 50 ක් පමන සම්බන්ධ වුහ. දේශන සඳහා සසජාතශි හා සසප වෙත ආරාධනා කිරීම සම්බන්ධ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයට ජයසේකර සිය ස්තූතිය පල කලේ ය.

1848 දී පලකල කොමියුනිස්ට් ප්‍රකාශනය මගින් විස්තාරනය කල ලෝක සමාජවාදී ව්‍යාපාරයට ඉදිරිපත් කෙරුනු මූලධර්ම එතැන් සිට වසර 176 ක් ගත වී ඇතත් අදටත් මුලුමනින් ම වලංගු බව ජයසේකර පෙන්වා දුන්නේ ය.

“මෙතෙක් පැවති සියලු සමාජවල ඉතිහාසය පන්ති අරගලවල ඉතිහාසයි” යන කොමියුනිස්ට් ප්‍රකාශනයේ ආරම්භක වාක්‍ය වෙත දේශකයා අවධානය යොමු කලේ ය. ඔහු එහිදී කියා සිටියේ, කාල් මාක්ස් සහ ෆෙඩ්‍රික් එංගල්ස් එම විශ්ලේෂනය ඉදිරිපත් කරනු ලැබුවේ නිෂ්පාදන බලවේගවල වර්ධනය හා දෙන ලද සමාජයක පවත්නා නිෂ්පාදන සම්බන්ධතා අතර අපෝහක සම්බන්ධය හෙලිදරව් කරමින් වර්ධනය කල ඓතිහාසික භෞතිකවාදී විධික්‍රමය මත බවයි.

“ධනපති පන්තිය යනුවෙන් අදහස් කරන්නේ, සාමාජීය නිෂ්පාදන මාර්ග හිමි, වැටුප් පිට කම්කරුවන් සේවයෙහි යොදන සමකාලීන ධනපතීන්ගේ පන්තිය ය. නිර්ධන පන්තිය යනුවෙන් අදහස් කරන්නේ තමන් සතු නිෂ්පාදන මාධ්‍යයන් නොමැති වීම නිසා, ස්වකීය ශ්‍රම ශක්තිය විකිනීමේ තත්ත්වයට ඇද වැටී ඇති සමකාලීන වැටුප් ශ්‍රමිකයන්ගේ පන්තිය ය” දේශකයා යලි කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් උපුටා දැක්වී ය.

විවිධ මධ්‍යම පන්තික ව්‍යාජ-වාම සංවිධාන, ධනපති සමාජයේ මූලික භේදය පන්ති භේදය යන එම විද්‍යාත්මක කාරනයට ප්‍රතිවිරුද්ධව විවිධ ආගමික, වාර්ගික, ලිංග භේදය වැනි කාරනා උඩ අන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කරන බව ජයසේකර අවධාරනය කලේ ය.

සසජාතශි සාමාජිකයෙක් පේරාදෙනිය විශ්වවිද්‍යයාලයේ ශිෂ්‍යයන් සමග සාකච්ඡා කරයි

දේශකයා අධිරාජ්‍යවාදි රටවල සිට ලංකාව වැනි පසුගාමි රටවල් දක්වා පන්ති අරගලයේ ජාත්‍යන්තර වර්ධනයන් විස්තර කරමින් ජයසේකර මෙසේ පැවසීය: “මෙම ව්‍යාජ-වාම සංවිධානවල කියාපෑම්වලට ප්‍රතිකූලව, මේ දශකයේ ආරම්භයේ පටන්, අපට දක්නට ලැබෙන්නේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර පරිමාන අරගල පිපිරී එන ආකාරය යි. එම තතු තුල කොමියුනිස්ට් ප්‍රකාශනය එහි ඉහලම සනාථ වීම ලබා ගන්නවා“.

ධනේෂ්වර ක්‍රමයේ වානිජ හා කාර්මික අර්බූදයන් සමස්ත සමාජයටම විනාශකාරී තර්ජනයක් එල්ල කරන ධනවාදයේ අතිමූලික පරස්පරවිරෝධයන්ගේ ප්‍රතිඵලයක් බව ජයසේකර කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් උපුටා දක්වමින් පැහැදිලි කලේ ය.

“ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බූදයට ධනපති පන්තියට කිසිදු ප්‍රගතිශීලි විසඳුමක් ඇත්තේ නෑ. ඔවුන්ගේ ඊනියා විසඳුම යුද්ධයයි. ගිය සියවස තුල අධිරාජ්‍යවාදී බලවතුන් මිලියන ගනනකගේ ජීවිත සහ නිෂ්පාදන බලවේගයන්ගේ විශාල පදාසයක් විනාශභාග කල මිලේච්ඡ ලෝක යුද්ධ දෙකකට මේ ග්‍රහලෝකය තල්ලු කලා“ ඔහු ප්‍රකාශ කලේ ය.

යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපදය-නේටෝ යුද්ධය, එක්සත් ජනපද සහෝගය ලත් පලස්තීන ගාසා තීරයේ ඊස්‍රායලය ගෙන යන සමූලඝාතක යුද්ධය සහ චීනයට එරෙහිව වොෂින්ටනය ප්‍රමුඛ අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් විසින් උත්සන්න කෙරෙන යුද සූදානම පිලිබඳව ගෙනහැර දක්වමින් දේශකයා ගැඹුරු වෙමින් යන ධනේෂ්වර ක්‍රමයේ අර්බූදය ලෝකය තුන්වන ලෝක යුද්ධයක් කරා ගෙන ගොස් තිබෙන්නේ කෙසේ ද යන්න පැහැදිලි කලේ ය.

කම්කරු පන්තියට ධනපති රාජ්‍යයේ ධනපති රාජ්‍යවල කාර්යභාරය, ඒවායේ රූපාකාරය ධනේශ්වර ප්‍රජාතන්ත්‍ර වේවා, පැසිස්ට්වාදී හෝ මිලිටරි ආඥාදායක, හෝ බොනපාට්වාදී වේවා, කම්කරු පන්තිය හා සෙසු පීඩිත පන්තීන්ගෙන් එල්ල වන ප්‍රතිරෝධය ප්‍රචන්ඩ ලෙස මඩිමින් ධනපති පුද්ගලික දේපොල ක්‍රමය හා ලාභ ගැරීම ආරක්ෂා කිරීම බව දේශකයා ප්‍රකාශ කලේ ය. එම කරුන අවධාරනය කෙරෙන කොටස් කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් ඔහු උපුටා දැක්වූයේ ය. “සමකාලීන රාජ්‍ය බලය අන් කිසිවක් නොව, මුලු මහත් ධනපති පන්තියේ ම පොදු කටයුතු මෙහෙවන කාර්ය මන්ඩලයක් පමනි.” 

මෙම විශ්ලේෂනය මත පදනම්ව ජයසේකර පෙන්වා දුන්නේ, ධනපති ආන්ඩුවල ප්‍රහාරවලට විරුද්ධව තමන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීම පිනිස කම්කරු පන්තිය ගෙන යන ඕනෑම අරගලයක්, ආන්ඩුවට හා සමස්ත ධනපති පන්ති පාලනයට විරුද්ධ දේශපාලන අරගලයක් බවට පත් වන බවයි. “හැම පන්ති සටනක් ම දේශපාලන සටනක්” එම තතු යටතේ, “පන්තියක් ලෙස නිර්ධනීන් (කම්කරුවන්) සංවිධානය කිරීම ද ඒ අනුව ඔවුන් දේශපාලන පක්ෂයකට සංවිධානය කිරීම” ද අවශ්‍ය බව මාක්ස් හා එංගල්ස් කොමිනිස්ට් ප්‍රකාශනයේ දී අවධාරනය කරනවා“ කොමියුනිස්ට් ප්‍රකාශයෙන් උපුටා දක්වමින් ප්‍රකාශ කලේ ය.

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වීමට බල කෙරුනු 2022 වසරේ අප්‍රේල්-ජුලි මහජන නැගිටීම පිලිබඳව ජයසේකර සාකච්ඡා කලේ ය. විප්ලවවාදි සමාජවාදී පිලිවෙත් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීම එම අරගලයේ තීරනාත්මක පාඩම බව ඔහු කියා සිටියේ ය. කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස බලමුලු ගැන්වීම වැලැක්වීමේ උත්සාහයක් ලෙස, වෘත්තීය සමිති හා විවිධ මධ්‍යම පන්තික ව්‍යාජ-වාම සංවිධානවල ප්‍රතිචාරය වූයේ “දේශපාලන එපා“ යන්නයි. මෙම ප්‍රතිගාමී පිලිවෙතට එරෙහිව මහජන ව්‍යාපාරය තුල ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සසපයේ අරගලය ජයසේකර ගෙනහැර දැක්වී ය.

කම්කරු පන්තියට ධනේශ්වරය විසින් ගොඩනගා ඇති, පාර්ලිමේන්තුව ඇතුලු නෛතික රාමුව තුලින් බලය ලබා ගත නොහැකි බව ජයසේකර කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් උපුටා දක්වමින් පැහැදිලි කලේ ය. “සිය අදහස් හා අරමුනු සැගවීම කොමියුනිස්ට්වාදීහු පිලිකුල් කරති. දැනට පවතින සාමාජීය තත්ත්වයන් ප්‍රචන්ඩකාරී ලෙස බිද හෙලීමෙන් පමනක් සිය අරමුනු සපුරාලිය හැකි බව ඔවුහු ප්‍රසිද්ධියේ පවසති. කොමියුනිස්ට් විප්ලවයක් ඉදිරියේ පාලක පන්තීන් බියෙන් සැලෙත්වා. ස්වකීය විලංගු හැර නිර්ධනීන්ට නැතිවීමට වෙන කිසිවක් නැත. දිනාගැනීමට ලෝකයක් ඔවුනට ඇත්තේය.”

එදා මෙන් නොව අද ප්‍රජාතන්ත්‍රවාදය පවතින නිසා මහජනතාවට යම් යම් අයිතීන් දිනාගැනීමට සහ සිය තත්ත්වය දියුනු කර ගැනීමට හැකි බවත්, එබැවින් ධනපති පාලනය පෙරලා දමන විප්ලවයක් කිසිසේත්ම අවශ්‍ය නැතැයි ආදි වශයෙන් ධනපති ක්‍රමයේ ක්ෂමාලාපකයින් සිදු කරන මඩ කිරීම් දේශකයා කන්ඩනය කලේ ය.

“ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ මල්පල ගැන්වීමකට ප්‍රතිකූලව අප අත්දකින්නේ, එක්සත් ජනපදයේ එවක ජනාධිපතිව සිටි, 2021 කුමන්ත්‍රනයක් තුලින් යලි බලයට පැමිනීමට තැත් කල රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, පැසිස්ට්වාදී හින්දු රාජ්‍යයක් ස්ථාපිත කිරීම දෙසට වේගයෙන් පියවර ගනිමින් සිටින ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ඇතුලු ලොවපුරා රටවල් ගනනාවක පාලක පන්තීන් ආඥාදායක පාලන රූප වෙත මාරුවීමයි“ ජයසේකර පැවසී ය.

“සහෝදරවරුනි, කොමියුනිස්ට් ප්‍රකාශනය පිලිබද මෙම දේශනය ඇතුලු මෙහි පැවැත්වෙන මාක්ස්වාදය පිලිබද දේශන මාලාව අප පවත්වන්නේ, අද දවසේ මාක්ස්වාදීන් වන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ලෙස යි. මාක්ස්වාදයේ, එනම් ට්‍රොටස්කිවාදයේ, සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය මත පාදකව, ධනවාදය පෙරලා දමා කම්කරු පන්තියේ බලය ලෝක පරිමානව පිහිටුවීම පිනිස ලෝක කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස බලමුලු ගැන්වීමට සටන් වදින ව්‍යාපාරය ලෙසයි. සසප හා සසජාතශි බැදෙන්න. ලෝසවෙඅ කියවන්න“ ජයසේකර දේශනය අවසන් කලේ ය.

ප්‍රශ්න හා පිලිතුරු වටයේ දී, අනාගත ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුවක් යටතේ ආඥාදායක පාලනයක අන්තරාය මතු කිරීම සම්බන්ධව වැඩි දුරටත් පැහැදිලි කල හැකි දැයි එක ශිෂ්‍යයෙක් විමසුවේ ය.

ජනවාරි 02 දා මාසයේ ජවිපෙ කොලඹ පැවති සම්මන්ත්‍රනයක දී, ජවිපෙ හා එය මුල් වී ගොඩනගා ඇති මැතිවරන සන්ධානයක් වන ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර දිසානායක කල ප්‍රකාශයක් උපුටා දක්වමින් දේශකයා පිලිතුරු දීම ආරම්භ කලේ ය. “ජාතික පිබිදීමේ ව්‍යාපාරයක්“ ලංකාව තුල ගොඩනැගිය යුතු යයි ජවිපෙ/ජාජබ නායකයා එහිදී කියා සිටියේ ය. මෙහි තේරුම කම්කරුවෝ, ගොවියෝ, ධීවරයෝ, ලේඛකයෝ සහ ශිෂ්‍යයෝ “රට වෙනුවෙන් කැප කල යුතුයි“ යන්නයි ජයසේකර පැවසී ය. වෙනත් වචනවලින් කිව්වොත් කම්කරුවෝ වැටුප්, ගොවියෝ තම ප්‍රශ්න මතු කිරීම, ශිෂ්‍යයෝ ඔවුන්ගේ යුක්ති යුක්ති ඉල්ලීම් මත කිරීම නොකල යුතුයි.

2022 ඔක්තෝබර් 17 දා ස්වර්නවාහිනි රූපවාහිනි නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී 2010 දී ග්‍රීසියේ බලයට පත් වූ සිරිසා සංවිධානය සම්බන්ධ දිසානායක කල ප්‍රකාශවල අර්ථයත් ජයසේකර පෙන්වා දුන්නේ ය. ජාමූඅ හා යුරෝපා සංගමයේ රුදුරු කප්පාදු ක්‍රියාවට දැමීම උදෙසා මහජනතාවගේ පාරිබෝජන වියදම් බරපතල ලෙස කප්පාදු කිරීම වගවර්නනා කරමින් දිසානායක කියා සිටියේ රට (මහජනයා) සියල්ල පරිබෝජනය කරමින් අපට ඩොලර් ඉතුරු කල නොහැකි බවයි. මෙම ප්‍රකාශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරන ප්‍රකාශ හා සමාන බව ජයසේකර කියා සිටියේ ය.

ජවිපෙ/ජාජබ අනාගත ආන්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග “යලි සාකච්ඡා“ අරඹන බවට ඔවුන් කල ප්‍රකාශයක් ගෙනහැර දැක් වූ දේශකයා ජවිපෙ/ජාජබ ජාමූඅ පනවා ඇති කප්පාදුවලට මුලුමනින්ම කැප වී සිටින බව පෙන්වා දුන්නේ ය. වියදම් කප්පාදු කිරීමේ සමාජ ප්‍රහාරවලට එරෙහි කම්කරු පන්තික විරුද්ධත්වය තලා දැමීම සඳහා ජවිපෙ/ජාජබ තන්ත්‍රයක් ආඥාදායක ක්‍රමවේද භාවිතා කල කරනු ඇත. ජවිපෙ/ජාජබ විසින් මෑතක දී පැවත් වූ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ජාතික හා දිස්ත්‍රික් මට්ටම් රැස්වීම පිලිබඳව ජයසේකර අවධානය යොමු කලේ ය.

ජාමූඅ කප්පාදු පිලිවෙත් ප්‍රතික්ෂේප කරනවා නම් සසප ලංකාවේ දැවැන්ත විදේශ නය ගැටලුවට විසදන්නේ කෙසේ ද යන ප්‍රශ්නය තවත් ශිෂ්‍යයෙක් නැගුවේ ය. පක්ෂයේ සමාජවාදී ක්‍රියාමාර්ගය පැහැදිලි කරමින් ජයසේකර පිලිතුරු දීම ආරම්භ කලේ ය.

සසප විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීමට කැඳවුම් කරන්නේ කම්කරු පන්තියේ ශක්තිය මත පදනම්ව හා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීමට කැප වුන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට කරන අරගලය තුලයි. මහ බැංකු සහ ප්‍රධාන කර්මාන්ත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් යටතේ ජනසතු කරමින්, අතලොස්සකගේ ලාභ අවශ්‍යතා සඳහා නොව මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නිෂ්පාදනය ප්‍රතිසංවිධානය කිරීම මෙයට ඇතුලත් ය.

“විදේශ නය ගෙවීම පැහැර හැරීමේ දී ශ්‍රි ලංකාවේ කම්කරු පන්තිය, අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවලට හා ආඥාදායකත්වයට එරෙහිව ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගිමේ පදනම මත ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්ගේ සහයෝගය මත පදනම් විය යුතු“ යැයි දේශකයා ප්‍රකාශ කලේ ය.

Loading